මා දුටු සිත්තම්

Showing posts with label තාක්ෂණික. Show all posts
Showing posts with label තාක්ෂණික. Show all posts

Monday, June 4, 2018

නව තාක්ෂණය සිසු පරපුරට ගැළපීම



නව තාක්ෂණය සිසු පරපුරට ගැළපීම

තොරතුරු සන්නිවේදන තාක්ෂණය සීමා බිඳ දමමින් ලෝ පුරා ව්‍යාප්ත වන මෙවන් මොහොතක එහි ප‍්‍රතිඵල බුක්ති විඳින්නන් ලෙස අපට එහි යහපත් සහ අයහපත් පැතිකඩයන් මනාව වටහා ගැනීමේ සහජ බුද්ධියක් තිබිය යුතුමය. ගමන් කරන අත හොඳ යැයිකියමින් ඒ දෙසටම ඔහේ යාම නොව සිහි බුද්ධියෙන් උපරිම ඵල නෙළා ගැනීමට නම්  ඕනෑම විෂය ක්ෂේත‍්‍රයක් පිළිබඳව මනා අවබෝධයක් තිබීම ද අත්‍යවශ්‍යයි. සීග‍්‍රයෙන් දියුණුවට පත්ව ඇති නව තාක්ෂණික ක‍්‍රමෝපායන් භාවිතයේදී ද නිවැරදි වැටහීමක් මෙන්ම නිවැරදි යෙදීමක් අවශ්‍ය වන්නේ මේ නිසාය. අන්තර්ජාලය, සමාජජාල මාධ්‍ය භාවිතයෙහිම ලා පමණක් පැමිණි තාක්ෂණයක් නොවන අතර එහි අස්වැන්න සිසු පරපුර වෙත නිවැරදිව ලබා දෙන්නේ කෙසේදැයි  විමසා බැලීම මෙම ලිපියේ අරමුණයි.


තොරතුරු තාක්ෂණයේ සුපිරි මාවත ලෙසින් අන්තර්ජාලය  වත්මන වන විට බොහෝ පිරිසකගේ ප‍්‍රධානතම තොරතුරු සපයා ගැනීමේ මාවත වී ඇත. වෙබ් පිටු බිලියන ගණනකින් සමන්විත අන්තර්ජාල මාධ්‍යයේ සැරි සරන්නෙකුට තමන්ට අවශ්‍ය  ඕනෑම කරුණක් සම්බන්ධ තොරතුරු සොයා ගැනීමේ අවස්ථාවද ඇති තරම් උදාවී තිබේ. නමුත් මෙම වපසරිය පාසල් දරුවන්ගේ අධ්‍යාපනික කටයුතු සඳහා යෙදවීමත්, යෙදවූ අන්තර්ජාල පහසුකම් පිළිබඳ සිසුන් නිවැරදිව දැනුම්වත් නොවීමත් වත්මන් සමාජයේ ප‍්‍රබල ගැටලූවක් බවට පත්ව ඇත. දරුවා අන්තර්ජාලය නිවැරදිව භාවිත කිරීම වෙනුවට සිදුවන්නේ එහි අයහපත් පැතිකඩයන් ස්පර්ශ කිරීමත් රූපවාහිනිය, පරිගණක ක‍්‍රීඩා ආදියට යොමු වීමත් ආදී විචාරශීලී බුද්ධියකින් තොර දරුවකු නිර්මාණය වීමේ පිළිවෙත් සිදුවීමයි. එම ක‍්‍රියාවලිය තවදුරටත් සිදු වන්නේ නම්, මෙය සමාජ පරිහානියේ පළමු පියවර වනවාටත් සැකයක් නැහැ. එම නිසා නිසි පරිදි අන්තර්ජාලය අධ්‍යාපනික කටයුතු සඳහා ගළපා ගන්නේ කෙසේදැයි විමසා බලමු.


ඇමරිකා එක්සත් ජනපදයේ අධ්‍යාපන විශේෂඥයන් පවසන්නේ අන්තර්ජාලය ඔස්සේ විෂයමාලා සහ ඒ සම්බන්ධ කරුණු ළමුන් සඳහා ඉදිරිපත් කළ යුතු බවයි. නමුත් ඉන්දියානුවන් පවසන්නේ ළමයින් විෂය කරුණු අන්තර්ජාලය ඔස්සේ ඒ ලෙසින්ම දැක ගැනීමට අකමැති නිසා ළමා මනසට උචිත වන බාහිර කරුණු ද ළමා පරපුරට දිය යුතු බවයි. එමෙන්ම ළමා වෙබ් අඩවි නිර්මාණය කිරීමේදී අතිශය සැලකිලිමත් විය යුතු බවද ඔවුන් විශේෂයෙන්ම සඳහන් කරයි. මීට පෙර විශ්වවිද්‍යාල තුළදී පමණක් හැදෑරීමට ලැබුණු තොරතුරු සන්නිවේදන පාඨමාලා නූතනයේ 6 ශ්‍රේණියේ සිටම පාසල් සිසුන්ට ද ලබා දී ඇත. අ.පො.ස. සාමාන්‍ය පෙළ විෂය මාලාවේ සාමාන්‍ය තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණයේ සිට මෘදුකාංග තාක්ෂණය, පරිගණක රූපක නිර්මාණකරණය වැනි පුළුල් විෂය පරාසයකට ව්‍යාප්තව ඇත. එමෙන්ම අ.පො.ස. උසස් පෙළ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විෂයන් ද හඳුන්වා දී ඇත. මෙහිදී පෙනී යන්නේ මෙතෙක් පන්ති කාමරයට පමණක් සීමා වී තිබූ පාසල් අධ්‍යාපනය අද පරිගණක හා අන්තර්ජාලය නිසා පුළුල් ව්‍යාප්තියකට ලක්ව ඇති බවය. මෙහිදී අධ්‍යාපන ක‍්‍රමවේදයේ දුෂ්කරතා මඟහැරී ඵලදායි නවමු අධ්‍යාපන රටාවක් බිහි කරවීමට හැකියාව ලැබී ඇත.

කලින් සකස් කරන ලද අධ්‍යාපනික වැඩසටහන් නැවත නැවතත් පන්ති කාමරය තුළ භාවිතයට ගත හැකි වීමත්, ප‍්‍රාථමික අධ්‍යාපනයේ සිට ද්විතීයික අධ්‍යාපනය දක්වා භාවිත වන බොහෝ විෂය ධාරාවන් පරිගණක ගත කර තිබීමත් එම අධ්‍යාපන වැඩසටහන් අපහසුවකින් තොරව නැවත ලබා ගත හැකි වීමත් ඒවා Multi Media Technology හරහා පහසුවෙන් භාවිත කළ හැකි වීමත් විශේෂ වේ. පාසල් ප‍්‍රජාව ඉලක්ක කර ගනිමින් ඉගෙනුම් මෙහෙයුම් පද්ධති රැසක් මේ වන විට ක‍්‍රියාත්මක වේ. අ.පො.ස. උසස් පෙළ විද්‍යා සහ ගණිත විෂයන් දමිළ බසින් හදාරන ශිෂ්‍ය ප‍්‍රජාවට එම විෂය ධාරා හැදෑරීමට පහසු වන අයුරෙන් www.e-patashala.lk නමින් වෙබ් අඩවියක් නිර්මාණය කර තිබේ. එමෙන්ම පාසල් පන්ති කාමරයේ ගුරුවරයෙකු අභිමුඛව ඉගෙන ගන්නා ආකාරය දක්වන ඉතා සජීවී ලෙස මෙම ඉගෙනුම් පද්ධතිවල අන්තර්ගතයන් සකස් කර ඇති අතර පහසුවෙන් සිසුන්ට ඉංග‍්‍රීසි ඉගෙන ගැනීමට www.learnenglish.lk වෙබ් අඩවිය ද නිර්මාණය වී පවතී. අ.පො.ස. උසස් පෙළ විද්‍යා සහ ගණිත ඉගැනුම් ද්වාරය www.vidunena.lk සිංහල දෙමළ, ඉංග‍්‍රීසි භාෂා ත‍්‍රිත්වයෙන්ම www.skool.lk සිංහල හා දෙමළ භාෂා පහසුවෙන් ඉගෙන ගැනීමට www.bashaguru.lk වෛද්‍ය විද්‍යාත්මක දැනුම සිංහල හා දමිළ බසින් ඉගෙනීමට www.wedananasala.org පළමු ශ්‍රේණියේ සිට 12 ශ්‍රේණිය දක්වා අධ්‍යාපන දැනුම ලබා ගැනීමට www.e-thaksalawa.moe.gov.lk පාසල් පොත් නොමිලේ ලබා ගැනීමට www.edupub.gov.lk ආදී වෙබ් අඩවි නිර්මාණය කර තිබේ.


මෙලෙස අන්තර්ජාල තාක්ෂණය හේතුවෙන් පන්ති කාමරය තුළ සිසුන් හා ගුරුවරුන් අතර පැවැති සම්ප‍්‍රදායක ඉගෙනුම් ක‍්‍රියාවලිය පසු කාලීනව දුරස්ථ අධ්‍යාපනය (Distance Education) දක්වා දියුණු විය. මෙය තොරතුරු හා සන්නිවේදන තාක්ෂණයේ දියුණුවත් සමඟ ඇති වූ ඉතා ජනප‍්‍රියම අධ්‍යාපන ක‍්‍රමයයි. අන්තර්ජාලය අව භාවිතයෙන් සිසු පරපුර විනාශාභිමුඛයට පත් වීමට අන්තර්ජාල පාසල් අධ්‍යාපනය වෙතින් බලපෑම් එල්ල කිරීම යහපත් ප‍්‍රතිඵලයක්. පාසල් අධ්‍යාපනය හරවත් කර ගැනීම වෙනුවෙන් මෙලෙස බිහිව ඇති අන්තර්ජාලය ආශ‍්‍රිත වෙබ් පිටු පිළිබඳව තවදුරටත් විමසීමේදී පාසල් ජාලය හෙවත් ස්කූල්නෙට් වඩාත් වැදගත් වේ. එමෙන්ම ඉxතක්සලාව, ඉංග‍්‍රීසිxxඉගෙනුම, සමාජ වැඩසටහන, ශිල්ප සයුර, විදුනැණ ආදී වැඩසටහන් ද විශේෂ වේ.
අධ්‍යාපන ක්ෂේත‍්‍රය සඳහා තොරතුරු තාක්ෂණය යොදා ගැනීමේදී සකස් කරන ලද ඉලෙක්ට්‍රොනික අධ්‍යාපන වැඩසටහන් හෝ පාඨමාලා සංයුක්ත තැටි  හෝ සංඛ්‍යාත බහු විධ තැටි භාවිතය ද සිදු කරයි.
එමෙන්ම පරිගණකය භාවිත කර පුහුණුවීම් (Computer Based Training (CBT)), Web Based Training (WBT), A Learning Management System (LMS) ආදී වැඩසටහන් ද ප‍්‍රමුඛයි. සිසුන් සඳහා තනිවම අධ්‍යාපනය ලබා ගැනීම සඳහාම Distance Education System (DES) සකස් කර ඇත. එමෙන්ම පාසල් කළමනාකරණ පද්ධති ලෙස සිසුන් ලියාපදිංචිය, කාලසටහන් සකස් කිරීම, පැමිණීමේ ලේඛන සකස් කිරීම, චරිත සහතික නිර්මාණ ආදී ක‍්‍රියා පහසුකර ගැනීමට ද පරිගණක ආශ‍්‍රිත ක‍්‍රියාවලි යොදා සියලූම පාසල් තොරතුරු පරිගණක ගතකර තිබීමද සුවිශේෂී වේ.

පන්ති කාමරයේදී පරිගණකය සහ අන්තර්ජාල පහසුකම් අධ්‍යාපනය සඳහා යොදා ගැනීමේදී පරිගණකය ආශ‍්‍රිත සමර්පන (Presentation)  පරීක්ෂණ සහිත වීඩියෝ දර්ශන පරිගණක ඇසුරෙන් නිර්මාණ කිරීම (පින්තූර සහ වීඩියෝ සකස් කිරීම් සඟරා ලිපි ලේඛන සකස් කිරීම සහ මුද්‍රණය කිරීම, අධ්‍යාපනික ක‍්‍රීඩා, CD-ROM මාධ්‍යයෙන් තොරතුරු අධ්‍යයනය, අන්තර්ජාලය ඔස්සේ අධ්‍යාපනික තොරතුරු රැස් කිරීම ආදී දෑ සිදු කළ හැකි වේ. නිවසේ සිටම අන්තර්ජාලය යොදා ගනිමින් ගුරුවරයෙකු හා සම්බන්ධ වීමට Web Based Training යෙදිය හැකි අතර වැඩිදුර අධ්‍යාපනය ලැබීමට Web Based Learning යොදාගත හැකි වේ. එමෙන්ම අන්තර්ජාලය ගුරුවරයාට ද ආධාරකයක් ලෙස කි‍්‍රයා කරනු ලබයි. උදාහරණයක් ලෙස විස්තර කරදීමට අපහසු පාඩම් සඳහා රූපසටහන්, සජීවීකරණ සහ වීඩියෝ දර්ශන පෙන්වීම ඉලෙක්ට්‍රොනික් සමර්පන (Presentation) යෙදීමෙන් විෂයට ආකර්ෂණයක් ලබා ගැනීම, පරිගණකය යොදා පාඩම් සටහන් සකස් කිරීම, ආදී විශාල පහසුකම් රැුසක් ලබා ගත හැකිය.
විශේෂයෙන්ම පාසල් අධ්‍යාපන කළමනාකරණ සහ උසස් අධ්‍යාපන කළමනාකරණය සඳහා ඉගෙනුම් කළමනාකරණ පද්ධතියක් (Learning Management System) යොදා ගැනීම බොහෝ රටවල දක්නට ඇත. මෙම පද්ධතියක් සහ සම්බන්ධවීමට අන්තර්ජාල පහසුකම් තිබිය යුතු අතර පාසල හෝ ආයතනය හෝ සතු වෙබ් අඩවියේ ලියාපදිංචි විය යුතුය. ඉගෙනුම් කළමනාකරණ පද්ධතියක ඇති පහසුකම් පිළිබඳව විමසීමේදී ශිෂ්‍යයාට පාසලේදී නිවසේ දී හෝ පහසු ස්ථානයකදී අවශ්‍ය වේලාවක දී (Any Where Any Time) ඉගෙනුම් ඒකක හා සම්බන්ධ වීමේ හැකියාව පවතී. එමෙන්ම ශිෂ්‍යයාට පාසල් පැවරුම් නිවසේදීම නිම කර එසැණින් උඩුගත  කිරීමේ හැකියාව වීඩියෝ දර්ශන මඟින් විෂය සමගාමී ක‍්‍රියාකාරකම් හා සම්බන්ධ වීමේ හැකියාව දෙමාපියන්ට දරුවන්ගේ අධ්‍යාපන ප‍්‍රගතිය නිවසේ සිටම දැනගත හැකිවීම වැනි වරප‍්‍රසාද රැුසක් ලැබේ. එමෙන්ම මෙම සියලූ කටයුතුවල නව ප‍්‍රවණතා ලෙස තොරතුරු තාක්ෂණයේ දියුණුවත් සමගම  ඕනෑම රටක සිට, තමන්ට කැමති ආකාරයේ අධ්‍යාපන ආයතනයක් හා සම්බන්ධ වීම තුළින් ඉතා අඩු වියදමකින් උසස් අධ්‍යාපන පාඨමාලාවක් හැදෑරීමට ඔබටත් හැකියාව ලැබේ. මෙය මාර්ගස්ථ දුරස්ථ අධ්‍යාපනය (Online Distance Education) ලෙස හඳුන්වනු ලැබේ.
මෙලෙස නිවැරදිව දැනුම්වත් වෙමින් අන්තර්ජාල භාවිතය ක‍්‍රමවත් කළ හොත් එය අවභාවිතයට ලක්වීම හෝ අධ්‍යාපනයේ මන්දගාමී සාම්ප‍්‍රදායිත්වය පහව ගොස් ප‍්‍රබෝධමත්ව නව පිබිදීමකින් අධ්‍යාපනය හැදැරීමේ මාර්ගයක් ද සිසු පරපුරට උරුම වේ. 

නිර්මාණි

Monday, May 29, 2017

මොනවද මේ වයි-ෆයි?


 තාක්ෂණය ඉතා සීඝ‍්‍රයෙන් දියුණුවට ලක්වෙමින් තිබෙන මොහොතක ඔබ ලොව කොතැන සිටියත් අවශ්‍ය දැනුම, තොරතුරු ලබා ගැනීමට හැකිවන තාක්ෂණයක් පිළිබඳව කතිකා කිරීම වඩාත් කාලෝචිතයි. ඒ නිසාම මෙවර ඔබ සියලූ දෙනාට නිතර අසන්නට ලැබෙන වයි-ෆයි තාක්ෂණය පිළිබඳව කතිකා කිරීමට අප තීරණය කළා. වයි-ෆයි තාක්ෂණය යන්නට අප අසා තිබුණත් වයි-ෆයි කුමක්ද? එහි කාර්යභාරය සහ තාක්ෂණික අන්තර්ගතය පිළිබඳව විමසීම මෙහි අරමුණයි. 

වයි-ෆයි යනු වයර්ලස් ෆිඩෙලිටි යන සම්පූර්ණ නම කෙටිකර සකසා ගත් කෙටි යෙදුමකි. මෙයින් හඳුන්වන්නේ රැුහැන් රහිත ජාලයක් හරහා තොරතුරු පතුරුවා හැරීමේ ප‍්‍රමිතියයි. රැුහැන් රහිත ජාල හරහා තොරතුරු හුවමාරු වන්නේ සෙලියුලර් දුරකථන, රූපවාහිනී, රේඩියෝ යන්ත‍්‍ර වැනි උපකරණවලට යොදා ගන්නා රේඩියෝ තරංගවලිනි. මෙසේ රේඩියෝ තරංග සම්පේ‍්‍රෂණය සඳහා තිබිය යුතු මූලික අවශ්‍යතාව වන්නේ වයර්ලස් දත්ත රේඩියෝ තරංග බවට හරවනු ලබයි. මේ සඳහා පරිගණකයේ තිබිය යුතු අවශ්‍යතාව වන්නේ ඇඩැප්ටරයකි. මෙම අවශ්‍යතාවයක් සම්පූර්ණ කළ පරිගණකයක් වයි-ෆයි ජාලයක් හරහා ඉන්ටර්නෙට් සමඟ සම්බන්ධ වීමේදී මූලික වශයෙන් ක‍්‍රියාවලින් දෙකක් සිදුවේ. ඒ, පරිගණකයේ ඇති වයර්ලස් ඇඩැප්ටරය මඟින් දත්ත රේඩියෝ තරංග බවට හරවා ඇන්ටනාව මඟින් සම්පේ‍්‍රශණය කිරීම සහ රැුහැන් රහිත රවුටරය එම දත්ත ලබාගෙන ඒවා පරිගණක දත්ත බවට ආපසු හැරවීමයි. ඉන්පසු ඒවා සාමාන්‍ය රැුහැන් ඔස්සේ අන්තර් ජාලයට සම්බන්ධ කෙරේ.
1991 වසරේදී වයි-ෆයි තාක්ෂණය සොයා ගත්තේ ඒ.ටී. ඇන්ඞ් ටී සහ එන්. සී.ආර් කෝපරේෂන් නම් ආයතන දෙක එක්වයි. මෙහි පුරෝගාමියා වූ වික් හේයස්, වයි-ෆයි තාක්ෂණයේ පියා ලෙස නම් කරයි. මේ වන විට වයි- ෆයි හි සම්පුර්ණ බලය තිබෙන්නේ උස-ත්‍ස ්කකස්බජැ නම් ජාත්‍යන්තර සමාගම් සතුව වේ. රැුහැන් රහිත ක‍්‍රමයට වේගවත් අන්තර්ජාල සබඳතාවක් ලබා දීම සඳහා වර්තමානයේ පවතින සාර්ථකම තාක්ෂණය වන්නේ වයි-ෆයි තාක්ෂණයයි. මේ වන විට ලොව බොහෝ රටවල මෙම තාක්ෂණය නොමිලේ ලබා දීමද සිදුවේ.

ඉන්ටර්නෙට් සමඟ රැුහැන්වලින් සම්බන්ධ වූ රවුටරයක් කාමරයක හෝ එළිමහනක පිහිටු විය හැකියි. කෙසේ නමුත් මෙම රවුටරයේ තරංග සම්පේ‍්‍රෂණය කරන හා ලබා ගන්නා බල ප‍්‍රදේශයක් ඇති අතර එය වයි-ෆයි සබඳතාව ලබා ගත හැකි හොට්ස්පොට්ස්  නම් වේ. වයි-ෆයි හොට්ස්පොට් එකක් හරහා විසිරී පැතිරී තිබෙන රේඩියෝ තරංග ජංගම දුරකථන, වොක්ටෝකි, රූපවාහිනී යන්ත‍්‍ර යනාදිය හුවමාරු කරගත හැකිවේ. වයි-ෆයි ජාලයකදී දත්ත හුවමාරු කරන්නේ ලෝක මට්ටමෙන් තාක්ෂණික ප‍්‍රමිති සාදන ඇමරිකාවේ ඉලෙක්ට‍්‍රිකල් හා ඉලෙක්ට්‍රොනික් ඉංජිනේරුවන්ගේ ආයතනය  නියමයන්ට අනුවය. ඔවුන් සැකසූ 802.116 යන ජාල ප‍්‍රමිතිය මෙහිදී යොදා ගැනේ. මෙයින් මුලින්ම ඉදිරිපත් වූයේ 802.116 නම් ප‍්‍රමිතියයි. ගිගා හර්ට්ස් (ඨ්‍ය‘* 2ග4 ක සංඛ්‍යාත පරාසයන් දත්ත හුවමාරු කරන මෙහිදී තත්පරයකට මෙගාබයිට් 11ක වේගයෙන් තොරුතුරු හුවමාරු කරගන්නට හැකියාව ඇත. 802.11ට  ලෙස හඳුන්වන ප‍්‍රමිතිය ඊට පසු ආ ප‍්‍රමිතිය අනුවද ගිගාහර්ට්ස් 2.4 සංඛ්‍යාත පරාසයේම දත්ත සම්පේ‍්‍රෂණය කරත් එහි වේගය වැඩිය. එය තත්පරයකට මෙගා බයිට් 54කි.

වයි-ෆයි ජාලයක් ක‍්‍රියාත්මක වන ආකාරය පිළිබඳව සලකා බැලීමේදී කොටස් කීපයකි. ප‍්‍රධානවම වයි-ෆයි හොට්ස්පොට් එකක් නිර්මාණය වන සේ ගොඩනැගිලිවල පහන් කණුවල හා වෙනත් ස්ථානවල ඇන්ටනා සවිකරයි. මීළගට වයි-ෆයි ජාලයකට යොමු කෙරෙන මූලික ඉන්ටර්නෙට් සම්බන්ධය ඩෙක්ස්ටොප් පරිගණකය හෝ සර්වර් පරිගණකය ඇන්ටෙනාව සමඟ රැුහැන් රහිතව හෝ සහිතව සම්බන්ධ කරයි. මීට පසු පිළිවෙලින්, සමහර මොබයිල් ෆෝන්වලටත්, පරිගණකවලටත් වයි-ෆයි තාක්ෂණය හඳුනාගැනීමේ මෙවලම් තිබෙන නිසා ඒවා හරහාද වයි-ෆයි ජාලයට සම්බන්ධ විය හැකිය. ලැප්ටොප් පරිගණකද වයිි-ෆයි ලබාගත හැකි උපාංග සමඟ එන නිසා දැන් ඒවාට ද මේ වයි-ෆයි ජාලයට සම්බන්ධ වීමට පුළුවන. 802-11 මෙහිදී ද මෙගාබයිට් 54 ක වේගයෙන් දත්ත හුවමාරු කළ හැකි වුවත් එය සංඛ්‍යාත පරාසය ගිගා හර්ට්ස් 5 කි.

වයි-ෆයි තාක්ෂණයේ තිබෙන සුවිශේෂිත්වය වන්නේ ද වයි-ෆයි ක‍්‍රමයෙන් දත්ත සම්පේ‍්‍රෂණය කෙරෙන ගිගා හර්ට්ස් 2.4 සහ 5 යන රේඩියෝ තරංග සංඛ්‍යාත පරාසය සඳහා බලපත‍්‍ර ලබාගත යුතු නොවීමයි. මේ නිසා සාමාන්‍ය නිවසක වයි-ෆයි රවුටරයක් සිටවුවත්, ඊටත් වඩා සෙනඟගට සේවය ගන්නට හැකි සේ නගරයක වයි-ෆය ඇන්ටෙනා කුළුණත් ඉදිකලත් සංඛ්‍යාත පරාසය වෙනුවෙන් විදුලි සංදේශ ආයතනවලට බදු ගෙවිය යුතු නැත.
වයි-ෆයි තාක්ෂණය යොදාගෙන ඉන්ටර්නෙට් සම්බන්ධය හෝ වෙනත් ජාල සබඳතා හෝ ලබාගන්නා විට වාසි බොහොමයක් ලැබේ. ඒවා පහත පරිදි දැක්විය හැකියි. ඒවා කේබල් යෙදීමේ අවශ්‍යතාවයක් නොමැති නිසා ජාලය ස්ථාපිත කිරීම පහසු වීම, බොහොමයක් ලැප්ටොප් සමඟ වයි-ෆයි ඇඩැප්ටර් සවිකොට තිබීම නිසා ඉන්ටර්නෙට් සම්බන්ධය ලබාගැනීමේ මූලික වියදමද අඩු වීම, වයි-ෆයි ජාලයක් ස්ථාපිත කොට පවත්වා ගෙන යාම අනෙත් සන්නිවේදන ජාලයන්ට වඩා ලාභදායක වීම, ආදියයි. වාසිදායක තත්වයන් සහිතව වුවද වයි-ෆයි තාක්ෂණය යොදා ගැනීමේ යම් යම් සීමාවන්ද තිබේ. මේ සඳහා යෙදවිය යුතු ශක්තිය ඉහළ නිසා ලැප්ටොප්වල බැටරි කාලය අඩුවීම හා එහි රස්නය ඉහළ යාම සිදුවේ. වයි-ෆයි ජාලයක් බලපවත්වන්නේ සීමිත දුරකටය. ගෘහස්ත වයි-ෆයි රවුටරයක් නිසා උත්පාදනය වන හොට්ස්පොට් එකක් අඩි 150 ක පමණ ප‍්‍රදේශයක් පුරා බලපවත්වයි. එසේම කුළුණු ආශ‍්‍රයෙන් පිහිටුවන හොට්ස්පොට්  එකක් වුවත් බලපවත්වන්නේ අඩි 300ක් පමණ දුරකටය. වයි-ෆයි ජාලයක රහස්‍ය බව අඩුය. කුමන වයි-ෆයි ජාලයක් නොමිලේ ඇති, කාටත් පහසුවෙන් සම්බන්ධ විය හැකි සංඛ්‍යාත පරාසයකින් සම්පේ‍්‍රෂණ කටයුතු කරන නිසා යම් ජාලයකට පිටස්තර කෙනෙකු ඇතුළු වී තොරතුරු සොයා බැලීම පහසුය. මේ තත්ත්ව යටතේ වුවද වයි-ෆයි තාක්ෂණය හොඳ අතට දියුණු කරන්නට නොයෙක් උපායන් සොයමින් සිටී. සාමාන්‍යයෙන් තිබෙන රවුටරයකට යාබදව ඇති තවත් රවුටරයක් හ`දුනා ගැනීමට බැරි වුවත් නාගරික වයි-ෆයි ජාලයකදී එහි ඇති හැම රවුටරයක්ම යාබදව ඇති රවුටර් දෙකක්වත් හ`දුනා ගන්නට පුළුවන්කම තිබේ. එසේම ඒ හරහා මුළු නගරයේම ඇති රවුටර් සියල්ල එකිනෙක සමඟ සම්බන්ධ කෙරේ. මෙසේ තැනූ වයි-ෆයි ජාලයකින් වැසී ගත් නගරයක  ඕනෑම තැනකට යන්නෙකුට කිසිදු කරදරයක් නොමැතිව සිය ලැප්ටොප් පරිගණකයේ ඉන්ටර්නෙට් සමඟ සම්බන්ධ වෙන්නට පුළුවන.

                    ඇමරිකාවේ ෆිලඩෙල්ෆියා, පෙන්සල්වේනියා, ෆ්ලෝරිඩා ටෙක්සාස්, නිව්යෝක් යන ප‍්‍රදේශවල මෙවැනි වයි-ෆයි ජාල  පිහිටුවා තිබේ. ඉන් ෆ්ලොරිඩාවේ සෙන්ට් ක්ලවුඞ්හි මහජනයාට වයි-ෆයි ඉන්ටර්නෙට් ලැබෙන්නේ සම්පූර්ණයෙන් නොමිලේය. මෙසේ වයි-ෆයි ජාලයකින් වැසී ගිය නගරයක ධාවනය වන මෝටර් රථ එකිනෙකට හ`දුනා ගැනීමට හැකිවන සේ වයි-ෆයි තාක්ෂණය යොදා ගැනීමේ වැඩසටහන් දැන් යුරෝපයේ ක‍්‍රියාත්මකයි. යුරෝපයේ කාර් ටූ කාර් ලෙස නම් කොට තිබෙන මේ වැඩසටහනට දායකත්වය දෙන්නේ යුරෝපයේ ප‍්‍රධාන මෝටර් රථ නිෂ්පාදන සමාගම් හා විශ්ව විද්‍යාල කීපයකි. මෙහිදී සිදු කරනුයේ වයි-ෆයි පද්ධතිය පිහිටුවා ඒවා අතර සම්බන්ධතාව ඇති කිරීමයි. එවිට නොපෙනෙන වංගුවකදී වුවත් එක් මෝටර් රථයකට අනෙක හ`දුනා ගන්නට පුළුවන්.

                     වයි-ෆයි තාක්ෂණයෙන් ජනයා හ`දුනා ගැනීමේ ක‍්‍රමයක් පින්ලන්තයේ ඉකාහෝ  සමාගම විසින් හ`දුන්වා දී ඇත. මෙය වයි-ෆයි ජාලයකින් හ`දුනා ගන්නට පුළුවන් රේඩියෝ ටැග් එකකි. මෙම ටැග්  වලට ගැළපෙන වැඩසටහනක් දුවන ලැප්ටොප් එකකින් හෝ ටැබ්ලට් පීසි එකකින් ඒවා හ`දුනා ගන්නට පුළුවන. දියුණු රටවල තිබෙන පරිගණක පද්ධති යොදා ගන්නා රෝහල්වල හෙදියන්ට, මේවා පැළ`දි රෝගීන් දැන් සිටින්නේ කොතනදැයි දැන ගැනීමට මෙමගින් පහසු වේ. මෙලෙස මේ වන විට ලොව පුරා වයි-ෆයි තාක්ෂණය ව්‍යාප්තව ඇත. ඉන් බොහෝ ජනතාවක් තාක්ෂණික පහසුකම්වල ඵල අත්වි`දීමටද සමත් වී අවසන්.
                               
    -නිර්මාණී කොළඹගේ-

Special Cultural Traditions of the Sinhala Hindu New Year in Sri Lanka

  Special Cultural Traditions of the Sinhala Hindu New Year in Sri Lanka. The "Sinhala Hindu New Year" is one of the most import...