මා දුටු සිත්තම්

Tuesday, June 26, 2018


දන්ත හානි පිළිබඳව දැනගනිමු

කිරිදත් වැටී ස්ථිර දත් පැමිණෙන වයසේ සිටින දරුවන්ගේ මෙවැනි හානි වලට නිසි කලට නිසි පිළියම් නොගැනීමෙන් කිරි දත් පමණක් නොව ඒ වන විට හකු අස්ථිය තුළ වර්ධන අවස්ථාවේ පවතින ස්ථිර දත් පවා නැවත ප‍්‍රකෘති තත්ත්වයට පත් නොකළ හැකි අයුරින් හානි විය හැක. එමනිසා විශේෂයෙන්ම මෙම වයසේ පසුවන දරුවන්ගේ දන්ත හානි සහ ඒ සදහා ක්ෂණිකව ගත හැකි පියවර හා ප‍්‍රථමාධාර පිළිබඳව දෙමාපියන්ගේ අවධානය යොමු වීම වැදගත් වේ.




මීට අමතරව වැඩිහිටියන්ටද හදිසි අනතුරු වැනි අවස්ථා වලදි මෙවන් තත්ත්වයන් ඇතිවිය හැක. දතක් මුළුමනින්ම ගැලවී වැටීම වැනි අවස්ථාවකදී ඉතාමත් වැදගත් වන්නේ දත් කුහරයෙන් ලේ ගැලීම නවතා ගැලවුණු දතද සමඟ රෝගියා හැකි ඉක්මනින් දන්ත වෛද්‍යවරයෙකු කරා ගෙන යාමයි. එහිදී එම ගැලවුණු දත තිබූ මුල් ස්ථානයේම නැවත ප‍්‍රතිස්ථාපනය කළ හැකි වන අතර දත ගැලවුනු මොහොතේ සිට නැවත ප‍්‍රතිස්ථාපනය කිරීමට ගත වූ කාලය අවම වූ තරමට දතට සිදුවන හානිය අවම වේ. මෙලෙස දතක් ගැලවී වැටුන විට පළමුවෙන් දත, ගලායන ජලයට අල්ලා තත්පර කිහිපයක් ඒ මත තැවරුණු අපද්‍රව්‍ය ඉවත් වන සේ සෝදා හරින්න. හදිසි අනතුරක් හෝ ගැටීමක් නිසා දතකට සිදුවිය හැකි හානි පහත දැක්වෙන පරිදි මූලික කාණ්ඩ 05 කට බෙදා දැක්විය හැක. දතක් මුළුමනින්ම ගැලවී වැටීම දතේ ස්ථානීය වෙනසක් සිදු නොවී සහායක පටක වලට පමණක් හානි වීම දතක් මුල් ස්ථානයෙන් මුළුමනින්ම ඉවතට තල්ලූවීම දතක් විදුරු මස තුළට තල්ලූවීම දතක් විදුරුමසෙන් ඉවතට තල්ලූ වීම, මෙම තත්වයන් බොහෝ විට ළමයින් අතර දක්නට ලැබෙන අතර වයස අවුරුදු 10-14 වයසේ පිරිමි ළමුන් අතර ඉතාමත් සුලභවේ. බොහෝ විට මෙම වයස් වල ළමුන් කී‍්‍රඩා කිරිමේදි ඇතිවන වැටීම් නිසා ඉදිරිපස උඩු ඇන්දේ දත්වලට බහුලව මෙම හානි සිදු වේ.




කටේ ලේ ගලන කුහරයට පුළුන් හෝ ගෝස් කැබැල්ලක් සිරකර ලේ ගැලීම නවතන්න. හැකිනම් ලේ ගැලීම නැවතුනු පසු සේලයින් වතුර ඇත්නම් දත එහි වරක් බහා ඉවතට ගෙන එම කුහරය තුළටම දමා රෝගියා හැකි ඉක්මනින් දන්ත වෛද්‍යවරයෙකු වෙත ගෙන යන්න. එසේ නොමැතිනම් දත සේලයින් දියර, කිරි හෝ තැබිලි වතුර වල බහා එවැනි කිසිම දෙයක් නොමැති නම් නම් පමණක් එම රෝගියාගේම ඛේටයේ බහා පැය 1-2 තුල ළගම ඇති වෛද්‍යවරයෙකු කරා ගෙන යන්න. දතක සහායක පටක වල ඇති සෙලෙ වල ජිවිත කාලය විනාඩි 20 පමණ වන බැවින් එම කාලය තුළ දත නැවතත් කුහරයට ඇතුළු කිරිම මගින් ඉතා උසස් ප‍්‍රතිඵල ලබා ගත හැක. එසේ රෝහලකට ගෙන යන රෝගියා දන්ත වෛද්‍යවරයෙකු විසින් පරික්ෂාල කිරිමෙන් අනතුරුව ඔහු විසින් පළමුව රෝගියාගේ දත තිබු දන්ත කුහරය සේලයින් දියර යොදා කුහරය තුළ ඝනවි ඇති ලේ කැටි ඉවත් කර කුහරය හොදින් පිරිසිදු කෙරේ. නැවත ප‍්‍රතිස්ථාපනය කිරිම බොහෝ විට ස්ථිර දත් සදහා පමණක් සිදු කරයි.

දත සේලයින් සහ ප‍්‍රතිජිවක ඖෂධ අඩංගු ද්රා වණයක ගිල්වා ජීවානුහරණය කර නැවතත් දත දන්ත කුහරය තුළ ප්ර තිස්ථාපනය කිරිම සිදුකරයි. ඉන්පසු දත අස්ථියට සවිවන තුරු කුහර තුළ නොසෙල්වී තබා ගැනීමට දෙපස ඇති දත් දෙකට යා වනසේ සැරහුමක් යොදනු ලැබේ. මෙම සැරහුම සදහා දත් පුරවන සිමෙන්ති සහ මල නොබැදෙන වානේ කම්බි යොදා ගැනේ. මෙම සැරහුම යොදා දින 7-14 අතර කාලයක් තිබෙන්නට හරි. එසේම රෝගියා විසින් ඒ ආසන්න කාල වකවානුවදී පිටගැස්ම එන්නත ලබාගෙන නොමැති නම් ඒ බව වෛද්යර වරයාට දන්වා එම එන්නත ලබාගැනිමට කටයුතු කිරිම වැදගත් වේ.
ඉන්පසු දින 7ක් හෝ 14 ක් අවසානයේ දී වෛද්‍යවරයා විසින් යෙදු සැරහුම ඉවත් කර දතේ තත්වය  පරික්ෂාට කර බලා ඒ අනුව ඉදිරියට කළයුතු ප‍්‍රතිකාර පිලිබදව රෝගියා දැනුවත් කිරිම සිදු කෙරේ.ඒ අනුව දතේ කල්ක කුහරයට යෙදීම ස්නායු පිරවීම වැනි ඒ ඒ රෝගියාට ගැලපෙන ප‍්‍රතිකාර සිදු කරයි. වෛද්‍යවරයා විසින් මෙම තත්වය තහවුරු කර ගත් පසු රෝගියාට කරුණු පැහැදිලි කර දී සතියක් පමණ වන තුරු තද ආහාර ගැනිමෙන් වලකින ලෙස උපදෙස් දීම පමණක් සිද කරයි. වෙනත් ප‍්‍රතිකාර අවශ්යන නොවේ.

දතක් මුල් ස්ථානයෙන් මුළුමනින්ම ඉවතට තල්ලූ වීම ,මෙහිදි එක්ස් කිරණ ඡුායා රූපයක් මගින් දතේ පිහිටිම නිරික්ෂණය කරනු ලැබේ. එහිදි හානි වු දත කිරි දතක් නම් සහ දතේ පිහිටිම නිසා වර්ධනය වන ස්තීර දතට හානි කර නම් බොහෝ විට කිරි දත ගැලවීම ද සිදුවේ. කිරි දතෙන් ස්ථීර දතට හානියක් නොමැති විට සහ හානි වු දත ස්ථිර දතක් නම් දතට නිර්වින්දන ඖෂධ ලබා දී  දත තිබු ස්ථානයටම තල්ලූ කිරිම ඇතැම් විට සිදු කෙරේ. දතක් විදුරු මසක් තුලට තල්ලූ වීම ,මෙහිදි පෙර පරිදි එක්ස් කිරණ ඡුායාරූපයක් මගින් දතේ පිහිටිම තහවුරු කරගෙන කිරි දතක් නම් එමගින් ස්ථීර දතේ වර්ධනයට බාධා වේ නම් කිරි දත ගැලවීමටද එසේ දතේ මුල තවමත් වර්ධනය වෙමින් පවතින ස්තීර දතක් නම් එය කාලයත් සමග මුල් ස්ථානයට වර්ධනය වීමට ඉඩදී නීරික්ෂරණය කරනු ලැබේ. මෙහිදි ම සතියක් පමණ යන තුරු තද ද්ර ව්යට සැපීමෙන් වැලකීම වැදගත් ය. මෙසේ මාස 06 ක් පමණ ඇතුලත දත මුල් ස්ථානයට නොපැමිණියහොත් විකලාංග දන්ත වෛද්යෙ ප්රේතිකාර ක්ර්ම මගින් දත ඉවතට ගත හැකි වේ.




මෙසේ හානිවු දතක් සදහා නිසි කලට නිසි පියවර ගැනීමෙන් ඔබේ මුතුවන් දත් පෙළ කලක් එලෙසම රැුක ගැනීමට ඔබට හැකිවනු ඇත. එලෙස දන්ත හානි සදහා නිසි පිලියම් නොගැනීමෙන් දතක් කල් ගතවීමේදි දුර්වර්ණ වීම, දත් මුල දියවී දත සෙලවී හැලි යාම සිදුවිය හැක කිරි දතකට හානිවු විට නම් වර්ධක අවස්ථාවේ ඇති ස්ථිර දතට හානි වීමෙන් පමණට වඩා කුඩා දුර්වල ස්ථිර දත් ඇතිවීම. ස්ථිර දත් ඇද වී පැමිණිම වැනි සංකුලතා ඇති විය හැක. අනිකුත් දන්ත හානි ලෙස දතේ ස්ථානීය වෙනසක් සිදු නොවි දත් සහයක පටක වලට පමණක් හානි වීම ගත හැක.

             නිර්මාණී

No comments:

Post a Comment

Special Cultural Traditions of the Sinhala Hindu New Year in Sri Lanka

  Special Cultural Traditions of the Sinhala Hindu New Year in Sri Lanka. The "Sinhala Hindu New Year" is one of the most import...