මා දුටු සිත්තම්

Showing posts with label වාහන විත්ති. Show all posts
Showing posts with label වාහන විත්ති. Show all posts

Monday, June 25, 2018


වාහනයක් මිලදී ගැනීමට පෙර මේ ගැනත් සිතන්න.

තමන්ගෙම වාහනයක් කියන්නෙ අපි කාගෙත් හීනයක්. කෙනෙක් ඒ හීනෙ දකින්නේ දවසක්, සතියක්, මාසයක් අවුරුදු ගාණක් වුණත් වෙන්න පුළුවන්. ඉතින් තමන්ගෙම කියලා වාහනයක් ගන්න ඉන්න  ඕනම කෙනෙක්ට මේ ලිපිය වඩාත්ම වැදගත් වෙනවා.




වාහනයක් මිලදි ගැනීමේදී පිටත ආකර්ශණය නිසා ව්‍යාජ ව්‍යාපාරිකයන්ට රැුවටෙන බොහෝ අය අපි අතරම ගැවසෙන බව කිව යුතුමයි. වාහනයේ පිට පෙනුමට වගේම වාහනයක් මිලදී ගැනීමේ අත්‍යවශ්‍යතාව මූලික කරගෙන ඔබත් මොනයම් හෝ මොහොතක රැුවටීමකට ලක් වෙන්න පුළුවන්. එහෙමත් නැතිනම් රැුවටීමකට ලක්වූ කෙනෙක් වෙන්නත් පුළුවන්. ඔබ මහන්සි වී උපයන මුදල ප‍්‍රයෝජනවත් යමකට යෙදීමට පෙර වඩාත් සැලකිලිමත් විය යුත්තේ ඒ නිසයි. මෙහි සඳහන්වන කරුණ ඔබට එම තත්ත්ව වලින් අත්මිදීමට උදව් වේ

පළමුවෙන්ම වාහනයේ ලියාපදිංචි සහතිකය පිළිබඳව සැලකිලිමත් වියයුතුය. එය මෝටර් රථ ප‍්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂා කර වංචනික එකක් නොවන බවට සහතිකය මෙන්ම අනෙකුත් ලියකියවිලි වල නිරවද්‍යය බව තහවුරු කර ගැනීම ඉතා වැදගත්. එමෙන්ම වාහනයක් මිලට ගැනීමේදී වාහනය නැවත විකිණීමේදී පහසුවෙන් විකුණා ගැනීමේ හැකියාව කෙබඳු ද යන්න සොයා බැලීමද අත්‍යයවශ්‍යය කරුණක්.

එමෙන්ම ඉන්ධන ලීටරයකින් ගමන් කළ හැකි දුර ප‍්‍රමාණය පිළිබඳවද හොඳින් විමසා බලන්න. එය ඔබ වැය කරන මුදලට සාධාරණයක් ඉටු කිරීමට බලපානු ලබන ප‍්‍රබල කරුණක්. එමෙන්ම එම වාහනය අනතුරකට ලක්වී අලූත්වැඩියා කර අත්දැයි බැලීම ඉතාම සුදුසුයි. එමෙන්ම වාහනයේ පිටත සහ ඇතුලත දිරාපත්වීම පිළිබඳවද සොයා බලන්න. දොරවල්වල තත්ත්වය විමසා බැලීමද කළ යුතුමයි.

වඩාත් වැදගත් වන්නේ එන්ජිම වඩා රත්වී ඇත්දැයි පරීක්ෂාකිරීමයි. :ඹබාැර ක්‍දපචරුිිසදබ* එන්ජිමේ තෙල් මට්ටම පරීක්ෂා කරන කූර :ෘසචිඑසජන* ගලවා එන්ජිම පණගන්්න. එවිට පීඩනයක් සහිත තෙල් බිංදු සහ අධික දුමක් එළියට පැමිණෙන්නේනම් එන්ජිම අධිකව ගෙවී ඇති බව පෙන්නුම්කරයි. සමහර වාහනවල ටැපට් කවරයේ ඇති තෙල් මූඩිය ඉවත් කිරීමෙන්ද පැහැදිවල පරීක්ෂා කළ හැකිය. එමෙන්ම ටයර් වල තත්ත්වය සහ ධාවනය කර ඇති කිලෝමීටර ගණනද සොයබැලීම වැදගත්. වාහනයක් මිලදී ගැනීමට යාමේදී දක්ෂ කාර්මිකයෙකුගේ සහය ලබා ගන්නේනම් ඉතාමත් ප‍්‍රයෝජනවත්. වාහනය ඔසවා චැසියේ වෙනස් කිරීමක් හෝ ක‍්‍රියාකාරී කොටස් වල වෙනස් කිරීමක් කර ඇත්දැයි සෙවීමද ඒ හා සමානව වැදගත් වෙනවා.
ඔබ වඩාත් සැලකිලිමත් විය යුත්තේ ලියාපදිංචි සහතිකයේ ඇති එන්ජින් අංකය සහ චැසි අංකය වාහනයේ සලකුණු කර ඇති අංක සමඟ ගැලපේ දැයි පරීක්ෂා කිරීමටයි.
චැසි අංක :ක්‍ය්ිිසි භමපඉැර* සහ එන්ජින් අංක :ෑබටසබැ භමපඉැර* වංචනිකව වෙනස් කළ වාහන රාශියක් මහා මාර්ගවල ධාවනය වන අතර ඒවා ඉතා සූක්ෂමව වෙනස් කරන වංචනකියන් ඇති බවද හොඳින් දැනුම්වත් වන්න.

වාහනයේ අයිතිකරු වාහනය හොඳින් නඩත්තු කර නැත්නම් ඔබ වාහනය මිළදී ගත් පසු සියලූම තෙල් සහ පෙරහන් මාරු කර සේවා කටයුතු අවසන් කර එම විස්තර සටහන් කර ගන්න. ඉන් පසුව ඔබේ කාර්මිකයා ලවා රෝද ගලවා බ්රේක් ලයිනර්  වත තත්ත්වය සහ බෙයාරින් වල තත්ත්වය සොයා බලා නිවැරදි කර ගන්න.

තවද එන්ජිම ගියර පෙට්ටිය, ඩිපරැුන්ෂලය, සුක්කානම් පද්ධතියේ සහ තිරිංග පද්ධතියේ, සුළු තෙල් කාන්දුවීම් ඇත්නම් ඒවා් අලූත්වැඩියාකර ගන්න. මීට අමතරව රේඩියේටරයට සම්බන්ධ සියලූ කොටස් වල දෝෂ වායු සමීකරණ පදධතියේ දෝෂ සහ විදුලි පද්ධතියේ දෝෂ ද එයට අදාල කාර්මිකයින් ලවා පරීක්ෂා කර ගන්න. ටී බෙල්ට් : සහිත වාහනයක් නම් ඒ ගැන සොයා බලා මාරකර ගැනීමෙන් එන්ජිම විනාශයට පත්වීම වළකාගත හැකිය. මෙය කිලෝමීටර 90000කට පසු මාරු කළ යුතුය

ඔබ කාර්මිකයෙකු ලවා වාහනයේ අනිවාර්යෙන්ම පරීක්ෂා කරගත යුතු කොටස් වන්නේ එන්ජිමේ තෙල් කාන්්වීම, පෙට්රල් කාන්දුවීම, ජල කාන්දුවීම සහ අත්‍යවශ්‍යය ශබ්ද පරීක්ෂාව, එන්ජිම පරීක්ෂාව පරීක්ෂණ ධාවනයකින් සිදු කිරීම, තිරිංග ගිරය පෙට්ටිය  සහ වාහනයේ අත්‍යවශ්‍යය ශබ්ද පරීක්ෂාවයි. එමෙන්ම මීටර් පුවරුවේ ඇති දර්ශන වල ක‍්‍රියාකාරීත්වය සහ විදුලි ආලෝක සුක්කානමේ තත්්ත්ව් ආදියද පරීක්ෂා කරවා ගැනීම ඔබ මිලදී ගන්නා වාහනයේ ගුණාත්මක බව තහවුරු කරවීමට සමත් වේ.

නිර්මාණී 




අනතුරකදී ඔබ ආරක්ෂාකරන ඔබේ සමීපතමයා ...


ඔබ ඔබේම වාහනයක් මිලට ගැනීමට මැවූ සිහින සැබෑ කරගත්තද වර්තමානයේ සුලබව සිදුවන රිය අනතුරු හේතුවෙන් ඔබ වඩාත් අනාරක්ෂිත බවකින් පෙළෙන බව කණගාටුවට කරුණක්. මග තොටදී ඔබ කෙතරම් ආරක්ෂිත යැයි සිතුවත් අන්කවරෙකුගේ හෝ වැරැුද්දක් හේතුවෙන් අනාරක්ෂිත තත්ත්වයකට පත්වීමට පුළුවන් නමුත් ඒ කවර අනාරක්ෂිත බවකින් වුවද ඔබව ආරක්ෂා කිරීමට ඔබේ සමීපතමයා වන ඔබගේ වාහනයට හැකියාවක් පවතින බව ඔබ දන්නවාද? අනතුරකදී ඔබව ආරක්ෂාකරන වාහනවල පවතින විවිධ කොටස් පිළිබඳව ඔබ දැනගත යුත්තේ ඔබව වඩාත් ආරක්ෂිිත අයෙකු බවට පත්කිරීමට අවශ්‍ය නිසායි.



වාහනයක ආරක්ෂාකාරී බව වැඩි කිරීමට යොදන පද්ධතියක් ඇත. ඉන් එකක් වන්නේ සක‍්‍රිය ආරක්ෂණ ක‍්‍රම නැතිනම් මේ කොටසට අයත් වන්නේ සෑම විටකම අනතුරක්වන සම්භාවිතාව අවම කරන පද්ධතියයි. එමෙන්ම වාහනයක් අනතුරකට මුහුණදෙන අවස්ථාවක ගමන් කරන මගීන් ආරක්ෂා කරන පද්ධතියක්ද තිබේ. එය අක‍්‍රිය පද්ධති හෙවත් නම් වේ. කිසිදු හේතුවක් මත රිය අනතුරක් සිදු වුවහොත් මගීන් මියයාම හෝ තුවාලවීම සිදුවන සම්භාවිතාව අඩුවන්නේ මෙම පද්ධති නිසයි. 

ප‍්‍රධාන වශයෙන්ම පද්ධතියේ කොටස් කිහිපයක් මෙහිදී සලකා බැලිය හැකිය. ඉන් පළමුවැන්න තමයි වාහනයේ සැකිල්ල හෙවත් චැසිය. නිවැරදිව නිර්මාණය කළ සැකිල්ලක් සෑම විටම නිමවා ඇත්තේ මිනිසුන් ගමන් කරන ප‍්‍රදේශය  ආරක්ෂාවන ආකාරයටයි. මගී කුටියට ඉදිරිපසින් පැතිවලින් සහ පිටුපසින් ඇති වාහනයේ අනෙක් සෑම කොටසක්ම නිර්මාණයවන්නේ අනතුරකදී මගී කුටියට හානියක්වීම අවම වන ලෙසයි. වාහනයේ වහලය කොටස ශක්තිමත්ව නිමවා ඇත්තේ වාහනය පෙරලීමේදි මගී කුටියට හානි අවම වන ලෙසය. ‘‘ඉස්සරවගේ නෙවෙයි. දැන් වාහන යන්තම් වැදුනත් තැලෙනවා’’ ලෙස නිතර මෙම ප‍්‍රකාශය සවනක වැකුණත් නවතම වාහන නිර්මාණවල සැකිල්ල එලෙස නිර්මාණය කරනුයේ අනතුරු වැළකීම සඳහායි. මෙලෙස තැලීමට නිපදවා ඇති කොටස ක්‍රමපචකැ ’දබැ නම් වේ. මෙනිසා වාහනය තුළ සිටින මගීන් වඩාත් ආරක්ෂාකාරීවනවා. මාර්ගයේ ගමන් කරන විට වාහනයක් යම් අයෙකුගේ හැපුණත් අනතුර අවමයි.

මීළඟට වාහන ආරක්ෂාව පිළිබඳව සැලකීමේදී අපගේ මතකයට වඩාත් පැමිණෙන්නේ වායු බැලූනය එයාර් බෑග්යි. ආරක්ෂක උපාංග බොහොමයක් මෙන්ම වායු බැලූනද මුලින්ම සවි කෙරුනේ වාහනවලටයි. වාහනයක යන මගීන් අනතුර සිදුවන වෙලාවක මගී කුටියේ වැදීම නිසා තුවාල වැඩිපුර සිදුවන්නට පුළුවන්. මෙම උපාංගයෙන් කරනුයේ අනතුරකදී විසිවෙන මගීන් විශාල වායු බැලූනයක ගැටෙන්නට සැලැස්වීමය. බැලූනය පහසුවෙන් තැලෙන නිසා අනතුරකදී මුහුණ පපුව සහ බෙල්ල වැනි ස්ථානවලට අනතුරුවීම අවම වේ. වායු බැලූනයක් ඉතාම අඩු කාලයකින් සම්පූර්ණව පිම්බිය හැකියි. සාමාන්‍යයෙන් පැයට කිලෝමීටර් 70 ක වේගයෙන් ගමන් කරන වාහනයක් අනතුරට පත්වුවහොත් රියදුරා සුක්කානමේ වදින්නට ගත වන්නේ තප්පර 0.02 ක සුළු කාලයකි. ඉන්පෙර බැලූනය පිම්බීම අවශ්‍යයි. එනිසා බොහෝ වේලාවට මේ වායු බැලූන පිම්බීමට යොදනුයේ සෝඩියම් එසයිඞ්, සිලිකන් ඩයොක්සයිඞ් වැනි ද්‍රව්‍යකි. මෙවැනි වායු බැලූන වර්තමානයේ වාහනවල පදිකයන් ආරක්ෂා කිරීම සඳහා ද පිටතින් සවිකර ඇති බව විශේෂයෙන් සඳහන් කළ යුතුයි. පැති එයාර්බෑග් සහ කඳ කොටස සඳහා ඇති එයාර් බෑග්වලින් සිදු වන්නේ හරස් මාර්ගවලදී වාහනයට පැත්තකින් තවත් වාහනයක් වැදුනු වේලාවක හිස හා ඇලපත දොර ඇන්දේ ගැටී සිදුවන තුවාල අවම කිරීමයි. 

ආසන පටි සීට් බෙල්ට්පිළිබඳව විමසා බැලීමේදී මෙය අතීතයේ පටන්ම පැවති තාක්ෂණයක් බව පෙනී යයි. නමුත් එය මේ වනවිට වඩාත් ආරක්ෂාකාරී වන අන්දමින් සකස්කර ඇත. අනතුරක් වන අවස්ථාවේදී වායු බැලූනයෙන් සිදුවන ක‍්‍රියාවට සහය ලබාදීම මෙයින් සිදුවේ. බැලූන වාහනයේ ඇතුළේ නොඑබෙන ස්ථානවල වැදීමට ඇති අවස්ථාව අවම කරමින් ආසන පටිවලින් මගින් ඉදිරියට විසිවීම අවම කරයි. මෙහිදී විශේෂයෙන් සැලකිලිමත් විය යුත්තේ නිවැරදිව ආසන පටිය පැළඳීම සම්බන්ධවයි. මීට අමතරව අනතුරකදී මගීන් විසි වීමට කලින්ම සීට් බෙල්ට් තදවන නවතම තාක්ෂණයක් මේ වන විට දක්නට ඇත. එය නම් වේ. එසේත් නැත්නම් එය පූර්ව ආතති උපාංග ලෙස නම් කරයි. 

ඉදිරිපස වීදුරුව එසේත් නැතිනම් ආරක්ෂිත වීදුරුව ලෙස නම්වන්නේද සීට් බෙල්ට් මෙන්ම පැරණි තාක්ෂණයකි. අතීතයේදී වාහන අනතුරු වූ විට කැපීම්, සීරීම්, සිදුවන්නේ මෙම වීදුරුව හේතුවෙනි. නමුත් මේ වනවිට එලෙස සිදු නොවන ලෙස වීදුරු තහඩු දෙක මැද්දට ඇදෙන සුළු පටලයක් එක්කර ඇත. මේ නිසා ඉදිරිපස වීදුරුවට පීඩනයක් යොදා කඩා දැමුවද මගීනට  හානියක් සිදුවන්නේ නැත. මෙනිසා අනතුරකදී වීදුරුව පසාරුකරගෙන මගීන් එළියට විසිවීම සිදු නොවේ. මේවා අතීතයේ භාවිත කළ වීදුරුමෙන් නොව ඉක්මනින් කැඞී යන්නේද අනතුරකදී හානිය අවම කරවීම සඳහායි. මෙම වීදුරු, රසායනික ක‍්‍රම මගින් ආතතියට ලක්කල වීදුරුවලින් සාදා ඇතිනිසා එහි කොනක් කැඞීමට ලක් වුවද පහසුවෙන් බිඳීයයි. එමගින් අනතුරකදී වීදුරු කුඩු මගින් මගීන්ට සිදුවන හානි අවම වේ. මෙලෙස වාහනයක විවිධ කොටස් මගින් අනතුරුවලදී මගීන්ට ආරක්ෂාව ලබාදීමට හැකියාව ලැබේ.

නිර්මාණි 



මෝටර් රථ අලූත්වැඩියාවකදී සැලකිලිමත්විය යුතු කරුණු

මෝටර් රථ අලූත්වැඩියව පිළිබඳව විමසීමේදී පහත කරුණු පිළිබඳව වඩාත් සලකිලිමත් විය යුතුය. වාහනයක් හරියාකාරව පණගැන්වෙන්නේ නැත්නම්, එන්ජිමේ උෂ්ණත්වය සාමාන්‍ය මට්ටමට වඩා වැඩි වේ නම්, එමෙන්ම ප්ලග් වලට තෙල් වදින්නේ නම්, රේඩියේටර කූලන්ට් හී තෙල් බිඳිති කලවම් වී ඇත්නම්, සයිලන්සරයෙන් සුදු දුම් නිකුත් වන්නේ නම්, එමෙන්ම සම්ප් එකේ ඇති තෙල් වලට වතුර කලවම් වී ඇති නම් එම එන්ජිමේ ගෙවීම සහ වතුර හෝ තෙල් අඩුව දිවීම වැනි දේ හා සම්බන්ධ ප‍්‍රශ්න පෙන්වයි. එන්ජිමේ සම්ප් එකට වතුර යන්නේ, එන්ජිම අන්තිමටම පිරිහී ගිය විටය. ඉන් පෙර අවස්ථාව නම්, රේඩියේටර් කූලන්ට් එක ලිහිස්සුම් තෙලෙන් අපවිත‍්‍ර වීම දැකිය හැකි වීමය. මක්නිසාද යත්, එන්ජිම ඇතුළේ ඇතිවන පීඩනය සහ ඔයිල් පීඩනය රේඩියෙටරය ඇතුළේ ඇතිවන පීඩනයට වඩා වැඩිවන හෙයින්, මුලින්ම වන්නේ එන්ජිම ඇතුළේ ඇති අධි පීඩිත ලිහිස්සුම් තෙල් කූලන්ට් එකට කලවම් වීමය.
වාහනයක උෂ්ණත්වය වැඩි වීමට එකම හේතුව වාහනයේ ගෑස්කට් යාම පමණක්ම නොවේ. එසේ හෙයින් වාහනය කල්පනාවෙන් පරීක්ෂා කර නිගමනයකට බැසිය යුතුය. සමහරවිට රේඩියේටර පංකාවක් ක‍්‍රියාවිරහිත වන්නට ඉඩ ඇත. නැතහොත් හෝස් එකක් ලීක් විය හැක. එසේ ඇති වන උෂ්ණත්වය නිෂ්පාදකයාගේ පොතේ කියන ආකාරයට වඩා වැඩි වේ නම්, එන්ජිම ක්ෂණිකව නැවැත්විය යුතු වේ. හැකි ඉක්මනින් එම උෂ්ණත්වය අඩු කිරීමට කටයුතු කළ යුතුය. වාහනයේ වායුසමීකරණ යන්ත‍්‍රය ක‍්‍රියා විරහිත කර, කැබින් උෂ්ණත්වය උපරිම කිරීමට භාවිත කරන වාහනයේ ඩෑෂ් බෝඞ් එකේ ඇති නොබ් එක, (තර්මොස්ටැට් එක පාලනය කිරීම.* උණුසුම් පැත්තට කරකවා බ්ලෝවරය ක‍්‍රියාත්මක කළ යුතු වේ. උණුසුම් වායුව වාහනය ඇතුළට පැමිණෙන්නේ එන්ජින් බ්ලොක් එකෙන් හෙයින්, එය එන්ජිම සිසිලනයට උපකාරී වේ. කෙසේ හෝ එන්ජිමේ ලිහිස්සුම් තෙල් වල උෂ්ණත්වය ඉහළ යාම, එම තෙල් වල දුශ‍්‍රාවිතාවයට බාධාවක් හෙයින්, අවශ්‍ය කරන ලද නඩත්තුව නිම වූ පසු, අලූතෙන් ලිහිස්සුම් තෙල් දැමීම අනිවාර්ය වේ.

ඉහත කී සියලූම ආකාරයේ දෝෂ පැමිණිවිට, සාමාන්‍ය නඩත්තු කටයුතු වලින් ඒවා මඟහැරිය නොහැකි බව පෙනෙන විට, වාහනයේ ගෑස්කට් එකෙන් මෙන්ම වෑල්ව්ස් වලින් කරන කාර්යයන් නොකෙරෙන බවට අනුමාන කළ හැක. ඔබ තරමක් වාසනාවන්තයෙක් නම්, මේ ප‍්‍රශ්නය ඇතිවෙන්නට ඔයිල් කූලරය හේතුවක් වෙන්නට ඉඩ ඇත. ඔයිල් කූලරය යනු; වාහනයේ ලිහිස්සුම් තෙල් සිසිලනය සඳහා භාවිත කරන උපකරණයකි.   මේ ආකාරයේ ඔයිල් කූලර් හැම වාහනයකම නැති බව සලකන්න. එහි එක පැත්තකින් රත්වූ තෙල් එන අතර, අනෙක් පැත්තෙන් වතුර නිසා සිසිලනය වූ තෙල් එළියට පැමිණේ. මේ කූලරය ඇතුලේම, රේඩියේටරයේ සිසිල් දෙසින් එන ජලය ඇතුළට ගොස් ඉහත කී රත්වූ තෙල් නිසා රත් වූ ජලය ඉවතට පැමිණේ. ඔයිල් කූලරය සම්පීඩනය කර, රැුයක් එළිවන තුරු තැබීම මඟින්, ඔයිල් සහ ජලය කලවම් වේදැයි සොයා ගත හැක. එහි පීඩනයේ වෙනසක් ඇති නොවේ නම්, ඔයිල් කූලරය හොඳ තත්ත්වයේ වේ.

ඔයිල් කූලරයේ දෝෂයක් නොමැති බව තහවුරු නම්,  ගෑස්කට් එක දෙස ඉන් පසු බැලිය යුතුය. ගෑස්කට් එක යනු, එන්ජින් බ්ලොක් එකත්, හෙඞ් එකත් අතර ඇති පැතලි ශීට් එකක් වැනි දෙය වේ. වාහනයේ ගෑස්කට් ගිහින් කියන දෙය කාර්මිකයෙක් නොවන සාමාන්‍ය කෙනෙක් වුවද කියන දෙයකි. මෙය නම් විශාල හෙනහුරු අපලයකි. ගෑස්කට් ගිය විට සිදුවිය හැකි දේවල් කිහිපයක් නම්,
1. අක‍්‍රමවත් දහන පහරවල්.
2. සිලින්ඩර වල සම්පීඩිත ප‍්‍රමාණය වෙනස් වීම.
3. ෑක්‍ඹ එක මඟින් පෙන්වන විවිධ දෝෂ.
4. මැනින්ෆෝල්ඞ් වල තෙල් ලීක් දැකීමට හැකි වීම.
5. එන්ජිමේ උෂ්ණත්වය ඉහළ යාම.
6. වාහනයේ බලය අඩු වීම.
7. දුම් දැමීම සහ වයර් තෙල් වැනි දේ කර වන ආකාරයේ ගඳ ගැසීම.


අධික උෂ්ණත්වයකදී, එන්ජිමක බ්ලොක්එක සහ හෙඞ්එක යන කොටස් දෙකෙන් එන්ජින් හෙඞ් එක ඇදවීම වැඩියෙන්ම සිදු වේ. බ්ලොක් එකක් ඇද වුණොත් හෝ බිඳවීමක් වුවහොත්, එම බ්ලොක් එක අලූතෙන් දමනවා හැර වෙන කරන්න දෙයක් නැත. හෙඞ් එක බ්ලොක් එකට වඩා සාපේක්ෂව කුඩා නිසා, අධික උෂ්ණත්වයකදී එහි ඇදවීම් විය හැක. එසේ හෙයින් එය ෆේස් කර ගැනීම අවශ්‍ය වේ.
මේ නඩත්තුවේ කොටසක් ඔබටම කර ගත හැක. එහෙත් මෙය ප‍්‍රායෝගිකව කිරීම නම්, එතරම් සිත් අදිනසුලූ දෙයක් නොවේ. ග‍්‍රීස්, වතුර මජන් වැනි බොහෝ දේ ඔබට අත පත ගාන්නට සිදුවෙනු ඇත. මුලින්ම කළ යුත්තේ වාහනය හරියට පාක් කර, රේඩියේටර් කූලන්ට් ඉවත් කිරීම සඳහා එයට අදාළ කරාමය ඇරීමය. සමහර වාහන වල කූලන්ට් ඉවත් කරන ආකාරයේ කරාම නැත. ඒ ආකාරයේ වාහන වල පහළම ඇති හෝස් බටය ගලවා කූලන්ට් ඉවත් කරන්න. දැන් හෙඞ් එකට ඉහළ ඇති බට, ඉන්ටේක් -එක්ෂෝර්ස්ට් මැනින්ෆෝල්ඞ්, සහ නොයෙක් ආකාරයේ එන්ජින් කවර සහ ටැපට් කවරයෙන් ආරම්භ කර හෙඞ් එක ගලවා ගන්න. සමහර වාහන වල ටයිමින් චේන් එක සහ ටෙන්ෂර්නර් ඉවත් කිරීම, හෙඞ් ගැලවීමට පෙර කළ යුතු වේ. මේ සඳහා සමහර අවස්ථාවල් වලදී විශේෂ ආයුධ පාවිච්චි කළ යුතු වේ. එම නිසා එක් එක් වාහනය සඳහා ක‍්‍රම, වෙනස් අයුරු නිසා, වාහන නිෂ්පාදකයාගේ පරිශීලනය කිරීම මැනවි.
හෙඞ් එක ගැලවූ පසු ඔබට ගෑස්කට් එකේ තත්ත්වය දකින්නට ලැබෙනු ඇත. මුල් කාලයේ ගෑස්කට් තනා තිබුණේ තඹ වලින් වුවද අද කාලයේ ගෑස්කට් එයට වඩා සංකීර්ණව තනා ඇත. බොහෝ නවීන ගෑස්කට් වල ෆයිබර් අඩංගුය. එසේ හෙයින්, ඒවා ගලවන විට ඉතා ප‍්‍රවේශම් විය යුතුය. එනම් ආශ්වාසයේදී මේ ෆයිබර් සියුම් කොටස් පෙණහලූ වලට යාම සෞඛ්‍යමය වශයෙන් අනතුරු දායකය. මුහුණු ආවරණයක් දමා මෙය කිරීම මැනවි. තවද මේ කැඞී යන කොටස් ලිහිස්සුම් තෙල් සහ වතුර එන -යන මාර්ග අතරට නොයන ලෙස ගෑස්කට් එක ගැලවීම වැදගත් වේ. එයිරෝසොල් ගෑස්කට් රිමුවල් වර්ගයේ ද්‍රාවණයක් භාවිත කිරීම සුදුසුය.
පැරණි ගෑස්කට් එක ඉතා පරීක්ෂාවෙන් ගලවන්න. එයට යට ඇති පෘෂ්ට නිරීක්ෂණය කරන්න. එහෙත් ගෑස්කට් එකේ කැඞී ගිය කෑලි පරණ ස්කුරුප්පු නියන් හෝ, පිහි තුඩු වැනි දේවල් වලින් ගලවන්න යාම නුවණට හුරු දෙයක් නොවේ. ඇත්ත වශයෙන්ම, මෙතනින් එහාට හෙඞ් එක ෆේස් කිරීම සඳහා පළපුරුදු ලියවනපට්ටල් කරුවෙක්ට බාර දිය යුතු වේ. ඡුරදසෙකදපැඑැර වැනි සංකීර්ණ ඉලෙක්ට්‍රොනික මෙවලම් භාවිත කරන ලංකාවේ ඉතා දක්ෂ ලියවනපට්ටල් කරුවන් සිටී. ඔවුන් නම් වශයෙන් මෙහි සඳහන් කළ නොහැකි බව කරුණාවෙන් තේරුම් ගන්නා මෙන් ඉල්ලමි. හෙඞ් එක ෆේස් කිරීම, වාහනයේ තත්වය (ීචැජසසෙජ්එසදබ* අනුව ඉතා කල්පනාවෙන් කළ යුතු දෙයකි. කිසියම් හේතුවක් නිසා  ඕනාවට වඩා හෙඞ් ෆේස් වුවහොත්, ඒ ඉවත්වන ලෝහ නැවත හෙඞ් එකට එකතු කළ නොහැක. ඇලූමීනියම් හෙඞ් ඇද වීමේ සම්භාවිතාව වැඩි වේ. එහි ඇදවීම පියැවී ඇසට දැක ගත නොහැකි වේ. එසේ හෙයින් ඒවා ෆේස් කිරීමට පෙර ඇද ඉවත් කිරීම වැදගත් වේ. මේවා එකක්වත්, අඩුම තරමේ මිලින් මැෂිමක් නැති සාමාන්‍ය වැඩපොළක කර ගැනීමට නොහැක. අන්තිමට කළ යුත්තේ හෙඞ් එක සම්පීඩනය කිරීමය. එයින් හෙඞ් එකේ ඇසට නොපෙනෙන ආකාරයේ බිඳීමක් ඇත්නම් සම්පීඩිත පරීක්ෂාව මඟින් සොයා ගත හැක. මෙහි ප‍්‍රතිපලය පට්ටල් වැඩපොළෙන් දැනගත හැක.

දැන් කළ යුත්තේ වෑල්ව් ග‍්‍රයින්ඞ් කිරීමය. වෑල්ව් ඉවත් කිරීම සඳහා අවශ්‍ය නියම ආයුධ භාවිත කිරීම වැදගත්ය. පරණ බාස් උන්නැහේලා නම් වෙන ක‍්‍රම භාවිත කළහ. මුල් කාල වල නම් බස් එන්ජින් වුවද ග‍්‍රයින්ඞ් කළේ අතිනි. එහෙත් අද යුගයේ වඩාත් නිරවද්‍ය ලියවනපට්ටල් ඇති නිසා, මේ සම්බන්ධව කරදර විය යුතු නොවේ. මේ අවස්ථාවෙන් පසුව, එම වෑල්ව් වල ඇති සීල් අලූතෙන් දැමීම කළ යුතු වේ. හෙඞ් එක ගැලවීමකදී පමණක් මෙය කළ හැකි නිසා, ඒ අවස්ථාවෙන් ප‍්‍රයෝජන ගත යුතුය. එසේ නොමැති නම්, ලිහිස්සුම් තෙල් වෑල්ව් බඳ දිගේ විත් පිච්චී සුදු පැහැ දුම් ඇතිවිය හැක. මේ ආකාරයේ සියලූ නඩත්තු කටයුතු නිමවූ පසු, සියලූ කොටස් පෙට‍්‍රල් වලින් සේදිය යුතු වේ. සාමාන්‍යයෙන් දැමීමට අපහසු ප්ලග්ස්, හෝස් වැනි සියලූම දේ අලූතෙන්ම දැමීම වැදගත් වේ.

                                                       නිර්මාණී



ස්වයංක‍්‍රීය වාහනයක් දකින දිනය වැඩි ඈතක නොවේ.

ඔබ බොහෝ දෙනෙකුගේ ළමා කාලයේ රසබර මතක අතර ස්වයංක‍්‍රීයව ධාවනය වන මෝටර් රථයක් පිළිබඳව සිහිනයක් තිබීම සුලභ කරුණක්. එදා ඔබ දුටු සිහිනය Knight Rider  ඉංග‍්‍රීසි කතා මාලාවෙන් ඔබ වෙත ගෙන ආ KITT මෝටර් රථය නිසා තවත් වැඩි වූ බව නම් රහසක් නොවේ. කාලයක් සමඟ ඔබ දුටු සිහින්ය සිහිනයක්ම පමණක් නොවන බව කියන්නටයි මේ සූදානම.



අදවන විට ලොව සුප‍්‍රසිද්ධ සමාගම් ගණනාවක් ඇමෙරිකානු ඩොලර් මිලියන ගණනින් මෙවැනි ව්‍යාපෘති වෙනුවෙන් දැනටමත් කටයුතු සැලසුම් කරන අතරම සමාගම් දෙකක් එක්වී සම්පූර්ණ වශයෙන්ම ස්වයංක‍්‍රීය මෝටර් රථයක් එළිදැක්වීමට සූදානම්. මෙය ,"Self Driving Car" , ලෙස නම්කර ඇත. 

නවීන තාක්‍ෂණය ද උපයෝගී කර ගනිමින් ස්වයංක‍්‍රීය මෝටර් රථයක් සාමාන්‍ය ජනතාවට භාවිත කිරීම සඳහා හැකියාව ලැබීම වර්තමානය වන විට අප ලබා ඇති තාක්‍ෂණික දියුණුවේ ප‍්‍රතිඵලයක් බවද කිව යුතුමයි.

මෙම මෝටර් රථය තුළ විශාල සංවේදක ප‍්‍රමාණයක් අන්තර්ගතව ඇති අතර මෙම සංවේදක තුළත් රියදුරා ගතයුතු තීරණ ගැනීම සඳහා පරිගණක වෙත දත්ත සැපයීම සිදුකරයි. මෙම පරිගණක වලට ක‍්‍රීඩාංගන දෙකක් පමණ දුරින්  ඕනෑම දිශාවකට ඇති වස්තූන් හඳුනාගැනීමේ හැකියාවක්ද පවතී. මෙම ක‍්‍රමය තවමත් පර්යේෂණ මට්ටමේ පවතින අතර ඔබට නුදුරු දිනයකදීම අපූර්ව අත්දැකීමක්ද සමගින් ස්වයංක‍්‍රීය මෝටර් රථ සිහිනය සැබෑ කරගත හැකියි.



Friday, June 2, 2017

මෝටර් රථයක සිසිලන පද්ධතිය හඳුනා ගනිමු.


මෝටර් රථයක සිසිලන පද්ධතිය හඳුනා ගනිමු.

සිසිලන පද්ධතිය  යනු මෝටර් රථයක ඉතාම වැදගත් පද්ධතියකි. වාහනයට ලබාදෙන ඉන්ධනවල පවතින රසායනික ශක්තිය, චාලක ශක්තිය බවට පත්කර කැරකුම් බලයක් ලෙස රෝදවලට ලබාදීමේදී එනම් ශක්තිය පරිවර්තනය කිරීමේදී වැඩි ප‍්‍රමාණයක් තාපය ලෙස අපතේ යයි. මෙම තාපය හේතුවෙන් එන්ජිමේ ලෝහ කොටස් අධිකව ප‍්‍රසාරණයට ලක්වී එන්ජිමට දැඩි හානි සිදුවිය හැකියි. මෙම නිසා තාපය ඉවත්කර එන්ජිම නියමාකාරව ක‍්‍රියාත්මක කරවීමට සිසිලන පද්ධතිය ඉතා වැදගත්. එම නිසා මෙම ලිපියෙන් අපි ඔබට වාහනයක සිසිලන පද්ධතිය පිළිබඳව දැනුමක් ලබා දීමට තීරණය කළා.



වාහනයක එන්ජින් බඳ එසේත් නැතිනම් බ්ලොක්  තුළ එකිනෙකට සම්බන්ධ කුහර විශේෂයක් පවතී. මෙම කුහර තුළ සෑම විටම ජලය නැත්නම් සිසිලනකාරකය ගමන් කරමින් පවතී. මෙය වෙනත් ලෙසකින් කූලන්ට් ලෙසද නම් කරයි. මෙලෙස ගමන් කරන කූලන්ට් මගින් එන්ජිමේ නිපදවන අමතර තාපය අවශෝෂණය කරගනු ලැබේ. මෙම අවශෝෂණය කරගත් අයන උණුසුමක් සහිත කූලන්ට් රේඩියේටර්හෙවත් විකිරණය නමින් හැඳින්වෙන කොටසට ගමන් කරයි. ඉන් පසු රේඩියේටරයේ ඉහළ ටැංකිය දක්වා රත්වූ කූලන්ට් ගමන් කරන අතර මෙලෙස ගමන් කිරීමේදී රේඩියේටර් බඳ මගින් එහි වූ තාපය උරාගනු ලබයි. මේ අතරතුර රේඩියේටර් බඳ හරහා පංකාව මගින් වාතය ගමන් කරවන අතර එමගින් මෙම සිසිලන ක‍්‍රියාවලිය කාර්යක්ෂම කරවයි. මෙලෙස සිසිල්වූ කූලන්ට් පහල ටැංකිය වෙත පැමිණේ. ඉන්පසු නැවතත් එන්ජිමේ බඳතුලට පොම්ප කර ඉහත ක‍්‍රියාවලිය වක‍්‍රාකාරව සිදු කරයි. මෙය සිසිලන පද්ධතියේ මූලික ක‍්‍රමවේදයයි. මෙම ක‍්‍රියාවලිය වඩා ආරක්ෂිත මෙන්ම කාර්යක්ෂම : කිරීමට තවත් උපාංග කිහිපයක එකතුවක් අවශ්‍යවේ. 

ඒවා පිළිබඳව විමසීමේදී පහත පරිදි කරුණු ගෙනහැර දැක්විය හැකිය. 

මෙහි මූලික කොටස් තුනකි. ඒ ඉහළ ටැංකිය/ පහළ ටැංකිය/ සහ බඳ    
යන කොටස් තුනයි. රේඩියේටර් හෝස් වලින් උණුහුම් කූලන්ට් එකතුවීම සිදුවන්නේ ටැංකි එක තුළයි. ඉන් පසු බඳ හරහා කූලන්ට් ගමන් කර සිසිල් වී පහළ ටැංකිය එකතුවීම සිදුවේ.



පීඩන වැස්ම
පද්ධතිය තුළ පවතින අධික පීඩනය පාලනය කිරීම මෙමගින් සිදු කරයි. මෙය විවෘතව වැඩි පීඩන අවස්ථාවේදී කූලන්ට් එක අමතර ටැංකිය වෙත ගමන් කිරීමට සැලැස්වීමත් පීඩනය අඩු වූ විට අමතර ටැංකියෙන් කූලන්ට් නැවත රේඩියේටරයට ලබාදීමත් සිදු කරයි.


අමතර ටැංකිය
මෙහි අමතර කූලන්ට් ප‍්‍රමාණයක් තබා ඇති අතර පීඩනය වැඩිවී රේඩියේටරයෙන් එළියට එන කූලන්ට් එකතු වීමත්, පීඩනය අඩු වූ විට නැවත එය ලබාදීමට තැබීමත් සිදු කෙරේ. 


තර්මොස්ටැච් වැල්වය
එන්ජිමක් තුළ සාමාන්‍යයෙන් සෙල්සියස් අංශක 85-93 වැනි උෂ්ණත්වයක් ක‍්‍රියාත්මක විය යුතුයි. මෙය ප‍්‍රශස්ථ උෂ්ණත්වය ලෙස හඳුන්වයි. මෙම උෂ්ණත්ව පාලනය සිදුකරන්නේ කර්මොඩි ටැට් වෑල්වයයි. එන්ජිම නියම උෂ්ණත්වයකට ලඟාවන තුරු කූලන්ට් රේඩියේටරය වෙත ගොස් සිසිල්වීම මෙමගින් වලක්වයි. මෙය පිහිටා ඇත්තේ රේඩියේටරයක් එන්ජින් බ්ලොක් එකක් අතරමැද ඉහළ ටැංකියට කූලන්ට් ගලායන මාර්ගයේය. 



ජල/ කූලන්ට් පොම්පය
මෙය එන්ජිමට සම්බන්ධව ක‍්‍රියාත්මක වන්නකි. එන්ජිම තුළ කූලන්ට් පොම්ප කිරීම සිදු කරනුයේ මෙමගිනි. 

රේඩියේටර් පංකාව
මෙය වාහන වර්ගය අනුව රේඩියේටරයට ඉදිරිපසින් හෝ පසුපසින් පිහිටිය හැකියි. සාමාන්‍යයෙන් තාප සංවේදකයක් මගින් හෝ එන්ජිමට සම්බන්ධ බෙල්ට් එකක් ආධාරයෙන් ක‍්‍රියාත්මක වේ. 


හීටර් කොර්
මෙය එන්ජිමේ සිසිලන ක‍්‍රියාවලියට සෘජු සම්බන්ධයක් නැති නමුත් එම පද්ධතියෙහි කෙලවරක ඇති උපකරණයකි. මෙය කුඩා රේඩියේටරයක් සහ පංකාවකින් සමන්විතවේ. ඔබ වාහනයේ වායු සමීකරණ පද්ධතිය නිරීක්ෂණය කළහොත් ඔබට එහි උෂ්ණත්ව පාලක කොටසේ රතු පැහැයකින් යුත් කොටස මෙයයි.
මෙලෙස විවිධ කොටස්වල එකතුවෙන් වාහනයට ආරක්ෂාව සපයන පද්ධතියක් ලෙස සිසිලන පද්ධතිය හඳුනාගත හැකියි.


නිර්මාණී. බී. කොළඹගේ

Thursday, June 1, 2017

රථවාහන දුම් විමෝචන පරීක්ෂාව පිළිබඳව ඔබ දැනුවත්ද?

රථවාහන දුම් විමෝචන පරීක්ෂාව  පිළිබඳව ඔබ  දැනුවත්ද?

  දිනෙන් දින ඉහළ යන අධික  පරිසර උෂ්ණත්වය මෙන්ම ස්වභාවධර්මයේ විවිධ වෙනස්කම් හමුවේ ඔබ අප කාටත් විශාල අභියෝගයකට ලක්වන්නට සිදුවී අවසන්. මෙවැනි අභියෝග හමුවේ එයට මූලික වන හේතු සාධක  සොයනවා විනා අප කවුරුත් පුරුදුවී සිටින්නේ අව්වට, වැස්සට දොස් නැගීමට පමණක්ම නොවේද? ඉතින් එවැනි පසුබිමක් තුළ උඩුගම් බලා පිහිනීමට අවශ්‍ය වන්නේ පවතින ස්වභාවධර්මයේ අභියෝගවලට විසඳුම් සෙවීම අත්‍යවශ්‍ය කරුණක් බවට පත්ව ඇති හෙයිනි. තවදුරටත් බලා සිටින්නේ නම් ඔබ අප සැමට සිදුවන්නේ මරණයට අත වනන්නට පමණි. වර්තමානය  වන විට පරිසර දුෂණය  වඩාත් ඉහළ ගොස් ඇති අතර පරිසර දුෂණය  වන ප‍්‍රධාන මාර්ග තුනෙන් එකක් ලෙස ‘වායු දුෂණය’ හැඳින්විය හැකියි. මෙයිනුත් ශ්‍රී ලංකාව තුළ වායු දුෂණය ප‍්‍රධානවම බලපානු ලබන සාධකය වන්නේ වාහනවලින් පිටකරන ‘විෂ දුමයි’.



                              දිනෙන් දින ඉහළ යන වාහන පරිභෝජනය හේතුවෙන්  මේ වනවිට පරිසරයට සිදුවන විෂ දුම් විමෝචනයද සීග‍්‍රව ඉහළ ගොස් ඇත. කොළඹ නගරයේ වායුගෝලයේ දැනට පවතින වායු දුෂණය  සාන්ද්‍රණය නිසා ඇදුම, කැස්ස, හිසරදය, ඇස් දැවිල්ල, උගුර දැවිල්ල සහ බ්‍රොන්කයිටිස් වැනි රෝග 30%කින් පමණ ඉහළ ගොස් ඇති අතර  දෛනික මරණ අනුපාතිකය 7%කින් ඉහළ නැංවීමටද අංශුමය ද්‍රව්‍යවලට පෙනහළු දක්වා ගමන් කිරීමට හැකියාවක් පවතී. කළු දුමෙහි පිළිකාකාරක රසායන ද්‍රව්‍ය අඩංගුවන අතර ඉතා කුඩා දුම් අංශුවලට රුධිරය තුළට යාමේ හැකියාවක්ද ඇත. වාහන දුමාරය තුළ සල්ෆර් ඩයොක්සයිඞ්, නයිට‍්‍රජන් ඔක්සයිඞ්, හයිඩ්‍රොකාබන්, කාබන් මොනොක්සයිඞ්, ක්ෂුද්‍ර අංශු ආදිය බහුලයි. මෙවැනි තත්ත්වයක් හමුවේ ජාතික පරිසර පනත යටතේ 2003 වසරේ ජූනි මස 30 වන දින අංක 1295/11 දරණ ගැසට් නිවේදනයෙන් වායු දුෂණය  වැලැක්වීමේ රෙගුලාසි සඳහා විශේෂිත ප‍්‍රමිතීන් ප‍්‍රකාශයට පත්කර ඇත. මෙසේ ප‍්‍රකාශයට පත් කෙරුණු ප‍්‍රමිතීන් අතරින් එකක් වූයේ රථවාහනව වලින් පිටවන දුමාරය පරීක්ෂාවට ලක්කර ප‍්‍රමිති සහතිකය ලබගත යුතු බවයි. වාහන විමෝචන  මගින් නිකුත් වන සෞඛ්‍යයට බලපෑම් ඇතිකරවන ප‍්‍රාථමික විමෝචන ප‍්‍රතික‍්‍රියාකර  ඕසෝන් වැනි අනිකුත් වායුන් සහ සල්ෆේට්  නයිටේ‍්‍රට් වැනි අංශු  වායුගෝලය තුළ ද්විතික දුෂණය  ලෙස නිර්මාණය වීමද සිදුවිය හැකි බැවින් වාහන මගින් සිදුවන විමෝචන  පරීක්ෂා කිරීම හා නිසි ආකාරයට නඩත්තු කිරීම සම්බන්ධව රියදුරන් දැනුවත් කිරීම සඳහා රජය විසින් වාහන විමෝචන පරීක්ෂා වැඩසටහන ආරම්භ කරන ලදී. වාහන දුම් විමෝචන පරීක්ෂාව සිදුකිරීම මගින් පරිසරය සුරැුකීමට ඔබට විශාල දායකත්වයක් සිදුකළ හැකි බව දැන් ඔබට වැටහෙනු  ඇත. එම නිසා වාහන දුම් පරීක්ෂාව සිදු කිරීම සම්බන්ධව කරුණු කිහිපයක් ඔබට ඉදිරිපත් කිරීමට අපි තීරණය කළා.



ඔබගේ වාහන බලපත‍්‍රය වාර්ෂික අලූත්වැඩියා කිරීමේදී වාහන වායු විමෝචන පරීක්ෂණයේදී සමත්වූ වායු විමෝචන  සහතිකය ඉදිරිපත් කිරීම මෝටර් රථ ප‍්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් අනිවාර්ය කර ඇත. එබැවින් අවමව වසරකට එක් වතාවක් එනම් වාහන බලපත‍්‍රය  අලූත්කරන අවස්ථාවට පෙර මෙය සිදු කරගත යුතුයි. වෙනත්  ඕනෑම අවස්ථාවකදී වාහනයේ දුම් නලයෙන් දුමක් පිට වන්නේ නම් මෙම පරීක්ෂාව සිදුකර ගත යුතු අතර එම දෝෂය එන්ජින් සේවා මධ්‍යස්ථානයකින් සේවා කර ගැනීම සුදුසුයි. ඔබගේ වාහනය නිසි පරිදි නඩත්තු කර එහි එන්ජිම නිවැරදිව අලූත්වැඩියා කරන්නේ නම් පහසුවෙන්ම දුම් පරීක්ෂණයෙන් සමත්විය හැකියි. වාහනය දුම් පරීක්ෂා මධ්‍යස්ථානයට ඇතුල්වූ පසු ඉන්ධන වර්ගය අනුව බෙදා අදාල ධාවන තීරය වෙත යොමු කරනු ලැබේ. සෑම ධාවන තීරුවකදීම වාහනය දෘෂ්‍ය  පරීක්ෂාවටද ලක් කරන අතර එහිදී චැසි අංකය, එන්ජින් අංකය, සයිලන්සර් කාන්දු, තෙල් කාන්දු, ජල කාන්දු, ප්ලග් ටොප් ආදිය පරීක්ෂාවට ලක් වේ. මෙම එක් කොටසක හෝ  අසාමාන්‍ය තත්ත්වයක් ඇතිනම් වාහනය දුම් පරීක්ෂාවට ලක් නොකරයි. එම නිසා වාහනය නිසි පරිදි නඩත්තු කර රැුගෙන ආ යුතුයි. ඉහත දෘෂ්‍ය  පරීක්ෂණයෙන් සමත්වූ වාහන අදාල දත්තද සමග දත්ත පද්ධතියකට ඇතුල්කර විමෝචන පරීක්ෂාවට ලක් කරයි. තෙල්වල උෂ්ණත්වය 55ජද වන අගයක  රඳවා, ඞීසල් වාහන සඳහා විමෝචන පරීක්ෂා පූර්ව පරීක්ෂණ වාර  තුනකදී සහ මිනීම සඳහා පරීක්ෂණ වාර 3ක් සහිතව සිදු කරයි. පෙට‍්‍රල් වාහන සඳහා ගෑස් ඇනලයිසර් පරීක්ෂණය සිදු කරයි. පරීක්ෂාව සමත් වූ හා අසමත් වූ වාහන කාණ්ඩයන් දෙක සඳහාම ඒවායේ විමෝචන අගයන් සඳහන් කළ අනුමත වර්ණ තේකයන්ගෙන් යුත් කලින් මුද්‍රණය කර ඇති ඪෑඔ සහතික ලබා දෙයි.




වාහනයක් දුම් විමෝචන පරීක්ෂාවට රැුගෙන යාමේදී වාහන  ලියාපදිංචි කිරීමේ ලේඛනවල මුල් පිටපත්ද අදාල වාහන ලීසිං පදනම මත ලබාගෙන ඇත්නම් එම ලීසිං  සමාගමෙන් සහතික කළ වාහන ලියාපදිංචි ලේඛනයද රැුගෙන ඒම අත්‍යවශ්‍යයි. කිසියම් වාහනයක් දුම් පරීක්ෂාවකින් අසමත් වුවහොත් අදාළ දෝෂය ඇතිවීමට හේතු සඳහන් කළ අත් පත‍්‍රිකාවක් ලබාදේ. එසේම අසමත් වූ වාහන සඳහා අදාළ පරීක්ෂණ මධ්‍යස්ථානය  විසින් නොමිලේ යළි පරීක්ෂණයක් සිදු කරන අතර දින 60ක් ඇතුළත නිසි පරිදි නඩත්තු කර යළි පැමිණෙන ලෙස උපදෙස් ලැබේ. වාහනය දුම් පරීක්ෂාවෙන් සමත් වුවහොත් වාහන හිමිකරුට වාහන විමෝචන පරීක්ෂා සහතික පත‍්‍රයක් නිකුත් කරයි. මෙම සහතික පිටපතක් මධ්‍යස්ථාන විසින් පළාත් පාලන ආයතනයට ලැබෙන්නට සලස්වයි. වාහන බලපත‍්‍රය අලූත්වැඩියා කරන අවස්ථාවේදී ඔබට ලැබෙන සහතික පත‍්‍රය මෝටර් රථ ප‍්‍රවාහන දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කළ යුතුයි.



වාහනය නිවැරදිව පරීක්ෂා කර ඇතිබව සැකහැර දැන ගැනීමට ද ක‍්‍රමවේදයක් ඇත. වාහනයකින් අහිතකර දුම් විමෝචනය වලකා ගැනීමට ඔබට කළ හැකි කටයුත ද රාශියකි. ඔබගේ වාහනයේ වායු පෙරණය නියමිත වෙලාවට පිරිසිදු කිරීම, එන්ජිමේ ඔ්චචැඑි වැනි නඩත්තු කටයුතු කලට වේලාවට සිදු කිරීම, ඉන්ධන පෙරණය  නියමිත වේලාවට මාරුකිරීම, ඞීසල් ඉන්ජෙක්ටර් පොම්පය නියමිත කාලයකදී පරීක්ෂා කර අවශ්‍ය නම් අලූත්වැඩියා කිරීම, නියමිත කාල සීමාවලදී  ස්පාර්ක් ප්ලග් මාරු කරවා ඉග්නිෂන් සිස්ටම් එක පරීක්ෂා කර එන්ජිම ටියුන් කිරීම ආදිය මේ අතර ප‍්‍රධානයි.



වායු දුෂණය  අවම කිරීමෙන් ඔබට සහ පරිසරයට සිදුවන වාසිද රැුසකි. ඉන්ධන කාර්යක්ෂමතාව වැඩිවී ඔබගේ ඉන්ධන වියදම  අඩුකිරීම, එන්ජිමේ ආයුකාලය දීර්ඝවීම, ඉන්ධන ගෙන්වීම සඳහා වැය වන විදේශ විනිමය අඩු වීම, එන්ජිම ගෙවීම නිසා දැරීමට සිදුවන අමතර පිරිවැය අඩුවීම, රජයට දැරීමට සිදුවන සෞඛ්‍ය පිරිවැය අඩුවීම,  විෂ සහිත වායු සහ අංශූ භූගත ජලයට එක්වී එම විෂ රසායන පානීය ජලය සමග එක්වී මිනිසුන්ගේ ශරීරගතවීම අවම වීම, ආදී විශේෂ වාසි රැුසක්ද මෙමගින් ඇතිවේ. ඔබගේ වාහනය නියමිත ලෙස දුම් විමෝචන පරීක්ෂාවට ලක්කර සමස්ත සමාජයේම සුබසිද්ධිය සඳහා දායකවන්න. ස්වභාවධර්මය සුරැුකීම තුළින් ඔබද සුරක්ෂිත වනු ඇත.



නිර්මාණී බී. කොළඹගේ.

Special Cultural Traditions of the Sinhala Hindu New Year in Sri Lanka

  Special Cultural Traditions of the Sinhala Hindu New Year in Sri Lanka. The "Sinhala Hindu New Year" is one of the most import...