නංගියේ අසාපන්
මුළුතැන්ගෙයි සරන
හරි හරියට උයන
නංගියේ නුබටයි මේ...
එනකල් මග බලන් ඇති
කිරිහලේ බංකුව උඩම
හැමදාම වගේ අදත්
රස බලන්නට
බත් කටක් ...
උදේ වගේ හවසටත්
සරසවියේ බත් අදින
අපි කවුරුත් දන්න
නොදන්නව වගෙ ඉන්න ...
නංගියේ අසාපන් ,,
නුබටයි මේ සුබපැතුම
බංකුවේ තනිරකින
ඇස්දෙකට
නොවී බත් කොක්ක
වෙන්ට සුන්දර මනාලිය ...
No comments:
Post a Comment