මා දුටු සිත්තම්

Friday, July 27, 2018

ආචාර්ය කේ. ඞී. ජී. විමලරත්න


සාකච්ඡව- ආචාර්ය කේ. ඞී. ජී. විමලරත්න
ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්‍ෂවරයෙකි

සංවාද සටහන - නිර්මාණී කොළඹගේ

ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂවරයා ලෙස වසර 15 කට ආසන්න කාලයක් සේවය කළ ආචාර්ය කේ. ඞී. ජී. විමලරත්න දශක පහක පමණ කාලයක් පුරා ශාස්ත‍්‍රීය මෙහෙවරක නිරතව සිටි විද්වතෙකි. 1962 වසරේදී ලංකා විශ්ව විද්‍යාලයට පිවිසෙන විමලරත්න මහතා 1966 දී ඉන් නික්ම යන්නේ ඉතිහාසය පිළිබඳව ගෞරව උපාධියක් දිනා ගනිමිනි.

කොළඹ රාජකීය ප‍්‍රාථමික පාසල විමලරත්න මහතාගේ දිගු අධ්‍යාපන චාරිකාවට ම`ග පෑ මුල්ම සිප්හලයි. 1942 වසරේ ජනවාරි 18 වන දා කොළඹදී උපත ලබන විමලරතන මහතා මුලින්ම පාසල් භූමිය වෙත පිය නැඟුවේ 1946 දීය. දස වසරක් පමණ කාලයක් රාජකීය ප‍්‍රාථමික පාසලින් ශිල්ප ලබන ඔහු 1956 දී කොළඹ තර්ස්ටන් විදුහලට ඇතුළු වෙයි. එම විදුහලින් ඔහු අධ්‍යාපනය ලබන්නේ කෙටිකලකි. අනතුරුව විමලරත්න මහතා කොළඹ ආනන්ද විදුහලේ ශිෂ්‍යයකු බවට පත්වෙයි.

විමලරත්න මහතා සිය වෘත්තීය ජීවිතය අරඹනුයේ සහකාර කථිකාචාර්යවරයකු ලෙසිනි. 1966 දී කොළඹ විශ්ව විද්‍යාලයේ ඉතිහාසය පිළිබඳ සහකාර කථිකාචාර්යවරයකු වශයෙන් ඔහුට පත්වීමක් ලැබෙයි. සිව් වසරක කාලයක් එහි සේවය කරන විමලරත්න මහතාට ජාතික ලේඛනාරක්‍ෂක දෙපාර්තමේන්තුවේ දොරටු විවර වන්නේ 1970 දී ය. ඔහු එම දෙපාර්තමේන්තුවට පා තබනුයේ සහකාර ලේඛනාරක්‍ෂකයකු ලෙසිනි.

ලේඛනාරක්‍ෂක දෙපාර්තමේන්තුවේ සේවයේ නිරතව සිටියදී ම විමලරත්න මහතා වැඩිදුර අධ්‍යාපනය සඳහා ම`ග පාදා ගනියි. ලේඛනාරක්‍ෂක කටයුතු පිළිබඳව පශ්චාත් උපාධියක් ලබාගැනීම පිණිස ඔහු ඉතාලියේ පඬුවා  විශ්වවිද්‍යාලය වෙත නික්මයයි. 1975 දී ඔහු පශ්චාත් උපාධිය දිනා ගන්නේ විශිෂ්ට සාමාර්ථයක්ද සම`ගිනි. 

යළි මව්බිමට පැමිණීමෙන් ඉක්බිති විමලරත්න මහතාට 1978 වසරේදී ජාතික ලේඛනාරක්‍ෂක දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂ ධූරයක් හිමි වෙයි. එම ධූරයේ වසර පහක පමණ කාලයක් තුළ ඉටු කරනු ලබන කාර්යක්‍ෂම සේවයේ ප‍්‍රතිඵලයක් වශයෙන් 1983 වසරේදී විමලරත්න මහතා නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ධූරයට උසස් කරනු ලබයි. 

විමලරත්න මහතා සිය ආචාර්ය උපාධිය ලබාගැනීම සඳහා ඇමෙරිකාවේ පිලඩෙල්පියා විද්‍යා ඇකඩමිය වෙත  නික්ම යන්නේ 1984 දීය. ආචාර්ය උපාධිය  ලබා නැවත ලංකාවට පැමිණ සුපුරුදු රාජකාරි කටයුතු ඇරඹීමෙන් ඉක්බිති ආචාර්ය විමලරත්නයන්ට ජාතික ලේඛනාරක්‍ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ධුරය පිරිනැමුණි. 1990 ත් 2004 ත් අතර දශක එකහමාරකට ආසන්න කාලයක් ආචාර්ය විමලරත්න ජාතික ලේඛනාරක්‍ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂවරයා වශයෙන් මහ`ගු සේවයක් ඉටු කළේය. දීර්ඝ සේවා කාලයක ඇවෑමෙන් 2004 ජනවාරි 18 දින ආචාර්ය විමලරත්න විශ‍්‍රාම දිවියට පා තැබුවේ ය.

ආචාර්ය කේ.ඞී.ජී. විමලරත්නයන් විසින් එදා මෙදාතුර ලියා පළකොට ඇති ග‍්‍රන්ථ සමූහය, ඔහුගේ විෂයානුබද්ධ දැනුම සේම ශාස්ත‍්‍රීය මෙහෙවර පිළිබඳව ද කදිම නිදසුනකි. ඉතිහාසය, පුස්තකාල හා ප‍්‍රලේඛන විද්‍යාව හා සංස්කෘතික සම්ප‍්‍රදායන් ඇතුළු ක්ෂේත‍්‍ර ගණනාවක් ආවරණය කරමින් සිංහල හා ඉංග‍්‍රීසි භාෂාවලින් ඔහු ලියා තිබෙන ග‍්‍රන්ථ අතරින් කිහිපයක් ම වෙනත් භාෂාවන්ට ද පරිවර්තනය වී තිබේ. දෙස් විදෙස් විද්‍යාර්ථීහු රැුසක් ඔහුගේ ශාස්ත‍්‍රීය නිබන්ධන සිය උසස් අධ්‍යාපන කටයුතු සඳහා පරිහරණය කරති.

ඉතාලියේ ප`ඩුවා විශ්ව විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු කරන කාලය තුළ ආචාර්ය විමලරත්න” Comparative study of achives in Italy and Sri lanka˜” නමින් සංසන්දනාත්මක හැදෑරීමක් ප‍්‍රකාශයට පත් කළේය. මෙය 1975 දී ඉතාලියේ පඬුවා විශ්වවිද්‍යාලය ම`ගින් පළකොට තිබේ.

Retrieval of Scientific and Technical information in public records archives˜ නම් කෘතිය ඔහු ලියා පළ කර ඇත්තේ 1984 දීය. පසුව යුනෙස්කෝව ම`ගින් එය ප‍්‍රංශ හා ස්පාඤ්ඤ භාෂාවන්ටද පරිවර්තනය කෙරිණ. 

ලේඛනාරක්‍ෂක කටයුතු පිළිබඳ හැඳින්වීමක් ලෙස ආචාර්ය විමලරත්න රචනා කළ Introduction to National Achives Sri Lanka˜ මුද්‍රණාද්වාරයෙන් නිකුත් වූයේ 1987 දීය. එම විෂයේම දිගුවක් ලෙස සැලකිය හැකි ” Preservation of Archives˜ නම් ග‍්‍රන්ථය ඔහු විසින් 1989 වසරේ දී සම්පාදනය කෙරිණ.

1994 වසරේ ආචාර්ය විමලරත්න පළ කල Personalities Sri Lanka (1505-1984)˜ නම් ග‍්‍රන්ථය ද දැඩි පාඨක විචාරක අධ්‍යයනයට ලක්වූ නිබන්ධනයක් ලෙස සැලකේ. එසේම, 1996 දී ඔහු අතින් ලියැවුණු Soureces for the study of History in Sri Lanka- vol 1, public records in the National Archives (1640-1948)˜:1640-1948*” ද ලාංකික ඉතිහාසය හදාරන විද්‍යාර්ථීන්ට පමණක් නොව පොදු පාඨකයන්ට ද මහඟු අත්වැලක් සපයන කෘතියකි.

Directory of Dates ang Events Sri Lanka (543 B.C – 1984 A.D)˜ නමැති කෘතිය ඔහු ප‍්‍රකාශයට පත්් කළේ 1998 වසරේදීය. (මෙය 2007 වසර දක්වා ප‍්‍රතිශෝධනය කර තිබේ Cosfumes of Sri Lanka cearliest times to present day˜ නමින් 2002 වසරේදී ඔහු ප‍්‍රකාශයට පත්කළ ග‍්‍රන්ථයේ දේශීය ඇඳුම් විලාසිතා කලාවේ ක‍්‍රමික විකාශනය මනා ලෙස නිරූපණය කෙරෙයි. 2003 වසරේ දී ආචාර්ය විමලරත්න ප‍්‍රලේඛන විද්‍යාවට අදාළ තවත් අගනා කෘතියක් පළ කළේය. එය නම් කොට තිබුණේ ” Principles of Records and Archives Administration˜ යනුවෙනි. මෙම ග‍්‍රන්ථ මාලාවට එක් වූ ආචාර්ය විමලරත්නගේ නවතම කෘතිය වනුයේ 2017 වසරේ ප‍්‍රකාශිත History of Manuastic Land Scapism in Sri Lanka˜” යි. 

සිංහල බසින් අධ්‍යයන කටයුතු කරන විද්‍යාර්ථීන්ට මෙන්ම මව්බස පමණක් පරිහරණය කරන පාඨක ප‍්‍රජාවට ප‍්‍රයෝජනවත් අගනා ග‍්‍රන්ථ කිහිපයක් ආචාර්ය කේ. ඞී. ජී. විමලරත්නයන් විසින් සිංහල බසින් ප‍්‍රකාශයට පත්කර තිබේ.

එම් කෘති අතර මුලට එන්නේ සුදු අධිරාජ්‍යවාදීන්ගේ පාලන සමය අළලා 1992 දී රචිත ”ශ්‍රී ලංකාවේ බි‍්‍රතාන්‍ය ආධිපත්‍ය” නම් ග‍්‍රන්ථයයි. ඉනික්බිති ඔහු 2014 වසරේදී සිංහල මාධ්‍යයෙන් තවත් නිබන්ධන දෙකක් එළිදක්වා තිබේ. ”මධ්‍යතන යුරෝපය - අවධියේ සිට 1453 දක්වා” ඉන් එකකි. අනෙක හඳුන්වා දී ඇත්තේ   ”ලක්දිව ලන්දේසි ප‍්‍රයත්නය” නමිනි. 

ලංකාවේ විදෙස් ආක‍්‍රමණ තේමා කර ගනිමින් ආචාර්ය විමලරත්නයන් විසින් කෘති පෙළක්ම ලියා තිබෙනු දක්නට ලැබෙයි. 2016 වසරේ ප‍්‍රකාශිත ”ලක්දිව පරංගි ප‍්‍රයත්නය (1506 - 1658* අයත් වනුයේද එම කෘති මාලාවටය. ”පුස්තකාල සහ අධිලේඛන ද්‍රව්‍ය සංරක්‍ෂණය” නමින් ග‍්‍රන්ථයක් 2014 වසරේදී ඔහු පළ කර ඇති අතර එම විෂයටම අදාළ තවත් කෘතියක් ”ලේඛන සහ අධිලේඛන” නමින් 2016 වසරේදී නිකුත් කර තිබේ. 

ආචාර්ය විමලරත්න දෙස් විදෙස් ආයතන හා සංවිධානයන්හි වගකිවයුතු තනතුරු දැරූ ලාංකික විද්වතුන් අතර කැපී පෙනෙන්නෙකි. ඔහුූ තොරතුරු කළමනාකරණය හා පුස්තකාල ද්‍රව්‍ය සංරක්‍ෂණය පිළිබඳ බාහිර කථිකාචාර්යවරයෙකු වශයෙන් කැලණිය හා කොළඔ විශ්වවිද්‍යාලවල සේවය කර තිබේ. ශ්‍රී ලංකා ඓතිහාසික සංගමයේ ගරු සභාපතිවරයා වශයෙන් ද මොහු කලක් සේවය කර ඇත.

 1990 - 1999 අතර කාලය I.C.A. Member of Current records committee˜ ලෙස ද ආචාර්ය විමලරත්නයන් කටයුතු කර තිබේ.
ආචාර්ය විමලරත්නයන් ගේ කුසලතා ඇගයීමක් වශයෙන් 2003 වසරේදී ඉංග‍්‍රීසි ශාස්ත‍්‍රීය ලේඛන කටයුතු වෙනුවෙන් ”රාජ්‍ය සාහිත්‍ය සම්මානයෙන්” පිදුම් ලැබූ අතර 2013 වසරේදී ඔහුගේ සේවයට ගෞරවයක් ද වනු වස් ”ජාතික උරුම ප‍්‍රසාද ප‍්‍රණාම සම්මානය” ඔහුට පිරිනමා ඇත. 2003 වසරේදී ආචාර්ය විමලරත්නයන් ශ්‍රී ලංකා පුස්තකාල සංගමයේ සාමාජිකයකු වූ අතර වර්තමානයේ රාජකීය ආසියාතික සංගමයේ ප‍්‍රවීණ සාමාජිකත්වයක් දරයි. වර්තමානයේද ආචාර්ය කේ.ඞී.ජී. විමලරත්නයන් ඉතා උද්යෝගයෙන් සිය ශාස්ත‍්‍රීය අධ්‍යයනයන්හි නියැළී සිටින විද්වතෙකි.




No comments:

Post a Comment

Special Cultural Traditions of the Sinhala Hindu New Year in Sri Lanka

  Special Cultural Traditions of the Sinhala Hindu New Year in Sri Lanka. The "Sinhala Hindu New Year" is one of the most import...