මා දුටු සිත්තම්

Tuesday, July 31, 2018

පරිසර හිතකාමී අයුරින් කැනීම්කර ලබාගන්නා මැණික් සඳහා අනන්‍යතා සහතිකයක් ජාතික ස්වර්ණාභරණ අධිකාරිය වෙතින්.....



ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ අධ්‍යක්ෂ කේ.එල්.ඞී. දයාසාගර මහතා සමඟ කළ සාක්ඡුාවක් ඇසුරෙන් සකස් කළ ලිපියකි



සංවාද සටහන -
නිර්මාණී බී. කොළඹගේ



                 ඉතා ඈත අතීතයේ පටන් ශ්‍රී ලංකාව ‘‘මැණික්’’ කර්මාන්තය සඳහා ප‍්‍රසිද්ධියක් උසුලන රටක් ලෙස ඉදිරියෙන්ම සිටී. මීට වසර 2500කට ඉහත සිට රජ සමයේත්, එතැන් පටන් අද දක්වාත් ශ්‍රී ලංකාව සමස්ථ ලෝකයටම අගනා වටිනා මැණික් සැපයීමේ කාර්යභාරය මනාව ඉටුකොට තිබේ. ශ්‍රී ලාංකික මැණික් කර්මාන්තයේ උන්නතිය සහ පරිසර හිතකාමීව එම කර්මාන්තයේ පැවැත්ම ඇතිකිරීම සම්බන්ධව භාරධූර කාර්යයක් ඉටුකරනු ලබන්නේ ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියයි. ජූනි 05ට යෙදෙන ලෝක පරිසරය දිනය නිමිත්තෙන් ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය විසින් පරිසර හිතකාමීව මැණික් කර්මාන්තය නියාමනය සහ පවත්වාගෙන යාම සම්බන්ධවත්, නිවැරදිව මැණික් හඳුනාගැනීමේ සහතිකපත නිකුත්කිරීම පිළිබඳවත් ඔබ දැනුවත් කිරීම සඳහා එම අධිකාරියේ අධ්‍යක්ෂ කේ.එල්.ඞී. දයාසාගර මහතා සමඟ කළ සාක්ඡුාවක් ඇසුරෙන් සකස් කළ ලිපියකි මේ. 


වසර 2500කට පෙර සිටම ශ්‍රී ලංකාව ලෝකයටම අගනා මැණික් සැපයීමේ නිරතව සිටී. එම කීර්ති නාමය සහ සැපයීම වර්තමානයේදී සිදුකෙරෙමින් පවතින අතරම ශ්‍රී ලංකාවේ හමුවන මැණික් ලෙස හඳුන්වන්නේ පෘථිවියේ මතුපිට ස්ථිරවල පවතින ‘‘ඛනිජ’’ විශේෂයකි. මෙම වටිනා සම්පත පොලවෙන් ගොඩට ගැනීමකින් තොරව එහි ඵල නෙලා ගැනීමට එනම් ආදායම් ලබා ගැනීමට නොහැකිවේ. මෙම ක‍්‍රියාවලියේදී විශේෂයෙන් පරිසරයට අවම හානියක් වන අන්දමින් සහ නැවත පරිසරය යථා තත්ත්වයට පත් කිරීම සිදුකරමින් මැණික් ගොඩ ගැනීම සිදු කළ යුතුයි. මෙලෙස පරිසර හිතකාමී කැනීම් කර්මාන්තයක් ලංකාව පුරා පැවැතීම අත්‍යවශ්‍ය වන අතර, ශ්‍රී ලංකාවේ පරිසර හිතකාමී මැණික් කර්මාන්තය නියාමනය සහ අවශ්‍ය උපදෙස් ක‍්‍රමවේද ලබාදීම සිදුකරනුයේ ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියයි. මෙය එම අධිකාරියේ ප‍්‍රධානතම කාර්යභාරයයි

 

මෙම ප‍්‍රධාන කාර්යභාරය සිදුකරනු ලබන ඒ සඳහාම වෙන්වූ අංශ මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය සතුව පවතී. ප‍්‍රධාන වශයෙන් පතල් කැනීම් හා සංවර්ධන අංශය, බලාත්මක කිරීමේ අංශය යන අංශ දෙක එක්වී මෙම පරිසර හිතකාමී මැණික් කර්මා්නතය සිදුකරනු ලබයි. 

මැණික් පිළිබඳව විමසා බැලීමේදී ලංකාව ඈත අතීතයේ පටන්ම ‘‘කුරුවින්ද පවුලේ මැණික්’’ (රතු, නිල්, පුෂ්පරාග වලට ප‍්‍රසිද්ධියක් උසුලයි. එමෙන්ම මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය සතුව මේ වන විට ප‍්‍රමාණයෙන් විශාල ඉතා වටිනා මැණික් වර්ග රාශියක් සතුව තිබීමද විශේෂත්වයකි. ඒ අතුරින්, වර්ග කිලෝමීටර 65,000ක විහිදී ඇති භූඹියෙන් සියයට 80ක් පමණ වූ භූමිය ‘‘විභව මැණික් දරන්නා’’ නමින් ප‍්‍රකාශයට පත් කරන අතර, ලෝකයේ වැඩිම මැණික් නිය ඝණත්වයක් සතුට ඇති ශ්‍රී ලංකාව දැනට ලෝකයේ හඳුනාගෙන ඇති මැණික් වර්ග 200ක පමණ ප‍්‍රමාණයෙන් මැණික් වර්ග 70කට අධික ප‍්‍රමාණයක් නිෂ්පාදනය කරයි. මේ වන විට විවිධ ,  ෂබාස්, නම් ලංකාවෙන් හමුවූ වටිනා මැණික් ගලද ඇතුලූව මැණික් වර්ග ගණනාවක් ශ්‍රී ලංකාව සතුව පවතී. පෘථිවියේ හමුවූ ඛනිජ කල් පැවැත්ම, දුර්ලභත්වය මත හෝ ගතිගුණවල සංකලනයක් මත ‘‘මැණික්’’ ලෙස වර්ගීකරණය කර ඇති අතර, කුරුවින්ද නිල් මැණික්, රතු කැට, පද්මරාග/ පද්මරඞ්ෂ පුෂ්පරාග, කුරුවින්ද කුලකය (තරු ආරනුල් මැණික්, ගෙවුඩ, කණුක  ඇලෙක්සැන්ඩ‍්‍රයිට් (පඩිංගල්, කිරිංචී  රබහ  තෝරමල්ලී තරිප්පු පළිගු, යන මැණික් වර්ග ශ්‍රී ලංකාවේදී හමුවන වටිනා මැණික් අතර විශේෂයි. මිල කළ නොහැකි ලෝක ප‍්‍රසිද්ධියක් උසුලන මැණික් අතර ශ්‍රී ලංකාවේ හමුවන ‘‘ශ්‍රී ලංකා තරුව’’ (කැරට් 343, ‘‘රශ්මි නිධානය’’ (කැරට් 105 වෛරෝඩ යන මැණික් ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සාරම්බර උරුම වේ. 


 
මෑත කාලීනව ශ්‍රී ලංකාවේ මැණික් සම්බන්ධ සුවිශේෂී සිදුවීමක් සිදුවූ අතර එහිදී මැණික් සඳහා විශාල ප‍්‍රචාරයක්ද ලොව පුරා සිදුවිය. ශ්‍රී ලංකාවේදී හමුවූ කැරට් 12 ජදරබකෙදඇර නිල් ලංකා මැණික ලෙස හඳුන්වන වටිනා නිල් මැණික් ගලක් බි‍්‍රතාන්‍ය රජ පවුලේ ඩයනා කුමරිය චාල්ස් කුමරු හා විවාහ ගිවිස ගැනීමේ මුදුව සඳහා ලබා දීමට එවකට සිටි ජනපති න්‍ගඍග ජයවර්ධන මැතිතුමා කටයුතු කළ අතර, පසුව එය විලියම් කුමරුගේ සහ කේට් කුමරියගේ විවාහ ගිවිස ගැනීමේදී කේට් කුමරියගේ මුදුව ලෙස පැලඳවීම සිදුවිය. මෙය ක්‍දරබකෙදඇර නිල්ලංකා මැණික වටා ඔබ්බවන ලද දියමන්ති 14කින් මෙවැනි සුවිශේෂී මංගල උත්සවයක් සඳහා ශ්‍රී ලංකා මැණිකක් සහිත මුදුවක් පැලඳීම නිසා ශ්‍රී ලංකාවේ මැණික් සඳහා ලෝකයේම අවධානය යොමු වීම සිදුවිය. ඉන් පසුව ලෝ වටා සිටින ජනතාව වෙතින් ශ්‍රී ලාංකික මැණික් සඳහා වැඩි ඉල්ලූමක් වෙළඳපල තුල ඇතිවිය. ශ්‍රී ලංකාව එම ඉල්ලූම සැපිරීම සඳහා මැණික් ආනයන කලද මේ වන විට එම ඉල්ලූමට සරිලන සැපයුමක් ලබාදීමට නොහැකි වීමද සිදුවේ. 

මෙලෙස වැඩි ඉල්ලූමක්ද මැනික් වෙළඳපල තුල පවතිද්දී සියලූම මැණික් සඳහා ‘‘අනන්‍යතාවයක්’’ තිබීම ඉතා වැදගත් වේ. පවතින වෙළඳපල තත්ත්ව වලට අනුව ‘‘මැණික් හඳුනාගැනීමේ ධාරිතාවක්’’ ලබා ගැනීම තුලින් මැණිකක් සඳහා පවතින වටිනාකම නිවැරදිව තක්සේරු කළ හැකිවේ. මෙම සහතිකය නිකුත් කරනු ලබන්නේ ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ මැණික් පරීක්ෂා කිරීමේ රසායනාගාරය වෙතිනුයි. මෙම ධාරිතාවව මඟින්, මැණික් ගලක් කුමන පවුලකට අයත්ද? එය කුමන විශේෂයකට අයත්ද? මෙය ස්වභාවිකද? කෘතිම ද? මෙම මැණික් ගල සඳහා යම් ආකාරයක ප‍්‍රතිකර්මයක් කර තිබේද? යනුවෙන් සියලූම තත්ත්ව තහවුරු කර ගැනීමේ හැකියාව ලැබේ. මෙවැනි සහතිකයක් ලබා ගැනීම මගින් මැණික් මිලට ගන්නන්ට බියකින් තොරව තම මිලදී ගැනීම් කළ හැකි අතර, මැණික් කර්මා්නතයද බලපෑම්කාරී තත්ත්ව වලින් මිදී කරගෙන යාමේ අවස්ථාව උදාවේ. 

මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය මෙම සහතිකය නිකුත් කරන රසායනාගාර 4ක් දිවයින පුරා පවත්වාගෙන යයි. එහි අංක 25, ගාලූ පාර, කොළඹ 03 පිහිටි කොළඹ ප‍්‍රධාන කාර්යාලයේ ප‍්‍රධාන රසායනාගාර පවත්වාගෙන යනු ලබන අතර, ලෝක වෙළඳ මධ්‍යස්ථානය, ගාල්ල ප‍්‍රින්ස් සිනමාහල් ගොඩනැගිල්ල, රත්නපුර මැණික් හා ස්වර්ණාභරණ අධිකාරි පරිශ‍්‍රය යන ස්ථානවල රසායනාගාර පවත්වාගෙන යයි. මීට අමතරව ජංගම රසායනාගාරයක් ප‍්‍රදර්ශන පවත්වන ස්ථාන සඳහාම ලබාදීම සිදුකර ඇති අතර, එම ස්ථානයට පැමිණෙන  ඕනෑම අයෙකුට තමන් සතු මැණික් වල හඳුනාගැනීමේ සහතික ලබා ගත හැකිය. 

විශේෂයෙන් මෙහිදී මැණික් කැනීමේ නිරතවන පුද්ගලයන්ටද මැණික් හඳුනාගැනීමේ සහතිකය අත්‍යවශ්‍යවන අතර තමන් සතු ගල නියමිතව හඳුනා ගැනීමක් සිදු නොකරන්නේ නම් විශාල පාඩු සිදුවීමටද වැඩි ඉඩකඩක් පවතී. මොවුන්ටද මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ මැණික් පරීක්‍ෂා කිරීමේ හා සහතික නිකුත් කිරීමේ අංශයේ සේවාව ලබාගත හැකි බව මතක් කර දීම වැදගත් වේ. 

වර්තමානයේ ශ්‍රී ලාංකිකයින් අතර බහුලව ග‍්‍රහ අපලවලට මැණික් පැලඳීම දැකගත හැකිවන අතර, එහිදී ව්‍යාපාරකයන් විසින් සාමාන්‍ය ජනතාව වංචනිකව රැුවටීමට ලක් කිරීම දැකගත හැකියි. මෙම වංචනික ක‍්‍රියාවලින් මිදීමට නම් මැණික් මිලදී ගැනීමට පෙර මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය විසින් නිකුත් කරන හඳුනාගැනීමේ සහතිකය ලබා ගතහොත් ගැටලූ රැුසකින් මිදීමට අවස්ථාවක් උදාවේ.

පරිසරය හිතකාමීව පරිසරයට වන හානික අවම කරමින්, ගොඩගන්නා ලද මැණික් නිසි ලෙස හඳුනාගනිමින් අලෙවි කිරීම සිදු කරන ලෙසත්, එමඟින් මැණික් කර්මාන්තයේ යෙදී සිටින සියලූ දෙනාට උපරිම ආරක්ෂක ප‍්‍රතිලාභ ලබාගන්නා ලෙසත් ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය මැණික් ක්ෂේත‍්‍රයේ නියුතු සියලූ දෙනාගෙන්ම ඉල්ලා සිටී. 

නිර්මාණී බී. කොළඹගේ

Special Cultural Traditions of the Sinhala Hindu New Year in Sri Lanka

  Special Cultural Traditions of the Sinhala Hindu New Year in Sri Lanka. The "Sinhala Hindu New Year" is one of the most import...