පෝරුවේ චාරිත‍්‍ර තුළ ගැබ්වූ සන්නිවේදනාර්ථ
මංගල උත්සවයක් පිළිබඳව විමසා බැලීමේදී ‘‘මංගල චාරිත‍්‍රවාරිත‍්‍ර’’ වලට හිමිවන්නේ මූලික ස්ථානයක්. අතීතයේ පටන්ම පැවත ආ මෙම මංගල චාරිත‍්‍ර වාරිත‍්‍ර අද සමාජයේද මංගල උත්සවයක් තුළ දක්නට ලැබෙන අනිවාර්ය අංගයකි. මංගල පෝරුව තුළ සිදුවන චාරිත‍්‍රවාරිත‍්‍රවලට මේ අතරින් ප‍්‍රධාන ස්ථානයක් හිමිවේ. ඒවා තුළ අන්තර්ගතවන සංස්කෘතිකමය සන්නිවේදනාර්ථ පිළිබඳව සළකා බැලීමේදී සංස්කෘතිකමය වූ පරම්පරාවෙන් පරාවට පැවත ආ විවිධ වටිනාකම් වලින් යුක්ත සන්නිවේදනාර්ථ රාශියක් හමුවේ. විවාහ චාරිත‍්‍ර වාරිත‍්‍ර තුල අඩංගුවන සංස්කෘතිකමය සන්නිවේදනාර්ථ පිළිබඳව කැලණිය විශ්වවිද්‍යාලයේ ජල සන්නිවේදන අධ්‍යයන අංශයේ ජ්‍යේෂ්ඨ මහාචාර්ය චන්ද්‍රසිරි රාජපක්ෂ මහතා සමඟ කළ සාකච්ඡුාවක් ඇසුරින් සකස් කළ ලිපියකි මේ.
ඈත අතීතයේදී ස්වයංවරයට අනුව තම සහකරුවා හෝ සහකාරිය තෝරා ගැනීමේ ක‍්‍රමවේදයෙන් ආරම්භ වූ විවාහ සම්ප‍්‍රදාය තුළ වැඩි වටිනාකමකින් යුක්ත සංස්කෘතික පසුබිමක් ගැබ්ව පවතී. සංස්කෘත භාෂාවේ විවාහය යනු වචනය ‘‘ද්විජ’’ ලෙස අර්ථගන්වන අතර එයින් ගම්‍ය වන්නේ ‘‘දෙවරක් ඉපදීම’’ යන්නයි. එහිදී බ‍්‍රාහ්මණයන්ට පුන නුල පැලඳවීමෙන් පසුවද ‘‘ද්විජ’’ ලෙස හඳුන්වන අතර, විවාහයේදී ‘‘ද්විජ’’ ලෙස හඳුන්වන්නේ කාන්තාවක් හෝ පුරුෂයෙක් විවාහයෙන් පසුව නව ජීවිතයක් ආරම්භ කිරීම පිළිබඳවයි. මෙලෙස විවාහ ජීවිතය අරඹන දිනයේ, එනම් මංගල දිනයේදී පෝරුව මත සිදුකරන පෝරුවේ චාරිත‍්‍ර වාරිත‍්‍ර තුළ ගැඹුරු සන්නිවේදනාර්ථ පවතී. ඒවා එකිනෙක පහත පරිදි විස්තර කළ හැකියි.
1. අතපැන් වත්කිරීම
මෙහිදී අර්ථ ගන්වන්නේ යම් කිසි පවරා දීමක් වැන්නකි. අතීතයේදී කිසියම් පවරා දීමක් වැන්නකි. අතීතයේදී කිසියම් පවරා දීමක් සංඛේතවත් කෙරුණේ ජලය මගිනි. උදාහරණයක් ලෙස භික්‍ෂුන් වහන්සේලාට යම් යම් දේ පූජා කිරීමේදී පැන් වත්කර පූජා කිරීම, පින් දීමේ කටයුතු වලදී ජලය භාවිතය වැනි දේ ගත හැකියි. මෙම චාරිත‍්‍රයේදී ලක්‍ෂණයක් ලෙස ‘‘ජලය’’ භාවිත කරන අතර එක් අයෙක් තවත් අයෙක්ට පමරා දීමක් සංඛේතවත් වේ. ජලය යනු ස්වභාවධර්මය සමඟ සම්බන්ධවන දෙයකි. වේද සාහිත්‍යයේ සඳහන් වන පරිදි ලෝකය පවතිනුයේ ජලය මතය යන සංකල්පයද මූලික කර පැවරීම මෙන්ම පැවැත්ම මත නිර්මාණය වූ සංස්කෘතික ලක්‍ෂණ මෙමගින් ගම්‍ය වේ.
2. මුදු පැලඳවීම
දෙදෙනකු අතර අන්තර් සබඳතාවයක් ගොඩ නැගීම මූලිකව මින් සන්නිවේදනය කෙරේ. එයින් වක‍්‍රාකාරව ලිංගික ලක්‍ෂණයන්ද ඉස්මතු කරයි. අතීතයේදී පැරැුන්නන් සංඛේතාත්මකව එකිනෙකා අතර පවතින සම්බන්ධතාව ප‍්‍රකාශ කිරීම අරමුණු කරගෙන මෙම චාරිත‍්‍රය නිර්මාණය කර ඇති බව ප‍්‍රකාශ කළ හැකියි. මෙය ශ්‍රී ලංකාව තුළ විවාහ දිනයකදී සිදුකරන ප‍්‍රධාන සංස්කෘතික ලක්ෂණයකි.
3. පොල් බිඳීම
පෙරදිග රටවල පාරිශුද්ධ බව පිළිබඳව පවතින ප‍්‍රධාන සංස්කෘතික ලක්‍ෂණයක් ලෙස මෙම චාරිත‍්‍රය හැඳින්විය හැකියි. විවිධ පූජාවන්, වස්කටයුතු, දෙවියන් ඇදහීම, ආදී කටයුතු වලදීද මෙම චාරිත‍්‍රය සම්බන්ධ කටයුතු සිදුවේ.
4. බුලත් දීම
ලංකාවේ විවාහ චාරිත වාරිත‍්‍ර අතර පමණක් නොවූ ඕනෑම සුබ කටයුත්තකදී, ආරාධනාවකදී හෝ පූජනීය කටයුත්තක් ආදියේදී මූලික වන සංස්කෘතික සංඛේතය වන්නේ ‘‘බුලත්’’ය. මෙය ප‍්‍රධානතම සංස්කෘතික මෙවලමකි. විශේෂයෙන් සඳහන් කළ යුතු වන්නේ විවාහයේදී බුලත් දෙන ආකාරයේත් විශේෂත්වයක් පැවතීම පිළිබඳවයි. එහිදී බුලත් කඳ යටි අතට තබා ලබා දීම සිදුකරයි. එයින් සන්නිවේදනය කරනුයේ එකිනෙකාට ගරු කිරීම, එකිනෙකා පිළිගැනීම, ආදී සංඛේතාර්ථයි.
5. අතැඟිලි වෙලීම
මෙහිදී සංඛේතවත් කෙරෙනුයේ ජීවිත දෙකම වඩාත් සාර්ථක කරගන්නා බවක් මෙන්ම, අදින් ආරම්භ කරන ජීවිතය එක්ව ගමන් කරන බව ආදියයි.
6. කිරිකඩ හේලය
මෙම චාරිත‍්‍රය පෝරුවේ චාරිත‍්‍ර අතර ප‍්‍රධාන ස්ථානයක් උහුලයි. එය ආගමික පසුබිමක් මුල් කරගෙන නිර්මාණය වූවකි. බෝධිසත්වයන්, තම මව බේරා ගැනීමට මහා සාගරයේ පිහිනා ගම සිහිපත් කරවමින් මෙම චාරිත‍්‍රය ආරම්භ වූ බවද සඳහන් වේ. මෙහිදී විවාහ වන අයෙකුට තම මවට ලබාදිය හැකි උපරිම ගෞරවය ලබාදීම වැන්නක් මින් සංඛේතවත් කරයි. කිරිකඩ හේලය හිස තබාගෙන පැමිණීම, ආදී අනන්‍ය ලක්‍ෂණ මෙම චාරිත‍්‍රය තුළ දැකගත හැකි අතර එහිදී කිසියම් අනුවේදනීය ස්වභාවයක්ද ඇතිකරනු ලබයි. තම මව දුන් කිරිවලට කෘතගුණ සැලකීමක්ද මෙයින් සන්නිවේදනය වේ.
7. අෂ්ඨක කීම
මේ තුළද විශේෂ සන්නිවේදනාර්ථ රැුසක් පවතී. අෂ්ඨක තුළ වැඩි වශයෙන් අන්තර්ගත වන්නේ බුදුගුණ සහිත කරුණයි. තමන් අදහන ආගමේ පවතින සංස්කෘතික ලක්‍ෂණ විදහා දැක්වීමක් මෙහිද ීසිදුවන අතර බුදුන්, දහම්, සඟුන් ආමන්ත‍්‍රණය කිරීම, සුබ කටයුත්තක් ආරම්භයේදී ආගමේ ආශිර්වාදය ලබා ගැනීම ආදිය මින් සංඛේතවත් කරයි. වර්තමානය වන විට විවාහ උත්සව පන්සල් තුළ සිදු කිරීම සුලභව දැකගත හැකියි. එම අවස්ථාවට පදනම නිර්මාණය වී ඇත්තේද මෙම අෂ්ඨක මගිනි. විටෙක මෙහි හින්දු චාරිත‍්‍ර වාරිත‍්‍ර වල ලක්‍ෂණ සහිත ශ්ලෝක ආකාරයේ කරුණුද අන්තර්ගත වන අතර මෙම අෂ්ඨක, පාලිවලින් බිඳී ආ පිරිත් ආශ‍්‍රිතවද නිර්මාණය වී ඇති බව කිව හැකිය.
මෙම ප‍්‍රධාන මංගල චාරිත‍්‍ර වාරිත‍්‍ර වලට මංගල පෝරුවේ තබා ඇති ‘‘පුන්කලස’’ සංස්කෘතික ලක්‍ෂණ විදහා දක්වන ප‍්‍රධාන අංගයකි. පුන්කලස සරසන ආකාරය, තුළ දේශීය සංස්කෘතික ලක්ෂණ රැුසක් විදහා දක්වන අතර එය වඩාත් වැඩි වටිනාකමකින් යුත් සංස්කෘතිකමය අවස්ථාවක් ලෙස සලකයි. එමෙන්ම මංගල ඇඳුම් පිළිබඳව කතිකා කිරීමේදී එය පළාත් අනුව වෙනස් වන බව කිව හැකියි. නමුත් මේ වන විට විවිධ වෙනස්කම්වලට ලක්වුවද මංගල ඇඳුම්වල ‘‘වර්ණය’’ ද විවිධ සන්නිවේදනාර්ථ විදහා දක්වයි. මංගල උත්සවයේ පළමු දිනයේදී අඳිනු ලබන ඇඳුම් අලූතෙන්ම සකස්කර ගත් ඒවා විය යුතු අතර එහි වර්ණය මගින් පාරිශුද්ධතාව පිළිබිඹු කරයි. දෙවැනි දිනයේ වර්ණ මගින්ද සන්නිවේදනාර්ථ විදහා දක්වයි. මේ වන විට මෙම සියලූම චාරිත‍්‍ර වාරිත‍්‍ර සුළු වශයෙන් හෝ වෙනස්කම්වලට ලක්වී ඇති බවද කිව යුතුයි.
විශේෂ ස්තූතිය _ කැලණිය විශ්වවිද්‍යාලීය, ජනසන්නිවේදන අධ්‍යයන අංශයේ ජ්‍යේෂ්ඨ මහාචාර්ය, චන්ද්‍රසිරි රාජපක්ෂ මහතා.
සංවාද සටහන _ නිර්මාණී බී. කොළඹගේ.
No comments:
Post a Comment