මා දුටු සිත්තම්

Monday, May 29, 2017

මොනවද මේ වයි-ෆයි?


 තාක්ෂණය ඉතා සීඝ‍්‍රයෙන් දියුණුවට ලක්වෙමින් තිබෙන මොහොතක ඔබ ලොව කොතැන සිටියත් අවශ්‍ය දැනුම, තොරතුරු ලබා ගැනීමට හැකිවන තාක්ෂණයක් පිළිබඳව කතිකා කිරීම වඩාත් කාලෝචිතයි. ඒ නිසාම මෙවර ඔබ සියලූ දෙනාට නිතර අසන්නට ලැබෙන වයි-ෆයි තාක්ෂණය පිළිබඳව කතිකා කිරීමට අප තීරණය කළා. වයි-ෆයි තාක්ෂණය යන්නට අප අසා තිබුණත් වයි-ෆයි කුමක්ද? එහි කාර්යභාරය සහ තාක්ෂණික අන්තර්ගතය පිළිබඳව විමසීම මෙහි අරමුණයි. 

වයි-ෆයි යනු වයර්ලස් ෆිඩෙලිටි යන සම්පූර්ණ නම කෙටිකර සකසා ගත් කෙටි යෙදුමකි. මෙයින් හඳුන්වන්නේ රැුහැන් රහිත ජාලයක් හරහා තොරතුරු පතුරුවා හැරීමේ ප‍්‍රමිතියයි. රැුහැන් රහිත ජාල හරහා තොරතුරු හුවමාරු වන්නේ සෙලියුලර් දුරකථන, රූපවාහිනී, රේඩියෝ යන්ත‍්‍ර වැනි උපකරණවලට යොදා ගන්නා රේඩියෝ තරංගවලිනි. මෙසේ රේඩියෝ තරංග සම්පේ‍්‍රෂණය සඳහා තිබිය යුතු මූලික අවශ්‍යතාව වන්නේ වයර්ලස් දත්ත රේඩියෝ තරංග බවට හරවනු ලබයි. මේ සඳහා පරිගණකයේ තිබිය යුතු අවශ්‍යතාව වන්නේ ඇඩැප්ටරයකි. මෙම අවශ්‍යතාවයක් සම්පූර්ණ කළ පරිගණකයක් වයි-ෆයි ජාලයක් හරහා ඉන්ටර්නෙට් සමඟ සම්බන්ධ වීමේදී මූලික වශයෙන් ක‍්‍රියාවලින් දෙකක් සිදුවේ. ඒ, පරිගණකයේ ඇති වයර්ලස් ඇඩැප්ටරය මඟින් දත්ත රේඩියෝ තරංග බවට හරවා ඇන්ටනාව මඟින් සම්පේ‍්‍රශණය කිරීම සහ රැුහැන් රහිත රවුටරය එම දත්ත ලබාගෙන ඒවා පරිගණක දත්ත බවට ආපසු හැරවීමයි. ඉන්පසු ඒවා සාමාන්‍ය රැුහැන් ඔස්සේ අන්තර් ජාලයට සම්බන්ධ කෙරේ.
1991 වසරේදී වයි-ෆයි තාක්ෂණය සොයා ගත්තේ ඒ.ටී. ඇන්ඞ් ටී සහ එන්. සී.ආර් කෝපරේෂන් නම් ආයතන දෙක එක්වයි. මෙහි පුරෝගාමියා වූ වික් හේයස්, වයි-ෆයි තාක්ෂණයේ පියා ලෙස නම් කරයි. මේ වන විට වයි- ෆයි හි සම්පුර්ණ බලය තිබෙන්නේ උස-ත්‍ස ්කකස්බජැ නම් ජාත්‍යන්තර සමාගම් සතුව වේ. රැුහැන් රහිත ක‍්‍රමයට වේගවත් අන්තර්ජාල සබඳතාවක් ලබා දීම සඳහා වර්තමානයේ පවතින සාර්ථකම තාක්ෂණය වන්නේ වයි-ෆයි තාක්ෂණයයි. මේ වන විට ලොව බොහෝ රටවල මෙම තාක්ෂණය නොමිලේ ලබා දීමද සිදුවේ.

ඉන්ටර්නෙට් සමඟ රැුහැන්වලින් සම්බන්ධ වූ රවුටරයක් කාමරයක හෝ එළිමහනක පිහිටු විය හැකියි. කෙසේ නමුත් මෙම රවුටරයේ තරංග සම්පේ‍්‍රෂණය කරන හා ලබා ගන්නා බල ප‍්‍රදේශයක් ඇති අතර එය වයි-ෆයි සබඳතාව ලබා ගත හැකි හොට්ස්පොට්ස්  නම් වේ. වයි-ෆයි හොට්ස්පොට් එකක් හරහා විසිරී පැතිරී තිබෙන රේඩියෝ තරංග ජංගම දුරකථන, වොක්ටෝකි, රූපවාහිනී යන්ත‍්‍ර යනාදිය හුවමාරු කරගත හැකිවේ. වයි-ෆයි ජාලයකදී දත්ත හුවමාරු කරන්නේ ලෝක මට්ටමෙන් තාක්ෂණික ප‍්‍රමිති සාදන ඇමරිකාවේ ඉලෙක්ට‍්‍රිකල් හා ඉලෙක්ට්‍රොනික් ඉංජිනේරුවන්ගේ ආයතනය  නියමයන්ට අනුවය. ඔවුන් සැකසූ 802.116 යන ජාල ප‍්‍රමිතිය මෙහිදී යොදා ගැනේ. මෙයින් මුලින්ම ඉදිරිපත් වූයේ 802.116 නම් ප‍්‍රමිතියයි. ගිගා හර්ට්ස් (ඨ්‍ය‘* 2ග4 ක සංඛ්‍යාත පරාසයන් දත්ත හුවමාරු කරන මෙහිදී තත්පරයකට මෙගාබයිට් 11ක වේගයෙන් තොරුතුරු හුවමාරු කරගන්නට හැකියාව ඇත. 802.11ට  ලෙස හඳුන්වන ප‍්‍රමිතිය ඊට පසු ආ ප‍්‍රමිතිය අනුවද ගිගාහර්ට්ස් 2.4 සංඛ්‍යාත පරාසයේම දත්ත සම්පේ‍්‍රෂණය කරත් එහි වේගය වැඩිය. එය තත්පරයකට මෙගා බයිට් 54කි.

වයි-ෆයි ජාලයක් ක‍්‍රියාත්මක වන ආකාරය පිළිබඳව සලකා බැලීමේදී කොටස් කීපයකි. ප‍්‍රධානවම වයි-ෆයි හොට්ස්පොට් එකක් නිර්මාණය වන සේ ගොඩනැගිලිවල පහන් කණුවල හා වෙනත් ස්ථානවල ඇන්ටනා සවිකරයි. මීළගට වයි-ෆයි ජාලයකට යොමු කෙරෙන මූලික ඉන්ටර්නෙට් සම්බන්ධය ඩෙක්ස්ටොප් පරිගණකය හෝ සර්වර් පරිගණකය ඇන්ටෙනාව සමඟ රැුහැන් රහිතව හෝ සහිතව සම්බන්ධ කරයි. මීට පසු පිළිවෙලින්, සමහර මොබයිල් ෆෝන්වලටත්, පරිගණකවලටත් වයි-ෆයි තාක්ෂණය හඳුනාගැනීමේ මෙවලම් තිබෙන නිසා ඒවා හරහාද වයි-ෆයි ජාලයට සම්බන්ධ විය හැකිය. ලැප්ටොප් පරිගණකද වයිි-ෆයි ලබාගත හැකි උපාංග සමඟ එන නිසා දැන් ඒවාට ද මේ වයි-ෆයි ජාලයට සම්බන්ධ වීමට පුළුවන. 802-11 මෙහිදී ද මෙගාබයිට් 54 ක වේගයෙන් දත්ත හුවමාරු කළ හැකි වුවත් එය සංඛ්‍යාත පරාසය ගිගා හර්ට්ස් 5 කි.

වයි-ෆයි තාක්ෂණයේ තිබෙන සුවිශේෂිත්වය වන්නේ ද වයි-ෆයි ක‍්‍රමයෙන් දත්ත සම්පේ‍්‍රෂණය කෙරෙන ගිගා හර්ට්ස් 2.4 සහ 5 යන රේඩියෝ තරංග සංඛ්‍යාත පරාසය සඳහා බලපත‍්‍ර ලබාගත යුතු නොවීමයි. මේ නිසා සාමාන්‍ය නිවසක වයි-ෆයි රවුටරයක් සිටවුවත්, ඊටත් වඩා සෙනඟගට සේවය ගන්නට හැකි සේ නගරයක වයි-ෆය ඇන්ටෙනා කුළුණත් ඉදිකලත් සංඛ්‍යාත පරාසය වෙනුවෙන් විදුලි සංදේශ ආයතනවලට බදු ගෙවිය යුතු නැත.
වයි-ෆයි තාක්ෂණය යොදාගෙන ඉන්ටර්නෙට් සම්බන්ධය හෝ වෙනත් ජාල සබඳතා හෝ ලබාගන්නා විට වාසි බොහොමයක් ලැබේ. ඒවා පහත පරිදි දැක්විය හැකියි. ඒවා කේබල් යෙදීමේ අවශ්‍යතාවයක් නොමැති නිසා ජාලය ස්ථාපිත කිරීම පහසු වීම, බොහොමයක් ලැප්ටොප් සමඟ වයි-ෆයි ඇඩැප්ටර් සවිකොට තිබීම නිසා ඉන්ටර්නෙට් සම්බන්ධය ලබාගැනීමේ මූලික වියදමද අඩු වීම, වයි-ෆයි ජාලයක් ස්ථාපිත කොට පවත්වා ගෙන යාම අනෙත් සන්නිවේදන ජාලයන්ට වඩා ලාභදායක වීම, ආදියයි. වාසිදායක තත්වයන් සහිතව වුවද වයි-ෆයි තාක්ෂණය යොදා ගැනීමේ යම් යම් සීමාවන්ද තිබේ. මේ සඳහා යෙදවිය යුතු ශක්තිය ඉහළ නිසා ලැප්ටොප්වල බැටරි කාලය අඩුවීම හා එහි රස්නය ඉහළ යාම සිදුවේ. වයි-ෆයි ජාලයක් බලපවත්වන්නේ සීමිත දුරකටය. ගෘහස්ත වයි-ෆයි රවුටරයක් නිසා උත්පාදනය වන හොට්ස්පොට් එකක් අඩි 150 ක පමණ ප‍්‍රදේශයක් පුරා බලපවත්වයි. එසේම කුළුණු ආශ‍්‍රයෙන් පිහිටුවන හොට්ස්පොට්  එකක් වුවත් බලපවත්වන්නේ අඩි 300ක් පමණ දුරකටය. වයි-ෆයි ජාලයක රහස්‍ය බව අඩුය. කුමන වයි-ෆයි ජාලයක් නොමිලේ ඇති, කාටත් පහසුවෙන් සම්බන්ධ විය හැකි සංඛ්‍යාත පරාසයකින් සම්පේ‍්‍රෂණ කටයුතු කරන නිසා යම් ජාලයකට පිටස්තර කෙනෙකු ඇතුළු වී තොරතුරු සොයා බැලීම පහසුය. මේ තත්ත්ව යටතේ වුවද වයි-ෆයි තාක්ෂණය හොඳ අතට දියුණු කරන්නට නොයෙක් උපායන් සොයමින් සිටී. සාමාන්‍යයෙන් තිබෙන රවුටරයකට යාබදව ඇති තවත් රවුටරයක් හ`දුනා ගැනීමට බැරි වුවත් නාගරික වයි-ෆයි ජාලයකදී එහි ඇති හැම රවුටරයක්ම යාබදව ඇති රවුටර් දෙකක්වත් හ`දුනා ගන්නට පුළුවන්කම තිබේ. එසේම ඒ හරහා මුළු නගරයේම ඇති රවුටර් සියල්ල එකිනෙක සමඟ සම්බන්ධ කෙරේ. මෙසේ තැනූ වයි-ෆයි ජාලයකින් වැසී ගත් නගරයක  ඕනෑම තැනකට යන්නෙකුට කිසිදු කරදරයක් නොමැතිව සිය ලැප්ටොප් පරිගණකයේ ඉන්ටර්නෙට් සමඟ සම්බන්ධ වෙන්නට පුළුවන.

                    ඇමරිකාවේ ෆිලඩෙල්ෆියා, පෙන්සල්වේනියා, ෆ්ලෝරිඩා ටෙක්සාස්, නිව්යෝක් යන ප‍්‍රදේශවල මෙවැනි වයි-ෆයි ජාල  පිහිටුවා තිබේ. ඉන් ෆ්ලොරිඩාවේ සෙන්ට් ක්ලවුඞ්හි මහජනයාට වයි-ෆයි ඉන්ටර්නෙට් ලැබෙන්නේ සම්පූර්ණයෙන් නොමිලේය. මෙසේ වයි-ෆයි ජාලයකින් වැසී ගිය නගරයක ධාවනය වන මෝටර් රථ එකිනෙකට හ`දුනා ගැනීමට හැකිවන සේ වයි-ෆයි තාක්ෂණය යොදා ගැනීමේ වැඩසටහන් දැන් යුරෝපයේ ක‍්‍රියාත්මකයි. යුරෝපයේ කාර් ටූ කාර් ලෙස නම් කොට තිබෙන මේ වැඩසටහනට දායකත්වය දෙන්නේ යුරෝපයේ ප‍්‍රධාන මෝටර් රථ නිෂ්පාදන සමාගම් හා විශ්ව විද්‍යාල කීපයකි. මෙහිදී සිදු කරනුයේ වයි-ෆයි පද්ධතිය පිහිටුවා ඒවා අතර සම්බන්ධතාව ඇති කිරීමයි. එවිට නොපෙනෙන වංගුවකදී වුවත් එක් මෝටර් රථයකට අනෙක හ`දුනා ගන්නට පුළුවන්.

                     වයි-ෆයි තාක්ෂණයෙන් ජනයා හ`දුනා ගැනීමේ ක‍්‍රමයක් පින්ලන්තයේ ඉකාහෝ  සමාගම විසින් හ`දුන්වා දී ඇත. මෙය වයි-ෆයි ජාලයකින් හ`දුනා ගන්නට පුළුවන් රේඩියෝ ටැග් එකකි. මෙම ටැග්  වලට ගැළපෙන වැඩසටහනක් දුවන ලැප්ටොප් එකකින් හෝ ටැබ්ලට් පීසි එකකින් ඒවා හ`දුනා ගන්නට පුළුවන. දියුණු රටවල තිබෙන පරිගණක පද්ධති යොදා ගන්නා රෝහල්වල හෙදියන්ට, මේවා පැළ`දි රෝගීන් දැන් සිටින්නේ කොතනදැයි දැන ගැනීමට මෙමගින් පහසු වේ. මෙලෙස මේ වන විට ලොව පුරා වයි-ෆයි තාක්ෂණය ව්‍යාප්තව ඇත. ඉන් බොහෝ ජනතාවක් තාක්ෂණික පහසුකම්වල ඵල අත්වි`දීමටද සමත් වී අවසන්.
                               
    -නිර්මාණී කොළඹගේ-

No comments:

Post a Comment

Special Cultural Traditions of the Sinhala Hindu New Year in Sri Lanka

  Special Cultural Traditions of the Sinhala Hindu New Year in Sri Lanka. The "Sinhala Hindu New Year" is one of the most import...