මා දුටු සිත්තම්

Sunday, June 10, 2018


අචාරධර්ම යනු

සමාජයේ ගැටුම් ඇති කිරීම සහ ගැටුම් නිවාරණය සඳහා ද ජනමාධ්‍ය හේතු වේ. වෘත්තීය භාවයකින් තොරව සිදු වන මාධ්‍ය නිෂ්පාදන පුද්ගලයාට, සමාජ සංවිධාන වලට සහ සමස්ත සමාජයට ප‍්‍රබල ගැටලූ නිර්මාණය කරයි. ඒ තුළින් සමාජ සංහිඳියාව වෙනුවට සමාජ වෛරය, පුද්ගල සහ සමාජ සංවිධානයන්හි ගරුත්වය සමාජ ආර්ථික බිඳ දැමීම් ද සිදු කරයි. යම් රටක හෝ සමාජයක සමාජ වගකීම් රහිත මාධ්‍ය පවතින විට ජනතාව රැුුක ගැනීමේ අරමුණින් රාජ්‍ය වගකීම් ද ඉදිරියට පැමිණෙන බැව් පෙනේ. ආචාර ධර්ම සහ නීතිය යනු ප‍්‍රධාන සමාජ සංකල්ප දෙකක් වුව ද, ඒ දෙක අතර ප‍්‍රබල වෙනසක්් ද දක්නට ලැබේ. නෛතික තත්ත්වයන් බිඳ දැමීමට ජනමාධ්‍යයට හැකියාවක් නොමැත.



  ආචාරධර්ම යනු දර්ශන විෂය තුළ සමාජ කි‍්‍රයා, සමාජ අන්තර්ක්‍‍්‍රියා සහ මානසික සාධක පාදක කොටගෙන පෝෂණය වන ගැඹුරු විෂයකි. මෙය සදාචාරය පිළිබඳ මූලධර්ම පදනම්ව තාර්කීකරණය වී තිබේ. සදාචාරය සහ සාරධර්ම යනු එකිනෙකින් වියුක්ත කළ නොහැකි සංයුක්ත වූ සංකල්ප දෙකකි. ආචාර ධර්ම සහ එහි ක්‍‍්‍රමවෙිදාත්මක ස්වරූප සෞන්දර්යවේදාත්මක දෘෂ්ටිය තුළ වුව ද ව්‍යුහගත කළ හැකි අතර එය සාරධර්මවේදය  පිළිබඳ දර්ශනය ලෙස ද සැලකේ. මෙය කායික, මානසික මෙන්ම සමාජ චර්යාත්මක කාරණාවක් බව ද පැහැදිලි ය. ඒ අනුව මේ තුළින් සමාජ පද්ධතික ස්වරූපයක් මෙන්ම මූලධර්මීය ලක්ෂණ ද ඉස්මතු වන බව පෙනේ. මෙම සාධක අනුව මෙහි සමාජ විද්‍යාත්මක කාරණා, මනෝ විද්‍යාත්මක කාරණා මෙන්ම ආගමික කාරණාවන් ද බද්ධ වී ඇති බැව් පැහැදිලිය. ආචාර ධර්ම පිළිබඳ දාර්ශනිකව සමාජය මෙහෙයවීම සොක්‍‍්‍රටීස්   විසින් සිදු කරනු ලබන්නේ ද මෙම පදනමෙහි පිහිටමිනි



  ඇරිස්ටෝටල්ට අනුව ආචාර ධර්ම යනු ආත්ම සාක්ෂාත්කරණීය ලක්ෂණය කි. එය අර්ථවත් වන්නේ ඒ ඒ සමාජ සන්දර්භයනට අනුගතව ය. ආචාර ධර්ම වල උපයෝගීතාවය සහ එයට අනුගත වීම යනු ඒ ඒ සමාජ සන්දර්භයනට ප‍්‍රවේශ වීමේ ශක්‍යතාවය ප‍්‍රගුණ කිරීමකි. උපදින විට මිනිසා සමාජයීය මිනිසකු නොවූවත් සමාජීය මිනිසකු වීමේ ශක්‍යතාවය ප‍්‍රගුණ කළ හැකි අයෙකි. සමාජයෙහි නියම ස්වරූපයන් හඳුනා ගැනීමට නම් එම සමාජයෙහි සාමාජිකයෙකු බවට පත් විය යුතු ය. මාධ්‍යවේදියා තුළ ගොඩ නැගෙන අසතුට සහ ඉච්ඡුුා භංගත්වය, එම සමාජ සංසිද්ධීන් හඳුනා ගැනීමේ ක්‍‍්‍රමවේදයෙන් ඔහුව ඉවත් කරයි. ඔහු සමාජ පර්යේෂකයෙකි. ඔහු සතු වෘත්තීය පුහුණුව, සමාජ පිළිබඳ විද්‍යාත්මක දැනුම සහ ඒ පිළිබඳ චින්තනමය හැකියාව, ආචාර ධර්මීය පදනම, සමාජ ප‍්‍රවර්ධනය සඳහා ගුණාත්මක හැසිරීම ආදිය වෘත්තීය මාධ්‍යවේදියා සාමාන්‍ය මාධ්‍යවේදියාගෙන් වෙන් කරනු ලබන සුවිශේෂී ලක්ෂණ වේ. වෘත්තක භාවය සහ ඒ පිළිබද ගැරඹුරු දැණුම යනු ද ආචාර ධර්මීය ලක්ෂණයකි.



ආචාරධර්ම අපගේ සානුෂීය අත්දැකීම් වල පරම වටිනාකම් අතුරින් එකක් පිළිබඳව අධ්‍යයනය කරනු ලබන්නකි.එනම් මනුෂ්‍යයා තුළ පවතින සාධූත්වය ක්‍‍්‍රියා කිරීම නම් අංශය තුළින් පිළිබිිිඹු කෙරෙන්නේ මේ අධ්‍යයනයන්ය”. 

-ආචාර්ය ජෝන් මැනෝසි-                                                                        



ආචාරධර්මය සදාචාර . නීති හෝ ප‍්‍රඥප්ති මෙහෙයුම් ගැන ගවේෂණය කරන අතර සමහර විට පරිපූර්ණ සාධාරණ ක්‍‍්‍රියාවක ස්වභාවය සොයයි. මිනිසාගේ යහපත් භාවය සත්‍යමය යහපත හා එයට නියුුක්ත වීමේ ක්‍‍්‍රමය ගැන ගවේෂණය කරයි.



-ආචාර්ය හෙන්රි සිජ්ඕවීත්-



ආචාරධර්ම යනු මිනිසුන් ජීවත් වන කුඩා වූත් විශාල වූත් සමාඩයන්හි හැසිරීම් පද්ධතිය නිගමනය කරන විද්‍යාවකි එම`ගින් හොඳ හෝ නරක නිරවද්‍යතාව හෝ සාවද්‍යතාව යනා දී මූලික සාධක වල විනිශ්චයක් දෙනු ලබයි

    -විලියම් ලයිලි-



 මේ ආදී ලෙස බාහෝ විද්වතුන් විසින් ආචාරධර්ම පිළිබඳව නිර්වචන ඉදිරිපත් කොට තිබේ


  ඒ අනුව ආචාර ධර්ම යන්න සරලව හැදින්වීමේදි එය පුද්ගලයෙකු හෝ සමාජය පාලනය කරනු ලබන එක්තරා රෙගුලාසි පද්ධතියක් බව කිව යුතුය. එය සාම්ප‍්‍රදායික සමාජයේ සිට අද දක්වා ක්‍‍්‍රමිකව ව්‍යාප්ත වූවකි. ඒ අනුව අතීතයේ පැවති ආචාරධර්ම හා බැදුණු අංග ලෙසට



x        තහංචි සංකල්පය.

x        වාරණය.

x        සදාචාරය පිළිබඳ විද්‍යාව.

x        යුක්තිය අයුක්තිය හෝ හොද නරක පිළිබඳව පැහැදිලි කිරීම.

x        ඇරිස්ටෝටල්ගේ ආචාරධර්ම මේ ආදි වශයෙන් එය දැක්විය හැක. ආචාරධර්ම

සමාජයෙන් සමාජයට වෙනස් වේ. එය සමාජයට අනුව , ආගමට අනුව , අවස්ථාවට අනුව ආදී වශයෙන් වෙනස් වේ. ඒවාට අනුගත එකඟතා මත මිනිසා බැදීම් ඇති කරගෙන සිටී. මෙලෙස නීතිය ස්ථාවර නමුත් ආචාරධර්ම එසේ නොවන බව පැහැදිලි වේ.



  ජනමාධ්‍ය ආචාරධර්ම



ආචාරධර්ම සහ නීතිය යනු ප‍්‍රධාන සමාජ සංකල්ප දෙකක් වුව ද, ඒ දෙක අතර ප‍්‍රබල වෙනසක්් ද දක්නට ලැබේ. නෛතික තත්ත්වයන් බිඳ දැමීමට ජනමාධ්‍යයට හැකියාවක් නොමැතමාධ්‍ය ආචාර ධර්ම පිළිබඳ අවධානය යොමු කිරීමේ දී එය හැදෑරීමට අවශ්‍ය මූලධර්ම හතරක් පිළිබඳව සාකච්ඡුුාවට භාජනය කළ හැකි ය.



1.සත්‍යවාදී බව - ඔරමඑය ඔැකකසබට

2. නිදහස - ෂබාැචැබාැබජැ

3. හානිය අවම කිරීම - ඵසබසපස‘සබට ්‍ය්රප

4. වගකිව යුතු බව - ්ජජදමබඒඉසකසඑහ යනා දී වශයෙනි.



  ජනමාධ්‍ය ජනතාවගේ විශ්වාසනීය මාධ්‍ය වීම සඳහා තොරතුරු වල නිරවද්‍යතාවය (්ජජමර්ජහ* බලපාන අතර එය සමාජ කෘත්‍යාත්මක සාධකයක් ද වේ. වර්තමානයේ ජනතාව තොරතුරු ලෝකයක ජීවත් වන අතර එය නිවැරදි නොවන විට ජනමාධ්‍ය සහ ප‍්‍රජාව අතර පවතින අනුකලනාත්මක සබඳතාව ද බිඳ වැටේ.මාධ්‍ය යනු ජනතාව වෙත තොරතුරු, අදහස් හා දැනුම සම්පේ‍්‍රෂණය හෙවත් සන්නිවේදනය කරන මාර්ගය යි.අතීතයේ සිට වර්තමානය දෙස බලන කල විවිධ මාධ්‍ය දැකගත හැකි ය. එ වැනි මාධ්‍ය ලෙස.



x        මුද්‍රිත මාධ්‍ය

x        විද්‍යුත් මාධ්‍ය

x        ශ‍්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍ය

x        නව මාධ්‍යයන් පෙන්වා දිය හැකි ය.

  ඉහත සඳහන් වන සියලූ ම මාධ්‍ය මගින් ග‍්‍රහකස්ථානය කරා විවිධ අයුරින් තොරතුරු සම්පේ‍්‍රෂණය කරන ආකාරයක් දැකගත හැකි ය. ඒ අනුව ජනමාධ්‍ය ආයතන මගින් නිෂ්පාදනය කරනු ලබන නොයෙකුත් සංදේශයන් නොයකුත් රුචි අරුචිකම් සහිත ග‍්‍රාහක පිරිසක් තම අවශ්‍යතා සපුරා ගනු වස් පරිහරණය කරන බැවින් මාධ්‍යයන්ගේ අරමුණ ද විවිධාකාර වේ. එම නිසා ජනමාධ්‍යවේදීන් ජනතාව වෙත ගෙන යන ප‍්‍රවෘත්ති වාර්තා හා විශේෂන්ගවල අංක භාවය හා සත්‍යවාදී භාවය ඉතා වැදගත් වේ. මේ නිසා වෘත්තීය ජනමධ්‍යකලවේදීන් ඉතාමත් වැදගත් සාධක දෙකක් ඔස්සේ තම කර්තව්‍යය සිදු කළ යුතු ය.



x        පණිවුඩයේ විශ්වසනීයත්වය

x        මුලශ‍්‍රයේ විශ්වසනීයත්වය යන සාධක දෙක කෙරෙහි අවධානය යොමු කරමින් ය.

  තව ද ප‍්‍රවෘත්තියක, වර්තාවක හා විශේෂාංගයක විශ්වසනීයත්වය පාඨකයා තුළ ඇති කිරීමට නම් එය නිවැරදි සත්‍ය සිදුවීමක් විය යුතු ය. එ ලෙස ම එම නිර්මාණය හෝ ප‍්‍රවෘත්තිය හෝ වාර්තාව මෙන් ම විශේෂාංගය සමස්ත   වශයෙන් සමබර හා පැහැදිලි බවකින් යුක්ත විය යුතු ය. එවිට විශ්වසනීය තොරතුරක්, දැනුමක්, අධ්‍යාපනයක් තමන්ට ලැබෙන්නේ යැයි ග‍්‍රහකයට තෘප්තිමත් විය හැකි ය.

  එ මෙන් ම මාධ්‍යවේදියා සෑම අවස්ථාවක දී ම සත්‍යය දේවත්වයෙහි ලා සැලකිය යුතු ය. එ මෙන් ම ජනමාධ්‍යයන්ගෙන් ප‍්‍රතිලාභ ලබන්නන් වන ජනතාව වෙත තම යුතුකම හරි හැටි ඉටු කළ යුතු ය. ජාතික ආරක්ෂාව හෝ වෙනයම් නීතිමය තත්වයක් ආරක්ෂා කළ යුතු ය. තව ද ජනමාධ්‍ය විසින් සෑම විට ම.

x        ආරක්ෂකයෙකු වශයෙන්

x        මණ්ඩපයක් වශයෙන්

x        ගුරුවරයෙකු වශයෙන් සිටිමින් තමා සතු වගකීම ග‍්‍රාහකයා වෙනුවෙන් විධිමත් ආකාරයෙන් අදිරිපත් කළ යුතු ය.



  නමුත් නුතනය වනවිට ජනමාධ්‍ය ක්‍‍්‍රියාකාරිත්වය දෙස බැලූ කල ඒ ඉටු වන්නා වූ සමාජ වගකීම් පිළිබඳ ව විවිධ වූ ගැටලූකාරී තත්වයන් මතු ව ඇති ආකාරයක් දැකිය හැකි ය. එ වන් සමාජ වගකීම් විරහිත ගැටුම්කාරී තත්වයන් පිළිබඳ කතා කිරීමේ දී පෙනී යන්නේ මුල් අවධියේ දී මුර බල්ලන් ලෙස ක්‍‍්‍රියා කළ මාධ්‍ය අද වන විට ඔඩොක්කු බල්ලන් ලෙස පහතට වැටි ඇති ආකාරය යි.මුද්‍රිත මාධ්‍ය ශ‍්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍යයන් වගේ ම නව මාධ්‍යයන් යටතේ එන වෙබ් අඩවිවලටත් ආචාරධර්ම පද්ධතියක් තිබීම අත්‍යවශ්‍ය වේ. ජනමාධ්‍යකරණයේ නියැලීම වෘත්තීය මාධ්‍යකරුවන්ට සීමාවූවක් පමණක් නො ව එය   ඕනෑම පුරවැසියෙකුට දායක විය හැකි ක්‍‍්‍රමවේදයක් වී ඇත. එය හේතු කොට ගෙන වෘත්තීය මාධ්‍යවේදීන්ට පමණක් නො ව මාධ්‍ය ක්ෂේත‍්‍රයේ නියැලෙන   ඕනෑම පුරවැසියෙකුට ම මෙම ආචාරධර්ම සුරැුුකීමේ වගකීමක් ඇති බව පෙන්වා දිය හැකි ය.

 

  තව ද 1994 පසු විද්‍යුත් මාධ්‍යකරණයේ පරිවර්තනිය වෙනසක් දක්නට ලැබෙන අතර රාජ්‍ය ඒකාධිකාරී මාධ්‍ය භාවිතයට පෞද්ගලික නාලිකා පැමිණීමත් සමග තොරතුරු සන්නිවේදන ක්ෂේත‍්‍රය පුළුල් ස්වභාවයක් මෙන් ම සංකීර්ණ ස්වභාවයක් ද ගෙන ඇති බව දක්නට ලැබේ. අද වන විට විද්‍යුත් හා මුද්‍රිත සහ නව මාධ්‍ය භාවිතයට වඩා සමාජ මාධ්‍ය භාවිතය සංකීර්ණ වී තිබෙන අතර එය සමාජ ජිවිතයට පමණක් නො ව පුද්ගල ජිවිතයට ද බලපෑම් කරන මට්ටමකට පැතිර ගොස් ඇති ආකාරය ද දක්නට ලැබේ.

  වර්තමානයේ දී වෙබ් අඩවි බ්ලොග් අඩවි හෙළිදරව් කරන ඇතැම් තොරතුරුවල නිවැරදි භාවය එහි කතෘත්වය පිළිබඳ අවිනිශ්චිතතාවයක් නිර්මාණය කර ඇත. ඇතැම් තොරතුරු, සිද්ධීන්ට අදාළ පුද්ගලයන් පමණක් නො ව ඔහුගේ හෝ අයගේ සමීපතමයන්ට ද බලපෑම් කරන මට්ටමකට පත් ව තිබේ.



  තව ද අද වන විට පවතින තාක්ෂණික දියුණුවත් සමඟ ජනමාධ්‍යවේදීන් තුළ ස්වයං නියාමනයක් ඇති කිරීමට නම් අනිවාර්යයෙන්ම ආචරධර්ම පද්ධතියක අවශ්‍යතාව පවතී. ජනමාධ්‍යවේදීන්ට ආචාරධර්මීය ගැටළු මතුවන අවස්ථා කිහිපයක් මෙසේ සඳහන් කල හැකිය.අන්‍යන්ගේ ලිපි තමන්ගේ ලිපි ලෙස පළ කිරීම.තම පෞද්ගලික හැඟීම් මුසු කිරීම.දැනගත යුතු තොරතුරු අත් හිටුවීම. තොරතුරු ප‍්‍රකෘති කිරීම.වැනි හේතු ආචාරධර්ම සංග‍්‍රහය ගොඩ නැඟීමට හේතු විය. තව ද මානව සාරධර්ම සුරකමින් මෙම කාර්යයෙහි නිරත වීමට විද්වතුන් විසින් ආචරධර්ම ප‍්‍රභේද තුනක් යටතේ දක්වයි.



x        පරම ආචරධර්ම -  සමස්තව පිළිිගත් ආචාරධර්ම.

x        නීති විරෝධි ආචරධර්ම -  නීතියට පටහැනි ආචාරධර්ම.

x        අවස්ථානුකූල ආචරධර්ම -  අවස්ථාවට උචිත පරිදී වෙනස් කිරීම.





  තව ද මෙම ජනමාධ්‍ය ආචාරධර්ම භාවිතා කරන පුද්ගලයන් අනුව ද වෙනස් වේ. ඒ අනුව මාධ්‍ය පාරිභෝගිකයා රැුුකීම අරමුණු කරගත් ආචාරධර්ම , මාධ්‍ය සේවකයින් අරමුණු කරගත් ආචාරධර්ම , අයිතිකරුවන් අරමුණු කරගත් ආචාරධර්ම , නීතිමය වගකීම අරමුණු කරගත් ආචාරධර්ම , වශයෙන් එය දැක්විය හැක. ලොව ප‍්‍රකට මාධ්‍ය ආයතන වලට ද ආචාරධර්ම පද්ධතියක් ඇත. 

                                     නූතන මාධ්‍ය ක්ෂේත‍්‍රය දෙසට අවධානය යොමු කිරීමේදි මුලින් දක්වන ලද  ආවාරධර්මීය ස්වභාවයන් කඩවන බවක් දක්නට ලැබේ.  එලෙස මෙම ජනමාධ්‍යය ආවාරධර්ම කඩවීම කෙරෙහි බලපානු ලබන හේතු සාධක ද ප‍්‍රබල වශයෙන් දක්නට ලැබේ. ඒවා ප‍්‍රධාන වශයෙන් කොටස් හතරක් ඔස්සේ  දැක්විය හැක.



x        පක්ෂග‍්‍රාහි වාර්තාකරණය.

x        පණිවුඩ හැසිරවීම හා සාවද්‍ය ලෙස ඉදිරිපත් කිරීම.

x        තොරතුරු විකෘතිකරණය

x        භාවාතිශය වීම.





  මෙහිදී පක්ෂග‍්‍රාහි වාර්තාකරණය යනු වාර්තාකරන සිදුවීම අර්ධ වශයෙන් සත්‍යයක් වීම , මායවක් වීම , අඩමුසාවක් වීම හෝ  හිතාමතාම ගොතන ලද බොරුවක් වීම දැක්විය හැක.  මෙහිදී සාකච්ඡුුාවට බදුන් වන්නේ ප‍්‍රස්තුත ප‍්‍රශ්නයේ එක් පැතිකඩක් පමණී.  තව ද ජනමාධ්‍යය ආයතන බොහෝමයක් ස්වාධීන නොමැත. එය නිතර හිමිකරුගේ හෝ හිතවත්කම් දක්වන දේශපාලන පක්ෂ වල හෝ රජයේ රජයේ ඇඟිලි ගැසීම් වලට ලක් වේ.මේ හේතුවෙන් සමාජ , දේශපාලනික , ආර්ථිකමය ආදී වශයෙන් තමන්ට වාසිදායක වන අයුරින් හැසිරවීම හා සාවද්‍ය ලෙස ඉදිරිපත් කිරීම නිරතුරුව දක්නට ලැබේ. මෙය අහිතකර වේ. තොරතුරු විකෘතිකරණය ද මෙහිදි සිදුවන ප‍්‍රබල ගැටළුවකි. ජනමාධ්‍යය මඟින් විසුරුවා හරින තොරතුරු සමුදාය තුළට අසත්‍ය තොරතුරු ඇතුළත් කිරීමෙන් සිදු වේ. ජනතාව මෙම විකෘති තොරතුරු පිළිගෙන තම මතය ගොඩ නැඟීමට උත්සහ කරයි. මෙය අහිතකර තත්වයකි. ග‍්‍රාහකයින්ගේ කුතුහලය අවුස්සන හැඟීම්බර ප‍්‍රවෘත්ති ඉදිරිපත් කිරීම ද මෙය අහිතකර වේ. මේවා භාවාතීශය තොරතුරු වේ.මේ ආදි වු කරුණු හේතුවෙන් ජනමාධ්‍යය ආචාරධර්ම කඩවීම දක්නට ලැබේ.



     ජනමාධ්‍යවේදයෙහි උසස්ම ප‍්‍රමිති පවත්වාගන්නා අතරම  විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය සහ වෙබ් අඩවිවල අන්තර්ගතය නිදහස්, වගකීම් සහගත හා පාඨක/පේ‍්‍රක්ෂක වුවමනා සහ අපේක්ෂාවන්ටසංවේදී බව සහතික කිරීම අරමුණු කරගත් ආචාරධර්ම, වෙබ් අඩවි ඇතුළු   සියලූම විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍ය ආයතන සහ මාධ්‍යවේදීන් විසින් පිළිපැදිය යුතුය.

     මෙම ප‍්‍රමිතීන් මගින් විද්‍යුත්, මුද්‍රිත මාධ්‍ය සහ වෙබ් අඩවි විසින් මාධ්‍ය නිදහසේ මූලික නියමයන්ට එරෙහි විකෘති වාණිජත්වයෙන් හෝ අයුතු පීඩනයෙන් හෝ පටු අභිමතාර්ථයන්ගෙන් මිදුණු නිවැරදි බව හා සවෘත්තීය ඒකාබද්ධතාවය උදෙසා උත්සාහ දැරීමත්, මහජන සුභසිද්ධිය වෙනුවෙන් ගවේෂණාත්මක මාධ්‍යවේදයෙහි උසස් සම්ප‍්‍රදායන් පවත්වාගෙනයාමත් අපේක්ෂා කෙරේග විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය, වෙබ්  අඩවි ප‍්‍රකාශන මෙන්ම එහි මාධ්‍යවේදීන් හටද තමන්ගේම ප‍්‍රබල මත දැරීමට හා ප‍්‍රකාශ කිරීමට නිදහස ඇත. එසේම ඔවුන් අන් අයගේ අදහස්වලට නිසි අවධානය යොමු කිරීමේසමාජ වගකීම පිළිබිඹු කිරීමට ද වගබලා ගත යුතුය.

      මෙම ආචාරධර්ම සංග‍්‍රහය පුද්ගලිකභාවයේ අයිතිය මෙන්ම තොරතුරු දැනගැනීම සඳහා මහ ජනතාව සතු අයිතිය සුරැුුකීමට ස්ථාපනය කරන ලද්දකි. මෙය අකුරටම පිළිපැදීම සහ එහි ජීව ගුණයට ගරු කිරීම කළයුතු අතර, පුද්ගලිකත්වයේ අයිතීන් හෑල්ලූවට ලක්වන ආකාරයේ පටු අර්ථකථනයන් දීමක් හෝ මහජන සුභසිද්ධිය සඳහා වන ප‍්‍රකාශන වැලැක්වීමේ පටු අර්ථකථනයන් දීමක් කිසිවිටෙකත් සිදු නොකළ යුතුය.

       සන්නිවේදන අවශ්‍යතා සඳහා ජනමාධ්‍යය බිහිවීමෙන් පසු තොරතුරු මූලාශ‍්‍ර වල නිරවද්‍යභාවය හා ඉදිරිපත් කිරීමේ ක්‍‍්‍රම උපායන් භාවිතා කරමින් මාධ්‍ය ආචාරධර්ම බිහිවිය. සෑම වෘත්තියකටම ආචාරධර්ම පද්ධතියක් ඇත.එම වෘත්තිය රඳා පවතිනුයේ ආචාරධර්ම මත පදනම් වෙමිනි. ජනමාධ්‍යයේ බලපෑම ප‍්‍රමාණාත්මකව වැඩි නිසා මෙම ක්ෂේත‍්‍රයට අඳාලව ආචාරධර්ම අත්‍යවශ්‍ය වේ. එයට හේතුව   ඕනෑම පුද්ගලයෙකුට ජනමාධ්‍යවේදියෙකු විය හැකි නිසාවෙනි.

ජනමාධ්‍ය භාවිතාවන් සඳහා ආචාරධර්ම අවශ්‍ය වන්නේ ජනමාධ්‍යය සතු සමාජ වගකීම නිසි පරිදී ඉටුවනු සහතික කිරීම පිණිසය. ජනමාධ්‍යයේ සමාජ වගකීම ගොඩ නැගෙන්නේත් ජනමාධ්‍යවේදීන් ක්‍‍්‍රියාවට නංවනු ලබන්නේත් මහජනයා සතු ප‍්‍රකාශනයේ හා භාෂණයේ අයිතියයි. ප‍්‍රකාශනයේ හා භාෂණයේ අයිතිය මිනිසා මිනිසෙකු වීම නිසා නිසඟයෙන්ම හිමිවන මූලීක මානව හිමිකමකි. එමෙන්ම තොරතුරු දැනගැනීමේ අයිතිය ද මහජනයා සතු වේ. ඒ කෙරෙහි ජනමාධය්‍ය සුවිශේෂි මෙහෙවරක් ඉටු කරනු ලැබේ. ජනමාධය්‍යට මේ හේතුවෙන් ස්වකීය ප‍්‍රජාවට හා සමාජය කෙරෙහි වගකීමක බැඳී සිටී. එම වගකීම ඉටු කිරීම පිණිස මාධ්‍ය විසින්ම ඇති කර ගන්නා මඟ පෙන්වීම ජනමාධ්‍ය ආචාරධර්ම ලෙස හදුනා ගනිමු.



  ආචාරධර්ම පද්ධතියක පැවතිය යුතු මූලික ම ගුණාංගය වන්නේ පුද්ගලික භාවයේ අයිතිය යි. එය උල්ලංඝනය කරමින් තොරතුරු දැනගැනීමේ අයිතිය තහවුරු කිරීමෙන් පලක් නැත. ආචාරධර්ම පිළිබඳ කතිකාව මෙ තරම් පුළුල් වීමට හේතුවක් වී ඇත්තේ පෞද්ගලික භාවහේ අයිතිය සහ තොරතුරු ප‍්‍රකාශ කිරීමේ අයිතිය හේතුවෙනි. විශේෂයෙන් ම අන්තර්ජාලය භාවිතයේ ඇති සමාජ මාධ්‍ය ඉතා බරපතල ලෙස පෞද්ගලික භාවයේ අයිතිය උල්ලංඝනය කරන බවට චෝදනාවක් පවතියි. එ සේ ම තාක්ෂණයේ ඇත්තා වූ ඇති නවීනත්වය තුළ සම්ප‍්‍රධායික නීති අණපනත් හෝ වෙනත් ප‍්‍රථමික ක්‍‍්‍රමවේදයන් මගින් තොරතුරු සන්නිවේදනය වීම ද වැලක්වීමට නො හැකි ය.

  මේ අයුරින් කිව හැක්කේ අන්තර්ජාලය තුළ පවතින විවිධ වෙබ් අඩවි තුළ ආචාරධර්ම පිළිපැදීම මෙන් ම කඩවීම පිළිබඳව ද අධ්‍යයනය කිරීම ද ඉතා වැදගත් බවයි.

No comments:

Post a Comment

Special Cultural Traditions of the Sinhala Hindu New Year in Sri Lanka

  Special Cultural Traditions of the Sinhala Hindu New Year in Sri Lanka. The "Sinhala Hindu New Year" is one of the most import...