මා දුටු සිත්තම්

Monday, June 25, 2018


ස්වයංක‍්‍රීය වාහනයක් දකින දිනය වැඩි ඈතක නොවේ.

ඔබ බොහෝ දෙනෙකුගේ ළමා කාලයේ රසබර මතක අතර ස්වයංක‍්‍රීයව ධාවනය වන මෝටර් රථයක් පිළිබඳව සිහිනයක් තිබීම සුලභ කරුණක්. එදා ඔබ දුටු සිහිනය Knight Rider  ඉංග‍්‍රීසි කතා මාලාවෙන් ඔබ වෙත ගෙන ආ KITT මෝටර් රථය නිසා තවත් වැඩි වූ බව නම් රහසක් නොවේ. කාලයක් සමඟ ඔබ දුටු සිහින්ය සිහිනයක්ම පමණක් නොවන බව කියන්නටයි මේ සූදානම.



අදවන විට ලොව සුප‍්‍රසිද්ධ සමාගම් ගණනාවක් ඇමෙරිකානු ඩොලර් මිලියන ගණනින් මෙවැනි ව්‍යාපෘති වෙනුවෙන් දැනටමත් කටයුතු සැලසුම් කරන අතරම සමාගම් දෙකක් එක්වී සම්පූර්ණ වශයෙන්ම ස්වයංක‍්‍රීය මෝටර් රථයක් එළිදැක්වීමට සූදානම්. මෙය ,"Self Driving Car" , ලෙස නම්කර ඇත. 

නවීන තාක්‍ෂණය ද උපයෝගී කර ගනිමින් ස්වයංක‍්‍රීය මෝටර් රථයක් සාමාන්‍ය ජනතාවට භාවිත කිරීම සඳහා හැකියාව ලැබීම වර්තමානය වන විට අප ලබා ඇති තාක්‍ෂණික දියුණුවේ ප‍්‍රතිඵලයක් බවද කිව යුතුමයි.

මෙම මෝටර් රථය තුළ විශාල සංවේදක ප‍්‍රමාණයක් අන්තර්ගතව ඇති අතර මෙම සංවේදක තුළත් රියදුරා ගතයුතු තීරණ ගැනීම සඳහා පරිගණක වෙත දත්ත සැපයීම සිදුකරයි. මෙම පරිගණක වලට ක‍්‍රීඩාංගන දෙකක් පමණ දුරින්  ඕනෑම දිශාවකට ඇති වස්තූන් හඳුනාගැනීමේ හැකියාවක්ද පවතී. මෙම ක‍්‍රමය තවමත් පර්යේෂණ මට්ටමේ පවතින අතර ඔබට නුදුරු දිනයකදීම අපූර්ව අත්දැකීමක්ද සමගින් ස්වයංක‍්‍රීය මෝටර් රථ සිහිනය සැබෑ කරගත හැකියි.



No comments:

Post a Comment

Special Cultural Traditions of the Sinhala Hindu New Year in Sri Lanka

  Special Cultural Traditions of the Sinhala Hindu New Year in Sri Lanka. The "Sinhala Hindu New Year" is one of the most import...