අධිරාජ්‍යයකුට
එරෙහිව නැගී සිටි ජාතියේ නිදහසට කැපවූ වීරවරයෝ............
ජාතියේ නිදහස යනු මිළ කල නොහැකි කැපකිරීම් දායාදහිමි ගණනක ප‍්‍රතිපලයකි. එය
හා බැඳි අතීත කථාව ඒ තරම් රසවත් නොවුනද එම අඳුරු කතිකාවක තුලින් ලද දැහැමි නිදහසේ කතාමැවුවන්ගේ
ජීවිත ගමන පිළිබඳ දැනගැනීම අත්‍යාවශ්‍යය. කැපවූ එම වීරවරයන් පිළිබඳ සටහනකි.
ඔවුන්ටද අපට මෙන්ම සිතුම් පැතුම් ඇති, බැඳීම් ඇති පුද්ගලයන් වුවද නිදහස වෙනුවෙන් තම පෞද්ගලික
ජීවිත පවා කැපකල ඔවුන් දිවිනොතකා කල වෙහෙස අප‍්‍රමාණය. එම ඉතිහාස කතාව මෙලෙස දිග හැරිය
හැකිය.
1815 මාර්තු 07 වන දින මහනුවර මඟුල්
මඩුවේදී ජනතාව ඉදිරියේදී රට පවරා දීමේ ගිවිසුම අත්සන් කරන ලදී. එංගලන්තයේ තුන්වන ජෝර්ජ්
රජු වෙනුවට සර් රොබට් බව‍්‍රන්ග්රි ද අනෙක් පක්‍ෂය උඩරැුටියන් වෙනුවෙන් රදලවරුන්ද එයට
අත්සන් තැබූ අතර ඉංග‍්‍රීසින් විසින් සිංහල කොඩිය බිමහෙලා ඉංග‍්‍රීසි කොඩිය ඔසවන්නට
දෙවරක් සිතුවේ නැත. මෙහිදී පෙරට පැමිණි නිදහස් සටනේ පුරෝගාමියකු වූ වාරියපොළ ශ්‍රී
සුමංගල හිමියන් දිවි නොතකා ඉංග‍්‍රීසි කොඩිය බිමහෙලා පාගා දමා නැවත අප ජාතික කොඩිය
ගුවනේ එසවීමට ක‍්‍රියා කළහ.
එමෙන්ම ඉහගහ හිමි නිදහස් සටනේ පෙරමුණට ජීවය එකතු කළය. සටන්කාමී භික්ෂුවකි. එම
හිමියන් තම භික්ෂුත්වය පවා අතැර ජනතාව අතරට ගොස් සටන් මෙහෙයවන ලදී. මෙකල අදීන සෙන්පති
මොහොට්ටාල විසින් නිදහස් සටනේදී තල්පත්වල, සිංහලේ නායකයන්ට පණිවුඩ යැව්වේ තම ධෛර්යවන්ත බව ප‍්‍රකට
කරමිනි. එම පණිවුඩ තුලා ‘‘පළාත් බොහොමයක් ඇති ඉංග‍්‍රීසින්ට යටත් වී අවසන්. අපි එක්කෝ
හැමෝම එකතුවී සටන් කොට ඉංග‍්‍රීසින් පලවා හරිමු. නැතහොත් අපි සියළු දෙනා වස බී මිය
යමු.’’ ආදී පණිවුඩ තිබිණි.
බූටාවේ රටේ රාළද නිදහස් සටනේ ප‍්‍රබල වීරයෙකි. ඔහු ඉංග‍්‍රීසි සේනාවට නොබියව
මුහුණ දුන් අභීත රණකාමියෙකි. බදුල්ල ඒජන්ත විල්සන් මරා දමන ලද්දේ මොහුගේ අණ පරිදිය.
බි‍්‍රතාන්‍යට පක්‍ෂව කටයුතු කළ උඩුනුවර කාහල වත්පේගේ ගෙය ගිනි තැබීම හා හීන් දෙනියේ
ඩිංගිරි අප්පුගේ හිස ගසා දැමීමේ වරදට ඊදියගම කළුබන්ඩාට 1818 මැයි 31 දින හසි ගසා දැමීමට
තීරණය කරන ලදී. නමුත් ඔහු වසබී මියගිය බව සඳහන් වේ.
සිංහල සටන් පෙරමුණේ අසහාය නායකයා ඇහැලේපොළ මහ නිලමේට සිංහල ඔත්තුකරුවන්ගේ මඟපෙන්වීම
අනුව අත්අඩංගුවට ගෙන යුද්ධාධිකරණය විසින් මරණ දඬුවම බෝගම්බර පිටියේදී ක‍්‍රියාත්මක
විය. නමුත් ඔහුගේ රණකාමිත්වය, චිත්ත ධෛර්ය මැනවින් සනිටුහන් කල ඓතිහාසික සිද්ධියක්
මෙහිදී සිදුවිය. එනම් පළමු කඩු පහරින් හිස කඳින් වෙන් නොවූ අතර සිදුවූයේ කඩුව දෙකඩවීමය.
පසුව වෙනත් කඩුවක් පෙන්වා එතුමාගේ හිස ගසා දැමීය.
1818 ඔක්තෝම්බර් 28 දේශ ද්‍රෝහි නිවටයකුගේ
ඔත්තුවක් මත සිංහලේ පළමු නිදහස් සටනේ සෙන්පතියාවත් මොනරවිල කැප්පෙටිපල හා පිළිමතලාවේ
නිලමේ අත්අඩංගුවට පත්විය. මඩුගල්ල නිලමේ පලා ගියද පසුව අල්ලා ගන්නා ලදී. මෙකල දළඳා
කරඬුව රෙදිකඩයකින් ඔතා ආරක්‍ෂා කර ගැනීමට වාරියගම හිමි කටයුතු කර ඇත. එම හිමිද අත්අඩංගුවට
පත් ඉංග‍්‍රීසින් යාපනය කොටුවට පිටුවහල් කර ඇත. සෙන්පති කැප්පෙටිපලත්, මඩුගල්ලේටත් යුද්ධාධිකරණ
මඟින් මරණ දඬුවම ලබාදුන්නේ නොවැම්බර් 26 දින උදේ 8 ට බෝගම්බර වැව අසල වධක භූමියකදීය. ඔවුන් මරණයට ප‍්‍රථම
දළඳා හාමුදුරුවන් වහන්සේ වැඳ පුදාගත් අතර පසුව එම රුධිරය හලමින් සිංහල සටන් පෙරමුණේ
අවසානය සනිටුහන් කරන ලදී.
සිංහල පෙරමුණේ, ඉංග‍්‍රීසින් විසින් නිදහස් වූයේ කිවුල්ගෙදර මොහට්ටාල හා විල්බාවේ යන අයයි.
නමුත් පසුව මොවුන් අල්වා දෙන අයෙකුට වරදාන දෙන බවට ඉංග‍්‍රීසින් දන්වා සිටියහ. පසුව
මුස්ලිම්වරු දෙදෙනකු 18 දින එල්ල මරණු ලැබීය. 1818 පෙබරවාරි සිට සිංහලේ පළමු නිදහස් සටන ආරම්භ වූ අතර
වසරක කාලයක් තුල මෙය මැඩලීමට ඉංග‍්‍රීසින්ට හැකිවිය. මෙම සටනේ සිටි දෙවනපෙළ සිංහල වීරෝදාර
විරුවන් ලෙස, අංගමුව මොහොට්ටාල,
කැටකැල මොහොට්ටාල, දෙමෝදර මොහොට්ටාල, කිරිබත්කුඹුර මොහොට්ටාල ඇතුලූ
පිරිස ගතහැකිය.
පළමු නිදහස් අරගලයෙන් පස් වසරකට පසු නැවත සිංහල ජනතාව 1832 දෙවන නිදහස් සටන
ආරම්භ කළහ. එයට මුල් වූයේ කහවත්තේ හිමියන්ය. ඉන්පසුව එම සටනට මුල් වූයේ චන්ද්‍රජෝති
සීලවංශ සරණංකර හිමිපාණන්ය. එම හිමියෝද වසර 14 ක බරපතල වැඩ සහිතව සිරභාරයට ගන්නා ලදී. 1848 අග‍්‍රාණ්ඩුකාර ටොරින්ටන්
සාමි විසින් නව බදු ක‍්‍රමය හඳුන්වා දීම සමඟ රටපුරා කෝලාහල වැඩිවන්නට විය. මෙයට විරුද්ධව
මාතලෙත් සටන් ආරම්භ විය. එම මෙහෙය වූයේ වීර පුරන් අප්පු, කරෝ අප්පු, දීනිස් වැනි වීරවරයෝය.
මෙකල දඹුල්ලේ පැවති රාජසෂේතයේදී ගොංගාලේගොඩ බණ්ඩා සිංහල රජු ලෙස දිව්රුම් දී ඇත. මේ
සියල්ල සිදුවූයේ හිරත්තේගම ඉන්ද්‍රජෝති හිමිගේ ප‍්‍රධානත්වයෙනි.
මෙකල සිංහල පොදු ජනයා වෙනුවෙන් සටන් බිමට ආ නායක විදිගල්ලේ බණ්ඩාරගේ සිරුර දින
4 ක් කුරුණෑගලදී ගසල එල්ලා තැබීමට ඉංග‍්‍රීසින් තීරණය කර ඇත.
පුරං අප්පු, ගොංගාලේගොඩ බණ්ඩා රජු පිළිබඳ තොරතුරු අසා දැනගැනීමට ඉංග‍්‍රීසින් මීලඟට අල්ලා
ගත්තේ නිදහස් සටනේ පුරෝගාමියෙකු වූ කුඩාගල හිමියනුයි. ඒ හිමි තම ශ්‍රේෂ්ඨත්වය, සෘජු බව, අවංක බව, ධෛර්ය, පසක් කරමින් වචනයකුදු
ඉංග‍්‍රීසින්ට නොකියවූ අතර ඒකායන අරමුණ වූයේ ජාතියේ නිදහසම පමණි. එම හේතුවෙන් ඉංග‍්‍රීසින්
කුඩාපොල හිමි වෙඩි තබා ඝාතනයක කරන ලදී. ඒ අභීත විරුවාගේ ශ්‍රේෂ්ඨ ලෙස දෙරණ සිපගත්තේ
අප ලද මේ නිදහසට මුල්ගල් තබමිනි.
ඉංග‍්‍රීසින්ගේ රහස් පොරොන්දුවක් මත සිංහලේ සේනාධිනායක වූ පුරං අප්පු අල්ලා
ගන්නට පසුව හැකියාව ලැබිණි. 1848 අගෝස්තු මස 08 වන දින සවස 2 ට සිංහලේ සේනාධිනායකයාණන්
අනෙක් දෙපයෙත් විලංගු සහිතව වෙඩි තබා මරණ ලදී. එමෙන්ම ගොංගාලේගොඩ බණ්ඩා 1849 ජනවාරි 06 දින එල්ලා මරන්නට
තරම් ඉංග‍්‍රීසින් කුරිරු විය. ජාතික නිදහස වෙනුවෙන් අසීමිත කැපකිරීම් කළ ජීවිත දෙකක්
එලෙස අවසන් ගමන් ගියේ පරාජිතව නොව ජයග‍්‍රාහණයක බලාපොරොත්තු ලාංකිකයන්ට පූජා කරවමිනි.
දෙවන නිදහස් සටනේදී සිංහල රණකාමින් දහස්ගණන් මියගියද එකදු ඉංග‍්‍රීසි භටයෙකුවත් මියනොගියේ
අප රටේ ඇතැම් සිංහලයන්ගේ දේශද්‍රෝහී පාවාදීම් නිසා බවද කිව යුතුමය.
මෙවන් වූ අභීත කැප කිරීම් තුලින් තම ජීවිත පවා කැපකර නිදහස් සටන දිනවීමට මුල්වූ
වීරවරයන් සියලූම දෙනා අප පය ගසා සිටින මුළු දෙරණකම මුළු විශ්වයේම ශක්තිය වන්නේය. එය
එදා, අද මෙන්ම හෙටටත් වලංගු සත්‍යකි.
නිර්මාණී
No comments:
Post a Comment