රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා හා යොවුන් මානසික රෝග පිළිබඳ
විශේෂඥ වෛද්‍ය සුදර්ශි සෙනෙවිරත්න සමඟ කළ සාකච්ඡුාවක් ඇසුරෙන් සකස් කළ ලිපියකි
වර්තමානය
වනවිට දෙමාපියන්ගේ කාර්යබහුලත්වයත් සමඟ නිවසේ තනිවෙන දරුවා රූපවාහිනිය වෙත වැඩි
නැඹුරුවක් දක්වන අතර, එහි සීමාව
ඉක්මවා වර්ධනයවීම මත ‘ඇබ්බැහිවීමක්’ දක්වා ගමන් කිරීමද දැකගත හැකිය. එය දරුවාගේ
මතක ශක්තියට පවා බලපෑම් කරවීම සිදුවන අතර එහිදී දරුවාගේ මානසික මෙන්ම කායික
සුවතාවට හානි වේ. මෙවැනි ගැටලූ රැුසක් අප හමුවේ පවතිද්දී ඒ පිළිබඳව ඔබ නිවැරදිව
දැනුවත් කිරීම සඳහා රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා හා යොවුන් මානසික රෝග පිළිබඳ
විශේෂඥ වෛද්‍ය සුදර්ශි සෙනෙවිරත්න සමඟ කළ සාකච්ඡුාවක් ඇසුරෙන් සකස් කළ ලිපියකි මේ.
වෛද්‍යතුමියනි, රූපවාහිනියට
‘ඇබ්බැහිවීම’ යනුවෙන් හඳුන්වන්නේ කුමක්ද?
ඇමෙරිකා
එක්සත් ජනපදයේ ළමා රෝග විශේෂඥයන් විසින් දරුවෙක් තිරයක් ඉදිරිපිට සිටිය යුතු
කාලයක් නිර්ණය කර තිබෙනවා.එම කාල සීමාවට වැඩි කාලයක් තිරයක් භාවිත නොකරන ලෙසට
ඔවුන් ප‍්‍රකාශ කර තිබෙනවා.නමුත් මෙම කාල සීමාවට වඩා වැඩි වේලාවක් තිරයක් ඉදිරිපිට
ගත කිරීම එනම් එම සිමාව ඉක්මවා තිරයක් භාවිත කිරීමේදී එය පාලනය කර ගැනීමට නොහැකි
තත්ත්වයක් බවට පත්වෙනවා.විටෙක මුළු ජිවිතයම එම ඇබ්බැහිකාරකය මත තීරණය වෙනවා.මෙම
ලක්ෂණ වසරකට වඩා වැඩි කාලයක් පැවති විටදී එය රුපවාහිනියට ඇබ්බැහි වීමක් ලෙස සදහන්
කරන්න පුළුවන්.
මෙලෙස
රූපවාහිනියට ඇබ්බැහිවූ දරුවෙක්ට මතක ශක්තියට ඇති කරවන බලපෑම කුමක්ද?
රූපවාහිනියේ
නරඹන්නේ කුමක්ද? එය නරඹන්නේ කා
සමඟද? යන මූලික කරුණු දෙක මත එහි බලපෑම වෙනස් වෙනවා. එහි
යහපත් මෙන්ම අයහපත් බලපෑම් පවතිනවා. උදාහරණයක් ලෙස රූපවාහනියෙන් ප‍්‍රශ්න
විචාරාත්මක වැඩසටහනක් නැරඹීම ඉතාම යහපත්. එය දරුවාගේ දැනුම වර්ධනයට ඉවහල් වෙනවා.
නමුත් එවැනි වැඩසටහන් අල්ප වශයෙන් පවතින අතර දරුවා බොහෝවිට කාර්ටූන් ආදිය නැරඹීම
සීමාව ඉක්මවා සිදුකරන අතර දෙමාපියන්ගේ අවවාද පවා නොසලකා ඒවා නැරඹීමට පෙලඹෙනවා.
මෙහිදී බලපෑමක් දරුවාට සිදුවීම ඇරඹෙනවා.
රූපවාහිනිය
නැරඹීම කියන්නේ මොළයේ ක‍්‍රියාකාරිත්වයක් සිදු නොවන අවස්ථාවක්. එනම්, එහිදී
බුද්ධිමය හැකියාව වර්ධනය වීමක් සිදුවෙන්නේ නෑ. යමක් විශ්ලේෂණයේ හැකියාව, තෝරා ගැනීමේ
හැකියාව මෙන්ම යමක් හරිද,
වැරදිද යනුවෙන් වෙන්කර හඳුනා ගැනීමේ හැකියාව පවා මෙමඟින්
යටපත් වෙනවා. එමඟින් දරුවාගේ විචාරශීලී බුද්ධියට අයහපත් බලපෑම් එල්ලවෙනවා.
වෛද්‍යතුමියනි, මෙවැනි
බලපෑමක් සිදුවීමට දරුවා මූලිකවම පොලඹවන්නේ දෙමාපියන්ද?
විශේෂයෙන්ම, මෙහි
මූලාරම්භය සිදුවන්නේ දරුවා කුඩා කාලයේදීමයි. මව දරුවා කුඩා කාලයේදී ආහාර කැවීම
සඳහා රූපවාහිනිය පහසු මාධ්‍යයක් ලෙස යොදා ගන්නවා. එහිදී සිදුවන්නේ අපහසුවකින් තොරව
දරුවාට ආහාර ලබාදීමට හැකිවීමයි. නමුත් මෙහිදී දරුවා ලබාගන්නා ආහාරයේ රස, සුවඳ, වර්ණය පවා
දකින්නේ නැහැ. මෙය බරපතළ ගැටලූවක්. මවක් විසින් දරුවාට ආහාර කවන වේලාව මව සහ දරුවා
අතර අන්තර් ක‍්‍රියා ඇතිකරවන අවස්ථාවක්. එහිදී දරුවාට ආහාරයේ රස, සුවඳ, වර්ණය ආදියේ
ආස්වාදය විඳිමින් ආහාර ගැනීමට හුරුකරවිය යුතුමයි. එය නිසි පරිදි ඉටුකළහොත් මෙවැනි
ගැටලූවලට මුහුණදීමට සිදුවන්නේ නැහැ.
මෙගා ටෙලිනාට්‍යවලට
දරුවා ඇබ්බැහිවීම දරුවාට බලපාන්නේ කොහොමද?
දරුවා ඕනෑම දෙයක් සිදුකරන ක‍්‍රමවේදයක් පවතිනවා. ප‍්‍රධානතම
ක‍්‍රමය තමයි දරුවා අනිත් අය කරන දේ බලලා ඒ අනුව කටයුතු කිරීම. උදාහරණයක් විදියට
‘විලාසිතා’ කටයුතු ගන්න පුළුවන්.
මෙගා ටෙලිනාට්‍ය, කාටුන් ආදිය
නැරඹීමේදී, දරුවාට නාට්‍යයක
ප‍්‍රධාන චරිතය වීරත්වයෙන් පෙනීම සිදුවෙනවා. යෞවන මනසට වීරත්වයේ හැඟීම් ලබා
ගැනීමටත් දරුවා ප‍්‍රිය කරනවා. මෙම වයස තුළ කුතුහලය වැනි කරුණුද තදබලව පවතින බව
සඳහන් කළ හැකියි. නමුත් මෙම නාට්‍ය පවුලේ අය සමඟ එකට නරඹනවා නම් එය නැරඹීමේදී එහි
අන්තර්ගතය විචාරය කිරීමේ හැකියාව ලැබෙනවා. එවිට ඇතිවන බලපෑම අවමයි. නමුත් ඒ දෙබසට
වර්තමානය වනවිට ඉඩකඩ අඩුවී යනවා. එයට හේතුව දෙමාපියන්ට සහ දරුවාට එක්ව කාලය
ගතකිරීමට ඇති අවස්ථාව ගිලිහී යාමයි.
මීළඟට දරුවාගේ
නිදන කාමරයටම රූපවාහිනියක් ලබාදීම මතද, තාක්ෂණයේ ශීඝ‍්‍ර වර්ධනය මතද දරුවා වෙත මෙම
බලපෑම මේ වනවිට වැඩිපුර එල්ල වීමට පටන්ගෙන අවසන්. කුඩා කල පටන්ම දරුවාට වීරත්වය
ආරෝපණය වීම තුළ දරුවා යථාර්ථය සම`ග දක්වන සබඳතාව අඩුවෙනවා. ඔවුන් සුරංගනා ලෝකවල ජීවත්වීමට
පටන්ගන්නවා. ඒ වගේම නරඹන දෑ නැවත නැවත ක‍්‍රියාවට නැංවීමටද ඇති ඉඩකඩ වැඩියි. සමහර
දරුවන් අධි ක‍්‍රියාකාරී වන අතර සමහර දරුවන්ගේ තේරුම් ගැනීමේ හැකියාව අඩු මට්ටමක
පවතිනවා. මෙවැනි දරුවන් වෙත මෙහි බලපෑම විවිධයි.
වෛද්‍යතුමියකි, පසුගිය වසර
කිහිපය හා සසඳා බැලීමේදී වර්තමානයේ රූපවාහිනී බලපෑම වර්ධනය වී තිබෙනවාද?
ඔව්. ප‍්‍රතිකාර
ලබාගැනීමට පැමිණෙන දරුවන් අතර පසුගිය වසර 5 පිළිබඳව සලකා බැලීමේදී විශාල වශයෙන් දරුවා
රූපවාහිනියටත් වඩා ජංගම දුරකථනයට ඇබ්බැහිවීම දැකගන්න පුළුවන්. දරුවා දුරකථන ක‍්‍රීඩාවලට
:ඨ්පැි* අධික ලෙස ඇබ්බැහිවීම තුළ දෙමාපියන්ට ‘ගහන’ තත්ත්වයට පවා පත්වී අවසන්. ඒ
වගේම දරුවා එවැනි අවස්ථාවල ඉතා කලහකාරී ලෙස හැසිරෙනවා.
මෙයට එක්
හේතුවක් තමයි දරුවා විභාගය සමත්වූ විගසම දුරකථනයක් ලබාදීමට දෙමාපියන් කටයුතු
කිරීම. අන්තර්ජාලයේ වර්ධනයත් මෙම බලපෑම විශාල ලෙස වැඩි කරනවා.
දරුවා ප‍්‍රධාන
වශයෙන්ම රූපවාහිනිය නරඹා ඒවා තම ජීවිතයට ආරෝපණය කරගැනීමට යාමෙන් රෝගාතුර වීම මෙන්ම
ඒවා අත්හදා බැලීමට යාමෙන් රෝගාතුර වීම ලෙස රූපවාහිනියේ අයහපත් බලපෑම වර්ග කළ
හැකියි. තරුණ වයසට පැමිණෙන විට ඔවුනට ආවේග පාලනයට නොහැකිවීම, ලිංගික
ආස්වාදයට යොමු වීම වැනි තත්ත්වය මත විවිධ අයහපත් බලපෑම් රැුසක් සිදුවෙනවා. තරුණ
වයසට පැමිණි විට අස්වාදයට මුල් තැන දුන්විට එය පාලනයකින් තොර වීමක් සිදු වෙනවා.
රූපවාහිනියට
ඇබ්බැහි වූ දරුවෙක් සිටින දෙමාපියන් ගත යුතු ක‍්‍රියාමාර්ග මොනවාද?
විශේෂයෙන්ම
දරුවා ඉන් මුදවා ගැනීමේ හැකියාව ඇත්තේද දෙමාපියන්ටම පමණයි. මෙම තත්ත්වය පාලනයට
ඖෂධවලට ඇත්තේ සීමිත හැකියාවක්. මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවූ අයෙක් නම් මත්ද්‍රව්‍ය
ගන්නා ප‍්‍රමාණ අඩු කිරීම මත එය පාලනය කළ හැකියි. එමෙන්ම තරුණ වයසේදී නියමිත
සීමාවල් යොදා මෙය පාලනය කල යුතුයි.
රූපවාහිනියට
ඇබ්බැහිවූ දරුවෙකු ඉන් මුදවා ගැනීමේ පළමු
පියවර ලෙස දරුවා රුපවාහිනිය නැරඹීමට යොදාගන්න කාලය දරුවාගේ හැකියා සහ දක්ෂතා හදුනාගැනීමට යොදාගන්න පුළුවන්. එනම්
රුපවාහිනිය නරඹන කාලය වෙනුවට ආදේශකයක් යොදාගත හැකියි. දරුවා යම් කාර්යයක යෙදෙනවා
නම් මේ සඳහා වැය කිරීමට දරුවාට කාලයක් නැහැ. දෙමාපිය මැදිහත්වීමෙන් දරුවාගේ විශාල
කාලයක් ඉතිරිවීමද සිදුවෙනවා. විශේෂයෙන් පොතපත පරිශීලනය, කියවීමට හුරු
කිරීම මඟින් දරුවාගේ මොළය ක‍්‍රියාකාරී වීමට පටන් ගන්නවා. එවිට විචාරශීලී දරුවෙකු
නිර්මාණය වීමද සිදුවෙනවා.
ළමා හා යොවුන්
මානසික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරියක් ලෙස ඔබතුමියට දෙමාපියන් වෙත දිය හැකි පණිවිඩය කුමක්ද?
ඕනම දෙයක් සීමාවක් ඇතුළත සිදුකිරීමට හැකියාවක්
පවතිනවා නම් කිසිම ගැටලූවක් නැහැ. දරුවා, කිසියම් ක‍්‍රියාකාරකමකට යොමු කිරීමේ උපාය
මාර්ගයක් ලෙස ඔබට රූපවාහිනිය ඵලදායීව යොදා ගන්න පුළුවන්. උදාහරණයක් විදියට ‘පාසලේ
පැවරූ වැඩකටයුතු නිමකළොත් දරුවාට රූපවාහිනිය නැරඹීමට අවස්ථාවක් ලබා දෙනවා’ ලෙස
ඵලදායිව එය භාවිතා කළ හැකියි.
ඒ වගේම
දෙමාපියන් සීමාව ඉක්මවා කාර්යබහුලවූ විට දරුවන් කරන්නේ කුමක්ද? කියන්නේ
කුමක්ද? යන්නවත්
දෙමාපියන් දන්නේ නෑ. නමුත් දරුවා කුඩා කල පටන් නිවැරදිව හුරුකළොත් මෙවැනි
තත්ත්වවලට මුහුණදීමට සිදුවන්නේ නෑ. එම නිසා දරුවා දෙමාපියන් අතර පවතින ශක්තිමත්
සබඳතාවය මෙහිදී ඉතාම වැදගත්.
වෛද්‍ය
සුදර්ශී සෙනෙවිරත්න,
ළමා හා යොවුන්
මානසික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය,
රිජ්වේ ආර්යා
ළමා රෝහල.
(සංවාද සටහන -
නිර්මාණී බී. කොළඹගේ*
No comments:
Post a Comment