පෘථිවිය උණුසුම් වීම යනු පෘථිවිය මතු පිටට ආසන්න වාතයේ හා සාගරවල උෂ්ණත්වයේ වැඩි වීමයි. එය 20 වන ශත වර්ෂයේ මැද භාගයේ සිට අපේක්ෂිත ඉදිරිය දක්වා සිදුවනු ඇත.පෘථිවිය මතුපිට මධ්යින්යඑ ගෝලීය වායුමය උෂ්ණත්වය 2005 වර්ෂයෙන් අවසන්වන වසර 100 ක කාලය තුළ 0.740 ධන හෝ සෘණ 0.18 (1.33 ධන හෝ සෘණ 0.32* ප්රවමාණයකින් වෙනස්වී ඇත. අන්තර් රාජ්යවයීය දේශ ගුණික වෙනස් වීම් පිළිබඳ සමුළුව හෙවත් ෂඡුක්‍ක් කරන පරිදි 20 වන ශත වර්ෂයේ මැද භාගයේදී නිරීක්ෂිත ගෝලිය මධ්යුන්ය උෂ්ණත්වයන්ගේ වැඩිවීම්වලට හේතුව වශයෙන් නිරීක්ෂණය කොට ඇත්තේ මිනිසා විසින් නිර්මාණය කරන ලද හරිතාගාර වායු සාන්ද්රිණයන්ගේ ඉහළ යෑම් හරහා හරිතාගාර ආචරණය ඇති වීමයි. පූර්ව කාර්මික කාලපරාසයන් 1950 දක්වා වකවානුවේදී ස්වාභාවික ප්රතපන්චයන් වන ගිනිකඳු සහ සූර්යය ප්ර්භේදනය කුඩා උණුසුම් වීමේ ආචරණයක් ඇති කරන ලදී. 1950 සිට ඉන් ඔබ්බට කුඩා සිසිල් වීමේ ආචරණයක් ඇති කරන ලදී.මෙම මූලික නිර්ණයන් හුවා දක්වනු ලැබුයේ ප්ර්ධාන කාර්මික රටවල්වල සියලූ ජාතික විද්යාත්මක ඇකඩමි අන්තර්ගත වූ අවම වශයෙන් විද්යා ත්මක ඇකඩමි හා විද්යාපත්මක සමාජ 30 කවත් දායකත්වයෙනි. තනිවිද්යාාඥයින් ෂඡුක්‍ක් හි සොයා ගැනීම් සම්බන්ධයෙන් විරුද්ධත්වය ප්රදකාශ කළද එය යටපත් කරමින් දේශගුණික වෙනස් වීම් පිළිබඳව එහි මූලික වෙනස්වීම් සම්බන්ධයෙන්එකඟතාවයපලකොටඇත.
ගෝලීය උණුසුමෙන් උණුසුම් වෙන ජීවිත...
දේශ ගුණික ආකෘති අනාවැකි මගින් සංක්ෂිප්ත කරන ලදුව දක්වා තිබෙන්නේ ගෝලීය මධ්ය න්යහ උෂ්ණත්වය තවත් 1.10 සිට 6.40 දක්වා 21 වන ශතවර්ෂය තුළදී වැඩි වනු ඇති බවයි. එම අගය පරාසයන් විවිධ ගෝලීය හරිතාගාර වායු විමෝචනය පිළිබඳ ගුරුපොත් හා විවිධ දේශ ගුණික සංවේදීතාවයන් ඇති ආකෘතික භාවිතයෙන් ලද ප්රිතිඵලයක් වශයෙන් අධ්ය යනයන් අතරින් බහුතරයක් 2100 දක්වා කාල පරාසවලට නාභිගත වී ඇත. නමුත් උණුසුම් වීම සහ මුහුදු මට්ටමේ වැඩිවීම තවත් වසර දහසකට වැඩි කාලයක් හරිතාගාර වායු මට්ටම් ස්ථායීකරණය වුවද වැඩිවනු ඇති බවට අපේක්ෂා කෙරේ. සමතුලිතතාවයට එළඹීමට ප්රයමාද වන්නේ සාගරයන් තුළ ඇති විශාල තාපධාරිතාවය හේතුවෙනි.ගෝලීය උෂ්ණත්ව වැඩිවීම මුහුදු මට්ටම් වැඩිකිරීමට හේතු වනු ඇත. එමෙන්ම ආන්තික කාලගුණික තත්ත්වයන්ගේ සහ වර්ෂාපතන රටාවන්ගේ හා ප්රිමාණයන්ගේ ත්රීුව්රමතාවයන් වෙනස් කරනු ඇතැයිද අපේක්ෂා කෙරේ. ගෝලීය උණුසුම්වීමේ වෙනත් ආචරණයන්නම් කෘෂිකාර්මික අස්වැන්නේ වෙනස්වීම් වෙළඳ රටාවල වෙනස්වීම් ගැලැසියර දියවීම් විශේෂ වදවීම් එමෙන්ම රෝග වාහකයන්ගේ පරාසයන් වැඩිවීම් අන්තර්ගත වේ..
2003 වර්ෂයේ ගීෂ්ම සෘතුවේදි යුරෝපයේ ඇති වූ අධික උෂ්ණත්වය හේතුවෙන් ප‍්‍රංශය , ඉතාලිය හා ජර්මනියේ 35000ක් පමණ මිය ගිය අතර, විශාල පිරිසක් සමේ රෝග වලට ගොදුරු වූහ. වසර 60කට පසු බ්රි තාන්යමයේ දහස් ගණන් ජනයා අසීරුවට පත් කරමින් 2007 ජූලි මස මහා ජල ගැලීම් සිදු වූ අතර එය ගෝලීය උණුසුම හේතු කොට ගෙන සිදු වූ බව බ්රියතාන්යක අගමැති ගෝල්ඩන් බ්ර වුන් ප්රලකාශ කර ඇත. (ලංකාදීප 2007 ජූලි 25*. හංගේරියාවේ 2007 ජූලි මස අධික උෂ්ණත්ව යෙන් මිය ගිය ප්රකමාණය 600ද ඉක්මවන ලදී(ලංකාදීප 2007 ජූලි 25*. ඉන්දියාවෙන්ද වරින් වර අධික උෂ්ණත්වසය නිසා සිදුවන මරණ ගැන වාර්ථා වී ඇති අතර 2003දී ප්රංිශයේ 1080 ක් මිය ගියේය. 2007 මැයි මස උණුසුම නිසා බංගලාදේශයේ 12 දෙනෙක් ද ඉන්දියාවේ 30 දෙනෙකුද මිය ගිය බව වාර්ථා විය. 2003 වසරේ ඇති වූ උණුසුමට සමාන ගිම්හාන උණුසුමක් මීට පෙර ඇති වූයේ වසර දාහකට දෙවරකි. නමුත් ඉදිරියේදි මෙම සම්භාවිතාව වසර විස්සකට දෙවරක් ලෙස වෙනස් වී ඇති අතර 2050-60 වන විට මෙම උණුසුම සාමාන්යත තත්ව යක් දක්වා වර්ධනය වීමට ඉඩ කඩ ඇත.දැඩි තාපය නිසා 1995 දී ඇමරිකාවේ චිකාගෝහිදී මිය ගිය ගණන සියයකි. මීට අමතරව හරිකේන්, කැත්රිනා වැනි කුණාටු සහ වැසි නිසා ඇමරිකාවේ විශාල ප්ර මාණයකට ජීවිත අහිමි විය. ඊට අමතරව පෘථිවි උණුසුම වැඩි වීම නිසා මදුරුවන් උසින් වැඩි බිම් ප්රයදේශ වලට පවා සංක්රිමණය වන අතර එමගින් මැලේරියාව සහ ඩෙංගු රෝගය වැළදීම සීඝ්රවයෙන් වර්ධනය වේ. ලෝක සෞඛ්යම සංවිධානය සදහන් කරන පරිදි 2000 වර්ෂයේදී මැලේරියාව සහ ඩෙංගු වඩාත් ව්යාංප්ත වීම නිසා මිය ගිය සංඛ්යාකව එක් ලක්ෂඋ පණස් දහසකි.
ගෝලීය
උෂ්ණත්වයය හේතුවෙන් උස් බිම් පවා මදුරු ආක්ර මණයට ගොදුරු වී ලෝකයේ 2/5 ක
භූමි ප්රයමාණයක වෙසෙන මිලියන 50ක් ඩෙංගු උණ රෝගයට ගොදුරු වීමට ඉඩ තිබේ.
මෙලෙස කලාපයෙන් කලාපයට පැතිර යන ඩෙංගු වෛරසය නිසා 2005දී උතුරු ඇමරිකාවේ
580 දෙනකු පමණ මිය ගොස් ඇත.(2006 වසරේදි ලංකාවේ ඩෙංගු රෝගීන් ගණන 11668 කි
ඊට අමතරව වෛද්යත විශේෂඥයින් අනුමාන කරන පරිදි මේ සියවස තුළ කාළගුණික වෙනස්
වීම් නිසා සමේ සහ ස්වුසන රෝග වැළදීමත් මෙතෙක් වැළදී නැති රෝග තත්වායන් ඇති
වීමටත් නියිමිතය. හරිතාගාර වායුව සහ වෙනත් වායු ¥ෂණ නිසා දරුණු රෝගී
තත්වයන් හෝ මරණීය වූ හෘද රෝග මෙන්ම මොළයේ රෝගද, පෙනහළු පිළිකා සහ ළදරු මරණ
බහුල වන අතර දැනටමත් ඇමරිකාව තුළ මේ තත්වදයන් දක්නට ලැබේ. පැතිර යමින්
පවතින අධික උෂ්ණත්වනය නිසා, වෙනත් පෙනහළු රෝගද වැළදීමේ සහ උග්රය වීමේ
ලක්ෂසණ බොහෝ රටවල් වල දක්නට ලැබේ. ඊට අමතරව වාතයේ කාබන්ඩයොක්සයිඞ් වැඩි වීම
මරණීය රෝග සහිත නිෂ්පාදන වලට හිතකර වන අතර එමගින් විවිධ අසාත්මිකතාවන්ද
ඇති වේ. ඕසෝන් ස්ථරය ක්ෂතය වීම නිසා වායු ගෝලයේ ඉහළ ස්ථරයේ උෂ්ණත්වකයේ
වැඩි වීම් ප්ර්ථිඵලයක් ලෙස වායු ගෝලයේ පහළ ස්ථරයද උණුසුම් වේ. මේ නිසා හිරු
විසින් මුදා හරින අයහපත් අධෝරක්ත විකිරණ වැළැක්වීමේ හැකියාව අඩුවීම මිනිස්
සිරුර වෙත අයහපත් ලෙස බලපායි. මෙමගින් ඇස් වලට හානි වීම, සම කළු වීම, සමේ
පිළිකා ඇති වීම සිදු වේ. ලෝක සෞඛ්යප සංවිධානය ප්රනකාශ කර ඇති පරිදි ගෝලීය
උණුසුම වැඩි වීම නිසා ඇතිවන අතුරු ආබාධ හේතුවෙන් වසරකට 160000ක් මිය යන අතර
2020දී මෙම ප්රිමාණය දෙගුණ වීමට නියමිතයි.වායුව උණුසුම් වීම නිසා ලොව පුරා
සුළි සුළං හේතුවෙන් 1985 දී 4361ක් මිය ගිය අතර 1991 දී 138568ක් මිය
ගියහ. වසරකට මිලි මීටර 9කින් බංගලාදේශයේ භූමිය මුහුදට යට වන අතර ඉතා පහත්
මුහුදු මට්ටමක පිහිටි බංගලාදේශය බෙංගාන බොක්කේ නිතර ඇති වන කැළඹිලි
ස්වාභාවය නිසා ගංවතුර මෙන්ම සුළි සුළං විපත් වලට ද මුහුණ පාමින් සිටී.
මීට අමතරව ආක්ටික් පෙදෙසේ වෙසෙන හිම වලසාද ඍතු වල බරපතල වෙනස් කම් නිසා සහ උෂ්ණ ඍතුව දීර්ඝ වීම නිසා ප්රරජනන ක්රිමයාවලියේදී යම් පසු බෑමකට ලක් වී ඇත.එමෙන්ම සීල් මතස්යහයා සහ පෙන්ගුයින් වැනි සතුන්ගේ ජීවන චක්රියද විශම වී ඇති බව සොයා ගෙන ඇත. සමස්තයක් ලෙස අවම උෂ්ණත්වෙයන් මත යැපෙන හිම වලසා සහ පෙන්ගුයින් වැනි සත්ව විශේෂ 100 සිට 200 ක් අතර ප්රසමාණයක් තර්ජනයට මුහුණ දී තිබේ. මීට අමතරව කුරුළු වර්ගයන්ගේ ප්රටජනන ක්රිතයාවලියද වෙනස් වී ඇත. උදාහරණයක් ලෙස බ්රිටතාන්යබයේ පක්ෂඅ විශේෂ 67 ක පළමු බිත්තරය දැමීම දින 9 කට කලින් සිදුවීම දැක්විය හැක. කාලගුණ විපර්යාසය නිසා සත්වකයින්ට වන හානිය ගැන දකුණු කලාපීය රටවල්හි පර්යේෂණ පැවතෙන්නේ නැති තරම් බැවින් එම කලාපයේ සත්වස විෂේශයන්ට ගෝලීය උණුසුමේ ප්ර්ථිඵල කෙසේ බලපානු ඇත්දැයි සොයා ගැනීමට නොහැක.
ලෝක ගෝලයේ මිනිස් ජනාවාස වලින් තොර ප්රවදේශ ලෙස හඳුන්වන උත්තර ධ්රැුනවයට ආසන්න ඇලස්කාව වැනි ප්ර දේශ වල සුළු වශයෙන් ඇස්කිමෝවරු වාසය කරති. පෘථිවියේ මෙම ධ්රැු්ව ප්ර දේශ ද, තුන්ද්රාව, සැවනා සහ ඇමසන් වැනි වනාන්තර සහ කාන්තාර වලටද බලපාන උණුසුම පෘථිවියේ කාලගුණික සමතුලිත බවට හානි ගෙන දෙමින් දේශගුණික විපර්යාසයන්ට බඳුන් වෙමින් තිබේ. අයිස් තට්ටු දියවීම සහ හිමාංකයට අඩුව පැවති උෂ්ණත්වශය වැඩි වීම මධ්යුම ඇසියාවටද බලපාමින් ඇත. මෙම කලාපයේ හිමාලය කඳු සහ ටිබට් ප්ලාතා කඳු වැටි ආශ්රියතව ද්රැුනව ප්රාදේශ වලින් බැහැර වූ විශාලතම ග්ලැසියර් ලක්ෂලයක් පමණ ඇතැයි ලණනය කර ඇත. නමුත් 70 දශකයේදී මෙම කඳු වැටි වල නේපාල කොටසේ උෂ්ණත්වසය සෙල්සියස් අංශක 1කින් ඉහළ යාම නිසා සමස්තයක් ලෙස හිමාලය කඳු වැටියේ හිම සහ අයිස් තට්ටු 30%කින් අඩු විය.සමස්තයක් ලෙස ගත් විට කාලගුණික දේශගුණික විපර්යාස ඇතිවීමට මුළු ජෛව සහ අජෛව පද්ධතියටම බලපායි.1800 මුල් භාගයේ දී සිට හිම ගංගා ආපස්සට ගිය බව විරල සටහන්වල පෙන්නුම් කරයි. උඨඵී හා භීෂෘක් වලට වාර්තා කිරීම සඳහා 1950 දී මහා ප්රවමාණයෙන් හිම ගංගා මැනීම සොයා බැලීම පටන් ගන්නා ලදි. හිම ගංගා ආපසු හැරීම, ආක්ටික් හැකිලීම හා මුහුදු ජල මට්ටම ඉහළයාම ගෝලීය උණුසුම නිසා ඇතිවූ ප්රටතිවිපාකය. අනෙක් ප්ර තිඑල වනුයේ කෘෂි අස්වැන්න අඩුවීම, ග්රිහෂ්ම සෘතුවේ ඇලමාර්ගා අඩුවීම, ජිවීන් අභාවයට යෑම, රෝග කාර්කයන්ගේ ප්රේමාණ වැඩිවීම, ස්වාභාවික පරිසරයට සහ මිනිස් ජිවිතවලට බලපෑම් ඇතිවීම ආදියට ගෝලීය උණුසුම බලපා තිබේ.
ගෝලීය උණුසුම් වැඩිවීම නිසා මරණ වැඩිවීම්, අවතැන්වීම්, ආර්ථික පාඩු, ආදිය සිදුවේ. සමශිකෝෂින ප්රීදේශවල ජනගහනය වැඩිකිරීමෙන් සීතලට මුහුන දීමට හැකි නිසා මරණ අඩුවීම වැනි යම් වාසි පෙන්නුම් කරන බව පවසන්නේ වැනි ක්රියාකාරි කණ්ඩායම් මඟින් නිකුත් කරන ලද 3 වැනි තක්සේරු වාර්තාවෙන් විය හැක. 4 වැනි තක්සේරු වාර්තාවේ සාරංශ වාර්තාව අනුව මුහුද මත්තේ උෂ්ණත්වය වැඩිවීමේ පරස්පරය පිළිබඳ 1970 සිට උතුරු අත්ලාන්තික් සාගරයේ උෂ්ණ කලාපීය සුළි සුලං ක්රි යාකාරකම්වලි වැඩි වීමක් පිළිබඳ නිරීක්ෂණ සාක්ෂි ඇති බව වාර්තා වේ. මෑතදී කැලිනෛියා විශව විද්යා ලය විසින් කරන ලද කරන ලද අධ්යවනයකට අනුව ගෝලීය උණුසුම ඉහළයාම විදුලි කෙටීම් සංඛ්යා ව වැඩිකිරීමට හේතුවන බව විද්යාදඥයෝ පෙන්වාදෙති. මෙතෙක් කලක් වැඩි අවධානයක් යොමුවූයේ වඩා විනාශකාරී කුණාටු සුළිසුළං සහ ධාරානිපාත වර්ෂාපතනය වැඩිවීම සහ ගෝලීය උණුසුම ඉහළයාම අතර ඇති සම්බන්ධයටයි. කුණාටු සුළිසුළං හා දැඩි වර්ෂාවෙන් ඇතිවන ගංවතුරෙහි ප්ඉහතිඵල ජීවිත හානි අතින් ඉහළ මට්ටමක පැවැතිය හැකි නමුදු විදුලි කෙටීම් නිසා සිදුවිය හැකි ව්යහසනද අවතක්සේරු කළ හැකි ඒවා නොවේ. අමෙරිකාවේ පමණක් මේ වසරේ ඇතිවූ විදුලි කෙටීම් නිසා සිදු වූ අකුණු ගැසීම් වලින් මිය ගිය සංඛ්යා ව 25 කි. අනෙකුත් රටවල සංඛ්යාත එකතු කළ විට මෙය සැලකිය යුතු ප්ුණමාණයකින් ඉහළ යා හැකිය. එමෙන්ම වාර්සික ලැවිගිනිවාර්තාවලට අනුව ඇමෙරිකාවේ ඇතිවූ ලැව්ගිනි වලින් අඩකටම වග කිව යුත්තේ විදුලි කෙටීම් සහ අකුණු ගැසීම්ය. මේ ලැව්ගිනි නිසා පරිසර පද්ධතියට වන හානිය සුලූපටු නොවේ. එහෙත් වායුගෝලයට මුදාහැරෙන හරිතාගාර වායු ප්රිමාණය වැඩිවීමෙන් ගෝලීය උණුසුම ඉහළයාම සහ විදුලි කෙටීම් අකුණු ගැසීම් වැඩිවීම අතර තිබිය හැකි සම්බන්ධතාවය ගැන මෙතෙක් එතරම් අවධානයක් යොමුවී නොතිබිණි.
අනෙක්
අතට ලැවිගිනි නිසාද හරිතාගාර වායුවක් වන කාබන් ඩයොක්සයිඞ් සැලකිය යුතු ප්න
ාණයක් වායු ගොලයට එක් වේ.කැලිෆෝනියා විශ්ව විද්යාීලයේ වායුගෝලිය ගතිකයන්
පිළිබඳ පර්යේෂකයේකයකු වූ ඬේවිඞ් රොම්ප්ගේ ප්ිශධානත්වයෙන් කරන ලද මෙම
අධ්යළනය සඳහා අමෙරිකානු විදුලිකෙටීම් සටහන් කිරීමේ ජාතික ජාලය විසින්
වාර්තාකරන ලද අමෙරිකාවේ විදුලි කෙටීම් මිලියන 20ක් පිළිබඳ දත්ත උපයොගී
කරගෙන ඇත.වාර්තාවේ නිගමන ගැන සඳහන් කරන ඊශ්රාියලයේ ටෙල් අවීව් සරසවියේ
වායුගෝලී ය විද්යාමඥ කොලින් ප්ිගයිස් ගොලීය උණුසුම සහ විදුලි කෙටීම්
පිළිබඳව ඔහු විසින් 1994 දී පළ කරන ලද අධ්යනන වාර්තාවත් සමග මේ සොයා ගැනීම
මනාව ගැලපෙන බව සඳහන් කරයි.
ගෝලීය උණුසුම ඉහළ යාම සදහා සූර්යයාගේ බලපෑම පිළිබඳව ඇත්තේ අඩු තක්සේරුවක් බව ඇතැම් විද්යාඋඥයෝ පවසති. ඔවුන් විශ්වවිද්යාතල පරීෂකයන් දෙදෙනෙක් වන බෲස් වෙස්ට් හා නිකොලේ ස්කාෆෙල්ෆා තක්සේරු කර ඇති අන්දමට 19000-2000 කාලය තුළ ගෝලීය පෘෂ්ඨයේ උණුසම ඉහළයාම සඳහා සූර්යාගේ දායකත්වය 45-50% පමණ වේ. 1980-2000 දක්වා කාලයේදී එම ප්රේමාණය 25-35% පමණ වේ. ඡුැඑැර ිජදඑඑැ ඇතුළු පර්යේෂකයන් පිරිසක් පෙන්වා දුන් පරිදි දේශගුණික ආකෘති මගින් සූර්ය බලයට සාපේකෂව හරිතාගාර වායුන්ගේ බලපෑම අධි තක්සේරුවකට ලක් කර තිබේ. එසේම ගිනිකඳු,¥විලි හා ගෙන්දගම් වායුන්ගෙන් ඇතිවන සිසිලනය එමඟින් අඩු තක්සේරුවකට ලක් කර ඇත. එම පර්යේෂකයන්ගේ නිගමනයන්ට අනුව මෙම ආකෘතිය වැඩි දියුණු කළ පසු 20 වන ශතවර්ෂය මැද සිට උෂ්ණත්වය ඉහළ යාම කෙරෙහි වැඩි බලපෑමක් ඇති කර ඇත්තේ හරිතාගාර වායු බව පෙනිණි. ඇමරිකා එක්සත් ජනපදය, ජර්මනිය හා ස්විට්සර්ලන්තය වන රටවල පරීක්ෂකයන් විසින් හෙලි කරනු ලැබුවේ පසුගිය වර්ෂ දහය තුළ සූර්යයාගේ දීප්තියේ වර්ධනයක් දක්නට නොලැබෙන බවයි. සූර්යා චක්රර මගින් සූර්ය දීප්තිය පසුගිය වර්ෂ 30 කාලයේදී 0.07% ක් වැනි සුළු ප්රවමාණයකින් වර්ධනය වී ඇති නමුත් මෙය ගෝලීය උණුසුම ඉහළ නැංවීමට තරම් සැලකිය යුතු බලපෑමක් ඇතිනොකරයි.
නිර්මාණී බී.කොළඹගේ
No comments:
Post a Comment