මා දුටු සිත්තම්

Showing posts with label කවි කැටයම්. Show all posts
Showing posts with label කවි කැටයම්. Show all posts

Thursday, July 26, 2018


නංගියේ අසාපන් 






හිමිදිරියේ අවදිව 
මුළුතැන්ගෙයි සරන 
හරි හරියට උයන 
නංගියේ නුබටයි මේ...

 එනකල් මග බලන් ඇති 
 කිරිහලේ  බංකුව උඩම 
 හැමදාම වගේ අදත් 
 රස බලන්නට 
 බත් කටක් ...

උදේ වගේ හවසටත් 
සරසවියේ බත් අදින 
අපි කවුරුත් දන්න
නොදන්නව වගෙ  ඉන්න ...

නංගියේ අසාපන් ,,

නුබටයි මේ සුබපැතුම 
බංකුවේ තනිරකින 
ඇස්දෙකට 
නොවී බත් කොක්ක 
වෙන්ට සුන්දර මනාලිය ...

නික්මගිය කලා සයුර 







සොල්දාදු උන්නැහේ ,
නුඹත් හිටියා නම් 
අද...
සත්තයි කදුලු සලාවි..
අහස් ගව්වේ ඉදන්
බඹරු ඇවිදින් කියා දුන් ඒ පාඩම්
නොමැකේවි මතකයෙන්..
වෙන්වී ගියත් රහසින්...



                           අප්පච්චී ...











                            අප්පච්චිගෙන්,,
                           නලළතට හාදුවක්...
                           එදා වගේම අදත්..
                          මේ තරම් උණුහුමක් තියේවි ද
                          දුවණියකට
                         තවකෙකුගේ ප්‍රේමයක...



දිවියාගේ ලියමන 




පිට පිටම කෑ පහරවල
වේදනා නම් ඉවසුම් නෑ..

කියාගන්නට කෑ ගසාවත්
අනේ දැන් නම් බෑ...

ප්‍රිය බිරිඳ දරුවනුත් ලග නෑ
සමුගන්න මා යලි එන්නෑ...

මනුසතා නම් හරිම කුරිරුයි
සනුහුරේ උන් දන්නෑ...



නිර්මාණී 

මං නුඹේ කන්නගිය ...





රාග විතෙන් පුරවාලන
මාධවියගේ මධුර ස්වර
මත්කලාද
මගේ පණ නුඹ...

දුන් සෙනෙහෙට වැඩියෙන් සොඳ
ආදරයක් හමුවුනාද
නුඹ වෙනුවෙන් රැකි පතිවත
තවමත් එහෙමයි සඳවත...

හදවත දවමින් ඇවිලුණු
ඔබේ අඩුව පුරවන්නට
ගිනිබත් කර අළු කෙරුවා
මුළු නුවරම එකසැරයට...

නුඹේ පා සළඹත් අතැතිව
තවමත් මඟ බලන් ඉන්න
මං නුඹේ කන්නගිය
ඇහෙනවද පෙනෙනවද කෝවලන්... 
                                                                           නිර්මාණී 

Friday, June 15, 2018





             ගිනිගහන පොළවේ
             දුවන දුර ජීවිතය ...
             පහන් වී
             සැනසුනා
             
මොහොතක්..
             දිලිසෙන ඔය
             ඇස්  ළග ....



නිර්මාණී

Special Cultural Traditions of the Sinhala Hindu New Year in Sri Lanka

  Special Cultural Traditions of the Sinhala Hindu New Year in Sri Lanka. The "Sinhala Hindu New Year" is one of the most import...