මා දුටු සිත්තම්

Saturday, July 28, 2018

කරදරකාර ගැස්ට‍්‍රයිටිස් රෝගයෙන් සම්පූර්ණයෙන් මිදීමට මඟක්



                        වත්මන් සමාජය තුළ සුලභව අසන්නට ලැබෙන රෝගයක් ලෙස ගැස්ට‍්‍රයිටිස් රෝගය හඳුන්වන්න පුළුවන්. මෙය කෙටි කාලයකින් මතුවිය හැකි අතර දිගු කාලයක් තිස්සේ සෙමින් මතුවීම ද දක්නට ලැබේ. මෙසේ දීර්ඝකාලීනව මෙම රෝගයෙන් පීඩා විඳීමින්, විශාල කායික මෙන්ම මානසික අපහසුතාවයට පත් වූ පුද්ගලයන් බොහෝ දෙනා මෙන්ම එයට ප‍්‍රතිකාර ලබා ගත්තද එයින් නිසි ප‍්‍රතිඵල නොලබන විශාල පිරිසක්ද දැකගත හැකියි. විශේෂයෙන් කුඩා දරුවන්ගේ සිට අධ්‍යාපනය ලබන බොහෝ දෙනෙක්ද, රැුකියාවල නියුතු බොහෝ දෙනෙක්ද ගෑස්ට‍්‍රයිටිස් රෝගයෙන් පීඩා විඳින බව දක්නට ලැබේ. මෙලෙස විශාල ගැටලූවක් බවට පත්ව ඇති. ගැස්ට‍්‍රයිටිස් රෝගය ආයුර්වේද වෛද්‍ය රන්පත රුවන් රත්නායක මහතා වෙත යොමු වීමෙන් සම්පූර්ණයෙන්ම සුවකර ගැනීමට හැකිවීම විශේෂත්වයක්. සුවිශේෂී ආයුර්වේද වෛද්‍ය විද්‍යා ක‍්‍රමවේදයක් අනුගමනය කරමින් විශාල රෝගීන් පිරිසකට සුවය සලසා දීමට පෑලියගොඩ පිහිටි එතුමාගේ රන්පත වෙද මැදුර මගින් හැකියාව ලැබී ඇත. පීඩාකාරී ගැස්ට‍්‍රයිටිස් රෝගය පිළිබඳව ආයුර්වේද වෛද්‍ය රන්පත රුවන් රත්නායක මහතා සමඟ කළ සාකච්ඡුාවකුයි මේ.

1. ගැස්ට‍්‍රයිටිස් රෝගය පිළිබඳව ඔබතුමාගේ අදහස?

ආමාෂයේ ආස්කරණය හෙවත් ආමාෂ බිත්තියේ ඇතුලූ පැත්තෙහි ඇතිවන ප‍්‍රදාහයක් ගැස්ට‍්‍රයිටිස් රෝගය ලෙස හඳුන්වන්න පුළුවන්. මෙයින් විශාල වශයෙන් ජීරණ දුබලතා ඇතිකරනවා. මිනිසාගේ ශරීරයේ ඇති පද්ධති අතරින් ආහාර ජීර්ණ පද්ධතිය ඉතා විශේෂයි. එය ශරීරයේ සියලූම පද්ධතිවලට පෝෂණය සපයන ප‍්‍රධානම වගකීම දරන අතරම ෙසෙලවලට පෝෂණය සැපයීමට නම් අප ගන්නා ආහාර එම ෙසෙලවලට උරාගැනීමට හැකි අයුරින් සරල කොටස් බවට පත්කර ගත යුතුයි. මෙවැනි යහපත් ජීරණ ක‍්‍රියාවලියකට සියලූම ජීරණ ක‍්‍රියා යහපත්වීම අනිවාර්ය වෙනවා. නමුත් ගැස්ට‍්‍රයිටිස් රෝගය ඇතිවිට ආහාර ජීරණ පද්ධතියේ ක‍්‍රියාකාරීත්වය අක‍්‍රමවත්. මෙමගින් ආරම්භවෙන ක‍්‍රියාවලිය ශරීරය තුළ පවතින සියලූම පද්ධතිවලට හානිකිරීම ද දැකගත හැකිියි.

2. ගැස්ට‍්‍රයිටිස් රෝගයේ රෝග ලක්ෂණ මොනවාද?

ගැස්ට‍්‍රයිටිස් රෝගය වැළඳුණුවිට, එහි රෝග ලක්ෂණ ලෙස ආහර ගැනීමෙන් පසු උගුරට ඒම, ආහාර අරුචිය, ඔක්කාරය, කෑම අරුචිය, බඩ පුරවා දැමීම, බඬේ කැක්කුම, පපුව හිරවීම ආදිය දැකගන්න පුළුවන්. විශේෂයෙන් සඳහන් කළ යුතු වන්නේ මෙම රෝග ලක්ෂණ ඇතිව හෝ නැතිව ගැස්ට‍්‍රයිටිස් රෝගය වැළඳී තිබීමේ අවදානම් සහගත බවක් ඇති බවයි.

3. මෙම රෝගී තත්ත්වයේ පසු බල පෑම කුමක්ද?

මෙම රෝගී තත්ත්වය වැළඳීමෙන් පසුව ආහාර ජීරණයෙන් සිදුවන අක‍්‍රමිකතා හේතුවෙන්, ඇඟපත අමාරුව, ශරීරයේ අප‍්‍රාණික ගතිය, නින්ද නොයාම, පිටකොන්ද කැක්කුම, ආදී රෝගී ලක්ෂණද දකින්න පුළුවන්. ගැස්ට‍්‍රයිටිස් හෝ වෙනත් ආහාර ජීරන දුබලතාවයන් ඇති අවස්ථාවක කාලයක් ගත වූ පසුව ආහාර සිරුරට අවශෝෂණය කළ හැකි අවසන් ඵලයක් බවට පත් නොවීමෙන් විෂක් ලෙස රුධිරයට එකතු වීමත් දක්නට ලැබෙනවා. මෙය ආයුර්වේදයේ ‘‘ආම’’ ලෙස හඳුන්වනවා. මෙම තත්ත්වය සැබෑලෙස නොදිරූ ආහාර රසයක් ලෙස ද නම් කළ හැකියි. මෙයින් ශරීරයේ කිසිම ෙසෙලයකට නිසිආකාරව ප‍්‍රයෝජනයක් ගත නොහැකියි. මේ නිසා උෂ්ණ අධික ශරීර ඇති අයගේ පිතෙහි ඇති උෂ්ණ ගණය ද මුසුවීමෙන් ඇති විය හැකි උපද්‍රව තව තවත් වැඩිවනවා. මෙම ආම රසය රක්ත ධාරාව හරහා කුමන හෝ, පද්ධතියකට, ඉන්ද්‍රියකට, පටකයකට හෝ ෙසෙලයකට ගෙනගිය ද එම ස්ථානයේ ශ්වසන ක‍්‍රියා අක‍්‍රමවත් කරවීමට තරම් ප‍්‍රභලයි. මෙහිදී මුලින්ම හිසේ කැක්කුම, ඇඟපත රිදීම හෝ මළ පිටවීමේදී ඇතිවන අක‍්‍රමිකතාවක් වැනි ලක්ෂණ පෙන්නුම් කරනවා. නමුත් පසුව දීර්ඝකාලීන රෝග ඇති කරන්නේ ඉහත සඳහන් කළ විෂ කොටස් මගින් තෝරාගත් පද්ධතියක් හෝ අවයවයක් සම්පූර්ණවම ආක‍්‍රමණය කළ විටයි. එම විෂමතාව වකුගඩු ආශ‍්‍රිත මුත‍්‍ර පද්ධතියට බලපනවා නම් වකුගඩු ආබාධ, මුත‍්‍ර රෝග ආදිය ඇතිවිය හැකියි. අගන්‍යාශයට බලපෑවිට දියවැඩියාව ආශි‍්‍රත ප‍්‍රමේහ රෝග තත්ත්ව ඇතිවිය හැකියි. විශේෂයෙන්ම කිවයුතු වන්නේ මෙම සියලූ රෝග තත්ත්වයක් හෝ උපද්‍රව ඇති කිරීමට මූලික වී ඇත්තේ ගැස්ට‍්‍රයිටිස් හෝ ආහාර ජීරණ පද්ධතියේ විවිධ අක‍්‍රමිකතාවනුයි.

4. ගැස්ට‍්‍රයිටිස් රෝගය නිට්ටාවටම සුවකළ හැකිද?

බොහෝ දෙනෙකුට ඇති ප‍්‍රධානතම ගැටලූවක් වන්නේ මෙම රෝගී තත්ත්වය නිට්ටාවටම සුව කළ හැකිද යන්නයි. ඔව්. මෙය නිට්ටාවටම සුවකළ හැකියි. රෝගය නිට්ටාවටම සුවකිරීම සඳහාම නිර්මානය වූ ආයුර්වේද වෛද්‍ය ක‍්‍රමය නිවැරදිව භාවිත කිරීමෙන් මෙලෙස සුවකර ගැනීමේ හැකියාවක් පවතිනවා. 

ගැස්ට‍්‍රයිටිස් රෝගය සුව කිරීමට ඔබ ආයුර්වේද වෛද්‍ය ක‍්‍රමවේදය යොදා ගන්නේ කෙසේද?
ආයුර්වේද වෛද්‍ය ක‍්‍රමය පිළිබඳව ඇසූවිටම බොහෝ අය ඒ සඳහා මැලිවන්නේ, අවශ්‍ය ඖෂධ සෙවීම, කෑම්බීම, සකස් කිරීම ආදී කටයුතුවල ඇති අපහසුතාව මතයි. නමුත් අපගේ පවතින පහසු ඖෂධ භාවිතා කිරීමේ ක‍්‍රමය හේතුවෙන් කිසිදු අපහසුතාවකට පත්විය යුතු වන්නේ නෑ. අපගේ ප‍්‍රතිකාර ක‍්‍රමය මේ වන විටත් වඩාත් ජනප‍්‍රිය වන්නේ ඒ නිසයි. මෙහිදී අප විසින්, රෝගියෙකුට කසාය වර්ගයක් දිය යුතු විට ඒවා පෙති ලෙස හෝ තම්බා පිළියෙල කරන ලද බෝතල් ලෙස රෝගියා අතට පත් කරන හෙයින් එවන් අපහසුතා ඇතිවන්නේ නෑ. එමෙන්ම අප ආයතනය මගින් රැුකියාවල නියුතු කාර්යබහුල අයෙකුට වුවද පහසුවෙන් ලබා ගත හැකි චූර්ණ, ගුලි වර්ග, කල්ක ආදිය නිපදවීමට ද අප සමත්වී තිබෙනවා. විවිධ රැුකයාවන්ට මෙන්ම සේවා මුරයන්ට ගැලපෙන අයුරින් රෝගීන් සමඟ සාකච්ඡුා කර ඖෂධ භාවිතයට අවස්ථාව සලසා දීම ද මෙහි ඇති විශේෂත්වයක්.

5. මීට අමතරව රන්පත වෙද මැදුරෙන් කෙරෙන ප‍්‍රතිකාර මොනවාද?

ගැස්ට‍්‍රයිටිස් රෝගයට අමතරව, සෙම් රෝග, දියවැඩියාව, වාත රක්ත, ඉරුවාරදය, අධිරුධිර පීඩනය, ලිංගික දුබලතා, කාන්තා රෝග ආදියට ද අප වෙද මැදුරෙන් ප‍්‍රතිකාර කෙරෙනවා. එමෙන්ම සමාජය තුළ වැඩි වශයෙන් දක්නට ලැබෙන කාන්තාවන්ගේ දරුඵල ප‍්‍රමාද වීම, පුරුෂ ශක්තිය දුර්වලවීම, ආදියට ද ප‍්‍රතිකාර කිරීමද මෙහිදී සිදුවෙනවා.

නිර්මාණී බී කොළඹගේ

No comments:

Post a Comment

Special Cultural Traditions of the Sinhala Hindu New Year in Sri Lanka

  Special Cultural Traditions of the Sinhala Hindu New Year in Sri Lanka. The "Sinhala Hindu New Year" is one of the most import...