මා දුටු සිත්තම්

Tuesday, July 31, 2018

ඉතිරි කිරීමින් ජීවිතය ජයගන්න තරුණ වයසේම හුරුවෙමු







කුඩා කළ පටන්ම සතෙන් සතේ සකසුරුවමින් ඉතිරි කිරීමට යොමුවුණු ඔබට තරුණ වයසේදීම නිසි කළමණාකාරිත්වයෙන් යුතුව සකසුරුවමට හුරුවීමට හැකිනම් ඔබගේ අනාගතය සාර්ථක කර ගැනීමට හැකිවනවා නොඅනුමානය. තරුණ වයසේ පටන් ඔබට ඔබගේ අනාගතය සැලසුම් කරන්නට හැකිනම් ඒ සඳහා ක‍්‍රමානුකූල වැඩ පිළිවෙළක්ද සකස් කළ යුතුය. සකසුරුවම යනු මුදල් පමණක්ම නොවේ. ඔබ භාවිතා කරන සියල්ලන්ම පාහේ මෙම සකසුරුවමට යටත්වේ. ඒවා සියල්ල නිසි පාලනයකින් සිදු කරන්නේ නම් ඔබගේ ජීවිතයේ සාර්ථක බව වැඩි ඈතක නොවේ.

ශ්‍රී ලාංකිකයින් බොහෝමයක් තමන් උපයන මුදලින් සතයක් හෝ ඉතිරි කිරීම සිදු නොකරයි. නමුත් හදිසි අවස්ථාවක් වූ විට මුදල් අත්‍යවශය මොහොතක ඔබට එහි අවශ්‍යතාව තදින්ම දැනෙන්නට පටන් ගනී. අද ඔබ සකසුරුවමින් ඉතිරි කරන මුදල තවත් වසර 20 කින් භාවිතයට ගත හැකි පරිදි ආයෝජනය කරන්න. තරුණ ඔබ රැුකියාවක් භාර ගැනීමේදී එහි පිළිබඳව අවධානය යොමු කරන්න. ලංකාවේ දැනට පවතින නීතියට අනුව ආයතනය මගින් ඔබගේ මාසික චේතනයෙන් 12%ක් ෑඡුත්‍ලෙසද 3%ක්  ලෙසද ගෙවිය යුතුය. ඔබ විසින් තවත් 8%ක් ෑඡුත්‍ ලෙස ගෙවිය යුතුය. එනම් ඔබගේ මාසික වේතනයෙන් 23%ක් පමණ මාසිකව ඉතිරි වේ. ඔබගේ මාසික වේතනය රුපියල් 30,000ක් නම් රුපියල් 6900ක් මාසිකව නොදැනුවත්වම ඉතිරි වේ. ඔබගේ වැටුපෙන් 23%ක් යනු කොපමණදැයි දැන් ඔබට ගණනය කරගනු හැකිය.

 අනිත් වැදගත් ප‍්‍රතිලාභයක් ලෙස ටර්එමසඑහ නම් කළ හැකිය. ඔබ වසර 5ක් එකම ආයතනයක සේවය කළහොත් ඔබ එයින් ඉවත්වී යන දිනයට මාසික වැටුපෙන් භාගයක් ඔබ සේවය කළ වසර ගණනට හිමිවේ. ඔබගේ මාසික වැටුප රුපියල් 30000ක් නම්, මාස භාගයක වැටුප රුපියල් 15,000කි. එනම් ඔබ සේවය කළ වසර 5ට රුපියල් 75000ක් නොදැනුවත්වම ඔබට හිමිවේ. වසර 10ක් සේවය කළහොත් රු. 150,000ක් ඔබට හිමිවේ. එනිසා නිසි සකසුරුවමක් සහිත පුද්ගලයකු ලෙස තරුණ කළ පටන් රැුකියාවක් තෝරා ගැනීමේදී ෑඡුත්‍ල ෑඔත්‍ පිළිබඳව සැළකිලිමත් වන්න.

එමෙන්ම තරුණ ඔබ සිදු කරන විශාල වැරැුද්දක් නම් ක්‍රුාසඑ මගින් භාණ්ඩ මිළට ගැනීමේදී නාස්තිය අධික වීමයි. මිතුරු වෙසින් සිටියද ඔබටත් නොදැනිම ඔබට සතුරු වන ප‍්‍රධාන බලවේගයක් ලෙස ක්‍රුාසඑ ජ්රා හඳුන්වනු හැකියි. ඔබට යමක් මිළට ගන්න සිතුණුවිට එය මගින් මිළට නොගෙන, මුදල් අතැති මොහොතක පමණක් එය මිළට ගැනීමට යන්න. ඔබ මගින් ලබාගත් ණය මුදල් ගෙවීමට නොහැකි වුවහොත් ඒ සඳහා පොළියක් සමඟ ,ඛ්එැ ච්හපැබඑ ෙැැ, ගෙවීමටද ඔබට සිදුවේ.

ලාභය යනු අඩුම මිළ නොවන බවද තරුණ ඔබ මතක තබාගත යුතු දෙයකි. කළකට පෙර රුපියල් 800ක් ගෙවා අඩු මුදලට කාර්යාලයට යාමට ලබාගත් සපත්තු ජෝඩුව මාස 7 කින් කැඩෙනවා නම් යළිත් එය රුපියල් 800ක් දී ලබා ගන්නට ඔබට සිදුවේවි. නැවතත් මාස 7 කින් එය කැඩුණු විට යළිත් රු. 800ක් ගෙවා එය මිළට ගන්නට ඔබට සිදුවේවි. එනම් අඩු කාලයක් තුළ වැඩි මුදලක් වැඩි වාරයක් අඩු මුදලට ලබාගත් සපත්තු වෙනුවෙන් ඔබට වැය කරන්නට සිදුවේවි. නමුත් රු. 2000ක් වටිනා තත්ත්වයෙන් උසස් සපත්තු මිළට ගත්තේ නම් මෙවන් නාස්තියකට ඔබ යොමු නොවේ.

රැුකියාවක් කිරීම ආරම්භ කළ දින පටන් ඔබ සිතන මීළඟ කරුණ නම් ”අපි කවද්ද කාර් එකක් ගන්නේ” කියලයි. නමුත් ලීසිං සහ පෙට‍්‍රල් සඳහා නඩත්තු වියදම් සඳහා අධිකව වියදම් බැවින් කාරයක් ලබා ගැනීම හොඳ ආයෝජනයක් නොවේ. තමන් සතු ඉඩම විකුණා වාහනයක් ගැනීම ඔබගේ සකසුරුවම නොවේ. ඔබ සකසුරුවම තුළින් වඩාත් හොඳ ආයෝජනයක් සිදුකර පසුව, එමගින් ඔබට අවශ්‍ය වාහනය උසස් තත්ත්වයේ වෙළෙඳ නාමයකින්ම ලබා ගැනීමට ඔබට හැකියාවද ලැබේ. ඉඩමක් විකුණා කාරයක් මිලට ගැනීමටත් වඩා ණයක් ලබා ගැනීමෙන් ඉඩමක් මිළට ගැනීමට ඔබට හැකියාවක් ඇත්නම් වසර කිහිපයකින් එමගින් වඩාත් හොඳ ලාභයක් ඉපැයීමට ඔබට හැකියාව ලැබේවි.

ඔබට මාසයක් ගත කිරීම සඳහා අත්‍යවශය වේ යැයි සිතන සෑම වියදමක්ම මාසේ මුලින් ලියා තබන්න. ඉන්පසුව දිනපතා කරන සෑම වියදමක්ම ලියන්නටත් වගබලාගන්න. මෙවැනි කි‍්‍රයාදාමයකදී මාස දෙක තුනක් පසු වූ විට ඔබටම ඔබගේ වියදම් අඩු කරන්නේ කෙසේ දැයි තේරුම් යාවි. ඒ වගේම ඔබගේ අනාගත සිහිනය හරිහැටි හඳුනාගෙන ඒ සිහිනය සැබෑ කර ගැනීම පිළිබඳවත් සැලසුම් සකස් කර ගන්න. සිහින දකින්න, ඒවා සකසුරුවම තුලින් නිසි පරිදි කළමනාකරණය කර ගන්න. ඔබව සාර්ථකත්වයේ හිනිපෙත්තටම නොදැනුවත්වම එසවෙනු ඇත.

නිර්මාණී බී. කොළඹගේ

No comments:

Post a Comment

Special Cultural Traditions of the Sinhala Hindu New Year in Sri Lanka

  Special Cultural Traditions of the Sinhala Hindu New Year in Sri Lanka. The "Sinhala Hindu New Year" is one of the most import...