මා දුටු සිත්තම්

Monday, June 25, 2018

අනතුරකදී ඔබ ආරක්ෂාකරන ඔබේ සමීපතමයා ...


ඔබ ඔබේම වාහනයක් මිලට ගැනීමට මැවූ සිහින සැබෑ කරගත්තද වර්තමානයේ සුලබව සිදුවන රිය අනතුරු හේතුවෙන් ඔබ වඩාත් අනාරක්ෂිත බවකින් පෙළෙන බව කණගාටුවට කරුණක්. මග තොටදී ඔබ කෙතරම් ආරක්ෂිත යැයි සිතුවත් අන්කවරෙකුගේ හෝ වැරැුද්දක් හේතුවෙන් අනාරක්ෂිත තත්ත්වයකට පත්වීමට පුළුවන් නමුත් ඒ කවර අනාරක්ෂිත බවකින් වුවද ඔබව ආරක්ෂා කිරීමට ඔබේ සමීපතමයා වන ඔබගේ වාහනයට හැකියාවක් පවතින බව ඔබ දන්නවාද? අනතුරකදී ඔබව ආරක්ෂාකරන වාහනවල පවතින විවිධ කොටස් පිළිබඳව ඔබ දැනගත යුත්තේ ඔබව වඩාත් ආරක්ෂිිත අයෙකු බවට පත්කිරීමට අවශ්‍ය නිසායි.



වාහනයක ආරක්ෂාකාරී බව වැඩි කිරීමට යොදන පද්ධතියක් ඇත. ඉන් එකක් වන්නේ සක‍්‍රිය ආරක්ෂණ ක‍්‍රම නැතිනම් මේ කොටසට අයත් වන්නේ සෑම විටකම අනතුරක්වන සම්භාවිතාව අවම කරන පද්ධතියයි. එමෙන්ම වාහනයක් අනතුරකට මුහුණදෙන අවස්ථාවක ගමන් කරන මගීන් ආරක්ෂා කරන පද්ධතියක්ද තිබේ. එය අක‍්‍රිය පද්ධති හෙවත් නම් වේ. කිසිදු හේතුවක් මත රිය අනතුරක් සිදු වුවහොත් මගීන් මියයාම හෝ තුවාලවීම සිදුවන සම්භාවිතාව අඩුවන්නේ මෙම පද්ධති නිසයි. 

ප‍්‍රධාන වශයෙන්ම පද්ධතියේ කොටස් කිහිපයක් මෙහිදී සලකා බැලිය හැකිය. ඉන් පළමුවැන්න තමයි වාහනයේ සැකිල්ල හෙවත් චැසිය. නිවැරදිව නිර්මාණය කළ සැකිල්ලක් සෑම විටම නිමවා ඇත්තේ මිනිසුන් ගමන් කරන ප‍්‍රදේශය  ආරක්ෂාවන ආකාරයටයි. මගී කුටියට ඉදිරිපසින් පැතිවලින් සහ පිටුපසින් ඇති වාහනයේ අනෙක් සෑම කොටසක්ම නිර්මාණයවන්නේ අනතුරකදී මගී කුටියට හානියක්වීම අවම වන ලෙසයි. වාහනයේ වහලය කොටස ශක්තිමත්ව නිමවා ඇත්තේ වාහනය පෙරලීමේදි මගී කුටියට හානි අවම වන ලෙසය. ‘‘ඉස්සරවගේ නෙවෙයි. දැන් වාහන යන්තම් වැදුනත් තැලෙනවා’’ ලෙස නිතර මෙම ප‍්‍රකාශය සවනක වැකුණත් නවතම වාහන නිර්මාණවල සැකිල්ල එලෙස නිර්මාණය කරනුයේ අනතුරු වැළකීම සඳහායි. මෙලෙස තැලීමට නිපදවා ඇති කොටස ක්‍රමපචකැ ’දබැ නම් වේ. මෙනිසා වාහනය තුළ සිටින මගීන් වඩාත් ආරක්ෂාකාරීවනවා. මාර්ගයේ ගමන් කරන විට වාහනයක් යම් අයෙකුගේ හැපුණත් අනතුර අවමයි.

මීළඟට වාහන ආරක්ෂාව පිළිබඳව සැලකීමේදී අපගේ මතකයට වඩාත් පැමිණෙන්නේ වායු බැලූනය එයාර් බෑග්යි. ආරක්ෂක උපාංග බොහොමයක් මෙන්ම වායු බැලූනද මුලින්ම සවි කෙරුනේ වාහනවලටයි. වාහනයක යන මගීන් අනතුර සිදුවන වෙලාවක මගී කුටියේ වැදීම නිසා තුවාල වැඩිපුර සිදුවන්නට පුළුවන්. මෙම උපාංගයෙන් කරනුයේ අනතුරකදී විසිවෙන මගීන් විශාල වායු බැලූනයක ගැටෙන්නට සැලැස්වීමය. බැලූනය පහසුවෙන් තැලෙන නිසා අනතුරකදී මුහුණ පපුව සහ බෙල්ල වැනි ස්ථානවලට අනතුරුවීම අවම වේ. වායු බැලූනයක් ඉතාම අඩු කාලයකින් සම්පූර්ණව පිම්බිය හැකියි. සාමාන්‍යයෙන් පැයට කිලෝමීටර් 70 ක වේගයෙන් ගමන් කරන වාහනයක් අනතුරට පත්වුවහොත් රියදුරා සුක්කානමේ වදින්නට ගත වන්නේ තප්පර 0.02 ක සුළු කාලයකි. ඉන්පෙර බැලූනය පිම්බීම අවශ්‍යයි. එනිසා බොහෝ වේලාවට මේ වායු බැලූන පිම්බීමට යොදනුයේ සෝඩියම් එසයිඞ්, සිලිකන් ඩයොක්සයිඞ් වැනි ද්‍රව්‍යකි. මෙවැනි වායු බැලූන වර්තමානයේ වාහනවල පදිකයන් ආරක්ෂා කිරීම සඳහා ද පිටතින් සවිකර ඇති බව විශේෂයෙන් සඳහන් කළ යුතුයි. පැති එයාර්බෑග් සහ කඳ කොටස සඳහා ඇති එයාර් බෑග්වලින් සිදු වන්නේ හරස් මාර්ගවලදී වාහනයට පැත්තකින් තවත් වාහනයක් වැදුනු වේලාවක හිස හා ඇලපත දොර ඇන්දේ ගැටී සිදුවන තුවාල අවම කිරීමයි. 

ආසන පටි සීට් බෙල්ට්පිළිබඳව විමසා බැලීමේදී මෙය අතීතයේ පටන්ම පැවති තාක්ෂණයක් බව පෙනී යයි. නමුත් එය මේ වනවිට වඩාත් ආරක්ෂාකාරී වන අන්දමින් සකස්කර ඇත. අනතුරක් වන අවස්ථාවේදී වායු බැලූනයෙන් සිදුවන ක‍්‍රියාවට සහය ලබාදීම මෙයින් සිදුවේ. බැලූන වාහනයේ ඇතුළේ නොඑබෙන ස්ථානවල වැදීමට ඇති අවස්ථාව අවම කරමින් ආසන පටිවලින් මගින් ඉදිරියට විසිවීම අවම කරයි. මෙහිදී විශේෂයෙන් සැලකිලිමත් විය යුත්තේ නිවැරදිව ආසන පටිය පැළඳීම සම්බන්ධවයි. මීට අමතරව අනතුරකදී මගීන් විසි වීමට කලින්ම සීට් බෙල්ට් තදවන නවතම තාක්ෂණයක් මේ වන විට දක්නට ඇත. එය නම් වේ. එසේත් නැත්නම් එය පූර්ව ආතති උපාංග ලෙස නම් කරයි. 

ඉදිරිපස වීදුරුව එසේත් නැතිනම් ආරක්ෂිත වීදුරුව ලෙස නම්වන්නේද සීට් බෙල්ට් මෙන්ම පැරණි තාක්ෂණයකි. අතීතයේදී වාහන අනතුරු වූ විට කැපීම්, සීරීම්, සිදුවන්නේ මෙම වීදුරුව හේතුවෙනි. නමුත් මේ වනවිට එලෙස සිදු නොවන ලෙස වීදුරු තහඩු දෙක මැද්දට ඇදෙන සුළු පටලයක් එක්කර ඇත. මේ නිසා ඉදිරිපස වීදුරුවට පීඩනයක් යොදා කඩා දැමුවද මගීනට  හානියක් සිදුවන්නේ නැත. මෙනිසා අනතුරකදී වීදුරුව පසාරුකරගෙන මගීන් එළියට විසිවීම සිදු නොවේ. මේවා අතීතයේ භාවිත කළ වීදුරුමෙන් නොව ඉක්මනින් කැඞී යන්නේද අනතුරකදී හානිය අවම කරවීම සඳහායි. මෙම වීදුරු, රසායනික ක‍්‍රම මගින් ආතතියට ලක්කල වීදුරුවලින් සාදා ඇතිනිසා එහි කොනක් කැඞීමට ලක් වුවද පහසුවෙන් බිඳීයයි. එමගින් අනතුරකදී වීදුරු කුඩු මගින් මගීන්ට සිදුවන හානි අවම වේ. මෙලෙස වාහනයක විවිධ කොටස් මගින් අනතුරුවලදී මගීන්ට ආරක්ෂාව ලබාදීමට හැකියාව ලැබේ.

නිර්මාණි 


No comments:

Post a Comment

Special Cultural Traditions of the Sinhala Hindu New Year in Sri Lanka

  Special Cultural Traditions of the Sinhala Hindu New Year in Sri Lanka. The "Sinhala Hindu New Year" is one of the most import...