මා දුටු සිත්තම්

Saturday, July 28, 2018

මූල්‍ය සාක්ෂරතාව පිළිබදව දැනුවත් වෙමු







ශ්‍රී ලංකාවේ සක්ෂරතා අනුපාතය 93.3% ක අගයක් ගත්ත ද ස්ටෑන්ඩර්ඞ් ඇන්ඞ් පුවර්ස් වර්ගීකරණ සේවා ආයතනයේ ගෝලීය මූල්‍ය සාක්ෂරතා සමීක්ෂණයට අනුව ශ්‍රී ලංකාවේ වැඩිහිටි ජනගහනය අතර මූල්‍ය සාක්ෂරතා අනුපාතය 35% ක පවතී. ගෝලීය මූල්‍ය වාතාවරණය දිනෙන් දින අඛණ්ඩව වෙනස්වීමට ලක්වන මෙවන් වකවානුවක ආයෝජන මෙවලම්වල සංකීර්ණත්වය ද ඉහළ යමින් පවතින ස්වභාවයක් දැකගත හැකියි. අනාගතයේදී යම් ප‍්‍රතිලාභයක් අපේක්ෂාවෙන් සිදු කරන මුදල් යෙදවීමක් හෝ සම්පත් කැප කිරීමක් ආයෝජනයක් යනුවෙන් කෙටියෙන් හඳුන්වාදිය හැකියි. අප උපයන මුදල් එසේ ආයෝජනය කිරීම තුළින් අප අපේක්ෂා කරන්නා වූ අනාගත අරමුණු සඳහා අවශ්‍ය මුදල් ඉතිරිකර ගැනීමට හැකියාව ලැබේ. ආයෝජනය සඳහා ඉතිරි කිරීම් අවශ්‍ය වන අතර ඉතිරි කිරීම්වලට වැඩි වටිනාකමක් ලබා ගැනීමට නම්, ඒවා ඉහළ ප‍්‍රතිලාභයක් ලැබෙන ආයෝජන මාර්ග වෙත යොමු කිරීම අවශ්‍ය වේ.

ඉතිරි කිරීම යනු ලෝභකමක්වත්, මසුරුකමක්වත් නොවේ. එහි අර්ථය දිවිය මනාව සකස් කර ගැනීමට හුරුවීම යන්නයි. වර්තමානයේ බොහෝදෙනොට ඉතිරි කිරීම පිළිබ`දව නිසි අවබෝධයක් නැත. අප ඉතිරි කිරීම ආරම්භ කළ යුත්තේ නිවසේදීමයි. අතීතයේ ගෘහණිය සකසුරුවම සඳහා මනාසේ හැඩගැසී. පුරුදුවී සිටියෝය. අතීතයේ නිවසේ ගෘහණිය නැතිනම් අම්මා පොඩි මුදලක් සීට්ටු දමා ගෙදරට අවශ්‍ය බඩු බාහිරාදිය ටික ටික එකතු කිරීමට පුරුදුවී සිටියා. නිවසේ ඉතිරිවන බත් නිකරුනේ විසි නොකර ඒවා වේලා රසවත් අග්ගලා සෑදුවා. අටුකොස්, ලූණු දෙහි දැමීම ද එවැනි ඉතිරිවන දේ වලින් ගත් ප‍්‍රයෝජනයි. මිට මිට එකතු කළ මිටි හාල් මුට්ටිය නිවසේ හාල් හිඟවූ දාට බොහෝ ප‍්‍රයෝජනවත් එකක් වුණා. මෙලෙස බැලූවිට සකසුරුවම්කම පිළිබඳ පළමු පාඩම අපට කියා දුන්නේ අම්මායි. වර්තමානයේ ඔබ ගෙවන කාර්යබහුල ජීවිතයක් සමඟම ඉතිරි කිරීම ඔබෙන් ගිලිහී යන දෙයක් වෙන්නට පුළුවන්. අරපිරිමැස්ම පුරුද්දක් වශයෙන් කරගෙන යන්නට හැඩ ගැසෙන්නේ නම් එය ඔබට පහසුවක් වනු ඇත.
 
ඔබගේ වැඩපිළිවෙළ සඳහා ‘අයවැය ලේඛනයක්’ සකස් කර ගැනීම ඉහත කී ක‍්‍රමවේදය සාර්ථක කර ගැනීමට වඩාත් ඉවහල් වේ. ඔබේ අයවැය ලේඛනයට අනුකූලවන අන්දමින් ඉතුරුම් ඉලක්ක තබා ගැනීමට මඟක් නැත්නම් ඔබ ඉතිරි කරන මුදල් ප‍්‍රමාණය දෙස බලා අඩු වැදගත්කමකින් යුක්ත දේවල් කපා හරින්න. ඉතුරුම් ඉලක්ක සහ මාසික වියදම් සමඟ තුලනය කිරීමට ඔබට හැකිවුණි නම් ඔබේ අයවැය වාර්තාව සම්පාදනය කරන්න. එවිට කිසියම් අවශ්‍යතාවයක් හෝ අවශ්‍යතා ගණනාවක් වෙනුවෙන් මාසිකව ඔබට වියදම් කළ හැකි මුදල ඔබට දැනගත හැකිවනු ඇත. එහිදී වියදම් අඩු කිරීමට හෝ කපා හැරීමට තැත් කරන්න. අයවැය ලේඛනයක් පවත්වාගෙන යාමේ අරමුණු වන්නේ, මුදල් ලැබීමේ මාර්ග දැන ගැනීම, මුදල් වියදම් වන මාර්ග දැනගැනීම, අනවශ්‍ය වියදම් හඳුනාගෙන ඒවා පාලනය කර ගැනීම ආදියයි.සමහරුන් තම නිවෙස සැලසුම් කරන්නේ මාසික වාරිකය සිය මාසික ආදායමෙන් 75x80% පමණ වන ලෙසයි. එවිට වසර 20 පමණ දිගුකාලීන ණයකදී ජීවිත කාලයෙන් අඩකටත් වඩා ණයකරුවෙකු වී අසහනයෙන් ජීවත්වීමට සිදුවන අවස්ථා බොහොමයි. එමෙන්ම වැටුපට දරාගත නොහැකි මට්ටමේ සැලසුම් මත නිවෙස් ඉදිකිරීමට ගොස් සමස්ත ජීවිතයම අඳුරේ නොවැටී තම වැටුප හා සරිලන පරිදි යම් කොටසක් නිවස වෙනුවෙන් ආයෝජන කළ යුතුයි. එහිදී අවම පොලී අනුපාතිකයක් හා සහන සැලසුම් මත මුදල් ලබා දෙන බැංකුවක් තෝරාගන්න. නිවාස ණය ගැනීමේදී ජීවන වියදම් සඳහා වැටුපෙන් යම් මුදලක් ඉතිරි කිරීමට ද වග බලාගන්න. වාරික නිසි පරිදි ගෙවීයන සැලැස්මක් සැකසීම ද ඉතා වැදගත්. එමෙන්ම ඔබ ජීවිතයේ සාර්ථක බව උදෙසා රක්‍ෂණයක් තුළ ආයෝජනය ද ඉතා වැදගත්ය.

ඔබට හැකිනම් ඔබේ ඉතිරි කිරීම 10%කට වඩා ඉහළ නංවා ගැනීමට උත්සාහ දරන්න. අනවශ්‍ය ණය බරට යට නොවී නිසි සැලසුමක් මත ආර්ථිකය කළමනාකරණය කරන්නේ නම් ඔබේ ඉතුරුම් ඉහළ නංවා ගන්නට පුළුවන්. එනම් වියදම ස්ථාවරව තබා ගැනීම සහ ආදායම් ඉහළ යාමේ හා පාරිපෝෂිත, අතිරේක ආදායම් නිසාවෙන් ඔබේ වැටුපෙන් සියයට දොළහක් x පහළොවක් මට්ටමට ඉතුරුම් වර්ධනය කිරීමෙන් ඔබට ඇතිවන සුරක්‍ෂිතබව කියා නිම කළ නොහැකිවනු ඇත.

අවම වශයෙන් මසකට රුපියල් 1000ක් ඉතිරි කිරීමට සැලසුමක් යොදන්න. ‘ඔය ගාණ එකතුකරලා මොනවා කරන්නද?’’ යැයි නොකියමින්, හැකි පමණ ඉතිරිකරන්න. එවිට ඔබ නොසිතන අයුරින් අපතේ යන මුදල් ඉතිරි වේවි. මෙම මුදල් ඉතිරි කිරීමට සුදුසුම ක‍්‍රම වන්නේ, නිතර භාවිත නොකරන ගිණුමක මුදල් තැන්පත් කිරීමයි. මුදල් යළි ලබා ගැනීමට හැකි ආයෝජනයකට මුදල් යෙදවීම ද වඩාත් වැදගත්. එය සුලූ ව්‍යාපාරයක් හෝ, ස්වයං රැුකියාවක් වුවද යෝග්‍යයි. විශේෂයෙන්ම මිතුරන් සහ නෑදෑයන් සමඟ තරග කිරීමට නොයන්න. ඔවුන්ගේ විලාසිතා අනුකරණය සුදුසු නොවේ. ඔබට හැකි පරිදි ඔබගේ වියදම් පිරිමසාගන්න. එමෙන්ම ජංගම දුරකථනවල ඇති තරම් අවම කරගන්න. කාර්ය බහුල නොවන වේලාවන්හි දී පමණක් නිවසේ දුරකථනය භාවිත කරන්න. කඩ පිලට යන සෑම අවස්ථාවකදීම බෑගයක් රැුගෙන යාමද අනවශ්‍ය බෑග් වියදම් අඩුකර ඔබගේ සකසුරුමට වැඩි කරවන්නකි.

මෙම සමාජයේ වෙසෙන පාසල් සිසුන්, ගුරුවරුන්, ව්‍යාපාරිකයින්, විශ්වවිද්‍යාල සිසුන් වෘත්තිකයන්, රාජ්‍ය සහ පෞද්ගලික අංශයන්හි සේවා නියුක්තිකයන් ඇතුළු සියල්ලන්ටම තේරුම්ගත හැකි ආකාරයෙන් ඉතා සරළව පැවැත්වෙන අතර, කොටස් ණය කර සහ ඒකකභාර ආයෝජනයේ ඇති ප‍්‍රතිලාභ සහ අවදානම පිළිබඳව මෙන්ම කොටස් වෙළෙඳ පොළ වර්තමාන තත්ත්වය පිළිබඳ වැදගත් තොරතුරු සපයනු ඇත. මෙම වැඩසටහන් මාලාව සජීවී පේ‍්‍රක්ෂකාගාරයකින් යුතු වන අතර ඔවුනට සාකච්ඡුාව තුළ පැන නගින ගැටලූ සෘජුවම විද්වත් මණ්ඩලය වෙත යොමු කිරීමට අවස්ථාව ද සැලසේ.
යම් පුද්ගලයෙකුට තම ආදායම් නිසි ලෙස කළමනාකරණය කර ගනිමින් ඉතිරි කිරීම්වල සිට විවිධ ආයෝජන වෙත යොමුවීමට නිසි මඟ පෙන්වීමක් අවශ්‍ය වෙයි. ඒ සඳහා ප‍්‍රමාණවත් දැනුමක් ද අවශ්‍ය වේ. ඊට හේතුව මෙම විවිධ ආයෝජනයන්හි දක්නට ලැබෙන විවිධ ස්වභාවයේ ලක්ෂණ එහි අන්තර්ගත වීමයි. එනම් එක් එක් ආයෝජනවල ඇති ප‍්‍රතිලාභ, අවදානම් තත්ත්වයන්, ද්‍රවශීලතා තත්ත්වයන්, පරිණතනාව ආදී ලක්ෂණ එකිනෙකට වෙනස් මුුහුණුවරක් ගන්නා බැවිනි.
        
                                    නිර්මාණී බී. කොළඹගේ

No comments:

Post a Comment

Special Cultural Traditions of the Sinhala Hindu New Year in Sri Lanka

  Special Cultural Traditions of the Sinhala Hindu New Year in Sri Lanka. The "Sinhala Hindu New Year" is one of the most import...