මා දුටු සිත්තම්

Tuesday, June 26, 2018


ලැබූ නිදහස අර්ථවත් කර ගනිමු

මෙවර අප සමරන්නේ නිදහස ලබා වසර 68ක් සපිරෙන නිදහස් දිනයයි. අද වන විට විවිධ රජයන්, විවිධ වැඩපිළිවල් තුලින් ශ්‍රී ලංකාවේ ස්වයංපෝෂිති බව හා දියුණුවට මං පාදා දී ඇත. නව වසරක නව බලාපොරොත්තුදද සමඟ වෙනසකට මුල පිරූ ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන ජනාධිපතිතුමන්ද සමඟ අපට අලූත් ගමනක් යාමට හැකියාව ලැබේ. මේ සියලූ සාධකද සමඟ අප ලද නිදහස අර්ථවත්ව පරීපූර්ණ කර ගන්නේ කෙසේදැයි විමසා බලමු. මේ සඳහා අප සියල්ලක් තුලම ආකල්පමය වෙනසක් ඇතිකර ගැනීම සාර්ථක ක‍්‍රමය බවට හැඟී යයි.






අප අද දක්වා ආ ගමන් මඟට අතීතයේ වූ සිද්ධීන් රැුසක් හේතු වී ඇත. 1948 පෙබරවාරි 04 දින නිදහස ලැබීමෙන් පසුවද බි‍්‍රතාන්‍ය සමඟ සබඳතා පවත්වාගෙන යන බවට ලංකාණ්ඩුව ප‍්‍රකාශ කිරීමෙන් අනතුරුව අප රටේ නායකයා ලෙස පිළිගන්නේ එංගලන්තයේ රජු හෝ රැුජිණයි. මහ රජුගේ නියෝජිතයා වූයේ අග‍්‍රාන්ඩුකාරවරයාය. අපට නිදහස ලබා දුන්නද රටවල බි‍්‍රතාන්‍ය නාවිකා හමුදා, ගුවන් හමුදා කඳවුරු දක්නට ලැබිණ. 1956 දී මහජන එක්සත් පෙරමුණ බලයටපත් වී අගමැති එස්.ඩබ්.ආර්.ඞී. බණ්ඩාරනායක මහතා 1957 ඔක්තොම්බර් 15 වන දින ති‍්‍රකුණාමලයේ තිබූ සියලූ කඳවුරු ලංකාණ්ඩුවට පවරා ගන්නා ලදී. පසුව සමඟි පෙරමුණු රජය 1970 බලයට පත්වී 1972 මැයි 22 නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සකස්කර සම්මත කර ගැනීමත් සමඟ බි‍්‍රතාන්‍ය කිරුළ සමඟ පැවැති සියලූම බැමි බිඳ දමා ශ්‍රී ලංකාව ස්වෛරී ස්වාධීන ජනරජයක් බවට පත් විය. මැයි 22 දිනය එවක නිදහස් දිනය ලෙස සැලකිය. 1977 බලයට පත් එක්සත් ජාතික පක්‍ෂ රජය 1972 කි‍්‍රයාත්මක කළ ජනරජ ව්‍යවස්ථාව අහෝසි කර නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් සම්මත කර ගත් අතර ඒ අනුව පෙබරවාරි 04 නිදහස් දිනය බවට පත්කර ගන්නා ලදී.

අප නිදහස ලැබීමට සමගාමීව ඇරඹූ රජයට විශාල වාරිකර්මාන්ත පුනුරුත්තාපනය හා නව ගොවි ජනපද පිහිටුවීම ඉතිහාසයේ අප ලද ජයග‍්‍රහණයයි. මිනිපේ, ගල් ඔය, මින්නේරිය, කලා වැව, ආදී රජරට නව ජනාවාස බිහිවන විට අප යන්ත‍්‍ර සූත‍්‍රවල පිහිට නොව මිනිස් ශ‍්‍රමය මත යැපුනෙමු. එම ජයග‍්‍රහණ නිසා අපට ජපන් රටට මෙන් ගස්වල කොළ පොතු කා ජීවත් වීමේ අවශ්‍යතාවක් නොතිබුණි. ලංකාවේ පළමු අගමැතිවරයා මහාමාන්‍ය ඞී.එස්. සේනානායකයන් රජරට හා පැරණි ජනාවාස පුනරුත්තාපනය කර ඇත. එදා ගොවියෙකුට කුඹුරු අක්කර 5ක් ද ගොඩ ඉඩම් අක්කර 2ක්ද හිමි විය. ඩඞ්ලි සේනානායක මහතා හරිත විප්ලවය අරඹා රට ස්වයංපෝෂිත කර ඇත. එකල සර්වෝදය ආදී ස්වේච්චා ........ සහයගෙන වී අස්වැන්න වැඩි කිරීමටද අල, රටළුණූ, මිරිස්, කව්පි, මුංඇට වැනි නිෂ්පාදන රට පුරා ව්‍යාප්ත කරවීමද සිදුවිය.

ශ්‍රී ලංකාව යනු බහු වාර්යන බහු ආගමික රටකි. මෙහි විවිධාකාර සංකේතික ලක්‍ෂන ඇති අතර දේශපාලන, ආර්ථික අදහස්ද විවිධ වේ. එම නිසා වසර 400කට අධික කාලයක් විවිධ ජාතින්ට යටත් වී තිබූ අප රට නිදහස ලැබූ පසු නැවත ගොඩනගා ගැනීමට නම් සමාජ, ආර්ථික මෙන්ම චින්තනයෙන්ද ස්වාධීන විය යුතුව තිබිණි. එය අදටත් වලංගුය. ලැබූ නිදහස පරිපූර්ණ වනුයේ සමාජ, ආර්ථික මෙන්ම චින්තනයද ස්වාධීන වූ විටය. එනම් අද වන විට අප රටට අවශ්‍යව ඇත්තේ ආකල්පමය වෙනසකි. එතුලින් නව රජයද සමඟ සාර්ථක නිදහසක් කරා රට ගෙන යා හැකි වේ.
 මෑතකදී අප රටට ප‍්‍රබලතම තර්ජනය වී තිබුණේ 30 වසරක් පුරා පැවැති කුරිරු යුද්ධය. එය සිත් පිත් නැති පරිදි අප සහෝදර සහෝදරියන් උදුරා ගත් අතර බෝම්බ බියෙන් ගත කළ ඒ අඳුරු යුගය අද අවසන් වී ඇත. එවකට උතුරින් දකුණට ඒම පවා දමිළ ජනතාවට තහනම් කරවීමට ඛගඔගඔගෑග සංවිධානය උත්සුක විය.

එහෙත් අප අභීත රණවිරුවන්ගේ කැපවීම තුළින් උතුරෙන් දකුණට නිදහසේ ගමන් කර හැකි අතර විවිධ වූ නිෂ්පාදන ද රට පුරා ප‍්‍රවාහනය කිරීමට නිදහස පවතී. මෙය රටේ කෘෂි කාර්මික දියුණුවට බලපානු ලබන අතර මේ වන විට උතුරxදකුණ එකතු වී යෝධ සංවර්ධන ගමනකට එලඹෙමින් සිටී.

එකල ඉංගී‍්‍රසින් පවසා සිටියේ ‘‘ලාංකිකයන්ගේ බල බිඳීමට කල යුතු එකම දේ කෘෂි කාර්මික ශක්තිය ඇති කිරීම’’ බවයි. එය සත්‍යකි. අප රට ස්වයංපෝෂිත කරවීමේ අභියෝගය ණය නැති ආර්ථිකයක් තැනීමේ අභියෝගය අද වන විට අප සතුව පවතී. එයට සුදුසුම පිළියම වන්නේ අපරට තුළ දේශීය නිෂ්පාදන ඇති කිරීමය. දේශීය නිෂ්පාදන දියුණු කිරීමත් නව දේශීය නිෂ්පාදන හඳුන්වාදීමත්ය. ඒතුළින් කෘෂි ආර්ථිකය දියුණු කරගත හැකි අතර මෙරට නිෂ්පාදනය කළ හැකි ආහාර ආනයනය කිරීමද වලකාගත හැක. එනම් අද වනවිට සියලූම ශ්‍රී ලාංකිකයන්ට සිත වහල් බවින් මුදවා ගැනීමට අත්‍යවශ්‍යව පවතී. එවිට මිනිසා වහල් මානසිකත්වයෙන් වහල් අනුකරණයෙන් මිදී ස්වාධීනව සිතන්නට පටන්ගනී. එවක එස්. මහින්ද හිමියන් ශ්‍රී ලාංකිකයන්ගේ වහල් මානසිකත්වය නැති කිරීමට පද්‍ය රචනා බොහෝ කර ඇත. ඒ අතරින් මෙම කවිය ඉතා විශේෂ වේ. 

‘‘කෙස් ගස පවා වෙන රටවල මිනිසුන්නේ
උස් නිදහස පිණිස සමකට සරසෙන්නේ
හිස් මොළ තිබෙද්දිත් මේ වග නොතකන්නේ
ඇස් ගෙඩි දෙකට හෙන ගහලද සිහලූන්නේ’’
 
එමෙන්ම අනගාරික ධර්මපාල තුමාගේ කතාවලද එවන් සංකල්ප ගැබ්ව තිබිණි. 
මෙවර නිදහස් දිනයේදී දේශණවලට, සංදර්ශනවලට පමණක් සීමා නොවී ප‍්‍රායෝගිකව ක‍්‍රියාවේ යෙදීමට ජනයා උනන්දු කරන්නේනම් ඉතා වැදගත්. වර්තමාන ජනාධිපතිතුමාද බොරු ආටෝපයට අකමැති අයෙකු වන නිසාම එම කාර්ය්‍ය වඩාත් පහසු වනු ඇත.
මේ වනවිට අප හා සමගාමීව නිදහස ලැබූ ඉන්දියාව, පකිස්තානය, තායිලන්තය, මැලේසියාව වැනි රටවල් අපට වඩා පියවරක් ඉදිරියෙන් තබා ඇති අතර එයට හේතුව වී ඇත්තේ ඔවුන් වැඩි කාර්යක්ෂම බවින් යුක්ත වීමද බෝග හෝ නිෂ්පාදන විවිධාංගිකරණයට ගන්නා යාන්ත‍්‍රික හා නවීන තාක්ෂණික ක‍්‍රමවේද නිසයි. අප රටටද එවන් ක‍්‍රියාවලියක අවශ්‍යතාව උද්ගතව පවතී. ඒ සඳහා, වියදම් අඩු කරමින් වගා ආර්ථිකයකට රටගෙන යා යුතුය. එවිට ණය නැති ස්වයපෝෂිත ආර්ථිකයක් ලඟා කර ගැනීම අපහසු නැත.
එසේම සමාජය තුල පවතින උගත් නූගත් පරතරය, දුප්පත් පොහොසත් පරතරය, මකා දැමිය යුතු අතර සමානාත්මතාවය, සර්ව සාධාරණය ඇති කළ යුතුයි. ඒ සඳහා අප තුළ යහපත් ආකල්ප වර්ධනය කරගත යුතුයි. රට පුරා විසිර සිටින දරුවන්ට නිදහස් අධ්‍යාපනය ලැබෙනවාද යන්න මීලඟ ගැටලූවයි. එය සත්‍ය වශයෙන්ම සිදිු නොවේ. එම නිසා සියල්ලන්ටම එක හා සමාන ලෙස නිදහස් අධ්‍යාපනය ලබා දීමට කටයුතු සලසා දීම මහජන නියෝජිතයන් සතු වගකීමකි. එදා සිටි ජනතා නියෝජිතයන් පක්‍ෂ භේදයකින් තොරව සියලූම කටයුතුවලට අනුග‍්‍රහය ලබා දුන් අතර අද වන විට පක්‍ෂ භේද, ජාති භේද, ආදී විවිධ ගැටලූ උද්ගත වෙමින් පවතී.

එවිට සිදුවන්නේ පොදුව රටක් ලෙස ආපස්සට යාම පමණි. එම නිසා එවන් වූ පරාර්ථකාමී අදහස් යටපත් කර එක්ව නැගී සිටින්නේ නම් වඩාත් සාර්ථක ප‍්‍රථිපල ලබාගත හැක. පාර්ලිමේන්තුවේ සිටින මහජන නියෝජිතයන්ද බුද්ධිමත් පිරිසක් වීම තුළ සමාජයේ සාරධර්ම, ගුණධර්ම මෙන්ම විනයද මනාකොට ඇති කිරීම අපහසු නොවේ.

එමෙන්ම සියලූම පොදු සේවාවක් කාර්යක්‍ෂම කරවීමද රටක සාර්ථක බවට බලපාන ප‍්‍රධානතම සාධනයකි. ඒවා අකාර්්‍යක්‍ෂම වීම හා නිලධාරිවාදය ඇති වීම, වැඩිවන පඩිය පමණක් අරමුණු කර සේවය කිරීම, තම පෞද්ගලික අපේක්‍ෂා පමණක් මුදුන්පත් කිරීමට නිලධාරින් පෙළඹීම, වැනි දෑ පසෙකලූ විට පොදු සේවාවක් තුළින් වඩාත් ප‍්‍රයෝජනටත් සේවයත් රට වෙනුවෙන් ලබා ගත හැක. ඒ නම් ඔවුන් තුල හිතකර ආකල්ප ඇතිකර ගත යුතුයි.

තවද රටක ස්වයංපෝෂිත බවට රටක එක්සේසත් බවට අනුබල දීමට නම් එරට සිටින සියලූම ආගමික නායකත්වය එකට එක් වී ප‍්‍රමුඛත්වය ගත යුතුය. එවිට පොදු ජනතාවද යහපත් ආකල්ප දරන්නට පසුබට නොවේ. මෙවන් වූ වෙනස්කම් රැුසක්ද ඇතිකර ගනිමින් යහපත් ආකල්ප තුලින් අපට තවදුරටත් නිදහස් නිවහල් ජාතිකයක් ලෙස ඉදිරියටම යා හැකිවේ.

නිර්මාණි


No comments:

Post a Comment

Special Cultural Traditions of the Sinhala Hindu New Year in Sri Lanka

  Special Cultural Traditions of the Sinhala Hindu New Year in Sri Lanka. The "Sinhala Hindu New Year" is one of the most import...