මා දුටු සිත්තම්

Monday, June 25, 2018


මෝටර් රථ අලූත්වැඩියාවකදී සැලකිලිමත්විය යුතු කරුණු

මෝටර් රථ අලූත්වැඩියව පිළිබඳව විමසීමේදී පහත කරුණු පිළිබඳව වඩාත් සලකිලිමත් විය යුතුය. වාහනයක් හරියාකාරව පණගැන්වෙන්නේ නැත්නම්, එන්ජිමේ උෂ්ණත්වය සාමාන්‍ය මට්ටමට වඩා වැඩි වේ නම්, එමෙන්ම ප්ලග් වලට තෙල් වදින්නේ නම්, රේඩියේටර කූලන්ට් හී තෙල් බිඳිති කලවම් වී ඇත්නම්, සයිලන්සරයෙන් සුදු දුම් නිකුත් වන්නේ නම්, එමෙන්ම සම්ප් එකේ ඇති තෙල් වලට වතුර කලවම් වී ඇති නම් එම එන්ජිමේ ගෙවීම සහ වතුර හෝ තෙල් අඩුව දිවීම වැනි දේ හා සම්බන්ධ ප‍්‍රශ්න පෙන්වයි. එන්ජිමේ සම්ප් එකට වතුර යන්නේ, එන්ජිම අන්තිමටම පිරිහී ගිය විටය. ඉන් පෙර අවස්ථාව නම්, රේඩියේටර් කූලන්ට් එක ලිහිස්සුම් තෙලෙන් අපවිත‍්‍ර වීම දැකිය හැකි වීමය. මක්නිසාද යත්, එන්ජිම ඇතුළේ ඇතිවන පීඩනය සහ ඔයිල් පීඩනය රේඩියෙටරය ඇතුළේ ඇතිවන පීඩනයට වඩා වැඩිවන හෙයින්, මුලින්ම වන්නේ එන්ජිම ඇතුළේ ඇති අධි පීඩිත ලිහිස්සුම් තෙල් කූලන්ට් එකට කලවම් වීමය.
වාහනයක උෂ්ණත්වය වැඩි වීමට එකම හේතුව වාහනයේ ගෑස්කට් යාම පමණක්ම නොවේ. එසේ හෙයින් වාහනය කල්පනාවෙන් පරීක්ෂා කර නිගමනයකට බැසිය යුතුය. සමහරවිට රේඩියේටර පංකාවක් ක‍්‍රියාවිරහිත වන්නට ඉඩ ඇත. නැතහොත් හෝස් එකක් ලීක් විය හැක. එසේ ඇති වන උෂ්ණත්වය නිෂ්පාදකයාගේ පොතේ කියන ආකාරයට වඩා වැඩි වේ නම්, එන්ජිම ක්ෂණිකව නැවැත්විය යුතු වේ. හැකි ඉක්මනින් එම උෂ්ණත්වය අඩු කිරීමට කටයුතු කළ යුතුය. වාහනයේ වායුසමීකරණ යන්ත‍්‍රය ක‍්‍රියා විරහිත කර, කැබින් උෂ්ණත්වය උපරිම කිරීමට භාවිත කරන වාහනයේ ඩෑෂ් බෝඞ් එකේ ඇති නොබ් එක, (තර්මොස්ටැට් එක පාලනය කිරීම.* උණුසුම් පැත්තට කරකවා බ්ලෝවරය ක‍්‍රියාත්මක කළ යුතු වේ. උණුසුම් වායුව වාහනය ඇතුළට පැමිණෙන්නේ එන්ජින් බ්ලොක් එකෙන් හෙයින්, එය එන්ජිම සිසිලනයට උපකාරී වේ. කෙසේ හෝ එන්ජිමේ ලිහිස්සුම් තෙල් වල උෂ්ණත්වය ඉහළ යාම, එම තෙල් වල දුශ‍්‍රාවිතාවයට බාධාවක් හෙයින්, අවශ්‍ය කරන ලද නඩත්තුව නිම වූ පසු, අලූතෙන් ලිහිස්සුම් තෙල් දැමීම අනිවාර්ය වේ.

ඉහත කී සියලූම ආකාරයේ දෝෂ පැමිණිවිට, සාමාන්‍ය නඩත්තු කටයුතු වලින් ඒවා මඟහැරිය නොහැකි බව පෙනෙන විට, වාහනයේ ගෑස්කට් එකෙන් මෙන්ම වෑල්ව්ස් වලින් කරන කාර්යයන් නොකෙරෙන බවට අනුමාන කළ හැක. ඔබ තරමක් වාසනාවන්තයෙක් නම්, මේ ප‍්‍රශ්නය ඇතිවෙන්නට ඔයිල් කූලරය හේතුවක් වෙන්නට ඉඩ ඇත. ඔයිල් කූලරය යනු; වාහනයේ ලිහිස්සුම් තෙල් සිසිලනය සඳහා භාවිත කරන උපකරණයකි.   මේ ආකාරයේ ඔයිල් කූලර් හැම වාහනයකම නැති බව සලකන්න. එහි එක පැත්තකින් රත්වූ තෙල් එන අතර, අනෙක් පැත්තෙන් වතුර නිසා සිසිලනය වූ තෙල් එළියට පැමිණේ. මේ කූලරය ඇතුලේම, රේඩියේටරයේ සිසිල් දෙසින් එන ජලය ඇතුළට ගොස් ඉහත කී රත්වූ තෙල් නිසා රත් වූ ජලය ඉවතට පැමිණේ. ඔයිල් කූලරය සම්පීඩනය කර, රැුයක් එළිවන තුරු තැබීම මඟින්, ඔයිල් සහ ජලය කලවම් වේදැයි සොයා ගත හැක. එහි පීඩනයේ වෙනසක් ඇති නොවේ නම්, ඔයිල් කූලරය හොඳ තත්ත්වයේ වේ.

ඔයිල් කූලරයේ දෝෂයක් නොමැති බව තහවුරු නම්,  ගෑස්කට් එක දෙස ඉන් පසු බැලිය යුතුය. ගෑස්කට් එක යනු, එන්ජින් බ්ලොක් එකත්, හෙඞ් එකත් අතර ඇති පැතලි ශීට් එකක් වැනි දෙය වේ. වාහනයේ ගෑස්කට් ගිහින් කියන දෙය කාර්මිකයෙක් නොවන සාමාන්‍ය කෙනෙක් වුවද කියන දෙයකි. මෙය නම් විශාල හෙනහුරු අපලයකි. ගෑස්කට් ගිය විට සිදුවිය හැකි දේවල් කිහිපයක් නම්,
1. අක‍්‍රමවත් දහන පහරවල්.
2. සිලින්ඩර වල සම්පීඩිත ප‍්‍රමාණය වෙනස් වීම.
3. ෑක්‍ඹ එක මඟින් පෙන්වන විවිධ දෝෂ.
4. මැනින්ෆෝල්ඞ් වල තෙල් ලීක් දැකීමට හැකි වීම.
5. එන්ජිමේ උෂ්ණත්වය ඉහළ යාම.
6. වාහනයේ බලය අඩු වීම.
7. දුම් දැමීම සහ වයර් තෙල් වැනි දේ කර වන ආකාරයේ ගඳ ගැසීම.


අධික උෂ්ණත්වයකදී, එන්ජිමක බ්ලොක්එක සහ හෙඞ්එක යන කොටස් දෙකෙන් එන්ජින් හෙඞ් එක ඇදවීම වැඩියෙන්ම සිදු වේ. බ්ලොක් එකක් ඇද වුණොත් හෝ බිඳවීමක් වුවහොත්, එම බ්ලොක් එක අලූතෙන් දමනවා හැර වෙන කරන්න දෙයක් නැත. හෙඞ් එක බ්ලොක් එකට වඩා සාපේක්ෂව කුඩා නිසා, අධික උෂ්ණත්වයකදී එහි ඇදවීම් විය හැක. එසේ හෙයින් එය ෆේස් කර ගැනීම අවශ්‍ය වේ.
මේ නඩත්තුවේ කොටසක් ඔබටම කර ගත හැක. එහෙත් මෙය ප‍්‍රායෝගිකව කිරීම නම්, එතරම් සිත් අදිනසුලූ දෙයක් නොවේ. ග‍්‍රීස්, වතුර මජන් වැනි බොහෝ දේ ඔබට අත පත ගාන්නට සිදුවෙනු ඇත. මුලින්ම කළ යුත්තේ වාහනය හරියට පාක් කර, රේඩියේටර් කූලන්ට් ඉවත් කිරීම සඳහා එයට අදාළ කරාමය ඇරීමය. සමහර වාහන වල කූලන්ට් ඉවත් කරන ආකාරයේ කරාම නැත. ඒ ආකාරයේ වාහන වල පහළම ඇති හෝස් බටය ගලවා කූලන්ට් ඉවත් කරන්න. දැන් හෙඞ් එකට ඉහළ ඇති බට, ඉන්ටේක් -එක්ෂෝර්ස්ට් මැනින්ෆෝල්ඞ්, සහ නොයෙක් ආකාරයේ එන්ජින් කවර සහ ටැපට් කවරයෙන් ආරම්භ කර හෙඞ් එක ගලවා ගන්න. සමහර වාහන වල ටයිමින් චේන් එක සහ ටෙන්ෂර්නර් ඉවත් කිරීම, හෙඞ් ගැලවීමට පෙර කළ යුතු වේ. මේ සඳහා සමහර අවස්ථාවල් වලදී විශේෂ ආයුධ පාවිච්චි කළ යුතු වේ. එම නිසා එක් එක් වාහනය සඳහා ක‍්‍රම, වෙනස් අයුරු නිසා, වාහන නිෂ්පාදකයාගේ පරිශීලනය කිරීම මැනවි.
හෙඞ් එක ගැලවූ පසු ඔබට ගෑස්කට් එකේ තත්ත්වය දකින්නට ලැබෙනු ඇත. මුල් කාලයේ ගෑස්කට් තනා තිබුණේ තඹ වලින් වුවද අද කාලයේ ගෑස්කට් එයට වඩා සංකීර්ණව තනා ඇත. බොහෝ නවීන ගෑස්කට් වල ෆයිබර් අඩංගුය. එසේ හෙයින්, ඒවා ගලවන විට ඉතා ප‍්‍රවේශම් විය යුතුය. එනම් ආශ්වාසයේදී මේ ෆයිබර් සියුම් කොටස් පෙණහලූ වලට යාම සෞඛ්‍යමය වශයෙන් අනතුරු දායකය. මුහුණු ආවරණයක් දමා මෙය කිරීම මැනවි. තවද මේ කැඞී යන කොටස් ලිහිස්සුම් තෙල් සහ වතුර එන -යන මාර්ග අතරට නොයන ලෙස ගෑස්කට් එක ගැලවීම වැදගත් වේ. එයිරෝසොල් ගෑස්කට් රිමුවල් වර්ගයේ ද්‍රාවණයක් භාවිත කිරීම සුදුසුය.
පැරණි ගෑස්කට් එක ඉතා පරීක්ෂාවෙන් ගලවන්න. එයට යට ඇති පෘෂ්ට නිරීක්ෂණය කරන්න. එහෙත් ගෑස්කට් එකේ කැඞී ගිය කෑලි පරණ ස්කුරුප්පු නියන් හෝ, පිහි තුඩු වැනි දේවල් වලින් ගලවන්න යාම නුවණට හුරු දෙයක් නොවේ. ඇත්ත වශයෙන්ම, මෙතනින් එහාට හෙඞ් එක ෆේස් කිරීම සඳහා පළපුරුදු ලියවනපට්ටල් කරුවෙක්ට බාර දිය යුතු වේ. ඡුරදසෙකදපැඑැර වැනි සංකීර්ණ ඉලෙක්ට්‍රොනික මෙවලම් භාවිත කරන ලංකාවේ ඉතා දක්ෂ ලියවනපට්ටල් කරුවන් සිටී. ඔවුන් නම් වශයෙන් මෙහි සඳහන් කළ නොහැකි බව කරුණාවෙන් තේරුම් ගන්නා මෙන් ඉල්ලමි. හෙඞ් එක ෆේස් කිරීම, වාහනයේ තත්වය (ීචැජසසෙජ්එසදබ* අනුව ඉතා කල්පනාවෙන් කළ යුතු දෙයකි. කිසියම් හේතුවක් නිසා  ඕනාවට වඩා හෙඞ් ෆේස් වුවහොත්, ඒ ඉවත්වන ලෝහ නැවත හෙඞ් එකට එකතු කළ නොහැක. ඇලූමීනියම් හෙඞ් ඇද වීමේ සම්භාවිතාව වැඩි වේ. එහි ඇදවීම පියැවී ඇසට දැක ගත නොහැකි වේ. එසේ හෙයින් ඒවා ෆේස් කිරීමට පෙර ඇද ඉවත් කිරීම වැදගත් වේ. මේවා එකක්වත්, අඩුම තරමේ මිලින් මැෂිමක් නැති සාමාන්‍ය වැඩපොළක කර ගැනීමට නොහැක. අන්තිමට කළ යුත්තේ හෙඞ් එක සම්පීඩනය කිරීමය. එයින් හෙඞ් එකේ ඇසට නොපෙනෙන ආකාරයේ බිඳීමක් ඇත්නම් සම්පීඩිත පරීක්ෂාව මඟින් සොයා ගත හැක. මෙහි ප‍්‍රතිපලය පට්ටල් වැඩපොළෙන් දැනගත හැක.

දැන් කළ යුත්තේ වෑල්ව් ග‍්‍රයින්ඞ් කිරීමය. වෑල්ව් ඉවත් කිරීම සඳහා අවශ්‍ය නියම ආයුධ භාවිත කිරීම වැදගත්ය. පරණ බාස් උන්නැහේලා නම් වෙන ක‍්‍රම භාවිත කළහ. මුල් කාල වල නම් බස් එන්ජින් වුවද ග‍්‍රයින්ඞ් කළේ අතිනි. එහෙත් අද යුගයේ වඩාත් නිරවද්‍ය ලියවනපට්ටල් ඇති නිසා, මේ සම්බන්ධව කරදර විය යුතු නොවේ. මේ අවස්ථාවෙන් පසුව, එම වෑල්ව් වල ඇති සීල් අලූතෙන් දැමීම කළ යුතු වේ. හෙඞ් එක ගැලවීමකදී පමණක් මෙය කළ හැකි නිසා, ඒ අවස්ථාවෙන් ප‍්‍රයෝජන ගත යුතුය. එසේ නොමැති නම්, ලිහිස්සුම් තෙල් වෑල්ව් බඳ දිගේ විත් පිච්චී සුදු පැහැ දුම් ඇතිවිය හැක. මේ ආකාරයේ සියලූ නඩත්තු කටයුතු නිමවූ පසු, සියලූ කොටස් පෙට‍්‍රල් වලින් සේදිය යුතු වේ. සාමාන්‍යයෙන් දැමීමට අපහසු ප්ලග්ස්, හෝස් වැනි සියලූම දේ අලූතෙන්ම දැමීම වැදගත් වේ.

                                                       නිර්මාණී


No comments:

Post a Comment

Special Cultural Traditions of the Sinhala Hindu New Year in Sri Lanka

  Special Cultural Traditions of the Sinhala Hindu New Year in Sri Lanka. The "Sinhala Hindu New Year" is one of the most import...