මා දුටු සිත්තම්

Tuesday, June 26, 2018


කාන්තා දිනයේ ආරම්භය

අද දවසේ ලෝකය පුරාවටම කාන්තාවන් වෙනුවෙන් විවිධ සැමරුම් සංවිධානය කරලා තියෙනවා. රාජ්‍ය නායකයෝ, ආගමික නායකයෝ, ස්වෙච්ඡුා සංවිධානවල පුරෝගාමියෝ, උගත්තු වගේ සමාජයක පෙර ගමන්කරුවෝ බොහෝ පිරිසක් මේ උත්සවවල මූලාසනය දරනවා. ඒ හැමෝගෙම ලස්සන කතා අතර සැබෑ ජීවිතයට මුහුණදීමට කාන්තාවෝ හිතින් සැලසුම් හදනවා. දරුවන්ගේ අනාගතය, නිවසේ වැඩ කටයුතු, මහමඟ හිංසනය, රැුකියා ස්ථානයේ ගැටලූවලට ඇත්තටම මුහුණ දෙන්න වෙන එක තමයි යථාර්ථය. ඒ යථාර්ථය තුළ ව්‍යාජ සැමරුම්වලට කළ හැකි දෙයක් නැහැ. සැමරුම්වලින් ඇත්තටම සිද්ධ වෙන්නෙ සංවිධායකයෝ, කථිකයෝ තමන්ගෙ මල්ලට ලකුණු එකතු කර ගැනීම පමණයි. අපේ කාන්තාවට මාර්තු 8 වෙනිදායින් පසුව ලස්සන ජීවිත සිහිනයක් පමණක් ඉතිරි කරනවා. වාණිජ ලෝකයේ රැුල්ලට හැමදේම ගහගෙන යන පරිසරයක ජාත්‍යන්තර කාන්තා දිනය පමණක් ඉන් ගැලවීම බලාපොරොත්තු විය නොහැක්කක්.





කොහොම වුණත් වර්තමානයේ ජාත්‍යන්තර කාන්තා දිනය අලෙවි කිරීම සිදුකළත් එය ආරම්භ වන්නේ යහපත් චේතනාවන් රාශියක් වෙනුවෙන් බොහෝ දෙනෙකු කැප කිරීම් එක්කයි.

ජාත්‍යන්තර කාන්තා දිනය පිළිබඳ ඉතිහාසය කි‍්‍ර. වර්ෂ 1900 දක්වා ගමන් කරනවා. විශේෂයෙන්ම ස්තී‍්‍රන් වීම නිසාම විඳින්නට සිදුවන පීඩාවන්වලට එරෙහිව තමයි මේ අරගල ආරම්භ වෙන්නේ. 19 වන සියවසේදී පමණ කාන්තාවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් සංවිධානාත්මකව සිදුකළ අරගල දකින්න ලැබෙන්නෙ නැහැ. 20 වන සියවස ආරම්භ වනවිට ක‍්‍රමිකව ඒ සම්බන්ධව සංවිධානය වීම් දක්නට ලැබෙනවා. ඒ සංවිධානය වීම් මේ ආකාරයට පෙළ ගස්වන්න පුළුවන්.

1908
කාර්මීකරණය සහ ධනවාදී ආර්ථික කි‍්‍රයාකාරකම් නිසා මිනිසුන් යන්ත‍්‍ර මෙන් නිෂ්පාදන කි‍්‍රයාවලියට යොදා ගැනීම සිදුවුණා. මේ නිසා වැඩිපුරම පීඩාවට පත්වුණේ කාන්තාවන් කියන කාරණය පැහැදිලි සත්‍යයක්. මේ පීඩනය නිසා හෙම්බත් වෙලා හිටපු කාන්තාවෝ 15,000ක් විතර ධනවාදයේ කේන්ද්‍රය වුණ ඇමෙරිකාවේ නිව්යෝර්ක් නගරයට රැුස්වෙලා පැය 8ක වැඩ මුරයක්, ප‍්‍රමාණවත් වැටුපක් සහ ඡුන්දය භාවිත කිරීමට අවස්ථාව ඉල්ලලා උද්ඝෝෂණය කළා.

1909
මෙම වසරෙදී තමයි ඇමෙරිකා එක්සත් ජනපදය ප‍්‍රථම වරට ජාතික කාන්තා දිනය :භ්එසදබ්ක උදපැබ.ි ෘ්හ* සමරන්නෙ. එයට මූලිකත්වය දුන්නේ ඇමෙරිකා එක්සත් ජනපදයේ සමාජවාදී පක්ෂය. ඒ අනුව 1909 පෙබරවාරි මස ප‍්‍රථම ඇමෙරිකානු ජාතික කාන්තා දිනය සමරනවා. එදින සිට ඇමෙරිකානු සමාජය සෑම වසරකම පෙබරවාරි මස අවසන් ඉරුදින ජාතික කාන්තා දිනය වශයෙන් සමරනවා.

1910
මේ වර්ෂයෙදී තමයි වඩාත් සාර්ථකව ජාත්‍යන්තර ශ‍්‍රමික කාන්තා සමුළුව පවත්වන්නේ. ඒ සුප‍්‍රකට ඩෙන්මාර්කයේ කෝපන්හේගන් නගරයේදීයි. එම සමුළුවේදී ජර්මානු සමාජ ප‍්‍රජාතාන්ති‍්‍රක පක්ෂයේ කාන්තා කාර්යාලයේ නායිකා ක්ලේරා සෙට්කින් ජාත්‍යන්තර කාන්තා දිනය ගැන යෝජනාවක් ඉදිරිපත් කරන්නෙ. ඇයගේ යෝජනාව වුණේ සෑම වසරකම එකම දිනයකදී ලොව පුරාම කාන්තා දිනය සැමරීම කළ යුතු බවයි. ඒ හරහා කාන්තා අයිතිවාසිකම් දිනා ගැනීමට බලපෑම් කිරීමයි ඔවුන්ගේ අරමුණ වුණේ. මෙම සමුළුවට ලොව පුරා රටවල් 17ක් නියෝජනය කරමින්, වෘත්තීය සංගම් නියෝජිතයින්, සමාජවාදී පක්ෂ නියෝජිතයින්, කාන්තා සංගම් නියෝජිතයින් සහ ෆින්ලන්ත පාර්ලිමේන්තුව ප‍්‍රථම වරට නියෝජනය කළ කාන්තාවන් තිදෙනා ඇතුළු සියයකට අධික පිරිසක් සහභාගි වුණා.


1911
කෝපන්හේගන් සමුළුවෙන් පසු 1911 වර්ෂයේදී  ඕස්ටි‍්‍රයාව, ඩෙන්මාර්කය, ජර්මනිය සහ ස්විට්සර්ලන්තය මාර්තු මස 19 වන දින ජාත්‍යන්තර කාන්තා දිනය සමරනු ලැබුවා. එදින ලොව පුරා මිලියනයකට අධික කාන්තාවන් සහ පුරුෂයින් ජගත් කාන්තා දින රැුළි සඳහා එක්ව සිටි බව වාර්තා වෙනවා.

මෙම රැුළිවලදී සටන් පාඨයන් වුණේ කාන්තාවන්ට වෘත්තියක නියැලීමේ අයිතිය, ඡුන්ද භාවිතයේ අයිතිය, පුහුණු ශ‍්‍රමිකයින් බවට පත්වීමට ඇති අයිතිය, රැුකියා ස්ථාන පොදු ස්ථාන බවට පත්කිරීම සහ වෙනස්ව සැළකීමෙන් වැළකීමේ අයිතිය වැනි අයිතීනුයි. මේ රැුළිවලින් පසුව 1911 මාර්තු 25 වන දින ඇමෙරිකාවේ නිව්යෝර්ක් නගරයේ ඇති වුණ සුප‍්‍රසිද්ධ ‘‘ඔරස්බටකැ ගින්න” නිසාවෙන් වැඩ කරන කාන්තාවන් 140ක් පමණ මිය ගියා. එම කාන්තාවන්ගෙන් බහුතරය ඉතාලියානු සහ ජර්මානු ජාතික සංක‍්‍රමණික කාන්තාවන් වුණා. මේ නිසා විශේෂයෙන් වැඩ කරන කාන්තාවන් පිළිබඳව ඇමෙරිකාවේ විශාල අවධානයක් යොමු වුණා. ඒ වගේම කාන්තා සංවිධාන ශක්තිමත් වීමත් සිදුවුණා. එහි ප‍්‍රතිඵලයක් ලෙස එම වර්ෂයේම අග භාගයේදී ”පාන් සහ රෝස” ව්‍යාපාරය දියත් වුණා.

1913-1914
පළමු ලෝක යුද්ධයේ ආරම්භක කාලයයි. 1913 වර්ෂයේදීත් ජගත් කාන්තා දිනය සැමරුවේ පෙබරවාරි මස අවසන් ඉරිදා. නමුත් ජාත්‍යන්තරව වඩාත් සංවිධානාත්මකව කාන්තා දිනය සැමරීමත් ලෝක යුද්ධ උණුසුමත් නිසා සෑම වර්ෂයකම මාර්තු මස 08 වන දිනය ජගත් කාන්තා දිනය ලෙස සම්මත වුණා. 1914 වර්ෂයේදී යුරෝපය පුරාම ලෝක යුද්ධයට සහ ඒ හේතුවෙන් කාන්තාවන් තනිවීමට එරෙහිව උද්ඝෝෂණ ව්‍යාපාර පැවැත්වුණා. 1914 මාර්තු 08 වන දින ජගත් කාන්තා දිනය වෙනුවෙන් උද්ඝෝෂණයක නිරතව සිටි බි‍්‍රතාන්‍ය ජාතික සිල්වියා පැන්ක්හර්ස්ට් අත්අඩංගුවට පත්වුණේ උද්ඝෝෂණ ව්‍යාපාරයේ කතාවක් සිදුකරමින් සිටින විටයි.

1917
රුසියානු කාන්තාවන් පෙබරවාරි අවසන් ඉරිදා ‘‘පාන් සහ සාමය’’ යන තේමාව යටතේ වැඩ වර්ජනයක් ආරම්භ කළා. එම වැඩ වර්ජනය දින 4ක් දක්වා දීර්ඝ වූ නිසා එවක රුසියානු පාලක සාර් රජු විසින් කාන්තාවන්ට ඡුන්ද අයිතිය ලබාදීම සිදු කළා. එම උද්ඝෝෂණ ව්‍යාපාර ආරම්භ වුනෙත් පෙබරවාරි 23 ඉරිදා වුනෙත් ජුලියන් දින දර්ශනය අනුවයි. ග්‍රෙගෝරියන් දින දර්ශනය අනුව ඒ දිනය මාර්තු 08 වෙනිදායි.

1975
ප‍්‍රථම වතාවට එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ජාත්‍යන්තර කාන්තා දිනය සැමරීමට තීරණය කළා. 1977 මහ සමුළුවේදී එක්සත් ජාතීන්ගේ සාමාජික රටවල කාන්තාවන්ගේ අයිතිවාසිකම් පිළිබඳව සමීක්ෂණ සිදු කළා.
1996
මේ වර්ෂයේ සිට තමයි ජගත් කාන්තා දිනයට තේමාවක් නිල වශයෙන් පිළිගන්නේ. ඒ අනුව 1996 තේමාව තමයි ‘‘අතීතය සැමරීම සහ අනාගතය සැලසුම් කිරීම’’ යන්න 1997 දී ‘‘සාමය උදෙසා කාන්තාවෝ’’, 1998 දී ‘‘කාන්තාවන් සහ මානව හිමිකම්’’, 1999 දී ‘‘කාන්තාවන්ට එරෙහි හිංසනයක් පිටු දැකීම’’ වශයෙන් වාර්ෂිකව ජගත් කාන්තා දින වැඩසටහන් ක‍්‍රියාත්මක කළා.

2000
නව සහස‍්‍රයේ ජගත් කාන්තා දින ක‍්‍රියාකාරකම් වඩාත් සාර්ථකව පැවැත්වුණා. ලිංගික සමානාත්මතාව වෙනුවෙන් වැඩි අවධානයක් යොමු කිරීම මේ වර්ෂයේදී සිදුවුණා.

2001
ගෝලීය කාන්තා අයිතිවාසිකම් වෙනුවෙන් සබඑැරබ්එසදබ්කඅදපැබිා්හගජදප නමින් වෙබ් අඩවියක් ආරම්භ කළා. ඒ හරහා ලිංගික සමාන්මතාව වෙනුවෙන් වඩාත් ශත්තිමත්ව සටන් දියත් කෙරුණා. වාර්ෂිකව මිලියන ගණනක ජනතාව මෙම වෙබ් අඩවිය වටා එකතු වුණා. ඒ වගේම ලොවපුරා කාන්තා දින ක‍්‍රියාකාරකම් හුවමාරු කර ගැනීමේ මාධ්‍යත් බවට මෙම වෙබ් අඩවිය පත්වුණා. ඒ හරහා ලෝක ගැහැනු ළමුන් සඳහා උපදේශන සහ ගැහැනු බාලදක්ෂ සංගමයට ආධාරය ලැබීමේ මාර්ගයක් බවටද පත්වුණා. ජගත් කාන්තා දින තේමාව ජනතාව වෙත ගෙනයාමත් එමගින් කාන්තා දින වැඩසටහන් සඳහා අවශ්‍ය රාමුව නිර්මාණය කිරීමත් සිදුවෙනවා.

2011
1911 වර්ෂයේ  ඕස්ටි‍්‍රයා, ඩෙන්මාර්කය, ජර්මනිය සහ ස්විස්ටර්ලන්තය යන රටවල් එක්ව සමරන ලද ප‍්‍රථම ජාත්‍යන්තර කාන්තා දිනය සමරා සියවසක් සම්පූර්ණ විය. ඒ අනුව 2011 මාර්තු මාසය ‘‘කාන්තාවන්ගේ ඉතිහාසය පිළිබඳ මාසය’’ ලෙස ඇමෙරිකානු ජනාධිපති බැරැුක් ඔබාමා විසින් නම් කිරීම සිදුවිය. එම මාසය තුළ දී ඇමරිකානු ඉතිහාසය ගොඩනැගීම සඳහා සුවිශේෂි කාන්තා කැපවීම් අගය කිරීමට මූලිකත්වය ලැබුණි. එවක ඇමෙරිකානු රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන් විසින් කාන්තාවන් සහ ගැහැනු ළමයින් අන්තර්ජාතික වෙනස්වීම සඳහා සවිබල ගැන්වීමට වැඩසටහනක් දියත් කරන ලදි. බි‍්‍රතාන්‍ය ජාතික ඇනී ලෙනොක්ස් විසින් ලොව පුරා කාන්තාවන්ට අවධානය සහ සහයෝගිතාව ලබාදීමේ අරමුණින් ලන්ඩන් නගරය වටා විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් පෙළපාලියක් පවත්වන ලදී.
අද දවස
වර්තමානයේ ලොව පුරා බහුතර කාන්තාවන් හා පුරුෂයින් පෙරට වඩා විශාල අවබෝධයකින් සිටින නමුත් තවමත් කාන්තාවන්ට සිදුවන හිංසනයන්, පීඩනයන් දක්නට ලැබීම කනගාටුවට කරුණක්. නමුත් බොහෝ විට කාන්තාවන්ට සමතැන් ලැබීම සහ ඇතැම් ක්‍ෂේත‍්‍රයන්හි කාන්තාවන් පුරුෂයින් අභිබවා යාමත් දක්නට ලැබෙනවා. ලොව ඇතැම් රටවල් ජාත්‍යන්තර කාන්තා දිනය නිල වශයෙන් නිවාඩු දිනයන් ලෙස පිළිගෙන තිබෙනවා. ඒ රටවල් අතර ඇෆ්ගනිස්තානය, ආර්මේනියාව, අසර්බයිජානයා, බෙලරුස්, බුර්කිනා ෆාසෝ, කාම්බෝජියා, චීනය (කාන්තාවන්ට පමණි* කියුබාව, ජෝජියාව, ගිනියා බිසවු, එරිටි‍්‍රයාව, කසගස්ථානය, කිර්ගිස්ථානය, ලා ඕසය, මැඩගස්කර් (කාන්තාවන්ට පමණි*, මෝල්ඩෝව, මොන්ගොලියාව, මොන්ටිනීග්‍රෝ, නේපාලය (කාන්තාවන්ට පමණි*, රුසියාව, ටජිකිස්ථානය, ටර්ක්මේකිස්ථානය, උගන්ඩාව, යුක්රේනය, උස්බෙකිස්ථානය, වියට්නාමය සහ සැම්බියාව යන රටවල් දැක්විය හැකිය.
කෙසේ වුවද මවක්, බිරිඳක්, සහෝදරියක්, හිතවතියක් ලෙස අප ළගින්ම සිටින ඇය රැුකගැනීම මුළු මහත් සමාජයේම වගකීමක් බවනම් අනිවාර්යයෙන්ම පිළිගත යුතු සත්‍යයක් වෙනවා.


No comments:

Post a Comment

Special Cultural Traditions of the Sinhala Hindu New Year in Sri Lanka

  Special Cultural Traditions of the Sinhala Hindu New Year in Sri Lanka. The "Sinhala Hindu New Year" is one of the most import...