මා දුටු සිත්තම්

Showing posts with label යහපත් සෞඛ්‍ය. Show all posts
Showing posts with label යහපත් සෞඛ්‍ය. Show all posts

Saturday, July 28, 2018

‘‘විශ්වීය සෞඛ්‍ය ආවරණය’’ තේමා කොටගෙන 70වැනි ලෝක සෞඛ්‍ය දිනය සමරයි



එක්සත් ජාතීන්ගේ විශේෂිත නියෝජනයක් වන ලෝක සෞඛ්‍ය සංවිධානය යනු ජාත්‍යන්තර මහජන සෞඛ්‍ය ගැටලූ පිළිබඳව සම්බන්ධීකරණ කටයුතු සිදුකරන ප‍්‍රධානතම අධිකාරියයි. 1948 වසරේ අපේ‍්‍රල් 07 වන දින ස්ථාපිත කළ ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ලොව පළමු ලෝක සෞඛ්‍ය  දිනය සැමරීම සිදු වී ඇති අතර එය ව්‍යවස්ථාපිත ලෙස බලාත්මකව සැමරීම සිදුවී ඇත්තේ එය 26 වන සාමාජික රාජ්‍ය විසින් අනුමත කළ පසුවය.

2018 වසරේ අපේ‍්‍රල් 07 වන දින මෙලෙස සැමරූ 70 වැනි ලෝක සෞඛ්‍ය දිනයේ තේමාව වන්නේ ‘‘විශ්වීය සෞඛ්‍ය ආවරණය’’ යන්නයි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ විධායක මණ්ඩලයේ 142 වන සැසිවාරය අමතමින් ලෝක සෞඛ්‍ය සංවිධාන අධ්‍යක්‍ෂ ජනරාල් වෛද්‍ය ටෙදෝස් අඩානෙම් ජෙබ්රෙ යේසුස්  පවසා සිටියේ 2018 ලෝක සෞඛ්‍ය දිනය ශ්‍රී ලංකාවේදී සමරන බවයි. මෙය ශ්‍රී ලාංකිකයන් වන අපට සුවිශේෂි අවස්ථාවකි. සෑම වසරකම අපේ‍්‍රල් 07 වන දින ලෝක සෞඛ්‍ය දිනය සමරනු ලබන අතර ශ්‍රී ලංකාව තුළ නොමිලේ සෞඛ්‍ය පහසුකම් ලබා දීම අගය කිරීමක් වශයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ‘ලෝක සෞඛ්‍ය දිනය’ ශ්‍රී ලංකාවේදී සැමරීමට තීරණය කර ඇත. එමෙන්ම වසර තුනක කාල සීමාවක් සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ 142 විධායක සභාවේ සාමාජිකත්වය සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතාට හිමිවීමද සුවිශේෂි වේ. මෙම විධායක සභාවේ දී ශ්‍රී ලංකාවේ නොමිලේ සිදුකරන සෞඛ්‍ය සේවාවන් පිළිබඳව දීර්ඝ ලෙස අවධානයට ලක් කර ඇත.

බෝ නොවන රෝග රැුසක අවදානම හිස ඔසවන මොහොතක, සමස්ත ශ්‍රී ලාංකිකයින් වෙත නොමිලයේ සෞඛ්‍ය සේවාවන් ලබා දීම ශ්‍රී ලාංකික අප සැමට විශේෂ වන අතර, එමඟින් නිරෝගී පුරවැසියන් රටට දායාද කිරීමටත් හැකියාව ලැබී ඇත. එමෙන්ම මෙවර ලෝක සෞඛ්‍ය දින තේමාව පිළිබඳව විමසීමේදී ලොව විවිධ රටවල ආහාර හිඟය, දරිද්‍රතාව, පැල්පත්, මන්දපෝෂණය, රෝග, සාක්‍ෂරතා මට්ටමේ පහළ බැසීම ආදී ගැටලූ රැුසක් හමුවේ එය වඩාත් ප‍්‍රායෝගික වන බව කිව හැකිය.  ‘‘විශ්වීය සෞඛ්‍ය ආවරණය’’ යනුවෙන් තේමා කොටගෙන මුළු ලොවටම එක ලෙස සෞඛ්‍යාරක්‍ෂාව ලබා දීමේ වැඩ පිළිවෙළ රැුසක් ක‍්‍රියාත්මක වීමටද නියමිතය. සෝමාලියාව, සුඩානය, සිරියාව වැනි රටවල සෞඛ්‍ය ගැටලූ පැන නැෙඟමින් පවතින මෙවන් මොහොතක සමස්ත ලෝක වාසීන්ගේ කායික හා මානසික සෞඛ්‍ය ආවරණය කරවීමේ උදාර පරමාර්ථය අගය කළ යුතුමය.

‘‘ලෝක සෞඛ්‍ය දිනයක’’ ආරම්භයේ ඉතිහාසය සලකා බලන විට 1948 අපේ‍්‍රල් 07 වන දින ස්ථාපිත කළ ලෝක සෞඛ්‍ය සංවිධානයේ (උ්‍යධ* හි මූලස්ථානය ස්විස්ටර්ලන්තයෙහි ජිනීවා අගනුවර පිහිටා ඇති අතර එය පූර්වගාමී සහ එක්සත් ජාතීන්ගේ සංගමයේ නියෝජනයක් වූ සෞඛ්‍ය සංවිධානයෙහි සම්පත් උරුම කොටගෙන  තිබීමද  විශේෂත්වයකි. 1948 ජූලි 24 දින අවසන් වූ ලෝක සෞඛ්‍ය කමිටුවේ පළමු රැුස්වීමට සමගාමීව 1946 ජූලි 22 වන දින ලෝකය පුරා රටවල් 61 ක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ව්‍යවස්ථාව අත්සන් කර ඇත. එහි වත්මන් ප‍්‍රමුඛතාවයන් අතරට බෝවන රෝග (විශේෂයෙන්ම එච්.අයි.වී. ඒඞ්ස්, ඉබෝලා, මැලේරියා සහ ක්‍ෂයරෝගය* සහ බෝ නොවන රෝගවලින් සිදුවන බලපෑම් අවම කිරීම මෙන්ම ලිංගික සහ ප‍්‍රජනක සෞඛ්‍ය සංවර්ධනය සහ වයෝවෘද්ධ වීම, පෝෂණය, ආහාර සුරක්‍ෂිතතාව, සෞඛ්‍ය සම්පන්න ආහාර වේල් අනුභවය, මත්ද්‍රව්‍ය පිළිබඳ වාර්තා කිරීම, ප‍්‍රකාශනය සහ ජාලකරණය වර්ධනය කිරීම ආදිය ද ඇතුළත් වේ. ‘‘ලෝක සෞඛ්‍ය වාර්තාව’’ ට මෙන්ම ‘‘ලෝක සෞඛ්‍ය දිනය ආරම්භයට මූලික වන්නේ ද ලෝක සෞඛ්‍ය සංවිධානයයි

ලෝක සෞඛ්‍ය සංවිධාන ව්‍යවස්ථාවෙහි අන්තර්ගත වන අන්දමට එහි අරමුණ වන්නේ ‘‘සමස්ත ජනතාව උදෙසා ළඟා කරගත හැකි උසස්ම තත්ත්වයේ සෞඛ්‍යයක් ලබා දීම’’යි. එහි ප‍්‍රධානම කර්තව්‍ය වී ඇත්තේ රෝග විශේෂයෙන්ම බෝවන රෝගයක් සමඟ සටන් වැදීම සහ ලෝකවාසී ජනයාගේ සාමාන්‍ය සෞඛ්‍ය නංවාලීමයි.

ශ්‍රී ලංකාව ලෝක සෞඛ්‍ය සංවිධානයෙහි සාමාජික රටක් බවට පත් වූයේ 1948 වසරේදීමය. එහි පළමු කාර්යාලය කොළඹ ගාලූ මුවදොර දී 1952 දී පිහිටුවන ලදී. එතැන් සිට ලාංකිකයින්ගේ සෞඛ්‍ය සහ යහපැවැත්ම දියුණු කිරීමට ශ්‍රී ලංකා රජය සමඟ එක්ව කටයුතු කිරීම සිදුවිණි. ශ්‍රී ලාංකික ජාතියේ සෞඛ්‍ය මට්ටම ගෝලීය වශයෙන් තරගකාරී මට්ටමකට ගෙන ඒමේ කාර්යයට ලෝක සෞඛ්‍ය සංවිධානය අද වන විටත් කැප වී ඇත. බෝවන රෝග, බෝ නොවන රෝග, තුවාල සහ මානසික සෞඛ්‍ය, මාතෘ සහ ළමා තරුණ සෞඛ්‍ය පෝෂණය, සෞඛ්‍ය පද්ධතිය හදිසි අවස්ථාවලට සූදානම් කිරීම, ප‍්‍රතිචාරය සහ හවුල්කාරිත්වය සෞඛ්‍ය සඳහා වන සම්පත් සංචලනය, ආදී විෂයන් යටතේ සියලූම ජනතාවට සමස්ත සෞඛ්‍ය ආවරණයක් ලබා දීමට මෙතුළින් හැකියාව ලැබී ඇත. මෙවන් උදාර පරමාර්ථ පෙරදැරිව මෙවර 70 වන වරට, ‘‘විශ්වීය සෞඛ්‍ය ආවරණ’’ යන තේමාව මූලික කර ගෙන සමරන ලෝක සෞඛ්‍ය දිනය වෙනුවෙන්. සෞඛ්‍යමත් නීරෝගි පුද්ගලයකු වන්නට නිතරම උත්සාහ දරන්න.

නිර්මාණී බී. කොළඹගේ



Tuesday, June 26, 2018


දන්ත හානි පිළිබඳව දැනගනිමු

කිරිදත් වැටී ස්ථිර දත් පැමිණෙන වයසේ සිටින දරුවන්ගේ මෙවැනි හානි වලට නිසි කලට නිසි පිළියම් නොගැනීමෙන් කිරි දත් පමණක් නොව ඒ වන විට හකු අස්ථිය තුළ වර්ධන අවස්ථාවේ පවතින ස්ථිර දත් පවා නැවත ප‍්‍රකෘති තත්ත්වයට පත් නොකළ හැකි අයුරින් හානි විය හැක. එමනිසා විශේෂයෙන්ම මෙම වයසේ පසුවන දරුවන්ගේ දන්ත හානි සහ ඒ සදහා ක්ෂණිකව ගත හැකි පියවර හා ප‍්‍රථමාධාර පිළිබඳව දෙමාපියන්ගේ අවධානය යොමු වීම වැදගත් වේ.




මීට අමතරව වැඩිහිටියන්ටද හදිසි අනතුරු වැනි අවස්ථා වලදි මෙවන් තත්ත්වයන් ඇතිවිය හැක. දතක් මුළුමනින්ම ගැලවී වැටීම වැනි අවස්ථාවකදී ඉතාමත් වැදගත් වන්නේ දත් කුහරයෙන් ලේ ගැලීම නවතා ගැලවුණු දතද සමඟ රෝගියා හැකි ඉක්මනින් දන්ත වෛද්‍යවරයෙකු කරා ගෙන යාමයි. එහිදී එම ගැලවුණු දත තිබූ මුල් ස්ථානයේම නැවත ප‍්‍රතිස්ථාපනය කළ හැකි වන අතර දත ගැලවුනු මොහොතේ සිට නැවත ප‍්‍රතිස්ථාපනය කිරීමට ගත වූ කාලය අවම වූ තරමට දතට සිදුවන හානිය අවම වේ. මෙලෙස දතක් ගැලවී වැටුන විට පළමුවෙන් දත, ගලායන ජලයට අල්ලා තත්පර කිහිපයක් ඒ මත තැවරුණු අපද්‍රව්‍ය ඉවත් වන සේ සෝදා හරින්න. හදිසි අනතුරක් හෝ ගැටීමක් නිසා දතකට සිදුවිය හැකි හානි පහත දැක්වෙන පරිදි මූලික කාණ්ඩ 05 කට බෙදා දැක්විය හැක. දතක් මුළුමනින්ම ගැලවී වැටීම දතේ ස්ථානීය වෙනසක් සිදු නොවී සහායක පටක වලට පමණක් හානි වීම දතක් මුල් ස්ථානයෙන් මුළුමනින්ම ඉවතට තල්ලූවීම දතක් විදුරු මස තුළට තල්ලූවීම දතක් විදුරුමසෙන් ඉවතට තල්ලූ වීම, මෙම තත්වයන් බොහෝ විට ළමයින් අතර දක්නට ලැබෙන අතර වයස අවුරුදු 10-14 වයසේ පිරිමි ළමුන් අතර ඉතාමත් සුලභවේ. බොහෝ විට මෙම වයස් වල ළමුන් කී‍්‍රඩා කිරිමේදි ඇතිවන වැටීම් නිසා ඉදිරිපස උඩු ඇන්දේ දත්වලට බහුලව මෙම හානි සිදු වේ.




කටේ ලේ ගලන කුහරයට පුළුන් හෝ ගෝස් කැබැල්ලක් සිරකර ලේ ගැලීම නවතන්න. හැකිනම් ලේ ගැලීම නැවතුනු පසු සේලයින් වතුර ඇත්නම් දත එහි වරක් බහා ඉවතට ගෙන එම කුහරය තුළටම දමා රෝගියා හැකි ඉක්මනින් දන්ත වෛද්‍යවරයෙකු වෙත ගෙන යන්න. එසේ නොමැතිනම් දත සේලයින් දියර, කිරි හෝ තැබිලි වතුර වල බහා එවැනි කිසිම දෙයක් නොමැති නම් නම් පමණක් එම රෝගියාගේම ඛේටයේ බහා පැය 1-2 තුල ළගම ඇති වෛද්‍යවරයෙකු කරා ගෙන යන්න. දතක සහායක පටක වල ඇති සෙලෙ වල ජිවිත කාලය විනාඩි 20 පමණ වන බැවින් එම කාලය තුළ දත නැවතත් කුහරයට ඇතුළු කිරිම මගින් ඉතා උසස් ප‍්‍රතිඵල ලබා ගත හැක. එසේ රෝහලකට ගෙන යන රෝගියා දන්ත වෛද්‍යවරයෙකු විසින් පරික්ෂාල කිරිමෙන් අනතුරුව ඔහු විසින් පළමුව රෝගියාගේ දත තිබු දන්ත කුහරය සේලයින් දියර යොදා කුහරය තුළ ඝනවි ඇති ලේ කැටි ඉවත් කර කුහරය හොදින් පිරිසිදු කෙරේ. නැවත ප‍්‍රතිස්ථාපනය කිරිම බොහෝ විට ස්ථිර දත් සදහා පමණක් සිදු කරයි.

දත සේලයින් සහ ප‍්‍රතිජිවක ඖෂධ අඩංගු ද්රා වණයක ගිල්වා ජීවානුහරණය කර නැවතත් දත දන්ත කුහරය තුළ ප්ර තිස්ථාපනය කිරිම සිදුකරයි. ඉන්පසු දත අස්ථියට සවිවන තුරු කුහර තුළ නොසෙල්වී තබා ගැනීමට දෙපස ඇති දත් දෙකට යා වනසේ සැරහුමක් යොදනු ලැබේ. මෙම සැරහුම සදහා දත් පුරවන සිමෙන්ති සහ මල නොබැදෙන වානේ කම්බි යොදා ගැනේ. මෙම සැරහුම යොදා දින 7-14 අතර කාලයක් තිබෙන්නට හරි. එසේම රෝගියා විසින් ඒ ආසන්න කාල වකවානුවදී පිටගැස්ම එන්නත ලබාගෙන නොමැති නම් ඒ බව වෛද්යර වරයාට දන්වා එම එන්නත ලබාගැනිමට කටයුතු කිරිම වැදගත් වේ.
ඉන්පසු දින 7ක් හෝ 14 ක් අවසානයේ දී වෛද්‍යවරයා විසින් යෙදු සැරහුම ඉවත් කර දතේ තත්වය  පරික්ෂාට කර බලා ඒ අනුව ඉදිරියට කළයුතු ප‍්‍රතිකාර පිලිබදව රෝගියා දැනුවත් කිරිම සිදු කෙරේ.ඒ අනුව දතේ කල්ක කුහරයට යෙදීම ස්නායු පිරවීම වැනි ඒ ඒ රෝගියාට ගැලපෙන ප‍්‍රතිකාර සිදු කරයි. වෛද්‍යවරයා විසින් මෙම තත්වය තහවුරු කර ගත් පසු රෝගියාට කරුණු පැහැදිලි කර දී සතියක් පමණ වන තුරු තද ආහාර ගැනිමෙන් වලකින ලෙස උපදෙස් දීම පමණක් සිද කරයි. වෙනත් ප‍්‍රතිකාර අවශ්යන නොවේ.

දතක් මුල් ස්ථානයෙන් මුළුමනින්ම ඉවතට තල්ලූ වීම ,මෙහිදි එක්ස් කිරණ ඡුායා රූපයක් මගින් දතේ පිහිටිම නිරික්ෂණය කරනු ලැබේ. එහිදි හානි වු දත කිරි දතක් නම් සහ දතේ පිහිටිම නිසා වර්ධනය වන ස්තීර දතට හානි කර නම් බොහෝ විට කිරි දත ගැලවීම ද සිදුවේ. කිරි දතෙන් ස්ථීර දතට හානියක් නොමැති විට සහ හානි වු දත ස්ථිර දතක් නම් දතට නිර්වින්දන ඖෂධ ලබා දී  දත තිබු ස්ථානයටම තල්ලූ කිරිම ඇතැම් විට සිදු කෙරේ. දතක් විදුරු මසක් තුලට තල්ලූ වීම ,මෙහිදි පෙර පරිදි එක්ස් කිරණ ඡුායාරූපයක් මගින් දතේ පිහිටිම තහවුරු කරගෙන කිරි දතක් නම් එමගින් ස්ථීර දතේ වර්ධනයට බාධා වේ නම් කිරි දත ගැලවීමටද එසේ දතේ මුල තවමත් වර්ධනය වෙමින් පවතින ස්තීර දතක් නම් එය කාලයත් සමග මුල් ස්ථානයට වර්ධනය වීමට ඉඩදී නීරික්ෂරණය කරනු ලැබේ. මෙහිදි ම සතියක් පමණ යන තුරු තද ද්ර ව්යට සැපීමෙන් වැලකීම වැදගත් ය. මෙසේ මාස 06 ක් පමණ ඇතුලත දත මුල් ස්ථානයට නොපැමිණියහොත් විකලාංග දන්ත වෛද්යෙ ප්රේතිකාර ක්ර්ම මගින් දත ඉවතට ගත හැකි වේ.




මෙසේ හානිවු දතක් සදහා නිසි කලට නිසි පියවර ගැනීමෙන් ඔබේ මුතුවන් දත් පෙළ කලක් එලෙසම රැුක ගැනීමට ඔබට හැකිවනු ඇත. එලෙස දන්ත හානි සදහා නිසි පිලියම් නොගැනීමෙන් දතක් කල් ගතවීමේදි දුර්වර්ණ වීම, දත් මුල දියවී දත සෙලවී හැලි යාම සිදුවිය හැක කිරි දතකට හානිවු විට නම් වර්ධක අවස්ථාවේ ඇති ස්ථිර දතට හානි වීමෙන් පමණට වඩා කුඩා දුර්වල ස්ථිර දත් ඇතිවීම. ස්ථිර දත් ඇද වී පැමිණිම වැනි සංකුලතා ඇති විය හැක. අනිකුත් දන්ත හානි ලෙස දතේ ස්ථානීය වෙනසක් සිදු නොවි දත් සහයක පටක වලට පමණක් හානි වීම ගත හැක.

             නිර්මාණී


දරුවාගේ දත් ආරක්ෂා කර ගනිමු






දරුවාගේ සමීපතම පුද්ගලයන් ලෙස දෙමාපියන්ට දරුවාගේ මුඛ සෞඛ්‍යය පිළිබඳ වැදගත් කාර්යභාරයක් පැවරී ඇත. දරුවා කුඩා අවධියේ සිට ඇතිකර ගන්නා පුරුදු මුළු ජීවිතය පුරාම පවත්වා ගනී. එම නිසා හොඳ මුඛ සෞඛ්‍යය සිරිත් කුඩා කාලයේ සිටම පුරුදු පුහුණු කිරීම, ජීවිත කාලය පුරාම නීරෝගි දත් සහ විදුරු මස් පවත්වා ගැනීමට අඩිතාලමක් වේ. දරුවන්ට අවුරුදු 8 ක් පමණ වනතුරු දත් මැද්දට පසු එය හොඳින් කර තිබේදැයි පරීක්ෂා කරන්න. ඉවත් නොවූ දන්ත පථ පැහැදිලිව පෙන්වීමට විදේශ රටවල විවිධ වර්ණක අඩංගු ද්‍රාවණ හෝ පෙති භාවිත කරයි.
කුඩා දරුවා වැඩිහිටියන් අනුකරණය කිරීමෙන් බොහෝ දේ ඉගෙන ගනී. අවුරුදු 2-3 දක්වා වයසැති දරුවන්ට ඔබ දත් මදින ආකාරය බලා සිටීමෙන් දත් මැදිමට පුරුදු විය හැක. එසේ පුරුදු වන කාලයේදී කුඩා දරුවන් දත් මැද්දාට පසු ඔබ විසින් දරුවාගේ දත් මැදීම සම්පූර්ණ කළ යුතුයි. මක්නිසාද යත් දරුවන්ට වයස අවුරුදු 8-9 පමණ වනතුරු මනා ලෙස දත් බුරුසුව මුඛය තුළ හැසිරවීම අපහසුවීමය. එමඟින් දත මතුපිට ඇති දන්ත පථ වර්ණවත් වේ. එවිට ඒවා පැහැදිලිව පෙනෙන නිසා ඉවත් කිරීමට පහසු වේ. එසේම දත් මැදිමේදි දරුවාට අතපසු වන තැන් ද නිරීක්ෂණය කළ හැකිය. දැනට එවැනි වර්ණක දේශීය වෙළඳ පොළේ සුලභව දක්නට නොලැබේ.
දන්ත වෛද්‍යවරයා ලවා කුඩා අවධියේ දී දත් පරීක්ෂා කර ගැනීමෙන් මුඛ රෝග ඇතිවීම වළක්වා ගත හැක. තවද රෝගී දත් සහ විදුරු මස් මුල් අවස්ථාවේදීම හඳුනා ගැනීමෙන් ඒවා වැඩි දියුණු වී දරුවා අපහසුතාවකට පත්වීම වළක්වා ගත හැක. එසේම දන්ත වෛද්‍යවරයා හමුවී දත් පරීක්ෂා කර ගැනීමෙන් හෝ ප‍්‍රතිකාර ලබා ගැනීමෙන් දරුවා එම පරිසරයට හුරු පුරුදු වේ. එම නිසා දන්ත වෛද්‍යවරයා වෙත යාම දරුවාට බිය ගෙන දෙන කාර්යයක් නොවනු ඇත.


දරුවා දන්ත වෛද්‍යවරයා හමුවීමට උනන්දු කරවීම පහත සඳහන් ආකාරයට කර ගත හැක. දන්ත වෛද්‍යවරයා හමුවීම ඉතා වැදගත් අවස්ථාවක් ලෙස නොහැඟවීම, දරුවා තුළ බිය සැක ඇති කරන රිදීම, බෙහෙත් විදීම හෝ දත හෑරීම වැනි වචන භාවිතයෙන් වැළකීම දරුවාගේ ප‍්‍රශ්න වලට අවංකව පිළිතුරු දීම හා වැඩි විස්තර කීමෙන් වැළකීම විස්තර කිරීමේ විශේෂ ආකාරයක් ඇත. පිටුපස දත් වල හපන පෘෂ්ඨවල කාණු වැනි තරමක් ගැඹුරු රේඛීය අවපාතන ඇත. ආහාර ද්‍රව්‍ය සහ බැක්ටීරියා දත මතුපිට ඇති මෙම ප‍්‍රදේශවල පහසුවෙන් ස්ථාපනය වේ. මේ අවපාතන වල ගැඹුරු බව නිසා ඛේටයත් සමඟ සේදී යාමෙන් වැළකී සිටීමට බැක්ටීරියාවන්ට හැකි වේ. ඒ නිසා සාමාන්‍යයෙන්ම දත් දිරායාම ආරම්භ වන්නේ පිටුපස දත්වල ඇති හපන පෘෂ්ඨයේය. මේ පෘෂ්ඨවල ඇති අවපාතන වල ගැඹුර අඩු කළ හැකි ආලේපන දැනට භාවිතයේ පවතී. දන්ත සෞඛ්‍යය නිලධාරීන් ලවා මේ ද්‍රව්‍ය ආලේප කිරීමෙන් දත් දිරා යාම වළක්වා ගත හැක.
දත් දිරායාම වළක්වා ගැනීමට ෆ්ලෝරයිඞ් බෙහෙවින් උපකාර වේ. ෆ්ලෝරයිඕ ඛේටයේ ඇති ඛණිජ ලවණ සමඟ කි‍්‍රයා කර දත් දිරායාමේ ආරම්භක අවස්ථාවේ ඇති එනැමලය යථා තත්ත්වයට පත්කර ශක්තිමත් කරයි. සම්පූර්ණයෙන් වැඩුනු දත් දිරායාම වළක්වාලීමට හැකි ලෙස මතුපිට ස්ථරය ශක්තිමත් කරයි. ඔබේ දන්ත වෛද්‍යවරයා අවශ්‍ය  නම් ෆ්ලෝරයිඞ් පෙති නියම කරනු ඇත. සමහර විදේශ රටවල ජල පද්ධතියට ෆ්ලෝරයිඞ් එකතු කර ඇත. ෆ්ලෝරයිඞ් සහිත දන්තාලේප වලින් දත් ආරක්ෂා වන බව පර්යේෂණ මඟින් පෙන්වා දී ඇත. එනමුත් ලංකාවේ සමහර පළාත් වල ජලයේ ෆ්ලෝරයිඞ් අධික ලෙස තිබීම හේතුවෙන් දන්ත ෆ්ලෝරෝසියාව සෑදේ. එවැනි පළාත් වල වෙසෙන අය ෆ්ලෝරයිඞ් සහිත දන්තාලේප භාවිතයෙන් වැළකී සිටිය යුතුය.

දරුවන්ගේ දත් දිරායාම සහ දන්ත පථ සෑදීම අඩු කිරීමට පහත සඳහන් පිළිවෙත් අනුගමනය කළ හැක. ප‍්‍රධාන ආහාර වේල් වලට අමතරව ආහාර දීම සීමා කරන්න. විශේෂයෙන්ම සීනි හා පිටි සහිත ආහාරත් අම්ල ගතිය ඇති සිසිල් බීම පාවිච්චියත් සීමා කරන්න. සෞඛ්‍යයට හිතකර අමතර ආහාර දෙන්න. එනම් පලතුරු, අමු එළවළු හෝ ලූනු රහිත ඇට වර්ග මුඛයේ වැඩිවෙලා රඳා සිටින සීනි සහිත හෝ ආම්ලික ආහාර, පැණිබීම වැනි දේ ගැනීම හැකි තරම් අඩු කරන්න. එසේ ගන්නා ආහාර නිසා ඇති වන ආම්ලිකතාවය නිසා දත් මතුපිට දිය විය හැකි අතර ආහාර වේල් අතරතුරදී දත මතුපිට ඉනැමල් ස්ථරයේ නැවත ලවණ තැන්පත් වී දත ශක්තිමත් වීමේ කි‍්‍රයාවලිය මඟහැරේ.

පිටි සහිත ආහාර, අම්ල නිපදවන බැක්ටීරියා සඳහා ආහාර ප‍්‍රභවයක් වන නිසා ඒවා ගැනිමේදී ද සැලකිලිමත් වන්න. අඩුවෙන්ම ගත යුතු ආහාර - පැණි රස කෑම, තෙල් සහිත ආහාර, සාමාන්‍ය ලෙස ගතු යුතු ආහාර, -මස්, මාළු, චීස්, බිත්තර, මුදවපු කිරි, ඇට වර්ග, කිරි, යෝගට් ලෙස ගත හැකිය. වැඩිපුර ගත යුතු ආහාර ලෙස පලතුරු, සීනි මිශ‍්‍ර නොකළ පලතුරු බීම, හතු වර්ග, බත්, ධාන්‍ය, පරලූ පාන් ඔබේ දරුවාට අවශ්‍ය, පෝෂ්‍ය පදාර්ථයන්ගෙන් පිරි සමතුලිත ආහාරයක් ලබාදීමෙන් ඔහුගේ දත් සහ මුඛයන් සමස්තයක් ලෙස මුළු ශරීරයත් නිරෝගීව පවත්වා ගත හැකි වේ.

එසේම ඔබගේ දරුවාගේ දත් හදිසි අනතුරු වලින් ආරක්ෂා කර ගැනීම සඳහා පහත සඳහන් පියවර අනුගමනය කරන්න. කී‍්‍රඩා කිරීමේ දී ආරක්ෂාකාරී උපකරණ පලඳින්නට උපදෙස් දෙන්න. දත් ආවරණය කර ඒවාට ආරක්ෂාව සපයන පැලඳුමක් සපයා දෙන්න. ස්ථිර දතක් ගැලවී ගියොත් - එය ඇහිඳීමේ දී පරිස්සමින් එනැමලය ප‍්‍රදේශයෙන් අල්ලා ගන්න. ඉන්පසු ගලන වතුරේ තත්පරයක් පමණ සෝදන්න. අතුල්ලන්න එපා. හැකිනම් හනුවේ දත තිබූ කුහරයේම තබන්න. අපහසුනම් එය කිරි බඳුනකට දමා හෝ ප්ලාස්ටික් කොළයකින් ඔතා හැකි ඉක්මනින් ඔබගේ දන්ත වෛද්‍යවරයා හමුවන්න. විනාඩි 30 ක් ඇතුළත තිබූ තැනම සවි කළොත් දත අහිමිවීම වළක්වා ගැනීමට හැකිවීමට බොහෝ ඉඩකඩ ඇත. කිරි දතක් ගැලවුණහොත් එය නැවත සවිකිරීමට අවශ්‍ය නොවේ. නමුත් ඉක්මනින්ම දන්ත වෛද්‍යවරයෙකු හමුවී පරීක්ෂා කර ගැනීම වැදගත්ය. ස්ථීර දතක් කැඩුණොත් හෝ පතුරක් ගියවිට- ඔබට වේදනාවක් නොදැනුනත් දන්ත වෛද්‍යවරයා හමුවීම ඉතා වැදගත්. සමහර විට දතේ කැඩුනු කොටස් නැවත එම දතටම බද්ධ කිරීමේ හැකියාවක් ඇති නිසා වෙන් වුණු දත් කොටස් ළඟ තබා ගැනීම වැදගත් වේ.
                                      
                         නිර්මාණී



Tuesday, June 5, 2018

මුඛ සෞඛ්‍යය පිළිබදව ඔබේ අවධානය ප‍්‍රමාණවත් ද?



මුඛ සෞඛ්‍යය පිළිබදව ඔබේ අවධානය ප‍්‍රමාණවත් ද?

මුඛය ශරීරයේ පවතින සුවිශේෂීම කොටසක් වන්නේ එමඟින් ශරීරයට අත්‍යවශ්‍ය ක‍්‍රියාවලින් රැුසකට දායක වීම මෙන්ම පුද්ගල පෞරුෂයට ප‍්‍රධානවම බලපාන නිසයි. මුඛ කුහරය, දත් සහ මුඛය සම්බන්ධ අස්ථි හා මාංශ පේශි පද්ධතියේ ප‍්‍රධාන කාර්යභාරයක් වශයෙන් ඝන ආහාර ගිලීම, දියර පානය සහ කථනය දැක්විය හැකිය. මේ ප‍්‍රධාන කාර්යයන්ට අමතරව මුඛය හා එයට අයත් අස්ථි සහ මාංශ පේශි පද්ධතිය විවිධ කි‍්‍රයාකාරකම්වලට යොදා ගැනීමට මිනිසා පුරුදුව සිටීි. මේ පුරුදු ඇතැම් විට මුඛ සෞඛ්‍යයට අහිතකර විය හැකිය. ඒ හේතුවෙන් වර්ධන අසමානතා මෙන්ම පටක කි‍්‍රයාකාරීත්වයේ අක‍්‍රමිකතා මෙන්ම සංකුලතා ද හටගත හැකිය. එවැනි මුඛ සෞඛ්‍යයට අහිතකර විය හැකි මුඛය හා සම්බන්ධ පුරුදු කීපයක් මෙහිදී සලකා බලමු.



සෑම මනුෂ්‍යයෙකුම පාහේ තම දිවියේ කවරදා හෝ දත් කූරු සැපීමට පුරුදුව සිටීමට ඉඩ ඇත. ඇතැම් අය දැඩි තරහ හේතුවෙන් ද දත් කූරු සපන අතර මෙය අපගේ මොළය දැනුවත්ව මෙන්ම නොදැනුවත්ව සිදුවිය හැකි කි‍්‍රයාවලියකි. මෙහිදී සිදු වන්නේ උඩු හා යටි ඇන්දේ දත් එකිනෙක තදින් ගැටීම හා ඇතිල්ලීමය. ඒ වෙනුවෙන් මුහුණේ මාංශ පේශි මෙන්ම හනුක අස්ථි යුගල දැඩි වෙහෙසක් හා ශක්තියක් යොදවනු ඇත. බොහෝ විට දත් කූරු සැපීම රාති‍්‍රයේදී සිදුවන අතර එය නින්ද හා සබැඳි රෝගී තත්ත්වයක් ලෙසද හඳුනාගෙන ඇත. දත් කූරු සැපීමට පුරුදු තැනැත්තා තම පුරුද්ද ගැන අවබෝධයෙන් තොර විය හැකි ය. ඒ ගැන හොඳින් ප‍්‍රකාශ කළ හැක්කේ ඔහු හෝ ඇය අසලින් නිදාගන්නා තැනැත්තාය. එයට හේතුව නින්දේදී දත් කූරු සැපීම අපගේ දැනුවත් බවින් තොරව සිදුවිය හැක්කක් බැවිනි. හේ හේතුව නිසාම දරුවන් දත්කූරු සපන බවට මුලින්ම පැමිණිලි කරන්නේ මාපියන්ය. දත් කූරු සැපීම හුදෙක් පුරුද්දක් ලෙසම සැලකිය නොහැකිය. එයට මං පාදන විවිධ රෝගී තත්ත්වයන් පවතී. ඒ අතර මානසික පීඩනය හා ආතතිය, නින්ද නොයාම, දත් පිහිටීමේ අක‍්‍රමිකතා මුල් තැනක් ගනී. විවිධ ඇබ්බැහිකම් ලෙස මත්පැන් හා මත්ද්‍රව්‍යයද පාවිච්චිය, දුම්පානය හා අධික කැෆේන් භාවිතය සඳහන් කළ හැකිය.



දත්කූරු සැපීම නිසා ඇති විය හැකි මුඛ සෞඛ්‍ය ගැටලූ අතර දත්, විදුරුමස්, හනුක සන්ධිය හා මුහුණේ මාංශ පේශීන්ට ඇතිවිය හැකි අනතුරු මුල් තැනක් ගනි. දත්වල සැපුම් තලය ගෙවී යෑම නිසා මුහුණේ උස අඩුවී බාහිර පෙනුම වෙනස්විය හැකිය. මෙයට අමතරව එනමලය ගෙවී දන්තීය මතුවීම නිසා දත් හිරිවැටීම, දත් බිඳී යාම, දිරායාම වේගවත් වීම ආදී අහිතකර ඵලවිපාක ගෙන දේ. විදුරුමස් අනතුරට පත්වීමෙන් දත් සෙලවීම හට ගනී. වඩාත් වේදනාකාරී මෙන්ම කල් පවතින අතුරු ආබාධයක් ලෙස හනුක සන්ධියේ සිදුවන විඩාව හා මාංශ පේශීන්ගේ විඩාව නිසා ඇති වන මුහුණේ හා හිසේ වේදනාව සඳහන් කළ යුතුය. හේතුවෙන් කල්ගතවූ හිසරදය හා මුහුණේ වේදනාව හට ගන්නා අතර රෝගියාගේ දෛනික කටයුතු වලට මහත් බාධා ගෙන දිය හැකිය. එමෙන්ම මුහුණේ කම්මුල්වල පේශීන් අධික කි‍්‍රකාරීත්වය හේතුවෙන් ප‍්‍රමාණයෙන් විශාලනය වන අතර මුහුණේ හැඩය පවා වෙනස් විය හැකිය.



මුඛය පරීක්ෂා කිරීමේද අසාමාන්‍ය ලෙස ගෙවී ගිය දත් පැවතීම, රෝගියා විසින්ම ප‍්‍රකාශ කරනු ලබන විඩාව හා හිසරදය, එසේ නැත්නම් රෝගියා අසලින් නිදා ගන්නා පුද්ගලයා ගෙන් ලබා ගන්නා තොරතුරු මඟින් දත් මිටි කෑමේ/ දත් කූරු සැපීමේ රෝගී තත්ත්වය නිශ්චය කර ගත හැකිය. මේ තත්ත්වයෙන් රෝගියා බේරා ගැනීමට නම් අප කළ යුත්තේ කුමක්ද? ප‍්‍රධාන වශයෙන් රෝගියා දැනුවත් කිරීම ඉතා වැදගත් වේ. නිසි වෛද්‍ය ප‍්‍රතිකාර වල දී මුඛයේ හනු දෙක අතර රැුඳවීම සඳහා ආරක්ෂක තල ලබා දීම සිදු වේ. මේ සියල්ලටම අමතරව දත් මිටි කෑම/ කූරු සැපීම ඇතිකරවන අප සඳහන් කළ ඉහත පුරුදු නැතිනම් රෝගී තත්ත්වයන් හඳුනාගෙන ඒවා වළක්වා ගැනීම සඳහා නිශ්චිත ප‍්‍රතිකාර වලට යොමුවීම ඉතා වැදගත් වේ.


ඇඟිලි ඉරීම යනු මිනිසා සහ චිමපන්සියා වැනි ප‍්‍රයිමේටා ගෝත‍්‍රයට අයත් සතුන්ට පොදුවේ ඇති කරගත හැකි පුරුද්දකි. අතේ පමණක් නොව පාදයේ ඇඟිලි පවා ඉරීමට අප ජීවිතයේ කවර දා හෝ තැත් කර ඇතිවාට සැක නැත. ළදරුවෝ මේ ක‍්‍රියාවෙන් මානසික සතුටක් ලබති. සාමාන්‍යයෙන් මේ මාස 4-6 දක්වා වූ වයස පසු වත් ම මඟහැරී ගිය ද ඇතැම් දරුවෝ එය දිගට ම පවත්වා ගෙන යති. අප ඉපදීමට පෙර එනම් මව්කුස තුළදීම පවා ඇඟිලි ඉරීමට පුරුදු වී සිටීමට ඉඩ ඇති බව සොයාගෙන ඇත.


දත් පොකුරු පැවතීම, ඉදිරියට නෙරා ඒම, උඩ හා යටි හනුවේ දත් නිසි පරිදි සම්බන්ධ ව නොපැවතීම, කථා කිරීම හා සැපිමේ කි‍්‍රයාවලින් නිසි පරිදි කළ නොහැකි වීම වැනි ගැටලූ මෙමඟින් පැන නඟී. එනිසා ඇඟිලි ඉරීමේ පුරුද්දෙන් දරුවන් වළක්වා ලීම ඉතා වැදගත් වේ. ඇඟලිවලට අමතරව විිවිධ උපකරණ දරුවෝ මුඛයේ තබා ගැනීමට පෙලඹී සිටිති. එනම් පැන්සල්, පෑන් යටි හෝ උඩු තොල් ඇඟිලි වෙනුවට සැපීමට හෝ ඉරීමට පුරුදුව සිටිති. එමඟින් ද ඉහත දැක්වූ විවිධ ගැටලූ පැන නැඟීමට ඉඩ ඇත.


ඇඟිලි ඉරීමේ කි‍්‍රයාව නිසා හනු හා දත් වර්ධනයේ අක‍්‍රමිකතා හට ගනී. විශේෂයෙන්ම උඩු ඇන්දේ දත් ඉදිරියට නෙරා ඒමත්, යට ඇන්දේ දත් ඉදිරියට නෙරා ඒමත්, යට ඇන්දේ දත් පසුපසට නැවී වර්ධනය වීමත් සිදුවේ. මේ පුරුද්ද වඩා වැඩිවීමත් සමඟ හනුක අස්ථි පවා ඉදිරියට වර්ධනය වීමට හැකියාව තිබේ. මේ ආබාධයන් කිරි දත් වර්ධනයේ දී එතරම් පැහැදිලි නොවන අතර ස්ථිර දත් වර්ධනය වීමේදී කැපී පෙනෙන්ට පටන් ගනී. ඇඟලි ඉරීම අවුරුදු 6- x 8 දක්වා පැවතිය හොත් ඉහත සඳහන් කළ වර්ධන අක‍්‍රමිකතා ඇති වීමෙන් දරුවාගේ බාහිර රූපාලංකාරයට ද බලපැම් ඇතිවිය හැකි ය.


ඇඟිලි ඉරීම වළකා ගැනීම සඳහා ද අප කළ යුත්තේ දරුවාගේ අවධානය වෙනතකට යොමු කිරීම, මේ පුරුද්දේ අවදානම ගැන දරුවා දැනුවත් කිරීම, පුරුද්දෙන් මිදුණු විට දරුවා පැසසීම ආදී ක‍්‍රියාවන්ය. දරුවාට පුරුද්දෙන් මිදීම පිණිස දැඩි ලෙස බල කිරීම එතරම් සුදුසු නැත. එම පුරුද්ද වඩා බලවත් නම් උපදේශන මාර්ගයට පවා පිවසීමට සිදුවිය හැකිය. අපේ ස්වභාවික ආශ්වාස ප‍්‍රාශ්වාස කි‍්‍රයාවලිය සිදුවිය යුත්තේ නාසය හරහා ය. ආශ්වාස වාතය පිරිසිදු කිරීම සහ උෂ්ණත්ව යාමනය ආදී වැදගත් කි‍්‍රයා නාස් කුහරය තුළින් ඉටු කෙරේ. එහෙත් ඇතැම් දරුවන් මෙන්ම වැඩිහිටියන් ද මුඛය හරහා ඇතැම් විට හුස්ම ගන්නේ ශරීරයට අධික ඔක්සිජන් අවශ්‍යවන ශාරිරීක අභ්‍යාසවල ද දැඩි විඩාව, මහන්සිය දැනෙන අවස්ථාවන් හී දී පමණි. මානසික ආබාධ හෝ ඉන් මානසික වර්ධනය අඩු දරුවන්ට ද මුඛයෙන් හුස්ම ගැනීමේ පුරුද්ද ඇති බව දැකිය හැකිය. බොහෝ නීරෝගි දරුවන් මුඛයෙන් හුස්ම ගන්නේ නාස් කුහරයේ තිබෙන අවහිරතා හේතුවෙනි. සෙම්ප‍්‍රතිශ්‍යායාව, ඇදුම, පීනස, ආසාමිකතාවයන් නිසා ඇතිවන ස්වසන අපහසුතා මඟහරවා ගැනීම පිණිස ද මුඛය හරහා ශ්වසනය කිරීමට ඇතැම්හු පුරුදු ව සිටිති.

එහෙත් මුඛයෙන් හුස්ම ගන්නා විට ආශ්වාස වාතය පිරිසිදු වීමේ කි‍්‍රයාවලිය මඟහැරී යයි. ඊට අමතරව තොල්, දිව හා මුඛ අභ්‍යන්තරය වියළී යෑමේ තත්ත්වයක් හටගනී. මේ මුඛ සෞඛ්‍යයට අහිතකර තත්තවයකි. මේ හේතුවෙන් දිගැති මුහුණක් ඇතිවීම, ඉදිරියට නෙරා ආ දත් පිහිටීම, දත් හා තොල් නිසි පරිදි සම්බන්ධ නොවීමෙන් මුඛය වැසීමේ අපහසුතා යනා දී මුඛ සෞඛ්‍යය ගැටලූ මේ සමඟ ඇතිවීමට ඉඩ ඇත.

නියපොතු සැපීම වඩාත් ම දැකිය හැක්කේ දරුවන් අතර වුවද මේ පුරුද්ද ඇත්කරගත් වැඩිහිටියන්ද නැත්තේ නොවේ. මෙය පසුපස විවිධ මානසික අසහනකාරී හේතු පැවතිය හැකි බවට වාර්තා වී තිබෙන අතර බොහෝ දෙනා මෙයට ගොදුරු වී ඇත්තේ හුදෙක් කුඩා අවධියේ සිට ඇති කරගත් පුරුද්දක් වශයෙනි. නියපොතු සැපීමේ පුරුද්ද හේතුවෙන් මුඛ සෞඛ්‍යයට වන ප‍්‍රධාන බලපෑම් නම් උඩු හා යටි හනුවල ඉදිරි දත්වල දත් පොකුරු ගැසීම හෝ දත් නියමිත පිහිටීමට වඩා කැරකුණු හෝ ඇදවුණු පිහිටීමකට ගමන් කළ හැකිය. නියපොතු සැපීමෙන් ඉදිරි දත්වල කැපුම් තල ගෙවී යෑම ද සිදු වේ. දත්වලට මෙන්ම හනුවේ ඉදිරි ප‍්‍රදේශයේ විදුරුමස් වලට ද ඇතැම් විට නියපොතු සැපීමෙන් අනතුරු ඇති විය හැකිය.

මුඛ සෞඛ්‍යට අමතරව නියපොතු සැපීමෙන් ශාරීරික සෞඛ්‍යයට වන බලපෑම ද සුළුපටු නොවේ. අතේ නියොපතු ගැලවී යෑම නිසා නිය ආරක්ෂක සම ද විනාශ වේ. මේ නිසා නියපොතු හා ඇඟිලිවල ආසාදන හටගනී. අත්වල හා නියවල තිබිය හැකි විෂබීජ ශරීරගත වීමෙන් උදරාබාධ වැනි තත්වයන් ද හටගත හැකි ය. එනිසා නියපොතු සැපීමේ පුරුද්දෙන් දරුවන් ගලවා ගත යුතු ය. ඒ සඳහා දරුවාගේ අවධානය වෙනතකට යොමු කිරීම නියපොතු සැපීමේ ආදීනව පිළිබඳව දරුවා දැනුවත් කිරීම ඉතා වැදගත් පියවර වේ. නිය සැපීමේ පුරුද්දෙන් වැළකී සිටින දරුවා නිතර පැසසීම වැදගත් වේ.


නිර්මාණී 

Special Cultural Traditions of the Sinhala Hindu New Year in Sri Lanka

  Special Cultural Traditions of the Sinhala Hindu New Year in Sri Lanka. The "Sinhala Hindu New Year" is one of the most import...