මං නුඹේ
කන්නගිය ...
රාග
විතෙන් පුරවාලන
මාධවියගේ
මධුර ස්වර
මත්කලාද
මගේ
පණ නුඹ...
දුන්
සෙනෙහෙට වැඩියෙන් සොඳ
ආදරයක්
හමුවුනාද
නුඹ
වෙනුවෙන් රැකි පතිවත
තවමත්
එහෙමයි සඳවත...
හදවත
දවමින් ඇවිලුණු
ඔබේ
අඩුව පුරවන්නට
ගිනිබත්
කර අළු කෙරුවා
මුළු
නුවරම එකසැරයට...
නුඹේ
පා සළඹත් අතැතිව
තවමත්
මඟ බලන් ඉන්න
මං
නුඹේ කන්නගිය
ඇහෙනවද
පෙනෙනවද කෝවලන්...
නිර්මාණී
No comments:
Post a Comment