නිදහස් ශ‍්‍රී ලංකාවේ පළමු අගමැති ඞී. එස්. සේනානායක ශ‍්‍රීමතාණන්
අප ලද නිදහස මල් බන්දේසියක තබා ලබාදුන් නිදහසක් නොවේ. එය ජීවිත පරිත්‍යාගයෙන්
අනේකවාර වූ කැපකිරීම් තුළින් ලබාගත් නිදහසකි. එයට පෞඩ ඉතිහාසයක් ඇත. එම ඉතිහාසය පිළිබඳව
සලකා බැලීමේදී නිදහසේ නියමුවානන් ලෙස ප‍්‍රබල මෙහෙයක් නිදහස වෙනුවෙන් ඉටුකළ ග්‍රේෂ්ඨ
නායකයකු ලෙස ඞී.එස්. සේනානායකයන් හඳුන්වාදිය හැකියි. එතුමානන් 1918 දී ලංකා ජාතික සංගමයට
ආරම්භ දෙමින් අත්පොත් තැබූ නිදහස් සටන ජයග‍්‍රහණය
දක්වාම ඒකායන වූ ධෛර්යෙයන් හෙබවූ අතර එහි ප‍්‍රතිඵලයක් ලෙස 1948 පෙබරවාරි 04 මහජන ස්වාධීන රාජ්‍යක්
ලෙස ඉදිරියට එන්නට අපට හැකියාව ලැබිණි. එතුමන් සිංහල ජාතිය වෙනුවෙන් කළ උදාර මෙහෙය
පිළිබඳ විමසා බැලීම මෙවර නිදහස් දිනයේදී එතුමන්ට කරන ගෞරවයක් ලෙස සැලකිය හැක.
1884 ඔක්තෝම්බර් මස 20 වන දින මීරිගමට නුදුරු
බෝතල් ප‍්‍රදේශයේදී උපත ලද මෙතුමා දොන් ස්ටෙපර් සේනානායක මැතිඳුන් හා කැතරින් එලිසබෙත්
ගුණසේකර මැතිණියගේ තුන්වන පුත‍්‍රයායි. නමින් දොන් ස්ටීවන් සේනානායක වන මෙතුමා 1890 ශාන්ත තෝමස් විදුහලින්
අධ්‍යාපනය ලබයි. ඉන් පසුව ඔහුගේ සිත ඇදී ඇත්තේ වැවිලි කර්මාන්තයටයි. ඔහු 1910 දී එමිල් මෝඞ් දුනුවිල
කුමාරිහාමි සමඟ අතිනත ගත් අතර 1911 ජුනි 19 ඔහුගේ පළමු පුත්
ඩඞ්ලි ෂෙල්ටන් සේනානායක උපත ලැබීය. මෙකල ඞී.එස්. සේනානායක මහතාගේ වැඩිමල් සොයුරු අධිනීතීඥ
එෆ්.ආර්. සේනානායකයන් විසින් ඉංග‍්‍රීසි අධිරාජ්‍යටත්, රට පුරා තැබෑරුම් පිහිටුවීමටත් එරෙහිව ආරම්භකර තිබූ
ජාතික ව්‍යාපාරයට නායකත්වය දෙමින් සිටියේය. සොයුරාගේ ආරාධනයෙන් ඞී.එස්. සේනානායක මහතාටද
ජාතික ව්‍යාපාරයේ කටයුතුවලට සහභාගිවීමෙන් ක‍්‍රියාකාරී දේශපාලනයට අත්පොත් තබන්නට හැකියාව
ලැබිණි.
ඉන්පසු 1912 දි නාපිටිගම කෝරලයේ අමධ්‍යප ව්‍යාපාරය ආරම්භයත් සමඟ මොවුන් දෙදෙනා එහිද නායකත්වය
ගත්තේය. බි‍්‍රතාන්‍ය අධිරා්‍යයන්ගෙන් පීඩිත වූ ශ්‍රී ලාංකික ජනතාවගේ හඬ යළිත් අවධි
කරවන්නට මූල බීජයක් වූ මෙම ව්‍යාපාර වල දේශපේ‍්‍රමි නායකයන් බි‍්‍රතාන්‍යන්ට බාධාවක්
බවට පත්වී තිබිණි. එම නිසා එම නායකයන් වැළැක්වීමට උපක‍්‍රමයක් ලෙස 1915 සිංහල මුස්ලිම් කෝලහාලය
ඇතිවිය. එය දඩමීමා කරගත් ආණ්ඩුව විසින් එවකට
නිදහස් අරගලයේ නායකත්වය ගෙන කටයුතු කල එෆ්.ආර්. සේනානායක, ඞී.එස්. සේනානායක, දොස්තර සී.ඒ. හේවාවිතාරණ
වැනි අය සිරභාරයට ගන්නා ලදි. එහෙත් එෆ්.ආර්. සේනානායක, අධිනීතීඥ ඊ.ඩබ්. පෙරේරා.
සර් පොන්නම්බලම් රාමනාදන් වැනි අයගේ අප‍්‍රතිහත ධෛර්යය නිසා ජාතික නායකයන්ගේ නිර්දේෂි
බව අධිරාජ්‍යවාදී ආණ්ඩුව හමුවේ පෙන්වාදී නායකයන් නිදහස් කර ගන්නට හැකියාව ලැබිණි.
මෙම සිද්ධියත් සමඟ යළි පණ ලැබූ සුදු අධිරාජ්‍යයට එරෙහිව සටන නව ජවයකින් යුතුව
තීව‍්‍ර කිරීමට 1918 දී එෆ්.ආර්. සේනානායක හා ඞී.එස්. සේනානායක නායකයන්ගේ මූලිකත්වයෙන් ‘‘ලංකා ජාතික
සංගමය’’ ආරම්භ කෙරිණි.
මෙම සංගමයට බි‍්‍රතාන්‍යන්ගේ දරදඬු ක‍්‍රියාකලාපය පාලනය කරමින් ප‍්‍රජාතන්ත‍්‍රවාදී
පාලනයක් කෙරේ සිත් යොමු කරවීමට හැකියාව ලැබිණි. මහාමාන්‍ය ඞී.එස්. සේනානායකයන් 1924 දී මීගමුව ආසනය නියෝජනය
කරමින් ව්‍යවස්ථාදායක සභාවට නිතරගයෙන් පත්විය. නැවත 1931 මිනුවන්ගොඩ මන්ත‍්‍රීවරයා
ලෙස රාජ්‍ය මන්ත‍්‍රණ සභාවට තේරි පත්විය. ඔහු පසුව ඉඩම් හා කෘෂිකර්ම අමාත්‍යවරයා ලෙසද
කටයුතු කර ඇත. ඉතාමත් ¥රදර්ශී තියණුු නුවණක් සතු එතුමා කෘෂිකර්මය කෙරේ තමා
තුළ තිබූ දර්ශනය යථාර්තයක් බවට පත්කරන ලදී. එයට කදිම උදාහරණ රාශියකි.
මිනිපේ, මින්නේරිය,
ගල් ඔය, පදවිය, තබ්බෝව, තිස්ස, යෝධවැව ආදි ජල යෝජනාක‍්‍රම
ප‍්‍රතිසංස්කරණය කර තබ්බෝව, කාගම, මිනිපේ, පරාක‍්‍රම සමුද්‍රය, හුරුළුවැව, ගල්ඔය, උඩවලව, ඉඟිනියාගල වැනි මහා
පරිමාණ ජල යෝජනා ක‍්‍රම ඇති කරලීම එයට උදාහරණ වේ. එතුළින් පාසලක, මහියංගනය වැනි නව
නගර ඇතිවිය. ග‍්‍රාමිය ස්වයංපෝෂිත ආර්ථික ක‍්‍රමයක් බිහිවීමේ අඩිතාලම වූයේ මෙතුමායි.
මෙම ¥රදර්ශි කතා නොවන්නට ඉතිහිසය පවාද වෙනස්වී යා හැකිව තිබුණි.
1924 දී ප‍්‍රථමවරට පත්කරගත්
ව්‍යවස්ථාදායක සභාවට පත්වූ ඞී.එස්. සේනානායක මහතා එහි ඉතා ක‍්‍රියාකාරී සාමාජිකයකු
විය. යටත් විජිතව තිබූ ආසියාතික රටවලින් සර්වජන ඡුන්දබලය ලද ප‍්‍රථම රට බවට පත් වීමට
ශ්‍රී ලංකාවට හැකිවූයේ ඞී.එස්. සේනානායක මහතාගේ දේශපාලන මැදිහත්වීම තුළය. ශ්‍රී ලංකා
ජාතික සංගමයේ විවිධ මතවාද හේතුවෙන් විවිධ පුද්ගලයන් සංගමය හැරයාම නිසා නැවතත් දේශපාලන
ශක්තිමත් කරවීමට ව්‍යාපාරයක අවශ්‍යතාව මතුවිය. පසුව එවකට තිබූ සිංහල මහා සභාව, ද්‍රවිධ සංගමය, බර්ගර් ලීගය, මුස්ලිම් ලීගය, මැලේ සංගමය ආදී සියල්ල
එකතුකර 1946 සැප්තැම්බර් 06 දින ඞී.එස්. සේනානායකයන් විසින් එක්සත් ජාතික පක්ෂය
බිහිකරන ලදි. එම පක්ෂයේ නිර්මාතෘ මෙන්ම පළමු සභාපතිවරයාද ඔහුයි. එදින කොල්ලූපිටිය නාමිකොට්
මන්දිරයේදී රැුස්වසිටි පිරිස අමතනු ලැබුයේ එතුමා විසිනි. එහිදී ශ්‍රී ලංකාව තුළ ජීවත්වන
සියලූ ජාතීන් අතර සමගියේ වැදගත්කම හහා අවශ්‍යතාව අවදාරණය කරන ලදි.
‘‘නිදහස් අරගලය’’ වෙනුවෙන්
ඞී.එස්. සේනානායක මහතා ඇතුළු පිරිස කරන ලද කැපකිරීම 1947 ජුනි 03 දින මල්ඵල දැරීය.
යටත් විජිත කාර්ය්‍යංශය විසින් ශ්‍රී ලංකාවට ස්වාධීන පාලනයක් පිරිනමන බව එදින ප‍්‍රකාශ
කරන ලදී. 1947 ඞී.එස්. සේනානායකයන් ලංකාවේ ප‍්‍රථම අග‍්‍රාමාත්‍යවරයා ලෙස වැඩ භාරගත් අතර
1947 නොවැම්බර් 21 දින බ‍්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේදී ‘‘ලංකා ස්වාධීනතා පනත’’ සම්මත විය. 1947 දෙසැම්බර් 10 දින ලංකා ස්වාධීනතා
පනත එංගලන්ත රජු විසින් මුද්‍රාව තැබීමෙන් අනතුරුව 1948 පෙබරවාරි 04 දින ලංකාවට නිදහස
ලැබුණි. එදින කොළඹ නිදහස් චතුරස‍්‍රයේදී ඞී.එස්. සේනානායක මහතා විසින් 1815 සිට ශතවර්ෂයකටත්
අධික කාලයක් ශ්‍රී ලංකාව යටතේ කර සිටි බි‍්‍රතාන්‍ය අධිරා්‍ය ධූරය බිම හෙලා ලංකා ධජය
නැවත ගුවන් තලයේ එසවිමෙන් අනතුරුව ජාතිය අමතා තම කටහඬ අවධි කළේය.
මෙවන් වූ අරගලයක් තුළින් දැඩි කැපකිරීමෙන් සිංහලය බේරා ගැනීමට දායකවූ පෞඩ නායකයකු
ලෙස ඞී.එස්. සේනානායක මහතා පිළිබඳ ආඩම්බරයෙන් අදටත් අවට කතාකල හැක. එතුමා නිදහස් සටන
මෙන්ම, නිදහස් අධ්‍යාපනය ඇති කිරීම, ඞී.ඩබ්.ඩබ්. කන්නංගර මහතාගේ
ප‍්‍රධානත්වයෙන් නොමිලේ අධ්‍යාපනය ලබා දීම ආරම්භය, පේරාදෙණිය විශ්ව විද්‍යාලය
ඇති කිරීම, කොළඹ වරාය ඉදිිකරීම පොදු රාජ්‍ය මන්ඩල සාමාජිකත්වය ලංකාවට ලැබීම වැනි විශාල
මෙහෙයක්ද කර ඇත.
ප‍්‍රඥාවන්තවුත් ධෛර්යයසම්බන්න වුත් මෙම ශ්‍රේෂ්ඨ නායකයා 1952 මාර්තු 22 ජාතියෙන් සමුගන්නා
ලදි. ඔහු එදා අද මෙන්ම හෙටත් සිරිලක්දිව තුළ නොමියෙන පෞඩත්වයේ සංඛේතයක් ලෙස ගරුකල හැකි
නායකයෙකි.
නිර්මාණි
No comments:
Post a Comment