මා දුටු සිත්තම්

Saturday, July 28, 2018

ආගමික දේශනාවලින් ජිවිතයට අරපිරිමැස්ම





ආගමික දේශනාවල ජිවිතයට අරපිරිමැස්ම හුරුකරවන අන්තර්ගතයන් බොහෝ වේ. බුදුරජාණන්වහන්සේගේ දේශනාවල විශේෂයෙන්ම අරපිරිමැස්ම පිලිබදව බොහෝවිට සදහන් වේ. ඔබ අරපිරිමැස්ම පිළිබඳව විශේෂයෙන් සැලකිලිමත් විය යුතුය. බුදු රාජාණන් වහන්සේගේ දේශනාවේ වුවද සිවුරක් පරිහරණයෙන් පසුව පිස්නාවක් ලෙසටත්, එයින් පසුව ගොම මැටි පිරිමදින විටත් දිරා ගිය සිවුරු ඇතුළත් කරන බව සඳහන් වේ. අතීත කාන්තාව තුළද බොහෝ අරපිරිමැසුම් ක‍්‍රම තිබු බව ඔබ අප හොඳින් දන්නා කරුණක්. 

ධනවත්වීමට අපේක්ෂා කරන අයෙකුට එම උපදෙස් හතර අනුගමනය කිරීමෙන් කෙටි කලකින් පොහොසතෙකු බවට පත්විය හැකිය. ලොව යම් ධනවතෙකු වෙතොත් ඒ ඔහු හෝ ඇය ධනවතෙක් බවට පත්ව තිබෙන්නේ මෙකී උපදෙස් හතරම හෝ එයින් එකක් හෝ අනුගමනය කිරීමෙන් බව පැහැදිලිය. උත්සාහයෙන් දැහැමිව සපයාගත් ධනය තවදුරටත් වර්ධනයකර ගැනීමෙහිලා අනුගමනය කළ යුතු උපදෙස් හතරක් අංගුත්තර නිකායේ කුල සූත‍්‍රයෙහි ඇතුළත් වේ. විනාශ වූ දෙය සොයා සපයා ගැනීම ,දිරාපත් වු දේ පිළිසකර කිරීම ,ආහාරපාන සම්බන්ධයෙන් ප‍්‍රමාණය දැනීම ,සිල්වත් ස්ත‍්‍රියක හෝ පුරුෂයෙකු නායකත්ත්වයේ තැබීම යනු ඒ සිව්වැදෑරුම් උපදෙස්ය

පළමු කරුණෙන් අවධාරණය වන්නේ විවිධ හේතු නිසා විනාශ වු ධන සම්පත් නැවත සොයා සපයා ගැනීමයි.ගෘහ ජීවිතය පහසුවෙන් ගත කිරීම සඳහා ඉඩකඩම් මෙන්ම වෙනත් භෞතික භාණ්ඩ රැුසක් අවශ්‍ය වේ. ඉඩකඩම් ඇතුළු දේපළ මෙන්ම වෙනත් භෞතික භාණ්ඩ කලින් කලට විවිධ හේතු නිසා විනාශයට පත්වේ. එය ස්වාභාවික වූවකි. විනාශ වූ දේවල් නැවත සොයා සපයා නොගන්නා තැන භෞතික වශයෙන් දියුණුවක් අපේක්ෂා කළ නොහැකිය. භෝග සම්පත් වැඩිදියුණු කරගැනීමේදී මෙම පළමු ප‍්‍රතිපත්තිය ක‍්‍රියාවට නැංවීම අවශ්‍ය වේ. කිසිවක් වෙනස් නොවී සදාතනිකව නොපවතී. සියල්ල වෙනස් වෙමින් විනාශයට පත්වන බව බුදුසමයේ මූලික පිළිගැනීමයි. අනිත්‍යතා සිද්ධාන්තයෙන් පෙන්වා දෙන්නේ එයයි. එසේ විවිධ හේතු නිසා විනාශයට පත්වන දේපළ හා ඉඩකඩම් මෙන්ම වෙනත් භාණ්ඩ වෙනුවට නව දේපළ හා භාණ්ඩ රැුස්කර තැබීම ආර්ථික වශයෙන් සමෘද්ධිමත් වීමට අවශ්‍ය වේ.
 
දෙවැන්නෙන් පෙන්වා දෙන්නේ දිරාපත්වන දේ ප‍්‍රතිසංස්කරණය කළ යුතු බවයි. එසේ දිරාපත්වන දෑ නිසි කලකදී ප‍්‍රතිසංස්කරණය කිරීම අවශ්‍ය වේ. කලින් කලට ප‍්‍රතිසංස්කරණ නොකරන දෑ ඉතා ඉක්මනින් විනාශයට පත්වන අතර නැවත ගොඩනැගිය නොහැකි මට්ටමට පත්වේ. නිසි කල නඩත්තු නොකරන දේපළ හා වස්තුව නැවත ගොඩනැගීමේදී පෙරටත් වඩා විශාල ධනයක් වැය කිරීමට සිදුවීමෙන් ආර්ථිකමය වශයෙන් පරිහානියට පත්විය හැකිය. නිවාස ගොඩනැගිලි හා වෙනත් භාණ්ඩ කාලයක් තිස්සේ පරිහරණය කිරීමෙන් හා ස්වාභාවික හේතුන් මත දිරාපත් වේ. එබැවින් දිරිපත් වන දෑ කලින් කලට අලූත් වැඩියා කිරීම ආර්ථික දියුණුවට හේතුවේ. එසේම දිරාපත් වූ නිවසක වාසය කිරීම හා එවැනි භාණ්ඩ පරිහරණය කිරීම එක් අතකින් තමා ආර්ථික වශයෙන් පරිහානියට පත්ව ඇතැයි යන්න සමාජ ගත කිරීමකි. ධන නිෂ්පාදනයේදී නඩත්තු කටයුතු වෙනුවෙන් මුදලක් වෙන්කර තැබීම මුදල් කළමනාකරණය කිරීමේ එක් සාර්ථක පියවරකි.


එය තමන්ගේ ව්‍යාපාරයට මෙන්ම සමාජ ගෞරවයටද නරක අන්දමින් බලපෑම් ඇතිකිරීමට හේතු වේ. නිවසක හෝ ආයතනයක ප‍්‍රධානියාගේ සදාචාරාත්මක හැසිරීම එහි අනාගත පැවැත්ම කෙරෙහි දැඩි ලෙස බලපායි. යම් තැනක ආධිපත්‍ය පුරුෂයාටම පමණක් හිමිවිය යුතුය යන්න බුදුසමයෙන් නොපිළිගනී. කවරෙකු නායකත්ත්වය දැරුවද ඔහුගේ හෝ ඇයගේ සදාචාරත්මක පැවැත්ම එම ආයතනයේ ප‍්‍රගතිය කෙරෙහි බලපායි. දුශ්ශීල පුරුෂයෙක් හෝ ස්ත‍්‍රියක් නායකත්ත්වය සපයන ආයතනය පරිහානියට පත්වේ. පුරුෂයාට මෙන්ම කාන්තාවටද නායකත්වයට පත්විය හැකි බව අවසන් කරුණෙන් ස්ත‍්‍රී පුරුෂ දෙපක්ෂයම දැක්වීමෙන් පැහැදිලිය. පංච දුශ්චරිතයට යොමු වුණු සුරාවට හා දුරාචාරයට ඇල්මක් දක්වන තැනැත්තා හෝ තැනැත්තිය සදාචාරාමය වශයෙන් පිරිහුණ අය වෙති. එවැනි පුද්ගලයන් තම ධනය සුරාවට සූදුවට හා දුරාචාරයට යොමු කරනු ලැබේ. 

උපයන ධනය සුරාවට වැය කරන එවැන්නෙකුගෙන් ආර්ථික සමෘද්ධියක් අපේක්ෂා කළ නොහැකිය. දුරාචාරයට යොමු වුණු පුද්ගලයෙක් වගකීම් දරණ ආයතනයක ආර්ථික දියුණුව තබා සාමාන්‍ය මට්ටමේ සාමයක් හෝ සමෘද්ධියක් අපේක්ෂා කළ නොහැකිය. එවැනි පාලකයන්ගේ හා ආයතන ප‍්‍රධානින්ගේ අණසක යටතේ තම රාජකාරිය ඉටුකරන පුද්ගලයන් විඳින විවිධ මානසික පීඩා කොතෙකුක් අසන්නට ලැබේ. මෙම පසුබිම තුළ ආර්ථික සමෘද්ධිය හෝ භෞතික දියුණුව අපේක්ෂා කරන්නෙකු විසින් සදාචාරයෙන් පිරිහුණු පුද්ගලයන්ට වගකීම් පැවරීමෙන් වැළකිය යුතුවේ. ධනවත් වීම හා පුද්ගල සදාචාරය අතර අවියෝජනීය සම්බන්ධයක් තිබෙන බව සිල්වතා ධනවතෙක් වෙයි. යන බුද්ධ වචනයෙන් පැහැදිලි වේ. දුශිල්වත් බව දිළිඳුබව කෙරෙහි බලපාන එක් හේතුවක් බව මෙයින් තවදුරටත් ගම්‍ය වේ ලිංගික ආශාව පදනම්කරගත් අයථා සමාජ සම්බන්ධතාවලින් ඇතිවී තිබෙන විවිධ සමාජ අර්බුද විමසා බැලීමේදි මෙය පහසුවෙන් වටහාගත හැකිය. 

සදාචාරයෙන් පිරිහුණු පුද්ගලයා එක් පැත්තකින් ධනය විනාශ කරගන්නා අතරම අනෙකුත් පුද්ගලයන්ගේ අයිතිවාසිකම්වලටද හානි පමුණුවයි. උපයන ධනයෙන් එක් කොටසක් පමණක් පරිභෝජනය සඳහා වෙන්කළ යුතුය යන්න බෞද්ධ උපදේශයයි. ආදායම් ප‍්‍රමාණය නොසලකා අන්තවාදි ලෙස පරිභෝජනය කිරීම විනාශයට හේතුවක් විය හැකිය. තම ධනවත්කම අන් අයට ප‍්‍රදර්ශනය කිරීම සඳහා උනන්දුවන ඇතැම් පුද්ගලයන් විශාල ආදායම් සහිත ධනවත් පුද්ගලයන් සෙයින් කටයුතු කිරීමට යාමෙන් පෙරටත් වඩා ආර්ථික වශයෙන් පරිහානියට පත් වූ අවස්ථා කොතෙකුත් වාර්තා වේ. සරල ජීවිතය ආර්ථික වශයෙන් පමණක් නොව අනෙකුත් අංශයන්ගෙන්ද සහනය ඇතිකරගැනීමට හේතුවේ. තමා තුළ සුභරතා ගුණය හෙවත් පහසුවෙන් පෝෂණය කළ හැකි බව වගාකරගත් විට ලැබෙන ආදායම් මැනවින් කළමනාකරණය කරගත හැකිවේ. කුල සූත‍්‍රය ඉදිරිපත් කරන පරිමිත යන වචනයෙහි ගැඹුරු අර්ථය තුළ මෙම අදහස පදනම්වී තිබේ.මහා ධනවතුන් ලෙස ජීවත් වු ඇතැම් පුද්ගලයන් අනුවණ ලෙස මුදල් වැය කිරීම හේතුවෙන් මහමඟ හිඟමනට වැටුණු පුවත් සුළභව අසන්නට ලැබේ. පරිභෝනජයෙහි නිසි අර්ථය වටහා නොගෙන කටයුතු කරන පුද්ලගලයා ධනයෙන් මෙන්ම සෞඛ්‍යයෙන්ද පරිහානියට පත්වේ.

 භික්ෂූන් උදෙසා පනවන ලද සිව්පස පරිභෝජනය සඳහා වූ ප‍්‍රත්‍යවේක්ෂාව හෙවත් නුවණින් සළකා බැලීම ගිහි සමාජයටද යම් පමණකින් ආදේශ කළ හැකිය. චීවර පරිහරණය කරන භික්ෂුවගේ මූලික අරමුණ සීතල උණුසුම මැසි මදුරු ආදීන්ගෙන් වන උවදුරු වළක්වාගැනීම හා ලජ්ජාව බිය දෙකින් මිදීම සඳහාය. එහෙත් ගිහි කාමභෝගියෙකුගේ ඇඳුම් භාවිතයෙහි එයට වඩා ඉදිරියට ගිය වෙනස්

අරමුණු තිබිය හැකිය. සංස්කෘතියට අනුගත වීම සමාජ තත්ත්වය ආරක්ෂාකරගැනීම හා කාමභෝගී අරමුණු අතිරේක වශයෙන් තිබිය හැකිය. එහෙත් ආදායම පිළිබඳ සැළකිලිමත් නොවී අනුකරණාත්මක ලෙස අහාරපාන හා ඇඳුම් පැළඳුම් කෙරෙහි වියපැහැදම් කිරීම ධන හානිය පිණිස හේතුවේ. 

                            නිර්මාණී බී කොළඹගේ


No comments:

Post a Comment

Special Cultural Traditions of the Sinhala Hindu New Year in Sri Lanka

  Special Cultural Traditions of the Sinhala Hindu New Year in Sri Lanka. The "Sinhala Hindu New Year" is one of the most import...