මා දුටු සිත්තම්

Friday, June 2, 2017

මෝටර් රථයක සිසිලන පද්ධතිය හඳුනා ගනිමු.


මෝටර් රථයක සිසිලන පද්ධතිය හඳුනා ගනිමු.

සිසිලන පද්ධතිය  යනු මෝටර් රථයක ඉතාම වැදගත් පද්ධතියකි. වාහනයට ලබාදෙන ඉන්ධනවල පවතින රසායනික ශක්තිය, චාලක ශක්තිය බවට පත්කර කැරකුම් බලයක් ලෙස රෝදවලට ලබාදීමේදී එනම් ශක්තිය පරිවර්තනය කිරීමේදී වැඩි ප‍්‍රමාණයක් තාපය ලෙස අපතේ යයි. මෙම තාපය හේතුවෙන් එන්ජිමේ ලෝහ කොටස් අධිකව ප‍්‍රසාරණයට ලක්වී එන්ජිමට දැඩි හානි සිදුවිය හැකියි. මෙම නිසා තාපය ඉවත්කර එන්ජිම නියමාකාරව ක‍්‍රියාත්මක කරවීමට සිසිලන පද්ධතිය ඉතා වැදගත්. එම නිසා මෙම ලිපියෙන් අපි ඔබට වාහනයක සිසිලන පද්ධතිය පිළිබඳව දැනුමක් ලබා දීමට තීරණය කළා.



වාහනයක එන්ජින් බඳ එසේත් නැතිනම් බ්ලොක්  තුළ එකිනෙකට සම්බන්ධ කුහර විශේෂයක් පවතී. මෙම කුහර තුළ සෑම විටම ජලය නැත්නම් සිසිලනකාරකය ගමන් කරමින් පවතී. මෙය වෙනත් ලෙසකින් කූලන්ට් ලෙසද නම් කරයි. මෙලෙස ගමන් කරන කූලන්ට් මගින් එන්ජිමේ නිපදවන අමතර තාපය අවශෝෂණය කරගනු ලැබේ. මෙම අවශෝෂණය කරගත් අයන උණුසුමක් සහිත කූලන්ට් රේඩියේටර්හෙවත් විකිරණය නමින් හැඳින්වෙන කොටසට ගමන් කරයි. ඉන් පසු රේඩියේටරයේ ඉහළ ටැංකිය දක්වා රත්වූ කූලන්ට් ගමන් කරන අතර මෙලෙස ගමන් කිරීමේදී රේඩියේටර් බඳ මගින් එහි වූ තාපය උරාගනු ලබයි. මේ අතරතුර රේඩියේටර් බඳ හරහා පංකාව මගින් වාතය ගමන් කරවන අතර එමගින් මෙම සිසිලන ක‍්‍රියාවලිය කාර්යක්ෂම කරවයි. මෙලෙස සිසිල්වූ කූලන්ට් පහල ටැංකිය වෙත පැමිණේ. ඉන්පසු නැවතත් එන්ජිමේ බඳතුලට පොම්ප කර ඉහත ක‍්‍රියාවලිය වක‍්‍රාකාරව සිදු කරයි. මෙය සිසිලන පද්ධතියේ මූලික ක‍්‍රමවේදයයි. මෙම ක‍්‍රියාවලිය වඩා ආරක්ෂිත මෙන්ම කාර්යක්ෂම : කිරීමට තවත් උපාංග කිහිපයක එකතුවක් අවශ්‍යවේ

ඒවා පිළිබඳව විමසීමේදී පහත පරිදි කරුණු ගෙනහැර දැක්විය හැකිය. 

මෙහි මූලික කොටස් තුනකි. ඒ ඉහළ ටැංකිය/ පහළ ටැංකිය/ සහ බඳ    
යන කොටස් තුනයි. රේඩියේටර් හෝස් වලින් උණුහුම් කූලන්ට් එකතුවීම සිදුවන්නේ ටැංකි එක තුළයි. ඉන් පසු බඳ හරහා කූලන්ට් ගමන් කර සිසිල් වී පහළ ටැංකිය එකතුවීම සිදුවේ.



පීඩන වැස්ම
පද්ධතිය තුළ පවතින අධික පීඩනය පාලනය කිරීම මෙමගින් සිදු කරයි. මෙය විවෘතව වැඩි පීඩන අවස්ථාවේදී කූලන්ට් එක අමතර ටැංකිය වෙත ගමන් කිරීමට සැලැස්වීමත් පීඩනය අඩු වූ විට අමතර ටැංකියෙන් කූලන්ට් නැවත රේඩියේටරයට ලබාදීමත් සිදු කරයි.


අමතර ටැංකිය
මෙහි අමතර කූලන්ට් ප‍්‍රමාණයක් තබා ඇති අතර පීඩනය වැඩිවී රේඩියේටරයෙන් එළියට එන කූලන්ට් එකතු වීමත්, පීඩනය අඩු වූ විට නැවත එය ලබාදීමට තැබීමත් සිදු කෙරේ. 


තර්මොස්ටැච් වැල්වය
එන්ජිමක් තුළ සාමාන්‍යයෙන් සෙල්සියස් අංශක 85-93 වැනි උෂ්ණත්වයක් ක‍්‍රියාත්මක විය යුතුයි. මෙය ප‍්‍රශස්ථ උෂ්ණත්වය ලෙස හඳුන්වයි. මෙම උෂ්ණත්ව පාලනය සිදුකරන්නේ කර්මොඩි ටැට් වෑල්වයයි. එන්ජිම නියම උෂ්ණත්වයකට ලඟාවන තුරු කූලන්ට් රේඩියේටරය වෙත ගොස් සිසිල්වීම මෙමගින් වලක්වයි. මෙය පිහිටා ඇත්තේ රේඩියේටරයක් එන්ජින් බ්ලොක් එකක් අතරමැද ඉහළ ටැංකියට කූලන්ට් ගලායන මාර්ගයේය. 



ජල/ කූලන්ට් පොම්පය
මෙය එන්ජිමට සම්බන්ධව ක‍්‍රියාත්මක වන්නකි. එන්ජිම තුළ කූලන්ට් පොම්ප කිරීම සිදු කරනුයේ මෙමගිනි. 

රේඩියේටර් පංකාව
මෙය වාහන වර්ගය අනුව රේඩියේටරයට ඉදිරිපසින් හෝ පසුපසින් පිහිටිය හැකියි. සාමාන්‍යයෙන් තාප සංවේදකයක් මගින් හෝ එන්ජිමට සම්බන්ධ බෙල්ට් එකක් ආධාරයෙන් ක‍්‍රියාත්මක වේ. 


හීටර් කොර්
මෙය එන්ජිමේ සිසිලන ක‍්‍රියාවලියට සෘජු සම්බන්ධයක් නැති නමුත් එම පද්ධතියෙහි කෙලවරක ඇති උපකරණයකි. මෙය කුඩා රේඩියේටරයක් සහ පංකාවකින් සමන්විතවේ. ඔබ වාහනයේ වායු සමීකරණ පද්ධතිය නිරීක්ෂණය කළහොත් ඔබට එහි උෂ්ණත්ව පාලක කොටසේ රතු පැහැයකින් යුත් කොටස මෙයයි.
මෙලෙස විවිධ කොටස්වල එකතුවෙන් වාහනයට ආරක්ෂාව සපයන පද්ධතියක් ලෙස සිසිලන පද්ධතිය හඳුනාගත හැකියි.


නිර්මාණී. බී. කොළඹගේ

No comments:

Post a Comment

Special Cultural Traditions of the Sinhala Hindu New Year in Sri Lanka

  Special Cultural Traditions of the Sinhala Hindu New Year in Sri Lanka. The "Sinhala Hindu New Year" is one of the most import...