මා දුටු සිත්තම්

Tuesday, June 6, 2017

සෞඛ්‍යමත් ජීවිතයකට අත්‍යවශ්‍ය මානසික සුවතාවය

            ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්වචනය කර ඇති පරිදි සෞඛ්‍ය යනු සම්පූර්ණ කායික, මානසික හා සාමාජීය නිරෝගීතාවය වන අතර රෝගයක් හෝ කිසියම් දුබලතාවයක් නොමැති වීම පමණක්ම සෞඛ්‍ය ලෙස හඳුන්වනු නොලැබේ. මානසික සෞඛ්‍ය යනු පුද්ගලයකුගේ හැඟීම් හා මානසික ක‍්‍රියාකාරීත්වය යහපත් මට්ටමක පවත්වා ගැනීම පිළිබඳව ගොඩනැගුණු සංකල්පයකි. මේරියම් වෙබ්ස්ටර් විසින් විග‍්‍රහ කරන අන්දමට මානසික සෞඛ්‍ය යනු එදිනෙදා ජීවත්වීමට, අවශ්‍යතා සපුරා ගැනීමට හා සමාජයේ ක‍්‍රියාකාරීවීම සඳහා පුද්ගලයකු සංජානනය සඳහා භාවිතයට ගන්නා හැඟීම් හා මානසික නිරෝගිතාවය ගැන විග‍්‍රහ කරන ලද තත්ත්වයකි. එමෙන්ම ධනාත්මක මනෝ විද්‍යාව හා ස්ථිර මානසික සෞඛ්‍ය අන්‍යෝන්‍යව සිතා බලන කල පුද්ගලයකුගේ ජීවිතය විඳීමට ඇති හැකියාව ජීවිතයේ ක‍්‍රියාකාරකම් අතර සමබලතාවයක් පවත්වා ගැනීම සහ මනෝ විද්‍යාත්මක මත ප‍්‍රකෘති භාවයන් ලබා ගැනීම ලෙස හැඳින්විය හැකිය. පොදුවේ ගත් කල බොහෝ විශේෂඥයන් එකඟතාවයට පත්වී ඇති මතයක් නම් මානසික සෞඛ්‍ය හා මානසික රෝගය යනු එකිනෙකට තේරුමක්  නොදෙන බව වැටහී යයි. එනම් මානසික රෝගයක් නොමැති විට යහපත් මානසික සෞඛ්‍යයක් ඇති බව දර්ශනය නොවේ. යහපත් මානසික සෞඛ්‍ය ලක්ෂණය වනුයේ තමාගේ හැකියාවන් පිළිබඳව විශ්වාසයක් තබා ගැනීම සාමාන්‍ය මට්ටමේ ආතතියක් විඳදරා ගැනීමට හැකියාවක් තිබීම හා ප‍්‍රශස්ත මට්ටමකින් අන්තර් පුද්ගල සම්බන්ධතා පවත්වා ගැනීමට හැකිවීම, නිදහස් හා ස්වාධීන ජීවිතයක් ගත කිරීම ආදියයි. සෞඛ්‍යමත් ජීවිතයක් පිළිබඳ කතිකා කිරීමේදී මානසික සෞඛ්‍ය පිළිබඳව නිසි අවබෝධයක් ලබාගැනීම ඉතා වැදගත් වන අතර එය ඔබගේ ජීවිතයේ සතුට මෙන්ම පෞර්ෂය ද පවත්වා ගැනීමට උපකාරී වේ.
මානසික සෞඛ්‍ය මඟින් චිත්ත හැඟීම් හෝ ගුණාත්මක  යහපැවැත්ම හෝ මානසික රෝග නොමැති බව විස්තර කරයි.  ඔබට යහපත් මානසික සුවතාවයක් පවතිනවාද යන්න පරීක්ෂා කිරීමට පහත සඳහන් අංග ඔබ තුළ තිබේද යන්න සලකා බැලීම ඉතා වැදගත් වේ.
තමාගේ හැකියාවන් ගැන විශ්වාසයක් තිබීම, සාමාන්‍ය මට්ටමේ ආතතියක් විඳදරා ගැනීමට හැකියාවක් පැවතීම, ප‍්‍රශස්ත මට්ටමෙන් පුද්ගල අන්තර් සබඳතා පවත්වා ගැනීමට හැකිවීම ද නිදහස් හා ස්වාධීන ජීවිතයක් ගත කිරීමට හැකිවීම ආදිය එම අංගය. මානසික සෞඛ්‍ය පිළිබඳව බුදුරජාණන් වහන්සේ මෙසේ දේශනා කර ඇත
.


‘ආරෝග්‍යා පරමා ලාභා - සන්තුට්ඨි පරමං ධනං
විශ්වාසා පරමා ඥාති  -නිබ්බානං පරමං සුඛං’

පුද්ගලයාගේ නිරෝගී බව පරම ලාභය ලෙස දක්වා ඇත. මිනිසකු හොඳ කායික සෞඛ්‍යයකින් පසුවීම ඉතා වැදගත් බව පෙන්වා දෙයි. සතුට පරම ධනයක් වන බව දේශනා කර ඇත්තේ මානසික සෞඛ්‍ය  පිළිබඳවයි. ඔබ ගෙවන ජීවිතය ඉතා ප‍්‍රීතිමත් නම් සොම්නස දනවන්නේ නම් ඔබ හොඳ මානසික සෞඛ්‍යකින් හෙබි බව සනාථ කරයි. නූතන මනෝ විද්‍යාඥයන්ගේ සොයා ගැනීම්වලට අනුව මිනිසා තුළ නිධන්ගතව පවත්නා සිතිවිලි ඉතා බරපතළ ඒවා නොවුන ද ඒවා මුල් කරගෙන පහත ආකාරයේ කායික රෝග ඇතිවිය හැකි බව දක්වා තිබේ. උදාහරණ ලෙස ආහාර ජීර්ණ පද්ධති ආබාධ, චිත්තවේග පාලනය කරගත නොහැකිවීම, හෘද ස්පන්දනය වෙනස්වීම, අධි රුධිර පීඩනය, ශ්වසන ආබාධ, මස්පිඩු වේදනා, රුධිරයේ  සීනි මට්ටම ඉහළ යාම ආදිය දැකගත හැකිය.

මානසික කැලඹීම නිසා පැනනගින ඉන්ද්‍රිය ආබාධ පිළිබඳව පැමිණිලි කිරීම සාමාන්‍යයෙන් අප බලාපොරොත්තු විය යුත්තකි. ඉන්ද්‍රිය ආබාධයක් ලෙස පෙනෙන්නට තිබුණ ද එයට හේතු වී ඇත්තේ මානසික ගැටලූවකි. මෙම රෝගී තත්ත්වය ‘මනෝ අක‍්‍රමිකතාව’ නම් වේ. මේවාට උදාහරණ ලෙස ශාරීරික රෝග ලක්ෂණ පෙන්නුම් කරන්නාවූ ද ශාරීරික විකෘතියක් ඇති කරන්නාවූ ද මනසෙහි හට ගන්නාවූ ද ආබාධ ගත හැකිය. මිනිසා තුළ අධික චිත්තවේගී තත්ත්ව බොහෝ වේලාවක් රැුඳී තිබීමට එක් හේතුවක් වශයෙන් මනෝ විද්‍යාඥයකු වූ හෝම්ස් පෙන්වන්නේ ඉච්ඡුාබංගත්වයට ගොදුරු වූ පුද්ගලයකුට ප‍්‍රකෝපකාරී ලෙස හැසිරීමට ඉඩ ප‍්‍රස්තා නොලැබී යන බවයි. සමාජයේ සෑම මිනිසෙකුටම අවශ්‍ය මූලික අවශ්‍යතා ඉටුකර දෙමින් සමාජය තුළ ආදරය රැුකවරණය සහ ගරුත්වය හිමිකර දෙන්නේ නම් සැමටම අභිමානවත්ව ජීවත් වීමට හැකියි. එමඟින් උසස් මානසික සෞඛ්‍යත් හිමිකර දිය හැකිවේ. එමෙන්ම යම් යම් මානසික දුර්වලතා හෝ මානසික ගැටලූ ඇති අයට සමාජයේ අන් අයට මෙන් සමානව සැලකීම ගෞරවයට ලක් කිරීම, ආදරය, දයාව, රැුකවරණය ලබාදීම මඟින් ඔවුන් තුළ උසස් මානසික සෞඛ්‍යයක් ඇති කළ හැකිවේ. මානසික ගැටලූ ඇති පුද්ගලයන්ට අනපේක්ෂිත බවක් දැනෙන්නට පටන් ගන්නේ ඔවුන් තුළ මෙතෙක් සැඟවී යටපත්ව තිබූ හැඟීම්වලින් නිදහස් වීමට හැකි වූ පසුවයි.

ශ්‍රී ලංකාව තුළ මානසික සෞඛ්‍ය වර්ධනය කරලීමේ අවශ්‍යතාව ප‍්‍රබලව දැනෙන්නට පටන්ගෙන ඇති බව පෙනී යයි. මේ සඳහා වර්ධනය වන මිනී මැරුම්, මත්පැන් හා මත්ද්‍රව්‍ය භාවිතයට  පැමිණීම, විවිධ ළමා අපචාර, මනෝ විද්‍යාත්මක උපදේශනය ජනතාව අතරට නොයාම, සමාජ අසහනය, ආධ්‍යාත්මික පිරිහීම ආදී කරුණු හේතු වී ඇත. සමාජයක් තුළ ඉහත සාධක දුරලමින් යහපත් මානසික සෞඛ්‍ය ඇති කළ හොත් වර්තමානය වනවිට ආතතියෙන් පෙළෙමින් අධික  යහපත් මානසික සෞඛ්‍ය ඇති කළ හොත් වර්තමානය වනවිට ආතතියෙන් පෙළෙමින් අධික කාර්යය බහුලත්වයට ලක්ව ඇති සෑම පුද්ගලයෙක්ම මානසික සුවතාවයෙන් යුක්තව අනාගතය කරා ගමන් කරනු ඇත.


නිර්මාණී බී. කොළඹගේ


No comments:

Post a Comment

Special Cultural Traditions of the Sinhala Hindu New Year in Sri Lanka

  Special Cultural Traditions of the Sinhala Hindu New Year in Sri Lanka. The "Sinhala Hindu New Year" is one of the most import...