මා දුටු සිත්තම්

Tuesday, June 26, 2018

සංස්කෘතියය යනු 




 පොදු සමාජ ආර්ථික පරිසරයක් තුළ කිසියම් ජන කොටසක් සිය පැවැත්ම සඳහා ගනු ලබන ප‍්‍රයත්නයත් එයට එරෙහිව නැගීසිටින මිනිස් මෙන්ම ස්වභාවික බලවේග සමඟ සාමුහිකව කරනු ලබන අරගලයක් තුළින් ඓතිහාසිකව ගොඩනගා ගන්නා මව්බිමක ඒකීයත්වය පලකරන භෞතික හා ආධ්‍යාත්මික අනන්‍යතාවය සංස්කෘතියයි .


මේ පිළිබඳව විවිධ නිර්වචන ඉදිරිපත් වී ඇත

x එඞ්වඞ් ටයිලර් 
 සංස්කෘතිය යනු දැනුම ,ඇදහිලි ,විශ්වාස ,කලාව ,සදාචාරය ,නීතිය ,සිරිත් විරිත් හා සමාජයේ සාමාජිකයෙකු වශයෙන් මිනිසා විසින් සාක්ෂාත් කරග්ත් හුරුපුරුදු හා හැකියාවන් ඇතුලත් සංකීර්ණ ස්මස්ථයයි .


x රැුල්ෆ් ලින්ටන්
 සංස්කෘතිය යනු සාමාජිකයාගේ ජීවන ක‍්‍රමයට ,එනම් ඔවුන් විසින් ඉගෙන එක්රැුස් කරගන්නා වූද බෙදාහදාගෙන පරම්පරාවෙන් පරම්පරාවට ගෙන යනු ලැබූත් අදහස් උදහස් හා හුරුපුරුදුවලටය.


x බි මැලිනොවුස්කි 
 උපකරණ පාරිභෝගික ද්‍රව්‍ය විවිධ සාමාජීය සමූහයන්ගේ ලක්ෂණ ,මානව සංකල්පනා, ශිල්ප ,විශ්වාස හා චාරිත‍්‍රයන්ගේ අනුබද්ධ සමස්ථයයි සංස්කෘතිය යනවෙන් හැඳින්වේ .  
     


සංස්කෘතිය කොටස් දෙකකි 


භෞතික සංස්කෘතිය - මිනිසාගේමැදිහත්වීම ඹු ලික කරගෙන හදුනාගත හැකි භෞතික නිමැවුම් 
                                   උදාහරණ: ගෘහ නිර්මාණ ශිල්පය අහාරපාන ඇදුම් පැළදුම් ගෙවල් වාහන

 අභෞතික සංස්කෘතිය  - මානව ආධ්‍යාත්මය හා බැඳුණු සංස්කෘතියයි 
                           උදාහරණ: චර්යා පද්ධති විශ්වාස සදාචාරය චින්තනය




එනම් සංස්කෘතියේ ලක්ෂණ ලෙස ,

                                    ඉගෙනුම් ක‍්‍රියාවලියකි 

                                    අඛණ්ඩ ක‍්‍රියාවලියකි

                                     ගතිික ක‍්‍රියාවලියකි 

                                    පරම්පරාවෙන් පරම්පරාවට සම්පේ‍්‍රෂණය වන්නකි 

                                    සමාජ අන්තර් ක‍්‍රියා ඔස්සේ ගොඩනැගෙන සාමාජීය තත්ත්වයකි 


සංස්කෘතිය යන පදයට නිශ්චිත ඒකීය අර්ථ නිරූපණයක් නැත. එය,
x ජනප‍්‍රිය සංස්කෘතිය
x මුහුන් සංස්කෘතිය
x ගෝලීය සංස්කෘතිය
x අන්තර් සංස්කෘතිය
x ජාතික සංස්කෘතිය ,ලෙස වර්ග වේ .


ජනප‍්‍රිය සංස්කෘතිය යනු ,

 ජනයා අතර ප‍්‍රිය වූ හා ජනයා අතර වැඩෙන වශයෙන් සරලව දැක්විය හැකි අතරම ජන මාධ්‍ය මගින් සමාජගත කරන භාණ්ඩ සේවා හා ඒ හා බැඳුණු චර්යාවන් එක්වීමෙන් සෑදුනු සමාජ සංස්කෘතික ස්වරූපයයි .
14 ,16වන සියවස්වල පුරාණ ග‍්‍රීසියේ පුනරුද යුගයේ සිට මෙය හදුනාගෙන ඇති අතර 19වන සියවසේ දී ව්‍යවහාරයට එක් වූ මෙය කාර්මීකරණය ,නාගරීකරණය ,ගෝලීයකරණය සමඟ ප‍්‍රචලිත විය ජන සංස්කෘතියට මාධ්‍ය විසින් කරන ලද බලපෑම මෙයට හේතුවීය එය. ”පොප් කල්චර් ” චදච ජමකඑමරු ලෙස ප‍්‍රසිද්ධ විය. 
 මෙහිදී ,




x රූපවාහිනිය 
x ගුවන්විදුලිය 
x පුවත්පත 
x සිනමාව 
x නව මාධ්‍ය , යන මාධ්‍ය මූලික වේ .ජනමාධ්‍ය හා ජනප‍්‍රිය සංස්කෘතිය අතර සහවී සබඳතාවයක් ඇති බව කේ .ටියුනර් පෙන්වාදී ඇත.

ජනප‍්‍රිය සංස්කෘතියේ නිර්වචන 


x ”මිනිසාගේ තෘප්තිය උදෙසා කරනු ලබන නිර්මාණ ජනප‍්‍රිය සංස්කෘතියයි ”
                                                                  -ඩෙනිස් තොම්ප්සන් 



x ”ජන මෝහනීය සංස්කෘතිය ජනප‍්‍රිය සංස්කෘතියයි ”
- මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර


x ”කිසියම් සමාජ රටාවක ආර්ථික බලය හිමිකොටගෙන සිටින පංතිය තම අදහස් උදහස් ජනතාව වෙත ඒත්තු ගැනිවීමට නිර්මාණය කරන ලද්දකි”


- මාක්ස්වාදී මතය 


        
                                                    උපරි ව්‍යුහය ( සාමාන්‍ය ජනයා 

                                              අධෝ ව්‍යුහය (බලවත් පුද්ගලයින් 





ජනප‍්‍රිය සංස්කෘතික අංග නිවාස 

                                                                     ඇදුම් පැලදුම් 
                                                                     විලාසිතා 
                                                                     ආහාරපාන 
                                                                     සංගීතය 
                                                                     චරිත 
                                                                     සිනමාව 



ජනප‍්‍රිය සංස්කෘතියේ පාර්ශ්වකරුවන් සහ වෙළඳ ක‍්‍රියාවලිය ජනප‍්‍රිය සංස්කෘතියක් බවට පත් වන අයුරු 



මෙහිදී ජනප‍්‍රිය සංස්කෘතිය අන්තර් ක‍්‍රියාකාරීත්වයෙන් යුක්තය එය 


ව්‍යාපාරිකයන් 
ජනතාව 
ජනමාධ්‍ය , යන පාර්ශවවලින් යුක්තය .

 නව භාණ්ඩ හා සේවා ව්‍යාපාරිකයන් විසින් නිපදවන අතර ඒවා ජනප‍්‍රිය සංස්කෘතික ලක්ෂණ බවට පත් කරන්නේ බහුජන මාධ්‍යයන්ය .බහුජන මාධ්‍ය පවත්වාගෙන යන්නේ පාරිභෝගික ජනතාවයි. ඒ අනුව ජනප‍්‍රිය සංස්කෘතියේ වාසි ලැබෙන්නේ ව්‍යාපාරිකයන්ට හා බහුජන මාධ්‍යයවලටය. මේ තුළ සාම්ප‍්‍රදායික වෙළඳ රටාවෙන් මිදුණු වෙළඳ සංස්කෘතියක් හටගනී.මෙය එම වෙළඳපල තුළ හටගත් ජනප‍්‍රිය සංස්කෘතියයි .


 ජනප‍්‍රිය සංස්කෘතියේ පැවැත්ම ඒකාකාරී නොවන අතර ව්‍යාපාරික අවශ්‍යතා මත එය විවිධ හැඩරුව ගන.ී ජනප‍්‍රිය සංස්කෘතිය තුළ ගොඩනැගෙන හැඩගැස්වීම් කැමැත්තෙන් භාර ගැනීමට පාරිභෝගික ජනතාව සූදානම්ව සිටී. විශේෂයෙන්ම ළමයින් කාන්තාවන් හා තරුණ පිරිස ජනප‍්‍රිය සංස්කෘතිය උපරිමව භුක්ති විඳි ජනප‍්‍රිය සංස්කෘතික සංදේශය ඉතා නිර්මාණශීලීව ඉදිරිපත් කිරීම තුළ ජනතාව එම සංස්කෘතිය තුළ ජීවත් වේ.



No comments:

Post a Comment

Special Cultural Traditions of the Sinhala Hindu New Year in Sri Lanka

  Special Cultural Traditions of the Sinhala Hindu New Year in Sri Lanka. The "Sinhala Hindu New Year" is one of the most import...