මා දුටු සිත්තම්

Saturday, July 28, 2018

නිවසෙන් මුදල් අරපිරිමැස්ම අරඹමු..







නිවසේ ගෘහ මුලිකයා නොවුනත් බොහෝ විට නිවසේ කටයුතු සමබර කරන්නී මවයි.ඇය නිවසේ කටයුතු මෙන්ම දරුවන්ගේ කටයුතුද සමබරව ඉටුකරයි,මේ සියලූ කටයතු සමබරව සිදුවිමට නිවසේ මුදල් නිසි කළමනාකාරිත්වයකින් හැසිරවිය යුතුමයි.කාන්තාවක් එය මනාව ප‍්‍රගුණ කිරීම ඉතා වැදගත්.. සාර්ථක  ගෘහනියකට නිවසේ ගේදොර වටපිටාව පමණක් නොව මිල  මුදල්ද නිසි ලෙස පරිපාලනය කිරීමෙන් නොහොත් සාර්ථකව නිවසේ මුදල් කළමනාකරණය තුළින්  මුළු පවුලම සාර්ථකත්වය කරා ගෙන යා හැකි බව ඔබ දන සිටියාද?
මුලින්ම ඔබට නිවසේ සියලූම වියදම් ලැයිස්තු ගත කල හැකිය.එය වඩාත් සාර්ථකයි.නිදසුන් ලෙස මාසික අදායම, නිවාස කුලී, අමතර අර්ධ කාලීන ව්‍යාපෘති වලින් අදායම් ආදිය, මල්පැල, පුංචි බදු භාණ්ඩ විකිණීම, ඇඳුම් මැසිම වැනි ස්වයං රැුකියා වලින් ලබන අදායම් ආදිය.දැන් අනෙක් පැත්තේ ඔබ කරන සියලූම වියදම් සටහන් කරගත යුතුයි. මේ ක‍්‍රමවේදය දෙදෙනා එකතුව කරන වියදම් කළමනා කිරීමටද යොදාගන්නට පුළුවන්.මෙලස වියදම් සටහන් කිරීමේදී ඒවා වර්ගීකරණය කිරීමෙන් මේ කටයුත්ත තවත් පහසු වනවා.

දරුවන්ගේ වියදම්

පාසැල් වියදම්, අමතර පන්ති වියදම් ආදීය මෙහිදී සඳහන් කරගත හැකියි.
මාසික බිල්පත් සහ වාරික
ගෙදර දොරේ ජාල විදුලි බිල්පත්, ප‍්‍රවාහන වියදම්, සෞඛ්‍ය හා ඖෂධ වියදම්, ණය හා රක්ෂණ වාරික ආදී වශයෙන් සිදු වන වියදම් මාසිකව සිදු වන වියදම් වන අතර මේවට මාසිකව වැය වන මුදල පිලිබඳ සාමාන්‍ය අදහසක් ගන්නට සිදු වන වියදම් මාසිකව සිදු වන වියදම් වන අතර මේවට මාසිකව වැය වන මුදල පිලිබඳ සාමාන්‍ය අදහසක් ඇති කරගැනීමට මුල් මාසයේ මෙය අභ්‍යාසයක් ලෙස කර එම වියදම් ගැන අදහසක් ඇතිකරගන්න.
මෙහිදී සඳහන් කල බොහෝ වියදම් මසකට එක් වරක් කරන වියදම් වන අතර ඔබ සැලකිල්ලෙන් කළමනාකරණය කල යුතු වියදම වන්නේ අහාර පාන සඳහා කරන වියදමයි.
ආහාර පාන සඳහා කරන වියදමද වර්ගීකරණය කිරීම ඉතා සුදුසුයි. මෙය මාස්පතා, සතිපතා සහ දිනපතා කරන වියදම් ලෙස විය යුතුය.
 
මාස්පතා මිලදී ගන්නා අහාර

කිරිපිටි, පරිප්පු, සහල්, පිටි සැමන් ටින්, තෙල්, ජෑම් කිරිපිටි වැනි අහාර ද්‍රව්‍ය මසකට වරක් ගන්නා ඒවා යටතට අයත් වේ. නිදසුන් ලෙස මසකට මේවා පැකට් හෝ කිලෝ කියක් අවශ්‍ය වේද යන්න ඔබ සොයා බැලිය යුතුය. මේ අතර අනපේක්ෂිත ආගන්තුක සත්කාර ආදිය සඳහා සීනි, තේ කොළ, කිරිපිටි වැනි දෑ අවශ්‍ය ප‍්‍රමාණයට වඩා ටිකක් වැඩියෙන් නිවසේ තබාගැනීම නුවනට හුරුය.
සතිපතා සහ දිනපතා මිලදී ගන්නා අහාර
එළවළු, මස් මාළු ආදිය සතිපතා මිලදී ගන්නා අහාර අතරට එකතු වේ.
මේ අතර පාන් ඇතුළු අනෙකුත් බේකරි ආහාර වැනි එදිනෙදා මිලදී ගන්නා දේ දිනපතා වියදම් යටතට වැටේ.

අනෙකුත් වියදම්
මේ සඳහා මසකට යම් මුදලක් වෙන් කර තැබිය යුතු වනවා. බස් ගාස්තු, තෑගී  බෝග, දාන මාන සහ අනෙකුත් පුණ්‍ය ක‍්‍රියා සඳහා වන වියදම් ආදිය සඳහා මාසික අදායමෙන් යම් මුදලක් වෙන්කර තබන්න.
මෙම ලයිස්තුවේ ඉතිරි කිරීම් සහ අනාගත ආයෝජනත් එමෙන්ම වියදම් යටතේ  ඇඳුම් ආයිත්තම්, රුපලාවන්‍ය කටයුතු ආදිය සඳහා යන මුදල් සටහන් කරන තීරුවක්ද තබාගන්නට අමතක කරන්න එපා.


මුළුතැන්ගෙයි වියදම්

ගෙදර ඉවුම් පිහුම් කං බිම් වලින් උපයන මුදලින් ලොකු ප‍්‍රමාණයක් වියදම් කිරීම හෝ ඉතිරි කිරීම තීරණය වනවා.
ඔබේ දෛනික ආහාර රටාව ගැන අදහසක් ඇති කරගැනීම මුදල් කළමනාකරණය කිරීමට පමණක් නොව, සෞඛ්‍ය තත්වය රැුකගැනීමටද ඉතා  යෝග්‍යයි. සාමාන්‍යයෙන් ගන්නා උදැසන අහාර, දවල් සහ රාත‍්‍රී අහාර ගැන සතිපතා සටහනක් තබාගැනීමෙන් කල් තියාම අවශ්‍ය සතිපතා හා දිනපතා කළමනා ලැයිස්තුවද නිරායාසයෙන්ම ඔබට පිළියෙළ කරගත හැක.

උදෑසන අහාරය

බහුලව සහ පහසුවෙන් පිළියෙළ කරගත් හැකි උදැසන අහාර ලයිතුවක් ලියා තබාගන්න. මෙයින් කැමති අංග කිහිපයක් අදාළ සතියකදී ආ කල හැක. ධාන්‍ය වර්ග, කිරිබත්, ඉඹුල් කිරිබත්, පිට්ටු, ඉඳි ආප්ප, වෙල්ලවැහුම් ආදිය උදෑසන අහාර සමහරෙකි.

දිවා ආහාරය
අප බොහෝ දෙනෙක්ට දිවා ආහාරය බොහෝ විට බත් සහ මාළු පිලි වනවා. මදුවන්ති මහත්මිය පවසන්නේ ඇය දිනපතා බතට මාළු හෝ බිත්තර හෝ මස් වර්ගයක් හෝ කරවල/හාල් මැස්සෝ ව්‍යාංජනයකට අමතරව සාදාගන්නේ එක් එළවළුවක් සහ පලා වර්ගයක් හෝ සලාදයක් බවයි.  හෝ සතියකට වරක් සාදාගන්න කරවල, බටු වැනි යම් බැදුමක් නිතර පිළියෙළ කොට තබාගැනීම නිසා යට මුදල් පමණක් නොව කාලයද ඉතිරි කරගන්නට එය උපකාරී වනවා.
හැකි තරම් ඔබේ ගෙවත්තේ වගා කරන අහාර පිළියෙළ කරන්නට උත්සාහ කරන්න. මදුවන්ති මහත්මිය පවසන්නේ ඇගේ ගෙවත්තෙන් කොස්, දෙල්, කෙහෙල් මුව, කොහිල, දඹල වැනි එළවලූ නිරන්තරයෙන්ම දෛනික අහාරයට එකතු වන බවයි.
 
රාත‍්‍රී අහාරය

ඉඳි ආප්ප, ආප්ප, රොටි, පිට්ටු, නුඞ්ල්ස්, පැස්ටා වර්ග හෝ පිටින් කෑම.
මේවා සටහන් කර ගැනීමෙන් සතිපතා අහාර වලට යන මුදල ගැන පැහැදිලි අවබෝධයක් ලබා ගැනීමට ඔබට පහසුවෙන්ම හැකි වනවා.

දැන් මේ විධිමත් ගණනය කිරීම තුළින් ඔබේ ආදායම් සහ වියදම් ගැන ඔබට හොඳ අවබෝධයක් ඇති වනවා. අදායමට වඩා වියදම් අඩු නම්.. එය හොඳ සලකුණක්. මෙසේ ඉතිරි වන වැඩිපුර මුදල තෝරාගත් දිනක විශේෂ යමක් කිරීම සඳහා වෙන්කරගන්න පුළුවන්.
නමුත්, අදායමට වඩා වියදම් වැඩි නම්... එය ඔබේ අවධානය යොමු කල යුතු කරුණක් වනවා.

මසකට වරක් පමණක් පිටින් කෑම .මිල දී ගන්න
සති අන්තයේ පවුලේ සැමට නිවසේදීම විශේෂ ආහාරයක් පිළියෙළ කරන්න.
රුපලාවන්යාගර වලට යනවා වෙනුවට ගෙදරදීම රුපලාවන්‍ය කටයුතු කරගන්න. එක ගමනින් වැඩ කිහිපයක් කරගන්න විදුලිය, ජලය, දුරකථනය ආදිය කල්පනාකාරීව අරපිරිමැස්මෙන් පාවිච්චි කරන්න.

සතියට මිලදී ගත ප‍්‍රමාණයට වඩා මිලදී ගන්න එපා. නිදසුනක් ලෙස, සතියට ගත මාළු කලින් ඉවර වුනේ නම් ඊළඟ සතිය වන තුරු බිත්තර, කරවල වැනි දෙයක් ආදේශ කරගන්න.එමෙන්ම කාන්තා ඔබ අරපිරිමැස්ම පිළිබඳව විශේෂයෙන් සැලකිලිමත් විය යුතුය. බුදු රාජාණන් වහන්සේගේ දේශනාවේ වුවද සිවුරක් පරිහරණයෙන් පසුව පිස්නාවක් ලෙසටත්, එයින් පසුව ගොම මැටි පිරිමදින විටත් දිරා ගිය සිවුරු ඇතුළත් කරන බව සඳහන් වේ. අතීත කාන්තාව තුළද බොහෝ අරපිරිමැසුම් ක‍්‍රම තිබු බව ඔබ අප හොඳින් දන්නා කරුණක්.
කපු රෙදි දිරා ගිය විට එහි කොටස් අත් පිස්නා ලෙය භාවිත කළ අතර, ඇතැම් අවස්ථා වල ඒවා පා පිස්නා ලෙස ද සකස් කර භාවිතා කර තිබේ. නිවසේ රෙදි මසා ඉතිරි වෙන රෙදි කැබලි මුට්ටු කර අලංකාර කොට්ට උර මැසිය හැකිය. එමෙන්ම පැච්වර්ක් කලාවට ඉතාම ආසන්න ලෙස තේ කෝප්ප, ගමන් මලූ නිර්මාණය කර ඇත.
එමෙන්ම නිවසට පැමිණෙන නෑදෑයන් වෙනුවෙන් පමණක් අලූත් රෙදි පාවිච්චි කළ හැකි අතර සාප්පු සවාරියේදී මිතුරියන් සමග නොනවතින තරගයේදී තමන්ට අවශ්‍ය නැති වුවද මිලට ගැනීමට ද දක්වන උනන්දුව නිසා මුදල් පසුම්බිය නොදැනම හිස් වන්නේ වෙනත් දෙයක් සඳහා යෙදවිය හැකි මුදල් තවත් අර්බුදයක් සඳහා බව ඔබ අමතක නොකරන්න. මෙවැනි ක‍්‍රම කාන්තා ඔබට වඩාත් ප‍්‍රයෝගිකව යෙදවිය හැකි වේ. දරුවන්ට ද සකසුරුවම කියාදීම මව්වරුන් වන ඔබගේ වගකීමයි. සතෙන් සතේ රුපියලෙන් රුපියල ඉතුරු කිරීමට ඔවුනට උපදෙස් දෙන්න. 

එමෙන්ම විශේෂයෙන් යම් පවුල් වල පිරිමි පාර්ශ්වය තම වැටුප කාන්තාව අතට ලබාදීම දක්නට ලැබේ. එහිදී නිවසක මුදල් පරිහරණය කාන්තාව බුද්ධිමත්ව කටයුතු කළ යුතු වේ. මුදල් ඉපයීමට වඩා මුදල් ඉතිරි කිරීමට ඔබ දක්ෂ නිසා ඒ පිළිබඳව සැලසුමක් සාදා ගන්න. වැඩි මුදලක හිමිකම් දැරීමට වඩාත් කාර්යක්ෂම ක‍්‍රමය වන්නේ මුදල් ආයෝජනය කිරීමයි. එමෙන්ම ඔබට දරා ගත නොහැකි අන්දමේ මිල අධික භාණ්ඩ මිලදී ගන්නේ නම් ඔබ සතු මුදල් ඔබටත් නොදැනිම වියදම් වනු ඇත. ඔබ උපයන මුදල ක‍්‍රමයෙන් වැඩි වනවාත් සමගම ඔබ ඔබගේ අවශ්‍යතාද වැඩි කර ගතහොත් ඔබට ඉතිරි කළ හැකි ප‍්‍රමානය අඩුවේය. ඔබට සාර්ථක පුද්ගලයකු වීමට අවශ්‍ය නම් ඔබට ඔබගේම සිහින තිබිය යුතුය. ඔබ ඔබගේ සිහින පසෙකලා වෙනත් කෙනෛකුගේ සිහින පසුපස හඹා යන්නේ නම් ඔබට සාර්ථක විය නොහැකිය. උදාහරණයක් ලෙස ඔබ ඔබේ අසල් වැසියාගේ හෝ ඔබේ යහළුවාගේ හෝ සිහින වලට ආසා විය හැකිය. ඒවාට ප‍්‍රිය කරමින් ඒවා සැබෑ කර ගැනීමට උත්සාහ දරන්නේ නම් එවැනි බොහෝ අවස්ථා වල ඔබට ඒවා සැබෑ කර ගත හැකි නොවනු ඇත. එවිට ඔබ, ඔබ පිළිබඳවම කල කිරීමටත් පසු තැවීමටත් පත් වේ. එම නිසා ඔබට සාර්ථක වීමට අවශ්‍ය නම් ඔබ ඔබගේම සිහින පසු පස ගමන් කරන්න. ඔය ඔබේ සකසුරුවමේ ප‍්‍රධානතම අංගයයි. එමෙන්ම කාන්තා ඔබ ඔබ පිළිබඳව විශ්වාසයක් තබා ගැනීම වඩාත් වැදගත්. එවිට පවුලේ කටයුතු නිසි කළමනාකාරීත්වයකින් යුක්තව සාර්ථකව ඉටු කර ගත හැකි වේ. 

                    නිර්මාණි කොළඹගේ

No comments:

Post a Comment

Special Cultural Traditions of the Sinhala Hindu New Year in Sri Lanka

  Special Cultural Traditions of the Sinhala Hindu New Year in Sri Lanka. The "Sinhala Hindu New Year" is one of the most import...