සංස්කෘතිය සහ අන්තර්
සංස්කෘතිය
සංස්කෘතිය යන පදය නිර්මාණය වී ඇත්තේ ඉංග‍්‍රීසියේ
යෙදෙන ඤක්‍මකඑමරු% නමැති වදනට අනුරුපීවය. මානව චර්යාව එනම් වාචික හා වාචික නොවන
නිෂ්පාදන ඇතුළත් භෞතික නොවන සංස්කෘතිය අදාළ කරගත් සියල්ල පොදුවේ සංස්කෘතිය ලෙස
සැලකේ. එහෙත් සංස්කෘතිය යන පදය විවිධ අවස්ථාවල නොයෙකුත් අර්ථ නිරූපණය කරයි. මෙහිදී
ජීවන රටාව මෙහෙයවන ආර්ථික චර්යාව, සමාජ චර්යාව, දේශපාලන හා ආගමික චර්යාව, විනෝද කටයුතු ආදී මේ සියල්ලම සංස්කෘතිය
තුළින් විද්යසමාන වේ. සංස්කෘතිය යන සංකල්පය සමාජ විද්යා්ව තුළ මෙන්ම මානව විද්යා ව
තුළ ද ඉහළ වටිනා කමක් උසුලන හා සාකච්චාවට ලක් වෙන වැදගත් සංකල්පයක් ලෙස හැදින්විය
හැකිය. සෑම සමාජයකටම ආවේනික වූත් අනන්යල වූත් සංස්කෘතියක් ඇති අතර එය අවියෝජනීය
සාධකයක් වේ.මානව විද්යාසවේ පියා” ලෙස හදුන්වන ඉංගර්සි ජාතික එඞ්වඞ් ටේලර් විසින් 1873 දී සංස්කෘතිය යන්න
නිර්වචනය කරනලද්දේ ”මානව සමාජයන් අතර ඇති වෙනස්කම්” ලෙසයි. එඞ්වඞ් ටේලර්ගේ
නිර්වචනයට අනුව ”සංස්කෘතිය යනු දැනුම, විශ්වාස, ඇදහිලි, කලාව, නීතිය, ආචාරධර්ම, සිරිත් විරිත් සහ මිනිසා විසින් සමාජ සත්වයෙකු ලෙස අත්
කර ගන්නා ලද අනෙකුත් හැකියාවන් සහ උපාංග පිළිබඳ හදාරනු ලබන සංකීර්ණ ඒකකයකි”. මෙම සියලූ උපාංග මිනිසා විසින් නිර්මාණය කරනු
ලැබූ ඉතිහාසය පුරාවට නොනවතින ක්රිනයාදාමයක්
තුළ නිරන්තර සංවර්ධනයට ලක්වූ ඒවා වේ.
අන්තර්
සංස්කෘතිය ලෙස හදුන්වනු ලබන්නේ විවිධ
සංස්කෘතික පසුබිම්වල පුද්ගලයන් හා සමාන අයුරින් එකිනෙකා අතර හුවමාරු කරගන්නා ආකාරය
හා සංස්කෘතීන් හරහා සන්නිවේදනය කරන ආකාරය දෙස බලනු ලබන අධ්යයනය ක්ෂේත‍්‍රයකි.
මෙහිදී තම
නිර්මාණකරනයේදී අන්තර් සංස්කෘතිය ප‍්‍රබලවම යොදාගත් පුවත්පත් කලාවේදියෙකු මාධ්‍යවේදියෙකු
මෙන්ම දේශපාලන විචරකයෙකුද ලෙස වික්ටර් අයිවන් මහතා හදුන්වාදිය හැකිය. එතුමා සිය
නිර්මාණකරනයේදී අපූර්ව ආකාරයෙන් යොදාගෙන ඇත්තේ දේශපාලන සංස්කෘතිය බව මෙම අධ්‍යයනයේදී
හෙලිවේ. එතුමා සිය නිර්මාණකරනයේදී දේශපාලන සංස්කෘතිය යොදාගත් ආකාරයත් ඒ ස`දහා උදාහරණත් විමසා
බැලිම තුළින් එතුමගේ නිර්මාණකරනයේ උසස් බව මනාව ගම්‍ය වේ. ගවේශනාත්මක මාධ්‍යවේදියෙකු
දේශපාලන විචාරකයෙකු ච්න්තකයෙකු මෙන්ම සමාජ ක‍්‍රියකාරීවරයෙකු කතුවරයෙකු වු වික්ටර්
අයිවන් මහතා සිය නිර්මාණකරනයට යොදාගත් එම සංස්කෘතින් පිළිබඳව මෙහි අන්තර්ගත වේ. එම
නිර්මාණ අභාශය කර ගනිමින් ඉන් පසුව බිහිව පසුූ පරම්පරාව පිළිබඳවත් පසු විපරම්ක්
මෙහි අඩංගුය .
2. සංස්කෘතිය යනු
සංස්කෘතිය බහුරූපී හා සංකීර්ණ පරන් පංචයකි. 1817 සිට 1919 දක්වා වන විට නිර්වචන
07ක් පමණක් තිබූ
‘සංස්කෘතිය‘ 1950 දශකය වන විට
නිර්වචන 157 දක්වා ඉහල යන
ලදී. වර්තමානය වන විට එය 500 ඉක්මවා ගොස්
ඇත. සංස්කෘතිය අධ්‍යයන විෂයක් වශයෙන් සංකීර්ණව
ඇති තරම මෙන්ම මිනිස් ජීවිතය තුළ සංස්කෘතික සාධකය සංකීර්ණ වී ඇති ආකාරයද
මේ තත්ත්වයට දායකව ඇත. දිනෙන් දින සංකීර්ණ වන සංස්කෘතිය අන්තර් සංස්කෘතික වශයෙන්
අධ්‍යයනය කිරීම තුළින් ඒ ඒ සංකෘතීන්ට සුවිශේෂී ලක්ෂණයන් හදුනා ගැනීමට ද හැකිවනු
ඇතිවන අතර සංස්කෘතීයේ පවතින ගතිකයන් හා විචල්යැයන් අන්තර් සංස්කෘතික වශයෙන් අවබෝධ
කර ගැනීම ද එබැවින් පහසු වේ. සංස්කෘතිය යනුවෙන් අදහස් කරනුයේ පරිපූර්ණලෙස උගත්
සමාජයීය වශයෙන් එක් පරම්පරාවකින් තවත් පරම්පරාවකට ව්යාමප්ත කරනු ලබන හැසිරීමකි.
මෙලෙස සමාජයීය වශයෙන් පරම්පරාවකට යොමුකරනු ලබන දේ අතර එක් සමාජයේ සමාජ චිත්රෙයට
අඩංගු සියලූම දේ අන්තර්ගතය.
අදහස්, අගනාකම, සිරිත් විරිත්, මේවා අතර මුල්තැනක් ගනී. සිංහල අපි අපේ ජාතික කොඩියට
ගරුකරන්නා සේම ලෝකයේ සෙසු ජාතීන්ද තමන්ගේ ජාතික ධජයට, ගීතයට ඉමහත් ගරුත්වයක්
දක්වති. අපි පන්සලේ ස්වාමීන්වහන්සේට ගෞරවකරන්නාසේම ලෝකයේ සෙසු රටවලද පූජක පක්ෂුයට
ගරුකරනු ”රටාවන්” දක්නට තිබේ. මේ හැසිරීම්, සිරිත් විරිත්, රටකින් රටකට, සමාජයෙන් සමාජයට මෙන්ම ගෝත්රීයකින් ගෝත්රසයකටද
වෙනස්ය.සංස්කෘතිය යන සංකල්පය සමාජ විද්යා්ව තුළ මෙන්ම මානව විද්යා ව තුළ ද ඉහළ
වටිනා කමක් උසුලන හා සාකච්චාවට ලක් වෙන වැදගත් සංකල්පයක් ලෙස හැදින්විය හැකිය. සෑම
සමාජයකටම ආවේනික වූත් අනන්යල වූත් සංස්කෘතියක් ඇති අතර එය අවියෝජනීය සාධකයක් වේ.
මිනිසා සමාජීය සත්වයෙකු වන අතර සෑම
මිනිසෙකුම තම සංස්කෘතිය නියෝජනය කරනු ලබන නියෝජිතයෙකු ලෙස සැළකේ.මිනිසාට සංස්කෘතිය
විශ්වීය වටිනාකින් යුතු ප්රපංචයක් වන අතර එය මිනිසාත් තිරිසන් සතුන් අතරත් ඇති
පරතරය පෙන්වා දෙන සාධකයකි. එබැවින් ‘‘ මිනිසා සංස්කෘතික පරිසරයක් තුළ ඉපදී
හැදීවැඞී මිය යන සත්වයෙක් ලෙස හැදින්විය හැකිය.‘‘
”මානව විද්යාසවේ පියා” ලෙස හදුන්වන ඉංගර්සි ජාතික එඞ්වඞ් ටේලර් විසින් 1873 දී සංස්කෘතිය යන්න
නිර්වචනය කරනලද්දේ ”මානව සමාජයන් අතර ඇති වෙනස්කම්” ලෙසයි. එඞ්වඞ් ටේලර්ගේ නිර්වචනයට
අනුව ”සංස්කෘතිය යනු දැනුම,
විශ්වාස, ඇදහිලි, කලාව, නීතිය, ආචාරධර්ම, සිරිත් විරිත් සහ
මිනිසා විසින් සමාජ සත්වයෙකු ලෙස අත් කර ගන්නා ලද අනෙකුත් හැකියාවන් සහ උපාංග
පිළිබඳ හදාරනු ලබන සංකීර්ණ ඒකකයකි”. මෙම
සියලූ උපාංග මිනිසා විසින් නිර්මාණය කරනු ලැබූ ඉතිහාසය පුරාවට නොනවතින ක්රිනයාදාමයක් තුළ නිරන්තර සංවර්ධනයට ලක්වූ ඒවා
වේ.
3. අන්තර් සංස්කෘතිය යනු
අන්තර්
සංස්කෘතිය ලෙස හදුන්වනු ලබන්නේ විවිධ
සංස්කෘතික පසුබිම්වල පුද්ගලයන් හා සමාන අයුරින් එකිනෙකා අතර අදහස් හුවමාරු කරගන්නා
ආකාරය හා විවිධ සංස්කෘතීන් අතර සන්නිවේදනය කරන ආකාරය දෙස බලනු ලබන අධ්යයනය
ක්ෂේත්රයකි.
වෙනස්කම් ඇති
පුද්ගලයන් අතර සන්නිවේදනය: වැඩ කිරීම, වයස, ජාතිකත්වය, වාර්ගිකත්වය, ජාතිය, ස්ත්රී පුරුෂ භාවය, ලිංගික දිශානතිය ආදිය අනුවවෙනස් වේ . සංස්කෘතික වෙනස්කම්
හුවමාරු කිරීම, සාකච්ඡුා
කිරීම හා මැදිහත් වීම සඳහා භාෂා, අංග චලන සහ භෞතික භාෂාව යොදා ගැනීම. විවිධ සංස්කෘතීන්ට
අයත් අය එකිනෙකා සමග සන්නිවේදනය කරනු ලබන්නේ ඒ ආකාරයටය.සෑම පුද්ගලයෙකුටම විවිධ
මට්ටම්වල සංස්කෘතිය හැසිරවිය හැකිය. වැඩකරන ජනතාවගේ සංස්කෘතිය, වැඩ කරන ස්ථානයේ වැඩ
සංස්කෘතිය සහ අනිකුත් සංස්කෘතීන්වල ක්රියාකාරී සහභාගිකයා බවට පත්වෙන හෝ සෙමින්
ඉවත්ව යන අතර, එය දිනපතා
නිරාවරණය වන බහුතර සංස්කෘතියේ මුල් සංස්කෘතිය හා ගැටුම් අතර ගැටුමක් ඇති පුද්ගලයකු
නිරන්තරයෙන් මුහුණ දී සිටී. සංස්කෘතික ගැටුම් සිදුවන්නේ ඔවුන්ගේ සංස්කෘතිය අන් අයට
වඩා හොඳ යැයි විශ්වාස කරන පුද්ගලයින්ගේ ප්රතිඵලයකනිි.අන්තර් සංස්කෘතික සන්නිවේදනය
විවිධාකාර ශාස්ත්රාලික විනයකින් බලපෑමට ලක්ව ඇත. පුද්ගලයන් හෝ කණ්ඩායම් අතර ඇතිවන
ගැටුම්වලට තුඩු දිය හැකි වැරදි වැටහීමක් වැළැක්වීම සඳහා එය අවශ්ය වේ. විවිධ
සංස්කෘතීන් දෙකක පුද්ගලයන් දෙදෙනෙකු එකිනෙකා මුහුණට මුහුණලා එකිනෙකට වෙනස්
සංස්කෘතික පසුබිමක් ඇති නමුත් ඔවුන්ගේ හැරවුම් පද්ධති - කතා කිරීම ද වෙනස් වේ.
කථිකයා යන දෙකම සංවාදයේ භාවිතා කරන ක්රමයක් ගැන කථිකයින් දෙදෙනාම දැනුවත්වම අන්තර්
සංස්කෘතික සන්නිවේදනය වඩාත් කාර්යක්ෂම සහ පහසු වනු ඇත
No comments:
Post a Comment