මා දුටු සිත්තම්

Monday, June 4, 2018

ආයෝජනයේ වැදගත්කම පිළිබදව දැනුවත් වෙමු


ආයෝජනයේ වැදගත්කම පිළිබදව දැනුවත් වෙමු

නාගතයේදී යම් ප‍්‍රතිලාභයක් අපේක්ෂාවෙන් සිදු කරන මුදල් යෙදවීමක් හෝ සම්පත් කැප කිරීමක් ආයෝජනයක් යනුවෙන් කෙටියෙන් හඳුන්වාදිය හැකියි. අප උපයන මුදල් එසේ ආයෝජනය කිරීම තුළින් අප අපේක්ෂා කරන්නා වූ අනාගත අරමුණු සඳහා අවශ්‍ය මුදල් ඉතිරිකර ගැනීමට හැකියාව ලැබේ. ආයෝජනය සඳහා ඉතිරි කිරීම් අවශ්‍ය වන අතර ඉතිරි කිරීම්වලට වැඩි වටිනාකමක් ලබා ගැනීමට නම්, ඒවා ඉහළ ප‍්‍රතිලාභයක් ලැබෙන ආයෝජන මාර්ග වෙත යොමු කිරීම අවශ්‍ය වේ.




ආයෝජනයවිවිධ ස්වභාවයන්ගෙන් ලබාගත හැකි අතර, ආයෝජනය කරනවා යනු අප බැංකුවක මුදල් යෙදවීමට වඩා හාත්පසින්ම වෙනස් ක‍්‍රියාවලියකි. බැංකුවක මුදල් යෙදවීම හරහා අපට යම්කිසි පොළී අනුපාතයක් ලබාගත හැකි වෙයි. නමුත් ආයෝජනයකට මුදල් යෙදවීම හරහා විවිධ ප‍්‍රතිලාභ ලබා ගැනීමට වඩා ඉහළ ප‍්‍රතිලාභයක් ලබා ගැනීමටත් ආයෝජකයාට අවස්ථාව ලැබේ. ආයෝජනය සහ ආයෝජන ක‍්‍රම පිළිබඳව අද වනවිට ලියැවී ඇති පොත් පත්  ඕනෑ තරම් ලබාගත හැකියි. පුවත් පත් ලිපි  ඕනෑ තරම් කියවීමට ද ඇත. ඒ අනුව අන්තර්ජාලය නොව නව තාක්ෂණය අතින් ද අද සමාජය බොහෝ ඉදිරියට ගොස් ඇත. මුළු විශ්වයම විශ්ව ගම්මානයක් බවට පත්ව ඇති මොහොතක ආයෝජන පිළිබඳවත්, ඉහත කී සියලූම ක‍්‍රමවේද භාවිතා කරමින් තොරතුරු ලබාගත හැකියි.

යම් පුද්ගලයෙකුට තම ආදායම් නිසි ලෙස කළමනාකරණය කර ගනිමින් ඉතිරි කිරීම්වල සිට විවිධ ආයෝජන වෙත යොමුවීමට නිසි මඟ පෙන්වීමක් අවශ්‍ය වෙයි. ඒ සඳහා ප‍්‍රමාණවත් දැනුමක් ද අවශ්‍ය වේ. ඊට හේතුව මෙම විවිධ ආයෝජනයන්හි දක්නට ලැබෙන විවිධ ස්වභාවයේ ලක්ෂණ එහි අන්තර්ගත වීමයි. එනම් එක් එක් ආයෝජනවල ඇති ප‍්‍රතිලාභ, අවදානම් තත්ත්වයන්, ද්‍රවශීලතා තත්ත්වයන්, පරිණතනාව ආදී ලක්ෂණ එකිනෙකට වෙනස් මුුහුණුවරක් ගන්නා බැවිනි.



විද්‍යුත් මාධ්‍ය සහ මුද්‍රිත මාධ්‍ය පිළිබඳ සලකා බැලීමේදී අදජාතික පුවත්පත සමග වසර ගණනාවක් පුරා දැනුමෙන් ආයෝජනයටලිපි මාලාව සතිපතා ගෙන ඒමට ශ්‍රී ලංකා සුරැකුම් පත් හා විනිමය කොමිෂන් සභාව කටයුතු කර තිබේ. එමෙන්ම එම තොරතුරු ලබාගත හැකි මාර්ග අතරට ගැනෙන තවත් විශේෂ ක‍්‍රමයක් වන්නේ විද්‍යුත් මාධ්‍ය භාවිතයයි. විද්‍යුත් මාධ්‍ය වැඩසටහන් අතර දැනුම මිනුම තරග, සාකච්ඡුාමය වැඩසටහන්, රියලිටි වැඩසටහන් නිතර දක්නට ලැබේ. මේ අනුව ඉතා පැහැදිලි කරුණක් වන්නේ ආයෝජනය සම්බන්ධයෙන්, විශේෂයෙන්ම කොටස් වෙළෙඳ පළ ඇතුළු ප‍්‍රාග්ධන වෙළෙඳ පොළ ආයෝජනය පිළිබඳව ආයෝජක ඔබට නිසි දැනුවත් භාවයක් ලබාගත හැකි ආකාර බොහෝ පවතී. ප‍්‍රාග්ධන වෙළෙඳ පොළ සිටින ආයෝජකයන්ට එයින් සෑහීමකට පත් විය හැකි ප‍්‍රතිලාභයක් අත්කර ගත හැකි වටපිටාවක් නිර්මාණය කිරීමට නියාමන ආයතනයට ද වගකීමක් පැවරේ. ඒ සඳහා ප‍්‍රාග්ධන වෙළෙඳ පොළ සංවර්ධනය, ආයෝජන විශ්වාසය ඉහළ නැංවීම අත්‍යවශ්‍ය වේ.

මෙම සමාජයේ වෙසෙන පාසල් සිසුන්, ගුරුවරුන්, ව්‍යාපාරිකයින්, විශ්වවිද්‍යාල සිසුන් වෘත්තිකයන්, රාජ්‍ය සහ පෞද්ගලික අංශයන්හි සේවා නියුක්තිකයන් ඇතුළු සියල්ලන්ටම තේරුම්ගත හැකි ආකාරයෙන් ඉතා සරළව පැවැත්වෙන අතර, කොටස් ණය කර සහ ඒකකභාර ආයෝජනයේ ඇති ප‍්‍රතිලාභ සහ අවදානම පිළිබඳව මෙන්ම කොටස් වෙළෙඳ පොළ වර්තමාන තත්ත්වය පිළිබඳ වැදගත් තොරතුරු සපයනු ඇත. මෙම වැඩසටහන් මාලාව සජීවී පේ‍්‍රක්ෂකාගාරයකින් යුතු වන අතර ඔවුනට සාකච්ඡුාව තුළ පැන නගින ගැටලූ සෘජුවම විද්වත් මණ්ඩලය වෙත යොමු කිරීමට අවස්ථාව ද සැලසේ.

ශ්‍රී ලංකාවේ සක්ෂරතා අනුපාතය 93.3% ක අගයක් ගත්ත ද ස්ටෑන්ඩර්ඞ් ඇන්ඞ් පුවර්ස් වර්ගීකරණ සේවා ආයතනයේ ගෝලීය මූල්‍ය සාක්ෂරතා සමීක්ෂණයට අනුව ශ්‍රී ලංකාවේ වැඩිහිටි ජනගහනය අතර මූල්‍ය සාක්ෂරතා අනුපාතය 35% ක පවතී. ගෝලීය මූල්‍ය වාතාවරණය දිනෙන් දින අඛණ්ඩව වෙනස්වීමට ලක්වන මෙවන් වකවානුවක ආයෝජන මෙවලම්වල සංකීර්ණත්වය ද ඉහළ යමින් පවතින ස්වභාවයක් දැකගත හැකියි.



මේ නිසා සුළු පරිමාණ ආයෝජකයන්ට තමන් වෙනුවෙන් සුදුසු සහ ලබාගත හැකි දිගු කාලීන ආයෝජන අවස්ථා මොනවාද යන්න තීරණය කිරීමට සහ අවබෝධ කර ගැනීමට ප‍්‍රධාන මූල්‍ය සංකල්ප පිළිබඳව නිසි අවබෝධයක් තිබීම වැදගත් වේ.



නිර්මාණි

3 comments:

  1. වැදගත් ලිපියක්..තවත් ලියන්න.සුභ පැතුම් ඔබට❤️

    ReplyDelete

Special Cultural Traditions of the Sinhala Hindu New Year in Sri Lanka

  Special Cultural Traditions of the Sinhala Hindu New Year in Sri Lanka. The "Sinhala Hindu New Year" is one of the most import...