මා දුටු සිත්තම්

Tuesday, June 26, 2018


දරුවාගේ දත් ආරක්ෂා කර ගනිමු






දරුවාගේ සමීපතම පුද්ගලයන් ලෙස දෙමාපියන්ට දරුවාගේ මුඛ සෞඛ්‍යය පිළිබඳ වැදගත් කාර්යභාරයක් පැවරී ඇත. දරුවා කුඩා අවධියේ සිට ඇතිකර ගන්නා පුරුදු මුළු ජීවිතය පුරාම පවත්වා ගනී. එම නිසා හොඳ මුඛ සෞඛ්‍යය සිරිත් කුඩා කාලයේ සිටම පුරුදු පුහුණු කිරීම, ජීවිත කාලය පුරාම නීරෝගි දත් සහ විදුරු මස් පවත්වා ගැනීමට අඩිතාලමක් වේ. දරුවන්ට අවුරුදු 8 ක් පමණ වනතුරු දත් මැද්දට පසු එය හොඳින් කර තිබේදැයි පරීක්ෂා කරන්න. ඉවත් නොවූ දන්ත පථ පැහැදිලිව පෙන්වීමට විදේශ රටවල විවිධ වර්ණක අඩංගු ද්‍රාවණ හෝ පෙති භාවිත කරයි.
කුඩා දරුවා වැඩිහිටියන් අනුකරණය කිරීමෙන් බොහෝ දේ ඉගෙන ගනී. අවුරුදු 2-3 දක්වා වයසැති දරුවන්ට ඔබ දත් මදින ආකාරය බලා සිටීමෙන් දත් මැදිමට පුරුදු විය හැක. එසේ පුරුදු වන කාලයේදී කුඩා දරුවන් දත් මැද්දාට පසු ඔබ විසින් දරුවාගේ දත් මැදීම සම්පූර්ණ කළ යුතුයි. මක්නිසාද යත් දරුවන්ට වයස අවුරුදු 8-9 පමණ වනතුරු මනා ලෙස දත් බුරුසුව මුඛය තුළ හැසිරවීම අපහසුවීමය. එමඟින් දත මතුපිට ඇති දන්ත පථ වර්ණවත් වේ. එවිට ඒවා පැහැදිලිව පෙනෙන නිසා ඉවත් කිරීමට පහසු වේ. එසේම දත් මැදිමේදි දරුවාට අතපසු වන තැන් ද නිරීක්ෂණය කළ හැකිය. දැනට එවැනි වර්ණක දේශීය වෙළඳ පොළේ සුලභව දක්නට නොලැබේ.
දන්ත වෛද්‍යවරයා ලවා කුඩා අවධියේ දී දත් පරීක්ෂා කර ගැනීමෙන් මුඛ රෝග ඇතිවීම වළක්වා ගත හැක. තවද රෝගී දත් සහ විදුරු මස් මුල් අවස්ථාවේදීම හඳුනා ගැනීමෙන් ඒවා වැඩි දියුණු වී දරුවා අපහසුතාවකට පත්වීම වළක්වා ගත හැක. එසේම දන්ත වෛද්‍යවරයා හමුවී දත් පරීක්ෂා කර ගැනීමෙන් හෝ ප‍්‍රතිකාර ලබා ගැනීමෙන් දරුවා එම පරිසරයට හුරු පුරුදු වේ. එම නිසා දන්ත වෛද්‍යවරයා වෙත යාම දරුවාට බිය ගෙන දෙන කාර්යයක් නොවනු ඇත.


දරුවා දන්ත වෛද්‍යවරයා හමුවීමට උනන්දු කරවීම පහත සඳහන් ආකාරයට කර ගත හැක. දන්ත වෛද්‍යවරයා හමුවීම ඉතා වැදගත් අවස්ථාවක් ලෙස නොහැඟවීම, දරුවා තුළ බිය සැක ඇති කරන රිදීම, බෙහෙත් විදීම හෝ දත හෑරීම වැනි වචන භාවිතයෙන් වැළකීම දරුවාගේ ප‍්‍රශ්න වලට අවංකව පිළිතුරු දීම හා වැඩි විස්තර කීමෙන් වැළකීම විස්තර කිරීමේ විශේෂ ආකාරයක් ඇත. පිටුපස දත් වල හපන පෘෂ්ඨවල කාණු වැනි තරමක් ගැඹුරු රේඛීය අවපාතන ඇත. ආහාර ද්‍රව්‍ය සහ බැක්ටීරියා දත මතුපිට ඇති මෙම ප‍්‍රදේශවල පහසුවෙන් ස්ථාපනය වේ. මේ අවපාතන වල ගැඹුරු බව නිසා ඛේටයත් සමඟ සේදී යාමෙන් වැළකී සිටීමට බැක්ටීරියාවන්ට හැකි වේ. ඒ නිසා සාමාන්‍යයෙන්ම දත් දිරායාම ආරම්භ වන්නේ පිටුපස දත්වල ඇති හපන පෘෂ්ඨයේය. මේ පෘෂ්ඨවල ඇති අවපාතන වල ගැඹුර අඩු කළ හැකි ආලේපන දැනට භාවිතයේ පවතී. දන්ත සෞඛ්‍යය නිලධාරීන් ලවා මේ ද්‍රව්‍ය ආලේප කිරීමෙන් දත් දිරා යාම වළක්වා ගත හැක.
දත් දිරායාම වළක්වා ගැනීමට ෆ්ලෝරයිඞ් බෙහෙවින් උපකාර වේ. ෆ්ලෝරයිඕ ඛේටයේ ඇති ඛණිජ ලවණ සමඟ කි‍්‍රයා කර දත් දිරායාමේ ආරම්භක අවස්ථාවේ ඇති එනැමලය යථා තත්ත්වයට පත්කර ශක්තිමත් කරයි. සම්පූර්ණයෙන් වැඩුනු දත් දිරායාම වළක්වාලීමට හැකි ලෙස මතුපිට ස්ථරය ශක්තිමත් කරයි. ඔබේ දන්ත වෛද්‍යවරයා අවශ්‍ය  නම් ෆ්ලෝරයිඞ් පෙති නියම කරනු ඇත. සමහර විදේශ රටවල ජල පද්ධතියට ෆ්ලෝරයිඞ් එකතු කර ඇත. ෆ්ලෝරයිඞ් සහිත දන්තාලේප වලින් දත් ආරක්ෂා වන බව පර්යේෂණ මඟින් පෙන්වා දී ඇත. එනමුත් ලංකාවේ සමහර පළාත් වල ජලයේ ෆ්ලෝරයිඞ් අධික ලෙස තිබීම හේතුවෙන් දන්ත ෆ්ලෝරෝසියාව සෑදේ. එවැනි පළාත් වල වෙසෙන අය ෆ්ලෝරයිඞ් සහිත දන්තාලේප භාවිතයෙන් වැළකී සිටිය යුතුය.

දරුවන්ගේ දත් දිරායාම සහ දන්ත පථ සෑදීම අඩු කිරීමට පහත සඳහන් පිළිවෙත් අනුගමනය කළ හැක. ප‍්‍රධාන ආහාර වේල් වලට අමතරව ආහාර දීම සීමා කරන්න. විශේෂයෙන්ම සීනි හා පිටි සහිත ආහාරත් අම්ල ගතිය ඇති සිසිල් බීම පාවිච්චියත් සීමා කරන්න. සෞඛ්‍යයට හිතකර අමතර ආහාර දෙන්න. එනම් පලතුරු, අමු එළවළු හෝ ලූනු රහිත ඇට වර්ග මුඛයේ වැඩිවෙලා රඳා සිටින සීනි සහිත හෝ ආම්ලික ආහාර, පැණිබීම වැනි දේ ගැනීම හැකි තරම් අඩු කරන්න. එසේ ගන්නා ආහාර නිසා ඇති වන ආම්ලිකතාවය නිසා දත් මතුපිට දිය විය හැකි අතර ආහාර වේල් අතරතුරදී දත මතුපිට ඉනැමල් ස්ථරයේ නැවත ලවණ තැන්පත් වී දත ශක්තිමත් වීමේ කි‍්‍රයාවලිය මඟහැරේ.

පිටි සහිත ආහාර, අම්ල නිපදවන බැක්ටීරියා සඳහා ආහාර ප‍්‍රභවයක් වන නිසා ඒවා ගැනිමේදී ද සැලකිලිමත් වන්න. අඩුවෙන්ම ගත යුතු ආහාර - පැණි රස කෑම, තෙල් සහිත ආහාර, සාමාන්‍ය ලෙස ගතු යුතු ආහාර, -මස්, මාළු, චීස්, බිත්තර, මුදවපු කිරි, ඇට වර්ග, කිරි, යෝගට් ලෙස ගත හැකිය. වැඩිපුර ගත යුතු ආහාර ලෙස පලතුරු, සීනි මිශ‍්‍ර නොකළ පලතුරු බීම, හතු වර්ග, බත්, ධාන්‍ය, පරලූ පාන් ඔබේ දරුවාට අවශ්‍ය, පෝෂ්‍ය පදාර්ථයන්ගෙන් පිරි සමතුලිත ආහාරයක් ලබාදීමෙන් ඔහුගේ දත් සහ මුඛයන් සමස්තයක් ලෙස මුළු ශරීරයත් නිරෝගීව පවත්වා ගත හැකි වේ.

එසේම ඔබගේ දරුවාගේ දත් හදිසි අනතුරු වලින් ආරක්ෂා කර ගැනීම සඳහා පහත සඳහන් පියවර අනුගමනය කරන්න. කී‍්‍රඩා කිරීමේ දී ආරක්ෂාකාරී උපකරණ පලඳින්නට උපදෙස් දෙන්න. දත් ආවරණය කර ඒවාට ආරක්ෂාව සපයන පැලඳුමක් සපයා දෙන්න. ස්ථිර දතක් ගැලවී ගියොත් - එය ඇහිඳීමේ දී පරිස්සමින් එනැමලය ප‍්‍රදේශයෙන් අල්ලා ගන්න. ඉන්පසු ගලන වතුරේ තත්පරයක් පමණ සෝදන්න. අතුල්ලන්න එපා. හැකිනම් හනුවේ දත තිබූ කුහරයේම තබන්න. අපහසුනම් එය කිරි බඳුනකට දමා හෝ ප්ලාස්ටික් කොළයකින් ඔතා හැකි ඉක්මනින් ඔබගේ දන්ත වෛද්‍යවරයා හමුවන්න. විනාඩි 30 ක් ඇතුළත තිබූ තැනම සවි කළොත් දත අහිමිවීම වළක්වා ගැනීමට හැකිවීමට බොහෝ ඉඩකඩ ඇත. කිරි දතක් ගැලවුණහොත් එය නැවත සවිකිරීමට අවශ්‍ය නොවේ. නමුත් ඉක්මනින්ම දන්ත වෛද්‍යවරයෙකු හමුවී පරීක්ෂා කර ගැනීම වැදගත්ය. ස්ථීර දතක් කැඩුණොත් හෝ පතුරක් ගියවිට- ඔබට වේදනාවක් නොදැනුනත් දන්ත වෛද්‍යවරයා හමුවීම ඉතා වැදගත්. සමහර විට දතේ කැඩුනු කොටස් නැවත එම දතටම බද්ධ කිරීමේ හැකියාවක් ඇති නිසා වෙන් වුණු දත් කොටස් ළඟ තබා ගැනීම වැදගත් වේ.
                                      
                         නිර්මාණී



No comments:

Post a Comment

Special Cultural Traditions of the Sinhala Hindu New Year in Sri Lanka

  Special Cultural Traditions of the Sinhala Hindu New Year in Sri Lanka. The "Sinhala Hindu New Year" is one of the most import...