මා දුටු සිත්තම්

Sunday, June 10, 2018

විකල්ප පුවත්පත් බිහිවිම සහ විවිධ දේශපාලන සංස්කෘති

විකල්ප පුවත්පත් බිහිවිම සහ විවිධ දේශපාලන සංස්කෘති

80 දශකයේ අග භාගයේ 90  දශකය දක්වා විකල්ප පුවත්පත් බිහිවිම සිදු වූ අතර එකල එම පුවත්පත් පාතාල පුවත්පත් ලෙසද හදුන්වා ඇත. ඒවා දේශපාලන මතවාද වෙනුවෙන් නිර්මාණය වූ අතර සීමිත ලේඛකයන් සංඛ්‍යාවක් සිටීම ප‍්‍රමාණයෙන් කුඩා වීම රජයට විරුද්ධ මත දැරීම දියුණු පුවත්පත් ආයතන යටතේ පවත්වා නොගැනීම වැනි ලක්ෂණ ඒවා තුළ දක්නට ලැබිණි.

එකල බිහිවූ පුවත්පත් අතර ”ලක්මිණ” පුවත්පත ප‍්‍රධාන විය සිංහල බෞද්ධ සංකල්ප ජනතා විමුක්ති පෙරමුනෙ  චින්තනය ආදී විවිධ දෑ එහි අඩංගු වූ අතර ඉන් පසුව සුනිල් මාධව පේ‍්‍රමතිලක ,ගුණදාස අමරසේකර වැනි පුවත්පත් කලාවේදීන් එක්ව ”ලක්දිව ”පුවත්පත ආරම්භ කරන ලදී. මෙයින් පසුව ජාතීන් අතර යුක්තිය හා සමානාත්මතාවය සදහා වන ව්‍යාපාරය  (ඵ්ඍන්‍ෑ * විසින් ”යුක්තිය” විකල්ප පුවත්පත ආරම්භ කිරිම සිදුව්ය. එමගින් 1992 වසරේ ජනාධිපතිට දේශාභියෝගයක් ඉදිරිපත් වු අවස්ථවේ එයට අවශ්‍ය තොරතුරු ලබාදීම විශේෂත්වයක්.

 මෙම විකල්ප පුවත්පත් බිහිවීමෙන් අනතුරුව ”රාවය” විකල්ප සතිඅන්ත ටැබ්ලොයිඞ් පුවත්පත 1990 නොවැම්බර් මසයේදී බිහිවීම සිදුවීය. මෙය ස්න්නිවේදන ක්ෂේත‍්‍රයට දේශපාලන ස`ගරාවක් ලෙස පිවිසුණේ 1986 දීය 1995 වසරේ එකසත් ජාතික පක්ෂ ආන්ඩුව පෙරලමින් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුව බලයට පත් අවස්ථාවේ සියලූ විකල්ප පුවත්පත් අහෝසි කිරීම සිදුවුවද රාවය තම හැඩය වෙනස් කරගනිමින් ජාතික පුවත්පතක් ලෙස මුද්‍රිත මාධ්‍ය ඉතිහාසයයේ විශේෂ සංධිස්ථානයක් සනිටුහන් කර ඇත. සර්වෝදය ආයතනය මගින් ස`ගරාවක් ලෙස ආරම්භ කළ මෙම පුවත්පත කැපි පෙනෙන රාජ්‍ය නොවන සංවිධානයක් වු සර්වෝදය මුද්‍රණය මගින් මුද්‍රණය කෙරිනි .

එහිදි සර්වෝදය ප‍්‍රධාන අචාර්ය ඒ ටී ආරියරත්න මැතිතුමා ඒ සඳහා මුලිකත්වය ගෙන කටයුතු කර ඇත. ඉන් පසුව රාවයේ සංස්කාරක ලෙස වික්ටර් අයිවන් මහතා කටයුතු කිරීම පිළිබඳව මෙහිදී විශේෂයෙන්ම සාකච්ඡුා කල යුතුය අරම්භයෙන් ටික කලෙකට පසුව රාවය සර්වෝදයෙන් ඉවත් වීම සිදුවිය.
        • `ගරා යුගය
        • ටැබ්ලොයිඞ් යුගය
        • ජාතික පුවත්පත් යුගය ,
ලෙස රාවය පුවත්පත යුග තුනක් පසු කිරීම ශ‍්‍රීලංකා මුද්‍රිත මාධ්‍ය ඉතිහාසයේ වැදගත් කරුණකි. පුවත්පතේ සංස්කාරකවරයා වු වික්ටර් අයිවන් මහතා එහි අයිතිකරු ලෙස පත්වීම රාවය එයටම අනන්‍ය වු සංස්කෘතික පරිසරයක් නිර්මාණය කර ගැනීමට මුලපිරීමක් විය එහිදී රාවය ප‍්‍රබලව මාධ්‍ය ක‍්‍රියාකරීවරයෙක් කරවිමට මූලික වූයේ වික්ටර් අයිවන්ය රාවය පුවත්පත ඔහුගේ නිර්මාණයකරනයේ ප‍්‍රබලතම සංධිස්ථානයකි එමෙන්ම ඔහුගේ පුවත්පත් කලා ජීව්තයේ ග‍්‍රාහකයන් හට වැඩිම බලපැමක් ඇතිකල අවස්ථාවක් ලෙසද මෙය හදුන්වා දිය හැකිය 


වික්ටර් අයිවන් මහතාගේ නිර්මාණකරනය සහ ඒ සඳහා යොදාගත් අන්තර් සංස්කෘතිය

වික්ටර් අයිවන් මහතා සිය නිර්මාණකරනය සඳහා පුළුල් පරාසයකින් යුතුව විවිධ සංස්කෘතිවල අභාෂයන් ලබාගෙන අති අතර ප‍්‍රධාන වශයෙන් ඔහු යොදාගත්තේ දේශපාලන සංස්කෘතිය (චදකසඑසජ්ක ක්‍මකඑමරු* බව පැහැදිලිවන කරුණකි
        දේශපාලන සංස්කෘතිය යනු රටවැසියන්ගේ දේශපාලන හැඩ ගැස්ම,දේශපාලන නෛතික භාවය පිළිබදව ඔවුන්ගේ හැඩ ගැස්ම,දේශපාලන ක්රිඩයාවලියේ සම්ප්රමදායන් සහ දේශපාලන සමාජයක් ගොඩනැගීම සඳහා තෝරා පත් කරගත් පුද්ගලයන්ගේ අදහස් ය.

දේශපාලන ක‍්‍රමය ව්ධ්මත් ආයතනික පිළිවෙළ සහ සැබෑ චර්යාධර්ම අතර ඇති සබඳතාව අවබෝධ කරගැනීමට උපකාරී වන සංකල්පයක් වශයෙන් ‘දේශපාලන සංස්කෘතිය‘ යන සංකල්පය හදුන්වා දිය හැකිය.දේශපාලන සංස්කෘතිය යන සංකල්පය දේශපාලන විද්වතුන් අතර වඩාත් ජනප‍්‍රියවන්නේ 1950 දශකය තුළදීය.දේශපාලන සංස්කෘතිය යන සංකල්පය කේන්ද්රඩකරගෙන එදා සිට මේ දක්වා දේශපාලන විද්යාක විෂය භූමිය තුළ ලියවිලි විශාල ප‍්‍රමාණයක් එකතු වී ඇත.‘දේශපාලන සංස්කෘතිය‘ සංකල්පයේ පුරෝගාමී දේශපාලන විද්යාවඥයන් වන ආමන්ඞ් හා වර්මා විසින් දේශපාලන සංස්කෘතිය ‘දේශපාලන ක‍්‍රමෝපායන් තුළ ජීවත් වන සාමාජිකයන්ගේ,දේශපාලනය උදෙසා යොමු වූ පුද්ගල ආකල්ප වල රටා විලාශය‘ \¥න්වාදෙන ලදි. එය දේශපාලන ක්රිටයාවලට පුද්ගලයන් යොමුකරන්නා වූ මනෝබද්ධ විෂය ප්ර දේශය  වේ. ආමන්ඞ් හා වර්මා දේශපාලන ක්රාමය සම්බන්ධයෙන් ඇති වන මේ මනෝබද්ධ පුද්ගල යොමු වීමෙහි අංග ලක්ෂණ කිහිපයක් හදුන්වා දුන්හ.

ඉන් පළමු වැන්න නම් දේශපාලන විෂය වස්තු සහ විස්වාස පිළිබඳ ඇති දැනුමයි. දෙවැන්න වන්නේ, දේශපාලන විෂය වස්තු වලට පුද්ගලයාගේ ඇති සමබන්ධතාවය ය. එනම් ඇතුළත්වීම ප‍්‍රතික්ෂේප කිරීම සහ ළැදියාව වේ. තුන්වැන්න නම් දේශපාලනික විෂය වස්තූන් සම්බන්ධයෙන් ඇති මතිමතාන්දර(තීන්දු, ආදිය වේ. මෙය බොහෝ විට දේශපාලනයට අදාළ සංසිද්ධි, සංකේත හා උපකරණ පිළිබඳව පුද්ගලයන් ව්ය්වහාර කරන ඇගයුම් මිනුම් දඬු ආමන්ඞ් සහ වර්බාගේ ඉහත ප්රුකාශයෙහි මූලික යෙ¥ම් කිහිපයක් ඇතුළත් වේ.ඒවානම් රටා විලාසය ආකල්ප හා යොමුවීම් (්එඑසඑමාැි ්බා දරසැබඒඑසදබි *සහ දේශපාලනික විෂය වස්තු යනාදිය වේ.

ආකල්ප හා යොමුවීම් පුද්ගලයාගේ මනෝ විද්යායත්මක( සබාසඩසාම්ක චිහජයදකදටහ *අංශයට සම්බන්ධ වේ. පුද්ගලයන් ඔවුන් පිළිබඳ ව ඔවුන් වටා ඇති දේශපාලන ලෝකය පිළිබඳව සිතන්නේ කෙසේද යන්න ප්ර.ශ්නය එයට සම්බන්ධ වේ. පුද්ගලයන්ගේ මේ දේශපාලන මානසිකත්වය අවබෝධ කර ගැනීමෙන් ඔවුන්ගේ දේශපාලන චර්්යා්ව කුමන ආකාරයක් ගනීදැයි සම්ප්රේපෂණය කළ හැකිය. පුද්ගලයන් විශේෂ වූ දේශපාලන ක්රිකයාවකට මැදිහත්වන්නේ යම් කිසි දේශපාලන ආකල්පයක් හෝ ආකල්ප වල සමුදායක් විසින් කරනු ලබන පෙළඹවීම මතය. ආකල්ප හා යොමුවීමේ රටා විලාශය( ච්එඑැරබ දෙ ්එඑසඑමාැි ්බා දරසැබඒසදබ *පිළිබඳව අවධානය යොමු කිරීමෙන් එය අවබෝධ කර ගත හැකිය.

මෙවැනි දේශපාලන සංස්කෘතියක් අසුරු කරමින් නිර්මාණ සිදුකළ මෙතුමාගේ නිර්මාණකරනය තුළ නවතම මාධ්‍ය සංස්කෘතියක් නිර්මාණය වී ඇති බව කිව යුතුය .ඉහතින් සඳහන් කළ දේශපාලන සංස්කෘතින්වලට උදාහරණ ලෙස පහත සංස්කෘතින් ගත හැකිය.

මාක්ස්වාදය
මාක්ස්වාදය යනු ධනවාදී දේශපාලන ආර්ථික විද්යා ව හරහා පවතින සමාජ ක්රදමයේ සූත්රාය සොයා ගැනීම නොවේ.  දේශපාලන ආර්ථික විද්යා ව පිළිබඳ පෘථුල ප්රාාඥයෙකුට පවා අප ගත කරන සංක්රා න්ති යුගයේදී කළ හැක්කේ ලූම්පනුන් සමඟ සංවාද කිරීම පමණි. පැමිණිලි කරන්නන් කතා කරමින් ඉන්නේ සමාජ ක්රංමය ගැන නොව අනෙකා ගැන බව අපට නම් ප්ර්ත්ය මාක්ස්වාදය විසින් අපට හඳුන්වා දී ඇති විමුක්ති මාර්ගයේ අවසන් අවන්හල කම්කරු පන්තියයි. අවසාන ධනවාදී සමාජ-ක්රතමය නිපදවමින් සිටින්නේ නිර්ධනයන් වෙනුවට පාරිභෝගිකයින් ය. ඉල්ලීම් සහ සටන්පාඨ ලෙස අපි වෙත එන්නේ පාරිභෝජන අයිතිවාසිකම් ය. අධිකතර නිෂ්පාදනය පාරිභෝගිකයන් තැනුවා සේම ම එවැනි අධි නිෂ්පාදනයක් නැවත ධනවාදී සමාජ-ක්රනමය නිෂ්පාදනය වෙතට ද තල්ලූ කරයි. අප දැන් මේ කල් ගෙවන්නේ මේ ක්රියොවලි දෙක අතර ගතවෙන සංක්ර මණික කාලයේය

මාක්ස් මෙම සංකල්පය විගර.පසහ කරනුයේ බටහිර යුරෝපයේ සමාජය තුළ සිදු වී ඇති ඓතිහාසික විකාශනය පාදක කොට ගනිමින්ය. නමුත් ඔහු පසු කාලයකදී ලෝකයේ වෙනත් කොටස්වල මිනිස් ඉතිහාසය පරීක්ෂා කිරීමේ පසු තම ඉතිහාසය පිළිබඳ විගර ඔහහය විශ්ව සාධාරණ නොවන බව දැනගත්තේය. ආසියාවේ මිනිස් ඉතිහාසය වර්ධනය දෙස අවධානය යොමු කිරීමෙන් එය තහවුරු කරගනුු ලැබීය. ආසියාවේ බොහෝ රටවල වැඩවසම් ලක්ෂන නොවූ බවත්, ඉඩම් සම්බන්ධයෙන් පෞද්ගලික අයිතියක් නොවූ බවත් සියලූ ඉඩම් අවසානයේ රජුට හෝ රජයට අයත් වූ අතර ජනයා ඒවා පොදුවේ පරිහණය කරනු ලැබීය. සමාජය කුඩා ගම්මාන ලෙස සැදී තිබූ අතර කෘෂිකර්මාන්තය හා ගෘහ කර්මාන්තයෙන් ස්වයං පෝෂිත විය. රාජතන්තරඅවසය ඒ සඳහා මැදිහත් වී කටයුතු කළේය. මෙම රටවල ජනයා එක්තරා පරවය මාණයකට ස්වාධීනතාවයන් භුක්ති විඳි අතර නිපද වූ අතිරික්තය රජුගේ හෝ රාජ්ය  තන්තරන තයේ පැවැත්මට ගියෝය. මාක්ස්ට අනුව මෙම කරතර මයේ සූරාකෑම පැවතියේ මේ අයුරිනි. මේ ආකාරයට මාක්ස් සමාජ ඉතිහාසය පිළිබඳ සංකල්පය පැහැදිලි කරනු ලැබීය.

මාක්ස්වාදය යනු කෙටියෙන් ගත් කල පංති සටනේ හා ඒ හා බැදුනු නිශ්පාදන නිශ්පාදන සබදතා වල වර්ධනයේ හා ප්ර ගමනය පිලිබද ඉතිහාසයයේ ප්රපවාදයයි. පවත්නා සමාජ සබදතා තුල නිශ්පාදනය වර්ධනය කල නොහැකි වූ විට පංති ගැටුම උත්සන්න වී විප්ලවීය අවස්ථාවකට (යටත් පිරිසෙයින් සමාජවාදී විප්ලවය ගැන සැලකීමේදී * පෙරලෙන බව ඔහු සදහන් කරයි. එහෙත් ඉතිහාසයේ කිසිදු තැනක එසේ වී නැත. රදල ප‍්‍රවේණිදාස ක‍්‍රම්යෙන්  ධනපති ක‍්‍රමය වෙත ඒමේදී එවැනි විප්ලවයක් සිදු නොවීය. ඔහු මෙහිදී විප්ලවයක් ගැන සදහන් කරන්නේ ධනපති අවස්තාවෙන් සමාජවාදී ක්රරමය වෙත සංක්රගමණය වීම සදහා පමණක් බවත් අනෙක් අවස්ථාවේදී හුදු සමාජ පරිණාමයක් ගැන අදහසක් සලකා පමණක් විප්ලවය යන වචනය භාවිතා කලේ යයි යම් කල්පිතයකට එලබිය හැක. එය එසේයයි සිතුවද ධනපති අවස්ථාවේ සිට සමාජවාදී අවස්ථාවට පරිණාමනයේදී පමණක් විප්ලවයක් නිසගයෙන් සිදු විය යුත්තේ මන්ද යන්න ට ඔහු පිලිගත හැකි පැහැදිලි පිලිතුරක් නොදෙයි. එය ඔහුගේ හුදු කල්පිතයක් පමණි. අනෙක් අතට මෙම විප්ලවය මාක්ස් කියන ආකාරයට  කම්කරුවා තුල ‘නිසගයෙන්‘ හට ගන්නා කම්කරු පංති විඥ්ඥානය තුලින් හට ගන්නා අතර  එවැන්නක් ලෝකයේ දක්නට නොමැත. එවැන්නක් කරා ගමන් කරන ආකාරයවත් දැකගන්නට නොහැක.

ඉතිහාසය පිළිබඳ මාක්ස්වාදී විගර ද හය මාක්ස්ගේ ද්විඝටනාත්මක භෞතිවාදයට සම්බන්ධ කොට ඉදිරිපත් කරන ලද අනෙක් මූලධර්මය වන ඓතිහාසික භෞතිකවාදය සංකල්පය පදනම් කරගෙන විගර භෞහ කර ඇත. මාක්ස්වාදයට අනුව ඓතිහාසික භෞතිකවාදය යනු භෞතිකවාදී දෘෂ්ටියකින් ඉතිහාසය විගරර ඇහ කිරීමයි. මේ අනුව මාක්ස් ඉතිහාසය විගරවාදහ කළේ භෞතිකවාදී අර්ථකථනයිකිනි. මෙය විඥානවාදී කරරී මයට හාත්පසින්ම වෙනස් වේ. විඥානවාදී කෝණයෙන් ඉතිහාසය දෙස බැලීම යනු රජවරුන්ගේ දේශපාලනඥයන් ගේ හා රණසූරයන්ගේ පර වේතිපත්ති හා කිරන් යාවන් අනුව හෝ ආගම්වල හා අදහස්වල බලපෑමෙන් ඇතිවූ පරමයටතිඵල අනුව හෝ ඉතිහාසය හා ඓතිහාසික විපර්යාසයන් තේරුම් කිරීමට වෑයම් කිරීමයි.මේ ආකාරයට මාක්ස්වාදයට අනුව ඓතිහාසික විපර්යාසයන් සිදු කරනු ලබන්නේ සමාජයේ ඇතිවන මූලික ආර්ථික වෙනස්වීම්, එනම් නිෂ්පාදන විධියේ ඇතිවන වෙනස්වීම් මතයි. මිනිස් ඉතිහාසයේ මාක්ස් විගරා කහ කළ පර නොධාන අවධි හතර


ආදි කාලීන් කොමියුනිස්ට් හෝ ගෝතිරසමක සමාජය
ඉඩම්, සතුන් සරළ උපකරණ හා මෙවලම් යනාදිය පොදුවේ සමාජයට අයත් නිසයල්ලන්ටම සතුවිය. පුද්ගලික දේපල හිමිකමක් මෙහි නොවීය. නිපදවූයේ සියල්ලෝම පොදුවේ බෙදාගත්හ. මේ සමාජයේ පුද්ගලික අයිතියක් නොතිබූ බැවින් පංති බෙදීමක්ද නොවීය. එහෙයින් සූරාකෑමක්ද නොවීය.

වහල් සමාජය
කලින් සාමූහික අයිතියට යටත්ව තිබූ දේපොළ කරමක්මය බිඳ වැටී පුද්ගලික දේපොළ කරද් මයක් බිහිවිය. සමහර මිනිසුන් අන් අයට අයිති වූ වහලූන් බවට පත්විය. හුදු නිෂ්පාදන මාර්ගයක් ලෙස සලකන ලද වහලූන් මෙන්ම අන් නිෂ්පාදන මාර්ගද වහල් හිමියන් සතුවිය. ගෝත‍්‍රිත් අතර හටගත් යුද්ධවල පරලූ තිඵලයක් වශයෙන් පරාජිතයන් වහලූන් බවට පත්වූ අතර ජයගරාර්ගහකයන් එම වහලූන් ගෙන් නිෂ්පාදන මාර්ගවලත් ස්වාමීවරුන් වී යැයි සාමාන්යබයෙන් පිළිගැනේ. මෙය පංති භේදයේ ආරම්භය ලෙසත් එනිසාම සූරාකෑමේ පටන් ගැනීම ලෙසත් හැඳින්විය හැකිය.

වැඩවසම් සමාජය
ප‍්‍රධාන නිෂ්පාදන මාර්ගය වූ ඉඩම් රජුට හෝ රජුගෙන් ලත් පරරා දානයක් වශයෙන් රදළයන්ට අයත් විය. ඉඩම් වගාකරන ලද්දේ පර  පවේණි දාසයන් විසිනි. අස්වැන්නෙන් කොටසක් ඉඩම් හිමි රදළයාට ඔවුන් විසින් දියයුතු අතර ඔහුට අන් අයුරින් නොමිලයේ සේවය කිරීමටද ඔවුන්ට සිදුවිය. වහලා මෙන් නොව ප‍්‍රවේණිදාය ශාරීරික වශයෙන් නිදහස් විය. එහෙත් සිය දිවි පෙවෙත සඳහා ඔහු ඉඩමට බැදී සිටියේය. මේ සමාජයේ පරු ධාන සූරාකෑමේ කරස නමය ඵ‍්‍රත්‍ව්න්ෂ වේණිදාස තත්වයකි.

ධනවාදී සමාජය
ඉඩම්, කම්හල් හා අනෙකුත් නිෂ්පාදන මාර්ගවල එකම අයිතිකරුවා ධනපතියා වෙයි. පෙර පැවති නිෂ්පාදන විධිය ටයතේ ඉඩමට සම්බන්ද වී සිටි දාසයින් හා සුළු නිෂ්පාදකයින් කිසිදු දේපළකට හිමිකමක් නැති කම්කරුවන් බවට පත්විය. ඔවුහු සිය දිවිපෙවෙත සඳහා සිය ශරේපළම ශක්තිය ධනපතීන්ට විකුණන වැටුප් ශර්කරමිකයන් වෙති. ඔවුන්ගේ ශරසඳ මය සූරාකෑමේ කරශක්ම ඉතාම සියුම් හා දරුණු වෙයි.

ගාන්ධිවාදය
මහත්මා ගාන්ධිතුමා යනු ඉන්දියාවේ ජීවත් වූ බුද්ධිමත් මෙන්ම සදාචාරාත්මක විශිෂ්ටයෙකු බිහිකිරීමේ ප‍්‍රධානියායි. ඔහු යටත් විජිත ව්‍යාපාරයට එරෙහිව විමුක්ති ව්‍යාපාරයක් නිර්මාණය කර තිබේ. ඔහු යටත් විජිත විප්ලවවාදියෙකි. ඔහුගේ උපායමාර්ගය වූයේ ප‍්‍රතිකේෂ්ප කිරීමයි. ඔහු අවධාරනය කලේ අප මත ආධිපත්‍ය රැුදවිය හක්කේ ආධිපත්‍ය පතුරන්නන් හා අප සහයෝගයෙන් වැඩ කලහොත් පමනක් බවයි. ඔහුගේ අවිහිංසාවාදී ප‍්‍රතිරෝධය අපේ සියවසේ යටත් විජිත විරෝධී මෙන්ම වර්ගවාදයට එරෙහි ව්‍යාපාරවලට ආලෝකයක් විය මෙම ගාන්ධියානු ආභාෂය බොහෝ දුරට අනුගමනය කරන්නට සමත් වූවෙකු ලෙස වික්ටර් අයිවන් හදුන්වාදිය හැකිය. ගාන්ධිතුමාගේ ප‍්‍රතිරූපය කොතරම් උසස් දැයි කිවහොත් එතුමා ඉන්දීයාවේ විවිධ දේශපාලන අපේක්ෂා තුළ විවිධ වෙසින් ජීවමාන බව විග‍්‍රහ කළ හැකිය එතුමා විටෙක ප‍්‍රකාශ කරන්නේ  ”තෝරාගැනීම තියෙන්නේ බියසුළුකම හා ප‍්‍රචණ්ඩත්වය අතර නම් මා උපදෙස් දෙන්නේ ප‍්‍රචණ්ඩත්වය තෝරා ගැනීමටයි ගෞරවාන්විත නොවන පසුබිමක නීච සාක්ෂි කරුවෙකු වනවාට වඩා මා කැමති වන්නේ ගෞරවාන්විතව අවි භාවිතා කිරීමටයි ” යන්නය එනම් ප‍්‍රචණ්ඩත්වය හා අවිහිංසාවාදය යනු අන්යොන්‍ය වශයෙන් පෙදු කරුනු දෙකක් නොවේ ඒ එකක් අනෙක මත බලපවත්නා දෙයකි අරගලය යනුවෙන් නම් කරන්නේ එයයි වික්ටර් අයිවන් රාවය පුවත්පතද අරගල බිමක් කරන්නට සමත් වුයේ මෙම සංකල්පය තුලින.

කොමියුනිස්ට්වාදය
 18 වන සියවස තුළ ලිබරල්වාදයේ ආර්ථික මුහුණුවර ලෙස ”නිර්බාධවාදය” යුරෝපය පුරා පැතිරයාමත් සමඟ සමාජය ප්රසධාන වශයෙන් ධනපති හා නිර්ධන ලෙස කොටස් දෙකකට බෙදුණි. මෙහිදී ධනපතියන් විසින් නිර්ධනයන්ගේ ශ්රසමය සූරාගෙනකමින් ස්වකීය ප්රාලග්ධනය වර්ධනය කරගත් අතර නිර්ධනයන් සමාජය තුළ වඩාත් පීඩනයකට ලක්විය. සාධාරණ ආදායම් ප්ර්තිව්යා්ප්තියක් දක්නට නොවුණු මෙම යුගය තුල වූ සමාජක්ර්මය සිඩිනි වෙබ් විසින් හඳුන්වනු ලැබුයේ ‘සුදු වහල් ක‍්‍රමය‘ උයසඑැ ීක්ඩැරහ ලෙසය. සමාජයේ බහුතරය වූ කම්කරුවන් හා ගොවීන් සුළුතරයක් වූ කර්මාන්ත හිමියන් හා ඉඩම් හිමියන් යටතේ වහළුන් ලෙස කටයුතු කරන්නට විය. ශ්රකමය සැපයීමෙන් මිස වෙනත් කිසිඳු අයුරකින් ආදායමක් උපයාගැනීමට නොහැකි ලෙස බහුතර ගොවි කම්කරු ප්රුජාව වඩාත් අසරණ තත්ත්වයක පසු විය. නුගත් භාවය පීඩිතයන් අතර පොදු ධර්මතාවයක් වූ අතර මේ නිසා සමාජ විරෝධි ක්රිණයා හා විවිධ ¥ෂණයන් දිළිඳු කම්කරු පංතිය ගිලගන්නට විය.

පීඩිත පංතිය වඩාත් ක‍්‍රියාකාරී ලෙස දේශපාලනයට ප‍්‍රවිෂ්ට කරගැනීමට ඉහත කිසිඳු මතවාදයකට නොහැකි විය.මේ බොහෝ මතවාදයන්ගේ සඳහන් වූයේ ක්රාමික සමාජ විකාශනයක් හරහා පමණක් සමාජ හා ආර්ථික විශමතාවයන් ඉවත් කළ හැකි බවයි. නමුත් 1848 දී ”කොමියුනිස්ටි ප‍්‍රකාශනය” හරහා නව මතවාදයක් ලෙස ‘විද්යා ත්මක සමාජවාදය‘ යන සංකල්පය ගොඩනංවන ජර්මන් ජාතික කාල් මාක්ස් හා ෆෙඞ්රික් එංගල්ස් දෙපළ ඉතා සෙමෙන් සිදුවන සමාජ පරිවර්තනයක් වෙනුවට වේගවත් විප්ලවීය ක්රි යාමාර්ගයක් හරහා සාධාරණ සමාජයක් ගොඩනැංවිය හැකි බව පෙන්වා දෙයි.මේ නව දේශපාලන දර්ශනය වටා පීඩිතයන් ඉතා උද්යොගීව එක් වන්නට විය. ඒ අනුව කොමියුනිස්ට් දර්ශනයේ නිල උපත ලෙස 1848 ”කොමියුනිස්ටි ප‍්‍රකාශනය ” හඳුන්වාදීම පෙන්වාදිය හැකි අතර මෙම දේශපාලන දර්ශනයේ ආරම්භක කථිකයන් ලෙස කාල් මාක්ස් හා ෆෙඞ්රි්ක් එංගල්ස් හැඳින්විය හැක.

සමාජවාදය
සමාජවාදය යනු කොමියුනිස්ට් ක‍්‍රමයේ  පහළ අවදියයි .එය ආරම්භ වන්නේ නිර්ධන පංතිය විසින් රාජ්යි බලය ලබාගැනීම සමඟයි .මෙම සමාජ පරිවර්තන අවදියේදී මිය යමින් පවතින ධනවාදයේ ලක්ෂණ සහ අලූත උපන් , එහෙත් ස්ථාවර නොවූ කොමියුනිස්ට් ක්රභමයේ ලක්ෂණ එකවර දැකිය හැකිය . පංති රහිත කොමියුනිස්ට් සමාජය ඉබේම පහළ වන්නේ නැත . පංති අහෝසි වීම දීර්ඝකාලීන ක්රිකයාවලියකි . එමනිසා සමාජවාදය තුළ පරාජය කරන ලද , එහෙත් සම්පූර්ණයෙන්ම විනාශ නොකරපු ධනපති පංතිය මෙන්ම  රාජ්යජ බලය ලබාගත් , එහෙත් තවමත් ශක්තිමත් නොවූ නිර්ධන පංතියක් ද පවතී .තවද පෞද්ගලික දේපළ සම්පූර්ණයෙන්ම අහෝසි කර නැති හෙයින් සමාජවාදය තුළ පෞද්ගලික දේපළ මෙන්ම පොදු දේපළ ද පවතී .සමාජවාදය තුළ මියයන ධනවාදයේ ලක්ෂණ මෙන්ම ඉදිරියට බිහිවන කොමියුනිස්ට් ක්රදමයේ ලක්ෂණ ඇති හෙයින් ප්රනතිවිරෝධතා හටගනියි .එමනිසා ප්රිතිවිරුද්ධ පංතීන් අතර ගැටීමක් හෙවත් පංති අරගලයක් ලෙස මෙය ප්ර්කාශයට පත්වේ .එමෙන්ම දුර්වල වූ ධනපති පංතිය නැවත බලයට ඒම සඳහා  ඕනෑම ආකාරයක උත්සාහයක් දරයි . සමාජවාදයෙදි මෙම ප්රදතිවිරෝධතා අහෝසි කිරීමට මෙන්ම සමාජ පරිවර්තන ක්රි්යාවලිය ඉදිරියට ගෙනයෑම සඳහා නිර්ධන පන්තියේ ආඥාදායකත්වය යටතේ පවතින ” රජය ” නැමැති පංති පීඩක උපකරණය යොදාගනියි . සමාජවාදයෙ තිබෙන නිර්ධන පංතියේ රාජ්ය  බලය ප්ර්ධාන කාර්යයන් 2ක් සඳහා යොදාගනියි . එනම් ධනපති පංතියෙන් පැමිණෙන ප්රරතිවිප්ලවය මර්දනය කිරීම සහ සමාජ පරිවර්තන ක්රිියාවලියට අවශ්යජ දේශපාලන නායකත්වය හා මඟපෙන්වීම ලබාදීමයි .

සමාජවාදී රටවල නිතරම ඒක පක්ෂ ආණ්ඩුක‍්‍රමයක් දක්නට ඇත. මන්දයත් සමාජවාදය තුළ සමාජයේ විවිධ බෙදීම් මත වෙන්වූ ජන සමුහයන් නොසිටීමයි. සියල්ලෝම වැඩකරන ජනතාව වේ. ඒ අනුව මතභේදයන්ගෙන් තොර වූ ප්රවජාවක් නියෝජනය කිරීමට එක් දේශපාලන පක්ෂයක් ප්රරමාණවත් වේ. එම පක්ෂය සෑමවිටම වැඩකරන ජනතාව නියෝජනය කරයි. පක්ෂයේ නායකයා පුරවැසියන්ගේ භාරකාරයා ද වේ. ව්යකවස්ථාදායකයට නියෝජිතයන් තෝරාපත් කරගැනීමට මැතිවරණ පවත්වන අතර එකම පක්ෂයෙන් ඉදිරිපත්වන විවිධ අපේක්ෂකයන් අතුරින් පිරිසක් ජනතා නියෝජිතයන් ලෙස ජනතාව විසින් ව්යඑවස්ථාදායකය වෙත තෝරා පත්කර ගනී. සමාජවාදී පාලනයක් යටතේ කිසිලෙසකින්වත් ජනතා අයිතීන් උල්ලංඝනය නොවන අතර බාධාවකින් තොරව ප්ර ජාත්ත්රීයය පාලනයක් තුළ හිමි විය යුතු සියළු අයිතීන් බුක්තිවිදිය හැක. රාජ්යඅ සේවය හා පොලිස් සේවය ස්වාධින වේ. මාධ්යක නිදහස කිසියම් අධීක්ෂණයකට යටත්ව පවතින්නේ ප්ර්තිගාමී අදහස් ජනතාව වෙත යාම වැලැක් වීමටයි. යම් සීමාවක් සහිතව සැමට පෞද්ගලික දේපල ප්ර මාණයක්  හිමිව පවතී. ආර්ථික යාන්ත්රමණය රජය විසින් ක්රි යාත්මක කරවන බැවින් නිෂ්පාදන ආයතන සියල්ලම පාහේ රාජ්ය  ආයතන වේ. සැමවිටම ජනතාවට හිමිවිය යුතු පොදු වරප්රකසාද සැමට සමානව හිමිකර දෙන අතර පුද්ගලයා සතු වෘත්තීයමය හා අධ්යායපන සුදුසුකම් මත හිමි වන රැුකියාව අනුව වැටුප් හා අනෙකුත් වරප්රවසාද තීරණය වේ. මෙහි ගොඩනැගුනු සංස්කෘතිය වික්ටර් අයිවන් විසින් අභාෂ කොටගෙන තිබිණ


සම සමාජ පක්ෂය තුළ තිබූ දේශපාලන සංස්කෘතින්
 2010 දෙසැම්බර් 18 වැනි දිනට මෙරට පැරැුණිතම පක්ෂ ය වන ලංකා සමසමාජ පක්ෂතය ආරම්භ කර වසර 75 ක් වේ. මෙරට පැරැුණිතම වාමාංශික පක්ෂසය ද ලංකා සමසමාජ පක්ෂරය වන අතර, ලංකාවේ කොමියුනිස්ට් පක්ෂමය හා මහජන එක්සත් පෙරමුණ ද පිහිටුවා ඇත්තේ එයින් කැඞී වෙන් වී ගිය කොටස් විසිනි.

මෙරට නිර්ධන පංති ජනතාව පුබුදුවා, ඔවුන් සමාජවාදය කරා මෙහෙය වූයේ ලංකා සමසමාජ පක්ෂ යෙන් ආරම්භ වූ මෙරට වාමාංශිකයන් විසිනි. එමෙන්ම මෙරට වාමාංශිකයෝ ලංකාවේ ප්රෂබල වෘත්තීය සමිති ව්යාවපාරයක් ගොඩනැඟීමට ද සමත් වූහ. 1953 වාමාංශිකයන් මෙහෙයවූ හර්තාලය එකල ප්රීබලව පැවැති එක්සත් ජාතික පක්ෂ  රජය මෙල්ල කොට පොදු ජනතාවට යම් සහන ලබා දීමට සමත් විය. එමෙන්ම එය 1956 ජනතා ජයග්ර හණය සඳහා පදනම සකස් කළ බවට ද අර්ථකථනය කොට ඇත.මෙරට ලංකා සමසමාජ පක්ෂායේ නිර්මාතෘ පිලිප් 1935 දෙසැම්බර් 18 දින ලංකා සමසමාජ පක්ෂ ය පිහිටුවූයේ මෙරටට පූර්ණ නිදහස ලබාගැනීම සහ ලංකාවේ සමාජවාදය ස්ථාපිත කිරීම අරමුණු කොටගත් පුළුල් වූ ප්රිජාතන්ත්රේවාදී පක්ෂවයක් ලෙසිනි.

ජනතා විමුක්ති පෙරමුණ තුළ තිබූ දේශපාලන සංස්කෘතින්
ජනතා විමුක්ති පෙරමුණ ලාංකේය දේශපාලන ක්ෂේත‍්‍රය  තුළ සුවිශේෂී සටහන් තැබූ පක්ෂයකි. 1965 මැයි මස 14 වන වෙසක් පොහෝ දින ගාල්ල අක්මීමන දී පක්ෂය ආරම්භ කිරීමේ සාකච්ඡුාව පවත්වන ලදී.පක්ෂයේ නිර්මාතෘ වූයේ රෝහණ විජේවීර මහතාය.අක්මීමන සාකච්ඡුාව සඳහා හත්දෙනෙක් සහභාගී විය. ජවිපෙ ආරම්භ කිරීමේ අරමුණු වූයේ ලංකාවේ නිර්ධන පන්තියට රාජ්යනබලය දිනා ගැනීමටය. ජවිපෙ බිහිවීම සදහා බලපාන ලද හේතූන් වූයේ පැරණි වමේ ව්යානපාරය සමසමාජ හා කොමියුනිස්ට් පක්ෂ ආණ්ඩුව සමග එකතුවීම, චීන සෝවියට් මතභේදය, රෝහණ විජෙවීරගේ මැදිහත්වීමද මේ සඳහා බලපාන ලදී. මේ කාල සීමාව තුළ ලංකා කොමියුනිස්ට් පක්ෂය චීන පිල හා රුසියානු පිල වශයෙන් දෙකට බෙදී තිබුනු අතර රෝහණ විජේවීර මහතා චීන පිලේ මතය පිළිගනිමින් එය නිවැරදිව ක‍්‍රියාත්මක කිරීමට උත්සාහ කරන ලදී


මා වෝවාදය
චීන-සෝවියට් බෙදීම (1960-1989* යනු, සීතල යුද්ධය අතරතුර, චීන මහජන සමූහාණ්ඩුව සහ සෝවියට් සමාජවාදී සමූහාණ්ඩු සංගමය අතර දේශපාලන සහ මතවාදීය සම්බන්ධතාවයන් නරක අතට හැරීමයි. 1960 ගණන් වලදී, ලෝකයේ විශාලතම කොමියුනිස්ට් රාජ්යවයන් වූයේ, චීනය සහ සෝවියට් සංගමය විය. මෙම මතවාදී අපසරණය ව්යුතත්පන්න වූයේ, චීන හා රුසියානු ජාතික අභිරුචියන් තුලින් සහ, රජයනයන් විසින් මාක්ස්වාදය අර්ථ නිරූපණය කළ, පිළිවෙලින් මාවෝවාදය සහ මාක්ස්වාදය-ලෙනින්වාදය නම්වූ, ස්වකීයවූ ආකාරයන් නිසාය.1950 ගණන් සහ 1960 ගණන් වලදී, රුසියානු සහ චීන කොමියුනිස්ට් පක්ෂ අතර මතවාදී විවාදය අතරතුර, ධනවාදී බටහිර හා සමගින් සාමකාමී සහජීවනයෙහි පැවතීමෙහි හැකියාවද සලකා බැලිනි.මා  ඕ සේතුං කියා තිබෙන්නේ වළක වැටීමත් මොළයට ලාභයක් බවය. එහෙත් වළක වැටීම මොළයට ලාභයක්වන්නේ වළට වැටුණු මිනිසාට මොළයක් තිබෙන්නේ නම් පමණය. මොළයක් නැති විට ඉන් ඉගෙනගත හැකි පාඩමක් නැත.මෙහි කියැවෙන දේශපාලන සංස්කෘතිය වික්ටර් අයිවන් අවස්ථාවකල තම නිර්මාණ සඳහා යොදා ඇත



චේ ග්වේරාවාදය
පසු කාලීනව ලොව පුරා නොයෙක් සංස්කෘතීන් එක් කරමින් අරගලය වෙනුවෙන් සටන්වැදි එරන්ඞ්වෝ චේගුවේා (චේ* ආර්ජන්ටිනාවේ මාක්ස්වාදි විප්ලවවාදියෙක් , දේශපාලඥයෙක් රචකයෙක්, මුදාමතවාදීයෙක්, වෛද්ය්වරයෙක් මෙන්ම, ගරිල්ලානායකයෙක් ද විය.20 වෙනි සියවසේ ජනතාවට සුවිසල බලපෑමක් හා ආකර්ශනයක් ඇතිකල දේශපාලන ප්රීතිරූපය චේ ගුවෙරාය ඔහු විප්ලවීය අරගලයන් වෙනුවෙන් සටන් වැදීම පිළිබඳව ඔහුටම ආවේනික දේශපාලන සංස්කෘතියක් සකස් කරගෙන තිබිණ ඔහු ලද අත්දැකිම් නිරික්ෂණය අනුව මෙම දුප්පත්කමට සහ එම ප්ශාදේශයේ සමානාත්මතවයක් නැතිවීමට හේතු ලෙස ධනවාදය, නවධනවාදය හා අධිරාජ්යවාදය දුටුවේය. මෙම තත්ත්වය වෙනස් කිරිමට එකම ක‍්‍රමය ලෝක විප්ලවයක් බව ඔහු විශ්වාස කළේය.මෙම විශ්වාසය නිසා ඔහු ගෝතමාලානි සමජ විප්ලපවයට, ජනාධිපති ජාකොමෝ අර්මෙන්ඞ් ගුස්මේන් යටතේ සම්බන්ධ විය. මෙම ජනපති ඇමේරිකාවේ ක්‍ෂ් සහය ඇතිව බලයෙන් පහ කෙරැුනු අතර, මින් ගුවේරාගේ විප්ලවකාරි දෘෂ්ටිවාදය තවත් ශක්තිමත් විය.මෙම අත්දැකීම්ද සමගින් එතුමා ඉදිරිපත් කළ දේශපාලන සංස්කෘතිය ආභාෂය කරගන්නට වික්ටර් අයිවන් සමත් විය


ලිබරල්වාදය

ලිබරල් යන්නෙහි සරල අර්ථය වන්නේ ‘නිදහස‘ යන්න ය. ඒ අනුව ලිබරල්වාදය යනු නිදහස අගය කරන්නා වූ දේශපාලන හා ආර්ථික මතවාදයක් ලෙස පෙන්වා දිය හැක. 18 සියවසේ ආරම්භයත් සමඟ යුරෝපය පුරා හමාගිය කාර්මිකකරණයේ සුළං ප්ර වාහය දේශපාලන හා ආර්ථික මතවාදයන් රැුසක මූලාරම්භයට දායක වූ ආසන්නතම සාධකය විය. ඒ අනුව කාර්මික විප්ලවයත් සමඟ ඇතිවු ආර්ථික දර්ශනයක් වූ ‘ධනවාදයේ‘ (ක්‍්චසඒකසිප* දේශපාලන මුහුණුවර ලෙස ”ලිබරල්වාදය” හඳුන්වා දිය හැක.
කෙසේ වෙතත් පුද්ගල නිදහස පිළිබඳ අදහස් මුල්වරට ඉදිරිපත් කරනු ලැබෙන්නේ ලිබරල්වාදය ඉදිරිපත්වීමට සියවස් ගණනාවකට පෙරදී ය. ඒ ග්රී්ක යුගයේදී ය. ප්ලේටෝ, ඇරිස්ටෝටල් වැනි දාර්ශනිකයන් පුද්ගල නිදහස පිලිබඳ අර්ථ දැක්වූවෝ වෙති. 18 වන සියවසේදී මුල්වරට ලිබරල්වාදී අදහස් ඉදිරිපත්වීමට අඩිතාලම දැමූවකු ලෙස සමාජ සම්මුතිවාදී චින්තකයකු වන ජෝන් ලොක් පෙන්වාදිය හැක. ‘රාජ්යවයයේ පදනම මහජනයා වේ‘ ය යන්න ලිබරල්වාදයේ මූලික සංකල්පයකි. මෙම මතය බිහිවීමට බලපෑ ප්රාධානතම සාධකයක් වන්නේ තත්කාලීන යුරෝපය තුල රාජ්යකත්වය හා ව්ය වස්ථාදායකය අතර වූ ගැටුමයි. (බ්රිනතාන්යු කිරීටය හා පාර්ලිමේනතුව අතර පාලන බලය හිමිවිය යුත්තේ කවරකුට ද යන ගැටළුව මීට හොඳම නිදසුන යි.* මේ අනුව පාලනයේ වගකීම රාජ්යබත්වයෙන් නිදහස්ව මහජන නියෝජිතයන් වෙත හිමිවිය යුතුය යන මතය ලිබරල් චින්තනය වර්ධනයට දායක විය. මෙහි ආභාෂයද වික්ටර් අයිවන් සිය නිර්මාණකරනයට යොදාගෙන ඇත



No comments:

Post a Comment

Special Cultural Traditions of the Sinhala Hindu New Year in Sri Lanka

  Special Cultural Traditions of the Sinhala Hindu New Year in Sri Lanka. The "Sinhala Hindu New Year" is one of the most import...