මා දුටු සිත්තම්

Thursday, June 1, 2017

රථවාහන දුම් විමෝචන පරීක්ෂාව පිළිබඳව ඔබ දැනුවත්ද?

රථවාහන දුම් විමෝචන පරීක්ෂාව  පිළිබඳව ඔබ  දැනුවත්ද?

  දිනෙන් දින ඉහළ යන අධික  පරිසර උෂ්ණත්වය මෙන්ම ස්වභාවධර්මයේ විවිධ වෙනස්කම් හමුවේ ඔබ අප කාටත් විශාල අභියෝගයකට ලක්වන්නට සිදුවී අවසන්. මෙවැනි අභියෝග හමුවේ එයට මූලික වන හේතු සාධක  සොයනවා විනා අප කවුරුත් පුරුදුවී සිටින්නේ අව්වට, වැස්සට දොස් නැගීමට පමණක්ම නොවේද? ඉතින් එවැනි පසුබිමක් තුළ උඩුගම් බලා පිහිනීමට අවශ්‍ය වන්නේ පවතින ස්වභාවධර්මයේ අභියෝගවලට විසඳුම් සෙවීම අත්‍යවශ්‍ය කරුණක් බවට පත්ව ඇති හෙයිනි. තවදුරටත් බලා සිටින්නේ නම් ඔබ අප සැමට සිදුවන්නේ මරණයට අත වනන්නට පමණි. වර්තමානය  වන විට පරිසර දුෂණය  වඩාත් ඉහළ ගොස් ඇති අතර පරිසර දුෂණය  වන ප‍්‍රධාන මාර්ග තුනෙන් එකක් ලෙස වායු දුෂණයහැඳින්විය හැකියි. මෙයිනුත් ශ්‍රී ලංකාව තුළ වායු දුෂණය ප‍්‍රධානවම බලපානු ලබන සාධකය වන්නේ වාහනවලින් පිටකරන විෂ දුමයි’.



                              දිනෙන් දින ඉහළ යන වාහන පරිභෝජනය හේතුවෙන්  මේ වනවිට පරිසරයට සිදුවන විෂ දුම් විමෝචනයද සීග‍්‍රව ඉහළ ගොස් ඇත. කොළඹ නගරයේ වායුගෝලයේ දැනට පවතින වායු දුෂණය  සාන්ද්‍රණය නිසා ඇදුම, කැස්ස, හිසරදය, ඇස් දැවිල්ල, උගුර දැවිල්ල සහ බ්‍රොන්කයිටිස් වැනි රෝග 30%කින් පමණ ඉහළ ගොස් ඇති අතර  දෛනික මරණ අනුපාතිකය 7%කින් ඉහළ නැංවීමටද අංශුමය ද්‍රව්‍යවලට පෙනහළු දක්වා ගමන් කිරීමට හැකියාවක් පවතී. කළු දුමෙහි පිළිකාකාරක රසායන ද්‍රව්‍ය අඩංගුවන අතර ඉතා කුඩා දුම් අංශුවලට රුධිරය තුළට යාමේ හැකියාවක්ද ඇත. වාහන දුමාරය තුළ සල්ෆර් ඩයොක්සයිඞ්, නයිට‍්‍රජන් ඔක්සයිඞ්, හයිඩ්‍රොකාබන්, කාබන් මොනොක්සයිඞ්, ක්ෂුද්‍ර අංශු ආදිය බහුලයි. මෙවැනි තත්ත්වයක් හමුවේ ජාතික පරිසර පනත යටතේ 2003 වසරේ ජූනි මස 30 වන දින අංක 1295/11 දරණ ගැසට් නිවේදනයෙන් වායු දුෂණය  වැලැක්වීමේ රෙගුලාසි සඳහා විශේෂිත ප‍්‍රමිතීන් ප‍්‍රකාශයට පත්කර ඇත. මෙසේ ප‍්‍රකාශයට පත් කෙරුණු ප‍්‍රමිතීන් අතරින් එකක් වූයේ රථවාහනව වලින් පිටවන දුමාරය පරීක්ෂාවට ලක්කර ප‍්‍රමිති සහතිකය ලබගත යුතු බවයි. වාහන විමෝචන  මගින් නිකුත් වන සෞඛ්‍යයට බලපෑම් ඇතිකරවන ප‍්‍රාථමික විමෝචන ප‍්‍රතික‍්‍රියාකර  ඕසෝන් වැනි අනිකුත් වායුන් සහ සල්ෆේට්  නයිටේ‍්‍රට් වැනි අංශු  වායුගෝලය තුළ ද්විතික දුෂණය  ලෙස නිර්මාණය වීමද සිදුවිය හැකි බැවින් වාහන මගින් සිදුවන විමෝචන  පරීක්ෂා කිරීම හා නිසි ආකාරයට නඩත්තු කිරීම සම්බන්ධව රියදුරන් දැනුවත් කිරීම සඳහා රජය විසින් වාහන විමෝචන පරීක්ෂා වැඩසටහන ආරම්භ කරන ලදී. වාහන දුම් විමෝචන පරීක්ෂාව සිදුකිරීම මගින් පරිසරය සුරැුකීමට ඔබට විශාල දායකත්වයක් සිදුකළ හැකි බව දැන් ඔබට වැටහෙනු  ඇත. එම නිසා වාහන දුම් පරීක්ෂාව සිදු කිරීම සම්බන්ධව කරුණු කිහිපයක් ඔබට ඉදිරිපත් කිරීමට අපි තීරණය කළා.



ඔබගේ වාහන බලපත‍්‍රය වාර්ෂික අලූත්වැඩියා කිරීමේදී වාහන වායු විමෝචන පරීක්ෂණයේදී සමත්වූ වායු විමෝචන  සහතිකය ඉදිරිපත් කිරීම මෝටර් රථ ප‍්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් අනිවාර්ය කර ඇත. එබැවින් අවමව වසරකට එක් වතාවක් එනම් වාහන බලපත‍්‍රය  අලූත්කරන අවස්ථාවට පෙර මෙය සිදු කරගත යුතුයි. වෙනත්  ඕනෑම අවස්ථාවකදී වාහනයේ දුම් නලයෙන් දුමක් පිට වන්නේ නම් මෙම පරීක්ෂාව සිදුකර ගත යුතු අතර එම දෝෂය එන්ජින් සේවා මධ්‍යස්ථානයකින් සේවා කර ගැනීම සුදුසුයි. ඔබගේ වාහනය නිසි පරිදි නඩත්තු කර එහි එන්ජිම නිවැරදිව අලූත්වැඩියා කරන්නේ නම් පහසුවෙන්ම දුම් පරීක්ෂණයෙන් සමත්විය හැකියි. වාහනය දුම් පරීක්ෂා මධ්‍යස්ථානයට ඇතුල්වූ පසු ඉන්ධන වර්ගය අනුව බෙදා අදාල ධාවන තීරය වෙත යොමු කරනු ලැබේ. සෑම ධාවන තීරුවකදීම වාහනය දෘෂ්‍ය  පරීක්ෂාවටද ලක් කරන අතර එහිදී චැසි අංකය, එන්ජින් අංකය, සයිලන්සර් කාන්දු, තෙල් කාන්දු, ජල කාන්දු, ප්ලග් ටොප් ආදිය පරීක්ෂාවට ලක් වේ. මෙම එක් කොටසක හෝ  අසාමාන්‍ය තත්ත්වයක් ඇතිනම් වාහනය දුම් පරීක්ෂාවට ලක් නොකරයි. එම නිසා වාහනය නිසි පරිදි නඩත්තු කර රැුගෙන ආ යුතුයි. ඉහත දෘෂ්‍ය  පරීක්ෂණයෙන් සමත්වූ වාහන අදාල දත්තද සමග දත්ත පද්ධතියකට ඇතුල්කර විමෝචන පරීක්ෂාවට ලක් කරයි. තෙල්වල උෂ්ණත්වය 55ජද වන අගයක  රඳවා, ඞීසල් වාහන සඳහා විමෝචන පරීක්ෂා පූර්ව පරීක්ෂණ වාර  තුනකදී සහ මිනීම සඳහා පරීක්ෂණ වාර 3ක් සහිතව සිදු කරයි. පෙට‍්‍රල් වාහන සඳහා ගෑස් ඇනලයිසර් පරීක්ෂණය සිදු කරයි. පරීක්ෂාව සමත් වූ හා අසමත් වූ වාහන කාණ්ඩයන් දෙක සඳහාම ඒවායේ විමෝචන අගයන් සඳහන් කළ අනුමත වර්ණ තේකයන්ගෙන් යුත් කලින් මුද්‍රණය කර ඇති ඪෑඔ සහතික ලබා දෙයි.




වාහනයක් දුම් විමෝචන පරීක්ෂාවට රැුගෙන යාමේදී වාහන  ලියාපදිංචි කිරීමේ ලේඛනවල මුල් පිටපත්ද අදාල වාහන ලීසිං පදනම මත ලබාගෙන ඇත්නම් එම ලීසිං  සමාගමෙන් සහතික කළ වාහන ලියාපදිංචි ලේඛනයද රැුගෙන ඒම අත්‍යවශ්‍යයි. කිසියම් වාහනයක් දුම් පරීක්ෂාවකින් අසමත් වුවහොත් අදාළ දෝෂය ඇතිවීමට හේතු සඳහන් කළ අත් පත‍්‍රිකාවක් ලබාදේ. එසේම අසමත් වූ වාහන සඳහා අදාළ පරීක්ෂණ මධ්‍යස්ථානය  විසින් නොමිලේ යළි පරීක්ෂණයක් සිදු කරන අතර දින 60ක් ඇතුළත නිසි පරිදි නඩත්තු කර යළි පැමිණෙන ලෙස උපදෙස් ලැබේ. වාහනය දුම් පරීක්ෂාවෙන් සමත් වුවහොත් වාහන හිමිකරුට වාහන විමෝචන පරීක්ෂා සහතික පත‍්‍රයක් නිකුත් කරයි. මෙම සහතික පිටපතක් මධ්‍යස්ථාන විසින් පළාත් පාලන ආයතනයට ලැබෙන්නට සලස්වයි. වාහන බලපත‍්‍රය අලූත්වැඩියා කරන අවස්ථාවේදී ඔබට ලැබෙන සහතික පත‍්‍රය මෝටර් රථ ප‍්‍රවාහන දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කළ යුතුයි.



වාහනය නිවැරදිව පරීක්ෂා කර ඇතිබව සැකහැර දැන ගැනීමට ද ක‍්‍රමවේදයක් ඇත. වාහනයකින් අහිතකර දුම් විමෝචනය වලකා ගැනීමට ඔබට කළ හැකි කටයුත ද රාශියකි. ඔබගේ වාහනයේ වායු පෙරණය නියමිත වෙලාවට පිරිසිදු කිරීම, එන්ජිමේ ඔ්චචැඑි වැනි නඩත්තු කටයුතු කලට වේලාවට සිදු කිරීම, ඉන්ධන පෙරණය  නියමිත වේලාවට මාරුකිරීම, ඞීසල් ඉන්ජෙක්ටර් පොම්පය නියමිත කාලයකදී පරීක්ෂා කර අවශ්‍ය නම් අලූත්වැඩියා කිරීම, නියමිත කාල සීමාවලදී  ස්පාර්ක් ප්ලග් මාරු කරවා ඉග්නිෂන් සිස්ටම් එක පරීක්ෂා කර එන්ජිම ටියුන් කිරීම ආදිය මේ අතර ප‍්‍රධානයි.



වායු දුෂණය  අවම කිරීමෙන් ඔබට සහ පරිසරයට සිදුවන වාසිද රැුසකි. ඉන්ධන කාර්යක්ෂමතාව වැඩිවී ඔබගේ ඉන්ධන වියදම  අඩුකිරීම, එන්ජිමේ ආයුකාලය දීර්ඝවීම, ඉන්ධන ගෙන්වීම සඳහා වැය වන විදේශ විනිමය අඩු වීම, එන්ජිම ගෙවීම නිසා දැරීමට සිදුවන අමතර පිරිවැය අඩුවීම, රජයට දැරීමට සිදුවන සෞඛ්‍ය පිරිවැය අඩුවීමවිෂ සහිත වායු සහ අංශූ භූගත ජලයට එක්වී එම විෂ රසායන පානීය ජලය සමග එක්වී මිනිසුන්ගේ ශරීරගතවීම අවම වීම, ආදී විශේෂ වාසි රැුසක්ද මෙමගින් ඇතිවේ. ඔබගේ වාහනය නියමිත ලෙස දුම් විමෝචන පරීක්ෂාවට ලක්කර සමස්ත සමාජයේම සුබසිද්ධිය සඳහා දායකවන්න. ස්වභාවධර්මය සුරැුකීම තුළින් ඔබද සුරක්ෂිත වනු ඇත.



නිර්මාණී බී. කොළඹගේ.

No comments:

Post a Comment

Special Cultural Traditions of the Sinhala Hindu New Year in Sri Lanka

  Special Cultural Traditions of the Sinhala Hindu New Year in Sri Lanka. The "Sinhala Hindu New Year" is one of the most import...