මා දුටු සිත්තම්

Tuesday, June 5, 2018

මුඛ සෞඛ්‍යය පිළිබදව ඔබේ අවධානය ප‍්‍රමාණවත් ද?



මුඛ සෞඛ්‍යය පිළිබදව ඔබේ අවධානය ප‍්‍රමාණවත් ද?

මුඛය ශරීරයේ පවතින සුවිශේෂීම කොටසක් වන්නේ එමඟින් ශරීරයට අත්‍යවශ්‍ය ක‍්‍රියාවලින් රැුසකට දායක වීම මෙන්ම පුද්ගල පෞරුෂයට ප‍්‍රධානවම බලපාන නිසයි. මුඛ කුහරය, දත් සහ මුඛය සම්බන්ධ අස්ථි හා මාංශ පේශි පද්ධතියේ ප‍්‍රධාන කාර්යභාරයක් වශයෙන් ඝන ආහාර ගිලීම, දියර පානය සහ කථනය දැක්විය හැකිය. මේ ප‍්‍රධාන කාර්යයන්ට අමතරව මුඛය හා එයට අයත් අස්ථි සහ මාංශ පේශි පද්ධතිය විවිධ කි‍්‍රයාකාරකම්වලට යොදා ගැනීමට මිනිසා පුරුදුව සිටීි. මේ පුරුදු ඇතැම් විට මුඛ සෞඛ්‍යයට අහිතකර විය හැකිය. ඒ හේතුවෙන් වර්ධන අසමානතා මෙන්ම පටක කි‍්‍රයාකාරීත්වයේ අක‍්‍රමිකතා මෙන්ම සංකුලතා ද හටගත හැකිය. එවැනි මුඛ සෞඛ්‍යයට අහිතකර විය හැකි මුඛය හා සම්බන්ධ පුරුදු කීපයක් මෙහිදී සලකා බලමු.



සෑම මනුෂ්‍යයෙකුම පාහේ තම දිවියේ කවරදා හෝ දත් කූරු සැපීමට පුරුදුව සිටීමට ඉඩ ඇත. ඇතැම් අය දැඩි තරහ හේතුවෙන් ද දත් කූරු සපන අතර මෙය අපගේ මොළය දැනුවත්ව මෙන්ම නොදැනුවත්ව සිදුවිය හැකි කි‍්‍රයාවලියකි. මෙහිදී සිදු වන්නේ උඩු හා යටි ඇන්දේ දත් එකිනෙක තදින් ගැටීම හා ඇතිල්ලීමය. ඒ වෙනුවෙන් මුහුණේ මාංශ පේශි මෙන්ම හනුක අස්ථි යුගල දැඩි වෙහෙසක් හා ශක්තියක් යොදවනු ඇත. බොහෝ විට දත් කූරු සැපීම රාති‍්‍රයේදී සිදුවන අතර එය නින්ද හා සබැඳි රෝගී තත්ත්වයක් ලෙසද හඳුනාගෙන ඇත. දත් කූරු සැපීමට පුරුදු තැනැත්තා තම පුරුද්ද ගැන අවබෝධයෙන් තොර විය හැකි ය. ඒ ගැන හොඳින් ප‍්‍රකාශ කළ හැක්කේ ඔහු හෝ ඇය අසලින් නිදාගන්නා තැනැත්තාය. එයට හේතුව නින්දේදී දත් කූරු සැපීම අපගේ දැනුවත් බවින් තොරව සිදුවිය හැක්කක් බැවිනි. හේ හේතුව නිසාම දරුවන් දත්කූරු සපන බවට මුලින්ම පැමිණිලි කරන්නේ මාපියන්ය. දත් කූරු සැපීම හුදෙක් පුරුද්දක් ලෙසම සැලකිය නොහැකිය. එයට මං පාදන විවිධ රෝගී තත්ත්වයන් පවතී. ඒ අතර මානසික පීඩනය හා ආතතිය, නින්ද නොයාම, දත් පිහිටීමේ අක‍්‍රමිකතා මුල් තැනක් ගනී. විවිධ ඇබ්බැහිකම් ලෙස මත්පැන් හා මත්ද්‍රව්‍යයද පාවිච්චිය, දුම්පානය හා අධික කැෆේන් භාවිතය සඳහන් කළ හැකිය.



දත්කූරු සැපීම නිසා ඇති විය හැකි මුඛ සෞඛ්‍ය ගැටලූ අතර දත්, විදුරුමස්, හනුක සන්ධිය හා මුහුණේ මාංශ පේශීන්ට ඇතිවිය හැකි අනතුරු මුල් තැනක් ගනි. දත්වල සැපුම් තලය ගෙවී යෑම නිසා මුහුණේ උස අඩුවී බාහිර පෙනුම වෙනස්විය හැකිය. මෙයට අමතරව එනමලය ගෙවී දන්තීය මතුවීම නිසා දත් හිරිවැටීම, දත් බිඳී යාම, දිරායාම වේගවත් වීම ආදී අහිතකර ඵලවිපාක ගෙන දේ. විදුරුමස් අනතුරට පත්වීමෙන් දත් සෙලවීම හට ගනී. වඩාත් වේදනාකාරී මෙන්ම කල් පවතින අතුරු ආබාධයක් ලෙස හනුක සන්ධියේ සිදුවන විඩාව හා මාංශ පේශීන්ගේ විඩාව නිසා ඇති වන මුහුණේ හා හිසේ වේදනාව සඳහන් කළ යුතුය. හේතුවෙන් කල්ගතවූ හිසරදය හා මුහුණේ වේදනාව හට ගන්නා අතර රෝගියාගේ දෛනික කටයුතු වලට මහත් බාධා ගෙන දිය හැකිය. එමෙන්ම මුහුණේ කම්මුල්වල පේශීන් අධික කි‍්‍රකාරීත්වය හේතුවෙන් ප‍්‍රමාණයෙන් විශාලනය වන අතර මුහුණේ හැඩය පවා වෙනස් විය හැකිය.



මුඛය පරීක්ෂා කිරීමේද අසාමාන්‍ය ලෙස ගෙවී ගිය දත් පැවතීම, රෝගියා විසින්ම ප‍්‍රකාශ කරනු ලබන විඩාව හා හිසරදය, එසේ නැත්නම් රෝගියා අසලින් නිදා ගන්නා පුද්ගලයා ගෙන් ලබා ගන්නා තොරතුරු මඟින් දත් මිටි කෑමේ/ දත් කූරු සැපීමේ රෝගී තත්ත්වය නිශ්චය කර ගත හැකිය. මේ තත්ත්වයෙන් රෝගියා බේරා ගැනීමට නම් අප කළ යුත්තේ කුමක්ද? ප‍්‍රධාන වශයෙන් රෝගියා දැනුවත් කිරීම ඉතා වැදගත් වේ. නිසි වෛද්‍ය ප‍්‍රතිකාර වල දී මුඛයේ හනු දෙක අතර රැුඳවීම සඳහා ආරක්ෂක තල ලබා දීම සිදු වේ. මේ සියල්ලටම අමතරව දත් මිටි කෑම/ කූරු සැපීම ඇතිකරවන අප සඳහන් කළ ඉහත පුරුදු නැතිනම් රෝගී තත්ත්වයන් හඳුනාගෙන ඒවා වළක්වා ගැනීම සඳහා නිශ්චිත ප‍්‍රතිකාර වලට යොමුවීම ඉතා වැදගත් වේ.


ඇඟිලි ඉරීම යනු මිනිසා සහ චිමපන්සියා වැනි ප‍්‍රයිමේටා ගෝත‍්‍රයට අයත් සතුන්ට පොදුවේ ඇති කරගත හැකි පුරුද්දකි. අතේ පමණක් නොව පාදයේ ඇඟිලි පවා ඉරීමට අප ජීවිතයේ කවර දා හෝ තැත් කර ඇතිවාට සැක නැත. ළදරුවෝ මේ ක‍්‍රියාවෙන් මානසික සතුටක් ලබති. සාමාන්‍යයෙන් මේ මාස 4-6 දක්වා වූ වයස පසු වත් ම මඟහැරී ගිය ද ඇතැම් දරුවෝ එය දිගට ම පවත්වා ගෙන යති. අප ඉපදීමට පෙර එනම් මව්කුස තුළදීම පවා ඇඟිලි ඉරීමට පුරුදු වී සිටීමට ඉඩ ඇති බව සොයාගෙන ඇත.


දත් පොකුරු පැවතීම, ඉදිරියට නෙරා ඒම, උඩ හා යටි හනුවේ දත් නිසි පරිදි සම්බන්ධ ව නොපැවතීම, කථා කිරීම හා සැපිමේ කි‍්‍රයාවලින් නිසි පරිදි කළ නොහැකි වීම වැනි ගැටලූ මෙමඟින් පැන නඟී. එනිසා ඇඟිලි ඉරීමේ පුරුද්දෙන් දරුවන් වළක්වා ලීම ඉතා වැදගත් වේ. ඇඟලිවලට අමතරව විිවිධ උපකරණ දරුවෝ මුඛයේ තබා ගැනීමට පෙලඹී සිටිති. එනම් පැන්සල්, පෑන් යටි හෝ උඩු තොල් ඇඟිලි වෙනුවට සැපීමට හෝ ඉරීමට පුරුදුව සිටිති. එමඟින් ද ඉහත දැක්වූ විවිධ ගැටලූ පැන නැඟීමට ඉඩ ඇත.


ඇඟිලි ඉරීමේ කි‍්‍රයාව නිසා හනු හා දත් වර්ධනයේ අක‍්‍රමිකතා හට ගනී. විශේෂයෙන්ම උඩු ඇන්දේ දත් ඉදිරියට නෙරා ඒමත්, යට ඇන්දේ දත් ඉදිරියට නෙරා ඒමත්, යට ඇන්දේ දත් පසුපසට නැවී වර්ධනය වීමත් සිදුවේ. මේ පුරුද්ද වඩා වැඩිවීමත් සමඟ හනුක අස්ථි පවා ඉදිරියට වර්ධනය වීමට හැකියාව තිබේ. මේ ආබාධයන් කිරි දත් වර්ධනයේ දී එතරම් පැහැදිලි නොවන අතර ස්ථිර දත් වර්ධනය වීමේදී කැපී පෙනෙන්ට පටන් ගනී. ඇඟලි ඉරීම අවුරුදු 6- x 8 දක්වා පැවතිය හොත් ඉහත සඳහන් කළ වර්ධන අක‍්‍රමිකතා ඇති වීමෙන් දරුවාගේ බාහිර රූපාලංකාරයට ද බලපැම් ඇතිවිය හැකි ය.


ඇඟිලි ඉරීම වළකා ගැනීම සඳහා ද අප කළ යුත්තේ දරුවාගේ අවධානය වෙනතකට යොමු කිරීම, මේ පුරුද්දේ අවදානම ගැන දරුවා දැනුවත් කිරීම, පුරුද්දෙන් මිදුණු විට දරුවා පැසසීම ආදී ක‍්‍රියාවන්ය. දරුවාට පුරුද්දෙන් මිදීම පිණිස දැඩි ලෙස බල කිරීම එතරම් සුදුසු නැත. එම පුරුද්ද වඩා බලවත් නම් උපදේශන මාර්ගයට පවා පිවසීමට සිදුවිය හැකිය. අපේ ස්වභාවික ආශ්වාස ප‍්‍රාශ්වාස කි‍්‍රයාවලිය සිදුවිය යුත්තේ නාසය හරහා ය. ආශ්වාස වාතය පිරිසිදු කිරීම සහ උෂ්ණත්ව යාමනය ආදී වැදගත් කි‍්‍රයා නාස් කුහරය තුළින් ඉටු කෙරේ. එහෙත් ඇතැම් දරුවන් මෙන්ම වැඩිහිටියන් ද මුඛය හරහා ඇතැම් විට හුස්ම ගන්නේ ශරීරයට අධික ඔක්සිජන් අවශ්‍යවන ශාරිරීක අභ්‍යාසවල ද දැඩි විඩාව, මහන්සිය දැනෙන අවස්ථාවන් හී දී පමණි. මානසික ආබාධ හෝ ඉන් මානසික වර්ධනය අඩු දරුවන්ට ද මුඛයෙන් හුස්ම ගැනීමේ පුරුද්ද ඇති බව දැකිය හැකිය. බොහෝ නීරෝගි දරුවන් මුඛයෙන් හුස්ම ගන්නේ නාස් කුහරයේ තිබෙන අවහිරතා හේතුවෙනි. සෙම්ප‍්‍රතිශ්‍යායාව, ඇදුම, පීනස, ආසාමිකතාවයන් නිසා ඇතිවන ස්වසන අපහසුතා මඟහරවා ගැනීම පිණිස ද මුඛය හරහා ශ්වසනය කිරීමට ඇතැම්හු පුරුදු ව සිටිති.

එහෙත් මුඛයෙන් හුස්ම ගන්නා විට ආශ්වාස වාතය පිරිසිදු වීමේ කි‍්‍රයාවලිය මඟහැරී යයි. ඊට අමතරව තොල්, දිව හා මුඛ අභ්‍යන්තරය වියළී යෑමේ තත්ත්වයක් හටගනී. මේ මුඛ සෞඛ්‍යයට අහිතකර තත්තවයකි. මේ හේතුවෙන් දිගැති මුහුණක් ඇතිවීම, ඉදිරියට නෙරා ආ දත් පිහිටීම, දත් හා තොල් නිසි පරිදි සම්බන්ධ නොවීමෙන් මුඛය වැසීමේ අපහසුතා යනා දී මුඛ සෞඛ්‍යය ගැටලූ මේ සමඟ ඇතිවීමට ඉඩ ඇත.

නියපොතු සැපීම වඩාත් ම දැකිය හැක්කේ දරුවන් අතර වුවද මේ පුරුද්ද ඇත්කරගත් වැඩිහිටියන්ද නැත්තේ නොවේ. මෙය පසුපස විවිධ මානසික අසහනකාරී හේතු පැවතිය හැකි බවට වාර්තා වී තිබෙන අතර බොහෝ දෙනා මෙයට ගොදුරු වී ඇත්තේ හුදෙක් කුඩා අවධියේ සිට ඇති කරගත් පුරුද්දක් වශයෙනි. නියපොතු සැපීමේ පුරුද්ද හේතුවෙන් මුඛ සෞඛ්‍යයට වන ප‍්‍රධාන බලපෑම් නම් උඩු හා යටි හනුවල ඉදිරි දත්වල දත් පොකුරු ගැසීම හෝ දත් නියමිත පිහිටීමට වඩා කැරකුණු හෝ ඇදවුණු පිහිටීමකට ගමන් කළ හැකිය. නියපොතු සැපීමෙන් ඉදිරි දත්වල කැපුම් තල ගෙවී යෑම ද සිදු වේ. දත්වලට මෙන්ම හනුවේ ඉදිරි ප‍්‍රදේශයේ විදුරුමස් වලට ද ඇතැම් විට නියපොතු සැපීමෙන් අනතුරු ඇති විය හැකිය.

මුඛ සෞඛ්‍යට අමතරව නියපොතු සැපීමෙන් ශාරීරික සෞඛ්‍යයට වන බලපෑම ද සුළුපටු නොවේ. අතේ නියොපතු ගැලවී යෑම නිසා නිය ආරක්ෂක සම ද විනාශ වේ. මේ නිසා නියපොතු හා ඇඟිලිවල ආසාදන හටගනී. අත්වල හා නියවල තිබිය හැකි විෂබීජ ශරීරගත වීමෙන් උදරාබාධ වැනි තත්වයන් ද හටගත හැකි ය. එනිසා නියපොතු සැපීමේ පුරුද්දෙන් දරුවන් ගලවා ගත යුතු ය. ඒ සඳහා දරුවාගේ අවධානය වෙනතකට යොමු කිරීම නියපොතු සැපීමේ ආදීනව පිළිබඳව දරුවා දැනුවත් කිරීම ඉතා වැදගත් පියවර වේ. නිය සැපීමේ පුරුද්දෙන් වැළකී සිටින දරුවා නිතර පැසසීම වැදගත් වේ.


නිර්මාණී 

2 comments:

  1. Artawath lipiyaki..
    අර්ථවත් ලිපියක්

    ReplyDelete
  2. dath gana godak dewal danagaththa meka kiyawala
    thank u

    ReplyDelete

Special Cultural Traditions of the Sinhala Hindu New Year in Sri Lanka

  Special Cultural Traditions of the Sinhala Hindu New Year in Sri Lanka. The "Sinhala Hindu New Year" is one of the most import...