මා දුටු සිත්තම්

Tuesday, June 6, 2017


රුධිර පාරවිලයනය ගැන ඔබ නොදත් දේ...



රුධිර පාරවිලයනය යන නම ඇසූ පමණින්ම ඔබට ඒ පිළිබඳව විවිධ අදහස් තිබෙන්නට පුළුවන්. ඒ කෙසේ වුවත් ඔබ තුළ රුධිර  පාරවිලයනය පිළිබඳව අනවශ්‍ය බියක් පවතින බව නම් නොරහසක්. ඔබට රුධිර පාරවිලයනය පිළිබඳව නිවැරදි අවබෝධයක්  ලබාදීමත් ඒ තුළින් රටක රුධිර අවශ්‍යතාව සපුරාලමින් මහඟු සමාජ සත්කාරයකට දායකවීමට ඔබටත් අවස්ථාවක් ලබාදීමත් මූලික කරගෙන මෙම ලිපිය  සම්පාදනය විය.

 රුධිර පාරවිලයනය යනුවෙන් හඳුන්වන්නේ පුද්ගලයෙකුගෙන් ලබාගන්නා ලද ආරක්‍ෂිත රුධිරය රුධිර අවශ්‍යතාවයකින් පෙළෙන රෝගියෙකුට ලබා  දීමයි. ප‍්‍රධාන රුධිර ඝන හතරකි. ්ල ඊ, ්ඊ සහ ධ ලෙස ඒවා වර්ග වන අතර ඒවා තවදුරටත් පොසිටිව්, නෙගටිව් ලෙස හෝ ඍය සාධකය ලෙස කොටස් වේ. මෙලෙස පළමුව රුධිර ඝන හතරක් ඇති බව හඳුනාගන්නා ලද්දේ 1901 දී වෛද්‍ය කාර්ල් බර්නස්ටයිනර් විසිනි. රතු රුධිරාණු, ශරීර අවයව හා පටක වෙත ඔක්සිජන් ගෙන යයි. ඒවා රුධිර  සංසරණ පද්ධතිය තුළ දින 120ක් පමණ ජීවත් වේ. වසරකට ශ්‍රී ලංකාවේ රුධිර පාරවිලයනයක් අවශ්‍ය පිරිස ලක්‍ෂ දෙකකට අධික වන අතර දිනකට රුධිර ලීටර් දාහකට අධික ප‍්‍රමාණයක් රෝගීන්ට පාරවිලයනය කිරීම ද සිදුවේ. ජනතාවගෙන් 30%ක පමණ කොටසක් ලේ දන්දීමට අවශ්‍ය අවම සුදුසුකම ඇතත් වාර්ෂිකව රුධිරය දන් දෙන්නේ 2%කටත් වඩා අඩු කොටසකි.
 යම් පුද්ගලයෙකු දායක කරන ලද රතු රුධිරාණු සම්මත තත්ත්වය යටතේ දින 42ක් ගබඩාකොට තබා ගත හැකියි. එමෙන්ම අධිශීත කළ රුධිර ප්ලාස්මාව වසරක පමණ කාලයක් පවත්වා ගත හැකිය. සාමාන්‍ය රුධිර පාරවිලයනයකදී  ප‍්‍රමාණය  පයින්ට් 2x3 අතර වේ. රුධිර පාරවිලයනයක විශාල අවශ්‍යතාවයක් මේ වනවිට අප රට තුළ  පවතී. පිළිකා රෝග සඳහා ප‍්‍රතිකාර ලබන දරුවන්, අඩු වයසින් උපත ලද දරුවන්ට සහ හදවත් සැත්කම්වලට ලක්වන දරුවන්ට රුධිර පට්ටිකා ද ඒ ඒ අදාළ රුධිර වර්ගය ද අවශ්‍ය වේ. රක්තහීනතාවයෙන් පෙළෙන රෝගීන්ට රුධිර ෙසෙල ප‍්‍රමාණය වැඩි කිරීමට ද රුධිර පාරවිලයනය යෙදිය හැකියි. එමෙන්ම තැලසීමියා නම් ප‍්‍රවේණික රෝගය ලංකාවේ පුද්ගලයන් 2000කට පමණ ඇති අතර ඔවුනට මාස්පතා රුධිර පාරවිලයනයක් අවශ්‍ය වේ. මෙලෙස බොහෝ පුද්ගලයන්ට රුධිර පාරවිලයනයක අවශ්‍යතාව මතුව ඇත.


නමුත් නිසායාකාර දැනුවත් කිරීමෙන් නොමැතිව ඔබත් රුධිර පාරවිලයනයට බියක් දක්වන්නට පුළුවන්. රුධිරය සඳහා කිසිදු ආදේශයක් නොමැති බව ද විශේෂයෙන් සඳහන් කළ යුතු අතර වයස අවුරුදු 18 සිට වයස අවුරුදු 60 පමණ වනතෙක් සෑම මාස 4කටම වරක් ලේ දන්දීමෙන් ඔබ ජීවිත කාලයේ රුධිරය ගැලූම් 15.75ක් පරිත්‍යාග කළ අයෙකු බවට පත්වේ. රුධිර පාරවිලයනය සඳහා පිළිගත් අවශ්‍යතා කිහිපයක්ම පවතී. එනම් පසුගිය මාස 4 තුළ ලේ දන් දීමක් කර නොතිබීම, වයස අවුරුදු 18x55 අතර වීම, හිමොග්ලොබින් ප‍්‍රමාණය 80%ක් පමණ වීම, ශරීර බර අවම වශයෙන් 50නට පමණ වීම ආදියයි. එමෙන්ම පහත සදහන් අවස්ථා වලදී පුද්ගලයන්ගෙන් රුධිරය ලබා ගැනීමක් සිදු නොකරයි ,

1. ඇගපත කහ වීම හෝ සෙන්ගමලයට ලක්ව තිබීම

2. හෙපටයිටිස් හෝ ඒඞ්ස් වැළදීමට ඉඩකඩ වැඩි පුද්ගලයන්

3. කුමන ආකාරයක හෝ හද රෝගවලට ලක්වුවන් හෝ කපාට අබාධ  පවතින්නන්

4. රුධිර කටිගසිම නිසි පරිදි සිදු නොවන පුද්ගලයන්

5. අපස්මාර රෝගයෙන් පෙලෙන්නන් (මෙයට හේතුව වන්නේ රුධිරය දායක කිරීමෙන් පුද්ගලයන් තුළ අපස්මාරය රෝගය වැළදීමේ ඉඩකඩ වැඩි වීමයි *



රුධිර පාරවිලයනයකදී අතීත වෛද්‍ය තොරතුරු විමර්ශනය,  සිරුරු පරික්ෂාව, රුධිර දායාදය සහ විවේකය හා සුළු ආහාරයක් ගැනීම යන පියවර කිහිපයක් දැකිය හැකිය. රුධිරය දායක කිරීම සඳහා ගතවනුයේ විනාඩි 15ක් පමණ සුළු වේලාවකි. රුධිර පරිත්‍යාගයෙන් පසුව පිටවූ රුධිරය පැය කිහිපයක් ඇතුලත රුධිර සංසරණ පද්ධතියට එකතු වේ. රතු රුධිරාණු සති 4ක කාලයකින් පෙර මට්ටමට පැමිණේ. මේ නිසා මේ පිළිබඳව නිසියාකාර දැනුමකින් තොරව සමාජයේ කතිකාවට ලක්වන රුධිර පාරවිලයනය ශරීරය දුර්වල කරනවා යන මිත්‍ය මතයත්, තරුණියන් අතර වැඩිවශයෙන් පිළිගන්නා මතයක් වන රුධිර පාරවිලයනය කළවිට ශරීරය ක‍්‍රම ක‍්‍රමයෙන් මහත්වන බවට ඇති මතයත් අද පටන් බැහැර කරවීමට උත්සාහ ගැනීම වඩාත් යෝග්‍යයි. එමෙන්ම රුධිර පරිත්‍යාගයේදී ඒඞ්ස් හෝ වෙනත් බෝවන රෝග වැළඳීමේ කිසිදු හැකියාවක් නැත.



ඔබට  ඕනෑම අවස්ථාවක රුධිර පරිත්‍යාග කිරීම් තවදුරටත් සංවිධානය කළ හැකියි. ඒ ඍජුවම ජාතික රුධිර පාරවිලයන සේවය සමඟ සම්බන්ධ වෙමිනුයි. එමෙන්ම සමාගම්, පාසල්, පන්සල්, පල්ලි ආදිය මගින් සංවිධානය කරනු ලබන රුධිර දන්දීමේ කඳවුරු මගින් ජාතික ලේ අවශ්‍යතාවන් අඩකටත් වඩා සැපිරේ. නිසි දැනුවත් වීමක් ද ඇතිව නිසි රුධිර පාරවිලයනයක් තුළින් ඔබටත් බලාපොරොත්තු රහිත වූ ජීවිතයකට යළිත් නව බලාපොරොත්තුවක් එක්කරවමින් ජීවිතයක් බේරා ගැනීමට දායක විය හැකියි.




නිර්මාණී බී. කොළඹගේ

1 comment:

Special Cultural Traditions of the Sinhala Hindu New Year in Sri Lanka

  Special Cultural Traditions of the Sinhala Hindu New Year in Sri Lanka. The "Sinhala Hindu New Year" is one of the most import...