මා දුටු සිත්තම්

Monday, June 4, 2018

නව තාක්ෂණය සිසු පරපුරට ගැළපීම



නව තාක්ෂණය සිසු පරපුරට ගැළපීම

තොරතුරු සන්නිවේදන තාක්ෂණය සීමා බිඳ දමමින් ලෝ පුරා ව්‍යාප්ත වන මෙවන් මොහොතක එහි ප‍්‍රතිඵල බුක්ති විඳින්නන් ලෙස අපට එහි යහපත් සහ අයහපත් පැතිකඩයන් මනාව වටහා ගැනීමේ සහජ බුද්ධියක් තිබිය යුතුමය. ගමන් කරන අත හොඳ යැයිකියමින් ඒ දෙසටම ඔහේ යාම නොව සිහි බුද්ධියෙන් උපරිම ඵල නෙළා ගැනීමට නම්  ඕනෑම විෂය ක්ෂේත‍්‍රයක් පිළිබඳව මනා අවබෝධයක් තිබීම ද අත්‍යවශ්‍යයි. සීග‍්‍රයෙන් දියුණුවට පත්ව ඇති නව තාක්ෂණික ක‍්‍රමෝපායන් භාවිතයේදී ද නිවැරදි වැටහීමක් මෙන්ම නිවැරදි යෙදීමක් අවශ්‍ය වන්නේ මේ නිසාය. අන්තර්ජාලය, සමාජජාල මාධ්‍ය භාවිතයෙහිම ලා පමණක් පැමිණි තාක්ෂණයක් නොවන අතර එහි අස්වැන්න සිසු පරපුර වෙත නිවැරදිව ලබා දෙන්නේ කෙසේදැයි  විමසා බැලීම මෙම ලිපියේ අරමුණයි.


තොරතුරු තාක්ෂණයේ සුපිරි මාවත ලෙසින් අන්තර්ජාලය  වත්මන වන විට බොහෝ පිරිසකගේ ප‍්‍රධානතම තොරතුරු සපයා ගැනීමේ මාවත වී ඇත. වෙබ් පිටු බිලියන ගණනකින් සමන්විත අන්තර්ජාල මාධ්‍යයේ සැරි සරන්නෙකුට තමන්ට අවශ්‍ය  ඕනෑම කරුණක් සම්බන්ධ තොරතුරු සොයා ගැනීමේ අවස්ථාවද ඇති තරම් උදාවී තිබේ. නමුත් මෙම වපසරිය පාසල් දරුවන්ගේ අධ්‍යාපනික කටයුතු සඳහා යෙදවීමත්, යෙදවූ අන්තර්ජාල පහසුකම් පිළිබඳ සිසුන් නිවැරදිව දැනුම්වත් නොවීමත් වත්මන් සමාජයේ ප‍්‍රබල ගැටලූවක් බවට පත්ව ඇත. දරුවා අන්තර්ජාලය නිවැරදිව භාවිත කිරීම වෙනුවට සිදුවන්නේ එහි අයහපත් පැතිකඩයන් ස්පර්ශ කිරීමත් රූපවාහිනිය, පරිගණක ක‍්‍රීඩා ආදියට යොමු වීමත් ආදී විචාරශීලී බුද්ධියකින් තොර දරුවකු නිර්මාණය වීමේ පිළිවෙත් සිදුවීමයි. එම ක‍්‍රියාවලිය තවදුරටත් සිදු වන්නේ නම්, මෙය සමාජ පරිහානියේ පළමු පියවර වනවාටත් සැකයක් නැහැ. එම නිසා නිසි පරිදි අන්තර්ජාලය අධ්‍යාපනික කටයුතු සඳහා ගළපා ගන්නේ කෙසේදැයි විමසා බලමු.


ඇමරිකා එක්සත් ජනපදයේ අධ්‍යාපන විශේෂඥයන් පවසන්නේ අන්තර්ජාලය ඔස්සේ විෂයමාලා සහ ඒ සම්බන්ධ කරුණු ළමුන් සඳහා ඉදිරිපත් කළ යුතු බවයි. නමුත් ඉන්දියානුවන් පවසන්නේ ළමයින් විෂය කරුණු අන්තර්ජාලය ඔස්සේ ඒ ලෙසින්ම දැක ගැනීමට අකමැති නිසා ළමා මනසට උචිත වන බාහිර කරුණු ද ළමා පරපුරට දිය යුතු බවයි. එමෙන්ම ළමා වෙබ් අඩවි නිර්මාණය කිරීමේදී අතිශය සැලකිලිමත් විය යුතු බවද ඔවුන් විශේෂයෙන්ම සඳහන් කරයි. මීට පෙර විශ්වවිද්‍යාල තුළදී පමණක් හැදෑරීමට ලැබුණු තොරතුරු සන්නිවේදන පාඨමාලා නූතනයේ 6 ශ්‍රේණියේ සිටම පාසල් සිසුන්ට ද ලබා දී ඇත. අ.පො.ස. සාමාන්‍ය පෙළ විෂය මාලාවේ සාමාන්‍ය තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණයේ සිට මෘදුකාංග තාක්ෂණය, පරිගණක රූපක නිර්මාණකරණය වැනි පුළුල් විෂය පරාසයකට ව්‍යාප්තව ඇත. එමෙන්ම අ.පො.ස. උසස් පෙළ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විෂයන් ද හඳුන්වා දී ඇත. මෙහිදී පෙනී යන්නේ මෙතෙක් පන්ති කාමරයට පමණක් සීමා වී තිබූ පාසල් අධ්‍යාපනය අද පරිගණක හා අන්තර්ජාලය නිසා පුළුල් ව්‍යාප්තියකට ලක්ව ඇති බවය. මෙහිදී අධ්‍යාපන ක‍්‍රමවේදයේ දුෂ්කරතා මඟහැරී ඵලදායි නවමු අධ්‍යාපන රටාවක් බිහි කරවීමට හැකියාව ලැබී ඇත.

කලින් සකස් කරන ලද අධ්‍යාපනික වැඩසටහන් නැවත නැවතත් පන්ති කාමරය තුළ භාවිතයට ගත හැකි වීමත්, ප‍්‍රාථමික අධ්‍යාපනයේ සිට ද්විතීයික අධ්‍යාපනය දක්වා භාවිත වන බොහෝ විෂය ධාරාවන් පරිගණක ගත කර තිබීමත් එම අධ්‍යාපන වැඩසටහන් අපහසුවකින් තොරව නැවත ලබා ගත හැකි වීමත් ඒවා Multi Media Technology හරහා පහසුවෙන් භාවිත කළ හැකි වීමත් විශේෂ වේ. පාසල් ප‍්‍රජාව ඉලක්ක කර ගනිමින් ඉගෙනුම් මෙහෙයුම් පද්ධති රැසක් මේ වන විට ක‍්‍රියාත්මක වේ. අ.පො.ස. උසස් පෙළ විද්‍යා සහ ගණිත විෂයන් දමිළ බසින් හදාරන ශිෂ්‍ය ප‍්‍රජාවට එම විෂය ධාරා හැදෑරීමට පහසු වන අයුරෙන් www.e-patashala.lk නමින් වෙබ් අඩවියක් නිර්මාණය කර තිබේ. එමෙන්ම පාසල් පන්ති කාමරයේ ගුරුවරයෙකු අභිමුඛව ඉගෙන ගන්නා ආකාරය දක්වන ඉතා සජීවී ලෙස මෙම ඉගෙනුම් පද්ධතිවල අන්තර්ගතයන් සකස් කර ඇති අතර පහසුවෙන් සිසුන්ට ඉංග‍්‍රීසි ඉගෙන ගැනීමට www.learnenglish.lk වෙබ් අඩවිය ද නිර්මාණය වී පවතී. අ.පො.ස. උසස් පෙළ විද්‍යා සහ ගණිත ඉගැනුම් ද්වාරය www.vidunena.lk සිංහල දෙමළ, ඉංග‍්‍රීසි භාෂා ත‍්‍රිත්වයෙන්ම www.skool.lk සිංහල හා දෙමළ භාෂා පහසුවෙන් ඉගෙන ගැනීමට www.bashaguru.lk වෛද්‍ය විද්‍යාත්මක දැනුම සිංහල හා දමිළ බසින් ඉගෙනීමට www.wedananasala.org පළමු ශ්‍රේණියේ සිට 12 ශ්‍රේණිය දක්වා අධ්‍යාපන දැනුම ලබා ගැනීමට www.e-thaksalawa.moe.gov.lk පාසල් පොත් නොමිලේ ලබා ගැනීමට www.edupub.gov.lk ආදී වෙබ් අඩවි නිර්මාණය කර තිබේ.


මෙලෙස අන්තර්ජාල තාක්ෂණය හේතුවෙන් පන්ති කාමරය තුළ සිසුන් හා ගුරුවරුන් අතර පැවැති සම්ප‍්‍රදායක ඉගෙනුම් ක‍්‍රියාවලිය පසු කාලීනව දුරස්ථ අධ්‍යාපනය (Distance Education) දක්වා දියුණු විය. මෙය තොරතුරු හා සන්නිවේදන තාක්ෂණයේ දියුණුවත් සමඟ ඇති වූ ඉතා ජනප‍්‍රියම අධ්‍යාපන ක‍්‍රමයයි. අන්තර්ජාලය අව භාවිතයෙන් සිසු පරපුර විනාශාභිමුඛයට පත් වීමට අන්තර්ජාල පාසල් අධ්‍යාපනය වෙතින් බලපෑම් එල්ල කිරීම යහපත් ප‍්‍රතිඵලයක්. පාසල් අධ්‍යාපනය හරවත් කර ගැනීම වෙනුවෙන් මෙලෙස බිහිව ඇති අන්තර්ජාලය ආශ‍්‍රිත වෙබ් පිටු පිළිබඳව තවදුරටත් විමසීමේදී පාසල් ජාලය හෙවත් ස්කූල්නෙට් වඩාත් වැදගත් වේ. එමෙන්ම ඉxතක්සලාව, ඉංග‍්‍රීසිxxඉගෙනුම, සමාජ වැඩසටහන, ශිල්ප සයුර, විදුනැණ ආදී වැඩසටහන් ද විශේෂ වේ.
අධ්‍යාපන ක්ෂේත‍්‍රය සඳහා තොරතුරු තාක්ෂණය යොදා ගැනීමේදී සකස් කරන ලද ඉලෙක්ට්‍රොනික අධ්‍යාපන වැඩසටහන් හෝ පාඨමාලා සංයුක්ත තැටි  හෝ සංඛ්‍යාත බහු විධ තැටි භාවිතය ද සිදු කරයි.
එමෙන්ම පරිගණකය භාවිත කර පුහුණුවීම් (Computer Based Training (CBT)), Web Based Training (WBT), A Learning Management System (LMS) ආදී වැඩසටහන් ද ප‍්‍රමුඛයි. සිසුන් සඳහා තනිවම අධ්‍යාපනය ලබා ගැනීම සඳහාම Distance Education System (DES) සකස් කර ඇත. එමෙන්ම පාසල් කළමනාකරණ පද්ධති ලෙස සිසුන් ලියාපදිංචිය, කාලසටහන් සකස් කිරීම, පැමිණීමේ ලේඛන සකස් කිරීම, චරිත සහතික නිර්මාණ ආදී ක‍්‍රියා පහසුකර ගැනීමට ද පරිගණක ආශ‍්‍රිත ක‍්‍රියාවලි යොදා සියලූම පාසල් තොරතුරු පරිගණක ගතකර තිබීමද සුවිශේෂී වේ.

පන්ති කාමරයේදී පරිගණකය සහ අන්තර්ජාල පහසුකම් අධ්‍යාපනය සඳහා යොදා ගැනීමේදී පරිගණකය ආශ‍්‍රිත සමර්පන (Presentation)  පරීක්ෂණ සහිත වීඩියෝ දර්ශන පරිගණක ඇසුරෙන් නිර්මාණ කිරීම (පින්තූර සහ වීඩියෝ සකස් කිරීම් සඟරා ලිපි ලේඛන සකස් කිරීම සහ මුද්‍රණය කිරීම, අධ්‍යාපනික ක‍්‍රීඩා, CD-ROM මාධ්‍යයෙන් තොරතුරු අධ්‍යයනය, අන්තර්ජාලය ඔස්සේ අධ්‍යාපනික තොරතුරු රැස් කිරීම ආදී දෑ සිදු කළ හැකි වේ. නිවසේ සිටම අන්තර්ජාලය යොදා ගනිමින් ගුරුවරයෙකු හා සම්බන්ධ වීමට Web Based Training යෙදිය හැකි අතර වැඩිදුර අධ්‍යාපනය ලැබීමට Web Based Learning යොදාගත හැකි වේ. එමෙන්ම අන්තර්ජාලය ගුරුවරයාට ද ආධාරකයක් ලෙස කි‍්‍රයා කරනු ලබයි. උදාහරණයක් ලෙස විස්තර කරදීමට අපහසු පාඩම් සඳහා රූපසටහන්, සජීවීකරණ සහ වීඩියෝ දර්ශන පෙන්වීම ඉලෙක්ට්‍රොනික් සමර්පන (Presentation) යෙදීමෙන් විෂයට ආකර්ෂණයක් ලබා ගැනීම, පරිගණකය යොදා පාඩම් සටහන් සකස් කිරීම, ආදී විශාල පහසුකම් රැුසක් ලබා ගත හැකිය.
විශේෂයෙන්ම පාසල් අධ්‍යාපන කළමනාකරණ සහ උසස් අධ්‍යාපන කළමනාකරණය සඳහා ඉගෙනුම් කළමනාකරණ පද්ධතියක් (Learning Management System) යොදා ගැනීම බොහෝ රටවල දක්නට ඇත. මෙම පද්ධතියක් සහ සම්බන්ධවීමට අන්තර්ජාල පහසුකම් තිබිය යුතු අතර පාසල හෝ ආයතනය හෝ සතු වෙබ් අඩවියේ ලියාපදිංචි විය යුතුය. ඉගෙනුම් කළමනාකරණ පද්ධතියක ඇති පහසුකම් පිළිබඳව විමසීමේදී ශිෂ්‍යයාට පාසලේදී නිවසේ දී හෝ පහසු ස්ථානයකදී අවශ්‍ය වේලාවක දී (Any Where Any Time) ඉගෙනුම් ඒකක හා සම්බන්ධ වීමේ හැකියාව පවතී. එමෙන්ම ශිෂ්‍යයාට පාසල් පැවරුම් නිවසේදීම නිම කර එසැණින් උඩුගත  කිරීමේ හැකියාව වීඩියෝ දර්ශන මඟින් විෂය සමගාමී ක‍්‍රියාකාරකම් හා සම්බන්ධ වීමේ හැකියාව දෙමාපියන්ට දරුවන්ගේ අධ්‍යාපන ප‍්‍රගතිය නිවසේ සිටම දැනගත හැකිවීම වැනි වරප‍්‍රසාද රැුසක් ලැබේ. එමෙන්ම මෙම සියලූ කටයුතුවල නව ප‍්‍රවණතා ලෙස තොරතුරු තාක්ෂණයේ දියුණුවත් සමගම  ඕනෑම රටක සිට, තමන්ට කැමති ආකාරයේ අධ්‍යාපන ආයතනයක් හා සම්බන්ධ වීම තුළින් ඉතා අඩු වියදමකින් උසස් අධ්‍යාපන පාඨමාලාවක් හැදෑරීමට ඔබටත් හැකියාව ලැබේ. මෙය මාර්ගස්ථ දුරස්ථ අධ්‍යාපනය (Online Distance Education) ලෙස හඳුන්වනු ලැබේ.
මෙලෙස නිවැරදිව දැනුම්වත් වෙමින් අන්තර්ජාල භාවිතය ක‍්‍රමවත් කළ හොත් එය අවභාවිතයට ලක්වීම හෝ අධ්‍යාපනයේ මන්දගාමී සාම්ප‍්‍රදායිත්වය පහව ගොස් ප‍්‍රබෝධමත්ව නව පිබිදීමකින් අධ්‍යාපනය හැදැරීමේ මාර්ගයක් ද සිසු පරපුරට උරුම වේ. 

නිර්මාණි

No comments:

Post a Comment

Special Cultural Traditions of the Sinhala Hindu New Year in Sri Lanka

  Special Cultural Traditions of the Sinhala Hindu New Year in Sri Lanka. The "Sinhala Hindu New Year" is one of the most import...