මා දුටු සිත්තම්

Tuesday, June 6, 2017


රුධිර පාරවිලයනය ගැන ඔබ නොදත් දේ...



රුධිර පාරවිලයනය යන නම ඇසූ පමණින්ම ඔබට ඒ පිළිබඳව විවිධ අදහස් තිබෙන්නට පුළුවන්. ඒ කෙසේ වුවත් ඔබ තුළ රුධිර  පාරවිලයනය පිළිබඳව අනවශ්‍ය බියක් පවතින බව නම් නොරහසක්. ඔබට රුධිර පාරවිලයනය පිළිබඳව නිවැරදි අවබෝධයක්  ලබාදීමත් ඒ තුළින් රටක රුධිර අවශ්‍යතාව සපුරාලමින් මහඟු සමාජ සත්කාරයකට දායකවීමට ඔබටත් අවස්ථාවක් ලබාදීමත් මූලික කරගෙන මෙම ලිපිය  සම්පාදනය විය.

 රුධිර පාරවිලයනය යනුවෙන් හඳුන්වන්නේ පුද්ගලයෙකුගෙන් ලබාගන්නා ලද ආරක්‍ෂිත රුධිරය රුධිර අවශ්‍යතාවයකින් පෙළෙන රෝගියෙකුට ලබා  දීමයි. ප‍්‍රධාන රුධිර ඝන හතරකි. ්ල ඊ, ්ඊ සහ ධ ලෙස ඒවා වර්ග වන අතර ඒවා තවදුරටත් පොසිටිව්, නෙගටිව් ලෙස හෝ ඍය සාධකය ලෙස කොටස් වේ. මෙලෙස පළමුව රුධිර ඝන හතරක් ඇති බව හඳුනාගන්නා ලද්දේ 1901 දී වෛද්‍ය කාර්ල් බර්නස්ටයිනර් විසිනි. රතු රුධිරාණු, ශරීර අවයව හා පටක වෙත ඔක්සිජන් ගෙන යයි. ඒවා රුධිර  සංසරණ පද්ධතිය තුළ දින 120ක් පමණ ජීවත් වේ. වසරකට ශ්‍රී ලංකාවේ රුධිර පාරවිලයනයක් අවශ්‍ය පිරිස ලක්‍ෂ දෙකකට අධික වන අතර දිනකට රුධිර ලීටර් දාහකට අධික ප‍්‍රමාණයක් රෝගීන්ට පාරවිලයනය කිරීම ද සිදුවේ. ජනතාවගෙන් 30%ක පමණ කොටසක් ලේ දන්දීමට අවශ්‍ය අවම සුදුසුකම ඇතත් වාර්ෂිකව රුධිරය දන් දෙන්නේ 2%කටත් වඩා අඩු කොටසකි.
 යම් පුද්ගලයෙකු දායක කරන ලද රතු රුධිරාණු සම්මත තත්ත්වය යටතේ දින 42ක් ගබඩාකොට තබා ගත හැකියි. එමෙන්ම අධිශීත කළ රුධිර ප්ලාස්මාව වසරක පමණ කාලයක් පවත්වා ගත හැකිය. සාමාන්‍ය රුධිර පාරවිලයනයකදී  ප‍්‍රමාණය  පයින්ට් 2x3 අතර වේ. රුධිර පාරවිලයනයක විශාල අවශ්‍යතාවයක් මේ වනවිට අප රට තුළ  පවතී. පිළිකා රෝග සඳහා ප‍්‍රතිකාර ලබන දරුවන්, අඩු වයසින් උපත ලද දරුවන්ට සහ හදවත් සැත්කම්වලට ලක්වන දරුවන්ට රුධිර පට්ටිකා ද ඒ ඒ අදාළ රුධිර වර්ගය ද අවශ්‍ය වේ. රක්තහීනතාවයෙන් පෙළෙන රෝගීන්ට රුධිර ෙසෙල ප‍්‍රමාණය වැඩි කිරීමට ද රුධිර පාරවිලයනය යෙදිය හැකියි. එමෙන්ම තැලසීමියා නම් ප‍්‍රවේණික රෝගය ලංකාවේ පුද්ගලයන් 2000කට පමණ ඇති අතර ඔවුනට මාස්පතා රුධිර පාරවිලයනයක් අවශ්‍ය වේ. මෙලෙස බොහෝ පුද්ගලයන්ට රුධිර පාරවිලයනයක අවශ්‍යතාව මතුව ඇත.


නමුත් නිසායාකාර දැනුවත් කිරීමෙන් නොමැතිව ඔබත් රුධිර පාරවිලයනයට බියක් දක්වන්නට පුළුවන්. රුධිරය සඳහා කිසිදු ආදේශයක් නොමැති බව ද විශේෂයෙන් සඳහන් කළ යුතු අතර වයස අවුරුදු 18 සිට වයස අවුරුදු 60 පමණ වනතෙක් සෑම මාස 4කටම වරක් ලේ දන්දීමෙන් ඔබ ජීවිත කාලයේ රුධිරය ගැලූම් 15.75ක් පරිත්‍යාග කළ අයෙකු බවට පත්වේ. රුධිර පාරවිලයනය සඳහා පිළිගත් අවශ්‍යතා කිහිපයක්ම පවතී. එනම් පසුගිය මාස 4 තුළ ලේ දන් දීමක් කර නොතිබීම, වයස අවුරුදු 18x55 අතර වීම, හිමොග්ලොබින් ප‍්‍රමාණය 80%ක් පමණ වීම, ශරීර බර අවම වශයෙන් 50නට පමණ වීම ආදියයි. එමෙන්ම පහත සදහන් අවස්ථා වලදී පුද්ගලයන්ගෙන් රුධිරය ලබා ගැනීමක් සිදු නොකරයි ,

1. ඇගපත කහ වීම හෝ සෙන්ගමලයට ලක්ව තිබීම

2. හෙපටයිටිස් හෝ ඒඞ්ස් වැළදීමට ඉඩකඩ වැඩි පුද්ගලයන්

3. කුමන ආකාරයක හෝ හද රෝගවලට ලක්වුවන් හෝ කපාට අබාධ  පවතින්නන්

4. රුධිර කටිගසිම නිසි පරිදි සිදු නොවන පුද්ගලයන්

5. අපස්මාර රෝගයෙන් පෙලෙන්නන් (මෙයට හේතුව වන්නේ රුධිරය දායක කිරීමෙන් පුද්ගලයන් තුළ අපස්මාරය රෝගය වැළදීමේ ඉඩකඩ වැඩි වීමයි *



රුධිර පාරවිලයනයකදී අතීත වෛද්‍ය තොරතුරු විමර්ශනය,  සිරුරු පරික්ෂාව, රුධිර දායාදය සහ විවේකය හා සුළු ආහාරයක් ගැනීම යන පියවර කිහිපයක් දැකිය හැකිය. රුධිරය දායක කිරීම සඳහා ගතවනුයේ විනාඩි 15ක් පමණ සුළු වේලාවකි. රුධිර පරිත්‍යාගයෙන් පසුව පිටවූ රුධිරය පැය කිහිපයක් ඇතුලත රුධිර සංසරණ පද්ධතියට එකතු වේ. රතු රුධිරාණු සති 4ක කාලයකින් පෙර මට්ටමට පැමිණේ. මේ නිසා මේ පිළිබඳව නිසියාකාර දැනුමකින් තොරව සමාජයේ කතිකාවට ලක්වන රුධිර පාරවිලයනය ශරීරය දුර්වල කරනවා යන මිත්‍ය මතයත්, තරුණියන් අතර වැඩිවශයෙන් පිළිගන්නා මතයක් වන රුධිර පාරවිලයනය කළවිට ශරීරය ක‍්‍රම ක‍්‍රමයෙන් මහත්වන බවට ඇති මතයත් අද පටන් බැහැර කරවීමට උත්සාහ ගැනීම වඩාත් යෝග්‍යයි. එමෙන්ම රුධිර පරිත්‍යාගයේදී ඒඞ්ස් හෝ වෙනත් බෝවන රෝග වැළඳීමේ කිසිදු හැකියාවක් නැත.



ඔබට  ඕනෑම අවස්ථාවක රුධිර පරිත්‍යාග කිරීම් තවදුරටත් සංවිධානය කළ හැකියි. ඒ ඍජුවම ජාතික රුධිර පාරවිලයන සේවය සමඟ සම්බන්ධ වෙමිනුයි. එමෙන්ම සමාගම්, පාසල්, පන්සල්, පල්ලි ආදිය මගින් සංවිධානය කරනු ලබන රුධිර දන්දීමේ කඳවුරු මගින් ජාතික ලේ අවශ්‍යතාවන් අඩකටත් වඩා සැපිරේ. නිසි දැනුවත් වීමක් ද ඇතිව නිසි රුධිර පාරවිලයනයක් තුළින් ඔබටත් බලාපොරොත්තු රහිත වූ ජීවිතයකට යළිත් නව බලාපොරොත්තුවක් එක්කරවමින් ජීවිතයක් බේරා ගැනීමට දායක විය හැකියි.




නිර්මාණී බී. කොළඹගේ
සෞඛ්‍යමත් ජීවිතයකට අත්‍යවශ්‍ය මානසික සුවතාවය

            ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්වචනය කර ඇති පරිදි සෞඛ්‍ය යනු සම්පූර්ණ කායික, මානසික හා සාමාජීය නිරෝගීතාවය වන අතර රෝගයක් හෝ කිසියම් දුබලතාවයක් නොමැති වීම පමණක්ම සෞඛ්‍ය ලෙස හඳුන්වනු නොලැබේ. මානසික සෞඛ්‍ය යනු පුද්ගලයකුගේ හැඟීම් හා මානසික ක‍්‍රියාකාරීත්වය යහපත් මට්ටමක පවත්වා ගැනීම පිළිබඳව ගොඩනැගුණු සංකල්පයකි. මේරියම් වෙබ්ස්ටර් විසින් විග‍්‍රහ කරන අන්දමට මානසික සෞඛ්‍ය යනු එදිනෙදා ජීවත්වීමට, අවශ්‍යතා සපුරා ගැනීමට හා සමාජයේ ක‍්‍රියාකාරීවීම සඳහා පුද්ගලයකු සංජානනය සඳහා භාවිතයට ගන්නා හැඟීම් හා මානසික නිරෝගිතාවය ගැන විග‍්‍රහ කරන ලද තත්ත්වයකි. එමෙන්ම ධනාත්මක මනෝ විද්‍යාව හා ස්ථිර මානසික සෞඛ්‍ය අන්‍යෝන්‍යව සිතා බලන කල පුද්ගලයකුගේ ජීවිතය විඳීමට ඇති හැකියාව ජීවිතයේ ක‍්‍රියාකාරකම් අතර සමබලතාවයක් පවත්වා ගැනීම සහ මනෝ විද්‍යාත්මක මත ප‍්‍රකෘති භාවයන් ලබා ගැනීම ලෙස හැඳින්විය හැකිය. පොදුවේ ගත් කල බොහෝ විශේෂඥයන් එකඟතාවයට පත්වී ඇති මතයක් නම් මානසික සෞඛ්‍ය හා මානසික රෝගය යනු එකිනෙකට තේරුමක්  නොදෙන බව වැටහී යයි. එනම් මානසික රෝගයක් නොමැති විට යහපත් මානසික සෞඛ්‍යයක් ඇති බව දර්ශනය නොවේ. යහපත් මානසික සෞඛ්‍ය ලක්ෂණය වනුයේ තමාගේ හැකියාවන් පිළිබඳව විශ්වාසයක් තබා ගැනීම සාමාන්‍ය මට්ටමේ ආතතියක් විඳදරා ගැනීමට හැකියාවක් තිබීම හා ප‍්‍රශස්ත මට්ටමකින් අන්තර් පුද්ගල සම්බන්ධතා පවත්වා ගැනීමට හැකිවීම, නිදහස් හා ස්වාධීන ජීවිතයක් ගත කිරීම ආදියයි. සෞඛ්‍යමත් ජීවිතයක් පිළිබඳ කතිකා කිරීමේදී මානසික සෞඛ්‍ය පිළිබඳව නිසි අවබෝධයක් ලබාගැනීම ඉතා වැදගත් වන අතර එය ඔබගේ ජීවිතයේ සතුට මෙන්ම පෞර්ෂය ද පවත්වා ගැනීමට උපකාරී වේ.
මානසික සෞඛ්‍ය මඟින් චිත්ත හැඟීම් හෝ ගුණාත්මක  යහපැවැත්ම හෝ මානසික රෝග නොමැති බව විස්තර කරයි.  ඔබට යහපත් මානසික සුවතාවයක් පවතිනවාද යන්න පරීක්ෂා කිරීමට පහත සඳහන් අංග ඔබ තුළ තිබේද යන්න සලකා බැලීම ඉතා වැදගත් වේ.
තමාගේ හැකියාවන් ගැන විශ්වාසයක් තිබීම, සාමාන්‍ය මට්ටමේ ආතතියක් විඳදරා ගැනීමට හැකියාවක් පැවතීම, ප‍්‍රශස්ත මට්ටමෙන් පුද්ගල අන්තර් සබඳතා පවත්වා ගැනීමට හැකිවීම ද නිදහස් හා ස්වාධීන ජීවිතයක් ගත කිරීමට හැකිවීම ආදිය එම අංගය. මානසික සෞඛ්‍ය පිළිබඳව බුදුරජාණන් වහන්සේ මෙසේ දේශනා කර ඇත
.


‘ආරෝග්‍යා පරමා ලාභා - සන්තුට්ඨි පරමං ධනං
විශ්වාසා පරමා ඥාති  -නිබ්බානං පරමං සුඛං’

පුද්ගලයාගේ නිරෝගී බව පරම ලාභය ලෙස දක්වා ඇත. මිනිසකු හොඳ කායික සෞඛ්‍යයකින් පසුවීම ඉතා වැදගත් බව පෙන්වා දෙයි. සතුට පරම ධනයක් වන බව දේශනා කර ඇත්තේ මානසික සෞඛ්‍ය  පිළිබඳවයි. ඔබ ගෙවන ජීවිතය ඉතා ප‍්‍රීතිමත් නම් සොම්නස දනවන්නේ නම් ඔබ හොඳ මානසික සෞඛ්‍යකින් හෙබි බව සනාථ කරයි. නූතන මනෝ විද්‍යාඥයන්ගේ සොයා ගැනීම්වලට අනුව මිනිසා තුළ නිධන්ගතව පවත්නා සිතිවිලි ඉතා බරපතළ ඒවා නොවුන ද ඒවා මුල් කරගෙන පහත ආකාරයේ කායික රෝග ඇතිවිය හැකි බව දක්වා තිබේ. උදාහරණ ලෙස ආහාර ජීර්ණ පද්ධති ආබාධ, චිත්තවේග පාලනය කරගත නොහැකිවීම, හෘද ස්පන්දනය වෙනස්වීම, අධි රුධිර පීඩනය, ශ්වසන ආබාධ, මස්පිඩු වේදනා, රුධිරයේ  සීනි මට්ටම ඉහළ යාම ආදිය දැකගත හැකිය.

මානසික කැලඹීම නිසා පැනනගින ඉන්ද්‍රිය ආබාධ පිළිබඳව පැමිණිලි කිරීම සාමාන්‍යයෙන් අප බලාපොරොත්තු විය යුත්තකි. ඉන්ද්‍රිය ආබාධයක් ලෙස පෙනෙන්නට තිබුණ ද එයට හේතු වී ඇත්තේ මානසික ගැටලූවකි. මෙම රෝගී තත්ත්වය ‘මනෝ අක‍්‍රමිකතාව’ නම් වේ. මේවාට උදාහරණ ලෙස ශාරීරික රෝග ලක්ෂණ පෙන්නුම් කරන්නාවූ ද ශාරීරික විකෘතියක් ඇති කරන්නාවූ ද මනසෙහි හට ගන්නාවූ ද ආබාධ ගත හැකිය. මිනිසා තුළ අධික චිත්තවේගී තත්ත්ව බොහෝ වේලාවක් රැුඳී තිබීමට එක් හේතුවක් වශයෙන් මනෝ විද්‍යාඥයකු වූ හෝම්ස් පෙන්වන්නේ ඉච්ඡුාබංගත්වයට ගොදුරු වූ පුද්ගලයකුට ප‍්‍රකෝපකාරී ලෙස හැසිරීමට ඉඩ ප‍්‍රස්තා නොලැබී යන බවයි. සමාජයේ සෑම මිනිසෙකුටම අවශ්‍ය මූලික අවශ්‍යතා ඉටුකර දෙමින් සමාජය තුළ ආදරය රැුකවරණය සහ ගරුත්වය හිමිකර දෙන්නේ නම් සැමටම අභිමානවත්ව ජීවත් වීමට හැකියි. එමඟින් උසස් මානසික සෞඛ්‍යත් හිමිකර දිය හැකිවේ. එමෙන්ම යම් යම් මානසික දුර්වලතා හෝ මානසික ගැටලූ ඇති අයට සමාජයේ අන් අයට මෙන් සමානව සැලකීම ගෞරවයට ලක් කිරීම, ආදරය, දයාව, රැුකවරණය ලබාදීම මඟින් ඔවුන් තුළ උසස් මානසික සෞඛ්‍යයක් ඇති කළ හැකිවේ. මානසික ගැටලූ ඇති පුද්ගලයන්ට අනපේක්ෂිත බවක් දැනෙන්නට පටන් ගන්නේ ඔවුන් තුළ මෙතෙක් සැඟවී යටපත්ව තිබූ හැඟීම්වලින් නිදහස් වීමට හැකි වූ පසුවයි.

ශ්‍රී ලංකාව තුළ මානසික සෞඛ්‍ය වර්ධනය කරලීමේ අවශ්‍යතාව ප‍්‍රබලව දැනෙන්නට පටන්ගෙන ඇති බව පෙනී යයි. මේ සඳහා වර්ධනය වන මිනී මැරුම්, මත්පැන් හා මත්ද්‍රව්‍ය භාවිතයට  පැමිණීම, විවිධ ළමා අපචාර, මනෝ විද්‍යාත්මක උපදේශනය ජනතාව අතරට නොයාම, සමාජ අසහනය, ආධ්‍යාත්මික පිරිහීම ආදී කරුණු හේතු වී ඇත. සමාජයක් තුළ ඉහත සාධක දුරලමින් යහපත් මානසික සෞඛ්‍ය ඇති කළ හොත් වර්තමානය වනවිට ආතතියෙන් පෙළෙමින් අධික  යහපත් මානසික සෞඛ්‍ය ඇති කළ හොත් වර්තමානය වනවිට ආතතියෙන් පෙළෙමින් අධික කාර්යය බහුලත්වයට ලක්ව ඇති සෑම පුද්ගලයෙක්ම මානසික සුවතාවයෙන් යුක්තව අනාගතය කරා ගමන් කරනු ඇත.


නිර්මාණී බී. කොළඹගේ





පෘථිවිය උණුසුම් වීම යනු පෘථිවිය මතු පිටට ආසන්න වාතයේ හා සාගරවල උෂ්ණත්වයේ වැඩි වීමයි. එය 20 වන ශත වර්ෂයේ මැද භාගයේ සිට අපේක්ෂිත ඉදිරිය දක්වා සිදුවනු ඇත.පෘථිවිය මතුපිට මධ්යින්යඑ ගෝලීය වායුමය උෂ්ණත්වය 2005 වර්ෂයෙන් අවසන්වන වසර 100 ක කාලය තුළ 0.740 ධන හෝ සෘණ 0.18 (1.33 ධන හෝ සෘණ 0.32* ප්රවමාණයකින් වෙනස්වී ඇත. අන්තර් රාජ්යවයීය දේශ ගුණික වෙනස් වීම් පිළිබඳ සමුළුව හෙවත් ෂඡුක්‍ක්‍ කරන පරිදි 20 වන ශත වර්ෂයේ මැද භාගයේදී නිරීක්ෂිත ගෝලිය මධ්යුන්ය  උෂ්ණත්වයන්ගේ වැඩිවීම්වලට හේතුව වශයෙන් නිරීක්ෂණය කොට ඇත්තේ මිනිසා විසින් නිර්මාණය කරන ලද හරිතාගාර වායු සාන්ද්රිණයන්ගේ ඉහළ යෑම් හරහා හරිතාගාර ආචරණය ඇති වීමයි. පූර්ව කාර්මික කාලපරාසයන් 1950 දක්වා වකවානුවේදී ස්වාභාවික ප්රතපන්චයන් වන ගිනිකඳු සහ සූර්යය ප්ර්භේදනය කුඩා උණුසුම් වීමේ ආචරණයක් ඇති කරන ලදී. 1950 සිට ඉන් ඔබ්බට කුඩා සිසිල් වීමේ ආචරණයක් ඇති කරන ලදී.මෙම මූලික නිර්ණයන් හුවා දක්වනු ලැබුයේ ප්ර්ධාන කාර්මික රටවල්වල සියලූ ජාතික විද්යාත්මක ඇකඩමි අන්තර්ගත වූ අවම වශයෙන් විද්යා ත්මක ඇකඩමි හා විද්යාපත්මක සමාජ 30 කවත් දායකත්වයෙනි. තනිවිද්යාාඥයින් ෂඡුක්‍ක්‍ හි සොයා ගැනීම් සම්බන්ධයෙන් විරුද්ධත්වය ප්රදකාශ කළද එය යටපත් කරමින් දේශගුණික වෙනස් වීම් පිළිබඳව එහි මූලික වෙනස්වීම් සම්බන්ධයෙන්එකඟතාවයපලකොටඇත.

ගෝලීය උණුසුමෙන් උණුසුම් වෙන ජීවිත...


දේශ ගුණික ආකෘති අනාවැකි මගින් සංක්ෂිප්ත කරන ලදුව දක්වා තිබෙන්නේ ගෝලීය මධ්ය න්යහ උෂ්ණත්වය තවත් 1.10 සිට 6.40 දක්වා 21 වන ශතවර්ෂය තුළදී වැඩි වනු ඇති බවයි. එම අගය පරාසයන් විවිධ ගෝලීය හරිතාගාර වායු විමෝචනය පිළිබඳ ගුරුපොත් හා විවිධ දේශ ගුණික සංවේදීතාවයන් ඇති ආකෘතික භාවිතයෙන් ලද ප්රිතිඵලයක් වශයෙන් අධ්ය යනයන් අතරින් බහුතරයක් 2100 දක්වා කාල පරාසවලට නාභිගත වී ඇත. නමුත් උණුසුම් වීම සහ මුහුදු මට්ටමේ වැඩිවීම තවත් වසර දහසකට වැඩි කාලයක් හරිතාගාර වායු මට්ටම් ස්ථායීකරණය වුවද වැඩිවනු ඇති බවට අපේක්ෂා කෙරේ. සමතුලිතතාවයට එළඹීමට ප්රයමාද වන්නේ සාගරයන් තුළ ඇති විශාල තාපධාරිතාවය හේතුවෙනි.ගෝලීය උෂ්ණත්ව වැඩිවීම මුහුදු මට්ටම් වැඩිකිරීමට හේතු වනු ඇත. එමෙන්ම ආන්තික කාලගුණික තත්ත්වයන්ගේ සහ වර්ෂාපතන රටාවන්ගේ හා ප්රිමාණයන්ගේ ත්රීුව්රමතාවයන් වෙනස් කරනු ඇතැයිද අපේක්ෂා කෙරේ. ගෝලීය උණුසුම්වීමේ වෙනත් ආචරණයන්නම් කෘෂිකාර්මික අස්වැන්නේ වෙනස්වීම් වෙළඳ රටාවල වෙනස්වීම් ගැලැසියර දියවීම් විශේෂ වදවීම් එමෙන්ම රෝග වාහකයන්ගේ පරාසයන් වැඩිවීම් අන්තර්ගත වේ..

2003 වර්ෂයේ ගීෂ්ම සෘතුවේදි යුරෝපයේ ඇති වූ අධික උෂ්ණත්වය හේතුවෙන් ප‍්‍රංශය , ඉතාලිය හා ජර්මනියේ 35000ක් පමණ මිය ගිය අතර, විශාල පිරිසක් සමේ රෝග වලට ගොදුරු වූහ. වසර 60කට පසු බ්රි තාන්යමයේ දහස් ගණන් ජනයා අසීරුවට පත් කරමින් 2007 ජූලි මස මහා ජල ගැලීම් සිදු වූ අතර එය ගෝලීය උණුසුම හේතු කොට ගෙන සිදු වූ බව බ්රියතාන්යක අගමැති ගෝල්ඩන් බ්ර වුන් ප්රලකාශ කර ඇත. (ලංකාදීප 2007 ජූලි 25*. හංගේරියාවේ 2007 ජූලි මස අධික උෂ්ණත්ව යෙන් මිය ගිය ප්රකමාණය 600ද ඉක්මවන ලදී(ලංකාදීප 2007 ජූලි 25*. ඉන්දියාවෙන්ද වරින් වර අධික උෂ්ණත්වසය නිසා සිදුවන මරණ ගැන වාර්ථා වී ඇති අතර 2003දී ප්රංිශයේ 1080 ක් මිය ගියේය. 2007 මැයි මස උණුසුම නිසා බංගලාදේශයේ 12 දෙනෙක් ද ඉන්දියාවේ 30 දෙනෙකුද මිය ගිය බව වාර්ථා විය. 2003 වසරේ ඇති වූ උණුසුමට සමාන ගිම්හාන උණුසුමක් මීට පෙර ඇති වූයේ වසර දාහකට දෙවරකි. නමුත් ඉදිරියේදි මෙම සම්භාවිතාව වසර විස්සකට දෙවරක් ලෙස වෙනස් වී ඇති අතර 2050-60 වන විට මෙම උණුසුම සාමාන්යත තත්ව යක් දක්වා වර්ධනය වීමට ඉඩ කඩ ඇත.දැඩි තාපය නිසා 1995 දී ඇමරිකාවේ චිකාගෝහිදී මිය ගිය ගණන සියයකි. මීට අමතරව හරිකේන්, කැත්රිනා වැනි කුණාටු සහ වැසි නිසා ඇමරිකාවේ විශාල ප්ර මාණයකට ජීවිත අහිමි විය. ඊට අමතරව පෘථිවි උණුසුම වැඩි වීම නිසා මදුරුවන් උසින් වැඩි බිම් ප්රයදේශ වලට පවා සංක්රිමණය වන අතර එමගින් මැලේරියාව සහ ඩෙංගු රෝගය වැළදීම සීඝ්රවයෙන් වර්ධනය වේ. ලෝක සෞඛ්යම සංවිධානය සදහන් කරන පරිදි 2000 වර්ෂයේදී මැලේරියාව සහ ඩෙංගු වඩාත් ව්යාංප්ත වීම නිසා මිය ගිය සංඛ්යාකව එක් ලක්ෂඋ පණස් දහසකි. 

ගෝලීය උෂ්ණත්වයය හේතුවෙන් උස් බිම් පවා මදුරු ආක්ර මණයට ගොදුරු වී ලෝකයේ 2/5 ක භූමි ප්රයමාණයක වෙසෙන මිලියන 50ක් ඩෙංගු උණ රෝගයට ගොදුරු වීමට ඉඩ තිබේ. මෙලෙස කලාපයෙන් කලාපයට පැතිර යන ඩෙංගු වෛරසය නිසා 2005දී උතුරු ඇමරිකාවේ 580 දෙනකු පමණ මිය ගොස් ඇත.(2006 වසරේදි ලංකාවේ ඩෙංගු රෝගීන් ගණන 11668 කි ඊට අමතරව වෛද්යත විශේෂඥයින් අනුමාන කරන පරිදි මේ සියවස තුළ කාළගුණික වෙනස් වීම් නිසා සමේ සහ ස්වුසන රෝග වැළදීමත් මෙතෙක් වැළදී නැති රෝග තත්වායන් ඇති වීමටත් නියිමිතය. හරිතාගාර වායුව සහ වෙනත් වායු ¥ෂණ නිසා දරුණු රෝගී තත්වයන් හෝ මරණීය වූ හෘද රෝග මෙන්ම මොළයේ රෝගද, පෙනහළු පිළිකා සහ ළදරු මරණ බහුල වන අතර දැනටමත් ඇමරිකාව තුළ මේ තත්වදයන් දක්නට ලැබේ. පැතිර යමින් පවතින අධික උෂ්ණත්වනය නිසා, වෙනත් පෙනහළු රෝගද වැළදීමේ සහ උග්රය වීමේ ලක්ෂසණ බොහෝ රටවල් වල දක්නට ලැබේ. ඊට අමතරව වාතයේ කාබන්ඩයොක්සයිඞ් වැඩි වීම මරණීය රෝග සහිත නිෂ්පාදන වලට හිතකර වන අතර එමගින් විවිධ අසාත්මිකතාවන්ද ඇති වේ.  ඕසෝන් ස්ථරය ක්ෂතය වීම නිසා වායු ගෝලයේ ඉහළ ස්ථරයේ උෂ්ණත්වකයේ වැඩි වීම් ප්ර්ථිඵලයක් ලෙස වායු ගෝලයේ පහළ ස්ථරයද උණුසුම් වේ. මේ නිසා හිරු විසින් මුදා හරින අයහපත් අධෝරක්ත විකිරණ වැළැක්වීමේ හැකියාව අඩුවීම මිනිස් සිරුර වෙත අයහපත් ලෙස බලපායි. මෙමගින් ඇස් වලට හානි වීම, සම කළු වීම, සමේ පිළිකා ඇති වීම සිදු වේ. ලෝක සෞඛ්යප සංවිධානය ප්රනකාශ කර ඇති පරිදි ගෝලීය උණුසුම වැඩි වීම නිසා ඇතිවන අතුරු ආබාධ හේතුවෙන් වසරකට 160000ක් මිය යන අතර 2020දී මෙම ප්රිමාණය දෙගුණ වීමට නියමිතයි.වායුව උණුසුම් වීම නිසා ලොව පුරා සුළි සුළං හේතුවෙන් 1985 දී 4361ක් මිය ගිය අතර 1991 දී 138568ක් මිය ගියහ. වසරකට මිලි මීටර 9කින් බංගලාදේශයේ භූමිය මුහුදට යට වන අතර ඉතා පහත් මුහුදු මට්ටමක පිහිටි බංගලාදේශය බෙංගාන බොක්කේ නිතර ඇති වන කැළඹිලි ස්වාභාවය නිසා ගංවතුර මෙන්ම සුළි සුළං විපත් වලට ද මුහුණ පාමින් සිටී.


මීට අමතරව ආක්ටික් පෙදෙසේ වෙසෙන හිම වලසාද ඍතු වල බරපතල වෙනස් කම් නිසා සහ උෂ්ණ ඍතුව දීර්ඝ වීම නිසා ප්රරජනන ක්රිමයාවලියේදී යම් පසු බෑමකට ලක් වී ඇත.එමෙන්ම සීල් මතස්යහයා සහ පෙන්ගුයින් වැනි සතුන්ගේ ජීවන චක්රියද විශම වී ඇති බව සොයා ගෙන ඇත. සමස්තයක් ලෙස අවම උෂ්ණත්වෙයන් මත යැපෙන හිම වලසා සහ පෙන්ගුයින් වැනි සත්ව  විශේෂ 100 සිට 200 ක් අතර ප්රසමාණයක් තර්ජනයට මුහුණ දී තිබේ. මීට අමතරව කුරුළු වර්ගයන්ගේ ප්රටජනන ක්රිතයාවලියද වෙනස් වී ඇත. උදාහරණයක් ලෙස බ්රිටතාන්යබයේ පක්ෂඅ විශේෂ 67 ක පළමු බිත්තරය දැමීම දින 9 කට කලින් සිදුවීම දැක්විය හැක. කාලගුණ විපර්යාසය නිසා සත්වකයින්ට වන හානිය ගැන දකුණු කලාපීය රටවල්හි පර්යේෂණ පැවතෙන්නේ නැති තරම් බැවින් එම කලාපයේ සත්වස විෂේශයන්ට ගෝලීය උණුසුමේ ප්ර්ථිඵල කෙසේ බලපානු ඇත්දැයි සොයා ගැනීමට නොහැක.

ලෝක ගෝලයේ මිනිස් ජනාවාස වලින් තොර ප්රවදේශ ලෙස හඳුන්වන උත්තර ධ්රැුනවයට ආසන්න ඇලස්කාව වැනි ප්ර දේශ වල සුළු වශයෙන් ඇස්කිමෝවරු වාසය කරති. පෘථිවියේ මෙම ධ්රැු්ව ප්ර දේශ ද, තුන්ද්රාව, සැවනා සහ ඇමසන් වැනි වනාන්තර සහ කාන්තාර වලටද බලපාන උණුසුම පෘථිවියේ කාලගුණික සමතුලිත බවට හානි ගෙන දෙමින් දේශගුණික විපර්යාසයන්ට බඳුන් වෙමින් තිබේ. අයිස් තට්ටු දියවීම සහ හිමාංකයට අඩුව පැවති උෂ්ණත්වශය වැඩි වීම මධ්යුම ඇසියාවටද බලපාමින් ඇත. මෙම කලාපයේ හිමාලය කඳු සහ ටිබට් ප්ලාතා කඳු වැටි ආශ්රියතව ද්රැුනව ප්රාදේශ වලින් බැහැර වූ විශාලතම ග්ලැසියර් ලක්ෂලයක් පමණ ඇතැයි ලණනය කර ඇත. නමුත් 70 දශකයේදී මෙම කඳු වැටි වල නේපාල කොටසේ උෂ්ණත්වසය සෙල්සියස් අංශක 1කින් ඉහළ යාම නිසා සමස්තයක් ලෙස හිමාලය කඳු වැටියේ හිම සහ අයිස් තට්ටු 30%කින් අඩු විය.සමස්තයක් ලෙස ගත් විට කාලගුණික දේශගුණික විපර්යාස ඇතිවීමට මුළු ජෛව සහ අජෛව පද්ධතියටම බලපායි.1800 මුල් භාගයේ දී සිට හිම ගංගා ආපස්සට ගිය බව විරල සටහන්වල පෙන්නුම් කරයි. උඨඵී හා භීෂෘක්‍ වලට වාර්තා කිරීම සඳහා 1950 දී මහා ප්රවමාණයෙන් හිම ගංගා මැනීම සොයා බැලීම පටන් ගන්නා ලදි. හිම ගංගා ආපසු හැරීම, ආක්ටික් හැකිලීම හා මුහුදු ජල මට්ටම ඉහළයාම ගෝලීය උණුසුම නිසා ඇතිවූ ප්රටතිවිපාකය. අනෙක් ප්ර තිඑල වනුයේ කෘෂි අස්වැන්න අඩුවීම, ග්රිහෂ්ම සෘතුවේ ඇලමාර්ගා අඩුවීම, ජිවීන් අභාවයට යෑම, රෝග කාර්කයන්ගේ ප්රේමාණ වැඩිවීම, ස්වාභාවික පරිසරයට සහ මිනිස් ජිවිතවලට බලපෑම් ඇතිවීම ආදියට ගෝලීය උණුසුම බලපා තිබේ.

ගෝලීය උණුසුම් වැඩිවීම නිසා මරණ වැඩිවීම්, අවතැන්වීම්, ආර්ථික පාඩු, ආදිය සිදුවේ. සමශිකෝෂින ප්රීදේශවල ජනගහනය වැඩිකිරීමෙන් සීතලට මුහුන දීමට හැකි නිසා මරණ අඩුවීම වැනි යම් වාසි පෙන්නුම් කරන බව පවසන්නේ වැනි ක්රියාකාරි කණ්ඩායම් මඟින් නිකුත් කරන ලද 3 වැනි තක්සේරු වාර්තාවෙන් විය හැක. 4 වැනි තක්සේරු වාර්තාවේ සාරංශ වාර්තාව අනුව මුහුද මත්තේ උෂ්ණත්වය වැඩිවීමේ පරස්පරය පිළිබඳ 1970 සිට උතුරු අත්ලාන්තික් සාගරයේ උෂ්ණ කලාපීය සුළි සුලං ක්රි යාකාරකම්වලි වැඩි වීමක් පිළිබඳ නිරීක්ෂණ සාක්ෂි ඇති බව වාර්තා වේ. මෑතදී කැලිනෛියා විශව විද්යා ලය විසින් කරන ලද කරන ලද අධ්යවනයකට අනුව ගෝලීය උණුසුම ඉහළයාම විදුලි කෙටීම් සංඛ්යා ව වැඩිකිරීමට හේතුවන බව විද්යාදඥයෝ පෙන්වාදෙති. මෙතෙක් කලක් වැඩි අවධානයක් යොමුවූයේ වඩා විනාශකාරී කුණාටු සුළිසුළං සහ ධාරානිපාත වර්ෂාපතනය වැඩිවීම සහ ගෝලීය උණුසුම ඉහළයාම අතර ඇති සම්බන්ධයටයි. කුණාටු සුළිසුළං හා දැඩි වර්ෂාවෙන් ඇතිවන ගංවතුරෙහි ප්ඉහතිඵල ජීවිත හානි අතින් ඉහළ මට්ටමක පැවැතිය හැකි නමුදු විදුලි කෙටීම් නිසා සිදුවිය හැකි ව්යහසනද අවතක්සේරු කළ හැකි ඒවා නොවේ. අමෙරිකාවේ පමණක් මේ වසරේ ඇතිවූ විදුලි කෙටීම් නිසා සිදු වූ අකුණු ගැසීම් වලින් මිය ගිය සංඛ්යා ව 25 කි. අනෙකුත් රටවල සංඛ්යාත එකතු කළ විට මෙය සැලකිය යුතු ප්ුණමාණයකින් ඉහළ යා හැකිය. එමෙන්ම වාර්සික ලැවිගිනිවාර්තාවලට අනුව ඇමෙරිකාවේ ඇතිවූ ලැව්ගිනි වලින් අඩකටම වග කිව යුත්තේ විදුලි කෙටීම් සහ අකුණු ගැසීම්ය. මේ ලැව්ගිනි නිසා පරිසර පද්ධතියට වන හානිය සුලූපටු නොවේ. එහෙත් වායුගෝලයට මුදාහැරෙන හරිතාගාර වායු ප්රිමාණය වැඩිවීමෙන් ගෝලීය උණුසුම ඉහළයාම සහ විදුලි කෙටීම් අකුණු ගැසීම් වැඩිවීම අතර තිබිය හැකි සම්බන්ධතාවය ගැන මෙතෙක් එතරම් අවධානයක් යොමුවී නොතිබිණි.

අනෙක් අතට ලැවිගිනි නිසාද හරිතාගාර වායුවක් වන කාබන් ඩයොක්සයිඞ් සැලකිය යුතු ප්න ාණයක් වායු ගොලයට එක් වේ.කැලිෆෝනියා විශ්ව විද්යාීලයේ වායුගෝලිය ගතිකයන් පිළිබඳ පර්යේෂකයේකයකු වූ ඬේවිඞ් රොම්ප්ගේ ප්ිශධානත්වයෙන් කරන ලද මෙම අධ්යළනය සඳහා අමෙරිකානු විදුලිකෙටීම් සටහන් කිරීමේ ජාතික ජාලය  විසින් වාර්තාකරන ලද අමෙරිකාවේ විදුලි කෙටීම් මිලියන 20ක් පිළිබඳ දත්ත උපයොගී කරගෙන ඇත.වාර්තාවේ නිගමන ගැන සඳහන් කරන ඊශ්රාියලයේ ටෙල් අවීව් සරසවියේ වායුගෝලී ය විද්යාමඥ කොලින් ප්ිගයිස් ගොලීය උණුසුම සහ විදුලි කෙටීම් පිළිබඳව ඔහු විසින් 1994 දී පළ කරන ලද අධ්යනන වාර්තාවත් සමග මේ සොයා ගැනීම මනාව ගැලපෙන බව සඳහන් කරයි.

ගෝලීය උණුසුම ඉහළ යාම සදහා සූර්යයාගේ බලපෑම පිළිබඳව ඇත්තේ අඩු තක්සේරුවක් බව ඇතැම් විද්යාඋඥයෝ පවසති. ඔවුන් විශ්වවිද්යාතල පරීෂකයන් දෙදෙනෙක් වන බෲස් වෙස්ට් හා නිකොලේ ස්කාෆෙල්ෆා තක්සේරු කර ඇති අන්දමට 19000-2000 කාලය තුළ ගෝලීය පෘෂ්ඨයේ උණුසම ඉහළයාම සඳහා සූර්යාගේ දායකත්වය 45-50% පමණ වේ. 1980-2000 දක්වා කාලයේදී එම ප්රේමාණය 25-35% පමණ වේ. ඡුැඑැර ිජදඑඑැ ඇතුළු පර්යේෂකයන් පිරිසක් පෙන්වා දුන් පරිදි දේශගුණික ආකෘති මගින් සූර්ය බලයට සාපේකෂව හරිතාගාර වායුන්ගේ බලපෑම අධි තක්සේරුවකට ලක් කර තිබේ. එසේම ගිනිකඳු,¥විලි හා ගෙන්දගම් වායුන්ගෙන් ඇතිවන සිසිලනය එමඟින් අඩු තක්සේරුවකට ලක් කර ඇත. එම පර්යේෂකයන්ගේ නිගමනයන්ට අනුව මෙම ආකෘතිය වැඩි දියුණු කළ පසු 20 වන ශතවර්ෂය මැද සිට උෂ්ණත්වය ඉහළ යාම කෙරෙහි වැඩි බලපෑමක් ඇති කර ඇත්තේ හරිතාගාර වායු බව පෙනිණි. ඇමරිකා එක්සත් ජනපදය, ජර්මනිය හා ස්විට්සර්ලන්තය වන රටවල පරීක්ෂකයන් විසින් හෙලි කරනු ලැබුවේ පසුගිය වර්ෂ දහය තුළ සූර්යයාගේ දීප්තියේ වර්ධනයක් දක්නට නොලැබෙන බවයි. සූර්යා චක්රර මගින් සූර්ය දීප්තිය පසුගිය වර්ෂ 30 කාලයේදී 0.07% ක් වැනි සුළු ප්රවමාණයකින් වර්ධනය වී ඇති නමුත් මෙය ගෝලීය උණුසුම ඉහළ නැංවීමට තරම් සැලකිය යුතු බලපෑමක් ඇතිනොකරයි.

                        නිර්මාණී බී.කොළඹගේ



Friday, June 2, 2017

මෝටර් රථයක සිසිලන පද්ධතිය හඳුනා ගනිමු.


මෝටර් රථයක සිසිලන පද්ධතිය හඳුනා ගනිමු.

සිසිලන පද්ධතිය  යනු මෝටර් රථයක ඉතාම වැදගත් පද්ධතියකි. වාහනයට ලබාදෙන ඉන්ධනවල පවතින රසායනික ශක්තිය, චාලක ශක්තිය බවට පත්කර කැරකුම් බලයක් ලෙස රෝදවලට ලබාදීමේදී එනම් ශක්තිය පරිවර්තනය කිරීමේදී වැඩි ප‍්‍රමාණයක් තාපය ලෙස අපතේ යයි. මෙම තාපය හේතුවෙන් එන්ජිමේ ලෝහ කොටස් අධිකව ප‍්‍රසාරණයට ලක්වී එන්ජිමට දැඩි හානි සිදුවිය හැකියි. මෙම නිසා තාපය ඉවත්කර එන්ජිම නියමාකාරව ක‍්‍රියාත්මක කරවීමට සිසිලන පද්ධතිය ඉතා වැදගත්. එම නිසා මෙම ලිපියෙන් අපි ඔබට වාහනයක සිසිලන පද්ධතිය පිළිබඳව දැනුමක් ලබා දීමට තීරණය කළා.



වාහනයක එන්ජින් බඳ එසේත් නැතිනම් බ්ලොක්  තුළ එකිනෙකට සම්බන්ධ කුහර විශේෂයක් පවතී. මෙම කුහර තුළ සෑම විටම ජලය නැත්නම් සිසිලනකාරකය ගමන් කරමින් පවතී. මෙය වෙනත් ලෙසකින් කූලන්ට් ලෙසද නම් කරයි. මෙලෙස ගමන් කරන කූලන්ට් මගින් එන්ජිමේ නිපදවන අමතර තාපය අවශෝෂණය කරගනු ලැබේ. මෙම අවශෝෂණය කරගත් අයන උණුසුමක් සහිත කූලන්ට් රේඩියේටර්හෙවත් විකිරණය නමින් හැඳින්වෙන කොටසට ගමන් කරයි. ඉන් පසු රේඩියේටරයේ ඉහළ ටැංකිය දක්වා රත්වූ කූලන්ට් ගමන් කරන අතර මෙලෙස ගමන් කිරීමේදී රේඩියේටර් බඳ මගින් එහි වූ තාපය උරාගනු ලබයි. මේ අතරතුර රේඩියේටර් බඳ හරහා පංකාව මගින් වාතය ගමන් කරවන අතර එමගින් මෙම සිසිලන ක‍්‍රියාවලිය කාර්යක්ෂම කරවයි. මෙලෙස සිසිල්වූ කූලන්ට් පහල ටැංකිය වෙත පැමිණේ. ඉන්පසු නැවතත් එන්ජිමේ බඳතුලට පොම්ප කර ඉහත ක‍්‍රියාවලිය වක‍්‍රාකාරව සිදු කරයි. මෙය සිසිලන පද්ධතියේ මූලික ක‍්‍රමවේදයයි. මෙම ක‍්‍රියාවලිය වඩා ආරක්ෂිත මෙන්ම කාර්යක්ෂම : කිරීමට තවත් උපාංග කිහිපයක එකතුවක් අවශ්‍යවේ

ඒවා පිළිබඳව විමසීමේදී පහත පරිදි කරුණු ගෙනහැර දැක්විය හැකිය. 

මෙහි මූලික කොටස් තුනකි. ඒ ඉහළ ටැංකිය/ පහළ ටැංකිය/ සහ බඳ    
යන කොටස් තුනයි. රේඩියේටර් හෝස් වලින් උණුහුම් කූලන්ට් එකතුවීම සිදුවන්නේ ටැංකි එක තුළයි. ඉන් පසු බඳ හරහා කූලන්ට් ගමන් කර සිසිල් වී පහළ ටැංකිය එකතුවීම සිදුවේ.



පීඩන වැස්ම
පද්ධතිය තුළ පවතින අධික පීඩනය පාලනය කිරීම මෙමගින් සිදු කරයි. මෙය විවෘතව වැඩි පීඩන අවස්ථාවේදී කූලන්ට් එක අමතර ටැංකිය වෙත ගමන් කිරීමට සැලැස්වීමත් පීඩනය අඩු වූ විට අමතර ටැංකියෙන් කූලන්ට් නැවත රේඩියේටරයට ලබාදීමත් සිදු කරයි.


අමතර ටැංකිය
මෙහි අමතර කූලන්ට් ප‍්‍රමාණයක් තබා ඇති අතර පීඩනය වැඩිවී රේඩියේටරයෙන් එළියට එන කූලන්ට් එකතු වීමත්, පීඩනය අඩු වූ විට නැවත එය ලබාදීමට තැබීමත් සිදු කෙරේ. 


තර්මොස්ටැච් වැල්වය
එන්ජිමක් තුළ සාමාන්‍යයෙන් සෙල්සියස් අංශක 85-93 වැනි උෂ්ණත්වයක් ක‍්‍රියාත්මක විය යුතුයි. මෙය ප‍්‍රශස්ථ උෂ්ණත්වය ලෙස හඳුන්වයි. මෙම උෂ්ණත්ව පාලනය සිදුකරන්නේ කර්මොඩි ටැට් වෑල්වයයි. එන්ජිම නියම උෂ්ණත්වයකට ලඟාවන තුරු කූලන්ට් රේඩියේටරය වෙත ගොස් සිසිල්වීම මෙමගින් වලක්වයි. මෙය පිහිටා ඇත්තේ රේඩියේටරයක් එන්ජින් බ්ලොක් එකක් අතරමැද ඉහළ ටැංකියට කූලන්ට් ගලායන මාර්ගයේය. 



ජල/ කූලන්ට් පොම්පය
මෙය එන්ජිමට සම්බන්ධව ක‍්‍රියාත්මක වන්නකි. එන්ජිම තුළ කූලන්ට් පොම්ප කිරීම සිදු කරනුයේ මෙමගිනි. 

රේඩියේටර් පංකාව
මෙය වාහන වර්ගය අනුව රේඩියේටරයට ඉදිරිපසින් හෝ පසුපසින් පිහිටිය හැකියි. සාමාන්‍යයෙන් තාප සංවේදකයක් මගින් හෝ එන්ජිමට සම්බන්ධ බෙල්ට් එකක් ආධාරයෙන් ක‍්‍රියාත්මක වේ. 


හීටර් කොර්
මෙය එන්ජිමේ සිසිලන ක‍්‍රියාවලියට සෘජු සම්බන්ධයක් නැති නමුත් එම පද්ධතියෙහි කෙලවරක ඇති උපකරණයකි. මෙය කුඩා රේඩියේටරයක් සහ පංකාවකින් සමන්විතවේ. ඔබ වාහනයේ වායු සමීකරණ පද්ධතිය නිරීක්ෂණය කළහොත් ඔබට එහි උෂ්ණත්ව පාලක කොටසේ රතු පැහැයකින් යුත් කොටස මෙයයි.
මෙලෙස විවිධ කොටස්වල එකතුවෙන් වාහනයට ආරක්ෂාව සපයන පද්ධතියක් ලෙස සිසිලන පද්ධතිය හඳුනාගත හැකියි.


නිර්මාණී. බී. කොළඹගේ

Thursday, June 1, 2017

රථවාහන දුම් විමෝචන පරීක්ෂාව පිළිබඳව ඔබ දැනුවත්ද?

රථවාහන දුම් විමෝචන පරීක්ෂාව  පිළිබඳව ඔබ  දැනුවත්ද?

  දිනෙන් දින ඉහළ යන අධික  පරිසර උෂ්ණත්වය මෙන්ම ස්වභාවධර්මයේ විවිධ වෙනස්කම් හමුවේ ඔබ අප කාටත් විශාල අභියෝගයකට ලක්වන්නට සිදුවී අවසන්. මෙවැනි අභියෝග හමුවේ එයට මූලික වන හේතු සාධක  සොයනවා විනා අප කවුරුත් පුරුදුවී සිටින්නේ අව්වට, වැස්සට දොස් නැගීමට පමණක්ම නොවේද? ඉතින් එවැනි පසුබිමක් තුළ උඩුගම් බලා පිහිනීමට අවශ්‍ය වන්නේ පවතින ස්වභාවධර්මයේ අභියෝගවලට විසඳුම් සෙවීම අත්‍යවශ්‍ය කරුණක් බවට පත්ව ඇති හෙයිනි. තවදුරටත් බලා සිටින්නේ නම් ඔබ අප සැමට සිදුවන්නේ මරණයට අත වනන්නට පමණි. වර්තමානය  වන විට පරිසර දුෂණය  වඩාත් ඉහළ ගොස් ඇති අතර පරිසර දුෂණය  වන ප‍්‍රධාන මාර්ග තුනෙන් එකක් ලෙස වායු දුෂණයහැඳින්විය හැකියි. මෙයිනුත් ශ්‍රී ලංකාව තුළ වායු දුෂණය ප‍්‍රධානවම බලපානු ලබන සාධකය වන්නේ වාහනවලින් පිටකරන විෂ දුමයි’.



                              දිනෙන් දින ඉහළ යන වාහන පරිභෝජනය හේතුවෙන්  මේ වනවිට පරිසරයට සිදුවන විෂ දුම් විමෝචනයද සීග‍්‍රව ඉහළ ගොස් ඇත. කොළඹ නගරයේ වායුගෝලයේ දැනට පවතින වායු දුෂණය  සාන්ද්‍රණය නිසා ඇදුම, කැස්ස, හිසරදය, ඇස් දැවිල්ල, උගුර දැවිල්ල සහ බ්‍රොන්කයිටිස් වැනි රෝග 30%කින් පමණ ඉහළ ගොස් ඇති අතර  දෛනික මරණ අනුපාතිකය 7%කින් ඉහළ නැංවීමටද අංශුමය ද්‍රව්‍යවලට පෙනහළු දක්වා ගමන් කිරීමට හැකියාවක් පවතී. කළු දුමෙහි පිළිකාකාරක රසායන ද්‍රව්‍ය අඩංගුවන අතර ඉතා කුඩා දුම් අංශුවලට රුධිරය තුළට යාමේ හැකියාවක්ද ඇත. වාහන දුමාරය තුළ සල්ෆර් ඩයොක්සයිඞ්, නයිට‍්‍රජන් ඔක්සයිඞ්, හයිඩ්‍රොකාබන්, කාබන් මොනොක්සයිඞ්, ක්ෂුද්‍ර අංශු ආදිය බහුලයි. මෙවැනි තත්ත්වයක් හමුවේ ජාතික පරිසර පනත යටතේ 2003 වසරේ ජූනි මස 30 වන දින අංක 1295/11 දරණ ගැසට් නිවේදනයෙන් වායු දුෂණය  වැලැක්වීමේ රෙගුලාසි සඳහා විශේෂිත ප‍්‍රමිතීන් ප‍්‍රකාශයට පත්කර ඇත. මෙසේ ප‍්‍රකාශයට පත් කෙරුණු ප‍්‍රමිතීන් අතරින් එකක් වූයේ රථවාහනව වලින් පිටවන දුමාරය පරීක්ෂාවට ලක්කර ප‍්‍රමිති සහතිකය ලබගත යුතු බවයි. වාහන විමෝචන  මගින් නිකුත් වන සෞඛ්‍යයට බලපෑම් ඇතිකරවන ප‍්‍රාථමික විමෝචන ප‍්‍රතික‍්‍රියාකර  ඕසෝන් වැනි අනිකුත් වායුන් සහ සල්ෆේට්  නයිටේ‍්‍රට් වැනි අංශු  වායුගෝලය තුළ ද්විතික දුෂණය  ලෙස නිර්මාණය වීමද සිදුවිය හැකි බැවින් වාහන මගින් සිදුවන විමෝචන  පරීක්ෂා කිරීම හා නිසි ආකාරයට නඩත්තු කිරීම සම්බන්ධව රියදුරන් දැනුවත් කිරීම සඳහා රජය විසින් වාහන විමෝචන පරීක්ෂා වැඩසටහන ආරම්භ කරන ලදී. වාහන දුම් විමෝචන පරීක්ෂාව සිදුකිරීම මගින් පරිසරය සුරැුකීමට ඔබට විශාල දායකත්වයක් සිදුකළ හැකි බව දැන් ඔබට වැටහෙනු  ඇත. එම නිසා වාහන දුම් පරීක්ෂාව සිදු කිරීම සම්බන්ධව කරුණු කිහිපයක් ඔබට ඉදිරිපත් කිරීමට අපි තීරණය කළා.



ඔබගේ වාහන බලපත‍්‍රය වාර්ෂික අලූත්වැඩියා කිරීමේදී වාහන වායු විමෝචන පරීක්ෂණයේදී සමත්වූ වායු විමෝචන  සහතිකය ඉදිරිපත් කිරීම මෝටර් රථ ප‍්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් අනිවාර්ය කර ඇත. එබැවින් අවමව වසරකට එක් වතාවක් එනම් වාහන බලපත‍්‍රය  අලූත්කරන අවස්ථාවට පෙර මෙය සිදු කරගත යුතුයි. වෙනත්  ඕනෑම අවස්ථාවකදී වාහනයේ දුම් නලයෙන් දුමක් පිට වන්නේ නම් මෙම පරීක්ෂාව සිදුකර ගත යුතු අතර එම දෝෂය එන්ජින් සේවා මධ්‍යස්ථානයකින් සේවා කර ගැනීම සුදුසුයි. ඔබගේ වාහනය නිසි පරිදි නඩත්තු කර එහි එන්ජිම නිවැරදිව අලූත්වැඩියා කරන්නේ නම් පහසුවෙන්ම දුම් පරීක්ෂණයෙන් සමත්විය හැකියි. වාහනය දුම් පරීක්ෂා මධ්‍යස්ථානයට ඇතුල්වූ පසු ඉන්ධන වර්ගය අනුව බෙදා අදාල ධාවන තීරය වෙත යොමු කරනු ලැබේ. සෑම ධාවන තීරුවකදීම වාහනය දෘෂ්‍ය  පරීක්ෂාවටද ලක් කරන අතර එහිදී චැසි අංකය, එන්ජින් අංකය, සයිලන්සර් කාන්දු, තෙල් කාන්දු, ජල කාන්දු, ප්ලග් ටොප් ආදිය පරීක්ෂාවට ලක් වේ. මෙම එක් කොටසක හෝ  අසාමාන්‍ය තත්ත්වයක් ඇතිනම් වාහනය දුම් පරීක්ෂාවට ලක් නොකරයි. එම නිසා වාහනය නිසි පරිදි නඩත්තු කර රැුගෙන ආ යුතුයි. ඉහත දෘෂ්‍ය  පරීක්ෂණයෙන් සමත්වූ වාහන අදාල දත්තද සමග දත්ත පද්ධතියකට ඇතුල්කර විමෝචන පරීක්ෂාවට ලක් කරයි. තෙල්වල උෂ්ණත්වය 55ජද වන අගයක  රඳවා, ඞීසල් වාහන සඳහා විමෝචන පරීක්ෂා පූර්ව පරීක්ෂණ වාර  තුනකදී සහ මිනීම සඳහා පරීක්ෂණ වාර 3ක් සහිතව සිදු කරයි. පෙට‍්‍රල් වාහන සඳහා ගෑස් ඇනලයිසර් පරීක්ෂණය සිදු කරයි. පරීක්ෂාව සමත් වූ හා අසමත් වූ වාහන කාණ්ඩයන් දෙක සඳහාම ඒවායේ විමෝචන අගයන් සඳහන් කළ අනුමත වර්ණ තේකයන්ගෙන් යුත් කලින් මුද්‍රණය කර ඇති ඪෑඔ සහතික ලබා දෙයි.




වාහනයක් දුම් විමෝචන පරීක්ෂාවට රැුගෙන යාමේදී වාහන  ලියාපදිංචි කිරීමේ ලේඛනවල මුල් පිටපත්ද අදාල වාහන ලීසිං පදනම මත ලබාගෙන ඇත්නම් එම ලීසිං  සමාගමෙන් සහතික කළ වාහන ලියාපදිංචි ලේඛනයද රැුගෙන ඒම අත්‍යවශ්‍යයි. කිසියම් වාහනයක් දුම් පරීක්ෂාවකින් අසමත් වුවහොත් අදාළ දෝෂය ඇතිවීමට හේතු සඳහන් කළ අත් පත‍්‍රිකාවක් ලබාදේ. එසේම අසමත් වූ වාහන සඳහා අදාළ පරීක්ෂණ මධ්‍යස්ථානය  විසින් නොමිලේ යළි පරීක්ෂණයක් සිදු කරන අතර දින 60ක් ඇතුළත නිසි පරිදි නඩත්තු කර යළි පැමිණෙන ලෙස උපදෙස් ලැබේ. වාහනය දුම් පරීක්ෂාවෙන් සමත් වුවහොත් වාහන හිමිකරුට වාහන විමෝචන පරීක්ෂා සහතික පත‍්‍රයක් නිකුත් කරයි. මෙම සහතික පිටපතක් මධ්‍යස්ථාන විසින් පළාත් පාලන ආයතනයට ලැබෙන්නට සලස්වයි. වාහන බලපත‍්‍රය අලූත්වැඩියා කරන අවස්ථාවේදී ඔබට ලැබෙන සහතික පත‍්‍රය මෝටර් රථ ප‍්‍රවාහන දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කළ යුතුයි.



වාහනය නිවැරදිව පරීක්ෂා කර ඇතිබව සැකහැර දැන ගැනීමට ද ක‍්‍රමවේදයක් ඇත. වාහනයකින් අහිතකර දුම් විමෝචනය වලකා ගැනීමට ඔබට කළ හැකි කටයුත ද රාශියකි. ඔබගේ වාහනයේ වායු පෙරණය නියමිත වෙලාවට පිරිසිදු කිරීම, එන්ජිමේ ඔ්චචැඑි වැනි නඩත්තු කටයුතු කලට වේලාවට සිදු කිරීම, ඉන්ධන පෙරණය  නියමිත වේලාවට මාරුකිරීම, ඞීසල් ඉන්ජෙක්ටර් පොම්පය නියමිත කාලයකදී පරීක්ෂා කර අවශ්‍ය නම් අලූත්වැඩියා කිරීම, නියමිත කාල සීමාවලදී  ස්පාර්ක් ප්ලග් මාරු කරවා ඉග්නිෂන් සිස්ටම් එක පරීක්ෂා කර එන්ජිම ටියුන් කිරීම ආදිය මේ අතර ප‍්‍රධානයි.



වායු දුෂණය  අවම කිරීමෙන් ඔබට සහ පරිසරයට සිදුවන වාසිද රැුසකි. ඉන්ධන කාර්යක්ෂමතාව වැඩිවී ඔබගේ ඉන්ධන වියදම  අඩුකිරීම, එන්ජිමේ ආයුකාලය දීර්ඝවීම, ඉන්ධන ගෙන්වීම සඳහා වැය වන විදේශ විනිමය අඩු වීම, එන්ජිම ගෙවීම නිසා දැරීමට සිදුවන අමතර පිරිවැය අඩුවීම, රජයට දැරීමට සිදුවන සෞඛ්‍ය පිරිවැය අඩුවීමවිෂ සහිත වායු සහ අංශූ භූගත ජලයට එක්වී එම විෂ රසායන පානීය ජලය සමග එක්වී මිනිසුන්ගේ ශරීරගතවීම අවම වීම, ආදී විශේෂ වාසි රැුසක්ද මෙමගින් ඇතිවේ. ඔබගේ වාහනය නියමිත ලෙස දුම් විමෝචන පරීක්ෂාවට ලක්කර සමස්ත සමාජයේම සුබසිද්ධිය සඳහා දායකවන්න. ස්වභාවධර්මය සුරැුකීම තුළින් ඔබද සුරක්ෂිත වනු ඇත.



නිර්මාණී බී. කොළඹගේ.
පෝරුවේ චාරිත‍්‍ර තුළ ගැබ්වූ සන්නිවේදනාර්ථ

මංගල උත්සවයක් පිළිබඳව විමසා බැලීමේදී ‘‘මංගල චාරිත‍්‍රවාරිත‍්‍ර’’ වලට හිමිවන්නේ මූලික ස්ථානයක්. අතීතයේ පටන්ම පැවත ආ මෙම මංගල චාරිත‍්‍ර වාරිත‍්‍ර අද සමාජයේද මංගල උත්සවයක් තුළ දක්නට ලැබෙන අනිවාර්ය අංගයකි. මංගල පෝරුව තුළ සිදුවන චාරිත‍්‍රවාරිත‍්‍රවලට මේ අතරින් ප‍්‍රධාන ස්ථානයක් හිමිවේ. ඒවා තුළ අන්තර්ගතවන සංස්කෘතිකමය සන්නිවේදනාර්ථ පිළිබඳව සළකා බැලීමේදී සංස්කෘතිකමය වූ පරම්පරාවෙන් පරාවට පැවත ආ විවිධ වටිනාකම් වලින් යුක්ත සන්නිවේදනාර්ථ රාශියක් හමුවේ. විවාහ චාරිත‍්‍ර වාරිත‍්‍ර තුල අඩංගුවන සංස්කෘතිකමය සන්නිවේදනාර්ථ පිළිබඳව කැලණිය විශ්වවිද්‍යාලයේ ජල සන්නිවේදන අධ්‍යයන අංශයේ ජ්‍යේෂ්ඨ මහාචාර්ය චන්ද්‍රසිරි රාජපක්‍ෂ මහතා සමඟ කළ සාකච්ඡුාවක් ඇසුරින් සකස් කළ ලිපියකි මේ. 

ඈත අතීතයේදී ස්වයංවරයට අනුව තම සහකරුවා හෝ සහකාරිය තෝරා ගැනීමේ ක‍්‍රමවේදයෙන් ආරම්භ වූ විවාහ සම්ප‍්‍රදාය තුළ වැඩි වටිනාකමකින් යුක්ත සංස්කෘතික පසුබිමක් ගැබ්ව පවතී. සංස්කෘත භාෂාවේ විවාහය යනු වචනය ‘‘ද්විජ’’ ලෙස අර්ථගන්වන අතර එයින් ගම්‍ය වන්නේ ‘‘දෙවරක් ඉපදීම’’ යන්නයි. එහිදී බ‍්‍රාහ්මණයන්ට පුන නුල පැලඳවීමෙන් පසුවද ‘‘ද්විජ’’ ලෙස හඳුන්වන අතර, විවාහයේදී ‘‘ද්විජ’’ ලෙස හඳුන්වන්නේ කාන්තාවක් හෝ පුරුෂයෙක් විවාහයෙන් පසුව නව ජීවිතයක් ආරම්භ කිරීම පිළිබඳවයි. මෙලෙස විවාහ ජීවිතය අරඹන දිනයේ, එනම් මංගල දිනයේදී පෝරුව මත සිදුකරන පෝරුවේ චාරිත‍්‍ර වාරිත‍්‍ර තුළ ගැඹුරු සන්නිවේදනාර්ථ පවතී. ඒවා එකිනෙක පහත පරිදි විස්තර කළ හැකියි. 



1. අතපැන් වත්කිරීම
මෙහිදී අර්ථ ගන්වන්නේ යම් කිසි පවරා දීමක් වැන්නකි. අතීතයේදී කිසියම් පවරා දීමක් වැන්නකි. අතීතයේදී කිසියම් පවරා දීමක් සංඛේතවත් කෙරුණේ ජලය මගිනි. උදාහරණයක් ලෙස භික්‍ෂුන් වහන්සේලාට යම් යම් දේ පූජා කිරීමේදී පැන් වත්කර පූජා කිරීම, පින් දීමේ කටයුතු වලදී ජලය භාවිතය වැනි දේ ගත හැකියි. මෙම චාරිත‍්‍රයේදී ලක්‍ෂණයක් ලෙස ‘‘ජලය’’ භාවිත කරන අතර එක් අයෙක් තවත් අයෙක්ට පමරා දීමක් සංඛේතවත් වේ. ජලය යනු ස්වභාවධර්මය සමඟ සම්බන්ධවන දෙයකි. වේද සාහිත්‍යයේ සඳහන් වන පරිදි ලෝකය පවතිනුයේ ජලය මතය යන සංකල්පයද මූලික කර පැවරීම මෙන්ම පැවැත්ම මත නිර්මාණය වූ සංස්කෘතික ලක්‍ෂණ මෙමගින් ගම්‍ය වේ.

2. මුදු පැලඳවීම
දෙදෙනකු අතර අන්තර් සබඳතාවයක් ගොඩ නැගීම මූලිකව මින් සන්නිවේදනය කෙරේ. එයින් වක‍්‍රාකාරව ලිංගික ලක්‍ෂණයන්ද ඉස්මතු කරයි. අතීතයේදී පැරැුන්නන් සංඛේතාත්මකව එකිනෙකා අතර පවතින සම්බන්ධතාව ප‍්‍රකාශ කිරීම අරමුණු කරගෙන මෙම චාරිත‍්‍රය නිර්මාණය කර ඇති බව ප‍්‍රකාශ කළ හැකියි. මෙය ශ්‍රී ලංකාව තුළ විවාහ දිනයකදී සිදුකරන ප‍්‍රධාන සංස්කෘතික ලක්ෂණයකි.

3. පොල් බිඳීම
පෙරදිග රටවල පාරිශුද්ධ බව පිළිබඳව පවතින ප‍්‍රධාන සංස්කෘතික ලක්‍ෂණයක් ලෙස මෙම චාරිත‍්‍රය හැඳින්විය හැකියි. විවිධ පූජාවන්, වස්කටයුතු, දෙවියන් ඇදහීම, ආදී කටයුතු වලදීද මෙම චාරිත‍්‍රය සම්බන්ධ කටයුතු සිදුවේ.

4. බුලත් දීම
ලංකාවේ විවාහ චාරිත වාරිත‍්‍ර අතර පමණක් නොවූ  ඕනෑම සුබ කටයුත්තකදී, ආරාධනාවකදී හෝ පූජනීය කටයුත්තක් ආදියේදී මූලික වන සංස්කෘතික සංඛේතය වන්නේ ‘‘බුලත්’’ය. මෙය ප‍්‍රධානතම සංස්කෘතික මෙවලමකි. විශේෂයෙන් සඳහන් කළ යුතු වන්නේ විවාහයේදී බුලත් දෙන ආකාරයේත් විශේෂත්වයක් පැවතීම පිළිබඳවයි. එහිදී බුලත් කඳ යටි අතට තබා ලබා දීම සිදුකරයි. එයින් සන්නිවේදනය කරනුයේ එකිනෙකාට ගරු කිරීම, එකිනෙකා පිළිගැනීම, ආදී සංඛේතාර්ථයි.


5. අතැඟිලි වෙලීම 

 මෙහිදී සංඛේතවත් කෙරෙනුයේ ජීවිත දෙකම වඩාත් සාර්ථක කරගන්නා බවක් මෙන්ම, අදින් ආරම්භ කරන ජීවිතය එක්ව ගමන් කරන බව ආදියයි.

6. කිරිකඩ හේලය 

 මෙම චාරිත‍්‍රය පෝරුවේ චාරිත‍්‍ර අතර ප‍්‍රධාන ස්ථානයක් උහුලයි. එය ආගමික පසුබිමක් මුල් කරගෙන නිර්මාණය වූවකි. බෝධිසත්වයන්, තම මව බේරා ගැනීමට මහා සාගරයේ පිහිනා ගම සිහිපත් කරවමින් මෙම චාරිත‍්‍රය ආරම්භ වූ බවද සඳහන් වේ. මෙහිදී විවාහ වන අයෙකුට තම මවට ලබාදිය හැකි උපරිම ගෞරවය ලබාදීම වැන්නක් මින් සංඛේතවත් කරයි. කිරිකඩ හේලය හිස තබාගෙන පැමිණීම, ආදී අනන්‍ය ලක්‍ෂණ මෙම චාරිත‍්‍රය තුළ දැකගත හැකි අතර එහිදී කිසියම් අනුවේදනීය ස්වභාවයක්ද ඇතිකරනු ලබයි. තම මව දුන් කිරිවලට කෘතගුණ සැලකීමක්ද මෙයින් සන්නිවේදනය වේ.

7. අෂ්ඨක කීම
 මේ තුළද විශේෂ සන්නිවේදනාර්ථ රැුසක් පවතී. අෂ්ඨක තුළ වැඩි වශයෙන් අන්තර්ගත වන්නේ බුදුගුණ සහිත කරුණයි. තමන් අදහන ආගමේ පවතින සංස්කෘතික ලක්‍ෂණ විදහා දැක්වීමක් මෙහිද ීසිදුවන අතර බුදුන්, දහම්, සඟුන් ආමන්ත‍්‍රණය කිරීම, සුබ කටයුත්තක් ආරම්භයේදී ආගමේ ආශිර්වාදය ලබා ගැනීම ආදිය මින් සංඛේතවත් කරයි. වර්තමානය වන විට විවාහ උත්සව පන්සල් තුළ සිදු කිරීම සුලභව දැකගත හැකියි. එම අවස්ථාවට පදනම නිර්මාණය වී ඇත්තේද මෙම අෂ්ඨක මගිනි. විටෙක මෙහි හින්දු චාරිත‍්‍ර වාරිත‍්‍ර වල ලක්‍ෂණ සහිත ශ්ලෝක ආකාරයේ කරුණුද අන්තර්ගත වන අතර මෙම අෂ්ඨක, පාලිවලින් බිඳී ආ පිරිත් ආශ‍්‍රිතවද නිර්මාණය වී ඇති බව කිව හැකිය.

මෙම ප‍්‍රධාන මංගල චාරිත‍්‍ර වාරිත‍්‍ර වලට මංගල පෝරුවේ තබා ඇති ‘‘පුන්කලස’’ සංස්කෘතික ලක්‍ෂණ විදහා දක්වන ප‍්‍රධාන අංගයකි. පුන්කලස සරසන ආකාරය, තුළ දේශීය සංස්කෘතික ලක්ෂණ රැුසක් විදහා දක්වන අතර එය වඩාත් වැඩි වටිනාකමකින් යුත් සංස්කෘතිකමය අවස්ථාවක් ලෙස සලකයි. එමෙන්ම මංගල ඇඳුම් පිළිබඳව කතිකා කිරීමේදී එය පළාත් අනුව වෙනස් වන බව කිව හැකියි. නමුත් මේ වන විට විවිධ වෙනස්කම්වලට ලක්වුවද මංගල ඇඳුම්වල ‘‘වර්ණය’’ ද විවිධ සන්නිවේදනාර්ථ විදහා දක්වයි. මංගල උත්සවයේ පළමු දිනයේදී අඳිනු ලබන ඇඳුම් අලූතෙන්ම සකස්කර ගත් ඒවා විය යුතු අතර එහි වර්ණය මගින් පාරිශුද්ධතාව පිළිබිඹු කරයි. දෙවැනි දිනයේ වර්ණ මගින්ද සන්නිවේදනාර්ථ විදහා දක්වයි. මේ වන විට මෙම සියලූම චාරිත‍්‍ර වාරිත‍්‍ර සුළු වශයෙන් හෝ වෙනස්කම්වලට ලක්වී ඇති බවද කිව යුතුයි.

විශේෂ ස්තූතිය _ කැලණිය විශ්වවිද්‍යාලීය, ජනසන්නිවේදන අධ්‍යයන අංශයේ ජ්‍යේෂ්ඨ මහාචාර්ය, චන්ද්‍රසිරි රාජපක්ෂ මහතා.
සංවාද සටහන _ නිර්මාණී බී. කොළඹගේ.

Special Cultural Traditions of the Sinhala Hindu New Year in Sri Lanka

  Special Cultural Traditions of the Sinhala Hindu New Year in Sri Lanka. The "Sinhala Hindu New Year" is one of the most import...