මා දුටු සිත්තම්

Saturday, July 28, 2018

ශල්‍යකර්මවලින් තොරව කොඳුඇටපෙළ ආශි‍්‍රත රෝග සුවකරන ඔස්ටියෝපති හා හීලින්පති ප‍්‍රතිකාර ක‍්‍රම




සමාජය තුළ බහුලවම දැකගත හැකි රෝගාබාධ අතරින් කොඳුඇටපෙළ ආශි‍්‍රතව ඇතිවන බොහෝ රෝග සහ ස්නායු රෝග විශේෂ වේ. එම රෝග සඳහා ශල්‍යකර්මයක් හෝ කිසිදු ඖෂධයක් නොමැතිව ප‍්‍රතිකාර කිරීම සිදුකරන වෛද්‍යවරයෙකු ලෙස මහාචාර්ය සාගර කරුණාතිලක හඳුන්වාදිය හැකිය. එතුමා විසින්ම සිදුකරන ඔස්ටියෝපති (Osteopathy)

සහ හීලින්පති (Healingpathi) නමැති ප‍්‍රතිකාර ක‍්‍රමවේදයක් මඟින් මෙලෙස ප‍්‍රතිකාර කෙරෙනුයේ මාලඹේ, අතුරුගිරියේ පිහිටි ඔස්ටියෝ ක්ලිනික් වෛද්‍ය මධ්‍යස්ථානය වෙතිනි. රෝග රැුසක් සුව කළ හැකි හීලින්පති ප‍්‍රතිකාර නිර්මාතෘ ද වන මෙතුමා විසින් සිදුකරන සුවිශාල මෙහෙය පිළිබඳව සඳහන් කිරීමත්, මෙම වෛද්‍ය ප‍්‍රතිකාර ක‍්‍රම පිළිබඳව ඔබව දැනුවත් කිරීමත් මෙම ලිපියේ අරමුණයි.



1. ඔස්ටියෝපති සහ හීලින්පති වෛද්‍ය ප‍්‍රතිකාර ක‍්‍රමයේ ඇති විශේෂත්වය කුමක්ද?

මෙය එංගලන්තයේ ඇන්ඩෲ ටේලර් නමින් හඳුන්වන ශල්‍ය වෛද්‍යවරයා විසින් එක්දහස් අටසිය ගණන්වල සොයාගත් මේ වන විට ලොව පුරා ජනපි‍්‍රය සහ සාර්ථකත්වයට පත්ව ඇති වෛද්‍ය ක‍්‍රමයක්. මෙහි ඇති විශේෂත්වය තමයි මෙය සම්පූර්ණයෙන්ම ශල්‍යකර්මවලින් සහ ඖෂධවලින් තොරවීම. මෙහිදී අභ්‍යන්තර ශල්‍යකර්මවලට පිළියම් ලෙස බාහිර ප‍්‍රතිකාර සිදුකිරීමයි සිදුවෙන්නේ. විශේෂයෙන් මෙය ඉතා කෙටි කාලීනව සුවය ලැබිය හැකි ක‍්‍රමයක් වන අතරම රෝගියෙක්ට ශාරීරිකව, මානසිකව, ආධ්‍යාත්මිකව, ආර්ථිකව මෙන්ම ආධ්‍යාත්මික යන පස් ආකාර සුවයක් ලබාදෙන ප‍්‍රතිකාර ක‍්‍රමයක්. ඒ වගේම කිසිඳු වේදනාවක් හෝ වේදනා නාශකයකින් තොරව මෙමඟින් ප‍්‍රතිකාර ලබාගත හැකියි.

2. මෙම ප‍්‍රතිකාර ක‍්‍රම මඟින් සුව කළ හැකි රෝග මොනවාද?

මෙහිදී කොඳුඇටපෙළ ආශි‍්‍රතව ඇතිවන බොහෝ රෝගාබාධ සහ ස්නායු රෝග සඳහා ප‍්‍රතිකාර කිරීම සිදුකරනවා. විශේෂයෙන්ම සඳහන් කළ යුතු වන්නේ වර්තමානයේ ප‍්‍රධානවම පාසල් අධ්‍යාපනය ලබන දරුවන් ඇතුළු බොහෝ දෙනෙකුට විශාල ගැටලූවක්ව පවතින පැති කුදය රෝගයට මෙමඟින් ප‍්‍රතිකාර ලබා දෙනවා. එම රෝග වැළඳුණු රෝගීන් ඉතාමත් කෙටි කලකින් වඩාත් සුව අතට පත්කරන අතරම කොන්දේ වේදනාවට ශල්‍යකර්මයක් නිර්දේශ කළ රෝගීන්ටත් සාර්ථක ප‍්‍රතිඵල අත්කර දීම මෙහිදී සිදුකරනවා. ඒ වගේම බෙල්ලේ වේදනාව, උරහිස් වේදනාව, ඉරුවාරදය, අංශභාගය, ශරීරයේ හිරිවැටීම් ආදී රෝග රැුසකට මෙහිදී ප‍්‍රතිකාර කරනු ලබනවා.

3. ඔස්ටියෝපති සහ හීලින්පති වෛද්‍ය ප‍්‍රතිකාර ක‍්‍රමවල පවතින විද්‍යාත්මක පසුබිම පැහැදිලි කළොත්?

කොඳුඇටපෙළ ආශි‍්‍රත රෝගාබාධ ඇතිවීමට මූලික හේතුව වන්නේ කොන්දේ ඇති කශේරුකා වෙනස්වීමයි. එම වේදනාව ඇති ස්ථානයේ තිබෙන ස්නායු තෙරපීමට ලක්වීමෙන් මෙම රෝගය හටගන්නවා. මෙලෙස ඇතිවන ස්නායුවල තෙරපීම අභ්‍යන්තර ග‍්‍රන්ථිවලට ද බලපාන්න පුළුවන්. හදවත, පෙනහළු, අක්මාව, මොළය, වකුගඩු ආදී ඉන්ද්‍රියන් මේ නිසා අඩපණ විය හැකිය. ඒ හරහා අංශභාගය වැනි දීර්ඝ කාලීන රෝගවලට ගොදුරු වීමේ ප‍්‍රවණතාවයක් ද පවතිනවා. මෙම ස්නායු තදවීම නිසා වෛද්‍ය විද්‍යාවේ සඳහන් පරිදි කශේරුකාවේ ක්‍ පද්ධතිය, ඔ පද්ධතිය සහ ඛ පද්ධතිය,  රෝගී වෙනවා. අපගේ ප‍්‍රතිකර්ම මඟින් සිදුකරනුයේ එම පද්ධතිය නිවැරැුදි කිරීමයි. මුලින් තද වී තිබෙන මාංශ පේෂින් බුරුල් කර පසුව වෙනස්වීමට භාජනය වූ කොඳුඇට පේලිය නිවැරැුදි කිරීම සිදුකරනවා.

4. ඔස්ටියෝ ක්ලිනික් ආයතනය පිළිබඳව සඳහන් කළොත්?

 මෙම ආයතනය තුළින් මේ වනවිටත් රෝගීන් පන්දහසකට අධික ප‍්‍රමාණයක් සම්පූර්ණවම සුවකර තිබෙනවා. මෙම ආයතනය සමඟ බටහිර විශේෂඥ වෛද්‍යවරුන් බොහෝ පිරිසක් සම්බන්ධයි. මෙහිදී සියලූම ප‍්‍රතිකාර කිරීම් මා අතින්ම පමණක් සිදුකරන අතරම ප‍්‍රතිකාර කිරීම සිදුකරන අතරතුරදී රෝගීන්ට නිවැරැුදි ආහාර රටා, නිවැරැුදි ඉරියව් වැනි ක‍්‍රමවේදයන් ද සමඟින් විශාල ආධ්‍යාත්මික සුවයක් ලබාදීමට ද කටයුතු කරනවා.

5. මෙමඟින් ප‍්‍රතිකාර ලබාගත හැකි දිනයන් මොනවාද?

අපගේ ප‍්‍රධාන ඔස්ටියෝ ක්ලිනික් ශාඛාව 531/1, අතුරුගිරිය පාර, මාලඹේ ලිපිනයේ පිහිටා ඇති අතර එහි බදාදා සිට ඉරිදා දක්වා උදේ 8.00 සිට සවස 5.00 දක්වා එමඟින් ප‍්‍රතිකාර ලබාගත හැකියි. මෙහි ප‍්‍රතිකාර පිළිබඳව වැඩිදුර විස්තර 0112054444, 0112054433 යන දුරකථන අංකවලින් ලබාගන්න. රත්නපුර පිහිටි ඔස්ටියෝපති ක්ලිනික් නො. 750/3, කොළඹ පාර, හිදෙල්ලන, රත්නපුර යන ලිපිනයේ පිහිටා ඇති අතර එහිදී බ‍්‍රහස්පතින්දා දින සවස්වරුවේ පමණක් ප‍්‍රතිකාර ලබාගත හැකියි. මෙහි ප‍්‍රතිකාර පිළිබඳව 0455736336,0715493200 දුරකතන අංකවලින්  විමසා බැලිය හැකියි. තවදුරටත් විස්තර අවශ්‍ය නම් අපගේ වෙබ් අඩවිය වන අඅඅගදිඑැදාරගජදප සහ විද්‍යුත් තැපැල් ලිපිනය සබදෙ?දිඑැදාරගජදප වෙතින් ලබාගන්න.


6. මෙම ආයතනයෙන් ඉටුකෙරෙන සුවිශේෂී කටයුතු කුමක්ද?

විශේෂයෙන් මෙහිදී පූජ්‍ය පක්ෂයට, ආබාධිත රණවිරුවන්ට, වෛද්‍යවරුන්ට, මාධ්‍යවේදීන්ට, කලාකරුවන්ට නොමිලයේ ප‍්‍රතිකාර ලබා දෙනවා. ඒ වගේම යම් රෝගියෙක්ට ආර්ථික අපහසුතා ඇත්නම් ඒ පිළිබඳවත් අවධානය යොමු කරනවා. අපගේ නවතම සේවාව වන ඔබගේ වියපත් දෙමාපියන් හෝ ඥාතීන් සුරැුකීමේ ”වැඩිහිටි සරණ” සේවය පිළිබඳවත් මතක් කළ යුතුමයි. මතින් තොර රටක් ජවසම්පන්න පරපුරක් යන තේමා පාඨය අරමුණු කර ගනිමින් සුරක්ෂිත ගුණවත් සමාජයක් බිහි කිරීමේ වැඩසටහනට මියුගුණ අමද්‍යප සංසදය සමග සම්බන්ධ වීමට එමෙන්ම මහාචාර්ය ශ‍්‍රීමත් සාගර කරුණාතිලකයන් මේ දිනවල කටයුතු කරයි එහිදී එතුමා යෝගී භාවනා භාවනා සටන් ක‍්‍රම මෙන්ම ලෙඩ රෝගවලින් ආරක්ෂා වී ශක්තිමත් ප‍්‍රජාවක් බිහි කිරීම හා පවත්වාගෙන යාම පිලිබඳ දේශන පවත්වනු ලබයි 

නිර්මාණී කොළඹගේ



No comments:

Post a Comment

Special Cultural Traditions of the Sinhala Hindu New Year in Sri Lanka

  Special Cultural Traditions of the Sinhala Hindu New Year in Sri Lanka. The "Sinhala Hindu New Year" is one of the most import...