මානව හිමිකම් සහ මානව අයිතිවාසිකම පිළිබඳ විශ්ව ප‍්‍රකාශනය
මෙලොව එළිය දුටු
ඕනෑම කෙනෙක් තමන් ගත කරන දිවිය කිසිඳු කරදරයකින් තොරව, යික පීඩාවලින්, මානසික පීඩාවලින් තොරව සුවසේ ගත කරන්නට ප‍්‍රිය කරන්නේය. ඕනෑම රටක ජීවත් වන රටවැසියෙකු ගත් කල්හි ඔහුගේ
ජීවිතයේ යහපැවැත්ම තීරණය කරන ප‍්‍රධාන සාධක ලෙස ඔහු විශ්වාස කරන ආගම, සමාජ සිරිත් විරිත් හා එම රටේ සම්පාදනය වී තිබෙන නීති
ආදිය හඳුනාගන්නට හැකිය
ආගමික වශයෙන් හා සමාජ සිරිත් විරිත් තුළින් පුද්ගලයෙකු
ලබන පෝෂණය පුද්ගල වශයෙන් වෙනස් වුව ද, රටක නීතිය වූ කල්හි රටේ සෑම කෙනෙකුට ම පොදු ආකාරයෙන් බල පැවැත්වෙන දෙයකි.
එබැවින් රටක සෑම පුද්ගලයෙකුගේ ම සුභසිද්ධිය හා යහ පැවැත්ම උදෙසා මූලික වශයෙන් ම
ගොනු කරගත් නීතිවලට වහරන සරල හැඳින්වීම නම් මූලික මානව අයිතිවාසිකම් යනුවෙනි.
” මනුෂ්‍යයෙකු වීම නිසා ම පුද්ගලයෙකුට හෝ පුද්ගල කණ්ඩායමකට මානව අයිතීන් හිමි
වේ. මිනිසුන්ගේ හැකියාවන් වර්ධනයට හා මිනිසුන්ට ජීවත් වීමේ රුකුලක් වශයෙන් මානව
අයිතිවාසිකම් පවතී. එමෙන් ම සෑම පුද්ගලයෙකුට ම මේවා සමානව පවතී. ”
එ. ජා. මානව හිමිකම් විශ්ව ප‍්‍රකාශනය*
” මානව අයිතිවාසිකම් යනු: ‘දෙවියෙක්, සතෙක් හෝ යන්ත‍්‍රයක් නොවන පුද්ගලයා මනුෂ්‍යයෙකු වන අතර එලෙස මනුෂයයෙකු වීම
නිසාම හිමිවන අයිතිවාසිකම් මානව අයිතිවාසිකම්වේ.මේවා හැමවිටම යුතුකම් හා බැදී
පවතී. ”
නීතිය යනු, නොයෙක් අවස්ථාවන්වල දී කාලීන අවශ්‍යතාවලට අනුව විවිධ සංශෝධනයන්ට ලක්වන
දෙයකි. ඒ නිසා රටේ නීතිය මඟින් පැනවෙන මූලික අයිතිවාසිකම්වල ද යම් යම් සංශෝධනයන්
සිදු වේ. නොයෙකුත් ආකාරයන්ගෙන් රටක ජනතාවගේ මානව හිමිකම් සුරක්ෂිත කරන්නට නීතීන්
පැනවී ඇති බැව් හඳුනාගත හැකිය.
ඉතිහාසය දෙස
බලන කල්හී පෙනී යන කරුණ නම් මේ අයුරින් මානව හිමිකම් පිළිබඳව කතාබහක් සහ මේ කාරණාව
වඩාත් ඉස්මතු වන්නේ දෙවන ලෝක යුද්ධයෙන් පසුව, 1945 වර්ෂයේ දී බිහි වූ එක්සත් ජාතීන්ගේ සංවිධානය මගින් බව යි. මෙහි දී මානව
හිමිකම් නීතිගත වීමට පාදක වුණේ නොයෙකුත් අවස්ථාවන්වල දී සමාජ අසාධාරණයන්ට ලක් වුණ
ජනතාව විසින් ස්වකීය පීඩනයන්ට එරෙහිව කරන ලද අරගලයන් ය.
වර්තමානයේ අපේ
රට තුළ මූලික අයිතිවාසිකම් පිළිබඳව සොයා බලා කටයුතු කරන්නේ ශ‍්‍රී ලංකා මානව
හිමිකම් කොමිසන් සභාව විසිනි
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය යනු ලෝකය පුරා මානව අයිතිවාසිකම් ප‍්‍රවර්ධනය
හා ආරක්ෂා කිරීම සඳහා වගකිව යුතු එක්සත් ජාතීන්ගේ ක‍්‍රමවේද අන්තර් රාජ්‍ය
සංවිධානයකි. මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලයේ කාර්යාලය සමඟ එක්සත්
ජාතීන්ගේ විශේෂ ක‍්‍රියා පටිපාටි ක‍්‍රියාත්මක කරයි.
එක්සත්
ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය විසින් එක්සත් ජාතීන්ගේ සාමාජික රටවල් වල මානව
අයිතිවාසිකම් සම්බන්ධ ගැටළු නිරාකරණය කර ඇත. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම්
කවුන්සිලයේ වැදගත් තේමානු මානව අයිතිවාසිකම් ප‍්‍රශ්න ඇසුරෙන් හා රැුස්වීමේ නිදහස, අදහස් ප‍්‍රකාශ කිරීමේ නිදහස, විශ්වාසයේ නිදහස සහ ආගම, කාන්තා අයිතිවාසිකම්, එල්.ටී.ටී.ඊ අයිතිවාසිකම් සහ වාර්ගික සහ ජනවාර්ගික සුලූතරයේ අයිතිවාසිකම්
වැනි වැදගත් ගැටළු නිරාකරණය කර ඇත. මානව හිමිකම් ප‍්‍රවර්ධනය සහ ආරක්ෂා කිරීම සඳහා
අපේක්ෂක රාජ්‍යයන්ගේ දායකත්වය මෙන් ම ඔවුන්ගේ ස්වේච්ඡුා පොරොන්දු සහ කැපවීම
සම්බන්ධයෙන් මහා මණ්ඩලය විසින් සලකා බලනු ලැබේ.
ලෝක යුද්ධය
අවසන් වී ජගත් ලෝක සංවිධානයක් ඇතිකර ගැනීමත් සමග මානව අයිතිවාසිකම් පිළිබඳව
කතිකාවේ ප‍්‍රබලතම සිදුවිම් ගණනාවක් දක්නට ලැබිණි. දෙවන ලෝක යුද්ධය මුළු ලෝකය
කෙරෙහිම බලපෑවේය. එම යුද්ධයෙන් මරණයට පත්ව සිටි අයගේ සංඛ්‍යාව ලක්ෂ 60කි. ජර්මනියේ හිට්ලර්ගේ සාහසික ක‍්‍රියාකලාපය මෙම යුද්ධය
කෙරෙහි බලපෑ ප‍්‍රධානතම හේතුව විය. එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් සම්මත කරගන්නා
ලද මානව හිමිකම් පිළිබඳ විශ්ව ප‍්‍රකාශනය ඒ සංවාදයේ ඵලයක් ලෙස ඇති වූවකි.
මානව අයිතිවාසිකම පිළිබඳ විශ්ව ප‍්‍රකාශනය යනු
මානව අයිතිවාසිකම් සම්බන්ධයෙන් මෙතෙක් ලොව ඇති වු
විශිෂ්ඨතම ලියවිල්ල ලෙස සැළකෙනුයේ 1948.12.10 සම්මත වු මානව හිමිකම් පිලිබඳ විශ්ව ප‍්‍රකාශන ( ඹෘ්‍යඍ * ලියවිල්ලයි.
දෙවන ලෝක යුද්ධයෙන් පසු සිදු වු මානව හිමිකම් ක්ෂෙත‍්‍රයේ මහා විනාශය නැවත සිදු
නොවීමට ලෝක ප‍්‍රජාව ම එක් කළ අවස්ථාවක් ලෙස මෙම ලියවිල්ල සැලකේ. අද වන විට මෙම
ගිවිසුමේ වගන්ති තම රටවල් තුළ ක‍්‍රියාත්මක කිරීමට රාජ්‍යය 191 ක් කටයුතු කරන අතර වගන්ති 30 කින් යුක්ත මෙම ප‍්‍රකාශනය තුළින් මිනිසකුට හිමිවිය
යුතු සෑම අයිතිවාසිකමක් ම තහවුරු කොට ඇත.
1948 දෙසැම්බර් මස 10 වෙනි දින එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයෙන් සම්මත කරනු ලදුව ප‍්‍රකාශයට පත්
කළ මානව අයිතිවාසිකම් පිළිබඳ විශ්ව ප‍්‍රකාශනය මෙහි ඇමිණුම 01 හි අන්තර්ගත වේ.
මානව
අයිතිවාසිකම පිළිබඳ විශ්ව ප‍්‍රකාශනය මානව අයිතිවාසිකම්වලට දෙන විශේෂ අර්ථකථනයක්
වූවා මිස සිය සාමාජිකයන් කෙරෙහි නෛතික බැඳීමක් ඇති කරන ලියවිල්ලක් නොවීය. සාමාජික
රාජ්‍යයන් කෙරෙහි නෛතික බැඳීමක් ඇති කරන ලියවිල්ල ලෙස සැලකිය හැක්කේ මානව
අයිතිවාසිකම් පිළිබඳ විශ්ව ප‍්‍රකාශනය බිහිවී තවත් අවුරුදු ගණනාවකට පසුව ඇතිකර
ගන්නා සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ප‍්‍රඥප්තිය යි.
ශ‍්‍රී ලංකාව
එම ප‍්‍රඥප්තියට අත්සන් තබන ලද්දේ 1980 ජුනි මස 11 වැනිදාය. ඉන්පසු ශ‍්‍රී ලංකාව එම ප‍්‍රඥප්තියට අදාළ පළමු විකල්ප ප්‍රොටකෝලයට
ද 1997 ඔක්තෝබර් 03 වන දින අත්සන් තබන ලදි. ඒ මගින් ශ‍්‍රී ලංකා ආණ්ඩුව එම ප‍්‍රඥප්තියේ එන
මානව අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට හා ප‍්‍රවර්ධනයට අන්තර්ජාතික නීතියෙන් බැඳී සිටී.
ඒ අනුව රට තුළ බරපතළ මානව හිමිකම් උල්ලංඝනයවීමකදී ඒ ගැන සොයා බැලීමේ ප‍්‍රශ්න
කිරීමේ අයිතිය එක්සත් ජාතීන්ගේ සංවිධානයට සේ ම සාමාජික රටවලට ද ඇත්තේය.
එසේම මානව
හිමිකම් උල්ලංඝනවලදී රටේ තිබෙන ඉහළ ම අධිකරණයෙන් (ශ්‍රේෂ්ඨාධි කරණයෙන්* සාධාරණය
ඉටුකර ගැනීමට නොහැකි වූ අවස්ථාවකදී ඒ දුක්ගැනවිල්ල ජිනීවාහි මානව හිමිකම් කමිටුව
වෙත ඉදිරිපත් කිරීමේ අයිතිය තනි තනි පුරවැසියන් සතුය. එවැනි පැමිණිල්ලක් විභාගයට
ගෙන තීන්දුවක් දීමේ බලය මානව හිමිකම් කමිටුව සතුවන අතර මානව හිමිකම් කමිටුව එසේ
දෙනු ලබන තීරණයන් ක‍්‍රියාත්මක කිරීමට ආණ්ඩුව බැඳී සිටී.
ශ‍්‍රී ලංකාව
තුළ සාපරාධී අපහාස නීතිියෙන් වැඩියෙන්ම බැටකෑ ජනමාධ්‍යවේදියා වන්නේ වික්ටර් අයිවන්
ය. සරත් නන්ද සිල්වා සේ ම ඔහුගේ පූර්වගාමී නීති\වරුන් සාපරාධී අපහාස නීතිය මගින්
ඔහුට එරෙහි වුවා සේ ම වෙනත්
ජනමාධ්‍යවේදීන්ට එරෙහිව ද එය යොදා ගනිමින් තිබුණේ නීතියට පටහැනිවය. සාපරාධි
අපහාස නීතියට අභියෝග කරමින් මෙම සිදුවීම අළලා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී වික්ටර් අයිවන්
ජිනීවා මානව හිමිකම් කොමිසම වෙත ගොස් ඇත. මෙම නඩුව උදෙසා මූලික පදනම ඔහු ගොඩනගන
ලද්දේ භාෂණ හා ප‍්‍රකාශන නිදහස යන නීති ප‍්‍රතිපාදනය යි.
එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් 1948 වසරේ දෙසැම්බෙර් මස 10 වන දින සම්මත කළ මානව හිමිකම් පිළිබඳ විශ්ව ප‍්‍රකාශනයේ 19 වන වගන්තියෙන් භාෂණයේ හා ප‍්‍රකාශනයේ නිදහස පිළිබඳ
පුළුල් අර්ථකථනයක් සපයා දී තිබේ.
19 වන
වගන්තිය
”තම නිදහස් මතය දැරීමට හා ප‍්‍රකාශ කිරීමට සෑම පුද්ගලයකුටම අයිතිය ඇත.
අනුන්ගේ බාධාවක් නොමැතිව තම මත දැරීමටත් දේශ සීමා නොසලකා කවර මාධ්‍යයකින් හෝ
තොරතුරු ලැබීමට හා ලබාදීමටත් ඇති නිදහස ”
මෙම වගන්තිය මගින් තවුරු කර ඇත.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් ප‍්‍රකාශනයේ ප‍්‍රධාන
හිමිකමක් ලෙස මෙම භාෂණයේ හා ප‍්‍රකාශනයේ නිදහසේ අයිතිය සෑම පුරවැසියෙකුට ම ලබා දී
ඇත. එසේ ම පුද්ගලයා තම අදහස් ප‍්‍රකාශ කළ යුත්තේ කිනම් සීමාවන් තුළ සිට ද යන්න
විශ්ව ප‍්‍රකාශනයේ 29 වන වගන්තියේ සඳහන් වේ. එනම්,
1. පුද්ගලිකත්වය
2. ජාතික ආරක්ෂාව
3. රහස්‍යභාවය
ඉහත සීමා කිරීම් වලට යටත්ව 19 වන වගන්තියේ තහවුරු කර ඇති ප‍්‍රකාශනයේ නිදහස භුක්ති
විඳිය හැකි හැකි බව පෙන්වා දී තිබේ. එක්සත් ජාතීන්ගේ සිවිල් හා දේශපාලන
අයිතිවාසිකම් පිළිබඳ සම්මුතිය එක්සත් ජාතීන්ගේ මණ්ඩලය විසින් 1966 වසරේදී සම්මත කරගන්නා ලදි. 1980 වසරේ මෙම සම්මුතිය සඳහා ශ‍්‍රී ලංකා රජය විසින් ද
අත්සන් කොට එය බලාත්මක කිරීමේ වගකීම්භාරගෙන තිබේ. ඊට අමතරව 1997 වසරේ ශ‍්‍රී ලංකාව මෙම සම්මුතියේ සඳහන් වෛකල්පිත කෙටුම්පත
1 ට අත්සන් තබා එය පිළිගැනීමට තීරණය කළේය. එක්සත් ජාතීන්ගේ සිවිල් හා දේශපාලන
අයිතිවාසිකම් පිළිබදව සම්මුතියේ ද 19 වන වගන්තිය මගින් භාෂණය හා ප‍්‍රකාශනයේ නිදහස පිළිබඳව
පුළුල් අර්ථකථනයක් ලබා දී ඇත.
19 වන වගන්තිය
” සෑම අයෙකුට ම තමන් කැමති මතයක් දැරීමේ පූර්ණ අයිතියක් තිබේ. තොරතුරු ලබා
ගැනීම හෝ බෙදාහැරීම බාධාවකින් තොරව සිදුකිරීමට හිමිකමක් ඇත. මේ යටතේ ලිඛිතව, වාචිකව, චිත‍්‍ර හෝ ඡුායාරූප වැනි ඕනෑම
මාධ්‍යක් හරහා මෙම අයිතිවාසිකම භුක්ති විදීමට හිමිකමක් තිබේ ”
යනුවෙන් අර්ථකථනය කර තිබිණ ද භාෂණයේ හා ප‍්‍රකාශනයේ
නිදහස භුක්ති විඳීමේදී පිළිපැදීමට සිදුවන සීමාවන් කිහිපයක් ද එම වගන්තිය මගින්
පනවා තිබේ. එනම්,
1. පිළිගත් නීති වලට අවනත විය යුතුය.
2. පුද්ගල ගරුත්වය ආරක්ෂා කිරීම
3. ජාතික ආරක්ෂාව, මහජන සෞඛ්‍ය සහ සදාචාරය ආරක්ෂා කිරීම.
යනාදී කරුණු සම්බන්ධයෙන් පනවනු ලබන නීතිරීති වලට යටත්ව
අදාළ නිදහස භුක්ති විදිය හැකි බව එම වගන්තියෙන් පෙන්වා දී ඇත.
ඒ අනුව ජාත්‍යන්තර වශයෙන් මානව හිමිකමක් ලෙස භාෂණයේ හා
අදහස් ප‍්‍රකාශ කිරීමේ අයිතියට නීතිමය වශයෙන් වටිනාකමක් ලබා දී ඇත. මෙහිදී කිව
යුතු කරුණක් නම් එක්සත් ජාතින්ගේ මානව හිමිකම් ප‍්‍රකාශනයට ප‍්‍රකාරව තම
අයිතිවාසිකමක් කඩ වූ පසු තම රටෙහි ඉහළ ම අධිකරණයෙන් පිළිගත නොහැකි අන්දමේ
තීන්දුවක් ලබා නොදුනහොත් ඔහුට හෝ ඇයට තනිව හෝ ජිනීවාහි මානව හිමිකම් කොමිසමට
තමන්ගේ අයිතිවාකිකම් කඩවීම සම්බන්ධව පැමිණිළි කළ හැකිය. ඒ තුළින් ජාත්‍යන්තර
පරීක්ෂණයක් කරන මෙන් ඉල්ලා සිටිය හැකි අතර නිවැරදි තීන්දුව ද ලබාගත හැකිය.
ශ‍්‍රී ලංකාවේ ප‍්‍රකාශනයේ නිදහස
මානව සමාජය ශිෂ්ට සම්පන්න සමාජයක් බවට පත්කිරීමට ඉවහල්
වූ ප‍්‍රකාශනයේ නිදහස පූජනීය අයිතියක් වශයෙන් ලොව පිළිගන්නට වූයේ එහෙයිනි. මේ
හේතුවෙන් ඉබොහෝ රටවල් ප‍්‍රකාශනයේ නිදහසට නීතිමය ආවරණයක් ලබා දීමට පියවර ගත්තේය.
මෙරට වත්මන් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව යටතේ පවා ප‍්‍රකාශනයේ නිදහස මූලික මිනිස්
අයිතිවාසිකමක් ලෙෂ පිළිගෙන එය තහවුරු කර තිබේ.
ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ
කොඳු නාරටිය වශයෙන් හදුන්වාදිය හැකි ප‍්‍රකාශනයේ නිදහසට බලයට පත් වූ ආණිඩු සිතා
මතාම සීමා බන්ධන පැන වූ අවස්ථා ඉතිහාසය පුරාවට ම හමුවෙයි. මෙරට පුවත්පත් ඉතිහාසය
පිරික්සීමේදී පවා එවැනි ඛේදජනක සිද්ධීන් රැුසක් අනාවරණය කරගත හැකිය. ප‍්‍රකාශනයේ
නිදහසට සීමා බන්ධන පැනවීම ඛේදජනක සිද්ධීන් වශයෙන් හඳුන්වා දීමට සිදුවන්නේ මැතිවරණ
වලට පෙර ජනමධ්‍ය නිදහස තහවුරු කරන බවට පොරොන්දු වී බලයට පත්වන හැම රජයක් විසින් ම
ඊත සීමා බන්ධන පනවන හෙයිනි.
ප‍්‍රකාශනයේ නිදහස මූලික අයිතිවාසිකමක් ලෙසින්
ශ‍්‍රී ලංකා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව තුළින් ප‍්‍රකාශනයේ
නිදහස මූලික මිනිස් අයිතිවාසිකමක් වශයෙන් පිළිගෙන තිබේ. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 03 වන පරිච්ෙඡ්දය
මූලික මිනිස් අයිතිවාසිකම් පරිච්ෙඡ්දය වේ. එහි
14 (1 (අවගන්තිය මගින් ප‍්‍රකාශනයේ නිදහස මූලික අයිතිවාසිකමක්
වශයෙන් පිළිගෙන ඇත.
14 (1 වගන්තිය
” සෑම පුරවැසියෙකුටම භාෂණයේ නිදහස හා ප‍්‍රකාශනය ඇතුළු අදහස් පළකිරීමේ නිදහසට
හිමිකම් ඇත්තේය ”
යනුවෙන් සඳහන් වෙයි.
ප‍්‍රකාශනයේ නිදහස කෙරෙහි බලපාන සීමා
ආණ්ඩුක‍්‍රම ව්‍යස්ථාව මගින් පිළිගෙන සහතිකකොට ඇති
භාෂණයේ හා අදහස් ප‍්‍රකාශ කිරීමේ නිදහස භුක්ති විඳීම සඳහා පුරවැසියන්ට හිමිකම්
ඇත්තේ විවිධ නීතිමය සීමාවන්ට යටත්වය. එනම් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව මෙන් ම මෙරට ව්‍යස්ථාදායකය
මගින් සම්මත කරනු ලබන අණපනත්, මාධ්‍ය ආචාර ධර්ම වැනි කරුණු වලට යටත්ව එම අයිතිවාසිකම් භුක්ති විදීමට
පුරවැසියන්ට හිමිකමක් ඇත. භාෂණයේ හා අදහස් ප‍්‍රකාශනයේ නිදහස භුක්ති විඳීමේදී යටත්
වීමට සිදුවන සීමාවන් මෙරට ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව මගින් දක්වා තිබේ. වත්මන් ආණ්ඩුක‍්‍රම
ව්‍යවස්ථාවේ 15 (2 සහ 15 (7 වගන්ති වලින් ප‍්‍රකාශනයේ නිදහස කෙරෙහි බලපානු ලබන සීමා
විග‍්‍රහ කර තිබේ.
15 (2 වගන්තිය
14 (1 (අ වගන්තිය මඟින් සහතික කර ඇති භාෂණයේ හා ප‍්‍රකාශනයේ
මූලික අයිතිය භුක්ති විඳිය හැක්කේ පහත සඳහන් සීමාවන්ට යටත්ව ය. එනම්,
1. වාර්ගික හෝ ආගමික සහයෝගිතාවය තහවුරු කිරීම
2. පාර්ලිමේන්තු වරප‍්‍රසාද
3. අධිකරණයට අපහාස කිරීම
4. පුද්ගලයින් අපහාස කිරීම හෝ වරදකට පෙළඹීම හා සම්බන්ධ
නීතිය නියම කළ හැකි සීමාවන්ට යටත්ව ය.
15 (7 වගන්තිය
මෙම වගන්තිය අනුව භාෂණයේ හා ප‍්‍රකාශනයේ නිදහස භුක්ති
විඳිය හැක්කේ.
1. රාජ්‍ය ආරක්ෂාව හා රටේ පැවැත්ම තහවුරු කිරීම පිණිස.
2. මහජන සෞඛ්‍ය හා සදාචාරය ආරක්ෂා කිරීම පිණිස.
3. අන්‍යයන්ගේ අයිතිවාසිකම් නිසි පරිදි පිළිගැනීම සහ ගරු
කරන බවට වග බලා ගැනීම පිණිසත්.
4. ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජයක පොදු සුබසාධනය සහ යුක්ති
සහගත බව සහතික කිරීම සඳහා නීතිය මගින් නියම කළ හැකි සීමාවන්ට යටත්ව ය.
මෙහි නීතිය යනු මහජන ආරක්ෂාව උදෙසා සාදනු ලබන හදිසි
අවස්ථා සහ රෙගුලාසි ආදී නියෝග අර්ථකථනය කෙරේ. භාෂණයේ නිදහස හෝ වෙනත් මූලික
අයිතිවාසිකමක් කඩ වූ අවස්ථාවක ඒ පිළිබඳව
ඕනෑම පුරවැසියකුට සිය පැමිණිල්ලෙන් ශේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කළ හැකිය.
එහෙත් අදාළ පැමිණිල්ල අයිතිවාසිකම් කඩ වී හෝ කඩවීමට ආසන්න අවස්ථාවේ සිට දින 30 ක් ඇතුලත ඉදිරිපත් කිරීමට අතෘප්තියට පත් තැනැත්තා වගබලා
ගත යුතුය. එවිට ශේෂ්ඨාධිකරණය මගින් අදාළ පැමිණිල්ල පිළිබඳ විභාගයක් පවත්වා
තීන්දුවක් ප‍්‍රකාශ කිරීමට පියවර ගනු ඇත.
අදහස් ප‍්‍රකාශ කිරීමේ නිදහස තහවුරු කෙරුණු නඩු තින්දු
ගණනාවක් ඉකුත් කාලය තුළ ප‍්‍රකාශයට පත්කර තිබේ. ඒ අතුරෙන් ප‍්‍රධාන පෙළේ නඩු
තීන්දු දෙකක් මෙසේ දැක්විය හැකිය.
1. ජෝසප් පෙරේරා එදිරිව නීතිපති (1992 (1* ී.ඛ.ඍ 199*
භාෂණය හා අදහස් ප‍්‍රකාශ කිරීමේ නිදහස යන්නෙන් අදහස්
වන්නේ තමන් දරන විශ්වාසය වාචිකය, ලිඛිතව, මුද්‍රිත, ඡුායාරූප, බැනර්, දැන්වීම්, පත‍්‍රිකා, සංඥා, සළකුණු යනාදිය
තුළින් ප‍්‍රකාශ කිරීමට ඇති අයිතිය බව මෙම නඩුවෙන් තීන්දු විය. එමෙන් ම සාකච්ඡුා
පැවැත්වීම, අදහස් මුද්‍රණය
කර ඒවා ප‍්‍රචාරය කිරීමේ නිදහස ප‍්‍රකාශනය නැමැති මූලික අයිතියට ඇතුළත් වන බව
ශේෂ්ඨාධිකරණය තීන්දු කළේය. මෙය ප‍්‍රකාශනයේ නිදහස පිළිබඳව පුළුල් අර්ථකථනයක් ලබා
දුන් තීන්දුවක් වශයෙන් සැලකෙන අතර එම තීන්දුව නඩුකාර නීතිය යනුවෙන් ද හැඳින්වේ.එසේ
ම,
2. ජනඝෝෂා නඩු තීන්දුව
ජනාධිපති රණසිංහ පේ‍්‍රමදාසගේ පාලන සමයේ එම රජයේ
කටයුතුවලට විරෝධය පල කිරීමේ අරමුණින් ජනඝෝෂා නමින් විරෝධතා ව්‍යාපාරයක් දියත්
කිරීමට එවකට විරුද්ධ පක්ෂ වශයෙන් ක‍්‍රියා කළ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු
සංවිධාන කිහිපයක් කටයුතු කළේය. ජනඝෝෂා ව්‍යාපාරය තුලින් සංවිධානය කෙරුනේ බෙර
වයමින්, සීනු නාද කරමින්, වාහන නළා හඬවමින්, ඇලූමිනියම් භාජන සහ උපකරණ වලට තලමින් ඝෝෂාකාරී ශබ්දයක් දිවයින පුරා එකම
වේලාවක හටගන්වා රජයට සිය විරෝධය පල කිරීමයි. ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ
සාමාජිකයෙකු මෙන් ම හොරණ ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රීවරයකු අමරතුංග නැමැත්තා ද
බෙරයක් වගේ ම ජනඝෝෂා විරෝධතාවයට එක්විය. එම අවස්ථාවේ ස්ථානයට ළඟාවූ පොලිසියෙන් එය
නතර කරන ලෙස අණ කළේය.
ඊට කීකරු නොවී බෙර වාදනය කරන්නට විය. ඉන් කෝපයට පත්
පොලිස් නිලධාරීන් මන්ත‍්‍රීවරයාට පහරදී බෙරය කඩා බිඳ දැමූ අතර රැුස්ව සිටි ජනතාව
විසුරුවාහැරීම සඳහා බැටන් පොලූ ප‍්‍රහාරයක් ද සහ කඳුළු ගෑස් ප‍්‍රහාරයක්ද එල්ල
කළහ.
පොලිසියේ
අත්තනෝමතික ක‍්‍රියා කලාපය තුළින් මෙරට ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව මගින් තහවුරු කර
ඇති රැුස් වීමේ අයිතිය සහ නිදහස් අදහස් ප‍්‍රකාශ කිරීමේ අයිතිය උල්ලංඝනය වූ බව
චෝදනා කරමින් එම ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රීවරයා ශේෂ්ඨාධිකරණයට පැමිණිල්ලක්
ඉදිරිපත් කළේය.
එය විභාග කළ
මා ප‍්‍රනාන්දු ඇතුළු ත‍්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ තීන්දුව වූයේ පොලිසිය මෙම
සිද්ධියේදී අත්තනෝමතිකව කටයුතු කර ඇති අතර ඒ තුළින් පෙත්සම්කාර ප‍්‍රාදේශීය සභා
මන්ත‍්‍රීවරයාගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් සිදුකර ඇති බවයි.
එම විභාග ඒ වෙනුවෙන්
පෙත්සම්කරුට රු.5000 ක වන්දියක් ගෙවිය යුතු යැයි ශේෂ්ඨාධිකරණය රජයට නියෝග කළේය. එම තීන්දුව ප‍්‍රකාශයට
පත්කරමින් ශේෂ්ඨාධිකරණ විනිසුරු මාර්ක් ප‍්‍රනාන්දු ක‍්‍රියා කියා සිටියේ රජය හෝ
දේශපාලන පක්ෂයක ප‍්‍රතිපත්ති හෝ වැඩසටහන් වලට සහාය දැක්වීමට හෝ විවේචන එල්ල කිරීමට
නිදහසක් පවතින බවත් ඒ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ගමන් මාර්ගයේ හමුවන මූලික අයිතිවාසිකමක්
බවයි.
ඕනෑම සිවිල්
හෝ දේශපාලන සමාජයක් එම සිද්ධාන්තය මත ගොඩනැගී ඇති බවත් එබැවින් භාෂණයේ සහ නිදහසේ
අදහස් ප‍්‍රකාශ කිරීමට ඇති අයිතිය නිෂ්ප‍්‍රභ කළ නොහැක්කක් බව ද එම නඩු තීන්දුවෙන්
වැඩිදුරටත් ප‍්‍රකාශ විග‍්‍රහ කර තිබේ.
ඒ අනුව වික්ටර්
අයිවන්ගේ නඩුව ගොඩනැගෙන මූලික පදනම නම් භාෂණයේ ප‍්‍රකාශනයේ නිදහස අහිමි වී යනවා යන
විවේචනය මතයි. ඒ නිසාවෙන් භාෂණයේ ප‍්‍රකාශනයේ නිදහස පිළිබඳව මෙතෙක් කතා කළෙමු.
එමෙන් ම
වික්ටර් අයිවන්ගේ නඩුව හා බැදෙන අනෙක් නීතිමය මූලාශ‍්‍රය නම් සාපරාධී අපහාස නීතිය
යටතේය. වික්ටර් අයිවන් පුවත් පතට ලියන ලද ලිපියකින් ශ්‍රේෂ්ඨාධිකරණ නීතිඥ සරත් එන්
ද සිල්වාට අපහාසයක් කළා යන චෝදනාව යටතේ සාපරාධි අපහාස නීතිය යටතේ ශ්‍රේෂ්ඨාධිකරණය
යටතේ නඩු පවරන ලදි.
ඒ නිසාවෙන් සාපරාධී අපහාසය පිළිබඳව ද යම් දැනුමක් අවශ්‍ය
වේ.
සාපරාධී අපහාස නීතිය යනු
සාපරාධී අපහාස නීතිය යනු මාධ්‍යයට එරෙහිව ක‍්‍රියාත්මක
වූ අතිශය ප‍්‍රබල නීතියකි. ඒ මගින් රජයේ නිලධාරියකු සම්බන්ධයෙන් පළකරන පුවතක්
අපරාධයක් ලෙස සලකන්නට ඉඩකඩ සලසා තිබිණි. එය යොදාගන්නා ලද්දේ රජය කෙරෙහි
විවේචනාත්මක වන මාධ්‍යය ආයතන දඩයම් කිරීම සඳහාය. රාජ්‍යයේ නැතහොත් එහි නිලධාරීන්ගේ
වැරදි හෙළිදරව් කළ මාධ්‍යය මර්දනය කිරීම සඳහාය. එම ආයතනවලට හිරිහැර කිරීම සඳහාය.
මෙම නීති රීති යොදාගෙන ජනමාධය මර්දනය කිරීම කලක් තිස්සේ
සිදුවූ විට එයට එරෙහිව මාධ්‍ය හා මාධ්‍ය සංවිධාන නැගී සිටියේය. එහි ප‍්‍රතිඵලයක්
ලෙස සාපරාධී අපහාස නීතිය මෙන් ම ජනමාධ්‍යයට එරෙහිව නඩු විභාග කිරීමට
පාර්ලිමේන්තුවට තිබූ බලය ද අහෝසි කරන්නට හැකි විය.
මාධ්‍යයෙන්
යම් වරදක් සිදුවී රජයේ නිලධාරියෙකුට අපහාසයක් සිදුවුයේ යැයි හැඟුණහොත් ඒ සඳහා
සිවිල් අපහාස නීතිය මගින් ක‍්‍රියා කළ හැකිය. එම නීතිමය ප‍්‍රතිපාදනය ගොඩනැගුණේ
මෙම වික්ටර් අයිවන්ගේ නඩුවෙන් පසුව ය.
සාපරාධී අපහාස නිතිය යටතේ ජනමාධ්‍යවේදියෙකුට නඩු පැවරිය නොහැකි අතර සිවිල්
අපහාස නීතිය යටතේ වර්තමානයේදි නඩු පැවරිය හැකිය. වික්ටර් අයිවන්ගේ මෙම ජිනීවා ගමනේ
සැබෑ ප‍්‍රතිඵලය මෙය යි.
ප‍්‍රකාශන නීතිය හා සාපරාධී අපහාස නීතිිය එකිනෙකට ගැටෙන
ප‍්‍රබල නඩු තීන්දුවක් වශයෙන් වික්ටර් අයිවන් එදිරිව සරත් එන් ද සිල්වා නඩු
තීන්දුව හඳුනාගත හැකිය. මන්ද ලංකාව තුළ පමණක් නොව ලංකාවේ භාෂණයේ හා ප‍්‍රකාශන නීතියේ
නීතිමය වලංගුභාවය පිළිබඳව ජාත්‍යන්තයේ අවධානය ද යොමු වූ නඩු තීන්දුවක් ලෙස එය
හඳුනාගත හැකිය. මෙතැන් පටන් එකී නඩු තීන්දුව පිළිබඳව විමසා බැලෙනු ඇත.
වික්ටර් අයිවන් සහ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව
වික්ටර් අයිවන් යනු හුදෙක් ශ‍්‍රි ලාංකික මාධ්‍යවේදියෙකු
පමණක් නොව ශ‍්‍රි ලංකාවේ පොදු යහපත උදෙසා කැපවුණු බුද්ධිමතුන් අතරින් ප‍්‍රමුඛයෙකු
වූ ගවේෂණාත්මක මාධ්‍යවේදියෙකු, දේශපාලන විචාරකයෙකු, උසස් චින්තකයෙකු, සමාජ ක‍්‍රියාකාරීවරයෙකු මෙන් ම කෘති රාශියක කතුවරයා ද වේ.
වික්ටර් අයිවන්ගේ දේශපාලන විගරමැයහයන්ට හසු නොවන
කේෂ්තරවි යක් මෙරට නොමැති තරම්ය. උදාහරණයක් ලෙස ,
01. ජේ. ආර්. විසින් ස්ථාපිත කරන ලද දේශපාලන ක‍්‍රමය වහා ප‍්‍රතිසංවිධානය
කළ යුතු ය.
02. එසේ පරම ප‍්‍රතිසංවිධානයකින් තොරව රට තුළ පවතින කිසිදු ප‍්‍රශ්නයකට දීර්ඝකාලීන විසඳුම් ලබාගත නොහැකි ය. (එනම් දෙමළ
ජාතික ප‍්‍රශ්නය, වැටුප් , අධ්‍යාපනික , තරුණ ප‍්‍රශ්න යන සියල්ලම*
03. ප‍්‍රභාකරන් විනාශ කිරීමෙන් පමණක් රට ඉදිරියට යන්නේ නැත.
ජේ. ආර්. විසින් ස්ථාපිත කරන ලද විනාශකාරී දේශපාලන කරනමමය අවසන් කර රාජ්යට ශිලාචාර
කළ යුතු ය.
04. රට තුළ පවතින ජනාධිපති තනතුර නීතියට ඉහළින් පවතින නිසා
ඔහු පාලනය කිරීමට ගෙනෙන සංශෝධන පල රහිත ය. එම සංශෝධන කිරට ඉයාත්මක නොකර සිටීමෙන්
ඔහුට කළ හැකි දෙයක් නැත. 17වන සංශෝධනයට අත් වූ ඉරණම එවැනි දෙයකි. ජනාධිපති තනතුර නීතියට යටත්කොට තුලන
හා සංවරණ තත්ත්වයක් ව්ය ව්‍යවස්ථාව තුළ ඇති කළ යුතු ය.
05.ලංකාවේ රටේ පැවැත්මට ඔරොත්තු නොදෙන මට්ටමක ¥ෂණය පවතී.
06. අල්ලස ¥ෂණය රජකරවන නිසා රාජ්ය ආදායම අඩු වී ඇත. මේ මඟින් පොදු පහසුකම් සඳහා රජයට
ලැබිය යුතු මුදල් අඩුවීම හේතු කොටගෙන මහජනයා මත බදු බර වැඩි වැඩියෙන් පටවන තත්වයක්
පවතී.
07. රටේ සිටින උගත් සමාජය පවා එක් එක් ගැටළුවට වෙන වෙනම
විසඳුම් සොයනවා විනා පවතින දේශපාලන කරේ මය
පරවා තිසංවිධානය කිරීම කෙරෙහි වැඩි අවධානයක් යොමුකර නැත.
08. වෘත්තීය සමිති, තරුණ සංවිධාන ආදිය තම ගැටළු විසඳා ගැනීමට හැම විටම වීදි සටන් පරනැතවේශයට
අවතීර්ණ නොවී පවතින දේශපාලන ක‍්‍රමයේ ප‍්‍රතිසංවිධානය වෙනුවෙන් කටයුතු කළ යුතු ය.
09. යුද්ධය ජයගැනීම වෙනුවෙන් ඇමරිකාව ප‍්‍රමුඛ බටහිර රටවල්
සමඟ ඇතිකර ගත් අමනාපකම් ඉවත් කර රාජ්‍යතාන්ත‍්‍රික ඉවසිලිවන්තව ලෙස පාලකයන් කටයුතු කළ යුතු ය ගත
හැකිවේ මෙලෙස ඔහු ව්සින් විවිධ ක්ෂේත‍්‍ර පිළිබඳව පුළුල් ගවේෂණාත්මක මාධ්‍යකරනයක
යෙදී අතිබව පෙනී යයි
වික්ටර් අයිවන් විසින් රචිත කෘති
x අ`ද ගොවිතැනේ අභියෝගය 1979
x 71 කැරැුල්ල 1979
x අර්බුදයේ ගමන් මග 1988 - (සිංහල සහ ඉංග‍්‍රීසි*
x දෙමළ අභියෝගය 1989
x ශ‍්‍රි ලංකාවේ නූතන කැරලිකරුවන්ගේ සමාජ පසුබිම 1993
x සාම ගිවිසුමේ සිට දෝෂාභියෝගය දක්වා 1993
x චෙස් මූලධර්ම හා තාක්ෂනය 1994
x ප‍්‍රචණ්ඩත්වය, අවිහිංසාව හා විප්ලවය 1999
x නිදහස, ජාතික එකාග‍්‍රතාව හා දේශපාලනයේ පවුල් පොරය 1999
x නොනිමි අරගලය 2003 - (සිංහල සහ ඉංග‍්‍රීසි*
x කදුළු සලන පාරාදීසය 2006 - (සිංහල සහ ඉංග‍්‍රීසි*
x 2006 - පන්සලේ විප්ලවය 2006
x චෞර රැුජින 2006 - (සිංහල සහ ඉංග‍්‍රීසි*
x චෞර රාජ්‍ය 2010 (සිංහල සහ ඉංග‍්‍රීසි*
x ප‍්‍රභාකරන් පරාජය කිරීම 2010
x මට පෙනෙන හැටි 2010
x දේශපාලනයේ පවුල හා කුලය 2011
x ලංකාව ගලවා ගැනීම 2011
x දෙමළ අභියෝගය 2012
x අවසානය කුමක්ද? 2012
x ජීවිතයේ ප‍්‍රබෝධය, මරණයේ අසිරිය 2013
සාපරාධී අපහාස නීතිියෙන් වැඩියෙන් ම බැටකෑ ජනමාධ්‍යවේදියා
වන්නේ වික්ටර් අයිවන් ය. සරත් නන්ද සිල්වා සේ ම ඔහුගේ පූර්වගාමී නීති\වරුන් සාපරාධී අපහාස නීතිය මගින් ඔහුට එරෙහි වුවා සේ ම
වෙනත් ජනමාධ්‍යවේදීන්ට එරෙහිව ද එය යොදා
ගනිමින් තිබුණේ නීතියට පටහැනිව ය. සාපරාධි අපහාස නීතියට අභියෝග කරමින් මෙම සිදුවීම
අළලා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී වික්ටර් අයිවන් ජිනීවා මානව හිමිකම් කොමිසම වෙත යන්නට
වූයේ ඔහුගේ නඩුවට සාධාරණ විනිශ්චයක් නොලැබුණු නිසා ය .
වික්ටර්ට
එරෙහිව සාපරාධී අපහාස නීතිය පාවිච්චි කරන්නට පෙර පාවිච්චි කෙරුණේ පාර්ලිමේන්තු වරප‍්‍රසාද
නීතීයයි. එම නීතිය අභියෝයට ලක් කිරීමට වික්ටර් අයිවන් ක‍්‍රියාත්මක විය. එම
අභියෝගය ඉදිරියේ ඔහු ට එරෙහිව
පාර්ලිමේන්තු වරප‍්‍රසාද නීතිය භාවිත
කිරීම අත්හරින්නට එවකට පැවති පේ‍්‍රමදාස ආණ්ඩුවට සිදුවිය. ඉන්පසු ඒ වෙනුවට
වික්ටර්ට එරෙහිව බහුල ලෙස යොදන්නට වූයේ සාපරාධී අපහාස නීතියයි.
සාපරාධී අපහාස
නීතිියේදී සාමාන්‍යයෙන් ඒ යටතේ නඩු පැවරෙන පුද්ගලයකුට අධිචෝදනා ඉදිරිපත් කෙරුණේ මහේස්ත‍්‍රාත් උසාවියකදී සිදුකෙරෙන
මූලික පරීක්ෂණයකදී චෝදනා සනාථ වුවහොත් පමණය. ඒ සාමාන්‍ය ක‍්‍රමය වෙනුවට වික්ටර්ට
එරෙහිව යොදානු ලැබුවේ විශේෂ ක‍්‍රමයකි.
එනම් මහේස්ත‍්‍රාත්් උසාවියේ මූලික පරීක්ෂණයකට ඉඩ නොදී මහාධිකරණය ඉදිරියේ
කෙළින් ම අධිචෝදනා ඉදිරිපත් කිරීම ය.
නීතිපතීට එවැනි බලයක් තිබුණද අවම බලය පාවිච්චි කරමින් අධිචෝදනා ඉදිරිපත් කරන්නේ
නම් ඒ ආකාරයෙන් කරන නඩු පැවරීමකට පෙර අධිචෝදනා ඉදිරිපත් කරන්නට තරම් බරපතළ වරදක්
වික්ටර් අයිවන්ගෙන් සිදුවී ද යන්න නීතිපති හොඳින් සොයා බැලිය යුතුව තිබුණි. එහෙත්
වික්ටර්ට එරෙහිව සේ ම අන් ජනමාධ්‍යවේදීන්ට එරෙහිව ද නීතිපතිවරුන් ලැබී තිබෙන බලය
පාවිච්චි කරමින් තිිබුණේ හිතුවක්කාරී හා පීඩාකාරී ලෙස ය. වෙනත් ජනමාධ්‍යවේදීන් ඒ තත්ත්වය පිළිගෙන සිටියේ ය.
නඩුවට මුහුණ දෙන විට වික්ටර් එය පිළිනොෙගෙන නඩු පවරන ක‍්‍රමයට අභියෝග කරමින් දහුට
එරෙහිව පවරන නඩුවට එරෙහිව මූලික විරෝධතා ඉදිරිපත් කරන වැඩ පිළිවෙලක් අනුගමනය කර
ඇත. ඉන්පසු වික්ටර් අයිවන් කළේ ඒ සියලූ නඩු එකට ගෙන නීතිපතිට එරෙහිව ශේෂ්ඨාධිකරණය
වෙත යාම ය. එය ඒ ආකාරයෙන් නීතිපතිවරයෙකුට එරෙහිව පවරන ලද පළමු නඩුව විය.
පෙත්සම
විභාගයට ගැනුණේ මාර්ක් ප‍්‍රනාන්දු ප‍්‍රමුඛ විනිසුරු මඬුල්ලක් ඉදිරියේ ය.
නීතිපති වෙනුවෙන් පෙනීසිටියේ නීතිපතිගේ
දෙවැනියා ලෙස ක‍්‍රියා කළ කමලසබේසන් ය. නීතිපතිට එරෙහිව මේ ආකාරයට නඩු පවරන ක‍්‍රමයකට
ඉඩ දුනහොත් නිතිපති දෙපාර්තමේන්තුවට සිය කටයුතු කරගෙන යෑමට බැරි ස්වභාවයක් අතිවනු
ඇති බවට කමලසබේසන් තර්ක කළේය. එහෙත් මාර්ක් ප‍්‍රනාන්දු කමලසබේසන්ගේ එම තර්කය
පිළගැනුනේ නැත. නිතිපති තුමාට ලැබෙන අභිමත බලය නීතියට පටහැනිව කෙනෙකුට එරෙහිව
පීඩාකාරී ලෙස පාවිච්චි කරන්නේ නම් එවැනි අවස්ථාවකදී නිතිපතිට එරෙහිව නඩු පැවරීමේ
අයිතියක් ඒ පුද්ගලයාට තිබෙන බව මාර්ක් ප‍්‍රනාන්දු එහිදී පළකරන්නට විය. එම නඩුවේදී
මාර්ක් ප‍්‍රනාන්දු විනිසුරුවරයා නීතිපතිට එරෙහිව නඩු පැවරීමට වික්ටර්ට ලැබෙන
අයිතිය පිළිබ`දවද ද එරෙහිව
ලැබෙන අභිමත බලය නීතිපතිට පටහැනිව පීඩාකාරී ලෙස පාවිච්චි කර තිබෙන බව පිළිනොගත්තේ
ය.
ප‍්‍රකාශනයේ නිදහසට සීමා පවතින බව තහවුරු වූයේ වික්ටර්
අයිවන් එරෙහිව සරත් එන් සිල්වා සාපරාධි අපහාස නීතිය යටතේ නීතිපතිවරයා විසින් තමන්ට
එරෙහිව මහාධිකරණය හමුවේ නඩු පැවරීමට කටයුතු කිරීම තුළින් තම මූලික අයිතිවාසිකම්
උල්ලංඝනය වූ බව සඳහන් කරමින් රාවය කර්තෘ වික්ටර් අයිවන් විසින් ශේෂ්ඨාධිකරණය හමුවේ
නඩු පැවරිය.
විභාගයක්
පැවැත්වීමෙන් අනතුරුව පෙත්සම ප‍්‍රතික්ෂේප කරමින් මාර්ක් ප‍්‍රනාන්දු විනිසුරුවරයා
සඳහන් කළේ,
” පුවත්පත් නිදහස විශේෂ මූලික අයිතිවාසිකමක් නොවන අතර එය ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ
14 (1* අ වගන්ති යටතේ සියලූ දෙනාටම සමාන අයුරින් ආරක්ෂා කොට දී
ඇති භාෂණයේ හා ප‍්‍රකාශනයේ නිදහස එහි එක් අංගයක් පමණක් බව යි. ”
” ¥ෂණය හා නොමනා හැසිරීම් සඟවන ගොඩනැගිල්ලේ ඉදිරිපස විවෘත කරන ඉතා බලවත්
පාඩුවක් ලෙස ජනමාධ්‍ය කරුවාගේ පෑන භාවිතා කිරීමට එමගින් ස්ථිර වශයෙන් ම බලය ලබා දී
තිබේ. නමුත් එය වැරදිි අනාවරණය කිරීමේ දී අසරණයින්ට හිංසා නො වන පරිදි ප‍්‍රවේශමෙන්
භාවිතා කල යුතු මාධ්‍ය දෙකක් සහිත ආයුධයකි. ”
යනුවෙන් සිය තීන්දුව කරුණු දැක්වූ ශේෂ්ඨාධිකරණය
පෙත්සම්කරුට එරෙහිව චෝදනා ගොනු කිරීමට නීතිපතිවරයා කටයුතු කිරීම තුළින් මූලික
අයිතිවාසිකම් උල්ලංඝනයක් සිදු නොවන බව තීන්දු කළේය.
ජිනීවා මානව හිමිකම් කමිටුවට පැමිණිලි කිරීම සහ නීතිමය පසුබිම
ජිනිවා මානව හිමිකම් කමිටුවට පැමිණිලි කිරීම
ශේෂ්ඨාධිකරණය විසින් සිය මූලික අයිතිවාසිකම් පෙත්සම ප‍්‍රතික්ෂේප කිරීමට එරෙහිව
රාවය කතුවරයා විසින් ජිනීවා හී පිහිටි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කමිටුවට
පැමිණිල්ලක් ඉදිරිපත් කළේය. කිසිඳු වග විභාගයකින් තොරව ශ‍්‍රී ලංකාවේ නීතිපතිවරයා
විසින් සාපරාධී අපහාස නීතිය යටතේ තමාට එරෙහිව නඩු පැවරීම නිසා එක්සත් ජාතීන්ගේ
සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුතිය සහතික කර ඇති අයිතිවාසිකම ශ‍්‍රී
ලංකා රජය විසින් කඩ කර ඇතැයි රාවය කතුවරයා සිය පැමිණිල්ල මගින් චෝදනා කර තිබේ.
එම පැමිණිල්ලට
විරෝධතා ගොනු කරමින් ශ‍්‍රි ලංකා රජය මානව හිමිකම් කමිටුවට දැනුම් දී තිබුණේ රාවය
කතුවරයාට සාපරාධී අපහාස නීතිය යටතේ නඩු පැවරීම නීතිපතිවරයා විසින් ශ‍්‍රී ලංකාවේ
නීතියට අනුකූලව සිදු කර ඇති නිසා අයිතිවාසිකම් උල්ලංඝනය වීමක් සිදු නොවන බවයි.
එහෙත් එම
විරෝධතාව ප‍්‍රතික්ෂේප කළ ජිනිවා මානව හිමිකම් කමිටුව රාවය කතුවරයාට නඩු පැවරීම
තුලින් ශ‍්‍රී ලංකා රජය එක්සත් ජාතීන්ගේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ
සම්මුතිය උල්ලංඝනය කර ඇතැයි තීන්දු කළේය.එය මට පමණක් නොව ලංකාවේ වෙනත් ජනමාධ්‍යවේදීන්ට එරෙහිව බහු, වශයෙන් පාවිච්චි කරනු ,ලැබූ පීඩාකාරී නීතියකට එරෙහිව කරන ලද
නෛතික සටනකින් වික්ටර්ගේ ලැබූ ජයග‍්‍රහනයක් විය. ඒ වෙනුවෙන් රාවය කතුවරයාට
ප‍්‍රමාණවත් වන්දියක් ගෙවන ලෙස ද මානව හිමිකම් කමිටුව විසින් ශ‍්‍රී ලංකා රජයට
නිර්දේශ කළේය.
ඉතා වැදගත් දේ
ජිනීවා නඩුව සඳහා වික්ටර් අයිවන් පාදක කොට
ගත්තේ ආචාර්ය මාර්ක් ප‍්‍රනාන්දු දෙන ලද තීන්දුව යි. එය ඔහු විසින් දෙනු ලැබූ තීන්දුවකටත් වඩා බලවත් ජාත්‍යන්තර අධිකරණයක්
ඉදිරියේ අභියෝගයකට ලක් කෙරුණු අවස්ථාවක් විය. ඒ තීන්දුව ප‍්‍රකාශ කිරීමෙන් පසුව
ආචාර්ය මාර්ක් ප‍්‍රනාන්දු කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨය විසින් පළකරන ”ශ‍්‍රී
ලංකා ජර්නල් ඔෆ් ඉන්ටර්නැෂනල් ලෝ” නම්
සඟරාවට එම තීන්දුව විවරණය කරන ලදී . එහි මාතෘකාව වූයේ ” වික්ටර් අයිවන් - ඩිසිෂන්
ඉට්ස් ඉම්පැක්ට් ඔන් හියුමන් රයිට්ස් ” යන්නයි. ඔහු එම විචාරයෙන් මානව හිමිකම්
කමිටුවේදී දෙන තින්දුවේ වැදගත්කම පිළිගනිමින් එම තීන්දුව ලංකාවේ මානව
අයිතිවාසිකම්වලට නව මානයක් ලබාදී තිබෙන බව ප‍්‍රකාශ කර තිබුණි. ඔහු ඒ වෙනුවෙන් කරන
ලද අරගලය කිසිදු පදනමක් නැතිව කරන ලද බොරු අරගලයක් නොවන බව ඉන් පෙනී යයි.
වික්ටර් සහ නීතිපති ගැටුම
නීතිිපති සරත් නන්ද සිල්වා සමග ගැටුමකට එළැඹෙන්නේ මහේස්ත‍්‍රාත්්වරයකු
වික්ටර් ඉදිරියේ ඇසෙන නඩුවක වග උත්තරකාරියක අපහරණය කිරීමේ සිද්ධියක් පිළිබඳව
වික්ටර් කරන ලද හෙළිදරව්වකින් පසුවය. ඒ පිළිබඳව කෙරුණු පරීක්ෂණයෙන් ඒ බව සනාථ වී
තිබියදී පරීක්ෂණ වාර්තාව නීතිපතිි වෙත ලැබීමෙන් පසු නීතිපතිි වශයෙන් ඔහු එම ¥ෂිත මහේස්ත‍්‍රාත්්වරයා ආරක්ෂා කිරීමේ සිද්ධිය නිසා ය.
ඔහු
අගවිනිසුරු ධුරයට පත්වූ අවස්ථාවේදී එම පත් කිරීම මා අභියෝගයට ලක් කළේ ද ඒ සඳහා වන
ශක්තිමත් හා යුක්තිසහගත පදනමක පිිහිටා ය. ඔහු විනිශ්චයකාරවරුන් දෙදෙනකුට එරෙහිව ප‍්‍රසිද්ධ
චෝදනා ඉදිරිපත් කර තිබුණි. ලෙනින් රත්නායක එක් අයකු වන විට උපාලි අබේරත්න ඊළඟ
විනිසුරුවරයා විය. ඒ ගැන වික්ටර් දිගින්
දිගින් කරන හඬ නැගීම නිසා මෙම විනිසුරුවරුන් දෙදෙනාට එරෙහිව වික්ටර් ඉදිරිපත් කරන
ලද චෝදනා පිළිබඳව කරුණු පරීක්ෂා කොට වාර්තා කිරීම සඳහා අවිනිසුරු ජී.පී.එස් ද
සිල්වා විසින් අභියාචනාධිකරණයේ විනිසුරුවරුන්ගෙන් සමන්විත පුද්ගල පරීක්ෂණ කමිටු
දෙකක් පත් කළේය.
මහේස්ත‍්‍රාත්
ලෙනින් රත්නායක පිළිබඳ පරීක්ෂණ කමිටුව සමන්විත වූයේ අභියාචනාධිකරණයේ හෙක්ටර් යාපා, අශෝක ද සිල්වා හා ටී. බී. වීරසූරිය යන
විනිසුරුවරුන්ගෙනි. දිසා විනිසුරු උපාලි අබේරත්න පිළිබඳ පරීක්ෂණ කමිටුව සමන්විත
වූයේ අභියාචනාධිකරණයේ අමීර් ඉස්මයිල්, හෙක්ටර් යාපා හා පී. එදිස්සූරිය යන විනිසුරුවරුන්ගෙනි. මේ කමිටු දෙක විසින්
ඒ තැන පවත්වන ලද පරීක්ෂණයකින් පසුව මෙම විනිසුරුවරුන් දෙදෙනාට එරෙහිව මා ඉදිරිපත්්
කර තිබුණු චෝදනාවට එම විනිසුරුවරුන් දෙදෙනා වරදකරු කළේය. ඒ තීන්දු විසින් වික්ටර්
නීතිපති සරත් නන්ද සිල්වාට එරෙහිව කරමින් එයට ශක්තිමත් නෛතික පදනමක් ලැබුණි. විවිධ
භේද තිබුණ ද ලෙනින් රත්නායක, සරත් නන්ද සිල්වාගේ ඥාතියෙක් විය.
උපාලි
අබේරත්්න, සරත්් නන්ද සිල්වා සම වගඋත්තරකරුවකු කරමින් ජයසේකර පවරන
ලද නඩුවේදී නීතියට පටහැනිව සරත් නන්ද සිල්වාගේ වාසිය පිණිස නීතියට පටහැනිව ක‍්‍රියාකළ
විනිසුරුවරයා විය. මෙම විනිසුරුවරුන් දෙදෙනා ආරක්ෂා කළේ නීතිපති ය. පරීක්ෂණ දෙකේ
තීන්දුවෙන් පසු නීතිපති සරත්් නන්ද සිල්වාට එරෙහිව වික්ටර් ශේෂ්ඨාධිකරණයට
පැමිණිලිි කර ඇත. ශ්‍රේෂ්ඨාධිකරණය පරීක්ෂණයක් ආරම්භ කළේ ඉන්පසු යි. ඒ ඔහු විසින් ඉදිරිපත් කරන ලද පැමිණිල්ල පහසුවෙන් ඉවත
දැමිය නොහැකි වූයේ ශක්තිමත් පදනමක පිහිටා තිබූ බැවිනි. එම තීරණය ගන්නා ලද්දේ ශ්‍රේෂ්ඨාධිකරණයේ
සියලූ විනිසුරුවරුන් එකට එක් වී ඒ ගැන කරන ලද සාකච්ඡුාවකින් පසුවය.
පරීක්ෂණයක්
ආරම්භ කරනවාට විනිසුරුවරුන් තිදෙනකු ( ප‍්‍රයන්න පෙරේරා, පී එස් ගුණසේකර හා ඒ. ජී. එච් ධීරසේකර යන විනිසුරුවරුන්
* විරුද්ධ වූ ඇර අන් සියලූදෙනා පක්ෂ වූහ. මාගේ පැමිණිල්ලේ පරීක්ෂණය භාරවූයේ අමීර්
ඉස්මයිල් මහතාට ය. ජයසේකරෙගේ පැමිණිල්ලේ පරීක්ෂණය භාරවූයේ ශිරානි බණ්ඩාරනායක
මහත්මියට ය. මෙම පරීක්ෂණ දෙක භාරව ක‍්‍රියා කළේ මාර්ක් ප‍්‍රනාන්දු මහතා ය. සරත්
නන්ද සිල්වා ජනාධිපතිනිය ඉදිරියේ දිවුරුම් දෙන ඡුායාරූපය උඩ යට හරවා පළකිරීම ගැන
සරත් සිල්වා කියා තිබුණේ ඒ මගින් ඔහු පමණක් නොව රටේ ජනාධිපතිනිය ද වික්ටර්
අයිවන් විසින් ඔළුවෙන් සිට වූ බව ය.
සරත් නන්ද සිල්වාට එරෙහිව ශේෂ්ඨාධිකරණය පරීක්ෂණයක් ආරම්භ
කර තිබෙන අවස්ථාවක ඔහු මෙම තනතුරට පත්කිරීම සුදුසු නැති බව ජනාධිපතිනියගේ ප‍්‍රධාන
නීති උපදේශක වශයෙන් ක‍්‍රියා කළ එච් .ඒ ද සිල්වා ජනාධිපතිනියට ප‍්‍රකාශ කර
තිිබුණි. මෙම නොමනා පත්කිරීම කරනු ලැබූ අවස්ථාවේදී අධිකරණයේ විනිසුරුවරුන් හා
නීතිඥයන් පිළිබඳ විෂය භාර එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප‍්‍රධාන නිලධාරියා
වශයෙන් ක‍්‍රියා කළ ඩාටෝ පරම්කුමාරස්වාමි
මහතා ද ශ‍්‍රි ලංකාවට පැමිණ එය නොමනා පත්කිරීමක් බව ප‍්‍රසිද්ධියේ ම ප‍්‍රකාශ
කළේය. අඩු ම වශයෙන් පරීක්ෂණය අවසන් වන තෙක් වැඩබලන අගවිනිසුරුවරයකු පත් කළ යුතුව
තිබුණු බව ඔහු ප‍්‍රකාශ කළේය. ඒ සියද්ධියෙන් පෙනීීයන්නේ ඔහුගේ පත්කිරීමට එරෙහිව
වික්ටර් අයිවන් පළ කළ විරෝධය තර්කානුකූල
ශක්තිමත් පදනමක් තිබූ එකක් මිස පුහු විරෝධයක් නොවන බව ය.
1993 සිට 1998 දක්වා කාල
පරිච්ෙඡ්දෙය්දී අපරාධ නීතීඥවරයාව ඔහුට චෝදනා කිරීම සම්බන්ධව මහාධිකරණය වෙත
ඉදිරිපත් කර ඇති නීතිපතිවරයා විසින් නිෙයෝග කරන ලද පළමු නඩුවේදී රාවය පුවත්පතේ
කතුවරයා විසින් අභියාචනය කරන ලදී. ව්‍යවස්ථානුකූල මාර්ගෝපදේශකත්වය යටතේ ඔහුගේ
අභිමතය (සාපරාධී අපහාස කිරීමේ චෝදනාවට නීතියේ පරිදි තක්සේරු කිරීම අවශ්‍ය වේ*
ඔහුගේ බලය අත්තනෝමතිකව හා සම්මුතියේ 19 වන වගන්තිය යටතේ ප‍්‍රකාශ කිරීමේ නිදහස උල්ලංඝනය කිරීම මෙන් ම
සමානාත්මතාවයට ඇති අයිතිය සහ 26 වැනි වගන්තිය යටතේ නීතියේ සමාන ආරක්ෂාව. ශ‍්‍රී ලංකාවේ හිටපු නීතිඥවරුන්
දෙදෙනෙකු වන තිලක් මාරපන සහ සරත් නන්ද සිල්වා යන දෙදෙනාට එරෙහිව ඔහුට එරෙහිව චෝදනා
ඉදිරිපත් කර ඇත.
රාවය කතුවර
වික්ටර් අයිවන් නීතිපතිවරයාට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කිරීමට
අවසර ලබා දීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය ප‍්‍රතික්ෂේප කිරීම මත පදනම් වූ සම්මුතියේ 2 (3* වගන්තිය උල්ලංඝනය කිරීමක් ඉල්ලා සිටියේ ය. එමගින් ඔහුට
ඵලදායී පිළියමක් නොලැබේ. මෙම තුන්වන පදනම ශ්රේෂ්ඨාධිකරණයේ තීරණයකට යොමු වී ඇත.
(වික්ටර් අයිවන්, සරත් එන්. සිල්වා, (1998, 1ීඛඍ. 301*.
නිරවද්‍යතාව
සඳහා, ශ්‍රේෂ්ඨාධිකරණයෙහි එම ඉල්ලීමෙහි හෝ එහි අවසාන තීරණය සම්බන්ධයෙන්, ශ්‍රේෂ්ඨාධිකරණයෙහි සාමාන්‍ය තර්කනය, සම්මුති අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට වූ සන්නිවේදනය
පදනම් කරගත් එක්සත් ජාතීන්ගේ කමිටුව විසින් එකඟ නොවූ බව සැලකිල්ලට ගැනීම වැදගත්
වේ.
ශ්‍රේෂ්ඨාධිකරණය
ඉදිරියෙහි ප‍්‍රශ්නය වූයේ සමානාත්මතාවයට ඇති මූලික අයිතිවාසිකම උල්ලංඝනය කිරීම ව්‍යවස්ථාවේ
12 (1* වගන්තිය, කථා කිරීමේ නිදහස සහ ප‍්‍රකාශන ප‍්‍රකාශය ඇතුලත්ව ඔහුගේ මූලික අයිතිවාසිකම
උල්ලංඝනය කිරීම, රාවය
සංස්කාරකවරයාට එරෙහිව සාපරාධී චෝදනා පත‍්‍රය අත්තනෝමතික ලෙස ක‍්‍රියා කිරීම යි.
(ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 141 (අ* සහ ඔහුගේ නීත්‍යානුකූල වෘත්තියේ යෙදීමේ මූලික අයිතිවාසිකම (14 (1* (උ* වගන්තිය*.
මෙහි දී
අධිකරණය විසින් නීතිපතිවරයාගේ තීරණය ප‍්‍රකාශයට පත් කිරීමට හෝ අධිචෝදනා ගොනු කිරීම
හෝ ප‍්‍රතික්ෂේප කිරීම සඳහා අනුමැතිය ලබා දීම හෝ නීති විරෝධී ක‍්‍රියාවක් කිරීමට
අවසරයක් ලබා දීම, ප‍්‍රතිපත්තිමය වශයෙන්, ප‍්‍රමාණවත් තරම් ප‍්‍රමාණවත් සාක්ෂි නොමැති විට, විමර්ශනය, ව්‍යවස්ථානුකූලව අපහැදිලි සාධක මත පදනම් වූ තීරණයක් විය. ව්‍යවස්ථානුකූල
නිර්ණායකයන් අනුව එය තීරණය කළ යුතු අතර, එය අත්තනෝමතික නොවන නමුත් විශේෂිත පොදු යහපතක් සහ ප‍්‍රතිලාභයක් තිබිය
යුතුය.
කෙසේ වෙතත්
විනිසුරුවරුන් (එම්.ඞී.එච්. ප්රනාන්දු ජේ., වඩුගෝඩපිටිය, ජේ සහ බණ්ඩාරනා ජේ.* පෙන්වා දුන්නේ, අවම වශයෙන් එක් සාපරාධී අපහාසයක් හේතුවෙන් ඔහුට විරුද්ධව නඩු පවරන ලද
කිසියම් වරදක් සිදු වූවා නම් නීතිපතිවරයාගේ නඩු විභාග කිරීම නොකළ යුතු ය යන්න යි.
එහෙත් ඒ
අවස්ථාවේ දී තර්ක කළ පරිදි, විමර්ශන නිලධාරීන්ගේ හෝ පැමිණිල්ලේ නිලධාරීන්ගේ දොස් තැබීමේ චෝදනාවට වගකිව
යුත්තේ කුමන ආකාරයේ රාජ්‍යය වගකීමක් ද යන්න යි. වැරදි පරීක්ෂණයක් මත පදනම්ව
පැමිණිල්ලක් දියත් කර ඇත්නම්, නීතිපතිවරයා විසින් එම නඩුවේ පෙනීසිටි පරිදි ප‍්‍රාථමික වගකීම රජයට
පැවතුණි.
ශ්‍රේෂ්ඨාධිකරණය
මෙතෙක් ඉදිරියට නොපැවැත්වීමට කැමැත්තක් දැක්වූයේ අධිකරණය විසින් මැදිහත් වීම
යුක්තිසහගත කිරීම සඳහා නීතිපතිවරයාගේ නීති විරෝධී අඥානකම හෝ නොසැලකිලිමත්කම ඉතා
ඉහළ ප‍්‍රමිතීන් අනුගමනය කිරීම යි.
අධිකරණමය
තර්කයක් පවතින පරිදි, මෙම තීරනය සැලකිල්ලට ගනිමින්, එක්සත් ජාතීන්ගේ කමිටුව සාපරාධී අපහාස කිරීමේ චෝදනාවන් නිකුත් කිරීම
සම්බන්ධ කාරණා පිළිබඳ සම්බන්ධ නොවී සිටීම හා සන්දර්භය ලබා දීමට තීරණය කර තිබේ ද
නීතිපතිවරයා විසින් ගිවිසුමේ අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් සිදු වූ අතර, කෙසේ වෙතත්, ඇතැම් අවස්ථාවලදී කරුණු සලකා බැලූ කමිටුව ජාතික අධිකරණ කොමිසමට අනුකූල වන
දැඩි අගැයීමකට තුඩුදුන් කරුණකි. කමිටුව වෙනුවට, 1996 සහ 1997 වර්ෂවලදී
රාවය සංස්කාරකවරයාට සාපරාධී අපහාස කිරීම් සඳහා චෝදනා තුනක් ඉදිරිපත් කළ අතර, (විවිධ පාර්ශ්ව විසින් අවසන් ඉදිරිපත් කිරීම්වල අවසාන
කාලපරිච්ෙඡ්දය දක්වා* උල්ලංඝනය කරන ලදි. ගිවිසුමේ 14 වන ෙඡ්දයේ 3 (ඇ* වගන්තිය, (අනිසි කාල සීමාවකින් තොරව පරීක්ෂා කිරීමට අයිතිය*. අතිරේක වශයෙන් ප‍්‍රමාදවීමෙන්
සිදුවූ අවිනිශ්චිතභාවය හා බිය ගැන්වීම් හේතුවෙන් ඔහු නඩු විභාග කිරීම අවසන් වුව ද, නඩු පැවරීමට ඔහු දැරූ වෑයම නොතකා, එම ගිවිසුම 19 වන වගන්තිය උල්ලංඝනය කර ඇති අතර, (ප‍්‍රකාශ කිරීමේ නිදහස* 2 (3 * (ඵලදායි පිළියම සඳහා අයිතිය*.
තව ද, අනාගත පරමාධිපත්‍යය ශ‍්‍රී ලංකාව සඳහා බලපැවැත්වීමට පෙර
විකල්ප බල රහිත ගිවිසුමට එළඹීමට පෙර සිදුවූ කරුණු සම්බන්ධව රාවය සංස්කාරකගේ
පණිවුඩය පිළිගත නොහැකි බව තර්ක කිරීම (1998 ජනවාරි 3* කාරක සභාව විසින් නිෂ්ප‍්‍රභා කරන ලදී. අධිචෝදනා පත‍්‍රවල රැුඳී සිටින තාක්
කල්, කර්තෘවරයාට අධිචෝදනාවන්ගේ ප‍්‍රතිවිපාක අඛණ්ඩව හා
සැබවින් ම නව චෝදනා උල්ලංඝනය කර ඇති බවට පදනම යි.
පොදුවේ, සාධාරණ නඩු විභාගයක් සහ ප‍්‍රකාශනයේ නිදහස සම්බන්ධයෙන්
මේ රටේ නීතිපතිවරයාගේ කාර්යාලයට පැමිණෙන වගකීම් පිළිබඳ මෙම සන්නිවේදනයේ ප‍්‍රතිවිපාක
සැහැල්ලූවෙන් බැහැර කළ නොහැකි අනතුරු ඇඟවීමකි. පසුගිය දශක තුන තුළදී කමිටුව විසින්
අදහස් දැක් වූ අදහස් ජාත්‍ය න්තර නීතියේ සැලකිය යුතු බලයක් එකතු කර ඇති අතර, ඉතා සුළු රාජ්‍යයන් කමිටුවේ මතයන් පිළිඹිබු වන රටවල
සංචාරය කරන ‘ මංකොල්ලකාරි පාලනයක් ‘ පිළිබඳ ප‍්‍රතිවිපාකවලට ගොදුරු වනු ඇත.
කලින් සඳහන් කළ පරිදි මෙම තීරු ලිපියෙහි දක්වා ඇති
ආකාරයට, ශ‍්‍රී ලංකා රජය විසින් සම්මුති අයිතිවාසිකම් උල්ලංඝනය
කිරීම් පිළිබඳ කමිටුවෙහි සාධනීය සොයා ගැනීම් වැඩිවෙමින් තිබේ. සුදුසු
අවස්ථාවන්හිදී සම්මුතියට බැඳී සිටීම සඳහා මෙම කැපවීම සඳහා වූ උප මහාද්වීපයේ ප‍්‍රථම
රට ලෙස මෙම දකුණු ආසියාවට සැලකිය යුතු තරම් උනන්දුවක් දක්වනවා.
ජිනීවා නඩුව සඳහා වික්ටර් අයිවන් පාදක කොට ගත්තේ ආචාර්ය මාර්ක් ප‍්‍රනාන්දු දෙන
ලද තීන්දුවයි. එය ඔහු විසින් දෙනු ලැබූ
තීන්දුවකටත් වඩා බලවත් ජාත්‍යන්තර අධිකරණයක් ඉදිරියේ අභියෝගයකට ලක් කෙරුණු
අවස්ථාවක් විය. ඒ තීන්දුව ප‍්‍රකාශ කිරීමෙන් පසුව ආචාර්ය මාර්ක් ප‍්‍රනාන්දු කොළඹ
විශ්වවිද්‍යාලයේ නීති පීඨය විසින් පළකරන ”ශ‍්‍රී ලංකා ජර්නල් ඔෆ් ඉන්ටර්නැෂනල් ලෝ” නම් සඟරාවට එම තීන්දුව
විවරණය කරන ලද.ී එහි මාතෘකාව වූයේ
”වික්ටර් අයිවන් - ඩිසිෂන් ඉට්ස් ඉම්පැක්ට් ඔන් හියුමන් රයිට්ස්” යන්න ය.
No comments:
Post a Comment