මා දුටු සිත්තම්

Showing posts with label දැනුම පොතට. Show all posts
Showing posts with label දැනුම පොතට. Show all posts

Tuesday, July 31, 2018

සොඳුරු නිවසකට මග කියන පිළිවෙල ......







නිවසක අලංකාරය වැඩි කරවීමට එහි ප‍්‍රමාණය හෝ ඒ සඳහා වියදම් කළ මුදල් ප‍්‍රමාණය කිසිවිටෙකත් බලපෑමක් සිදු නොකරයි. එනම්, කිසියම් නිවසක සොඳුරු බවට, ආකර්ෂණීය  බවට ප‍්‍රධානතම සාධකය වන්නේ නිවසේ පිරිසිදුකම හා පිළිවෙළයි.නිවස කෙතරම් පිරිසිදුවට තබාගන්නට උත්සහ කළ ද එය නිශ්ඵල කාර්යයක් වන බවට ගෘහනියන් නිතර මැසිවිලි නගයි. අද අප ඔබට කියන්නට යන්නේ නිවසක ආකර්ෂණීය බව රඳවා ගැනීමට නිවසක පිරිසිදුකම සහ පිළිවෙළ ක‍්‍රමාණුකූලව සකස් කර ගන්නේ කෙසේද යන්නයි. 

නිවසක් පිළිවෙළට සකස් කිරීමට පෙර මූලිකවම අවධානය යොමු කළ යුතු කරුණු කිහිපයකි. ඔබගේ නිවස ඉඩ කඩ අඩු නිවසක් නම් නිවසේ සුදු වර්ණ සහ ලා වර්ණ ගැල්වීම වඩාත් සුදුසුයි. ඔබගේ නිවසට ක‍්‍රමය යොදන්නේ නම් විසිත්ත කාමරය, කෑම කාමරය, පැන්ටි‍්‍රය වෙන වෙනම නොව විසිත්ත කාමරයේ එක් පසෙකින් කෑම කාමරය, පැන්ටි‍්‍රය පෙනෙන ආකාරයට සකස් කිරීම යෝග්‍යයි. පැන්ටි‍්‍ර කබඞ් යොදන්නේ නම් සිරස් අතට යෙදීම මඟින් නිවසේ උස් බව වැඩිකර පෙන්වීමට එය යෙදිය හැකිය. ඔබට ගෘහ භාණ්ඩ අඩු වශයෙන් භාවිත කිරීමට හැකියාවක් ඇත්නම් එය ද නිවසක පිළිවෙළ මනාව ඔපමට්ටම් කරාවි. එමෙන්ම විදුලි ආලෝකය මෙන්ම හිරු එළිය ක‍්‍රමාණුකූලව වැටීමට සැලැස්වීම මඟින් ඉඩ වැඩිකර පෙන්වීමට මෙන්ම යහපත් වාතාශ‍්‍රයක් ද පවත්වා ගත හැකිය. හැකිතාක් නිවසේ අඳුරු ස්ථාන අවම කිරීම නිවසක ආකර්ෂණීය බව වැඩි දියුණු කරවයි.

නිවස නිතරම පිරිසිදු කිරීමකට ලක් කළ විට එහි දුහුවිලි බැඳීම ද අවම වේ. එමඟින් නිරන්තරව නිවසේ නැවුම් බවක් ද පවත්වා ගත හැකි වේ. එහිදී ද ඔබ විශේෂයෙන් අවධානය යොමු කළ යුතු කරුණු කිහිපයකි. ස්පොන්ජ් එකක් නිවස පිරිසිදු කිරීමට යොදා ගැනීම එතරම් නුවණට හුරු නොවේ. එය මිලියන ගණන් විෂබීජ එකතුවිය හැකි ද්‍රව්‍යක්. මේ සඳහා මොප් එකක් භාවිත කරනවානම් වඩාත් සුදුසු වන්නේ ඒ නිසයි. ජනෙල් පිරිසිදු කිරීමේදී හොඳින් හිරු එළිය වැටී තිබීම ප‍්‍රයෝජනවත්. හොඳින් හිරු එළිය ඇති විට ජනෙල් වීදුරුවල පැල්ලම් පැහැදිලිව පෙනෙන නිසා එකවර දුහුවිලි කුණු හඳුනාගෙන පිරිසිදු කිරීම පහසුයි. නිවස පිරිසිදු කිරීමේදී රබර් ග්ලවුස් දෙකක් භාවිතය අත්වල විෂබීජ තැවරීම වළකාගත හැකි ක‍්‍රමයකි.

 ඒවා පාවිච්චියට පසු කනපිට හරවා සුළෙඟ් වියලීමට ද අමතක නොකරන්න. නිතර තෙත රෙදි කැබලිවලින් ගෘහ භාණ්ඩ මත තැන්පත් වූ දුහුවිලි පිසදැමීම ප‍්‍රයෝජනවත්. ෆැබ්රික් සොෆ්නර් වතුරට මුසුකර මෙලෙස පිරිසිදු කරගත් විට ඉක්මනින් ලී බඩු මත ¥විලි රැුඳීම අවම කිරීමට ද හැකියාව ලැබේ. ඔබ නිවසේ ශීතකරණය පිරිසිදු කළත්, එහි අධිශීතකරණය පිරිසිදු කිරීමට අමතක කළහොත් සිදුවන්නේ ගැටලූකාරී තත්ත්වයකි. අංශක x 18 දී බැක්ටීරියා විනාශ වුව ද නැවත උණුසුම් වනවිට එම බැක්ටීරියා වර්ධනය වීමකට ලක්වේ. මේ නිසා ශීතකරණය ක‍්‍රියා විරහිත කර එහි බඩු බාහිරාදිය ඉවත් කර, තුවායක් වැනි දෙයක් දමා වසා, එක් රාත‍්‍රියක් තබා, පසුව විනාකිරිවලින් ඇතුලත පිස දමා පිරිසිදු කර බැක්ටීරියා විනාශ කිරීමට කටයුතු කරන්න.

නිවසක් සේදීම හෝ වැක්‍යුම් කිරීම නිවස අලංකාර කරගත හැකි හොඳම ක‍්‍රමය නොවුණ ද එමඟින් නිවසට වැඩි එළියක් එක් කරනු ඇත. ඉහත කී පරිදි නිවසේ ගෘහ භාණ්ඩ හා උපකරණ මත බැඳී ඇති ¥විලි ඉවත් කිරීමෙන් නිවස තුළ නැවුම් වාතයට මනා ඉඩක් ද ලැබේ. නිවසේ ඇති අලංකරණ ද්‍රව්‍ය විවිධ ස්ථානවලට මාරු කිරීම මඟින් නිවසට නිතර නැවුම් පෙනුමක් ද ලබාදිය හැකිය. අලංකරණ කටයුතු කිරීමේදී සෑමවිටම එක් කාමරයකට හෝ නිවසේ එක් කොටසකට අවධානය යොමු කිරීම වඩා වැදගත්. කාමරයේ හෝ නිවසේ හිස්තැන් පිරවීමට භාණ්ඩ මිලට ගැනීමෙන් වළකින්න. හොඳින් සැලසුම් කර නිවසක් පමණක් මිලට ගන්න.

එමෙන්ම මධ්‍යස්ත වර්ණ රටා භාවිත කිරීමෙන් නිවසේ කලඑළිය වැඩිකර ගත හැකිය. ඔබට හැකියාවක් ඇත්නම් පැරණි කොට්ට සහ ඇතිරිලි යොදාගෙන නව කුෂන් සකස්  කර ගන්න. නාන කාමරය හෝ වැසිකිළි පිටුපසත් රාක්කයක් සවි කිරීමෙන් වැඩි ඉඩක් සහ පිළිවෙළක් එක්කර ගත හැකිය. නිතර බේකින් සෝඩා සුළු ප‍්‍රමාණයක් දමා මෙට්ට, සෝෆා පිරිසිදු කරන්න. එමඟින් නව පෙනුමකින් ආකර්ෂණීය නිවසක හිමිකරුවකු වන්නට අවස්ථාව ඔබටත් ලැබේවි. ඔබ පාවිච්චි කර අවසන් වුවද යම් උපකරණ හොඳ තත්ත්වයෙන් පවතින්නේ නම්, ඒවා පාවිච්චිය සඳහා කරන අයෙකුට දීම හෝ විකිණීම හෝ එහි පෙනුම වෙනස් කර නැවත භාවිතය යන එක් කටයුත්තක් සිදු කරන්න. නිවසේ තැනින් තැන ගොඩගසා ඇති අනවශ්‍ය උපකරණ ද්‍රව්‍ය ඉවත් කරන්න. ඔබ අකමැති දේවල් ප‍්‍රදර්ශනය අනිවාර්ය නොවේ. එතරම් වටිනාකමක් නැති කිසියම් සැරසිල්ලක් නිවසේ ඇත්නම් (සිහිවටනයක් / වීසි නොකළ යුතු යමක් හැර* එය එතනින් ඉවත් කරන්නට මැලි නොවන්න. නිවසට හොඳින් ආලෝකය ලැබීමට ඉඩ හැරීම ද වඩා යෝග්‍යයි.

 
මෙලෙස නිතරම නිවසේ මේස මත පවා අවශ්‍ය දේ පමණක් තබා අනවශ්‍ය දෑ බැහැර කිරීමට වග බලා ගන්න. වහලය පිළිබඳව ද සැලකිලිමත් විය යුතුය. නිතර නිතරම පිරිසිදු කිරීම මඟින් වෙහෙසකර පිරිසිදු කිරීමක් සඳහා කාලය වැය වීම ද සිදු නොවේ. එමෙන්ම නිවස ඇතුලත මෙන් පිටත ද වඩාත් පිරිසිදුවට පිළිවෙළට තබා ගැනීම යෝග්‍ය වේ. එමඟින් වඩාත් ආකර්ෂණීය නිවසක් ලබා ගැනීමට ඔබටත් හැකියාව ලැබෙනු ඇත. එය ඔබගේ කායික මෙන්ම මානසික සුවතාවයට ද මහඟු පිටිවහලක් වනු නියතයි.

නිර්මාණී බී. කොළඹගේ

ඉතිරි කිරීමින් ජීවිතය ජයගන්න තරුණ වයසේම හුරුවෙමු







කුඩා කළ පටන්ම සතෙන් සතේ සකසුරුවමින් ඉතිරි කිරීමට යොමුවුණු ඔබට තරුණ වයසේදීම නිසි කළමණාකාරිත්වයෙන් යුතුව සකසුරුවමට හුරුවීමට හැකිනම් ඔබගේ අනාගතය සාර්ථක කර ගැනීමට හැකිවනවා නොඅනුමානය. තරුණ වයසේ පටන් ඔබට ඔබගේ අනාගතය සැලසුම් කරන්නට හැකිනම් ඒ සඳහා ක‍්‍රමානුකූල වැඩ පිළිවෙළක්ද සකස් කළ යුතුය. සකසුරුවම යනු මුදල් පමණක්ම නොවේ. ඔබ භාවිතා කරන සියල්ලන්ම පාහේ මෙම සකසුරුවමට යටත්වේ. ඒවා සියල්ල නිසි පාලනයකින් සිදු කරන්නේ නම් ඔබගේ ජීවිතයේ සාර්ථක බව වැඩි ඈතක නොවේ.

ශ්‍රී ලාංකිකයින් බොහෝමයක් තමන් උපයන මුදලින් සතයක් හෝ ඉතිරි කිරීම සිදු නොකරයි. නමුත් හදිසි අවස්ථාවක් වූ විට මුදල් අත්‍යවශය මොහොතක ඔබට එහි අවශ්‍යතාව තදින්ම දැනෙන්නට පටන් ගනී. අද ඔබ සකසුරුවමින් ඉතිරි කරන මුදල තවත් වසර 20 කින් භාවිතයට ගත හැකි පරිදි ආයෝජනය කරන්න. තරුණ ඔබ රැුකියාවක් භාර ගැනීමේදී එහි පිළිබඳව අවධානය යොමු කරන්න. ලංකාවේ දැනට පවතින නීතියට අනුව ආයතනය මගින් ඔබගේ මාසික චේතනයෙන් 12%ක් ෑඡුත්‍ලෙසද 3%ක්  ලෙසද ගෙවිය යුතුය. ඔබ විසින් තවත් 8%ක් ෑඡුත්‍ ලෙස ගෙවිය යුතුය. එනම් ඔබගේ මාසික වේතනයෙන් 23%ක් පමණ මාසිකව ඉතිරි වේ. ඔබගේ මාසික වේතනය රුපියල් 30,000ක් නම් රුපියල් 6900ක් මාසිකව නොදැනුවත්වම ඉතිරි වේ. ඔබගේ වැටුපෙන් 23%ක් යනු කොපමණදැයි දැන් ඔබට ගණනය කරගනු හැකිය.

 අනිත් වැදගත් ප‍්‍රතිලාභයක් ලෙස ටර්එමසඑහ නම් කළ හැකිය. ඔබ වසර 5ක් එකම ආයතනයක සේවය කළහොත් ඔබ එයින් ඉවත්වී යන දිනයට මාසික වැටුපෙන් භාගයක් ඔබ සේවය කළ වසර ගණනට හිමිවේ. ඔබගේ මාසික වැටුප රුපියල් 30000ක් නම්, මාස භාගයක වැටුප රුපියල් 15,000කි. එනම් ඔබ සේවය කළ වසර 5ට රුපියල් 75000ක් නොදැනුවත්වම ඔබට හිමිවේ. වසර 10ක් සේවය කළහොත් රු. 150,000ක් ඔබට හිමිවේ. එනිසා නිසි සකසුරුවමක් සහිත පුද්ගලයකු ලෙස තරුණ කළ පටන් රැුකියාවක් තෝරා ගැනීමේදී ෑඡුත්‍ල ෑඔත්‍ පිළිබඳව සැළකිලිමත් වන්න.

එමෙන්ම තරුණ ඔබ සිදු කරන විශාල වැරැුද්දක් නම් ක්‍රුාසඑ මගින් භාණ්ඩ මිළට ගැනීමේදී නාස්තිය අධික වීමයි. මිතුරු වෙසින් සිටියද ඔබටත් නොදැනිම ඔබට සතුරු වන ප‍්‍රධාන බලවේගයක් ලෙස ක්‍රුාසඑ ජ්රා හඳුන්වනු හැකියි. ඔබට යමක් මිළට ගන්න සිතුණුවිට එය මගින් මිළට නොගෙන, මුදල් අතැති මොහොතක පමණක් එය මිළට ගැනීමට යන්න. ඔබ මගින් ලබාගත් ණය මුදල් ගෙවීමට නොහැකි වුවහොත් ඒ සඳහා පොළියක් සමඟ ,ඛ්එැ ච්හපැබඑ ෙැැ, ගෙවීමටද ඔබට සිදුවේ.

ලාභය යනු අඩුම මිළ නොවන බවද තරුණ ඔබ මතක තබාගත යුතු දෙයකි. කළකට පෙර රුපියල් 800ක් ගෙවා අඩු මුදලට කාර්යාලයට යාමට ලබාගත් සපත්තු ජෝඩුව මාස 7 කින් කැඩෙනවා නම් යළිත් එය රුපියල් 800ක් දී ලබා ගන්නට ඔබට සිදුවේවි. නැවතත් මාස 7 කින් එය කැඩුණු විට යළිත් රු. 800ක් ගෙවා එය මිළට ගන්නට ඔබට සිදුවේවි. එනම් අඩු කාලයක් තුළ වැඩි මුදලක් වැඩි වාරයක් අඩු මුදලට ලබාගත් සපත්තු වෙනුවෙන් ඔබට වැය කරන්නට සිදුවේවි. නමුත් රු. 2000ක් වටිනා තත්ත්වයෙන් උසස් සපත්තු මිළට ගත්තේ නම් මෙවන් නාස්තියකට ඔබ යොමු නොවේ.

රැුකියාවක් කිරීම ආරම්භ කළ දින පටන් ඔබ සිතන මීළඟ කරුණ නම් ”අපි කවද්ද කාර් එකක් ගන්නේ” කියලයි. නමුත් ලීසිං සහ පෙට‍්‍රල් සඳහා නඩත්තු වියදම් සඳහා අධිකව වියදම් බැවින් කාරයක් ලබා ගැනීම හොඳ ආයෝජනයක් නොවේ. තමන් සතු ඉඩම විකුණා වාහනයක් ගැනීම ඔබගේ සකසුරුවම නොවේ. ඔබ සකසුරුවම තුළින් වඩාත් හොඳ ආයෝජනයක් සිදුකර පසුව, එමගින් ඔබට අවශ්‍ය වාහනය උසස් තත්ත්වයේ වෙළෙඳ නාමයකින්ම ලබා ගැනීමට ඔබට හැකියාවද ලැබේ. ඉඩමක් විකුණා කාරයක් මිලට ගැනීමටත් වඩා ණයක් ලබා ගැනීමෙන් ඉඩමක් මිළට ගැනීමට ඔබට හැකියාවක් ඇත්නම් වසර කිහිපයකින් එමගින් වඩාත් හොඳ ලාභයක් ඉපැයීමට ඔබට හැකියාව ලැබේවි.

ඔබට මාසයක් ගත කිරීම සඳහා අත්‍යවශය වේ යැයි සිතන සෑම වියදමක්ම මාසේ මුලින් ලියා තබන්න. ඉන්පසුව දිනපතා කරන සෑම වියදමක්ම ලියන්නටත් වගබලාගන්න. මෙවැනි කි‍්‍රයාදාමයකදී මාස දෙක තුනක් පසු වූ විට ඔබටම ඔබගේ වියදම් අඩු කරන්නේ කෙසේ දැයි තේරුම් යාවි. ඒ වගේම ඔබගේ අනාගත සිහිනය හරිහැටි හඳුනාගෙන ඒ සිහිනය සැබෑ කර ගැනීම පිළිබඳවත් සැලසුම් සකස් කර ගන්න. සිහින දකින්න, ඒවා සකසුරුවම තුලින් නිසි පරිදි කළමනාකරණය කර ගන්න. ඔබව සාර්ථකත්වයේ හිනිපෙත්තටම නොදැනුවත්වම එසවෙනු ඇත.

නිර්මාණී බී. කොළඹගේ

Special Cultural Traditions of the Sinhala Hindu New Year in Sri Lanka

  Special Cultural Traditions of the Sinhala Hindu New Year in Sri Lanka. The "Sinhala Hindu New Year" is one of the most import...