මා දුටු සිත්තම්

Tuesday, June 26, 2018


දරුවන් සුරැකීමට නම්....




ලොවටම ඇසෙන්නට පෙනෙන්නට ‘‘ලෝක ළමා දිනයක්’’ සමරන මෙවන් මෙහොතක ‘‘ළමයා’’ යනු කවුරුන්ද යන්න පිලිබඳවත් ළමයා වත්මන් සමාරය තුළ සුරක්ෂිත ද යන කරුණ පිලිබඳවත් කතිකා කිරීමට  තීරණය කළා.
‘‘මානව ශිෂ්ටාචාරයේ තීරණාත්මක සාදනය ළමයායි’’ ආදී වූ සාහිත්‍යමය නිර්මාණ ළමයා පිලිබඳව ඉදිරිපත් වුවද 1989 නොවැම්බර් මස 20 වන දින එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් අනුමත කරන ලද ළමා අයිතිවාසිකම් පිලිබඳව ප‍්‍රඥප්තියට අනුව ඉතාමත් සරළ අදහස නම් මිස වයස අවුරුදු 18ට අඩු සියලූ මනුෂ්‍යන් ළමයින් වේ.’’ යන්නයි.

වර්තමානය වන විට ළමයින්ගේ ආරක්ෂාව පිළිබඳව ගැටලූ රැුසක් පැන නැගෙමින් පවතින අතර ළමා රැුකවරණය හා ළමුන් හදා වඩා ගැනීම පිළිබඳ සුවිශේෂී අවධානයක් වර්තමාන සමාජයේ ඉස්මතුවෙමින් පවතී. දරුවන්ට විවිධාකාර වූ පීඩනවලට මෙන්ම සමාජ ආර්ථික ගැටලූ රාශියකටද මුහුණ දීමට සිදුවේ. ගෘහය තුළ ඔබේ දරුවාගේ සුරක්ෂිත බව සැලකිලිමත් වන්නේ නම් මෙවන් ගැටලූ රැුසක් විසදෙනු නොඅනුමානය. ලෝක ළමා දිනයක් අර්ථවත්ව සමරන්නට පළමු අඩිතාලම ද එයයි.
අතීතයේදී දරුවන් හැදීවැඩුණේ දෙමාපියන් ඇසුරේ පමණි. නමුත් අදවන විට තත්ත්වය හාත්පසින්ම වෙනස්ය. විද්‍යුත් මාධ්‍යවන රූපවාහිණිය, ගුවන්විදුලිය, මෙන්ම අන්තර්ජාල පහසුකම් හා මුද්‍රිත මාධ්‍යයන් මගින්ද දරුවන්ගේ හැසිරීම්, සිතුම්, පැතුම්, චර්යා රටා, පාලනය කරනු ලබයි. මේ නිසා  දෙමාපියන් දරුවන්ගේ කායික, මෙන්ම මානසික යහපැවැත්ම පිලිබඳව වඩාත් සැලකිලිමත්වීම වැදගත්. දරුවාට නිරෝගිමත් සහනශීලීව ජීවත් වීමට අවශ්‍ය පරිසරයක් නිවස තුළ සකස් කිරීම මෙහිදී වඩාත් සාර්ථක වේ. දරුවාගේ සෑම නිවැරදි ක‍්‍රියාවක්ම පිටුවහල් වනු ඇත. කුඩා අවධියේ පටන්ම දරුවාට පිරිසිදුකම ප‍්‍රගුණ කිරීමද වැදගත්. නාගරික සමාජයට පැමිණෙත්ම දෙමාපියන්ට දරුවා සමග ගතකරන්නට ඇති කාලය ඉතා සීමිතය. දරුවන්ට අත්‍යාවශ්‍ය වන ආදරය, කරුණාව, උණුහුම දායාව අධ්‍යාත්මික ගුණ වගාව සඳහා වන සබඳතාව මින් ගිලිහී යයි. එය දරුවාගේ සුරක්ෂිත බාවය ගිලිහීමට ප‍්‍රධානම කරුණය.

බොහෝ දරුවන් අපචාරයට ලක්වන්නේ පවුලේ හිතවත්ම පිරිමි පාර්ශවය හෝ ඉතා ලගින් ඇසුරු කරන පුද්ගලයන් මගිනි. ඔබ දරුවා සමග වඩාත් හොඳ අන්‍යොන්‍ය සබඳතාවත් පවත්වාගැනීම සහ දරුවා සමග විවෘතව කතා කතාකිරීමේ පුරුද්දක් පවත්වා ගැනීම මෙවැනි තත්ත්ව මගහරවා ගැනීමට මගපාදයි. දරුවාගේ චර්යාවල හදිසි වෙනස්වීමක් ඔබ දුටුවහොත් ඒ පිලිබඳව වඩාත් විමසිලිමත් වන්න.
දරුවා ක‍්‍රමයෙන් වර්ධනය වන විට අදාල වයසට අනුකූලව ලිංගික අධ්‍යාපනයද වෙනස් විය යුතුය. වැඩිවිය පැමිණි දරුවන්ට, තමා යම් අයුරක අනාරක්ෂිත ලිංගික චර්යාවක් සිදු කළහොත් අනවශ්‍ය ගැබ් ගැනීමක අවධානම අවධාරනය කරන්න. අන්තර්ජාලය සහ සමාජ වෙබ් අඩවි වලින් කෙතරම් දරුවා ඈත් කරන්නට උක්සාහ දැරුවත් දරුවා ඒවා සමග තදින් බැදී සිටින්නේ නම් එහි ගොදුරක් බවට දරුවා පත්වන්නට පෙර කියවීම වැනි ප‍්‍රයෝජනවත් යමකට දරුවා සමීප කරවීමට වගබලා ගන්න. දරුවා සමාජයෙන් ඉගෙන ගනීවි යැයි. සිතා යම් යම් දේ ඔවුනගෙන් සගවා තබා ගැනීම දරුවා නොමග යැවීමට ප‍්‍රබලව බලපෑම් කරයි.

සෑම විටම වැඩිහිටියන් අනුකරණය කිරීම දරුවන්ගේ සරිතයි. දෙමාපියන් දරුවන්ට ආදර්ශමත් වන පරිදි හැසිරීම මෙහිදී වඩාත් අවධානයට යොමුකළ යුතුවේ. එබැවින් දරුවා ඉදිරියේ හැසිරීම කතාබහ කිරීම ප‍්‍රවේශමෙන් කළ යුතුයි. හොඳ චාරිත‍්‍ර හා සිරිත් විරිත් අනුගමනය කිරීම හා ගුණධර්ම කුඩා කල පටන් පුරුදු පුහුණු කිරීමට මෙමගින් දරුවා හුරුපුරුදු වේ. යහපත් ධන ආකල්පවලින් දරුවා පෝෂණය කිරීම දෙමාපියනගේ යුතුකමක් වන අතර දරුවාගේ දක්ෂතා හදුනාගෙන ඒවා වැඩිදියුණු කරවීමට උදව් දිය යුතුය.

අතීතයේ පැවැති කෘෂි ආර්ථික ක‍්‍රමය නිදහස් වෙළඳ ක‍්‍රමය බවට පත්වීමේදී සියල්ලම වාණිජකරණය විය. පවුල් සංස්ථාව තුළද මුදල මුල්වූ නව සංස්කෘතියක් බිහිවීමත් සමග දෛනික අවශ්‍යතා හා වුවමනා කාලානුරූපිව වෙනසකට ලක්වී ඇත. මේ හේතුවෙන් පවුලේ බරගැන පියා පමණක් දැරූ පවුලේ බරගැන දරන්නට මවටද සිදුවිය. මෙවැනි පසුබිමක් තුළ වත්මන් දරුවා වඩාත් ආරක්ෂාව අතින් අවධානමකට ලක්වේ. නමුත් මෙවැනි පසුබිමක් තුළ වුවද ඉහත සඳන් කරන ලද ක‍්‍රියාවන් පිලිබඳව අවධානය යොමු කරන්නේ නම් මල් කැකුළුවන් ඔබේ දරුවන් සුරැුකීමට ඔබට හැකියාව ලැබේ. ඔවුන්ගේ ලෝකයේ වීරවරුන් වීරවරියන් වන ඔබගෙන් බලාපොරොත්තු වන ආදරය එලෙසම ඔවුනට ලබාදීම ඔවුන්ගේ ජීවිතවල සාර්ථක බවට මං කියනු ඇත. ලොවටම කෑ ගසා ලෝක ළමා දිනයක් සැමරීම වෙනුවට මෙදින ඔබට දියහැකි හොඳම පණිවුඩය එයයි.

නිර්මාණී

No comments:

Post a Comment

Special Cultural Traditions of the Sinhala Hindu New Year in Sri Lanka

  Special Cultural Traditions of the Sinhala Hindu New Year in Sri Lanka. The "Sinhala Hindu New Year" is one of the most import...