මා දුටු සිත්තම්

Saturday, July 28, 2018

උත්සව සමයේ බොරු වියදම් අඩු කරමු





උත්සව සමයේ ඔබ අපි කවුරුත් නවතම ඇඳුම් පැළඳුම්, විවිධ ආහාර වර්ග, භාණ්ඩ හා සේවාවන්  මිළට ගැනිමට, ගමන් බිමන් යාම  ආදියට වැඩි වශයෙන් පෙබෙන කාලයක්. එම කාලය තුළ ඔබ නොසිතන පරිදි අනවශ්‍ය වියදම් රැුසක් වියදම් වන කාලයක් අතවශ්‍ය නොවන භාණ්ඩ හා සේවා ලබා ගනිමින් අනවශ්‍ය මුදල් නාස්තියක් සිදු කරන නිසාම යම් විටෙක ඔබට උත්සව සමය කණ්සල්ලෙන් ගත කිරිමට ද සිදු වේ. 

  එසේත් නැත්නම් උත්සව සමය තුළ අනවශ්‍ය මුදල් වියදම් කර පසුව එළබෙන කාලය ඔබට අපහසු කාලයක් බවට පත්විමට ඉඩකඩක් පවතී එම නිසා උත්සව තුළ සියලූම කටයුතු නිසි කලමණාකාරිත්වයෙන් සිදු කළ හොත් වියදම් අඩු කර ගනිමින් නිදහසේ කාලය ගෙවා දැමිමටත් පිරිමැසුම්දායක ලෙස වැදගත් අතවශ්‍ය කටයුත්තකට එම මුදල් ඉතිරි කර ගැනිමටත් ඔබට අවස්ථාවක් උදා වේ.

උත්සව සමයේදි මුලින්ම  ඔබට මිල දි ගැනිමට අවශ්‍ය මොනවාද යන්න සොයා බලා ඒවා ලයිස්තු කිරිමක් සිදු කරන්න. මුඑතැන්ගෙය සඳහා අවශ්‍ය බඩු භාණ්ඩු ආහාර පාන මෙන්ම නිවසේ අලූත් අලූත්වැඩියාවට අවශ්‍ය භාණ්ඩ ආදියට ඇඳුම් පැළඳුම් ත්‍යග ලබා  දිමට අවශ්‍ය කරන දේවල් ඇති ලෙස වර්ග කර ලයිස්තු කරන්න. ඉන් පසුව ඒවා නැවත වරක් කියවීම සිදු කරන්න. එ හිදී  අනවශ්‍ය දෑ තිබේනම් ලයිතුවෙන කපා ඉවත්් කරන්න. එමෙන්ම නිවසේ දැනටමත් පවතින යමක්  වේ නම් එුවාද සොයා බලා ඉවත් කරන්න. දැන් ඔබට අතවශ්‍ය භාණඩ එම ලයිස්තුවේ ඉතිරි වී ඇත. ඒවා අතැති මුදලට ක‍්‍රමානුකුලව මිලට ගන්න.
උත්සව සමයේ විවිධ ආහාර වර්ග සැදිමට අවශ්‍ය නම් සාදාගන්නේ මොනවාද මොන තරම් ප‍්‍රමාණයකටද යන්න සැලසුම් කරන්න.  තෑගිබොග ලබා දෙන්නේ  නම් ලබා දෙන්නේ  කාටද  කී දෙනෙකුට ද ආදිය ද සැලසුම් කර ඒවා මිලට ගැනිමට පෙලබෙන්න. එවියද ඔබගේ මුදල් නිසි කලමණානාරිත්වයෙන් යෙදවිමට හාකියාව ලැබේ.  එමෙන්ම උත්සව සමය එළබෙන තුරු නොසිට කල් වේලා ඇතිව සියලූම දෑ මිලට ගැනිමට ද වග බලා ගන්න. විශාල පිරිසක් නිවසට පැමිණ සිිටින විට අවශ්‍ය  දේවල විටින් විට මිලදි ගැනිමට යාම අනවශ්‍ය මුදල් නාස්තියක්් මතකයේ තබා ගන්න.

 

මිළගට විවිධ වෙළඳ දාන්විම් වලින් ඔබව ආකර්ෂණය  නතුකර ගන්නා අවස්ථා පිළිබඳ සඳහන් කිරිම වැදගත් ඒවා මගින් ඔබ තුළ අනවශ්‍ය අවශ්‍යතා ඉස්මතු කරවීමක් සිදු කරනවා. නම් ඒවා මිළට ගැනිමට නොයන්න. තම අවශ්‍යතාවලට සරිලන තමා අතැති මුදල් ගැලපෙන ගුණාත්මක මිලදි ගැනිමකට යොමු වීම වැදගත්. එමෙන්ම විවිධ  ආදේශක වලට යොමු නොවිමට උපක‍්‍රම ශ‍්‍රීලි විම වැදගත් හැකි තරම් ඔබ වැය කරන මුදලට ප‍්‍රයෝජනවත් කාර්යයක් ඉටු නොවිම අනවශ්‍ය මුදල් වැය කිරිමක් බවට පත් වේවි. එමෙන්ම වෙළඳපලට රුගෙන යන කුඩා දරුවන් ඉල්ලන සියල්ල මිපදි ගැනිමට පෙර ඒවායේ ගුණාත්මක  බව ඒවායේ අවශ්‍යතාවය සිතා බලා කටයුතු කිරිම ද ප‍්‍රයොජනවත්.

උත්සව සමයේ බොහෝ විට ලාභ භාණ්ඩ කෙරේ ඔබේ අවධානය වැඩි වශයෙන් යොමු වේ. මුදල් ඉතිරි කර ගැනිමේ පරමාර්ථයෙන එම භාණ්ඩ කෙරේ ඔබද වැඩි අවධානයක් යෙදිමට  පුඑවන්. නමුත් එම භාණ්ඩවල  ගුණාත්මක බව පිළිබඳ වැඩි අවධානයක් යෙදිමයි. වැදගත් වන්නේ එසේ නොමැති වු විට  එම භාණ්ඩ ඉක්මණින් ප‍්‍රයෝජනයට ගත නොහැකි  තත්ත්වයට පත්  වන නිසා ඒ වෙනුවට ඔබට නැවතත් මුදල් යෙදවිමට සිදු වේ. එවිට සිදු වන්නේ. අවශ්‍ය මුදල් වියදමකි. එම නිසා හොදින සොයා බලා ලාබ දෙයට නොව ගුණාත්මක භාණඩ මිළට ගැනිමට හාකිතාක් පෙළටඹන්න.
 
එමෙන්ම උත්සව සමයේ ඔබ භාණඩ මිලය ගත් විට බිල්පත එම ස්ථානයේම පරික්ෂා කිරිම මගින් අවශ්‍ය වියදම් රැුසක් අවම කර ගත හැකිය. බොහෝ අවසථවල ඔබ මිළ දී ගත් භාණ්ඩ එම අවස්ථාවේ බලා දී නොතිබිමද සිදු විය හැකිය. එම නිසා බිල්පත මෙන්ම ඔබට ලැබෙන ඉතිරි මුදල එම ස්ථානයේ දිම ගණන් ගඑ බැලිම ඔබට අනවශ්‍ය  වියදම් අයම කරාවි එමෙන්ම උත්්සව සමයේ ඔබගේ නිවස අලූත්වැඩියා කිරිමේදි විවිධ කරුණු අවධානයට ගානිම වැදගත් ආසන්න දිනයකදි ඔබගේ නිවස අලූත්වැඩියාවකට ලක් කර ඇත්නම් තීන්ත ආලේප කර ඇත්තේ ආසන්න දිනයකදි  නම් නැවත ඒවාට වියදම් කිරිම අවශ්‍ය වන්නේ නැ මෙවැනි කරුණු ද  වඩාත් හොඳින් සලකා බලන්න. එවිට උත්සව සමයේ බොරු වියදම් අවම කරමින් වඩාත් සාර්ථකව සතුටින් ගත කිරිමට ඔබට හැකියාව ලැබේ.

                                                   නිර්මාණි බී කොළඹගේ         

No comments:

Post a Comment

Special Cultural Traditions of the Sinhala Hindu New Year in Sri Lanka

  Special Cultural Traditions of the Sinhala Hindu New Year in Sri Lanka. The "Sinhala Hindu New Year" is one of the most import...