බුදු දහම තුළ නිරූපිත කාන්තා
භූමිකාව
කාන්තාව පිළිබඳ විවිධ අවස්ථාවල විවිධ
අර්ථකථන සපයන අතර,
බුදු
දහම තුළ කාන්තාවට හිමිව ඇති ස්ථානය පිළිබඳව සලකා බැලීම එහිදී වඩාත් යෝග්‍ය වේ.
බුදුරජාණන් වහන්සේ හමුවීමට පැමිණි කොසොල් රජතුමා තමන්තේ බිසව වූ මල්ලිකාවන්ට
දියනියක් උපන් බව සැලවීමත් සමගම කනස්සලූවීමට පටන් ගෙන ඇත. එවිට බුදුරජාණන් වහන්සේ
රජුගෙන් විමසන්නේ සිත්තැවුලට හේතුව කුමක් ද? යනුවෙනි.
”ඉත්ටිපිහි ඒකච්චයා යෝග්‍ය පෝය ජනාධිප
මේධාපනී සීලවතී සස්සු දේවා පතිබ්බතා
තස්සා යෝ ජායතී පෝසෝ සුරෝ හෝති දිසට්ටපතී
කාදිසා සුහගියා පුත්තෝ රජ්ජම්ප අනුසාසතී’’
”ඉත්ටිපිහි ඒකච්චයා යෝග්‍ය පෝය ජනාධිප
මේධාපනී සීලවතී සස්සු දේවා පතිබ්බතා
තස්සා යෝ ජායතී පෝසෝ සුරෝ හෝති දිසට්ටපතී
කාදිසා සුහගියා පුත්තෝ රජ්ජම්ප අනුසාසතී’’
ලෙස බුදුන් වහන්සේ රජතුමන්ට අවවාද උපදෙස් දී ඇත. ‘‘රජතුමනි, ඇතැම් කාන්තාවන් පිරිමින්ටත් වඩා ශ්‍රේෂ්ඨ විය හැකියි. ඇයව පෝෂණය කරන්න, නුවණැතිවත්, සිල්වත්වත් වැඩෙන ඇය පතිවත රකින යහපත් බිරිඳක්ව වෙසෙනවා. ඇය ලබන පුතෙක් දක්ෂයෙක් වෙනවා. හෙතෙම රාජ්‍ය අනුශාසනා කරන්නෙක් ද විය හැකියි’’ ලෙස අනුශාසනා කර ඇත.
සිඟාලෝවාද සූත‍්‍රයේද දෙමාපියන් විසින් දරුවන්ට ඉටු කළ යුතු යුතුකම් පිළිබඳව බුදුන් වහන්සේ දේශනා කර ඇති අතර, එහිදී ඒවා ගැහැණු දරුවන්ට වෙනම හෝ පිරිමි දරුවන්ට වෙනම ලෙස වර්ග නොවේ.
‘‘බිරිඳ සැමියාගේ පරම මිතුරිය’’ යි ලෙස බමුණු චින්තනය යටතේ මෙහෙකාරියක් ලෙස කටයුතු කළ කාන්තාවට පුරුෂයාගේ සැබෑ සහකාරියකගේ තත්ත්වය බුදු දහම තුළ හිමිකර දී ඇත. ස්වාමියා මිය ගිය පසු වැන්දඹු වන කාන්තාවට දැක්වූ සෝචනීය ඉරණම වෙනස් කළ බුදුරදුන්, එම කාන්තාවට තම දරුවන් සමගින් වඩාත් සතුටින් ප‍්‍රීතිමත්ව ජීවිතයක් ගත කිරීමට අවශ්‍ය පරිසරය නිර්මාණය කර දීමට සමත් විය. දීඝ නිකායේ සිඟාලෝවා ද සූත‍්‍රයේදී අවධාරණය කළේ ස්වාමියාට පමණක් නොව, ස්වාමියා විසින් බිරිඳටත් සමානව යුතුකම් ඉටු කළ යුතු බවයි. ඒ අතර, බිරිඳට ගරු සරු ඇතිව කතා කිරීම, අවමන් නොකිරීම, අනාචාරයේ නොහැසිරීම, ඉසුරු සම්පත් පවරා දීම, අලංකාර වස්ත‍්‍රාභරණ ගෙනැවිත් දීම ප‍්‍රධාන වේ.
එමෙන්ම සැමියාට මෙන්ම බිරිඳට ද සමාන අයිතිවාසිකම් ලබාදීම ද බුදුරජාණන් වහන්සේ ක‍්‍රියා කර ඇත. එයට කදිම උදාහරණයක් වන්නේ ‘‘නකුල හා සමජීව’’ සූත‍්‍ර දෙකයි. සිංහල ජන සමාජය තුළ පතිවත රකින යහපත් බිරිඳක් නිවසට කැන්දාගෙන ඒම නිවසට සිරිදෙව්දුව වැඩමවාගෙන ඒමට සමාන කරයි. මව සහ පියා අතර සමගිය, සහජීවනය වර්ධනය වන්නේත්, දරුවන් අතර එකමුතු බව ගොඩනැගෙන්නේත් නිවසේ ගෘහණිය වන බිරිඳගේ භූමිකාව මනාව ඉටු කරන නිසයි. තැනට සුදුසු නුවණින්, ස්ථානෝචිත ප‍්‍රඥාවෙන් කටයුතු කරමින් කළ යුතු දේ නිසි ලෙස කලට වේලාවට ඉටු කළ යුතු බව අංගුත්තර නිකායේ උග්ගහ සූත‍්‍රයේ දී ‘‘කිංකාර පටිස්සා විතියෝ’’ ආදී වශයෙන් නිවසේ ආර්ථිකයට කාන්තාවගේ දායකත්වය ලෙස දක්වා ඇත. එමෙන්ම අංගුත්තර නිකායේ චතුත්ත නිපාතයේ සංවාස සූත‍්‍රයේ ද ස්වාමිxභාර්යා සම්බන්ධය විස්තර කර ඇත.
එදා භාරතීය බමුණන් විසින් ලොවත්, ලෝක තත්ත්වයත් මවන්නා ලෙස අදෘෂ්‍යමාන මහා බ‍්‍රහ්මයා හඳුන්වා දෙන විට බුදුරජාණන් වහන්සේ එම තත්ත්වය මවට ලබා දී ඇත.
‘‘බ‍්‍රහ්මාති මාතා පිතරෝ පුබ්බා චරියාති චුච්චරේ
ආහුණෙය්‍යාව පුත්තානං පජාය අනුකම්පතා’’
ආදී වශයෙන් අංගුත්තර නිකායේ තිත නිපාතයේ දැක්වේ. එහි මව ‘‘බ‍්‍රහුම පුබ්බාචරිය ආහුණ්‍යෙය අනුකපෙත’’ ආදී උතුම් නාමයන්ගේ හඳුන්වා දී තිබේ. එමෙන්ම මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා යන සිව් බඹ විහරණයන් බුදුන් වහන්සේ හැරුණු කොට දෙමාපියන් තුළ පමණක් පිහිටන නිසා මවට ‘‘බ‍්‍රහ්මානි මාතා’’ යන නාමය භාවිත කර ඇත.
බුදුරජාණන් වහන්සේ විසින් මවට කෙතරම් විශේෂත්වයක් හිමි කර දී තිබෙනවා ද යන්න සලකා බලන විට මංගල වාසල, පරාභව ආදී සූත‍්‍රවල එය වඩාත් හොඳින් ඉස්මතු වේ. ලාංකේය ජනතාව අතර ප‍්‍රචලිත කියමනක් වන ‘‘බුදුන් වඳින ලෙස වැඳපන් අම්මාට....’’ යන මතයක් සමාජගත වූයේ ද බුදු සමය තුළින් ලැබූ ආභාෂය තුළය. එමෙන්ම මංගල සූත‍්‍රයේ දී මව්පියන්ට උවැටුන්, උපස්ථාන කිරීම උතුම් මංගල කරුණක් ‘‘මාතා පිතූ උපට්ඨානං’’ ආදී ලෙස දක්වා ඇත. එදා බමුණු ආධිපත්‍ය තුළ කාන්තාවක සතු ආගමික හා අධ්‍යාත්මික අයිතිය මුළුමනින්ම උල්ලංඝනය කර සිටිති. නමුත් අන් කිසිදු ශාස්තෘවරයකු, වත්තෘරයකු, විසින් ක‍්‍රියා නොකළ පරිදි අසහාය පරිශ‍්‍රමයක් දරමින් කාන්තාව ඕනෑම උසස් පුරුෂයකුගෙන් පවා වැඳුම් ලබන තත්ත්වයට බුදුන් වහන්සේ විසින් පත් කර ඇත.
එමෙන්ම උවැසියන් භික්ෂුණියන් ලෙසත්, එපමණක් නොව, අරහත් බව ආදී උසස් අධිගමයන් පසක් කළ නික්ලේෂී උත්තමාවියක් ලෙසත් ඇය තථාගත අංගිරසයන් වහන්සේ මහා කරුණා ශාසනය තුළ අතිශයින් සම්භාවනාවට පාත‍්‍ර විය. මෙය කාන්තාවට නිදහසේ තම ජීවිතය ගොඩනංවා ගැනීමේ මූලික අඩිතාලමයි.
නිර්මාණී
No comments:
Post a Comment