මා දුටු සිත්තම්

Sunday, June 10, 2018

පුවත්පත් කතුවැකියේ කතාව

පුවත්පත් කතුවැකියේ කතාව

කතුවැකිය යනු පුවත්පතේ අනන්‍යතාව ප‍්‍රකට කරන ලේඛනයයි. පුවත්පතක විශේෂාංග ලිපි අතර ප‍්‍රමුඛත්වයක් ගන්නේද කතුවැකියයි. කතෘ මණ්ඩලය සිය මතය දැක්වීමේදී පුවත්පත හෝ ස`ගරාව ප‍්‍රකාශයට පත්කරන වාරයක් පාසා කාලානුරූපීව කතුවැකිය භාවිතයට ගන්නා බව විකිපීඩියා විශ්ව කෝෂයේ සඳහන් වේ .

       එමෙන්ම කතුවැකිය යනු ප‍්‍රකාශයට පත්වන පුවත්පතක පලවන කාලීන තොරතුරු පිළිබඳව ප‍්‍රධාන කතෘවරයාගේ දැක්ම ඉදිරිපත් කෙරෙන ලියවිල්ලක් වශයෙන්ද නම් කළ හැකිය. පුවත්පතේ පදනම භාෂාවයි .රචකයාට තම අදහස  පාඨකයා වෙත කියාපෑමට ඇති ප‍්‍රබලතම සාධකය වන්නේද භාෂාවයි. එනිසා පුවත්පතක භාෂාව සුවිශේෂ වේ පුවත්පත් භාෂාව ප‍්‍රභේධ කිහිපයක් යටතේ හා`දුනාගත හැකිය. ලේඛනයේ අන්තර්ගතය සහ ආකෘතිය අනූව පුවත්පතේ භාෂා ලක්ෂණ විවිධ වේ.

       පුවත්පත් කලාවේදීන් මෙම භාෂාව සූක්ෂමව භාවිත කරයි. පුවත්පත් කතුවරයාද පුවත්පත් සන්නිවේදනයේ දර්ශනය හදුනා ගත්තෙකි .ඔහු නන් දෙසට විහිදුනු භාෂා ශක්‍යතාවන්ගෙන් යුක්ත වූවෙකි. පුවත්පත් භාෂාවේ පොදු ලක්ෂණ ලෙස කෙටි වැකි යෙදීම ,සරල සුගම භාෂාවක් ,යෙදීම ආදිය දැක්විය හැකිය .පුවත්පත් භාෂාව පිළිබඳව විමසීමේදී කතුවැකි භාෂාව විශේෂ වේ.  කතුවැකියට සෙසු පුවත්පත් ලේඛන ආකෘතීන් වඩා ඉහත කියමන අදාල වේ. එනම් පුවත්පතෙහි අනන්‍යතාවයේ ගමන් මගෙහි කැඩපතක් බ`දු කතුවැකිය නිර්මාණශීලී වු දාර්ශනික ලේඛනයක් විය යුතුය. එහිදී කතුවැකියේ භාෂා භාවිතය සහ ආක්‍යානය සුවිශේෂ වේ.

    
 
පුවත්පතේ ඉතිහාසය

මෙතෙක් පළවුණු පුවත්පත් අතරින් පළමු පුවත්පත කුමක්දැයි යන්න විවාදයට ලක්වී ඇති කරුණකි. රෝම ඉතිහාසයේ රාජ්‍ය නිවේදන අඩංගු පත‍්‍රිකා මහජනයාට ජූලියස් සීසර් පාලන සමයේදී නිකුත් කර ඇත. මින් සමහරක් ගල්වල හෝ යකඩ තහඩුවල කොටා මහජන ප‍්‍රදර්ශනය සඳහා තනන ලදී .චීනයේ පුරාතණ රජයන් විසින් ඔසච්ද නම් පුවත් පත‍්‍රිකා වර්ගයක් බෙදාහැර ඇති අතර ක‍්‍රිස්තු වර්ශ 713-734 යන කාල පරාස තුළ හන් රාජවංශිකයන්ද එලෙස නිවේදන නිකුත් කර ඇත.

එතැනින් ආරම්භ වූ පුවත්පත මේ දක්වා විවිධ විපර්යාසවලට ලක් වෙමින් දියුණු තත්ත්වයට පත්ව ඇත. ක‍්‍රිස්තු වර්ශ 172 දී  බි‍්‍රතාන්‍ය තුළ දිනපතා පළවන මුල්ම පුවත්පත ලෙස ප‍්‍රකාශයට පත් විය. 1783 වසරේදී ඡුැබබිහකඩ්බස් ෑඩැබසබට ඡුදිඑ පුවත්පත ඇමරිකාවේ මුල්ම දිනපතා පුවත්පතක් ලෙස ප‍්‍රකාශයට පත්විය මෙලෙස ආරම්භ වූ පුවත්පත අද දක්වා විකාශනය වීම සිදුවිය. 

      
ශ‍්‍රී ලංකාවේ පුවත්පත් ආරම්භය පිළිබඳව විමසා බැලීමේදී එයට දීර්ඝ ඉතිහාසයක් ඇති බව පෙනී යයි .ශ‍්‍රී ලංකාවේ පුවත්පත් ඉතිහාසය ලෙස හ`දුන්වනු ලබන්නේ යටත් විජිතයන්ගේ දායාදයක් ලෙස පුවත්පත මෙරටට පැමිණිමෙන් පසුව කාලයයි .1832 වසරේ ”කලම්බු ජර්නල්” පුවත්පත ආරම්භ වීමෙන් පසුව සමකාලීන දේශීය හා විදේශීය අවශ්‍යතා සපුරාලීමට පුවත්පත දායක වූ ආකාරය ශ‍්‍රී ලංකාවේ පුවත්පත් ඉතිහාසය විමසීමේදී පෙනී යයි .එමෙන්ම මිෂනාරි මුද්‍රණාලවලින් ප‍්‍රකාශනය වූ බි‍රතාන්‍ය පක්ෂ පුවත්පත්වලට අමතරව ලාංකිකයන් විසින් 1862 වසරේදී මුද්‍රණාල රැසක් පිහිටුවාගෙන ‘ලක්මිණි පහන’ , ‘ලංකාලෝකය’, ‘සරසවි සදරැස’,‘ සිංහල බෞද්ධයා’ වැනි පුවත්පත් රැසක් මුද්‍රණයකර ඇත මෙලෙස ශ‍්‍රී ලංකාව තුළ ව්‍යාප්ත වු පුවත්පත අද වනවිට දියුණු තාක්ෂණික ප‍්‍රවනතා දක්වා දියුණුවට පත්ව ඇත


පුවත්පත යනු...


පුවත්පත යනු ලිඛිත ප‍්‍රකාශනයකි .එහි විවිධාකාර තොරතුරු ඇතුළත් වේ .සාමාන්‍ය පුවත්පතක බොහෝවිට දේශපාලනික, ආර්ථික ,සාමාජීය, ආගමික, ක‍්‍රීඩා ආදී තොරතුරු ඇතුළත් වේ.

 මේවා ප‍්‍රධාන වශයෙන් පහත පරිදි වර්ගීකරණය කර දැක්විය හැකිය.

1.
ප‍්‍රවෘත්ති ,විශේෂාංග (තීරුලිපි,කතුවැකි , දැන්වීම් )

2.
රූප සහ පෙළ

3.
ලිඛිත (තීරුලිපි,කතුවැකි දැන්වීම්,ප‍්‍රවෘත්ති*, ඡුායාරූප, කාටූන්, සටහන් (වගු,ග‍්‍රැපික්)

    
එමෙන්ම පුවත්පත දිනපතා සහ සති අන්ත ලෙසද දෙයාකාරයකි ශ‍්‍රී ලංකාව තුළ ප‍්‍රකාශයට පත් කරන පුවත්පත් ප‍්‍රධාන කොටස් පහකට බෙදා වෙන්කළ හැකිය.

  1. ජාතික පුවත්පත් (දිනපතා සහ සතපතා පළකෙරේ

2.ප‍්‍රාදේශිය පුවත්පත් (යම් යම් ප‍්‍රදේශ තුළ පළකෙරේ

   3.දේශපාලනික පුවත්පත් (දේශපාලන පක්ෂ මගින් ප‍්‍රකාශයට   පත්කෙරේ

   4.
ආගමික පුවත්පත් (යම් ආගමක් පදනම්කර පළකෙරේ

   5.
විශේෂාංග පුවත්පත් (චිත‍්‍ර කතා ළමා කාන්තා තරුණ ජෙත්‍ය්තිෂ විද්‍යාව අධ්‍යාපන මනෝ විද්‍යාව

එමෙන්ම ශ‍්‍රී ලංකාව තුළ, ලේක් හවුස් ආයතනය ,උපාලි පුවත්පත් සමාගම ,විජය පුවත්පත් සමාගම ,රිවිර මීඩියා කෝපරේෂන් ,එක්ස්ප‍්‍රස් පුවත්පත් සමාගම ,සුමති පුවත්පත් සමාගම ,සිලෝන් නිව්ස් පේපර්ස් (පෞද*්  සමාගම ,වැනි ප‍්‍රධාන පුවත්පත් සමාගම් 7ක් දක්නට ලැබේ .
        ඉහතින් දැක්වූ වර්ගීකරණයට අනුව පුවත්පත් විශේෂාංග යනු පුවත්පතක පළවන ප‍්‍රවෘත්ති  සහ දැන්වීම් හැර ඉතිරි සියල්ලයි .


  1. පුවතක් පදනම් කෙරුණු ලිපි

2. චරිත හ`දුන්වා දෙන ලිපි

 3.
කතුවැකිය

 4.
ගවේෂණාත්මක ලිපි

5. තීරු ලිපි

6. සාකච්ඡුා ලිපි

 7.
අධ්‍යාපන හා ශාස්ත‍්‍රීය ලිපි

 8.
ආරාධිත විශේෂ ලිපි

 9.
නිර්මාණාත්මක ලේඛන

  10.
කාටුන් හා චිත‍්‍ර 
 .           
           ,
ආදී වශයෙන් පුවත්පත් විශේෂාංග වර්ග හ`දුනාගත හැකිය.  ප‍්‍රවෘත්තියක් හා විශේෂාංග  ලිපියක් අතර පවතින වෙනස සළකා බැලූවිට , ප‍්‍රවෘත්තියක් යනු හුදු ආරංචියක් පමණකි .විශේෂාංග ලිපිය එය අභිබවා යයි එයින් කියවෙන දෙයට සම්බන්ධ පරිසරයත් ඊට හේතු සාධකත් එහි විස්තර වේ.හුදු ආරංචියක් පමණක් ඇසූ පාඨකයාට විශේෂාංග ලිපිය කියවා විස්තර සහිතව විවිධ කෝණ ඔස්සේ යම් තොරතුරක් වටහා ගත හැකිය .විශේෂාංග රචකයාට තම ප‍්‍රතිභාව ඔස්සේ පාඨක අවධානය දිනාගත හැකිය. එමෙන්ම පුවත්පත්වල අලෙවියටද විශේෂාංග රචනා උදව් වේ
.
උදාහරණ :  - ලංකාදීප පුවත්පත ජනප‍්‍රිය වීමට ශ‍්‍රී චන්ද්‍රරත්න මානවසිංහයන් ලියූ ”වගතුග” තීරු ලිපිය  හේතු විය.    
ඇත්ත පුවත්පත ජනප‍්‍රිය වීමට බී ඒ සිරිවර්ධන මහතා ලියූ කතුවැකිය හේතු විය .

මෙලෙස විශේෂාංග රචනය කල ප‍්‍රවීන ලේඛකයන් ලෙස කුමාරතුංග මුණිදාස ,හේමපාල මුණිදාස ,මාර්ටින් වික‍්‍රමසිංහ ,මීමන පේ‍්‍රමතිලක ,දයාසේන ගුණසිංහ වැනි ලේඛකයන් දැක්විය හැකිය .


පුවත්පත් භාෂාව

පුවත්පතේ පදනම භාෂාවයි .රචකයාට තම අදහස  පාඨකයා වෙත කියාපෑමට ඇති ප‍්‍රබලතම සාධකය වන්නේද භාෂාවයි. එනිසා පුවත්පතක භාෂාව සුවිශේෂ වේ. පුවත්පත් භාෂාව ප‍්‍රභේධ කිහිපයක් යටතේ හා`දුනාගත හැකිය. ලේඛනයේ අන්තර්ගතය සහ ආකෘතිය අනූව පුවත්පතේ භාෂා ලක්ෂණ විවිධ වේ. පුවත්පත් කලාවේදීන් මෙම භාෂාව සූක්ෂමව භාවිත කරයි .පුවත්පත් කතුවරයාද පුවත්පත් සන්නිවේදනයේ දර්ශනය හදුනා ගත්තෙකි .ඔහු නන් දෙසට විහිදුනු භාෂා ශක්‍යතාවන්ගෙන් යුක්ත වූවෙකි .පුවත්පත් භාෂාවේ පොදු ලක්ෂණ ලෙස කෙටි වැකි යෙදීම, සරල සුගම භාෂාවක් යෙදීම, ආදිය දැක්විය හැකිය. පුවත්පත් භාෂාවය පිළිබඳව විමසීමේදී කතුවැකි භාෂාව විශේෂ වේ .


කතුවැකිය

යම් අයුරකින් මුද්‍රණය කර ප‍්‍රකාශයට පත් කරනු ලබන පුවත්පතක හෝ ස`ගරාවක ජ්‍යෙෂ්ඨ කතෘවරුන් විසින් සිය මතය දක්වන කොටස කතුවැකිය වශයෙන් හැ`දින්වේ ”

-
විකිපීඩියා විශ්ව කෝෂය



කාලීන ප‍්‍රස්තුතයක් සම්බන්ධයෙන් කතෘ මණ්ඩලයේ මතවාදය දැක්වීමට පළ කරන ලියවිල්ලක් කතුවැකිය නම් වේ ”

-
ඔක්ස්ෆර්ඞ් ශබ්ද කෝෂය


කතුවැකිය යනු පුවත්පතේ අනන්‍යතාව ප‍්‍රකට කරන ලේඛනයයි .පුවත්පතක විශේෂාංග ලිපි අතර ප‍්‍රමුඛත්වයක් ගන්නේද කතුවැකියයි .සමකාලීන සමාජ, දේශපාලන ගැටලූ පිළිබඳ පුවත්පතේ දෘෂ්ටිය කතුවැකියෙන් පිළිබිඹු කරයි. එමෙන්ම මෙය පුවත්පතක දිශානතිය පෙන්වන ලේඛනයයි. කතුවැකිය පුවත්පතක් පළකිරීමේ අභිප‍්‍රාය හා එහි කාර්යය පිළිබඳව කියවෙන න්‍යාය පත‍්‍රයක් ලෙසද සැලකීමට පිළිවන .එමෙන්ම කතුවැකිය ඉතිහාසඥයන්ට ඓතිහාසික මූලශ‍්‍රයක් ,සමාජ විද්‍යාඥයන්ට විද්‍යාගාරයක්, භාෂා වියතුන්ට භාෂාවේ ස්වභාවය එහි නිර්මාණශීලි බව හැදෑරීමට භාෂා මධ්‍යස්ථානයක්, සන්නිවේදකයන්ට නිර්මාණශීලී මාධ්‍යයක් ,පාඨකයන්ට දැනුම අත්දැකීම් සමගින් ඔවුනගේ දාර්ශනික චින්තාව අවධි කරවන පුවත්පත් ලියවිල්ලක් ,යනාදී වශයෙන් කතුවැකියේ විවිධ නිරූපණ හදුනාගත හැකිය
 .
          
කතෘ මණ්ඩලය සිය මතය දැක්වීමේදී පුවත්පත හෝ ස`ගරාව ප‍්‍රකාශයට පත්කරන වාරයක් පාසා කාලානුරූපීව කතුවැකිය භාවිතයට ගන්නා බව විකිපීඩියා විශ්ව කෝෂයේ තවදුරටත් සඳහන් වේ. එමෙන්ම කතුවැකිය යනු ප‍්‍රකාශයට පත්වන පුවත්පතක පලවන කාලීන තොරතුරු පිළිබඳව ප‍්‍රධාන කතෘවරයාගේ දැක්ම ඉදිරිපත් කෙරෙන ලියවිල්ලක් වශයෙන්ද නම් කළ හැකිය .එසේම පුවත්පතක හෝ කාලීනව ප‍්‍රකාශයට පත්කරන මුද්‍රිත ප‍්‍රකාශයක කතෘවරයා හෝ කතෘ මණ්ඩලය විසින් මතයක් ඉදිරිපත් කිරීමට කතුවැකිය යොදයි .

           
පුවත්පත් කලාවේ ආරම්භයේ පටන් සම්මතව පැවත එන සම්ප‍්‍රදායික ලේඛන විශේෂයක් වශයෙන් කතුවැකිය නම් කළ හැකිය. කතුවැකිය පුවත්පතක හෝ ස`ගරාවක හෝ වෙනයම් වාර ප‍්‍රකාශනයකදී කතුවරයෙකු විසින් ලියනු ලබන හෝ කතුවරයාගේ මතය නියෝජනය කරමින් ලියනු ලබන මත ප‍්‍රනකායකි .ජාතික පුවත්පතක ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනය හෝ සමාජ දෘෂ්ටිය හෙලිකරන්නේ කතුවැකියෙනි.

           
පුවත්පතක විශේෂාංග ලිපි අතර ඉදිරියෙන් සිටින කතුවැකිය නිල නොලත් රජෙකුගේ ජනතා ඇමතීමක් ලෙස සඳහන් කළ හැකිය. සතිපතා පුවත්පතක සතියේ කැටපත කතුවැකියයි .සමාජ ,ආර්ථික, දේශපාලන, සංස්කෘතික ක්ෂේ්ත‍්‍රවල ඒ දවසේ වැදගත්ම සිදුවීම කතුවැකිය තුළින් ලියවේ. කතුවැකිය පුවත්පත් කතුවරයාගේ පෞරුෂයක් මූලිකාංගයද වේ. උසස් ආත්ම ශක්තියකින් යුතු අභිමානවත් ලේඛකයෙකු විසින් ලියන කතුවැකිය තුළින්ද එම ලක්ෂණ ගම්‍ය වේ . ඔහු ජන විඥණය හසුරුවන්නෙකි. මෙවැනි කතුවැකි ලියූ උසස් ගනයේ කතුවරු ලෙස කුමාරතුංග මුණිදාසයන්බී.ඒ සිරිවර්ධනයන්, හැ`දින්විය හැකිය .ජනමතය සැකසීම සංවිධානය පුවත්පතක කාර්යයන් වන අතර ඒවා ඉටුකරනුයේ කතුවැකිය මගිනි .ප‍්‍රධාන ප‍්‍රවෘත්ති කීපය  කියවීමෙන් පසුව පාඨකයා මුලින්ම කියවන්නේ කතුවැකියයි. එයට හේතුව එම දවසේ හෝ සතියේ වැදගත්ම කරුණ කියවෙන්නේ කතුවැකියෙන් වන හෙයිනි. එක් යුගයක බී. ඒ සිරිවර්ධනයන් ඇත්ත පුවත්පතට ලියූ කතුවැකිය හේතුවෙන්ම එම පුවත්පත මිලදී ගත් පාඨකයෝ සිටියහ. ප‍්‍රකට පුවත්පත් කලාවේදියෙකු වූ ඇල්බෙයා කැමූ ප‍්‍රකාශ කරන්නේ ”කතුවැකියක එක අදහසක් හා උදාහරණ දෙකක් පමණක් අඩංගු විය යුතුය යන්නයි ” .වැල්වටාරම්වලට කතුවැකියක ඉඩක් නැත. හරවත් කරුණුවලින් පිරී පැවතියද එය ඉදිරිපත් කරන ආකාරය පාඨකයා  ආකර්ශනය නොකරන්නේනම්  එය සුදුසු නොවේ .එකල පාඨකයා ආකර්ශනය කළහැකි කතුවැකි බොහෝ රචනා විය .උදාහරණයක් ලෙස පහත කතුවැකි ගත හැකිය

උදාහරණ :

කුමාරතුංග මුණිදාසයන් ”ලක්මිණි පහන” පුවත්පතට මුල්ම කතුවැකිය ලියමින් මෙසේ සටහන් කර ඇත ” ජාතියක් දීනයන් ගෙන් ම යුක්ත විය යුතු නොවේ වීරයෝ කොහි ගියාහු ද ? වීර ගුණය දක්වන්නට ඉඩ නැති කලැ අළු යට වූ ගිනි අ`ගුරු මෙන් වීරයෝ නොපෙනෙති අළු යට වුවත් ගිනි අ`ගුරු නම් ගිනි අ`ගුරු මැයි ” කුමාරතුංගයන් ජීවත්වූයේ සුද්දන්ගෙන් රට යටත් වූ යුගයකය යටත් විජිත මානසිකත්වයෙන් ජනතාව මුදා ගැනීමට සැ`ගවු වීරයන් මතුකිරීමට පුවත්පතකට ඇති හැකියාව එතුමා දැන සිට ඇත ඒ අරමුණන් මෙවැනි කතුවැකි රචනා කර තිබේ .

         කතුවැකිය වෙනම පිටුවක පහැදලිී ලෙස  වෙන් කරනලද තීරුවක පලවන අතර එහි අඩංගු වන්නේ වර්තමාන සිදුවීම් හෝ පොදු විවිධාත්මක් කරුණුය .මෙහි ප‍්‍රවෘත්ති ,ප‍්‍රතිපත්ති සාමාජිය හා දේශපාලන විවිධාකාර මාතෘකා සම්බන්ධයෙන් කරුණු ලියැවේ .බොහෝවිට මෙහි පෞද්ගලික දර්ශනයක් ඇත .සාමාන්‍යයෙන් කතුවැකියක අඩංගු පණිවිඩය ඉතා ප‍්‍රබල ලෙස ජනතාව අතරට යා යුතු අතර ඒ හා සම්බන්ධයෙන් ඡුායාරූප ආදිය පළ නොවේ .බොහෝ කතුවැකි විවාදාත්මක ස්වරූපයක් ගනී .

       කතුවැකිය පිළිබඳව සැළකීමේදී එහි ප‍්‍රබලතාව කෙරේ බලපානු ලබන්නේ කතුවැකි භාෂාවයි. එය ඉතා ප‍්‍රබලව හා  සංවේදීව යෙදිමට කතුවැකි රචකයා සමත් වී ඇත. කතුවැකි භාෂාවයි මත කතුවැකියේ අරමුණ වඩාත් සාර්ථකව සමාජගත කළ හැකිය.




කතුවැකි භාෂාවේ ලක්ෂණ

පුවත්පත් භාෂාව විවිධාංගීකාණයට ලක් වූවකි .පුවත්පතේ ලේඛන ආකෘති හා විෂය අන්තර්ගතයන්ට අනුව එහි භෂා ලක්ෂණ වෙනස් වේ .ඒ අනුව පුවත්පතක දැකිය හැකි මූලකාංග වෙන් වෙන් භාෂා ලක්ෂණ ප‍්‍රකට කරනු ලබයි .නිර්මාණශිලී ලේඛකයෝ සාම්ප‍්‍රදායික ලේඛන ආකෘතියේ නොසිට සූක්ෂම ලෙස භාෂා රටා වෙනස් කරති .ඒ සඳහා ලේඛකයාට මනාසේ බස හැසිරවීමට සමාජ ඥාණයක් අවශ්‍ය වේ .පුවත්පතක කතුවරයාගේ ප‍්‍රකාශනය වන කතුවැකියට සෙසු පුවත්පත් ලේඛන ආකෘතීන් වඩා ඉහත කියමන අදාල වේ .එනම් පුවත්පතෙහි අනන්‍යතාවයේ ගමන් මගෙහි කැඩපතක් බ`දු කතුවැකිය නිර්මාණශීලී වු දාර්ශනික ලේඛනයක් විය යුතුය .එහිදී කතුවැකියේ භාෂා භාවිතය සහ ආක්‍යානය සුවිශේෂ වේ .කතුවැකි භාෂාවේ නිර්මාණශීලී ස්වරූපය පිළිබඳව අවධානය යොමු කිරීමේදී මූලකව කතුවැකිය දෙවර්ගයකින් හ`දුනාගත හැකිය .


  1. කතුවැකියේ ආකෘතිය

  2.
කතුවැකියේ අන්තර්ගතය


 කතුවැකියේ ආකෘතිය


අකෘතිය යටතේ කතුවැකියේ බාහිර ස්වරූපය පිළිබඳව අවධානය යොමු කෙරේ .ඒ අනුව පුවත්පතක කතෘවරයා හෝ ඔහු විසින් බලය පවරන ලද තනි පුද්ගලයෙක් හෝ මණ්ඩලයක් විසින් කතුවැකිය රචනා කරයි .සමකාලීන සමාජ ප‍්‍රස්තුතයක් සමාජය තුළ පැවතුන දෙයක් ,අනාගතයේ සිදුවේයැයි සිතන සිදුවීමක් කතුවැකිය සඳහා විෂය වේ .බොහොවිට ජනමාධ්‍ය තුළ වාර්තා වු සිදුවීම්ක් ඇසුරින් කතුවැකියක් ලිවීම කළ හැකිය.

     
ඇතැම්විට සමාජයේ කිසිවෙකුට හසු නොවන සිදුව්මක්  කතුවැකිය සඳහා තේමා වීමට පිළිවන .සමාජ ගැටලූවක ස්වභාවය විවරණය කිරීම එහි ආදීනව පැහැදිලි කිරීම ,එයට විස`දුම් යෝජනා කිරීම ,යහපත් මානුෂීය කටයුතු සඳහා ප‍්‍රසාදය පළ කිරීම ,සමාජයට නිසි මග පෙන්වීම, ආදිය අරමුණ කරගෙන කතුවැකියක් රචනා විය හැකිය. ඉහත සියලූ ක්ෂේත‍්‍රයන්හි තේමා කතුවරයාගේ සහ පුවත්පතේ දෘෂ්ටියෙන් ජාතික වැදගත්කමකින් යුක්තව සමාජ ,දේශපාලන, ආර්ථික ,සංස්කෘතික මනාපයක් කතුවැකිය තුළ සාකච්ඡුා කෙරේ.

       
ඕනෑම පුවත්පතක කතුවැකිය පළවීම සඳහා නියමිත ස්ථානයක් තිබේ .බොහෝවිට මෙය පළවන්නේ පුවත්පතේ ප‍්‍රධාන පිටුවෙහිය .මෙය පුවත්පතේ මැද පිටුවෙහි පිහිටා ඇත .ඇතැම් අවස්තාවල එය වෙනස් වේ .කතුවැකිය අවසන් වන්නේ පුවත්පතේ දෘෂ්ටියට හා ප‍්‍රතිරූපය අනුව සියල්ල සමාලෝචනය කිරීමෙනි .ඒ අනුව කතුවැකියේ නිර්මාණශීලි බව උදෙසා එම අකෘතික ලක්ෂණ ඉවහල් වේ .



කතුවැකියේ අන්තර්ගතය

කතුවැකියේ අන්තර්ගතය යටතේ එහි අඛ්‍යානය  හා භාෂා ලක්ෂණ පිළිබඳව අවධානය යොමු කෙරේ. යම් තේමාවක් ඉදිරිපත් කිරිම සඳහා අදාල භාෂාව නිර්මාණශීලීව භාෂාව ගොඩනැංවීමේ රටාව නිර්මාණශීලීව භාෂා උපංග භාවිත කිරීම පිළිබඳව කතුවැකියේ අන්තර්ගතය විශ්ලේෂණයයෙන් හ`දුනාගත හැකිය .පාඨක අවධානයට ලක්වන පරිදි නිර්මාණශිලීව කතුවැකියක් රචනා කිරීම කතුවැකි රචකයා මත තිරණයවන සාධකයකි .නිර්මාණශිලී කතුවැකියක් වූ කලී දර්ශනයෙන් හා භාෂා ගුණයෙන් පෝෂණය වුවකි .මෙහිදී රචකයා අන්තර් සංස්කෘතිකමය ලෙස ලබන ශික්ෂණය වැදගත් වේ.

      
පුරාතන නුතන සම්ප‍්‍රදායන් මෙන්ම ඒවායේ නව ප‍්‍රවණත පිළිබඳව කතුවැකි රචකයාට ප‍්‍රමාණවත් අවබෝධයක් තිබිය යුතුය. එසේම භාෂාව හා සංස්කෘතිය ජනවහර  හදාරා තිබිම වැදගත් වේ. භාෂාව ගොඩනැංවිමේ රටාවක් සේම බස හැසිරවීමේ වියරණ රීති ද හ`දුනාගෙන තිබිම නිර්මාණශීලි කතුවැකි රචකයෙකුට අවශ්‍ය වූවකි .

      
ඒ අනූව කතුවැකි රචකයා කතුවැකියේ බාහිර අංග ලෙස ගැනෙන වචන සහ එහි අභ්‍යන්තර අංගයන් වශයෙන් සැලකෙන අදහස් හැ`ගීම් පිළිබඳව සමබරව අවධානයට යොමුකල යුතුය. මේ සියලූ කරුණුවලට සමගාමීව කතුවැකි රචකයා පුවත්පත සතු මාධ්‍යමය දුබලතා ප‍්‍රබලතා මෙන්ම එහි ශක්‍යතා හැදිනගැනීම අත්‍යවශ්‍ය වූවකි .එසේම පුවත්පතේ පළවන වාණිජ වටිනාකමක් රහිත සෙසු ලේඛන හා ලේඛන ආකෘතිනගෙන් කතුවැකිය වෙනස්වන ආකරයක් කතුවැකිය නම් ලේඛනයේ සවභාවය හා කාර්යභාරයන් කතුවැකි රචකයා මූලකවම හදුනාගත යුතුය .

විවිධ කතුවැකි රචකයන් තම කතුවැකි නිර්මාණය කිරීමේදී විවිධ භාෂා උපක‍්‍රම භවිත කර ඇත. එනම් සරල බස්වහර ,කාව්‍යාත්මක බස්වහර, උපමා රුපක සහිත භාෂා රටා ,සියුම් උපහාසත්මක බස්වහර ,හෙළ පාරිභාෂික වචන යෙදීම ,ආදියයි .පහත නිදසුන් ම`ගින් එය පැහැදිලි කරගත හැකිය.

උදාහරණ
 :
1.
කතුවැකි රචනයේ පවත්නා සම්මත සම්ප‍්‍රදාය සම්පූර්ණයෙන්ම වෙනසකට ලක් කරමින් තමන්ටම ආවේණික නිර්මාණත්මක ශෛලියක් බී. ඒ සිරිවර්ධන මහතා භාවිත කර ඇත .සෑමවිටම දෙබස් ,සංවාද ඔස්සේ නාට්‍යයෝචිත ලෙස සරල බස්වහරකින් සිරිවර්ධනයන්  සිය කතුවැකිය පෝෂණය වූ නමුත් බස සරල වුවද කතුවැකියේ අන්තර්ගත දාර්ශනික බව මදක් හෝ අඩු නොවීය .
ඔක්කොම වචන පමණයි

ෂේක්ස්පියර් ගේ හැම්ලට් කීවාක් මෙන් වචන වචන වචන තවත් වචන....ප‍්‍රබංස දේශපාලන ආර්ථික පාරිභාෂික වචන ටිකකට අමතක කොට අප කාටත් තේරෙන බසින් කතා කරමු....
කොයි සමාජ ක‍්‍රමයක් හෝ ආණ්ඩු ක‍්‍රමයක් යටතේ වුවද කවුරුත් බලාපොරොත්තු වන්නේ මෙයයි. එය නොඅඩුව පිරිමැසේ නම් සමාජ ක‍්‍රමයටත් ආණ්ඩු ක‍්‍රමයටත් යොදන නම කුමක් වුවද ඔවුනට කම් නැත”
 1971.08.27  පිටුව 25


2. එස් ජී පුංචිහේවා මහතා ‘විවරණ’ ස`ගරාවට ලියූ කතුවැකියද විශේෂ වේ . එහි භාෂාව විටෙක   කාව්‍යාත්මකය . ඔහු එමගින් පාඨකයාට සංවේදී ප‍්‍රශ්න මැනවින් විවරණය කරන්නේ සමාජ විවේචනය මෙන්ම රසයක්ද උත්පාදනය වන අයුරිනි .

- ”මිල! එම්බා මිල! තවදුරටත් උඹ කිසියම් භාණ්ඩයක ”වටිනාකම” නොවන්නෙහිය. අවැසි දෙයක් සඳහා ඇති කැරෙන හුවමාරු අංගයක් ද නොවන්නෙහිය. එසේ නම් කිමෙක් ද?
බඩුමිල නිදහස,1990 පෙබරවාරි පිටුව 6



  1. කුමාරතුංග මුණිදාස මහතාගේ කතෘත්වයෙන් යළි එළි දකින ‘ලක්මිණි පහන’ පුවත්පතේ කතුවැකි මාධ්‍ය ලෝකය තුළ ලත් ශාස්ත‍්‍රීය සමාජයේත් එකසේ සම්භාවනාවට පාත‍්‍ර වේ. මෙම කතුවැකිය සඳහා එතුමා හෙළ බස්වහර උපයෝගී කර ගෙන ඇත .

- ”අපේ මේ වෑයම එසේ ඇති වියැ යුතු පත‍්‍ර වළකන්නට හෝ දැන් ඇති පත‍්‍ර නළවනට හෝ නොවේ එ දෙ ගොඩට එක් වන්නට යැ ”
                                            1934
ජූනි 26



No comments:

Post a Comment

Special Cultural Traditions of the Sinhala Hindu New Year in Sri Lanka

  Special Cultural Traditions of the Sinhala Hindu New Year in Sri Lanka. The "Sinhala Hindu New Year" is one of the most import...