මා දුටු සිත්තම්

Monday, June 4, 2018

දරුවාගේ මානසික සුවය



දරුවාගේ මානසික සුවය






මයා යනු මානසිකව සහ ශාරීරිකව දිනෙන් දින මොහොතින් මොහොත වර්ධනය වන කෙනෙක්. ළමයාගේ වර්ධනය එක තැනක නැවතී තිබෙන්නේද නැත. කිසියම් ළමයකු තුළ මානසික ඌනතාවක් ඇති බව දැනගත හැකි වන්නේ එම වයසේ වෙනත් දරුවන් කරනු ලබන සහ කළ යුතු ක‍්‍රියාකාරකම් පිළිබඳව සන්සන්දනාත්මකව විමසා බැලීමෙන්. ළමා අවදිය යනු සෑම අංශයකින්ම ඉක්මන් වෙනසක් වර්ධනයක් දකින්න ලැබෙන කාලයක්. ළමා කාලයේ සිට වැඩිහිටි වියට පත්වන තෙක් එක් එක් කාල පරිච්ෙඡ්ද වලදී කායික, බුද්ධිමය සහ සමාජමය වශයෙන් ළමයා දියුණු වෙනවා. මේ, මේ වයසේදී මේ මේ දේවල් කළ යුතු යැයි කියා සම්මතයක් තිබෙනවා.



එලෙස කිසියම් වයසකදී ළමයකු කළ යුතු කාර්යක් හෝ කීපයක් නොකරන්නේ නම්, එම දරුවාගේ වර්ධනයේ අඩුපාඩුවක් තිබෙනවා.කිසියම් දරුවකු තුළ මානසික වර්ධනයේ ඌනතාවයක් ඇති බව හඳුනාගන්නේ ඒ ආකාරයෙන්. උදාහරණ හැටියට දරුවකු ඇවිදීමට, බහතේරීමට, කතා කිරීමට, ප්රකමාදවීම මෙන් ම වෙනත් දරුවන් සමඟ මුහුවීම එකට එකතු වී වැඩ කිරීම ප්රකමාදවීම වැනි ලක්ෂනණයන් කිසියම් දරුවකු වෙතින් පෙන්නුම් කළ හැකියි. එසේම තවත් දරුවකු අනෙක් සෑම විෂයකටම දක්ෂතා පෙන්නුම් කර ගණිතය වැනි එක් විෂයට දක්ෂ නොවිය හැකියි. කුඩා දරුවකු වෙතින් පෙන්නුම් කරන මානසික වර්ධනයේ ඌනතා ලෙස හඳුනාගන්නේ එම තත්ත්වයනුයි. සාමාන්යක දරුවන් මෙන් නැති වුණත් මෙම දරුවන් සෙමෙන් සෙමෙන් ඉබි ගමනින් මෙන්, ඉහත සඳහන් කළ හැකියාවන්ගේ වර්ධනයක් පෙන්නුම් කරනවා. එසේම මෙම දරුවන්ගේ වර්ධනය වීමේ චක්රවය ඒ අයුරින්ම පෙන්නුම් කරනවා.



ප‍්‍රධාන වෙනස වන්නේ සමාජයේ අනෙක් දරුවන්ගේ වර්ධනයට වඩා ප‍්‍රමාදයක් පෙන්වීම පමණයි. මේ දරුවකුගේ වර්ධනය පැත්තෙන් ඇතිවන ගැටලූ.දරුවන් ඉතා ඉක්මනින් ඉගෙනගනියි. වයස අවුරුදු තුනකට වඩා අඩු දරුවන්ගේ මොළය ශීඝ්ර්යෙන් වර්ධනය වන බව පර්යේෂණ මගින් සොයාගෙන තිබෙනවා. පොත් කියවීම, සිංදු කීම වැනි ක‍්‍රියාකාරකම්වල යෙදෙමින් දෙමව්පියන් දරුවන් සමඟ කාලය ගත කරනවා නම් හා සෙනෙහස පෙන්වනවා නම් මෙය ඔවුන්ගේ හිතකර වර්ධනයට හේතු වෙනවා. කෙසේවෙතත්, අවුරුදු දෙකත් අටත් අතර දරුවන් සිටින දෙමව්පියන්ගෙන් තම දරුවන්ට හඬ නඟා පොත් කියවන්නේ හරි අඩක් පමණයි කියා එක් සමීක්ෂණයකින් හෙළි වුණා. ඇත්තටම මගේ දරුවාට හඬ නඟා කියවීම තුළින් යම් යහපතක් වෙයිද, කියා ඔබ කල්පනා කරනවා විය හැකියි. දරුවන් වැඩෙන වයසේ ලබාගන්නා තොරතුරු, ඔවුන්ගේ ඉදිරි ජීවිත කාලයේදී ගන්නා තීරණ හා දරන ආකල්පවලට බලපෑම් කළ හැකියි. ඒ නිසා දෙමව්පියන් තම දරුවන් සමඟ අන්යොාන්යහ විශ්වාසයක්, ගෞරවයක් හා එකිනෙකා වටහාගැනීමේ හැකියාවකින් යුත් සමීප සබඳතාවක් ගොඩනඟා ගත යුතුයි. කියවීම මේ සඳහා මහත් රුකුලක් විය හැකියි.

පොත්වලින් කතන්දර කියවන විට කුඩා කාලයේදීම දරුවාට යමක් තේරුම්ගැනීමට අප උපකාර කරනවා. එනම් පිටු අතරේ ඇති අකුරුවලින් සෑදෙන වචන අප එදිනෙදා කතා බහේදී භාවිතා කරන වචන බව දරුවා තේරුම්ගන්නවා. ඒ වගේම පොත්වල තිබෙන භාෂාවටත් ඔවුන් හුරු වෙනවා. හඬ නඟා කියවීම පිළිබඳව අත්පොතක සඳහන් වුණේ මෙයයි. අපි දරුවෙකුට පොතකින් කියවන හැම වාරයකදීම ඔහුගේ මනසට ප‍්‍රිය උපදවන පණිවිඩයක් යවන්නෙමු. මෙය හරියට පෙලඹීමක් ඇති කරවන වෙළඳ දැන්වීමක් වාගේය. පොත් පත් ප්රිනය උපදවන යමක් බව සැලකීමට දරුවාගේ මනස එමගින් සැකසේ.දෙමව්පියන් තම දරුවන් තුළ පොත් පත් සම්බන්ධව ආශාවක් වර්ධනය කරන විට එම ආශාව ජීවිත කාලය පුරාම දිගටම ඔවුන් තුළ පවතිනවා.



භාෂා දැනුම ප‍්‍රගුණ කරන පොත් පත් දරුවන්ට හඳුන්වා දීමෙන් ඔවුන්ගේ කථික හා ලිඛිත හැකියාව වැඩිදියුණු කිරීමට හැකි වෙනවා. ළදරුවන්ට පොත් අවශ්යුයි යන පොතෙහි කතෘවරිය වන ඩොරති බට්ලර් කියන්නේ කෙනෙකුගේ භාෂාමය හැකියාව ඔහුගේ සිතුවිලිවලට බලපාන බවත් අධ්යරයනය කටයුතු කිරීමට හා ඥානය වඩවාගැනීමටත් භාෂාමය හැකියාව අවශ්ය  බවත්ය.තවද හොඳින් අදහස් හුවමාරු කිරීමේ හැකියාව අන්ය්යන් සමඟ යහපත් ඇසුරක් පැවැත්වීමට මඟ පාදයි.




අගනා පොත් කියවීම යහපත් සදාචාර ගතිපැවතුම් හා ගුණධර්ම වගා කිරීමට උපකාරවත් වෙනවා. දෙමව්පියන් තම දරුවන් සමඟ පොත් කියවා කරුණු පැහැදිලි කර දෙන විට දරුවන්ට තම ප‍්‍රශ්න නිරාකරණය කරගැනීමට ඇති හැකියාව දියුණු වෙනවා. සින්ඩි ඇයගේ දුව අබිගේල් සමඟ කතන්දර කියවන විට කතන්දරයේ විවිධ පසුබිම් අනුව අබිගේල්ගේ මුහුණේ ඇති වූ වෙනස්කම් ගැන සින්ඩි අවධානයෙන් සිටියා. දෙමව්පියන් වශයෙන් ඇගේ සැඟවුණු ගුණාංග අපට දැනගැනීමටත් ඒ වගේම ඇයගේ වැරදි සිතුවිලි කුඩා කාලයේදීම නිවැරදි කිරීමටත් ඒ තුළින් හැකි වෙනවා.හඬ නඟා කියවීම දරුවාගේ මනස මෙන්ම හෘදයද පෝෂණය කරයි.

කියවීම වින්දනයක් ලැබිය හැකි, විවේකීව හා මිත‍්‍රශීලීව කරන සාමාන්යන යමක් බවට පත් කරගන්න. දරුවන් ගැන අවබෝධයක් ඇති දෙමව්පියන් ඔවුන්ට කියවීමට කොපමණ කාලයක් ගත කළ යුතුදැයි දන්නවා. ලීනා මෙසේ කියනවා. ඇන්ඩෘගේ වයස අවුරුදු දෙකයි. ඔහුට ගොඩාක් වෙලා එක තැන ඉඳගෙන අවධානය දෙන්න බැහැ. ඒ නිසා ඔහුගේ තත්වය අනුව අපි කියවීමට ගන්න කාලය අඩු කර තියෙනවා. අපි ආස නැහැ ඇන්ඩෘට කියවීම එපා වෙනවා දකින්න. ඒ නිසා ඔහුට හැකි ප‍්‍රමාණයට වඩා වැඩි වේලාවක් කියවීම සඳහා යොදවන්න අපි ඔහුට බල කරන්නේ නැහැ.



හඬ නඟා කියවීම යනු මුදිත පිටු බලාගෙන කෑගැසීම නොවෙයි. අවශ්‍ය තැන්වල නවත්වමින් පැහැදිලිව හා ගලායන ස්වරූපයකින් කියවන්න. කියවීම කුතුහලය දනවන යමක් බවට පත් කිරීමට පින්තූරු යොදාගන්න. කියවීමේදී කටහඬ පාලනය කරන විට හා අර්ථය අවධාරණය වන විදියට කියවන විට කතන්දරය චිත්ර යට නඟාගැනීමට දරුවාට හැකි වෙනවා. ඒ වගේම ඔබේ කටහෙඬ් ස්වභාවය මගින් ඔබට දරුවා තුළ උණුසුම් හා ආරක්ෂාකාරි හැඟීමක් ඇති කළ හැකියි.



වඩාත් ඵලදායක වන්නේ ඔබ කියවද්දී දරුවාත් කි‍්‍රයාශීලීව සහභාගි වෙනවා නම් පමණයි. මේ සඳහා වරින් වර කියවීම නවත්වා අදහස් විමසන ප‍්‍රශ්න අසන්න. දරුවාට තම පිළිතුරට වෙනත් තොරතුරුද ඇතුළත් කරමින් එය පුළුල් කළ හැකි ක‍්‍රම ගැන කියා දෙන්න.

කියවීමේදී ඉතාමත් සැලකිලිමත් විය යුතු කාරණයක් නම් සුදුසු පොත් තෝරා කියවීමයි. ඒ සඳහා යම් ගවේෂණයක් කිරීම අවශ්‍යයි. මනස ¥ෂිත නොකරන, ගොඩනංවනසුලූ, යහපත් පණිවිඩයක් දෙන හා ප‍්‍රායෝගික පාඩමක් උගන්වන පොත් කියවීම සුදුසුයි. පොතක කවරය හා එහි ඇති චිත්රන, පෙරවදන හා භාෂා ශෛලිය කෙරෙහි කිට්ටු අවධානයක් යොමු කරන්න. දරුවන්ට හා දෙමව්පියන්ට එක සේ ආස්වාදයක් ලැබිය හැකි පොත් තෝරන්න. බොහෝ අවස්ථාවලදී දරුවන් එකම කතාව නැවත නැවත කියවීමට ඉල්ලා සිටින්නත් පුළුවන්.



හදිසියේ ම කතාව ඇනහිටීම මෙන්ම දරුවකු තුළ පවතින තවත් හැකියාවන් වන වචනවලින් තොරව අංග චලනවලින් යමක් ප්ර කාශ කිරීමේ හැකියාව නැතිවීම ද දරුවන් තුළ ඇතිවන තවත් මානසික ඌනතාවක් නිසා ඇතිවන තත්ත්වයක්. උදාහරණයක් ලෙස ඇඟිල්ල දිගුකර යමක් පෙන්වීමේ හැකියාව, මුහුණින් ඉරියව්වලින් ඉඟියකින් යමක් ප්රමකාශ කිරීමේ හැකියාව නැතිවීමත් මෙහිදී දක්වන්න පුළුවනි.



එලෙස දරුවාට තමන්ගේ අවශ්‍යතා ප‍්‍රකාශ කරගන්න නොහැකි වුණාම ප‍්‍රචණ්ඩ වීම,හැඬීම වැනි වෙනත් හැසිරීම් දක්වන්න ළමයා පෙලඹෙනවා. ඒ වගේම සම වයසේ දරුවන් සමඟ හොඳින් එකතුවීම වැනි හැකියාවන් ඉතාම හොඳින් පෙන්නුම් කරන තවත් දරුවකු පාසල් යාම පටන්ගත් විට අධ්ය්‍යාපන කටයුතුවලට දුර්වලතාව පෙන්නුම් කළ හැකියි. මෙම දරුවනට කතා කිරීමට,ගීත ගායනා කිරීම මෙන් ම සමවයසේ යහලූවන් සමඟ ඇසුරු කිරීමටත් හොඳ හැකියාවක් ඇතත් මොවුන් අකුරු ලිවීමට ගිය විට අකුරු නිවැරැුදි ලෙස හඳුනා ගන්නේ නෑ. ඇතැම් විටෙක එවැනි දරුවන් අකුරු ලියන්නේ පැත්ත මාරු කරමින්. මෙම රෝග තත්ත්වය ෘහිකැංස් ලෙස හඳුන්වනවා. මෙම දරුවනට කියවීමට ගණන් හැදීමට මෙන්ම යම් යම් සංකල්ප හඳුනා ගැනීමේ අපහසුතාව තිබෙනවා. එවැනි දරුවන් විශේෂ අධ්්‍යාපන අවශ්යැතා ඇති දරුවන් ලෙස හඳුන්වනු ලබනවා.

දරුවන්ට යම් යම් දේවල්වලට අවස්ථාව ලබා දීමත් යම් යම් දේවල් වලට සීමාවන් පැනවීමත් කළ යුතුයි. දරුවකුට තමා ආරක්ෂිත යැයි දැනෙන්නට නම් සීමාවල් තිබිය යුතුයි. එසේ නැතිවූ විට ලණුව ලිහන ලද ගවයකු මෙන් දරුවා  ඕනෑම පැත්තකට යන්න ඉඩ තිබෙනවා.  ඕනෑ දෙයක් කරන්න ඉඩ තිබෙනවා.

සීමාවන් තුළ සිටින විට දරුවාට තමා ආරක්ෂිතයි කියා හැඟීමක් ඇති වෙනවා. එය ඉතා වැදගත්. ඒවා දැඩි නීති නොවිය යුතුයි. උදාහරණයක් විදියට කිසියම් වෙලාවකට කලින් ගෙදරට එන්න  ඕන යැයි කියා මවුපියන් විසින් දන්වා තියෙනවානම් දරුවා සැම විටම සිතනවා ඒ වේලාවට කලින් ගෙදරට එන්න. ඒ වේලාව පහුවෙලා ගෙදර යන්න ගියොත් තමාට අනතුරක් වේයැයි හැඟීමක් දරුවාට ඇති වෙනවා. දරුවන් සැම විටම උත්සාහ කරන්නේ තමන් කැමැති දේ ලබා ගැනීමටයි. තමන්ට අවශ්ය  දේ නිවෙසේ කා වෙතින් හෝ ලබා ගැනීමට දරුවන් උත්සාහ කරනවා. ළමයෙක් කිසියම් වරදක් කළ විට පුතේ ඒක වැරදි දෙයක්, නිවැරැුදි දේ මේකයියනුවෙන් පෙන්වා දිය යුතුයි. අම්මා නිවැරැුදි යැයි දරුවාට පෙන්වා දෙන දේ තාත්තා විසින් වැරදි යැයි පෙන්වා දීම සුදුසු නෑ. එවිට නිවැරැුදි දේ කුමක් ද කියා තීරණය කරගැනීමට දරුවාට නොහැකි වෙනවා. දරුවා මානසික අවුලක පැටලෙනවා. එසේම ළමයෙක් සුළු හෝ හොඳ දෙයක් කළ විට එය අගය කිරීම ඉතාම වැදගත්. නිවෙසක වැඩකටයුතුවල කිසියම් පිළිවෙළක් තිබීම දරුවන්ගේ මානසික තත්ත්වය හොඳ වීමට ප‍්‍රබල හේතුවක්. මෙනිසා ඔබ දරුවාගේ කායික වර්ධනය ඔවුනගේ සුරක්ෂිත බව මෙන්ම ඔවුනගේ මානසික සුවය පිළිබඳව සැලකිලිමත් වීමද අත්‍යවශ්‍ය වේ.


නිර්මාණී 

No comments:

Post a Comment

Special Cultural Traditions of the Sinhala Hindu New Year in Sri Lanka

  Special Cultural Traditions of the Sinhala Hindu New Year in Sri Lanka. The "Sinhala Hindu New Year" is one of the most import...