මා දුටු සිත්තම්

Saturday, July 28, 2018

සාප්පු සවාරි යාමට පෙර...




 ළඟ ළඟම පැමිණෙන්නේ උත්සව සමයයි. ඒ වෙනුවෙන් සාප්පු සවාරි යාමට මඟ බලමින් සිටින ඔබව, සාප්පු සාවරි යාමේදී සැළකිලිමත් වියයුතු කරුණු පිළිබඳව දැනුවත් කිරීමට අපි තීරණය කළා. නැතිනම් උත්සව සමයේ සාප්පු සවාරි යාමේදී කාලයත්, මුදලත් ප‍්‍රයෝජනවත් දෙයකට යෙදවීමට ඇති අවස්ථාව ඔබට අහිමිවී යා හැකිය.

මුලින්ම සාප්පු සවාරි යාමට අත්‍යවශ්‍ය භාණ්ඩ ලයිස්තුවක් සකස් කර ගැනීම කළ යුතුයි. නිවසේ මේ වනවිට තිබෙන භාණ්ඩ මෙන්ම, අත්‍යාවශ්‍යවන අනෙකුත් දේවල්, පවුලේ අනෙක් අයගේ අවශ්‍යතා, ආදිය සලකා බලා භාණ්ඩ ලයිස්තුවක් සකස් කරගන්න. එවිට සාප්පු සවාරියේදී දකින දකින භාණ්ඩ මිලදී ගැනීමේ කාර්යයන් මිදීමට ඔබට හැකියාව ලැබේවි. එමෙන්ම නිවෙසට පැමිණි පසු අත්‍යවශ්‍ය භාණ්ඩ තොගයක් දක්නට ලැබීමද සිදු නොවේවි. එමගින් ළඟම එන උත්සව සමයට තවත් යමක් මිලට ගැනීමට ඔබ අත මුදල් ඉතිරිවීමටද සිදුවේවි.

ඔබ සාප්පු සවාරි යාමේදී සැලකිලිමත් වියයුතු විශේෂ කරුණක්නම්, පිරිසක් සමඟ සාප්පු සවාරි යාමට නොයාම. එයට හේතුවවන්නේ පිරිසක් සමඟ ගියවිට අතවශ්‍ය මිලදී ගැනීම්, අතවශ්‍ය කාලය වැයවීම් සිදුවීමයි. එමෙන්ම එම පිරිසේ අනෙකුත් අවශ්‍යතා සැපිරීමට යාම, කුඩා දරුවන් සිටීනම් ඔවුනගේ ආරක්ෂාව, ආදිය අමතර කාර්යයන් සිදු කිරීමට වීමෙන් අවශ්‍ය ද්‍රව්‍ය මිලට ගැනීම මඟහැරී යාමත් අවශ්‍ය ද්‍රව්‍ය මිලට ගැනීම මඟහැරී යාමත් සිදුවේවි. හැකිතාක් එවැනි කටයුතුවලිනල මිදෙන්න. 

ඔබට අවශ්‍ය ද්‍රව්‍ය එකම ස්ථානයකින් මිලට  ගන්නේනම් වඩාත් යෝග්‍යයි. තමන් හොඳින් දන්නා, විශ්වාසවන්ත, ගුණාත්මක භාණ්ඩ මිලටගත හැකි ස්ථානයක් නම් ඔබගේ අවශ්‍යතා වඩාත් හොඳින් සපුරා ගැනීමේ හැකියාව ලැබේවි. එසේත් නැත්නම් තමන්ට අවශ්‍ය දෑ හැකිතාක් එකම ස්ථානයකින් මිලට ගැනීමට උනන්දුවන්න. එවිට භාණ්ඩ මිලදී ගැනීම ඉක්මණින් මෙන්ම පහසුවෙන්, පිළිවෙලකට සිදුකළ හැකිය. විවිධ ස්ථානවලට ගමන් කිරීමට යන කාලයද කළමණාකරණය කරගත හැකිය.

සේල්ෟ යන නම දුටු විගස කාන්තාවන් ඒ වෙත ඇදී යාම සිදුවන්නේ ඉබේටම බව ඔබ අප හොඳින් දන්නා කරුණක්. විවිධ ආකර්ෂණීය උපක‍්‍රම මගින් ඔබව ඒ වෙත ඇදගැනීමට වෙළෙන්දන් උපක‍්‍රමශීලිවන බව මුලින්ම වටහා ගන්න. මිල අඩු යමක් මිලට ගැනීමට පෙර එහි ගුණාත්මකව බව, කල් පැවැත්ම, අනෙකුත් භාණ්ඩ හා සැසදීමේදී සේල් භාණ්ඩවල මිල අඩුවීමේ ප‍්‍රතිශතය, ආදිය ඉතා හොඳින් විමසා බලන්න. ප‍්‍රතිලාභයක් තිබේ නම් එම භාණ්ඩ මිලට ගැනීම ගැටලූ සහගත නොවේ. නමුත් කුඩා වාසියකට පැවැත්ම අඩු භාණ්ඩ මිලට ගැනීම අනවශ්‍ය ක‍්‍රියාවකි. එම නිසා මෙවැනි කරුණු පිළිබඳවද සාප්පු සවාරි යන කාන්තා ඔබ විශේෂයෙන් සැලකිලිමත්වන්න.

උදෑසන සහ දහවල් කාලයට වඩා සාප්පු සවාරි යාමට සුදුසුම කාලය වන්නේ සවස් කාලයයි. කලබලකාරි වටපිටාවක සාප්පු සවාරි යාම කිසිසේත්ම සුදුසු නොවේ. එයට හේතුවවන්නේ එවිට ඔබට අතවශ්‍ය දේ මිලට ගැනීම මඟහැරීමට වැඩි ඉඩකඩක් පැවතීමයි. සවස් කාලය කළමණාකරණය කර ගනිමින් කලබලයකින් තොරව සාප්පු සවාරි යාම නිරවුල් මනසකින් අත්‍යවශ්‍ය දෑ පමණක් මිලට ගනිමින් සාර්ථක ගමනක නිමාවක් අත්පත් කර ගත හැකිය. විශේෂයෙන්ම සාප්පු සවාරි යාමේදී කාල කළමණාකරණය මෙන්ම අවශ්‍ය ප‍්‍රවාහන පහසුකම් තිබේදැයි විමසා බලා යාමද වැදගත්වේ.

සාප්පු සවාරි යාමේදී සැලකිලිමත් වියයුතු තවත් කරුණක් වන්නේ බිල්පත් ගෙවීමේදී ක්‍රෙඩිට් කාඞ් මගින් නොගෙවා මුදලින් ගෙවීමට වගබලා ගැනීමයි. නැතිනම් ක්‍රෙඩිට් කාඞ් මගින් බිල්ගෙවීමේදී සීමාවකින් ොතරව භාණ්ඩ මිලදී ගැනීමට ඔබ පෙළඹෙන්නේ ඉබේටමයි. එම නිසා ඔබ අතැති මුදලට සරිපල භාණ්ඩ මිලට ගැනීමටත්, එම මුදල් වලට අමතරව අවශ්‍යතා ඇති කර නොගනිමින්, ඉතිරි මුදල් තවත් අතවශ්‍ය යාමකට යෙදීමට උපක‍්‍රමශීලි වන්න.

මීළඟට ඔබ සැලකිලිමත් වියයුතු විශේෂ කරුණවන්නේ කුමන ද්‍රව්‍යක් මිලදී ගත්තද ගුණාත්මක භාණ්ඩ මිලට ගැනීමට විමසිලිමත් වන්න. පිට ඔපයට හෝ මිල වැඩිකම භාණ්ඩයක ගුණාත්මක බව නොවන බව දැනුවත්වන්න. ඒවාගේ කල්පැවැත්ම, නිමැවුම, ආදේශකයක්ද යන වග ඒ සියලූම කරුණ ඉතා හොඳින් විමසා බලා ගුණාත්මක බවින් වැඩිම භාණ්ඩ මිලට ගන්න. එවිට උත්සව සමයේ ඔබව සතුටින් තැබීමට ඒ සියල්ලම හේතුවක් වේවි. එමෙන්ම ඔබේ දරුවාට නිසි දේ ලබාදීමට ඔබේ පවුලේ සමාජිකයින්ට මෙන්ම හිතවතුන්ටද සුරක්ෂිත වටපිටාවක් ඇතිකිරීමට ඔබට හැකියාව ලැබේවි.

මීළඟට සාප්පු සවාරි යාමේදී දරුවන් රැුගෙන යනවානම් ඔබ විශේෂයෙන් සැලකිලිමත් වියයුතුයි. බොහෝ පිරිසක් එම දිනවලට සාප්පු සවාරිවල නිරතවන නිසා අධික මාර්ග තදබදයක් පවා පැවතීමේ ඉඩකඩ වැඩියි. එමෙන්ම ජනතාව බහුල මාර්ගවල ගමන් ගැනීමේදීද දරුවන්ට අනාරක්ෂිත බවක් ඇතිවීම සිදුවේවි. එම නිසා දරුවාගේ ආරක්ෂාව අංක එක බවට පත් කරගනිමින් සුපරීක්ෂාකාරීව ඔබගේ සාප්පු සවාරියේ යෙදෙන්න. එමේනම උත්සව දිනය ලංවන තුරු නොසිට කල්වේලා ඇතිව අවශ්‍ය දෑ මිලට ගැනීමට උනන්දුවන්න. කලබලවී අවශ්‍යම දේ මඟහැරගන්නවාට වඩා කල්වේලා ඇතිව නිසි කළමණාකාරීත්වයක් ඔබට අවශ්‍ය සැලසුම් සකස්කර ගන්න. ඉහත කරුණ පිළිබඳව විමසිලිමත් වීමෙන් උත්සව සමය ප‍්‍රීතියෙන් මෙන්ම නිදහසේ ගතකිරීමට ඔබට හැකියාව ලැබේවි.

නිර්මාණී බී. කොළඹගේ.

No comments:

Post a Comment

Special Cultural Traditions of the Sinhala Hindu New Year in Sri Lanka

  Special Cultural Traditions of the Sinhala Hindu New Year in Sri Lanka. The "Sinhala Hindu New Year" is one of the most import...