මා දුටු සිත්තම්

Monday, June 25, 2018


වාහනයක් මිලදී ගැනීමට පෙර මේ ගැනත් සිතන්න.

තමන්ගෙම වාහනයක් කියන්නෙ අපි කාගෙත් හීනයක්. කෙනෙක් ඒ හීනෙ දකින්නේ දවසක්, සතියක්, මාසයක් අවුරුදු ගාණක් වුණත් වෙන්න පුළුවන්. ඉතින් තමන්ගෙම කියලා වාහනයක් ගන්න ඉන්න  ඕනම කෙනෙක්ට මේ ලිපිය වඩාත්ම වැදගත් වෙනවා.




වාහනයක් මිලදි ගැනීමේදී පිටත ආකර්ශණය නිසා ව්‍යාජ ව්‍යාපාරිකයන්ට රැුවටෙන බොහෝ අය අපි අතරම ගැවසෙන බව කිව යුතුමයි. වාහනයේ පිට පෙනුමට වගේම වාහනයක් මිලදී ගැනීමේ අත්‍යවශ්‍යතාව මූලික කරගෙන ඔබත් මොනයම් හෝ මොහොතක රැුවටීමකට ලක් වෙන්න පුළුවන්. එහෙමත් නැතිනම් රැුවටීමකට ලක්වූ කෙනෙක් වෙන්නත් පුළුවන්. ඔබ මහන්සි වී උපයන මුදල ප‍්‍රයෝජනවත් යමකට යෙදීමට පෙර වඩාත් සැලකිලිමත් විය යුත්තේ ඒ නිසයි. මෙහි සඳහන්වන කරුණ ඔබට එම තත්ත්ව වලින් අත්මිදීමට උදව් වේ

පළමුවෙන්ම වාහනයේ ලියාපදිංචි සහතිකය පිළිබඳව සැලකිලිමත් වියයුතුය. එය මෝටර් රථ ප‍්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂා කර වංචනික එකක් නොවන බවට සහතිකය මෙන්ම අනෙකුත් ලියකියවිලි වල නිරවද්‍යය බව තහවුරු කර ගැනීම ඉතා වැදගත්. එමෙන්ම වාහනයක් මිලට ගැනීමේදී වාහනය නැවත විකිණීමේදී පහසුවෙන් විකුණා ගැනීමේ හැකියාව කෙබඳු ද යන්න සොයා බැලීමද අත්‍යයවශ්‍යය කරුණක්.

එමෙන්ම ඉන්ධන ලීටරයකින් ගමන් කළ හැකි දුර ප‍්‍රමාණය පිළිබඳවද හොඳින් විමසා බලන්න. එය ඔබ වැය කරන මුදලට සාධාරණයක් ඉටු කිරීමට බලපානු ලබන ප‍්‍රබල කරුණක්. එමෙන්ම එම වාහනය අනතුරකට ලක්වී අලූත්වැඩියා කර අත්දැයි බැලීම ඉතාම සුදුසුයි. එමෙන්ම වාහනයේ පිටත සහ ඇතුලත දිරාපත්වීම පිළිබඳවද සොයා බලන්න. දොරවල්වල තත්ත්වය විමසා බැලීමද කළ යුතුමයි.

වඩාත් වැදගත් වන්නේ එන්ජිම වඩා රත්වී ඇත්දැයි පරීක්ෂාකිරීමයි. :ඹබාැර ක්‍දපචරුිිසදබ* එන්ජිමේ තෙල් මට්ටම පරීක්ෂා කරන කූර :ෘසචිඑසජන* ගලවා එන්ජිම පණගන්්න. එවිට පීඩනයක් සහිත තෙල් බිංදු සහ අධික දුමක් එළියට පැමිණෙන්නේනම් එන්ජිම අධිකව ගෙවී ඇති බව පෙන්නුම්කරයි. සමහර වාහනවල ටැපට් කවරයේ ඇති තෙල් මූඩිය ඉවත් කිරීමෙන්ද පැහැදිවල පරීක්ෂා කළ හැකිය. එමෙන්ම ටයර් වල තත්ත්වය සහ ධාවනය කර ඇති කිලෝමීටර ගණනද සොයබැලීම වැදගත්. වාහනයක් මිලදී ගැනීමට යාමේදී දක්ෂ කාර්මිකයෙකුගේ සහය ලබා ගන්නේනම් ඉතාමත් ප‍්‍රයෝජනවත්. වාහනය ඔසවා චැසියේ වෙනස් කිරීමක් හෝ ක‍්‍රියාකාරී කොටස් වල වෙනස් කිරීමක් කර ඇත්දැයි සෙවීමද ඒ හා සමානව වැදගත් වෙනවා.
ඔබ වඩාත් සැලකිලිමත් විය යුත්තේ ලියාපදිංචි සහතිකයේ ඇති එන්ජින් අංකය සහ චැසි අංකය වාහනයේ සලකුණු කර ඇති අංක සමඟ ගැලපේ දැයි පරීක්ෂා කිරීමටයි.
චැසි අංක :ක්‍ය්ිිසි භමපඉැර* සහ එන්ජින් අංක :ෑබටසබැ භමපඉැර* වංචනිකව වෙනස් කළ වාහන රාශියක් මහා මාර්ගවල ධාවනය වන අතර ඒවා ඉතා සූක්ෂමව වෙනස් කරන වංචනකියන් ඇති බවද හොඳින් දැනුම්වත් වන්න.

වාහනයේ අයිතිකරු වාහනය හොඳින් නඩත්තු කර නැත්නම් ඔබ වාහනය මිළදී ගත් පසු සියලූම තෙල් සහ පෙරහන් මාරු කර සේවා කටයුතු අවසන් කර එම විස්තර සටහන් කර ගන්න. ඉන් පසුව ඔබේ කාර්මිකයා ලවා රෝද ගලවා බ්රේක් ලයිනර්  වත තත්ත්වය සහ බෙයාරින් වල තත්ත්වය සොයා බලා නිවැරදි කර ගන්න.

තවද එන්ජිම ගියර පෙට්ටිය, ඩිපරැුන්ෂලය, සුක්කානම් පද්ධතියේ සහ තිරිංග පද්ධතියේ, සුළු තෙල් කාන්දුවීම් ඇත්නම් ඒවා් අලූත්වැඩියාකර ගන්න. මීට අමතරව රේඩියේටරයට සම්බන්ධ සියලූ කොටස් වල දෝෂ වායු සමීකරණ පදධතියේ දෝෂ සහ විදුලි පද්ධතියේ දෝෂ ද එයට අදාල කාර්මිකයින් ලවා පරීක්ෂා කර ගන්න. ටී බෙල්ට් : සහිත වාහනයක් නම් ඒ ගැන සොයා බලා මාරකර ගැනීමෙන් එන්ජිම විනාශයට පත්වීම වළකාගත හැකිය. මෙය කිලෝමීටර 90000කට පසු මාරු කළ යුතුය

ඔබ කාර්මිකයෙකු ලවා වාහනයේ අනිවාර්යෙන්ම පරීක්ෂා කරගත යුතු කොටස් වන්නේ එන්ජිමේ තෙල් කාන්්වීම, පෙට්රල් කාන්දුවීම, ජල කාන්දුවීම සහ අත්‍යවශ්‍යය ශබ්ද පරීක්ෂාව, එන්ජිම පරීක්ෂාව පරීක්ෂණ ධාවනයකින් සිදු කිරීම, තිරිංග ගිරය පෙට්ටිය  සහ වාහනයේ අත්‍යවශ්‍යය ශබ්ද පරීක්ෂාවයි. එමෙන්ම මීටර් පුවරුවේ ඇති දර්ශන වල ක‍්‍රියාකාරීත්වය සහ විදුලි ආලෝක සුක්කානමේ තත්්ත්ව් ආදියද පරීක්ෂා කරවා ගැනීම ඔබ මිලදී ගන්නා වාහනයේ ගුණාත්මක බව තහවුරු කරවීමට සමත් වේ.

නිර්මාණී 




No comments:

Post a Comment

Special Cultural Traditions of the Sinhala Hindu New Year in Sri Lanka

  Special Cultural Traditions of the Sinhala Hindu New Year in Sri Lanka. The "Sinhala Hindu New Year" is one of the most import...