මා දුටු සිත්තම්

Tuesday, June 26, 2018


නිදහස් ශ‍්‍රී ලංකාවේ පළමු අගමැති ඞී. එස්. සේනානායක ශ‍්‍රීමතාණන්





අප ලද නිදහස මල් බන්දේසියක තබා ලබාදුන් නිදහසක් නොවේ. එය ජීවිත පරිත්‍යාගයෙන් අනේකවාර වූ කැපකිරීම් තුළින් ලබාගත් නිදහසකි. එයට පෞඩ ඉතිහාසයක් ඇත. එම ඉතිහාසය පිළිබඳව සලකා බැලීමේදී නිදහසේ නියමුවානන් ලෙස ප‍්‍රබල මෙහෙයක් නිදහස වෙනුවෙන් ඉටුකළ ග්‍රේෂ්ඨ නායකයකු ලෙස ඞී.එස්. සේනානායකයන් හඳුන්වාදිය හැකියි. එතුමානන් 1918 දී ලංකා ජාතික සංගමයට ආරම්භ දෙමින් අත්පොත් තැබූ නිදහස් සටන ජයග‍්‍රහණය  දක්වාම ඒකායන වූ ධෛර්යෙයන් හෙබවූ අතර එහි ප‍්‍රතිඵලයක් ලෙස 1948 පෙබරවාරි 04 මහජන ස්වාධීන රාජ්‍යක් ලෙස ඉදිරියට එන්නට අපට හැකියාව ලැබිණි. එතුමන් සිංහල ජාතිය වෙනුවෙන් කළ උදාර මෙහෙය පිළිබඳ විමසා බැලීම මෙවර නිදහස් දිනයේදී එතුමන්ට කරන ගෞරවයක් ලෙස සැලකිය හැක.

1884 ඔක්තෝම්බර් මස 20 වන දින මීරිගමට නුදුරු බෝතල් ප‍්‍රදේශයේදී උපත ලද මෙතුමා දොන් ස්ටෙපර් සේනානායක මැතිඳුන් හා කැතරින් එලිසබෙත් ගුණසේකර මැතිණියගේ තුන්වන පුත‍්‍රයායි. නමින් දොන් ස්ටීවන් සේනානායක වන මෙතුමා 1890 ශාන්ත තෝමස් විදුහලින් අධ්‍යාපනය ලබයි. ඉන් පසුව ඔහුගේ සිත ඇදී ඇත්තේ වැවිලි කර්මාන්තයටයි. ඔහු 1910 දී එමිල් මෝඞ් දුනුවිල කුමාරිහාමි සමඟ අතිනත ගත් අතර 1911 ජුනි 19 ඔහුගේ පළමු පුත් ඩඞ්ලි ෂෙල්ටන් සේනානායක උපත ලැබීය. මෙකල ඞී.එස්. සේනානායක මහතාගේ වැඩිමල් සොයුරු අධිනීතීඥ එෆ්.ආර්. සේනානායකයන් විසින් ඉංග‍්‍රීසි අධිරාජ්‍යටත්, රට  පුරා තැබෑරුම් පිහිටුවීමටත් එරෙහිව ආරම්භකර තිබූ ජාතික ව්‍යාපාරයට නායකත්වය දෙමින් සිටියේය. සොයුරාගේ ආරාධනයෙන් ඞී.එස්. සේනානායක මහතාටද ජාතික ව්‍යාපාරයේ කටයුතුවලට සහභාගිවීමෙන් ක‍්‍රියාකාරී දේශපාලනයට අත්පොත් තබන්නට හැකියාව ලැබිණි.

ඉන්පසු 1912 දි නාපිටිගම කෝරලයේ අමධ්‍යප ව්‍යාපාරය ආරම්භයත් සමඟ මොවුන් දෙදෙනා එහිද නායකත්වය ගත්තේය. බි‍්‍රතාන්‍ය අධිරා්‍යයන්ගෙන් පීඩිත වූ ශ්‍රී ලාංකික ජනතාවගේ හඬ යළිත් අවධි කරවන්නට මූල බීජයක් වූ මෙම ව්‍යාපාර වල දේශපේ‍්‍රමි නායකයන් බි‍්‍රතාන්‍යන්ට බාධාවක් බවට පත්වී තිබිණි. එම නිසා එම නායකයන් වැළැක්වීමට උපක‍්‍රමයක් ලෙස 1915 සිංහල මුස්ලිම් කෝලහාලය ඇතිවිය. එය දඩමීමා කරගත් ආණ්ඩුව  විසින් එවකට නිදහස් අරගලයේ නායකත්වය ගෙන කටයුතු කල එෆ්.ආර්. සේනානායක, ඞී.එස්. සේනානායක, දොස්තර සී.ඒ. හේවාවිතාරණ වැනි අය සිරභාරයට ගන්නා ලදි. එහෙත් එෆ්.ආර්. සේනානායක, අධිනීතීඥ ඊ.ඩබ්. පෙරේරා. සර් පොන්නම්බලම් රාමනාදන් වැනි අයගේ අප‍්‍රතිහත ධෛර්යය නිසා ජාතික නායකයන්ගේ නිර්දේෂි බව අධිරාජ්‍යවාදී ආණ්ඩුව හමුවේ පෙන්වාදී නායකයන් නිදහස් කර ගන්නට හැකියාව ලැබිණි.

මෙම සිද්ධියත් සමඟ යළි පණ ලැබූ සුදු අධිරාජ්‍යයට එරෙහිව සටන නව ජවයකින් යුතුව තීව‍්‍ර කිරීමට 1918 දී එෆ්.ආර්. සේනානායක හා ඞී.එස්. සේනානායක නායකයන්ගේ මූලිකත්වයෙන් ‘‘ලංකා ජාතික සංගමය’’ ආරම්භ කෙරිණි.

මෙම සංගමයට බි‍්‍රතාන්‍යන්ගේ දරදඬු ක‍්‍රියාකලාපය පාලනය කරමින් ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලනයක් කෙරේ සිත් යොමු කරවීමට හැකියාව ලැබිණි. මහාමාන්‍ය ඞී.එස්. සේනානායකයන් 1924 දී මීගමුව ආසනය නියෝජනය කරමින් ව්‍යවස්ථාදායක සභාවට නිතරගයෙන් පත්විය. නැවත 1931 මිනුවන්ගොඩ මන්ත‍්‍රීවරයා ලෙස රාජ්‍ය මන්ත‍්‍රණ සභාවට තේරි පත්විය. ඔහු පසුව ඉඩම් හා කෘෂිකර්ම අමාත්‍යවරයා ලෙසද කටයුතු කර ඇත. ඉතාමත් ¥රදර්ශී තියණුු නුවණක් සතු එතුමා කෘෂිකර්මය කෙරේ තමා තුළ තිබූ දර්ශනය යථාර්තයක් බවට පත්කරන ලදී. එයට කදිම උදාහරණ රාශියකි.

මිනිපේ, මින්නේරිය, ගල් ඔය, පදවිය, තබ්බෝව, තිස්ස, යෝධවැව ආදි ජල යෝජනාක‍්‍රම ප‍්‍රතිසංස්කරණය කර තබ්බෝව, කාගම, මිනිපේ, පරාක‍්‍රම සමුද්‍රය, හුරුළුවැව, ගල්ඔය, උඩවලව, ඉඟිනියාගල වැනි මහා පරිමාණ ජල යෝජනා ක‍්‍රම ඇති කරලීම එයට උදාහරණ වේ. එතුළින් පාසලක, මහියංගනය වැනි නව නගර ඇතිවිය. ග‍්‍රාමිය ස්වයංපෝෂිත ආර්ථික ක‍්‍රමයක් බිහිවීමේ අඩිතාලම වූයේ මෙතුමායි. මෙම ¥රදර්ශි කතා නොවන්නට ඉතිහිසය පවාද වෙනස්වී යා හැකිව තිබුණි.

1924 දී ප‍්‍රථමවරට පත්කරගත් ව්‍යවස්ථාදායක සභාවට පත්වූ ඞී.එස්. සේනානායක මහතා එහි ඉතා ක‍්‍රියාකාරී සාමාජිකයකු විය. යටත් විජිතව තිබූ ආසියාතික රටවලින් සර්වජන ඡුන්දබලය ලද ප‍්‍රථම රට බවට පත් වීමට ශ්‍රී ලංකාවට හැකිවූයේ ඞී.එස්. සේනානායක මහතාගේ දේශපාලන මැදිහත්වීම තුළය. ශ්‍රී ලංකා ජාතික සංගමයේ විවිධ මතවාද හේතුවෙන් විවිධ පුද්ගලයන් සංගමය හැරයාම නිසා නැවතත් දේශපාලන ශක්තිමත් කරවීමට ව්‍යාපාරයක අවශ්‍යතාව මතුවිය. පසුව එවකට තිබූ සිංහල මහා සභාව, ද්‍රවිධ සංගමය, බර්ගර් ලීගය, මුස්ලිම් ලීගය, මැලේ සංගමය ආදී සියල්ල එකතුකර 1946 සැප්තැම්බර් 06 දින ඞී.එස්. සේනානායකයන් විසින් එක්සත් ජාතික පක්ෂය බිහිකරන ලදි. එම පක්ෂයේ නිර්මාතෘ මෙන්ම පළමු සභාපතිවරයාද ඔහුයි. එදින කොල්ලූපිටිය නාමිකොට් මන්දිරයේදී රැුස්වසිටි පිරිස අමතනු ලැබුයේ එතුමා විසිනි. එහිදී ශ්‍රී ලංකාව තුළ ජීවත්වන සියලූ ජාතීන් අතර සමගියේ වැදගත්කම හහා අවශ්‍යතාව අවදාරණය කරන ලදි.

‘‘නිදහස් අරගලය’’ වෙනුවෙන් ඞී.එස්. සේනානායක මහතා ඇතුළු පිරිස කරන ලද කැපකිරීම 1947 ජුනි 03 දින මල්ඵල දැරීය. යටත් විජිත කාර්ය්‍යංශය විසින් ශ්‍රී ලංකාවට ස්වාධීන පාලනයක් පිරිනමන බව එදින ප‍්‍රකාශ කරන ලදී. 1947 ඞී.එස්. සේනානායකයන් ලංකාවේ ප‍්‍රථම අග‍්‍රාමාත්‍යවරයා ලෙස වැඩ භාරගත් අතර 1947 නොවැම්බර් 21 දින බ‍්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේදී ‘‘ලංකා ස්වාධීනතා පනත’’ සම්මත විය. 1947 දෙසැම්බර් 10 දින ලංකා ස්වාධීනතා පනත එංගලන්ත රජු විසින් මුද්‍රාව තැබීමෙන් අනතුරුව 1948 පෙබරවාරි 04 දින ලංකාවට නිදහස ලැබුණි. එදින කොළඹ නිදහස් චතුරස‍්‍රයේදී ඞී.එස්. සේනානායක මහතා විසින් 1815 සිට ශතවර්ෂයකටත් අධික කාලයක් ශ්‍රී ලංකාව යටතේ කර සිටි බි‍්‍රතාන්‍ය අධිරා්‍ය ධූරය බිම හෙලා ලංකා ධජය නැවත ගුවන් තලයේ එසවිමෙන් අනතුරුව ජාතිය අමතා තම කටහඬ අවධි කළේය.

මෙවන් වූ අරගලයක් තුළින් දැඩි කැපකිරීමෙන් සිංහලය බේරා ගැනීමට දායකවූ පෞඩ නායකයකු ලෙස ඞී.එස්. සේනානායක මහතා පිළිබඳ ආඩම්බරයෙන් අදටත් අවට කතාකල හැක. එතුමා නිදහස් සටන මෙන්ම, නිදහස් අධ්‍යාපනය ඇති කිරීම, ඞී.ඩබ්.ඩබ්. කන්නංගර මහතාගේ ප‍්‍රධානත්වයෙන් නොමිලේ අධ්‍යාපනය ලබා දීම ආරම්භය, පේරාදෙණිය විශ්ව විද්‍යාලය ඇති කිරීම, කොළඹ වරාය ඉදිිකරීම පොදු රාජ්‍ය මන්ඩල සාමාජිකත්වය ලංකාවට ලැබීම වැනි විශාල මෙහෙයක්ද කර ඇත.

ප‍්‍රඥාවන්තවුත් ධෛර්යයසම්බන්න වුත් මෙම ශ්‍රේෂ්ඨ නායකයා 1952 මාර්තු 22 ජාතියෙන් සමුගන්නා ලදි. ඔහු එදා අද මෙන්ම හෙටත් සිරිලක්දිව තුළ නොමියෙන පෞඩත්වයේ සංඛේතයක් ලෙස ගරුකල හැකි නායකයෙකි.

නිර්මාණි 



ජාතියේ නිදහස උදෙසා හේතු වූ ජාතික පුනරුද ව්‍යපාරයන්

2017 පෙබරවාරි මස 04 වැනි දිනට 69 වැනි නිදහස සමරන ශ්‍රී ලාංකික අපට, ලබාගත් උතුම් නිදහසේ අතීතාවර්ජනය කෙදිනකවත් අමතක කළ නොහැකි කැපකිරීම් සහ මෙතෙකැයි කිව නොහැකි ජීවිත පූජා කිරීම් බොහොමයක ප‍්‍රතිඵලයක් ලෙස හිස කෙලින් තබාගෙන ජාතියක් ලෙස නැගී සිටීමට අපට උතුම් වූ නිදහසක් හිමි වී ඇත. දුෂ්කර වූ එම ගමනේ තවත් එක් සංධිස්ථානයක් පිළිබඳව විමසීම මෙම ලිපියේ අරමුණයි.





1850 වර්ෂයෙන් පසුව 1915 වසර වනතෙක් ආගමික සහ ජාතික පුනරුද ව්‍යාපාරයේ කටයුතුවලට ප‍්‍රමුඛස්ථානය හිමිවිය. එමෙන්ම 1915 වසරේ සිට 1948 දක්වා දේශපාලන උද්ඝෝෂණවලට මූලිකත්වය ලැබුණි. 1815 වසරේදී උඩරට රාජධානිය යටත්වීමෙන් පසුව මෙරට සාම්ප‍්‍රදායික ආගම් සහ සංස්කෘතියේ පැවැත්මට බාධා එල්ලවිය. මෙම හේතුව මූලික කර ගනිමින් 19 වන සියවසේ අගභාගය වන විට මෙරට බෞද්ධ ජනතාව තුළ මෙන්ම හින්දු හා ඉස්ලාම් ජනතාව තුළද ආගමික හා ජාතික වශයෙන් ප‍්‍රබෝධයක් ඇති විය. එම තත්ත්වය ජාතික පුනරුදය ලෙස හැඳින්විය හැකි අතර ඒ පිළිබඳව සටහනක් මෙහි දැක්වේ.

යුරෝපීන් විසින් තමන් යටත් කර ගත් ප‍්‍රදේශ පාලනය කිරීමේදී පක්‍ෂපාතී ජනතාවක් ඇති කර ගැනීම අරමුණු කර ගනිමින් තම ආගම හා සංස්කෘතිය පතුරුවා හැරීමට කටයුතු කළහ. බි‍්‍රතාන්‍ය පාලන සමයේදී මෙරටට පැමිණි විදේශීය සංවිධාන කිහිපයක් කිතුණු දහම මෙරට පැතිරවීම සිදු කර ඇත. එම සංවිධාන මිෂනාරී සංවිධාන ලෙස හඳුන්වන අතර එලෙස පැමිණි සංවිධාන ලෙස, 1804 වසරේ පැමිණි ලන්ඩන් මිෂනාරි සමාගම, 1812 බැප්ට්ස්ට් මිෂනාරි සමාගම, 1816 ඇමරිකන් මිෂනාරී සමාගම සහ 1818 වසරේ පැමිණි චර්ච් මිෂනාරි සමාගම හැඳින්විය හැකිය. එකල මෙම සංවිධානවල නායකයන් විසින් ලංකාවේ විවිධ ප‍්‍රදේශවල ආගම පැතිරවීමේ කටයුතුවල නිරත විය. ලංකාවට පැමිණි මිෂනාරි සංවිධානවලට මුද්‍රණාල පිහිටුවීමට මෙන්ම පොත් පත් සඟරා ආදිය මුද්‍රණය කරවීමට අවශ්‍ය අරමුදල් සහ සංවිධාන ශක්තිය හොඳින් තිබිණ. ප‍්‍රධාන ගැටළුවක්ව තිබූ සිංහල භාෂා දැනුම නැතිකම පරිපූර්ණ කිරීමට ඔවුන්, සිංහල, දෙමළ භාෂා හැදෑරීමටද උත්සුක වූහ. පසුව බයිබලය සිංහලට පරිවර්තනය කිරීමටත්, සඟරා, පුවත්පත් ආදිය මුද්‍රණය කර බෙදාහැරීමටත් කටයුතු කළහ. 1832 වසරේ ‘‘මාසික තෑග්ග’’, 1840 වසරේ ‘‘ලංකා නිධානය’’ එලෙස මුද්‍රණය වූ ප‍්‍රකාශන දෙකකි. එමෙන්ම මිෂනාරී පූජකවරු පන්සල් හා මහජනතාව ගැවසෙන වෙනත් ස්ථානවල දේශන පවත්වා ආගමික ප‍්‍රචාරක කටයුතුවල නිරත විය.


        එමෙන්ම පාසල් ආරම්භ කිරීමට හා ඒවා පවත්වාගෙන යාමටත් ඔවුහු කැපවීමෙන් කටයුතු කළහ. බි‍්‍රතාන්‍ය පාලන සමයේදී රජයේ තනතුරු ලබා ගැනීමට ඉංග‍්‍රීසි භාෂා දැනුම අවශ්‍ය විය. මේ නිසා සිංහල හා දෙමළ දරුවන්ට ඉංග‍්‍රීසි අධ්‍යාපනය ලැබීම සඳහා මිෂනාරී පාසල්වලට යාමටද සිදුවිණි. මෙවන් වාතාවරණයක් තුළ බෞද්ධ හා හින්දු ඇතැම් සිරිත්විරිත් විවේචනය කිරීම නිසා ඒවාට පිළිතුරු සැපයීමේ අවශ්‍යතාවය තදින්ම පැනනැගුණි. එමෙන්ම සිංහල, දෙමළ වැනි ස්වභාෂා අධ්‍යාපනයට රජයෙන් අනුග‍්‍රහය ප‍්‍රමාණවත් පරිදි නොලැබීම හේතුවෙන් දේශීය භාෂා අධ්‍යාපනය නගා සිටුවීමේ අවශ්‍යතාවද ඇතිවිය. මෙම ගැටලූවලට පිළියම් සෙවීමට බෞද්ධ භික්‍ෂුන් වහන්සේලා ප‍්‍රමුඛත්වයක් දැරූ අතර පූජ්‍ය වලානේ සිද්ධාර්ථ හිමියන් රත්මලානේ පරම ධම්මචේතිය පිරිවෙන පිහිටුවීම බෞද්ධ අධ්‍යාපන ක්ෂේත‍්‍රයේ වැදගත් සංධිස්ථානයකි.

එම පිරිවෙනින් උගත් පූජ්‍ය හික්කඩුවේ ශ්‍රී සුමංගල හිමියෝ 1873 වර්ෂයේදී මාලිගාකන්දේ විද්‍යොදය පිරිවෙන පිහිටවූහ. පූජ්‍ය රත්මලානේ ධම්මාලෝක හිමියන් විසින් 1875 වර්ෂයේදී පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙන පිහිටුවන ලදී. මෙසේ පිරිවෙන් අධ්‍යාපන ක‍්‍රමය යළි ආරම්භවීම බෞද්ධ පුනරුදයට විශාල ආශිර්වාදයක් විය. එතෙක් අඩුපාඩුවක්ව පැවැති බෞද්ධයන් සඳහා වූ මුද්‍රණාලයක් පිහිටුවීමට බුලත්ගම ධම්මාලංකාර සිරි සුමනතිස්ස හිමියෝ කටයුතු කළහ. 1862 වර්ෂයේ දී ගාල්ලේ ලංකෝපකාර මුද්‍රණාලය පිහිටවීම බෞද්ධ පුනරුදයේ වැදගත් අවස්ථාවකි. ‘‘සුදර්ශන’’ මුද්‍රණාලය ‘‘සරසවි සඳරැුස’’ මුද්‍රණය, ‘‘කවට කථික’’ මුද්‍රණාලය එකල පිහිටවූ මුද්‍රණාල කිහිපයකි. එම මුද්‍රණාල මගින් ‘‘ලක්මිණි පහන’’, ‘‘සිංහල ජාතිය’’, ‘‘සිංහල බෞද්ධයා’’, ‘‘ලංකාලෝකය’’ වැනි ප‍්‍රකාශන මුද්‍රණය විය.

ආගම ප‍්‍රචාරය කිරීමට මිෂනාරී දේශන මාධ්‍ය යොදාගත් අයුරින් ඊට පිළිතුරු වශයෙන් බෞද්ධයන් ද දේශන මාධ්‍ය යොදාගත් ආකාරය ප‍්‍රසිද්ධ වාද විවාද මගින් හෙලි වේ. මිෂනාරී පූජකවරු සමඟ වාද විවාද පැවැත්වීමට බෞද්ධ භික්‍ෂූන් වහන්සේලා පෙරමුණ ගත්හ. මෙහිදී, පූජ්‍ය මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමියන්, හික්කඩුවේ සුමංගල හිමි, පූජ්‍ය රත්මලානේ ධම්මාලෝක හිමි, පූජ්‍ය පොතුවිල ඉන්ද්‍රජෝති හිමි වැනි උගත් හිමිවරුන් කැපී පෙනේ. මෙම වාද ‘‘පංචමහා වාද’ ලෙස නම් කළ අතර 1865  බද්දේගම වාදය, 1865 වරාගොඩ වාදය, 1866 උදන්විට වාදය, 1871  ගම්පොළ වාදය සහ 1873 පානදුරා වාදය එම වාද පහයි. මෙම වාද මාලාව අතරින් පානදුරා වාදයට ජාත්‍යන්තර ප‍්‍රසිද්ධියක් ලැබුණි. 1880 වර්ෂය වන විට බෞද්ධයන් ලේඛන මාධ්‍ය හා දේශන මාධ්‍යයෙන් ඉදිරියට පැමිණ සිටි නමුත් මිෂනාරි අධ්‍යාපන ක‍්‍රමයට සරිලන ඉංග‍්‍රීසි මාධ්‍ය බෞද්ධ පාසල් පිහිටුවීමට අපොහොසත් විය. මේ සඳහා අවස්ථාව උදා වූයේ  ඕල්කට් තුමා ලංකාවට පැමිණීමෙන් පසුවය.


1880 වසරේ ජුනි මාසයේදී  ඕල්කට් තුමාගේ මඟපෙන්වීම යටතේ පරම විඥානාර්ථ සමාගම පිහිටුවීය. ගාල්ල, මහනුවර, රත්නපුර වැනි නගරවල එම සමාගම් ශාඛා ඇති කළ අතර, ගිහි, පැවිදි බොහෝ දෙනෙක් වේදිකාවට කැඳවූ සංවිධානයක් බවට පත්විය. බෞද්ධ පාසල් පිහිටුවීමේ ව්‍යාපාරයේදී පෙරමුණ ගෙන ක‍්‍රියාකළ ගිහි පැවිදි පිරිසගෙන් කිහිපදෙනෙක් ලෙස, හෙන්රි ස්ටීල්  ඕල්කට්තුමා, පූජ්‍ය හික්කඩුවේ ශ්‍රී සුමංගල හිමි, පූජ්‍ය රත්මලානේ ධම්මාලෝක හිමි, අනගාරික ධර්මපාල තුමා, පූජ්‍ය මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමි සඳහන් කළ හැකිය. කොළඹ ආනන්ද විද්‍යාලය, මහනුවර ධර්මරාජ විද්‍යාල, මාතලේ විජය විද්‍යාලය, ගාල්ලේ මහින්ද විද්‍යාල එම පාසල් අතර ප‍්‍රධාන වේ. එකල සිදුවූ අධ්‍යාපන ප‍්‍රබෝධය නිසා ජනතාවගේ සාක්‍ෂරතා මට්ටම ඉහළ ගිය අතර  ඕල්කට් තුමාගේ මැදහත්වීම මත රජය ලවා වෙසක් පොහොය දිනය නිවාඩු දිනයක් බවට පත්කර ගැනීමටත් අද පවා භාවිතා වන බෞද්ධ කොඩිය නිර්මාණය කර ගැනීමටත් හැකිවීම බෞද්ධ පුනරුද සමයේ සිදු වූ තවත් වැදගත් සිදුවීමකි.

20 වන සියවස වන විට බෞද්ධ පුනරුද ව්‍යාපාරය තුළින් ස්වදේශිකයන් තුළ දේශානුරාගය දැනවීමේ ව්‍යාපාරයක්, බෞද්ධ පූජනීය ස්ථාන රැුක ගැනීමේ ව්‍යාපාරයක්, අමද්‍යප ව්‍යාපාරයක් බිහිවිය. අනගාරික ධර්මපාලතුමා විසින් මෙරට අතීත ශිෂ්ටාචාරයේ වැදගත්කම හා බෞද්ධ සහජීවනයේ වටිනාකම පැහැදිලි කරමින් නව චින්තනයක් ඉදිරිපත් කළ අතර, ප‍්‍රසිද්ධ දේශන පවත්වමින්ද, ‘‘සිංහල බෞද්ධයා’’, ‘‘මහාබෝධි සඟරාව’’ වැනි ප‍්‍රකාශනවලට ලිපි සපයමින්ද එතුමා විශාල සේවයක් කර ඇත. රජරට ශිෂ්ටාචාරයන් බිඳ වැටීමෙන් පසු අනුරාධපුර, පොළොන්නරුව වැනි අගනුවරවල් ආශ‍්‍රිත බෞද්ධ ස්මාරක වල් බිහි වී විනාශ වෙමින් පැවැති අතර 19 සියවස අග භාගය වන විට ඒවා ප‍්‍රතිසංස්කරණය කර අතීත උරුම රැුකගැනීම පිළිබඳව මෙකල ජනතාව තුළ උනන්දුවක් ඇති විය.

මිෂනාරි සංවිධානවල ආගමික ප‍්‍රචාරක කටයුතුවලින් එල්ල වූ අභියෝග නිසා මෙරට හින්දු ජනතාව අතරද ආගමික හා සංස්කෘතික පිබිදීමක් ඇතිවිය. එම හින්දු පුනරුද ව්‍යාපාරයට නායකත්වය සපයන ලද්දේ ආරුමුග නාවලර්තුමා විසිනි. මුද්‍රණාල පිහිටුවීම, පොත් බෙදාහැරීම, ප‍්‍රසිද්ධ දේශන පැවැත්වීම මගින් එතුමා විශාල සේවයක් ඉටු කර ඇත. ‘‘උදයාභාණු’’ ලෙස පුවත්පතක් ආරම්භකළ එතුමා දමිළ සිසුන් වෙනුවෙන් ‘‘පෙරිය පුරාණම්’’, ‘‘ස්කන්ද පුරාණම්’’ යන ගද්‍ය පද්‍ය පොත් පරිවර්තනය කොට ප‍්‍රකාශයට පත් කර ඇත. එමෙන්ම, පොන්නම්බලම් අරුණාචලම්, පොන්නම්බලම් රාමනාදන් යන නායකයෝ හින්දු ව්‍යාපාරයට විශාල මෙහෙයක් ඉටු කරන ලදී. පොන්නම්බලම් අරුනාචලම් මහතා සිංහල නායකයන් සමඟ එකතු වී දේශපාලන බලතල ලාංකිකයන්ට ලබාගැනීම සඳහා 1919 වර්ෂයේදී ‘‘ලංකා ජාතික සංගමය’’ පිහිටුවීමට මූලිකත්වය ගෙන කටයුතු කළේය.

ඇම්.සී සිද්දිලෙබ්බේ මහතා මුස්ලිම් ජනතාව තුළ ඉස්ලාම් ආගමික හා සංස්කෘතික ප‍්‍රබෝධයක් ඇති කරලීමට නායකත්වය දුන් අතර මුස්ලිම් දරුවන් වෙනුවෙන් කොළඹ සහිරා විද්‍යාලය පිහිටුවීමට එතුමා මූලික විය. ටී.බී. ජයා මහතාද මුස්ලිම් ජනතාවගේ අධ්‍යාපන ප‍්‍රබෝධය සඳහා වෙහෙස දැරිය. මෙලෙස බෞද්ධ පුනරුද ව්‍යාපාරය හේතුවෙන් මුද්‍රිත මාධ්‍ය ක්ෂේත‍්‍රයේ දියුණුවක් ඇති වූ අතර, විවිධ පොත්පත් සඟරා කියවීම මත රටේ ජනතාවගේ බුද්ධි වර්ධනයක් ඇතිවිය. පිරිවෙන් හා බෞද්ධ පාසල් ඇතිවීම මත දේශීය සංස්කෘතිය අගය කරන තරුණ පරපුරක් ද බිහිවිය. මෙම තත්ත්වය මිෂනාරී සංවිධානවලට අභියෝගයක් වූ අතර දිනාගත් උතුම් නිදහස් සටනේ මූලික අඩිතාලම වූ ආගමික සහ ජාතික පුනරුදය මෙයයි.

නිර්මාණි 

සොඳුරු නිවසකට මග කියන පිළිවෙල ......

නිවසක අලංකාරය වැඩි කරවීමට එහි ප‍්‍රමාණය හෝ ඒ සඳහා වියදම් කළ මුදල් ප‍්‍රමාණය කිසිවිටෙකත් බලපෑමක් සිදු නොකරයි. එනම්, කිසියම් නිවසක සොඳුරු බවට, ආකර්ෂණීය  බවට ප‍්‍රධානතම සාධකය වන්නේ නිවසේ පිරිසිදුකම හා පිළිවෙළයි.





නිවස කෙතරම් පිරිසිදුවට තබාගන්නට උත්සහ කළ ද එය නිශ්ඵල කාර්යයක් වන බවට ගෘහනියන් නිතර මැසිවිලි නගයි. අද අප ඔබට කියන්නට යන්නේ නිවසක ආකර්ෂණීය බව රඳවා ගැනීමට නිවසක පිරිසිදුකම සහ පිළිවෙළ ක‍්‍රමාණුකූලව සකස් කර ගන්නේ කෙසේද යන්නයි.

නිවසක් පිළිවෙළට සකස් කිරීමට පෙර මූලිකවම අවධානය යොමු කළ යුතු කරුණු කිහිපයකි. ඔබගේ නිවස ඉඩ කඩ අඩු නිවසක් නම් නිවසේ සුදු වර්ණ සහ ලා වර්ණ ගැල්වීම වඩාත් සුදුසුයි. ඔබගේ නිවසට ..ධචැබ ඡුක්බ.. ක‍්‍රමය යොදන්නේ නම් විසිත්ත කාමරය, කෑම කාමරය, පැන්ටි‍්‍රය වෙන වෙනම නොව විසිත්ත කාමරයේ එක් පසෙකින් කෑම කාමරය, පැන්ටි‍්‍රය පෙනෙන ආකාරයට සකස් කිරීම යෝග්‍යයි. පැන්ටි‍්‍ර කබඞ් යොදන්නේ නම් සිරස් අතට යෙදීම මඟින් නිවසේ උස් බව වැඩිකර පෙන්වීමට එය යෙදිය හැකිය. ඔබට ගෘහ භාණ්ඩ අඩු වශයෙන් භාවිත කිරීමට හැකියාවක් ඇත්නම් එය ද නිවසක පිළිවෙළ මනාව ඔපමට්ටම් කරාවි. එමෙන්ම විදුලි ආලෝකය මෙන්ම හිරු එළිය ක‍්‍රමාණුකූලව වැටීමට සැලැස්වීම මඟින් ඉඩ වැඩිකර පෙන්වීමට මෙන්ම යහපත් වාතාශ‍්‍රයක් ද පවත්වා ගත හැකිය. හැකිතාක් නිවසේ අඳුරු ස්ථාන අවම කිරීම නිවසක ආකර්ෂණීය බව වැඩි දියුණු කරවයි.


නිවස නිතරම පිරිසිදු කිරීමකට ලක් කළ විට එහි දුහුවිලි බැඳීම ද අවම වේ. එමඟින් නිරන්තරව නිවසේ නැවුම් බවක් ද පවත්වා ගත හැකි වේ. එහිදී ද ඔබ විශේෂයෙන් අවධානය යොමු කළ යුතු කරුණු කිහිපයකි. ස්පොන්ජ් එකක් නිවස පිරිසිදු කිරීමට යොදා ගැනීම එතරම් නුවණට හුරු නොවේ. එය මිලියන ගණන් විෂබීජ එකතුවිය හැකි ද්‍රව්‍යක්. මේ සඳහා මොප් එකක් භාවිත කරනවානම් වඩාත් සුදුසු වන්නේ ඒ නිසයි. ජනෙල් පිරිසිදු කිරීමේදී හොඳින් හිරු එළිය වැටී තිබීම ප‍්‍රයෝජනවත්. හොඳින් හිරු එළිය ඇති විට ජනෙල් වීදුරුවල පැල්ලම් පැහැදිලිව පෙනෙන නිසා එකවර දුහුවිලි කුණු හඳුනාගෙන පිරිසිදු කිරීම පහසුයි. නිවස පිරිසිදු කිරීමේදී රබර් ග්ලවුස් දෙකක් භාවිතය අත්වල විෂබීජ තැවරීම වළකාගත හැකි ක‍්‍රමයකි. ඒවා පාවිච්චියට පසු කනපිට හරවා සුළෙඟ් වියලීමට ද අමතක නොකරන්න. නිතර තෙත රෙදි කැබලිවලින් ගෘහ භාණ්ඩ මත තැන්පත් වූ දුහුවිලි පිසදැමීම ප‍්‍රයෝජනවත්. ෆැබ්රික් සොෆ්නර් වතුරට මුසුකර මෙලෙස පිරිසිදු කරගත් විට ඉක්මනින් ලී බඩු මත ¥විලි රැුඳීම අවම කිරීමට ද හැකියාව ලැබේ. ඔබ නිවසේ ශීතකරණය පිරිසිදු කළත්, එහි අධිශීතකරණය පිරිසිදු කිරීමට අමතක කළහොත් සිදුවන්නේ ගැටලූකාරී තත්ත්වයකි. අංශක x 18 දී බැක්ටීරියා විනාශ වුව ද නැවත උණුසුම් වනවිට එම බැක්ටීරියා වර්ධනය වීමකට ලක්වේ. මේ නිසා ශීතකරණය ක‍්‍රියා විරහිත කර එහි බඩු බාහිරාදිය ඉවත් කර, තුවායක් වැනි දෙයක් දමා වසා, එක් රාත‍්‍රියක් තබා, පසුව විනාකිරිවලින් ඇතුලත පිස දමා පිරිසිදු කර බැක්ටීරියා විනාශ කිරීමට කටයුතු කරන්න.

නිවසක් සේදීම හෝ වැක්‍යුම් කිරීම නිවස අලංකාර කරගත හැකි හොඳම ක‍්‍රමය නොවුණ ද එමඟින් නිවසට වැඩි එළියක් එක් කරනු ඇත. ඉහත කී පරිදි නිවසේ ගෘහ භාණ්ඩ හා උපකරණ මත බැඳී ඇති ¥විලි ඉවත් කිරීමෙන් නිවස තුළ නැවුම් වාතයට මනා ඉඩක් ද ලැබේ. නිවසේ ඇති අලංකරණ ද්‍රව්‍ය විවිධ ස්ථානවලට මාරු කිරීම මඟින් නිවසට නිතර නැවුම් පෙනුමක් ද ලබාදිය හැකිය. අලංකරණ කටයුතු කිරීමේදී සෑමවිටම එක් කාමරයකට හෝ නිවසේ එක් කොටසකට අවධානය යොමු කිරීම වඩා වැදගත්. කාමරයේ හෝ නිවසේ හිස්තැන් පිරවීමට භාණ්ඩ මිලට ගැනීමෙන් වළකින්න. හොඳින් සැලසුම් කර නිවසක් පමණක් මිලට ගන්න.

එමෙන්ම මධ්‍යස්ත වර්ණ රටා භාවිත කිරීමෙන් නිවසේ කලඑළිය වැඩිකර ගත හැකිය. ඔබට හැකියාවක් ඇත්නම් පැරණි කොට්ට සහ ඇතිරිලි යොදාගෙන නව කුෂන් සකස්  කර ගන්න. නාන කාමරය හෝ වැසිකිළි පිටුපසත් රාක්කයක් සවි කිරීමෙන් වැඩි ඉඩක් සහ පිළිවෙළක් එක්කර ගත හැකිය. නිතර බේකින් සෝඩා සුළු ප‍්‍රමාණයක් දමා මෙට්ට, සෝෆා පිරිසිදු කරන්න. එමඟින් නව පෙනුමකින් ආකර්ෂණීය නිවසක හිමිකරුවකු වන්නට අවස්ථාව ඔබටත් ලැබේවි. ඔබ පාවිච්චි කර අවසන් වුවද යම් උපකරණ හොඳ තත්ත්වයෙන් පවතින්නේ නම්, ඒවා පාවිච්චිය සඳහා කරන අයෙකුට දීම හෝ විකිණීම හෝ එහි පෙනුම වෙනස් කර නැවත භාවිතය යන එක් කටයුත්තක් සිදු කරන්න. නිවසේ තැනින් තැන ගොඩගසා ඇති අනවශ්‍ය උපකරණ ද්‍රව්‍ය ඉවත් කරන්න. ඔබ අකමැති දේවල් ප‍්‍රදර්ශනය අනිවාර්ය නොවේ. එතරම් වටිනාකමක් නැති කිසියම් සැරසිල්ලක් නිවසේ ඇත්නම් (සිහිවටනයක් / වීසි නොකළ යුතු යමක් හැර එතනින් ඉවත් කරන්නට මැලි නොවන්න. නිවසට හොඳින් ආලෝකය ලැබීමට ඉඩ හැරීම ද වඩා යෝග්‍යයි.

මෙලෙස නිතරම නිවසේ මේස මත පවා අවශ්‍ය දේ පමණක් තබා අනවශ්‍ය දෑ බැහැර කිරීමට වග බලා ගන්න. වහලය පිළිබඳව ද සැලකිලිමත් විය යුතුය. නිතර නිතරම පිරිසිදු කිරීම මඟින් වෙහෙසකර පිරිසිදු කිරීමක් සඳහා කාලය වැය වීම ද සිදු නොවේ. එමෙන්ම නිවස ඇතුලත මෙන් පිටත ද වඩාත් පිරිසිදුවට පිළිවෙළට තබා ගැනීම යෝග්‍ය වේ. එමඟින් වඩාත් ආකර්ෂණීය නිවසක් ලබා ගැනීමට ඔබටත් හැකියාව ලැබෙනු ඇත. එය ඔබගේ කායික මෙන්ම මානසික සුවතාවයට ද මහඟු පිටිවහලක් වනු නියතයි.

නිර්මාණී බී. කොළඹගේ


ජාතික නිදහස වෙනුවෙන් සිදු කළ දේශපාලන අරගලයන්

1815 වසරේදී උඩරට රාජධානිය බි‍්‍රතාන්‍යයන්ට යටත්වීමෙන් පසුව 1948 වසරේ දී ශ්‍රී ලංකාවට නිදහස ලැබෙන තෙක් එනම් වසර 133ක කාලයක් සමස්ත දිවයිනම බි‍්‍රතාන්‍ය පාලනය යටතේ පැවතුණි. මෙම කාලය තුළදී බි‍්‍රතාන්‍යයන් විසින් ආණ්ඩුක‍්‍රම ප‍්‍රතිසංස්කරණ කිහිපයක් හඳුන්වාදුන් නමුත් ඒවායින් සෑහීමකට පත් නොවූ ලාංකිකයෝ අඛණ්ඩ උද්ඝෝෂණවල නිරත වූහ. 1948 වසරේදී පාලන බලය ලාංකිකයන්ට ලබාගත හැකි වූයේ එම උද්ඝෝෂණවල ප‍්‍රතිඵලයක් වශයෙනි. නිදහස ලබාගත් එම දීර්ඝ ගමනේ වැදගත් දේශපාලන සංධිස්ථාන පිළිබඳව දිගහැරෙන සටහනකුයි මේ.


1815 වසරෙන් පසුව බි‍්‍රතාන්‍ය ආණ්ඩුකාරවරුන් ලංකාවේ පාලන කටයුතු ගෙනයාමේදී රජයේ ආදායමට වඩා වියදම වැඩිවීම මත බි‍්‍රතාන්‍ය ආණ්ඩුවෙන් නිතර මුදල් ඉල්ලා සිටීමට සිදුවිය. එම තත්ත්වය පිළිබඳව සොයා බලා අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීමට යටත් විජිත ලේකම් විසින් විලියම් මැක්බින් ජෝර්ජ් කෝල්බෲක් මෙරටට පත් කර එවන ලදී. 1829 දී ඔහු මෙරටට පැමිණි අතරම කෝල්බෲක් කොමිසමේ නිර්දේශ පදනම් කර ගත් ආණ්ඩුක‍්‍රම ප‍්‍රතිසංස්කරණයක් 1833 වර්ෂයේදී මෙරටට හඳුන්වා දී ඇත. එය කෝල්බෲක් ප‍්‍රතිසංස්කරණයයි.


එමගින් මෙරට දේශපාලන හා ආර්ථික ක්ෂේත‍්‍රයේ පුළුල් වෙනස්කම් ඇති වූ අතර දිවයින පළාත් පහකට බෙදීම, ව්‍යවස්ථාදායකය හා විධායක සභා පිහිටුවීම, රජයේ වෙළඳ ඒකාධිකාරිය අහෝසි කිරීම ආදිය එමගින් සිදුවූ ප‍්‍රධාන කරුණු වේ. කෝල්බෲක් ප‍්‍රතිසංස්කරණවල යම් යම් අංශ සංශෝධනය කර ගැනීමේ උද්ඝෝෂණයක් මුල්වරට ආරම්භ කරන ලද්දේ මෙරට සිටි යුරෝපීය ව්‍යාපාරිකයන් විසිනි. යුරෝපීන්ගේ උද්ඝෝෂණවල අරමුණ, පාලන බලතල ලාංකිකයන් අතට පත් කරවා ගැනීම නොවූවත්, ලාංකිකයන්ට ආදර්ශ ලබා ගැනීමට එම උද්ඝෝෂණ බෙහෙවින් ප‍්‍රයෝජනවත් විය. කෝල්බෲක් ප‍්‍රතිසංස්කරණ නිසා 19 වන සියවස තුළ මෙරට ආර්ථිකමය හා සමාජීය වශයෙන් පුළුල් පරිවර්තනයක් සිදු විය. එහි ප‍්‍රතිඵල ලෙස 20 වන සියවස ආරම්භ වන විට පැරණි ප‍්‍රභූ පන්තිය අභාවයට ගොස් නව ලාංකික මධ්‍යම පන්තියක් බිහිවිය.


 


1833 වසරේ සිට වසර 70ක පමණ කාලයකදී රට තුළ ඇති වූ ආර්ථික හා සමාජ වෙනස්වීම්වලට සාපේක්‍ෂව දේශපාලන ක‍්‍රමයේ වෙනසක් සිදුව නොතිබුණි. ලාංකික මධ්‍යම පන්තිය මේ සම්බන්ධව අසතුටෙන් පසු වූ අතර, 1908 -1909 වසරවල ඔවුහු ආණ්ඩුක‍්‍රම ප‍්‍රතිසංස්කරණයක් අවශ්‍ය බවට තදබල ලෙස ඉල්ලීම් කර ඇත. 1908 වසරේදී ජේම්ස් පීරිස් මහතා විසින් ලංකාවට ආණ්ඩුක‍්‍රම ප‍්‍රතිසංස්කරණයක් අවශ්‍ය බවට විධිමත් පෙත්සමක් මුල්වරට යටත් විජිත භාර ලේකම් වෙත ඉදිරිපත් කර ඇත. එවකට ලංකාවේ ආණ්ඩුකාරවරයා වූ හෙන්රි මැකලම් ලාංකිකයන්ගේ ඉල්ලීම්වලට විරුද්ධ විය. එහෙත් ආණ්ඩුක‍්‍රම ප‍්‍රතිසංස්කරණයක් අවශ්‍ය බවට මතුවෙමින් තිබූ තර්කානුකූල අදහස් නොසලකා හැරීමට යටත් විජිත කාර්යාලවලට හැකියාවක් නොතිබුණි. මින් පසුව 1910 වසරේදී කෲව් මැකලම් ආණ්ඩුක‍්‍රම ප‍්‍රතිසංස්කරණය ඇති විය. මෙහිදී, උගත් ලාංකිකයන් වෙනුවෙන් එක් නියෝජිතයෙකු එම සභාවට පත්වීමද, ව්‍යවස්ථාදායක සභාවට ප‍්‍රථම වරට ඡුන්ද බලයෙන් නියෝජිතයන් පත්කිරීමට ඉඩ ලැබීමද සිදු විය. 1910 ප‍්‍රතිසංස්කරණය තුලින්ද ලාංකිකයන්ගේ ඉල්ලීම් ඉටු වී නොතිබීම හේතුවෙන් නැවතත් උද්ඝෝෂණ ආරම්භ විය. එම උද්ඝෝෂණ 1912, අමද්‍යප උද්ඝෝෂණයයි.
19 වන සියවස අවසානය වන විට ලංකාව මෙන්ම ඉන්දියාව තුළත් බි‍්‍රතාන්‍ය බලය ව්‍යාප්ත වී තිබිණ. මෙසේ බි‍්‍රතාන්‍ය යටත් විජිතයක් බවට පත්ව තිබූ ඉන්දියාව තුළ 20 වන සියවස ආරම්භ වන විට ප‍්‍රබල ජාතික ව්‍යාපාරයක් ආරම්භ විය. මෙකල ඉන්දියානු නිදහස් සටනේ ආභාෂය මෙරටටද ලැබුණු අතර 1915න් පසුව වඩා සංවිධානාත්මකව උද්ඝෝෂණ මෙහෙයවීමට මෙරට නායකයන් කටයුතු කළ බව පෙනී යයි.

1915 වසරේ සිංහල, මුස්ලිම් කෝලාහලය අවස්ථාවේ යුධ නීතිය ඇතිවීම මගින් ආණ්ඩුව ජනතාව මර්දනය කළ නිසා පාලන කටයුතුවලදී ලාංකිකයන්ට වැඩි බලතල ලබාගැනීමේ අවශ්‍යතාව තදින්ම මතුවිය. මෙම හේතු මත 1919 වසරේ දෙසැම්බර් මස ‘‘ලංකා ජාතික සංගමය’’ පිහිටුවනු ලැබීය. මෙරට උද්ඝෝෂණ ව්‍යාපාරයේ ප‍්‍රබල නායකයා වූ පොන්නම්බලම් අරුණාචලම් මහතා මෙම සංගමයේ ප‍්‍රථම සභාපතිවරයායි. මෙම සංවිධානවල තදබල උද්ඝෝෂණ මත 1920 වසරේ මැනිං ආණ්ඩුක‍්‍රම ප‍්‍රතිසංස්කරණය ලැබුණු අතර පළාත්බද නියෝජනය, ව්‍යවස්ථාදායක සභාවේ මුල්වරට නිල නොලත් බහුතරයක් ඇතිවීම, ආදිය ප‍්‍රතිසංස්කරණ බවට පත්විය. නමුත් මෙහිදී ද ආණ්ඩුකාරවරයාට පැවරුණු බලතල අඩු නොවින. 1924 වසරේදී මැනිං ඩෙවොන්ෂියර් ප‍්‍රතිසංස්කරණය ලැබුණු අතර එමගින් ව්‍යවස්ථාදායක සභාවේ සාමාජික පිරිස 49 දක්වා වැඩි කෙරිණි. මෙහිදී ආණ්ඩුව පවත්වාගෙන යාමේ වගකීම් තවදුරටත් ආණ්ඩුකාරවරයා වෙත පැවරී තිබුණ ද ව්‍යවස්ථාදායක සභාවේ පක්ෂපාත තීරණාත්මක බහුතර ඡුන්දයක් ඔහුට නොතිබීම නිසා එකී බලය මහජන නියෝජිතයන්ට පැවරිණි. ඩොනමෝර් සාමිවරයාගේ ප‍්‍රධානත්වයෙන් යුතුව 1927 දී ඩොනමෝර් කොමිසම ක‍්‍රියාත්මක වූ අතරම මෙතෙක් පැවැති විවිධ ආණ්ඩුක‍්‍රම ප‍්‍රතිසංස්කරණ අතරින් ලාංකිකයන්ට සැලකිය යුතු දේශපාලන වගකීමක් පැවරූ ප‍්‍රතිසංස්කරණයක් ලෙස මෙම ඩොනමෝර් ආණ්ඩුක‍්‍රමය වැදගත් වේ. මෙය නිදහස දිනාගැනීමට ගමන් කළ මාවතේ වැදගත් සන්ධිස්ථානයක් ලෙස කැපී පෙනේ.

1912 වසරේ සිට ව්‍යවස්ථාදායකයට නියෝජිතයන් තේරීමේදී ඡුන්ද බලය ක‍්‍රියාත්මක වුවත් ඡුන්ද හිමි සංඛ්‍යාව ඉතා සීමිත විය. 1924 වන විටත් මෙරට ඡුන්ද දායක සංඛ්‍යාව 4%ක් තරම් සුළු ප‍්‍රතිශතයකි. එමෙන්ම ස්ත‍්‍රීන්ටද ඡුන්ද බලය හිමි නොවිණ. මෙසේ ජනගහනයෙන් අධ්‍යාපනය හා වත් පොහොසත්කම් ඇති අයට පමණක් ඡුන්ද බලය හිමිවීම නිසා අඩු ආදායම්ලාභි ජනතාවගේ ගැටලූ කෙරෙහි දේශපාලනඥයන්ගේ අවධානය අවම වී ඇති බව ඩොනමෝර් කොමිසමේ අදහස විය. මෙම මූලික කරුණු මත සුදුසුකම්වලින් තොරව වයස අවුරුදු 21ට වැඩි ස්ත‍්‍රී, පුරුෂ සියලූ පුරවැසියන්ට ඡුන්ද බලය හිමිවිය. එනම් එය 1931 වසරේ හිමි වූ සර්වජන ඡුන්දය බලයයි. මෙය පොදු ජනතාව ලැබූ සුවිශේෂ ජයග‍්‍රහණයකි. මෙම ප‍්‍රතිසංස්කරණ මගින් ව්‍යවස්ථාදායක මෙන්ම විධායක කටයුතු පිළිබඳ බලයක්ද රාජ්‍ය මන්ත‍්‍රණ සභාවට ලැබිණි. එහිදී මැතිවරණයකින් පසුව රාජ්‍ය මන්ත‍්‍රණ සභාවේ සාමාජිකයන් කාරක සභා 7කට බෙදිණි. ඒවා ස්වදේශකටයුතු, පළාත් පාලනය, කෘෂිකර්මය සහ ඉඩම්, අධ්‍යාපනය, සෞඛ්‍ය ආදී ක්ෂේත‍්‍රවල වීය. මීට පෙර පැවැති ආණ්ඩුක‍්‍රම හා සසඳන විට ඩොනමෝර් ආණ්ඩුක‍්‍රමය යටතේ ආණ්ඩුකාරවරයාගේ බලය බොහෝ දුරට අඩුවී තිබුණි. නමුත් තවදුරටත් ආණ්ඩුකාරවරයාට හා රාජ්‍ය නිලධාරීන්ට රාජ්‍ය පාලනයේ වැදගත් අංශ රැුසක බලතල පැවරී තිබීම මත 1931 වසරේ සිටම උද්ඝෝෂණ නැවත ආරම්භ විය.

රාජ්‍ය මන්ත‍්‍රණ සභාව සහ ලංකා ජාතික සංගමය රැුගෙන ගිය උද්ඝෝෂණවලට අමතරව මෙරට වාමාංශිකයන් විසින්ද නිදහස ලබාගැනීමේ උද්ඝෝෂණ දියත් කරන ලදි. 1935 වර්ෂයේදී ලංකා සමසමාජ පක්‍ෂය පිහිටුවාගත් ඇන්.ඇම්. පෙරේරා මහතා, ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වා මහතා, වාමාංශිංක උද්ඝෝෂන ප‍්‍රචාරක කටයුතු සඳහා සූරියමල් ව්‍යාපාරය යොදාගත්හ. සූරියමල් ව්‍යාපාරය ආරම්භ වූයේ පොපිමල් ව්‍යාපාරයට ප‍්‍රතිවිරුද්ධවය.

1939 වසරේදී දෙවන ලෝක සංග‍්‍රාමය ආරම්භ වීම නිසා යුද්ධ අවස්ථාවේ බි‍්‍රතාන්‍යන්ට ලංකාවේ සහයෝගය අවශ්‍ය විය. යුද්ධ අවස්ථාවේ දී ශ්‍රී ලාංකිකයන්ට ආරක්‍ෂක කටයුතු පවත්වාගෙන යාමට විශේෂ ආරක්‍ෂක මණ්ඩලයක් පත්කළ අතර, එවකට කෘෂිකර්ම ඇමති ඞී.එස් සේනානායක මහතාද එම මණ්ඩලයට සහභාගි විය. යුද්ධයේ පැවැති දුෂ්කර අවස්ථාවේ ඇමති මණ්ඩලය ලබාදුන් සහය නිසා පැහැදුණු මෙරට බි‍්‍රතාන්‍ය ආණ්ඩුකාරවරයා ඇතුළු උසස් නිලධාරීන්, යුද්ධය නිම වූ පසුව ලාංකිකයන්ගේ ඉල්ලීම් ඉටුවන ආණ්ඩුක‍්‍රම ප‍්‍රතිසංස්කරණයක් ලබා දෙන ලෙස බි‍්‍රතාන්‍යයට දන්වා යවා ඇත. එහි ප‍්‍රතිඵලයක් ලෙස යම් සීමාවන්ට යටත්ව, ලංකාවට ගැලපෙන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා කෙටුම්පතක් පිළියෙල කිරීමට අමාත්‍ය මණ්ඩලයට බලය ලැබුණි. 1944 වසරේදී ඇමති මණ්ඩලය සැකසූ එම කෙටුම්පතට අනුව මෙරට අභ්‍යන්තර කටයුතු පිළිබඳ සම්පූර්ණ බලය ලාංකිකයන්ට ලැබෙන පාර්ලිමේන්තු ආංඩුක‍්‍රමයක් යෝජනා විය. මෙකල ලංකා ජාතික සංගමයද නිදහස ලබා ගැනීමෙහිලා උද්ඝෝෂණවල නිරත වීය.

මෙම කෙටුම්පත සැලකිල්ලට ගෙන නව ආණ්ඩුක‍්‍රමයක් පිළිබඳ යෝජනා ඉදිරිපත් කිරීමට 1944 වර්ෂයේදී සෝල්බරි කොමිසම පත් කෙරිණි. 1945 සෝල්බරි කොමිෂන් වාර්තාව ප‍්‍රකාශයට පත් අතර එහි පාර්ලිමේන්තු ආණ්ඩුක‍්‍රමයක් යෝජනා වී තිබිණි. 1945 දී එම ආණ්ඩුක‍්‍රමය රාජ්‍ය මන්ත‍්‍රණ සභාවේ වැඩි ඡුන්ද සංඛ්‍යාවකින් සම්මතවීම වැදගත් සංධිස්ථානයකි.

සෝල්බරි ආණ්ඩුක‍්‍රමය යටතේ පැවැත්විය යුතු ප‍්‍රථම පාර්ලිමේන්තු මැතිවරණය 1947 වසරේ පැවැත්වීමට නියමිතව තිබුණු නමුදු ශ්‍රී ලංකාවට නිදහස ලබාදීම පිළිබඳව බි‍්‍රතාන්‍යයන් කිසිදු අදහසක් පළ කර නොතිබුණි. මේ නිසා නිදහස ලබා ගැනීමට ලාංකිකයන්ට ඇති අයිතිය පිළිබඳව ඞී.එස් සේනානායක මහතා ඇතුළු මෙරට නායකයන් බි‍්‍රතාන්‍යයන්ට කරුණු ඉදිරිපත් කළහ. ඒ අනුව මැතිවරණයට මාස දෙකකට පෙර විශේෂ ප‍්‍රකාශයක් කළ යටත් විජිත භාර ලේකම්වරයා බි‍්‍රතාන්‍ය පොදු රාජ්‍ය මණ්ඩලය ඇතුලත නිදහස් රටක තත්ත්වය ලංකාවට ලබා දෙන බව නිවේදනය කළේය. මේ වන විට ඞී.එස් සේනානායක මහතා විසින් එක්සත් ජාතික පක්‍ෂය පිහිටුවා තිබුණි.

1947 අගෝස්තු මාසයේදී පැවති ප‍්‍රථම පාර්ලිමේන්තු මැතිවරණයේදි, එක්සත් ජාතික පක්‍ෂය ආසන 42, ලංකා සමාසමාජ පක්‍ෂය ආසන 10, ද්‍රවිඩ සංගමය ආසන 07 ලෙස විවිධ පක්‍ෂ මගින් ආසන 95ක් දිනාගැනිණ. මෙම මැතිවරණයෙන් එක්සත් ජාතික පක්‍ෂය පාර්ලිමේන්තුවේ වැඩි ආසන සංඛ්‍යාවක් දිනාගත් බැවින් ස්වාධීන අපේක්‍ෂකයන් රැුසකගේ සහය ලබා ගත් ඞී.එස්. සේනානායක මහතා ආණ්ඩුවක් පිහිටුවීමට කටයුතු කරන ලදි. දිවයින තුළ භූගෝලීය පිහිටීම, ආරක්‍ෂක හා යුද්ධ කටයුතු අතින් වැදගත් වූ හෙයින්, මෙරට සමඟ පැවති සබඳතා බිඳ දැමීමට බි‍්‍රතාන්‍ය ආණ්ඩුව අකමැති විය. එම නිසා ඔවුන් 1946 වසරේ සිටම මෙරට අභ්‍යන්තර කටයුතු පිළිබඳ පාලන වගකීම ලාංකිකයන්ට පවරාදීමට අකමැති විය. බි‍්‍රතාන්‍යයේ මෙම අරමුණු තේරුම් ගත් නව අගමැති, 1947 නොවැම්බර් මාසයේදී බි‍්‍රතාන්‍ය ආණ්ඩුව සමඟ ආරක්‍ෂක හා බාහිර කටයුතු පිළිබඳ ගිවිසුම් දෙකක් අත්සන් තැබීමට කටයුතු කළේය. මෙය සුවිශේෂි සංධිස්ථානයකි.

ආරක්‍ෂිත ගිවිසුම අනුව අවශ්‍ය ස්ථානවලදී බි‍්‍රතාන්‍යයේ නාවික, ගුවන් හා සෙසු යුද්ධ කටයුතුවලට මෙරට භූමිය භාවිත කිරීමට ඉඩ ලබාදීමට එකඟ විය. බාහිර කටයුතු ගිවිසුමට අනුව නිදහස් රටක් වශයෙන් ලංකාව ජාත්‍යන්තර සබඳතා අලූතෙන් ගොඩනගා ගැනීමේදී බි‍්‍රතාන්‍ය සහය ශ්‍රී ලංකාවට ලබාදීමට එකඟ විය. මින්පසුව මෙරට නිදහස ලබාදීම  පිළිබඳ කරුණු ඇතුළත් ‘‘ලංකා ස්වාධීන පනත’’  බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලදි. එම පනත ක‍්‍රියාත්මක කිරීම පිළිබඳ විධිවිධාන ඇතුලත් ලංකා ස්වාධීන රාජාඥාව 1947 දෙසැම්බර් 19 දින නිකුත් කෙරිණි. 1948 වසරේ පෙබරවාරි 04 දින සිට එකී විධි විධාන ක‍්‍රියාත්මක වීමත් සමඟ ශ්‍රී ලංකාවට නැවතවරක් නිදහස හිමිවිය. ඒ අනුව ශ්‍රී ලංකාව වෙනුවෙන් නීති පැනවීමට හා මෙරට පාලන කටයුතු ගෙන යාමට බි‍්‍රතාන්‍ය ආණ්ඩුවට තිබූ බලය අවසන් වී ලංකාණ්ඩුවට බලය හිමිවිය. 1948 වසරේ පෙබරවාරි 10 දින නව පාර්ලිමේන්තුව උත්සවාකාරයෙන් විවෘත වූ අතර අග‍්‍රාමාත්‍ය ඞී.එස්. සේනානායක මහතා ඉංග‍්‍රීසි ධජය පහත හෙළා යළි සිංහ ධජය එසවීමේ ඒ උදාර දිනය උදාවිය. මේ අනුව පෙබරවාරි 04 දින ශ්‍රී ලංකාවේ නිදහස් දිනය බවට පත්විය. මේ අප මෙවර සමරන 69 වන අභීත නිදහසේ දේශපාලන පසුබිම් කතාවයි.

නිර්මාණී


Special Cultural Traditions of the Sinhala Hindu New Year in Sri Lanka

  Special Cultural Traditions of the Sinhala Hindu New Year in Sri Lanka. The "Sinhala Hindu New Year" is one of the most import...