මා දුටු සිත්තම්

Saturday, July 28, 2018

ඔබත් සත්ත්ව හිංසනයේ කොටස්කරුවෙක්ද?







සතුන් වෙනුවෙන් දිනයක්’ සැමරීම පිළිබඳව එක්තරා ආකාරයකට සතුටට පත්වන්නට හැකියාවක් ඇත්තේ එතරම්ම සත්ත්ව හිංසනය බලවත්වූ සමාජයක දිවිගෙවන්නට මටද සිදුව ඇති බැවිනි. නමුත්, සතුන් සුරැුකීමට එක් දිනයක් වෙන්කිරීමද හාස්‍යට කරුණක්. වත්මන් සමාජය තුළ මනුෂ්‍යත්වයටද නියමාකාර අර්ථයක් නොමැති අවස්ථාවක සතුන්ට ඇති අයිතිවාසිකම් පිළිබඳව තවදුරටත් කතිතා කිරීම ප‍්‍රශ්නාර්ථයකි. ‘සතුන් සුරකිමු’ යන්න පෙළගැසුණු සත්ත්ව සංවිධාන මාෆියාවටද දිය හැකි කදිම පිළිතුර වන්නේ ඔවුනගේ මිත්‍යාවද මේ වනවිට වඩවඩාත් ඔප්පු වූ බවයි. පසුගිය දිනෙක සමූල ඝාතනයට ලක්වූ සුනඛයන් හා බළල් පරපුර වෙනුවෙන් හඬ නැගීමටත්, ඒ වෙනුවෙන් නිහඬ විරෝධතාවයක් දැක්වීමත් එක්වූ වූ පිරිස අතර ජාලා මාධ්‍ය තුළද ඔවුනගේ කාර්යභාර්ය ඉතා ප‍්‍රසංසනීයයි. ඒ වෙනුවෙන් ඔවුනට තුති පිදීමටද මා මෙය අවස්ථාවක් කර ගනිමි.

කුසගින්න’ ඔබටත් දැනී ඇත. කුසගින්නේ සිටින ඔබට ජල බිඳක් හෝ ඉල්ලාගෙන බීමට හැකියාවක් තිබුණද සතුනට තමාගේ කුසගින්න නිවාගැනීමට තිබෙන්නේ කුමන පිළියමක්දැයි ඔබ මදක් සිිතුවාද? අහර සොයා එන අහිංසකයෙකුට ගලකින් හෝ ආයුධයකින් ගසන්නට හෝ උණු වතුරවත් කරන්නට, කට කපන්නට, තරම් ඔබ සිත් කුහක වූයේ කිනම් ක‍්‍රියාවක ප‍්‍රතිඵලයකින්දැයි නොදනිමි. පසුගිය දිනෙක විශ්වවිද්‍යාල කිහිපයක් තුළ නිදැල්ලේ සැරිසැරූ අහිංසක සුනඛයන් ඉතාම ඛේදනීය අයුරින් ඝාතනය කිරීම වෙනුවෙන් මෙහි ඉඩහසර වෙන් කිරීමට කැමැත්තෙමි. එයට සාධාරණයක් කරන්නට ඔබටත් මටත් හැකියාවක් නැත. සතුන් ඇති කිරීම විෂබීජ නා ගැනීමක් බව කියන බොහෝ දෙමව්පියන්, සුරතල් සතෙකු ඇති කිරීමෙන් දරුවා ලබන මානසික සහනය පවා වඩාත් භයානක ලෙස කෙලෙසා දමන්නට අද වනවිට සමත්ව සිටී.

ඉහත සඳහන් කළ ඝාතනය වූ සුනඛයන්ටද ඔබට දුක වේදනාව දරාගත හැක්කේ කොතරම් දුරටද? ඔවුන්ටත් මේ අකුරු පෙළ ඒ වෙනුවෙනුයි. එදින දසදහස් ගණන් අහිංසක ජීවිතවල අසරණ හුස්ම පොද පස් අතර හොර රහසේම වැළලී යන්නට ඇත.
මුල්ම පියවර තැබිය යුත්තේ ඔබගේ ‘චින්තනය’ සකස් කර ගැනීමටයි. අහිංසක සතෙකු, කරදරයට විපතට පත් සතෙකු දුටුවිට, ‘අනේ අපොයිෟ’ කියන්නකුවත් ‘කරුම ඵල දෙනවා’ යැයි කියන්නකුවත් නොවී හැකිතරම් අසරණ සතෙකුට උදව්කළ හැකි චින්තනයක් ගොඩනගා ගැනීමට උත්සහගන්න.
 
වර්තමානයේ වැඩි වශයෙන් සිදුවන ගව ඝාතනය පිළිබඳව කතාකළ යුතුමයි. ඉන්ද්‍රරතන ස්වාමීන් වහන්සේ ඝව ඝාතනය වෙනුවෙන් දිවිපිදුව ද අපට එය සතියෙන් අමතකව ගොස් ඇති අපූරුව යළිඳු කීම නිස්සාර කරුණකි. ගව ලේවලින් නිවාස සේදීමත්, සෞභාග්‍ය උදා නොවන බවද, සත්ත්ව ඝාතනයෙන් ඔබට විමුක්තිය උදා නොවන බවද අවබෝධකරගත යුතුය. මිත්‍යාවෙන් ඔබට උදාවන්නේ තවකෙකුගේ ජීවත්වීමේ අයිතිය ඔවුන්ට ලබා දුනහොත් පමණි.
ඔබට සුන්දරව ඉස්මතුව පෙනෙන පෙරහැරක පවා ගෙනයන අලි ඇතුන් ඒවාට පුරුදු පුහුණු කිරීමේදී ලක්වන හිංසාපීඩාදියද අතිමහත්වේ. පිටතින් පෙනෙන සුන්දරත්වය ඒ කිසිවක් තුළ නැති බව මතක තබා ගන්න. මහමග දමා යන අහිංසක සතුන්, දමා යාමට පෙර මොහොතක් සිතන්න. ඒ දමා යන්නේ ඔබගේ දරුවන් මෙන්ම කිරි සප්පයන් බව.

පළමුවෙන්ම කළ යුත්තේ සතුන් මහමඟ දමා යන පුද්ගලයන්ට විරුද්ධව නීතිමය කටයුතු ඇරඹීමයි. එය සතුන් අනාථවීම පාලනය කිරීමට සුදුසුම පියවරයි. එමෙන්ම ගවයන්, සුනඛයන්ය මෙන්ම, සත්ත්ව උද්‍යානවල හිංසාවට පීඩාවට ලක්වන සියලූම සතුන් වෙනුවෙන් ඔබට කළ යුතු විශාල කාර්යභාර්යයක් ඔබ ඉදිරියේ ගොඩනැගී ඇත. 

කියවා පසෙකලන්නටවත්, විසිකරන්නටවත් නොව එක් ක‍්‍රියාවක් හෝ සිදුකර සත්ත්වයෙකු සුරැුකීමට දායකවන්න. එවිට ප‍්‍රාණය අයදින එක් ජීවිතයක් හෝ බේරාගැනීමට ඔබට හැකියාව ලැබේ. ඔබ නිදහසට ප‍්‍රියකරනවා මෙන්ම ඔවුන්ද නිදහසට ප‍්‍රියකරනු ඇත. එමෙන්ම විශාල වශයෙන් පීඩාවට හිංසනයට ලක්වන ‘සර්පයන්’ පිළිබඳව පවා නිසි අවබෝධයකින් යුතුව සිටින විට අහිංසක ජීවිත රැුසක් බේරා ගැනීමට ඔබට හැකියාව ලැබේවි. මුලින්ම ඔබගේ නිවසේ සිරගතකර ඇති සුනඛයා පිළිබඳව මොහොතක් සිතන්න. ඔබත් සත්ත්ව හිංසනයට මුල්වන්නෙක්ද? තීරණය ඔබට භාරයි. නිවසින් ආරම්භ කරන්න. ඔබට අහිංසක ජීවිත රැුසක් මරණයෙන් හිංසාවෙන් මුදවා ගැනීමට නොඅනුමානව හැකියාව ලැබේවි. 
 
පිටතට පෙනෙන්නට ‘සත්ත්වයින් සුරකිමු’යි කෑ ගැසුවාට ඉන් ඵලක් නැත. මෙවර ලෝක සත්ත්ව දිනයේදී ඔබට පැවසිය යුතුව ඇත්තේ, අවංකව සිතට ගත යුතු එක් කරුණකි. ඔබ මෙන්ම ඔවුන්ද ප‍්‍රාණියෝය. ඔබට මෙන්ම ඔවුනටද හැඟීම් දැනීම් නොඅඩුව පවතියි. ඔබට මෙන්ම දුක, සතුට, කුසගින්න ඔවුන්ටත් දැනෙයි. සත්ත්ව පීඩාව හිංසාව පිටුදකිමු. ක‍්‍රියාවෙන් ඒ සඳහා පෙළ ගැසෙමු. එක් උත්සාහයක් දිනයක ලොවම ඒ වෙත අත්පත් කරගන්නට සමත්වනු ඇත.

නිර්මාණී බී. කොළඹගේ.

No comments:

Post a Comment

Special Cultural Traditions of the Sinhala Hindu New Year in Sri Lanka

  Special Cultural Traditions of the Sinhala Hindu New Year in Sri Lanka. The "Sinhala Hindu New Year" is one of the most import...